9.23.2015

කබරගොයි තලගොයි අරාබිය ලංකාව

කබරගොයා වර්ෂන්

බලන්න මේ වීඩියෝව හොඳට බලන්න
ම්ලේච්ඡ තම්බි මිනීමරන විදිහ බලන්න
උන් හදන්නෙ මෙහෙත් අරාබියක් කරන්න
ලංකාවම බේරගන්න ශෙයාර් කරන්න

ප්‍රසිද්ධියෙ ගල් ගහනා විදිහ බලන්න
ප්‍රසිද්ධියෙ බෙලි කපනා විදිහ බලන්න
ප්‍රසිද්ධියෙ එල්ලා මරන විදිහ බලන්න
උන් එන්නේ මෙහෙටත් ශරියාව ගෙනෙන්න

රැකගන්නට අපෙ මව් බිම පෙරට එන්න
එහෙමත් පුළුවන්ද මෙහෙම දඬුවම් දෙන්න
මෙලේච්ඡ තම්බි හැතිකරේම අතුගා දාන්න
වැඩි වැඩියෙන් වීඩියෝව ශෙයාර් කරන්න

තලගොයා වර්ෂන්

අනේ පව් අහිංසක පොඩි එකෙක් මරාදාලා
කළ එවුන් මරන්නෝනා ප්‍රසිද්ධියෙ ගල් ගහලා
ලංකාවෙ කසිකබල් නීතියත් වල්වැදිලා
බලන්නකො අරාබියෙ මරණ හැටි ගල් ගහලා

හොරකමක් කෙරුවොතින් දමනවා අත කපල
මිනිහෙක්ව මැරුවොතින් මරන්නේ බෙලි කපලා
අපචාර කළෝතින් මරන්නේ ගල් ගහලා
ඒ වගේ තිබ්බ නම් මෙලහකට රට හැදිලා

රැකගන්න ලංකාව එන්න ඔබ හැම පෙරට
අරාබියෙ වගෙ නීති ඕනෑ අපෙ රටට
වැරදි කළ හැමෝවම ප්‍රසිද්ධියෙ එල්ලන්න
නිකම් නම් යන්නෙපා ශෙයාර් කරලා යන්න

20 comments:

  1. මස්තිෂ්ක කුහරය ඇතුළේ, මොළය කියන ඉන්ද්‍රිය පිහිටලා නැත්නම්, මොනවා කරන්ඩද? දෙවියන් වහන්සේ විසින්, යන්තම් මුන්ගේ ඔලුවෙන්, ජේසුන් වහන්සේව හංගලා තියනවා. නැත්නම් මුන් කියනවා, අපරාධකාරයන්ව කුරුසයේ තියා ඇණගහමු කියලා.

    ReplyDelete
    Replies
    1. කාලෙකට කලින් ඔය වගේ වීඩියෝවක් ගැන බොහොම තදින් කතාකරපු කට්ටියකගෙ එක්කෙනෙක් තමුන්ගෙ අරාබියෙ ඉන්න අයියා කියපු විස්තර කියනවා අරාබිය ස්වර්ගය ගානට දාලා. අනික් අයත් අහන් ඉන්නවා විස්තරේ.

      Delete
  2. එක අතකින් බලන කොට ඒකත් හැබෑව තමා

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගෙ හැටි

      Delete
  3. අපේ අය තමාගේ මතිමතාන්තර වලින් ළඟම නෑකම් කියන්නේ අරාබියේ ඉස්ලාම් ආගමිකයින්ට තමා. ඔවුන් දෙගොල්ලන්ගේ මතවාද වල ගැඹුර එකිනෙක ගැඹුරින් වෙනස් වුනත්, ඒ මතවාද ව්‍යුහයන්ගෙන් සෑහෙන සමානයි. වෙනස් වෙන්නේ සංකේත සහ නාම වශයෙන් විතරයි

    ReplyDelete
    Replies
    1. වෙනස් පොත්තක් තියෙන එකම මදයක්

      Delete
  4. Double standards is a way of life.

    ReplyDelete
  5. ඇත්ත,කබරගොයා,තල ගොයා කරගන්න අපේ ඔය කොහොමත් දස්සයි නොව.එදා රිසානා ගේ සිදුවීමේදීත් තවත් කරනා වලදීත් "ශරියා නීතියට"විරුද්ධව පාර්ලිමේන්තුවේ පවා කතා කරපු රන්ජන් දැන් පෙනි ඉන්නේ "ශරියා නිතිය"වෙනුවෙන්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් දේශපාලකයො හරි තීන්දු වෙනුවට ගන්නෙ ජනප්‍රිය තීන්දු.

      Delete
  6. නීති ගෙනාවම ඒ නීති වලට අනුව දඬුවම් ලබන්නෙ ඇත්තටම වැරදිකාරයෝ විතරයි නම් ප්‍රශ්නයක් නෑ. ඒත් අපේ රටේ නිර්දෝශී මිනිස්සු කීදෙනෙක් දඩුවම් විදලා ඇත්ද? විදිනවා ඇත්ද?

    එල්ලුම් ගහ ගේන එක ගැනයි තම්බි කිය කිය මුස්ලිම් මිනිස්සුන්ට බැනල පෝස්ට් ශෙයා කරන එකයි නවත්තල මේ වගේ දේවල් සිද්ද නොවෙන්න මොනවද කරන්න ඕනෙ කියලා හිතන එක තමයි වඩා හොද මං හිතන්නෙ.
    ආගම් ජාති බේද ඇවිස්සෙන විදියට එක මනුස්සයෙක්ගෙ හරි පිරිසකගෙ හරි ක්‍රියාවක් මුල් කරගෙන අන්තර්ජාල්කය හරහා ජාතිබේද ආගම් බේද ඇති කරන එක නම් මහම ජරා වැඩක්. මට දැනෙන ඇත්ත නම් ඒක.

    ReplyDelete
    Replies
    1. //මේ වගේ දේවල් සිද්ද නොවෙන්න මොනවද කරන්න ඕනෙ කියලා හිතන එක තමයි වඩා හොද මං හිතන්නෙ.// හරියට හරි. ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප ගැන නම් කියලා වැඩක් නෑ.

      Delete
  7. අැත්ත කතාව.... අපි උන්ට බැන බැන අපිත් කරන්නේ ඒකම තමයි... සුපර් අදහසක්...

    ReplyDelete
    Replies
    1. එකම දේ වෙනස් විදිහට පේන එකනෙ වැඩේ.

      Delete
  8. මාතෘකාවට ඕනිනම් 'රන්ජන් රාමනායක' කියල දාන්නත් තිබ්බ.. හැක හැක.. සුපර් වර්ක්..

    ReplyDelete
  9. නියම කවි ටික වගේම පස්ට මාතෘකාව
    සිරාම කතාව ඈ

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...