9.24.2012

සිංහල බ්ලොග් පටන් ගත්තේ කවුද?

සිංහලෙන් මුලින්ම බ්ලොග් එකක් ලිව්වෙ කවුද? මම හිතන්නෙ බ්ලොග් ලෝකෙ ගොඩාක් දෙනෙක් දන්නෙ නෑ? ඒ ගැනත් කියන ගමන් මගේ බ්ලොග් ලිවීමේ ඉතිහාසය ගැනත් කියන්න තමයි මේ සූජානම. මුලින්ම කියලා ඉන්නම්කො මගේ බ්ලොග් ඉතිහාසෙ. මට හදිස්සි වැඩකුත් තියෙන එකේ කෙටියෙන්ම තමයි කියන්න වෙන්නෙ. අනික ඉතින් මගේ බ්ලොග් ඉතිහාසය දැනගත්තා කියලා වෙන කෙනෙකුට පලකුත් නෑනෙ. ඒක හින්දා ඔන්න කෙටියෙන්ම ගහලා දානවා.

මේ සිද්ධිය උනේ දවසක් මම විස්ස විජ්ජාලෙ ලැබ් එකේ ඉන්නකොට.  අපේ ලැබ් එකත් ඉතින් ඔන් කරලා ලෝඩ් වෙද්දි තේ එකක් බීලම වැඩට බහින්න පුලුවන් ජාතියෙ එකක් තමයි. මම ලැබ් එකේ ඉන්නකොට මගෙ යාලුවෙක් ඇවිත් මැශින් එකක් ගාවින් වාඩිවෙලා මට මොකක්දෝ එකක් පෙන්වන්ඩ කතා කළා. මාත් ඉතින් ගියා බලන්ට. බලද්දි ඌම ලියපු වෙබ් සයිට් එකක්. මම ඉතින් ඒක බලලා කාරිය ඒකෙ විස්තරත් දැනගෙන "උඹ වෙබ් සයිට් එකක් ගත්තද ඇහුවා"

"මේ වෙබ්සයිට් එකක් නෙමෙයි බන් බ්ලොග් එකක්" කියලා පටන් අරගත්තු යාලුවගෙ උත්තරෙන් පස්සෙ මම අහපු ප්‍රශ්න පත්තරේ හින්දම  බ්ලොග් කියන්නෙ මොනවද කියලා මට දැනගන්න ලැබුණා. ඔය අතරම තමයි දැනගත්තෙ බ්ලොග්වල ගූගල් අයියලාගෙ ඇඩ් දාගෙනත් ගානක් හොයාගන්න පුලුවන් බව. ඉතින් මාත් ඔය කියන බ්ලොග් ද මොකක්ද එකක් පටන් ගත්තා. හැබැයි අමු කඩ්ඩෙන්. ඒ 2009 අවුරුද්දෙ මුල. ඉතින් කඩ්ඩ බ්ලොගේ කඩ්ඩෙන් කොට කොට  ඔහේ පාඩුවෙ හිටියා. 

ඔහොම ටික කලක් යනකොට තමයි එක එක්කෙනාගෙ මූණුපොතේ අර ස්ටේටස් කොටු කොටු වෙන්න පටන් ගත්තෙ.  පස්සෙ දැනගන්ඩ ලැබුණු විදිහට ඒ සිංහලෙන් ලියන එව්වලු. මම මටම කියලා කොම්පුටරයක් ගන්නකන්ම පාවිච්චි කරපු යාලුවෙකුගෙ ලැපේදි නම් මට සිංහල පෙනුනා. ඒ යාලුවගෙ ලැපෙන් තමයි ලැබ් එක වහලා තිබ්බ වෙලේ මම වැඩ කෙරුවෙ. ඒත් ලැබ් එකේ මැසිමෙදි ආයෙත් කොටු කොටු.

ඔහොම ගිහින් විභාග කාලයක් කිට්ටුවෙච්ච වෙලාවක මම ගියා ලැබ් එකට පාඩම් කරන්ඩ. එක්දාස් නමසිය බර ගණන්වල මැශින් තරම් ස්ලෝ වුනත් කොහොමහරි වැඩේ කොරගන්න එපායැ. ස්ලෝ මදිවට එව්වල හැටහුටාමාරක් පොලිසි. අරක බෑ මේක බෑ. බලන් යද්දි පුලුවන් දේකුත් නෑ. මට ඕනෙවුනා වචනවල සිංහල තේරුම බලාගන්න මධුරෙ දාගන්න. ඒත් කැම්පස් පොලිසි එකේ හැටියට සිංහල ඩික්ෂනරි තහනම්ලු. ඒත් ඉතින් කෙඳිරි ගාලා ඇඩ්මින් ගොයියව කැමති කරවන් මධුරෙ දාගන්න බැලුවත් තාක්ෂණික ප්‍රශ්න හින්දා හරිගියෙ නෑ. අන්තිමේ ඇඩ්මින් කිව්වා ඔන්ලයින් මධුර පාවිච්චි කොරාන්ඩ. යුනිකෝඩුත් ඉන්ස්ටෝල් කොළා. ඊටපස්සෙ මම සිංහල ටයිප් කරන එක ඇහුවම යුනිකෝඩ් කන්වටරේ ගැනත් දැනගත්තා. ඉතින් මම මධුරත් බලාන් පාඩම් කරලා ලියලා විභාගෙත් ඉවරයි කියමුකො.

නිවාඩු ටිකේ මම කල්පනා කළේ මගේ කඩ්ඩ බ්ලොගයට පෝස්ටුවක් දාන්න.  ඔහොම දදා ඉන්න කොට මට කල්පනා වුනා මෙහෙම දෙයක්. 'යුනිකෝඩ් වලින් මූණුපොතේ ස්ටේටස් දානවානම් බ්ලොග් පෝස්ට් එකකුත් ලියන්න පුලුවන් ඇතිනෙ' මට නිකමට හිතුනා. මම කළෙ සිංහල අකුරු කීපයක් ලියලා පෝස්ට් කරපු එක. යුරේකා! යුරේකා! මම සිංහල බ්ලොග් හොයාගත්තා. 

ඊටපස්සෙ මම කලේ ඒ කාලෙ මම උනන්දුවෙන් කියෝපු උපාධි ලෝගු ගැන පෝස්ට් එකක් හෙළුවෙන් ලියලා කඩ්ඩ බ්ලොගේ දාපු එක.  පළවෙනි සිංහල බ්ලොග් ලිපිය. මේ ලිපිය කඩ්ඩ බ්ලොග ප්‍රතිසංස්කරණයෙදි අයින් කරපු නිසා ඒ පෝස්ට් එක මම ගාව නෑ. ඉතින් මේක අනිත් වුන්ට පෙන්වන්න ක්‍රමයකුත් ඕනනෙ. ඉතින් මම කළේ මූණුපොතේ යාලුවන්ට යවපු එක. ඒත් ඉතින් කවුරු බැලුවද නොබැලුවද මන්දා. ඔය විදිහට ලිපි කීපයක්ම දැම්මත් කවුරුත් බැලුව බවට ලකුණක් තිබ්බෙත් නෑ. ඒත් මට ඒක ඒ හැටි ගානක් වුනෙත් නෑ. සිංහලෙන් බ්ලොග් ලිවීම හොයාගත්තු සන්තෝසෙ මට ඇති.

ලෝකයේ පළවෙනි සිංහල බ්ලොග් ලිපිය දාලා හිටපු මට ඕනකමක් ආවා ලෝකයේ පළවෙනි සිංහල බ්ලොග් එක හදන්න. ඉතින් මම මොනා ගැනද ලියන්නෙ? මොකක්ද මේකට දාන නම? වගේ ප්‍රශ්න මගේ මොලේ කරුකුට්ටන් කළා. හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා හිතලා අන්තිමේ මෙහෙම හිතුනා.

මම තරමක් තේරෙන කාලෙ ඉඳන්ම මොකක් හරි ක්‍රියාවලියක් වගේ එකක් දැක්කම හිතනවා ඕක ඔය විදිහට නොවී මේ විදිහට කළානම් කියලා.   හැබැයි කොරන්නෙ නම් නෑ.  ඔය විදිහට වැඩක් නැතුව ගෙදර ඉද්දි පාරෙ යද්දි හිතෙන අලුත් අලුත් දේවල් ගැන ලිව්වානම් හොඳයි කියලා හිතුනා. මේ විදිහට වුනානම් හොඳයි කියන එක නිකාම්ම කියනවාට වඩා අලුත් විදිහකට කියන්නත් හිතුවා.  'ලෝකෙ එක රටක් තියෙනවා ඒකෙ නම 'හීනලන්තය'. ඒ රටේ වැඩ කෙරෙන්නෙ මේ විදිහට ඉතින් ලංකාවෙත් ඔය විදිහට කළොත් හොඳයි නේද?' කියන පණිවිඩේ දෙන්නයි මට ඕනෙ වුනේ. හරියට අර දැන් සමාන්තර විශ්වයේ කතාවක් ලියවෙනවා වගේ.

ඉතින් මේ  විදිහට හැඳින්වීමක් දාලා අරමුණු පැහැදිලි කරලා පළමුවැනි සිංහල බ්ලොග් එක පටන්ගත්තා. ඒ අරමුණු වලින් අන්තිම එක විතරද මන්දා මෙතුවක් කාලෙකට වුනේ. :) මේක සම්පූර්ණයෙන් නිර්ණාමිකව ලියන්ඩ හිතපු නිසා බුකියෙන් ප්‍රචාරය ගන්නත් බෑ කියලා තේරුනා. ඊටපස්සෙ තමයි මට නිකමට හිතුනෙ තව කවුරුහරි මීට කලින් සිංහලෙන් බ්ලොග් ලියලා තියෙනවද බලන්න. මම 'sinhala blog' කියලා ගහලා බැලුවා. උඩින්ම ආවෙ මෙන්න මේ ලින්ක් එක. කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. මේ තියෙන්නෙ මට කලින් ලියපුවා හැටහුටාමාරක්. ඉතින් මගේ ලෝකෙන්ම එක නිකම්ම කඩන් වැටුනා.

කලින් කිව්වත් වගේ හීනලන්තෙ වෙන දේවල් කියන නිසාත් වෙනත් වෙනත් කතා කියන්ඩ බලාපොරොත්තු වෙන නිසාත් තමයි 'හරීගේ හීනලන්තය හා තවත් කතා' කියන නම දැම්මෙ. මුලින්ම වෙන කතාවක් හැටියට දැම්මෙ 'ලේ තැවරුණ මලක කතාව.'  පස්සෙ 'හා තවත් කතා' හැලිලා නිකම්ම 'හරීගේ හීනලන්තය' වුනා. 

තව සිංහල බ්ලොග් තියෙන බව දැනගත්තත්  බ්ලොග් ලියන්නෙ ලොකු පොරවල් කියලා නම් දැන උන්නේ නෑ. මට ඒ කාලෙ හිතුනෙම මගේ වයසෙ මම වගේම ගොබ්බයොයි බ්ලොග් ලියන්නෙ කියලා. වෙන එකක් තබා කතන්දර මාමාත් මගේ වයසෙ කොල්ලෙක් කියලා හිතාගෙනයි ඒක කියෙව්වෙ. :) ඉතින් ඒ වගේ කස්ටියට හීනලන්තෙ කතා මැජික් වගේ වෙයි කියලා හිතිච්ච නිසා ඔන්න ලියන්න ගත්තා. අනික් අතට අපේ රටේ මිනිස්සු මෙව්වා කියවලා අවබෝධයක් ගනී කියලා හිතුවා. 




මේ විදිහට කීපයක් ලියාගෙන යන අතරෙ මම අනික් බ්ලොග් නොසෑහෙන්න කියෙව්වා.  එතකොට තමයි මට තේරුනේ මේ බ්ලොග් ලෝකෙ තෝරු මෝරු අතර මම මොන පඟර නැට්ටෙක්ද කියලා. අනිත් අයත් එක්ක බැලුවම මගේ දැනුම රුපියල් අස්සෙ අලුක්කාල් ගහනා වගේ කියලා හිතුනා. මොකෙක්වත් හීනලන්ත කතාවලින් ප්‍රයෝජනයක් ගන්නේ නැති බවත් ඒ වගේ පඬි වදන් දෙන්න තරම් මට දැනුමක් නෑ කියලා හිතිච්ච නිසාත් හීනලන්තෙ කතා නැවතුනා. ඒත් ඉතින් තාමත් මේක 'හරීගේ හීනලන්තය'. තාමත් මගේ පින්තූරෙ මුලින්ම දාපු පින්තූරෙමයි.

ඉතින් ඔය 'හරීගේ හීනලන්තය' කියන බ්ලොගේට අදට අවුරුදු දෙකයිලු.  ඉතින් අවුරුදු දෙකක් පුරා මේක කියෝපු කමෙන්ට් කරපු නන් අයුරින් සහයවුනු හැමෝටම ස්තුතියි. ඒකට තමයි මේ විශේෂ මුද්‍රණය.

හැබැයි  'සිංහල බ්ලොග් පටන් ගත්තේ කවුද?' කියන එක මමත් දන්නෙ නෑ. 

ආයෙමත් 

115 comments:

  1. සුබ පැතුම් ...

    ReplyDelete
    Replies
    1. මහේෂ් මහත්මයාව මේ අඩවියට සාදරයෙන් පිළිගනිමි.

      එසේම සුභපැතුම් සතුටින් භාරගනිමි.

      Delete
  2. ඔබට සුභ පතනවා සහෝ මමත් ඔන්න..

    'ලේ තැවරුණ මලක කතාව.' මේ වචන ටිකේ අමුතුම මොකද්දෝ ගතියක්ද,මොකද්ද මන්ද තියනවා අප්පා..

    ජයම වේවා! :)

    ReplyDelete
    Replies
    1. සතුටින් භාරගන්නම්..

      ජයෙන් ජය වේවා..

      Delete
  3. අවුරුදු දෙකක් ලියන්න කොයිතරම් ඉවසීමක් හා කැපවීමක් තියෙන්න ඕනෙද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. තවම අවුරුද්දක්වත් බ්ලොග් ලෝකයේ ගත නොකළත් මටනම් ඒ වෙහෙස හොඳින්ම දැනෙනවා.

    දරු ලද අඟනුන්ම මිස පසවෙහි වෙහෙස
    වඳ ළඳඟනෝ දැනගත හෙති කවර ලෙස

    (ප්‍රසව වේදනාවෙහි තරම දන්නේ දරුවන් ස්වාභාවිකවම බිහිකළ කාන්තාවන් පමණි. වඳ ස්ත්‍රීන්ට දරුවන් නොලැබෙන බැවින්ද, නව යෞවනයේ වෙසෙන ළඳුන් තවම දරුවන් වදා නැති බැවින්ද, ප්‍රසව වේදනාවෙහි තරම නොදනිති)

    බ්ලොග් ලියන අපිම තමයි දන්නේ ලියන්න දරන වෙහෙස. ඒවා බලන, අපහාසාත්මකව, උපහාසාත්මකව, අදහස් දක්වන්නෝ එහි වෙහෙස නොදනිති.

    නොබියව පෙරට යන්න පුත. ආලෝකය සොයන්න. ආලෝකය බෙදන්න. සත්‍යය සහ යතාර්ථය ගවේෂණය කොට, එය ලෝකයට පෙන්වන්න.

    ඉදිරියටම යන්නට ඔබට සුබ පැතුම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා බ්ලොග් ලෝකෙ හිටපු කාලය වසරකට අඩු වුනත් සෑහෙන්න දේවල් ලියලා තියෙනවා..

      ඇත්තෙන්ම බ්ලොග් ලියන එක වෙහෙසකර වැඩක් තමයි. ඒත් කට්ටිය ඒක කියවලා කමෙන්ට් කරලා තියෙනවා දැක්කම ඒ වෙහෙස කොහෙන් ගියාද නෑ.

      ආශිර්වාදය සමඟ සුභපැතීම සතුටින් භාරගනිමි.

      Delete
  4. මගේත් සුබ පැතුම්...

    දැන් තේරෙනවා ඇයි හීනලන්තය කියලා නම දැම්මේ කියන එක...අපි ඔක්කොම ඉන්නේ හීනලන්තවල තමා. ඒත් ඉතින් හරී වගේ සමහරු ඒවා හැබෑ කරගන්නවා. ඔයාගේ බ්ලොග් කෙරුවාවෙන්ම ඒක ඔප්පුවෙනවානේ.:)

    පුලුවන් විදියට අපිවත් ඔය හීනලන්තයට හැමදාම ගෙනියන්ට. හැබෑ ලෝකෙට වඩා එතන ලස්සනයි හරී....:D

    ReplyDelete
    Replies
    1. නමේ තේරුම අද තමයි කිව්වෙ.. සුභපැතුම් සතුටින් භාරගන්නම් පොඩ්ඩි අක්කේ..

      මෙහෙ ආසියාවේ ආශ්චර්‍යය උනාට පස්සෙ හීනලන්තයේත් ගතියක් නැති වේවි..

      Delete
  5. තුන්වෙනි අවුරුද්දට පාතැබූ ඔබේ බ්ලොගයට මගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. සතුටින් භාරගන්නවා සරත් අයියේ..

      Delete
  6. සිංහල බ්ලොග් ඉස්සරවෙලාම ලිව්වේ කවුද කියලා හොයා ගන්න මටත් ආසයි. ඒත් දන්න කියන කාලෙ ඉඳන්ම " බූන්දි " බ්ලොගය කියෙව්වා මිසක් කවුද ඉස්සරවෙලාම සිංහලෙන් බ්ලොග් ලිව්වේ කියල නම් අදටත් හොයා ගන්න බෑ..

    ඔන්න මගෙනුත් හීනලන්තයට සුබ පැතුම් !

    හැබෑ ලෝකේ කටුක වෙච්ච මිනිස්සුන්ට හරීගේ හීන ලෝකය ලස්සන තැනක් වේවී

    ReplyDelete
    Replies
    1. හීන ලෝකය ලස්සන තමයි ඒත් යථාර්ථය කටුකයිනෙ.. :)

      කෝ පෝස්ට් එකක් දාලාවත් කවුරුත් කිව්වෙ නෑනෙ ලොග් මුලින්ම ලිව්වෙ අහවලා කියලා..

      Delete
  7. බ්ලොගේට සුභපැතුම්. හැබැයි කලින් කෙනෙක් සිංහලෙන් ලියල තිබුන කියල හොයාගැනීමට බලපෑමක් වෙන්නෙ නෑ. මොකද අහම්බෙන් කල සොයා ගැනීමක්නේ.

    ReplyDelete
    Replies
    1. ලොකු සොයාගැනීමක් නෙමෙනෙ රාජ් සහෝ.. මම හිතන් සොයාගැනීමට එකම හේතුව සිංහල බ්ලොගක් කලින් ඇස නොගැටීම..

      සුභපැතුම් වලට ස්තුතියි!

      Delete
  8. එලම එල ඈ .... හික්ස්,,,,

    ReplyDelete
  9. සුභපැතුම්....
    තව චිරාත් කාලයක් බ්ලොග් ලිවීමට වාසනාව ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. සුභපැතුම් භාරගනිමි. ඒ ලියන චිරාත් කාලය පුරාවටම කියවන්න එන්න.

      Delete
  10. හි හි.. කොල්ලා දස්සයා... පළමු හොයා ගැනීම නොවුනත් තනියම හොයා ගත්ත නිසා ක්‍රෙඩිට් එක ලැබෙන්න ඕනේ...

    ඔන්න මගෙනුත් සුභ පැතුමි.. මං නං ඉතිං තාම මාස දෙකයි නොවැ ලියන්න පටන් අරං... හි හි...

    ReplyDelete
    Replies
    1. ලොකු දස්ස කමක් නෙමේ හිරූ.. අහම්බයක්නෙ..

      මාස දෙකයි කිව්වට මම දැක්කනෙ පටන් අරන් ගොඩක් කල් බව.. බොරු නේද කියන්නෙ..

      ඔන්න සුභපැතුම් භාරගත්තා..

      Delete
  11. සතුටුයි සහෝ! සුබ පැතුම්!

    ReplyDelete
  12. ඔන්න මගෙනුත් සුභ පැතුම්. අපේ ලැබ් වලට මධුර ඩික්ෂනරි එක දාගන්න දෙන්නෙ නැද්ද? මට එහෙම මතකයක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.

      දාන්න දෙන්නේ නෑ අක්කෙ.. මේ කියන්නෙ ලෙවල් 4 ලැබ් එක නෙමෙයි.. අනිත් එව්වා.. ඒවල අපිට ඕන ඕන එව්වා දාන්න බෑනෙ.. සිංහල ඩික්ෂනර්යි වගේම ෆ්‍රී සොෆ්ට්වෙයාරුත් දාන්න තහනම්ලු.. මට කිව්වනෙ සෙනෙට් එකේ අවසරේ අරන් එන්න කියලා.. ඊටපස්සෙ කාටවත් කියන්නෙපා කියලයි දාගත්තෙ.. ඒත් ඉතින් හරිගියෙ නෑ.. ඔන්ලයින් එක තමා පාවිච්චි කරේ..

      Delete
  13. සුභ පැතුම මහත්මයා..

    ReplyDelete
    Replies
    1. බුද්ධදාස මහත්මයාට ස්තුතියි!

      Delete
  14. සුබ පැතුම් .

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සබිත්..

      Delete
  15. උණුසුම් සුභ පැතුම්..!!!

    හිරු හිමාවි කිව්වත් වගේ ලේ තැවරුණු මලක කථාව.. මටත් නිකන් කික් උනා ඒ නම... මම යනව ඒක කියවන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මම දැක්කා කියවලා කමෙන්ටුවකුත් දාලා තියෙනවා..

      Delete
  16. හරී අහලා තියෙන්නෙ අර නිකම් කිකිලිද බිත්තරේද කියලා වගේ ප්‍රශ්නයක් කියලයි මට හිතෙන්නෙ..:)

    මමත් ගොඩ කාලෙක ඉඳන් ඔයාගෙ ලිපි කියවනවා..ගොඩක් වෙලාවට කිතු දහම ගැන විස්තර දැනගන්නෙ ඔයාගේ බ්ලොග් එකෙන්..අතරින් පතර යන වෙනස් පෝස්ටු නිකම් තුන පහ වගේ කියලා හිතෙනවා..

    හරීගේ බ්ලොග් කෙරුවාවේ අපූරුබව මම දකින්නෙ කියන්න තියන දේවල් ගොඩක් හිතන්නැතුව කියලා දාන නිසා..ගොඩක් කෙමෙන්ට් වලින් මම ඒ සෘජු බව දකිනවා..ඒ එක්කම අළුතෙන් බ්ලොග් ලෝකෙට එන අයට දෙන අත හිත ගැනත් ගොඩක් ස්තුතියි..

    හරී සමඟ හීනලන්තය හැමදා දිනේවා..

    ReplyDelete
    Replies
    1. ඉතින් රූ අක්කෙ කිකිලිද බිත්තරේද මුලින් ආවෙ? :)

      "වෙනස් පෝස්ටු නිකම් තුන පහ වගේ කියලා හිතෙනවා.." ඒ කියන්නෙ අනෙක් පෝස්ටු වලට කැමති නෑ.. :)
      මම පුලුවන් තරම් එව්වා දාන්න බලනවා.. ඒත් ඉතින් එව්වා දිරවන්න බැරි අය ඉන්නවනෙ..

      "ගොඩක් හිතන්නැතුව කියලා දාන නිසා..ගොඩක් කෙමෙන්ට් වලින් මම ඒ සෘජු බව දකිනවා." මම කියපු මොහොකට හරි හිත රිදුනද අක්කේ.. එහෙම නම් සමාවෙන්න හොඳද.. මම හිතලා කිව්වෙ නෑ.. (ගොඩක් හිතන්නැතුව කියලා දාන නිසා.. :))
      මොකක් හරි පොල්ලෙන් ගහනවා වගේ උත්තරයක් දුන්නද?

      "ඒ එක්කම අළුතෙන් බ්ලොග් ලෝකෙට එන අයට දෙන අත හිත ගැනත් ගොඩක් ස්තුතියි.." මම කාටවත් අතවත් හිතවත් දීලා නෑනෙ..

      අදහස් දැක්වීමට ස්තුතියි...

      Delete
  17. සුභ පැතුම්..!!!

    ReplyDelete
    Replies
    1. සතුටින් පිළිගනිමි..

      Delete
  18. කවුරු පටංගත්තම මොකෝ බං.උඹ ලියපං අපි කියවන්නං

    ReplyDelete
    Replies
    1. :) කියවන්න එන හින්දා දිගටම ලියඤ්ඤං..

      Delete
  19. Replies
    1. ඔන්න භාරගත්තා..

      වර්ණා දැන් වැඩිය එන්නෙත් නෑ නේද?

      Delete
  20. හ්ම්.. සතුටුයි.ලියන්න දිගටම

    ReplyDelete
    Replies
    1. ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්නම්..

      Delete
  21. උඹ තනියමම සිංහල බ්ලොග් ලියන හැටි ගවේශනය කරපු පොරක් එහෙනම් ඈ... මම හිතන්නෙ මුළු සිංහල බ්ලොග් අවකාශෙම ඔය වගේ දෙන්නයි ඇත්තෙ.. පළවෙනියා ඉස්සෙල්ලම පටන් ගත්තු එකා.. අනිකා උඹ..

    හරීගේ හීනලන්තය දිනේවා !!!!

    ReplyDelete
    Replies
    1. තවත් අය ඇති කියලා මට හිතෙනවා..

      ස්තුතියි!

      කුරුන්දට සුභ පතන්නත් බැරි වුනානෙ.. මම ඒ පැත්තෙ එන්නම්කො..

      Delete
  22. ඇනිවසරියට මගෙනුත් සුබපැතුම්..

    ReplyDelete
    Replies
    1. සුභපැතීම භාරගත්තා මධුරංග..

      Delete
  23. සුභ පැතුම් හරී... විවිධ මාතෘකා යටතේ හරවත් යමක් බ්ලොග් ලෝකයට දෙන්න ඔබට තව දුරටත් ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ආශිර්වාදයට ස්තුතියි සිරා..

      Delete
  24. දිගටම bolg එක කරගෙනන යෑමට ධ්‍යෙර්ය(වචනෙ නිකන් වැරදි වගේ ) හා වාසනාව ලැබේවා. ඔබට මකල්ගෙන් උණුසුම් සුභ පැතුම්. වැස්ස දවස් නිසා රත්වෙන්නත් එක්ක ට්කක් වැඩිපුරත් එව්වා ඔන්. :) ඔබට ජය සහෝ

    ReplyDelete
    Replies
    1. ධෛර්‍යය කියලා මටත් හරියට ලියන්න බෑනෙ.. අපෝ දැන් නම් හොඳටම රස්නෙයි.. දාඩියයි.. :)

      Delete
  25. දන්නවද මට බ්ලොග් ගැන ආසාවක් ඇතිවුනේ හරිගේ බ්ලොග් එක නිසා.හරිට මීටර්ද දන්නේ නැහැ හරිගේ මුල් පෝස්ට් වල ඉංග්ලීස් වලින් ඇති Nishan de silva කියලා නමකින් කොමන්ට් වගයක්.පස්සේ තමා මාත් සිංහලට පරිවර්තනය වුනේ.

    අවුරුදු දෙකේ බ්ලොගිවසරි එකට මගෙන් උණුසුම් සුභ පැතුම් සහෝ,තව අවුරුදු බර ගානක් ලියන්න ලැබේවා කියලාත් මම අවංක හිතින් ප්‍රාර්ථනා කරනවා.මට හරිව කවදාවත් අමතක වෙන්නේ නැහැ මේ බ්ලොග් ලෝකේදී,අර කිඹුල් මස් සිද්දි එහෙම? :)

    ජයෙන් ජය පතනවා
    බ්ලොග් ලෝකේ සුපිරි තරුවක් වේවා.බැරි වුනොත් නිකන් තරුවක් හරි වේවා.ආහ් මට වැරදුනා දැනටමත් සුපිරි තරුවක්නේ මේකා.

    ඇනිවේ තවත් ඉහලට යන්න ලැබේවා.

    ReplyDelete
    Replies
    1. "දන්නවද මට බ්ලොග් ගැන ආසාවක් ඇතිවුනේ හරිගේ බ්ලොග් එක නිසා" ඇත්තට.. මම දන්නෙත් නෑනෙ... මටත් යන්තම් මතකයි මතකයි වගේ.. ඇත්තටම මට සතුටුයි නිශාන් මලයා බ්ලොගක් පටන්ගත්තු එක ගැන.. මම නොදැනුවත්ව උනත් යම් බලපෑමක් කරලා තියෙනවානෙ..

      සුභපැතුම් සතුටින් භාරගන්නවා.. කිඹුල් මස් ටිකක් එවපන්කෝ ඉතින්.. මේ දවස්වල අහුවෙන්නෙත් නෑ නේද?

      මොන සුපිරි තරුවක්ද බන්.. යන්තම් කීපදෙනෙක් බලනවා.. :)

      ස්තුතියි..

      Delete
  26. මේක කියවන කොට මමත් හිතාගෙන හිටියේ හරී තමයි සිංහලෙන් බ්ලොග් ලියූ පළමු එක්කෙනා කියලා.මොනව වුනත් අපුරු අත්දැකීමක්.

    මේ දවස්වල බුක් ෆෙයාර් එක නිසා වැඩිය බ්ලොග් කියවන්න බැරිවුනා. හරී ගෙත් පෝස්ට් දෙකක් මගහැරුනා.

    ඔන්න දෙවර්ෂ පුර්ණයට සෙසු සහාද පිරිස වගේම මමත් හරී සමග හරීගේ හීනලන්තයේ සැරිසරන පිරිස අතරට මගේ හෘදයාංගම සුබ පැතුමත් මීට එකතු කරනවා.
    සුබ පැතුම්.. දිගුකලක් දිනේවා

    ReplyDelete
    Replies
    1. "මේක කියවන කොට මමත් හිතාගෙන හිටියේ හරී තමයි සිංහලෙන් බ්ලොග් ලියූ පළමු එක්කෙනා කියලා" :)

      මගෙත් අන්තර්ජාල සම්බන්ධෙට සල්ලි නැතුව තිබුනෙ..

      සුභ්පැතුම භාරගන්නම් දයා අයියෙ.. ඔබ වැනි නිහතමානී අය කීයක් නම් මේ බ්ලොග් ලිවීම නිසා හඳුනාගත්තාද?

      Delete
  27. ජයෙන් ජය වේවා..

    උබ හරී !!

    ReplyDelete
  28. ඔන්න මගෙනුත් සුභ පැතුම් හරී. තවත් බොහෝ කාලයක් බ්ලොග්කරණයේ යෙදෙන්න වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.‍

    හරී ඔයා හරි නිහතමානීයි වගේ. මමත් සිංහල බ්ලොග් කියල ජාතියක් තියෙන බව දැන ගත්තෙත් අහම්බෙන්. ඉස්සර රාවය පත්තරේ බ්ලොග්වල ලිපි දාපු කොලම් එකක් ගියා. ඒකෙ නිතරම Beyond Frame ගෙයි ටැබූගෙයි ලිපි දැම්ම. දවසක් මට නිකමට හිතුන ඔය නම් ගූගල් සර්ච් කරල බලන්න, ඒ විදියට තමයි මම සිංහල බ්ලොග් කියවන්න ආවෙ. පස්සෙ ටැබූගෙ ලිවිල්ල නිසා මේකට ඇබ්බැහිම වුනා.

    ReplyDelete
    Replies
    1. කවුද බන් ටැබූ කියන්නෙ ?

      Delete
    2. සෙන්නයියේ...ඔබලා අපි බ්ලොග් ලියන්න බොහෝම බොහෝම ඉස්සර, බ්ලොග් ලෝකේ හිටපු ආන්දෝලනාත්මක චරිතයක් මම දන්න විදිහට...

      එයාගේ ලිපි මම බලලා තියනවා..

      Delete
    3. හප්පට සිරි එහෙමද ? තව පොඩ්ඩෙන් මම කට වරද්ද ගන්නවා..

      Delete
    4. ඔන්න සයුරි උත්තරේ දීල සෙන්නට. ඕන් බලන්ට කැමති නම් ටැබූගෙ ලිපි ටිකක් තියෙනව මෙතන.

      http://web.archive.org/web/20110107163819/http://taboosubjects.wordpress.com/

      Delete
    5. තේරෙන්නෑ බන්...

      Delete
    6. මොකෑ .... තේරෙන්නෑ. ඒ මනුස්සය ශුද්ධ සිංහලෙන්නේ ලියල තියෙන්නෙ.

      Delete
    7. ටැබූ, බියොන්ඩ් ද ෆ්‍රේම් කියන්නේ ඒ කාලේ (2009/10 කාලේ) හිටිය චරිත දෙකක්. ඒ දෙන්නා ලියන ලිපි දේශපාලන උපහාස මම දන්නා විදියට.. කතන්දර ගාවත් එකතුවක් තිබ්බා ඒ ලිපි...

      Delete
    8. සෙන්නගේ බොරුදු කොහෙද.

      Delete
    9. @ DDT,

      ඕං අපි DDT ගේ මූණ දැකගන්න තරං පිං කරලා තිබුනා.. සුභ පැතීම සතුටින් භාරගත්තා..

      මම සිංහල බ්ලොග් හොයාගත්තා කියලා හිතන්න හේතු වුනේ ඉතින් මට බ්ලොග් ඇහැ නොගැහිච්ච එකම තමා.. :)

      මම අනිත් බ්ලොග් කියවන්න අරන් ටික කාලයක් යද්දිම තමයි ටැබූව හැක්වුනා කියන රාවය ගියේ..මම හිතන්නෙ 2010 අග.. එතකන්ම ටැබූ ගැන ලොකු කතාවක් බ්ලොග් අවකාසෙ තිබුනෙ නෑනෙ.. මාත් ඉඳලා හිටලා ඒකට ගියත් ඒ ලිවීමේ රටාව මට එච්චර දිරෙව්වේ නෑ..ඒක නිසා කියෙව්වෙත් නෑ.. ටැබූ නැතිවුනාට පස්සෙ අනිත් බ්ලොග් ටැබූ ගැන කියද්දි ඔය වගේ ඉතුරුවෙච්ච ලිපි උවමනාවෙන් නැවත කියෙව්වම තමයි තේරුනේ ටැබූගේ ලිපි මොනතරම් රසවත් වගේම හරවත්ද කියලා..

      බියොන්ඩ් ද ප්‍රේම් ගැන නම් මොකුත් නොදනිමි..දේශපාලන කතා ලියූ කෙනෙක් බව නම් දන්නවා..

      Delete
  29. හිනලාන්තයට සුබ පැතුම්...තනියම ගවේෂණය කරපු එකනම් නියමයි ආ...

    සෑහෙන කැප වීමක් කරන්න ඇති අවු. 2 ක් ලියන්න...ඒ ගැන අපේ ස්තුතිය හරීට..

    ReplyDelete
    Replies
    1. සුභපැතුම් භාරගන්නම්... මුල්කාලෙ නම් එච්චර මහන්සියක් වුනේ නෑ.. නිකම් කොහේහරි තියෙන මොකාඛරි දාන්නයි බැලුවෙ.. පස්සෙ පස්සෙ තමයි ටිකක් මහන්සියෙන් ලියන්න ගත්තෙ..

      Delete
  30. සුභ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බීටල අයියා..

      Delete
  31. සුබපැතුම්. මගෙත් දැන් අවු. 2ට වැඩි ඇති

    ReplyDelete
    Replies
    1. පිළිගන්නම් හද පත්ලෙන්.. මම ඔය පැත්තෙ එන්නම්කො..

      Delete
  32. මම මුලදි හිතුවා, "යකෝ අපි හරීට සලකනව මදිනෙ, ආ? මූද ඇත්තටම මුල්ම සිංහල බ්ලොග් එක ලිව්වෙ? පස්සෙයි මෝහාන්ධකාරය නැතිවෙලා ආලෝකය දු‍ටුවෙ. උඹට සුභ බ්ලොගොවර්සරියක් පතනවා. ඒ වගෙම තව දුරටත් දහම් දැනුම, විනෝදය,සියලු දේ සපයන බ්ලොග් පෝස්ට් ගනනාවක් ලියන්නට ලැබේවායි කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා.

    දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)
    මෙන්න මගේ අලුත්ම බ්ලොගර් සිංහල බ්ලොග් එක. මේක ඇත්තටම මේ වර්ඩ්ප්‍රෙස් ‘මට හිතෙන හැටි’ සයිට් එකේ බැක් අප් එකක්. නම මගේ ඩෙනිම My Blue Jeans
    බර වැඩි නැතිනම් ඔයාලගෙ බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නකො මගේ ඩෙනිමටත් පොඩි බැක් අප් එකක්.
    හැමදාම මට තියෙන චෝදනාවක්නෙ, ‘උඹේ වදන් තදයට (WordPress-Thanks Ravi)එන්නත් අමාරුයි, කමෙන්ට් දාන්නත් අමාරුයි,’ කියලා. ඔන්න තියෙනවා බඩු!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. "පස්සෙයි මෝහාන්ධකාරය නැතිවෙලා ආලෝකය දු‍ටුවෙ." මමත් මුලින් හිතුවෙ ඔය මාතෘකාව දාලා මගේ කතාව ලියලා නිකා ඉන්න.. ඒත් සමහරු වැරදියට තේරුම් ගනී වගේම 'අනේ පල යකෝ යන්න තෝ කොහෙද මුලින්ම ලිව්වෙ' කියලා අහන්න වෙයි කියලා තමයි මම නෙමෙයි කියලා ලිව්වෙ.. හරි නිකමට හිතුවොත් මමයි හොයාගත්තෙ කියලා කොහොමද ඉතින් මට සළකන්නෙ..:)

      සුභපැතුම්වලට ස්තුතියි!

      "දැන් මෙන්න වෙළඳ දැන්වීමක්: :)" නොමිලේ දැන්වීම් පල කරනු නොලැබේ.. :)
      දැන් වදන්තද කට්ටිය එක්කෙනා එක්කෙනා මේ පැත්තට එනවා නේද?

      හෙන්රි අයියගෙ සිග්නේචරේ දිගයි වගේ.. මෙහෙම වුනොත් මොකද?
      'Hey Dude, මට හිතෙන හැටියට තමයි මගෙ ඩෙනිම'

      Delete
  33. පරක්කු උනාට සොරි ඈ..

    මගේ සුබ පැතුම් හරී ට !
    ඒ උනාට මාසෙට හතරපාරක් ලිතරක් ලියන එක ගැන මගේ විරෝධය !! මොනා කරන්ඩ ද ලියනඩ උනත් වෙලාව තියෙන්ඩ එපැයි.

    ReplyDelete
    Replies
    1. "පරක්කු උනාට සොරි ඈ.." අයියෝ කමක් නෑ බං..

      සුභපැතුම් භාරගත්තා.. මොනාකරඳ බං ලියන්න ඒවත් තියෙනවා.. මම කම්මැලිත් නෑ.. ඒත් කියවන අයට මඟඇරෙනවානෙ බං.. ඒකයි පොඩ්ඩක් අඩුවෙන් දෙන්න බැලුවෙ..

      Delete
  34. @හැමෝටම,

    බ්ලොගයේ අවුරුදු දෙක නිමිත්තෙන් මගේ අන්තර්ජාල සබඳතාව ඇණහිටින මට්ටමේ ඇත.

    ඒ නිසා ඕගොල්ලො හැමෝටම පිළිතුරු දෙන්න ප්‍රමාද වේවි. සමාව භාජනය කරන්න.

    28 වෙනිදා පෝස්ටුවත් දාන්න වෙන්නේ නෑ වගේ.

    ReplyDelete
    Replies
    1. ඈ.. අන්න ඒකට නම් මල පනිනවා..

      Delete
    2. කොම්පීතරයත් කැඩියං , මාසයකට ගෙදර කරන්ට් එකත් නැතූව පලයං

      Delete
    3. @ හරී,

      ඊළඟ ලිපිය හෙට නේද?

      Delete
    4. @ Alexander Cage,

      අන්තර්ජාල සම්බන්ධතාවයට ගෙවාගන්ඩ බෑනෙ..

      Delete
    5. @ අටං,

      නෙට් බිලත් ගෙවාගන්න බැරුව ඉන්න මට ඔහොම කියන එක හරිද බං?

      Delete
  35. man harige mulinma kiyevva post eka meka
    kohoma vethath harige avurudu dekata maath suba pathanavaa..................!
    jaya veva...!
    digatama ennam me paththe :-)

    ReplyDelete
    Replies
    1. සුභපැතීම භාරගත්තා.. මේ ආවා වගේ නිතරම එන්න..

      Delete
  36. ඕම සීන් මටත් වෙලා තීනෝ...
    හෙන අමාරුවෙං මොකක් හරි ක්‍රමවේදයක් හොයාගත්තම කවුරු හරි එකෙක් ඒක කලිං හොයං තීනවා..
    ඇඩෙනවනේ ඉතිං...
    සාර්ථක තෙවෙනි අවුරුද්දක් වේවා...

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං අපිටමයි වෙන්නෙ.. අපි තොප්පි හැදුවොත් ඉපදෙන්නෙ ඔලු නැති උන්..

      Delete
  37. හරී ගේ හීන ලන්තය දින දින දියුණු වේවා!
    කියවන දන වැඩි වේවා!
    හොඳ ලිපි තව බිහි වේවා!
    හරීට ජයෙන් ජයම වේවා!

    ReplyDelete
    Replies
    1. ඔක්කෝටම ස්තුතියි!

      Delete
  38. හී හී.... මම හිතුවේ ඔයා කියල... :) ජය පතනවා ඔයාට...

    ReplyDelete
    Replies
    1. පණුච්චිව සාදරයෙන් පිළිගන්නම්..

      ජයෙන් ජය!

      Delete
  39. සුභ පැතුම් හරි.. ආසාවෙන් කියවන බ්ලොග් වලින් එකක් නේ මේ.. ලියන්න අමාරුයි. ඒත් කොහොම හරි එල්ලිලා ලියන එක ඊට අමාරුයි.
    ඒ ගැන මගේ ආචාරය පිළිගන්න.

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කියවන බව අහන්නත් ආසයි.. ක්සැන්ඩර් අයියගේ ආචාරය පිළිගත්තා.. ස්තුතියි!

      Delete
  40. ආදරණීය සුබ පැතුමක් මගෙන්. තව බොහෝ කාලයක් බ්ලොග් ලිවීමට ආසිරි පතන …
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජෝන් අයියේ..

      Delete
  41. Congratulations. I visited your blog for the first time today.

    ReplyDelete
    Replies
    1. Thank you very much & you are welcome!

      Delete
  42. හදවතින්ම සුභ පැතුම් ඈ..

    ReplyDelete
  43. ටිකක් පරක්කු උනා.. සුභ පැතුම් අවුරුද්දේ උපන්දිනේට...

    ReplyDelete
    Replies
    1. පරක්කු උනාට මොකෝ.. කොහොමහරි ආවානෙ.. ස්තුතියි!

      Delete
  44. හිටියා හොදටම ඇති දැන් ඕක වහලා දාපන් මල්ලි(විහිලුවට)

    මතකද මගේ අටම්පහුර හරියට අටවලා දුන්නෙත් උඹ

    ( පාස්වර්ඩ් එක කාටවත් දෙන්නේ එහෙම නෑ හරිද )

    ReplyDelete
    Replies
    1. එහෙනම් වහන්නම්..

      ඒක පොඩි දෙයක්නෙ බං.. මම පොඩ්ඩක් එහා මෙහා කරලා දුන්නට දැන් අයියා නියමෙට ලියන් යන්නේ.. සම්මානෙකටත් නිර්දේශ වුනාලු නේද? සුභපැතුම් හොඳේ..

      ඉඳපං හැක් කරන්න..

      Delete
  45. මගෙනුත් සුබ පැතුම්. ඔයාට. තනියෙන් හැමදේම හොයාගෙන තැනකට ආවම ලොකු සතුටක් ලැබෙනවා තමයි. ඉදිරියටම යන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ..

      Delete
  46. මමත් සුබ පතනවා ඔබට.. බ්ලොග් මාවතේ තවත් දිගු ගමනක් යන්නට!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්න ගමන් සුභපැතීමත් පිළිගන්නම්..

      Delete
  47. නිතරම කොමෙන්ට් කරන්නේ නැති උනත් මෙහෙට මමත් ගොඩවදිනවා. දෑවුරුදු පිරුමට උණුසුම් සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් නොකළත් කියවලා යන එකම ලොකු දෙයක් කෝරලේ මහත්තයෝ.. මහතෑන්ලා වගේ රජයේ නිලතල දරන උදවිය මේ පැත්තෙ එන එක කොච්චර සන්තෝසෙට කාරණාවක්ද?

      Delete
  48. තවත් චිරාත් කාලයක් වැජඹීමට ශක්තිය ධෛර්යය ලැබේවා :)

    ReplyDelete
    Replies
    1. මොකද හසිතයො තාමත් මිස්ට පොත් පෙරලනවද? :)

      දැන් ආගියකතා පාළුවට ගිහින්..

      Delete
    2. @ හරී

      තාම වැඩේ ඉවර නැහැ අයියා. උදේ ඉදන් හවස් වෙනකම් ටයිප් කිරිල්ල ලෙසටම තියෙනවා. ඉරිදා මට නිවාඩුවක් හම්බුණු නිසා කතාවක් කොටලා දැම්මා.... :)

      Delete
  49. සුභම සුභ අවුරුදු දෙකක් වේවා අය්යා.... දිගටම ලියන්න ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා....

    ප.ලි : බලාගෙන යනකොට සිංහල බ්ලොග් හොයා ගත්ත කෙනාටත් කලින් අපිත් බ්ලොග් ලියලනේ සිංහලෙන්..

    ReplyDelete
  50. මමත් ඔබට ඉතා ගවුරවණීය ලෙස සුබ පතනව. පරිගණකය.. අන්තර්ජාලය.. උවමනාවට නොව කාලය ගෙවන්න පාවිච්චිකරනව මිසක මේවා ගැන හසල දැනුමක් මට නැත. නමුත් පේස්බුක් එක හරහා මීට කෙටි කලකට ඉහතදී මට ලැබුන ලින්ක් එකක් හරහා ඔබව හදුනා ගැණීමට හැකිවුන අතර නම මතක නැතත් එම ලින්ක් එක එවූ යාලුවවද මෙවෙලේ සිහිකරමි. මමද කතෝලිකයෙකි.. එහෙත් මා නොදත් බොහෝදේ ඔබෙන් දැන ගත්තා මෙන්ම දැනගෙන තිබූ බොහෝදේ තවත් පැහැදිලි කර ගතිමි.ඔබේ උත්සහය අගේ කරමි. තවත් දිගු ගමනක් යන්න මමත් ඔබට සුබ පතමි.

    ReplyDelete
  51. ධර්මදානය සඳහා මේ තොරතුරැ හිතවතුන් අතර බෙදා ගන්න ෴
    යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස .......
    http://dahamvila.blogspot.com/

    ReplyDelete
  52. පලවෙනි වතාවට සිංහල බ්ලොගක් කියෙවුවා අද තමා.(ඒකත් මේ‍කම තමා)
    සුබ පැතුම්!

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...