3.26.2013

ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය

මම කියාගෙන යන ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කට්ටියට මතකයි නේද? ජේසුස් වහන්සේගේ උපතේ විස්තරත් උන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ගැනත් කලින් ලිපිවල කතා කළානෙ. අද ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ගැන කතා කරමු.
කලින් ලිපි මඟහැරුණු අය වෙනුවෙන් තමයි මේ ලින්කු ටික පළ කරන්නෙ.

1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න
3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස

එදා අන්තිමට අපි හිටියෙ ජේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුළු වෙච්ච අවස්ථාවෙ. මතකද ඒ සිද්ධිය? ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යය වෙනුවෙන් කොටළුවෙක් පිටේ නැගිලා ජෙරුසලමට අපු හැටිත් ජෙරුසලමේදි රජෙක් වගේ පිළිගැනීමට ලක්වෙච්ච හැටිත් කියලා තමයි එදා කතාව මම ඉවර කළේ. ගිය ඉරිදා ඒ කිව්වෙ ගොක් ඉරිදා (Palm Sunday) ලෝකය පුරා කිතුනු ජනතාව ඒ සිද්ධිය සැමරුවා.

ප්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රධානත්වයෙන් ගොක් ඉරුදින සැමරීම
අද එතැන් සිට...

ජෙරුසලම් දේව මන්දිරය ප්‍රතිනිර්මාණය කරපු පින්තූරයක්
ජේසුස් වහන්සේ එදා ආවෙ පාස්කු මංගල්‍යය සමරන්නනෙ.  ඉතින් මේ පාස්කු මංගල්‍යය එදා තිබුනේ ජුදා ආගමිකයන්ගේ ප්‍රධාන ආගමික මධ්‍යස්ථානය වෙච්ච ජෙරුසලම් දේව මන්දිරය (Temple of Jerusalem) ආශ්‍රිතව.

දැන් කියන්නෙ දේව මන්දිරය ගැන පුංචි විස්තරයක්. වර්තමානයේ නම් මේ දේව මන්දීරයවත් දේව මන්දීරයේ නටඹුන්වත් දකින්නට ලැබෙන්නේ නෑ. ජේසුස් වහන්සේගෙන් පසුකාලීනව ඇතිවූ ජුදෙව් මුස්ලිම් ගැටුම් වලදී විනාශවෙලා ගියාලු. ඒ කාලෙ දේව මන්දීරය මේ වගේ තියෙන්න ඇති කියලා හිතලා ප්‍රතිනිර්මාණය කරපු පින්තූරයක් තමයි මම ඔය පැත්තකින් දාලා තියෙන්නෙ.

ඒක දේව මාළිගාවක් වුනාට අද කාලෙ තියෙන පල්ලියකට වගේ හිතූ මනාපෙට ජනතාවට ඇතුළුවෙලා වන්දනාමාන කිරීමේ අවස්ථාවක් තිබුනේ නෑ.  දේව මාළිගාව කොටස් වලට බෙදලායි තිබුනෙ. බලන්ඩකො ඒ පින්තූරෙත්. ජුදෙව් ඉතිහාසඥ ජොසෙෆ් කියන විදිහට පහත ආකාරයටයි බෙදීම් වෙලා තියෙන්නෙ.

1. විදේශිකයන්ගේ අංගණය (Court of the Gentiles) - මේ කොටස තිබිලා තියෙන්නෙ දේව මාළිගාවෙ ප්‍රධාන කොටසෙන් පිටත. දේව මාළිගාවේ පූජා භාණ්ඩ අලෙවිසැල් තිබිලා තියෙන්නෙත් මේ කොටසෙයි. විදේශික වගේම අන්‍යාගමික අයටත් මේ කොටසින් එහාට යන්ඩ ලැබිලා නෑ. ඒ වගේම තමුන්ගේ ඔසප් දිනවලදී ජුදෙව් කාන්තාවන්ටත් මේ කොටසේම රැඳී සිටීමට සිදුවුනා. යම් විදේශිකයෙක් හෝ ඔසප්වන ජුදා කාන්තාවක් මේ සීමාව පැන්නොත් මරණයෙන් තමයි වන්දි ගෙවන්ඩවෙලා තියෙන්නෙ.

2. කාන්තාවන්ගේ අංගණය (Court of Women) - සියලුම ජුදා කාන්තාවන් හා ළමුන් රැඳී සිටියේ මේ කොටසේයි. ඒ වගේ යම් අපිරිසිදු තත්වයකින් හිටපු ජුදා පිරිමින්ට, ඒ කිව්වෙ කුෂ්ඨ රෝග වැනි දේවල් තිබූ පිරිමින්ට, අවසර තිබුනේ කාන්තාවන්ගේ අංගණයට ඇතුළු වීමට පමණයි.

3. ඉශ්‍රායෙල්වරුන්ගේ අංගණය (Court of Israelite) - නිරෝගී ඉශ්‍රායෙල් පිරිමින් රැඳී සිටියේ මේ කොටසෙ.

4. පූජකවරුන්ගේ අංගණය (Court of Priest) - පූජකවරුන්ගේ කොටස.

5. අල්තාරය (Altar) - පුද පූජා ඔප්පු කළේ මෙතන.

6. අති පාරිශුද්ධ ස්ථානය (Holy of Holies) - අපිට මෝසෙස්ගේ කතාවෙදි හම්බවෙච්ච දස පණත තැන්පත් කරපු ගිවිසුම් කරඬුවත් අනෙකුත් ශුද්ධවූ වස්තුත් තැන්පත් කරලා තියෙන්නෙ මේ ස්ථානයේ. උත්තම පූජක තැනට විතරයි මේ ස්ථානයට ඇතුළුවෙන්ඩ අවසර ලැබිලා තියෙන්නෙ.

එදා විදේශිකයන්ගේ අංගණයේ සීමාව පෙන්වූ පුවරුවක්
මම කලිනුත් කිව්වා වගේ විදේශිකයන්ගේ අංගණයේ තමයි වෙළඳපොළ තිබිලා තියෙන්නෙ.  මේ වෙළඳපොළේ පූජා භාණ්ඩ විකුණන මිනිස්සු වගේම පූජා සඳහා සතුන්  විකුණන වෙළෙන්ඳොත් ඉඳලා තියෙනවා.

වර්තමානයෙත් ආගමික සිද්ධස්ථාන වටා මේ වගේ පිරිස් ඉන්න බව කාටවත් අමුතුවෙන් කියලාදෙන්න උවමනාවක් නෑනෙ. ඒ කාලෙත් එහෙම තමයි. ඔවුන් මිනිසුන්ගෙන් අයුතු විදිහට මුදල් අයකරලා තිබෙනවා. විශේෂයෙන්ම විදේශිකයන්ගෙන් හා දිළිඳන්ගෙන්. දැන් කාලෙ වගේම සිද්ධස්ථාන අසලදී භාණ්ඩවල මිල කීපගුණයකින් වැඩිවෙලා තියෙන්ඩ ඇති.

තීර්  කාසි
වෙළෙන්ඳන්ට අමතරව මුදල් මාරු කරන්නෝ නම් හොරු කණ්ඩායමකුත් ඉඳලා තියෙනවා.  මොකද කියනවා නම් දේව මාළිගාවට ගෙවිය යුතු මුදල් ගෙවන්ඩ නියම වෙලා තිබිලා තියෙන්නෙ තීර් නම් කාසි වලින් (Tyrian coinage). නමුත් සාමාන්‍ය ජනතාව අතර භාවිතයේ තිබිලා තියෙන්නෙ එම මුදල් නෙමෙයි. ඉතින් වන්දනාවෙ ආපු ජනතාවට සිදුවුනා මුදල් මාරු කරන්නන් සරණ යන්ඩ. මුදල් මාරු කරන්නොත් ඇතිවෙන්ඩ ජනතාව සූරාකෑවා.

හොර ගුහාව
ඉතින් ආයෙමත් කතාවට ආවොත්,  ජේසුස් වහන්සේ ජෙරුසලමේ දේව මන්දීරයට එනකොටත් හරිම ඝෝශාවක් තමයි මේ විදේශිකයන්ගේ අංගණයේ තිබිලා තියෙන්නෙ. වෙළඳපොළක් කියන්නේ සුළු පටු සද්දයක් නෙමේනෙ. ඉතින් වෙළඳපොළ මඟින් දේව මාළිගාවේ ශුද්ධත්වය කෙළසෙන හැටිත් අහිංසකයින් තලාපෙළන හැට්ත් දකින උන්වහන්සේ වෙළෙන්ඳන්ව පිටතට එළවන්ඩ පටන් ගන්නවා. මුදල් මාරු කරන්නන්ගේ මේස පෙරලා දමනවා. "හොර ගුහාව" යැයි ඔවුන්ට බැන වදිනවා.

වෙළෙන්ඳන්ට අමතරව මෙයින් වැඩියෙන්ම කෝපයට පත්වෙන්නෙ නායක පූජකයොයි විනයධරයොයි. මොකද දේව මාළිගාවේ වෙළඳාම් වල ආදායමෙන් කොටසක් ඔවුන්ගේ මළු වලට හැරවිලයි තිබුනේ. නමුත් එවලේ ජේසුස් වහන්සේට විරුද්ධව අතක් ඔසවන්ඩ ඔවුන් බය වෙනවා. ඒකට හේතු වන්නේ ඒ වනවිටත් ජේසුස් වහන්සේ උතුම්කොට සළකපු බොහෝ ජනතාවක් ජෙරුසලමේ දේව මාළිගාව තුළ රැඳී සිටීමයි.

පූජක පැළන්තියත් ජේසුතුමාත් අතර ගැටුම මේ සිද්ධියෙන් පස්සෙ බොහෝම උත්සන්න වෙනවා. ජේසුස් වහන්සේව හැකි ඉක්මණින් ඉවරකළයුතුයැයි නායක පූජකයෝ තීරණය කරනවා. දැන් කොහොමත් වැඩේ ටිකක් ලේසිනෙ. වෙළෙන්ඳො ටික තමුන්ගෙ පැත්තෙනෙ.

ඉතින් ජනශූන්‍ය ස්ථානයකදී ජේසුස් වහන්සේව අත් අඩංගුවට අරගෙන හැකි ඉක්මණින් මරාදමන්නට තමයි ඔවුන් සැළසුම් කරන්නෙ. ජනතාව අතරදී අත් අඩංගුවට ගැනීමේදී ජේසුස් වහන්සේට පක්ෂපාතීත්වය දැරූවන් ඊට විරුද්ධ වේ යැයි බියක් ඔවුන්ට තිබුණා. ඒ වගේම ජනතාව ජේසුස් වහන්සේට පක්ෂව පෙළගැසෙන්නට කලින් සියල්ල අවසාන කර දැමීමේ අවශ්‍යතාවත් ඔවුන්ට තිබුණා.

රිදී තිහ
නමුත් ජෙරුසලමට රැස්වී සිටි ලක්ෂයක පමණ වන්දනාකරුවන් අතර එක් මිනිසෙක් සොයා යෑම දුෂ්කර කාරියක් වුණා.  විශේෂයෙන් ඔහු හුදකලාව සිටින අවස්ථාවක් සොයා ගැනීම අති දුෂ්කර උනා. මේ වෙලාවෙ නායක පූජකයන්ගේ පිහිටට එන්නෙ ජේසුස් වහන්සේගේම ගෝළයෙක් වෙච්ච ජුදාස් ඉස්කාරියොත්. ඔහු ජේසුස් වහන්සේව හුදකලාව සිටියදී අල්ලා දෙන්නට පොරොන්දු වෙන්නෙ රිදී කාසි 30ක් වෙනුවෙන්.

ආගමික ඉගැන්වීම් වලදී ජුදාස් මුදලට ජේසුස් වහන්සේව පාවාදුන්නා කිව්වත් ඉතිහාසඥයෝ නම් දරන්නෙ වෙනත් මතයක්.  ඔවුන් කියනා පරිදි රිදී තිහක් කියන්නෙ ඒ කාලෙ එච්චර ලොකු මුදලක් නෙමෙයි. ඔවුන් කියන්නෙ ජේසුස් වහන්සේගේ ගෙනගිය පිළිවෙතට අකමැති වීම නිසා පාවාදීමට පෙළඹෙන්ඩ ඇතැයි කියා. තවදුරටත් කියනවා නම් ජුදාස් සීzලොට්වරයෙක් වෙන්ඩ ඇතිලු. මම කලින් කතාවකත් කිව්වනෙ සීzලොට්වරු කියන්නෙ ආක්‍රමණිකයන් එලවලා ජුදා රාජ්‍යයක් පිහිටුවන්ඩ මෙසියස් වහන්සේ පැමිණෙනතුරු බලා හිටි පිරිසක් කියලා. ඉතින් ඒ අරමුණ ජේසුස් වහන්සේ හරහා ඉටුනොවීමෙන් කලකිරීමට පත් ජුදාස් ජේසුස් වහන්සේව පාවාදෙන්ඩ ඇති කියලයි ඉතිහාසඥයෝ කියන්නෙ. කොහොමවෙතත් එහෙම කළේ මොකදැයි දන්නේ ජුදාස්ම තමයි. 

දැන් අපි ඒ කතාව ටිකකට පැත්තකින් තියලා ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවට යමුකො.  ලියනාඩෝ ඩාවින්සිගේ චිත්‍රය නිසා මේ සිද්ධිය නම් ගොඩක් ප්‍රසිද්ධයි. ඒ චිත්‍රය නොදැකපු කෙනෙක් මේ ලිපිය කියවන එකක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.

වර්තමාන ජුදා පාස්කු භෝජනයක්
'පොරොන්දු වූ දේශය' කතා මාලාව මතක ඇතිනෙ. ඒ කතාවෙදි කියපු විදිහට දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ව මිසරයෙන් මුදාගෙන ඒම සිහිකරන්ඩ තමයි පාස්කුව සමරන්නෙ. පාස්කු භෝජනයේදී අනුභව කරන්නෙ එදා ලහි ලහියේ මිසරයෙන් පිටවෙද්දි ගත්තු ආහාර. එදා දෙවියන් වහන්සේ කියපු විදිහට අදටත් ජුදෙව්වෝ මේ චාරිත්‍රය ඉටු කරනවා. ඒගොල්ලො පුළුස්සපු බැටළු මසුත්, මුහුන් නොදාපු රොටීත්, තිත්ත පලාත් තමයි ආහාරයට ගන්නෙ. සාමාන්‍යයෙන් පාස්කු භෝජනයකදී මේ ආහාර ගන්නා අනුපිළිවෙලක් තියෙනවා. ඒවා ඉතින් වැඩි විස්තරනෙ. ඒවා ඕනෙ නෑ. පාස්කුවට ඔය ටික ආහාරයට ගන්නවා කියලා දැනගත්තම මදෑ.

තමුන්ගේ අවසානය ළංවී ඇතිබව දැනගත් ජේසුස් වහන්සේටත්  ගෝළයින් සමඟ පාස්කු භෝජනයකට වාඩි වෙමේ ආසාවක් ඇතිවෙනවා. ඉතිහාසඥයෝ කියන විදිහට නම් මේ අන්තිම රාත්‍රී භෝජනය ඩාවින්සි ඇඳලා තියෙන හැටි වැරදියිලු. උස මේසයක ඉඳගෙන එක පෙළට වාඩි වී ආහාර ගැනීමේ සිරිතක් ජුදෙව්වන් අතර නෑලු. සාමාන්‍යයෙන් මේසය වටා වාඩිවෙනවා වගේම ඉතාම මිටි ආසනලු පාවිච්චි කරන්නෙ. පහළම තියෙන පින්තූරෙන් පැහැදිලි වේවි.

ජේසුස් වහන්සේ ගෝළයන්ගේ පාද සේදීම
මෙතනදී සිදුවෙන තවත් විශේෂ දෙයක් තමයි ජේසුස් වහන්සේ භෝජනයට වාඩිවෙන්ඩ කලින් තමුන්ගේ ගෝළයන්ගේ පාද සේදීම.  මෙතනින් උන් වහන්සේ පෙන්වන්න උත්සාහ කරන්නෙ 'නායකයා සේවකයෙක් වියයුතු බව'යි. මොකද ඒ කාලෙ ජුදා නිවසකට අමුත්තෝ ආවම ගෙදර මෙහෙකරුවන් කෑමට පෙර ඒ අමුත්තන්ගේ පාද සේදුවාලු. ඒ වගේම අත් සෝදන්න වතුර දුන්නාලු. ඒ චාරිත්‍රයට අනුව යෑමක් තමයි මෙතන වෙන්නෙ. හැබැයි මෙතන වෙනස වෙන්නෙ ජේසුස් වහන්සේ හෙවත් ස්වාමියාම සේවකයා වෙන එක. ඉතින් මේ සිද්ධිය සිහිකරලා අදටත් අවුරුද්දකට සැරයක් මහ බ්‍රහස්පතින්දාට (මහ සිකුරාදාට කලින් දවස) පල්ලියේ පියතුමන්ලා විසින් ගෝළයින් ලෙස තෝරාගත් දොළොස්දෙනෙකුගේ පාද සෝදනු ලබනවා.
පියතුමන්ලා පා සේදීම

ඉන්පස්සෙ තමයි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගේ උපත සිදුවෙන්නෙ.  ඒ ගැන විස්තර කලින් ලිපියක කියපු නිසා ආයෙ කියන්ඩ බැරියෝ. ගිහිල්ලම බලන්ඩ.

භෝජනය අවසානයේදී ජේසුතුමා තම ආදරණීය ශ්‍රාවකයන්ට කතා කරනවා. "සැබවින්ම මම ඔබට කියමි, ඔබෙන් එක් කෙනෙක්; මා හා සමඟ වළඳන කෙනෙක් මා පාවා දෙන්නේය"

ශ්‍රාවකයින් අතර කසුකුසුවක් පැතිර යනවා.  ඔවුන් එකිනෙකා "ඒ මමද?"යි උන් වහන්සේගෙන් අහනවා.

"මා සමඟ එක පාත්‍රයේ අතලන තැනැත්තේය" උන් වහන්සේ රොටී කැබැල්ලක් කඩා හොදි තවරා ජුදාස් අතට දෙනවා. මේ විදිහට දීම මිත්‍රත්වය පෙන්වීමක් හැටියටලු ජුදෙව්වෝ සළකන්නෙ.

"ජුදාස්, ඔබට යම් කාර්‍යයක් ඇත්නම් පිටවී යන්ඩ පිළිවන්"  ඒ අවසරයෙන් ජුදාස් එතනින් පිටවී යනවා.

අන්තිම රාත්‍රී භෝජනය
ජේසුස් වහන්සේ තවදුරටත් ශ්‍රාවකයන්ට කතා කරනවා. "අද රාත්‍රියේ ඔබ සියලු දෙනා අධෛර්‍යයට පත්වී මා හැරයන්නෝය"

එවිට ගෝළයන්ගේ නායකයාවූ පේදුරු ඉතාම ආවේගයෙන් මෙසේ පිළිතුරු දෙනවා. "කවුරු ඔබ හැරගියත් මා ඔබ හැර යන්නේ නැත."

"පේදුරු, සැබවින්ම මම ඔබට කියමි. අදම, මේ රාත්‍රියේදීම කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා හඳුනන්නේ නැතැයි ඔබ තෙවරක් කියන්නේය."

"ස්වාමිනී මට ඔබ වහන්සේ වෙනුවෙන් මැරෙන්න වුනත් මම එහෙම කියන්නේ නැත."

භෝජනයෙන් සුළු වේලාවකට පස්සෙ පිරිස විසිර යනවා. ජේසුස් වහන්සේ රාත්‍රී යාච්ඤාව වෙනුවෙන් ගෙත්සෙමෙනි උයනට යනවා. ඒ උන් වහන්සේගේ ළඟම ගෝළයන්වූ පේදුරුත් ජාකොබුත් ජුවාමුත් සමඟ.

ඊළඟට..

මූලාශ්‍ර :
  • http://en.wikipedia.org/wiki/Temple_in_Jerusalem
  • http://en.wikipedia.org/wiki/Tyrian_shekel
  • http://en.wikipedia.org/wiki/Holy_of_Holies
  • http://en.wikipedia.org/wiki/Passover
  • http://en.wikipedia.org/wiki/Foot_washing

41 comments:

  1. අද කොටස නම් හොදිවල පෙඟවූ, රොටි කැබැල්ලක් වගේම රහයි. (මම රොටී කන්ට ආසයි හොඳේ ):)

    ඒ කාලේ පූජාවලට සත්තු ගත්තද? එයාලාව පාවිච්චි උනේ මොන ආකාරයෙන්ද?

    ඒ වගේම හින්දූ ආගමේ කාන්තාවට හිමි වෙන තැන මතක් උනා පල්ලි ඇතුලට යන්ට දෙන්නේ නෑ කියන කොට.

    මෙහෙමත් හිතුනා...කාන්තාව මොන දුරක් ඇවිත් තියනවද කියන ඒක.

    කතාව රහ කරලා කියවගෙන යනකොටම නතර කරලා. ඔන්න ඊලඟ කොටස වෙනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. @ Podi Kumarihami

      //..ඒ වගේම හින්දූ ආගමේ කාන්තාවට හිමි වෙන තැන මතක් උනා පල්ලි ඇතුලට යන්ට දෙන්නේ නෑ කියන කොට...//

      මේක ඇත්තටම අදාළ වෙන්නේ ඉස්ලාම් දහමේ කාන්තාවන්ට හිමි තැනත් එක්ක. පශ්චාද් වෛදික සමාජයේ කාන්තාවන්ට අඩු සැලකිලි හිමි වුණත් ආගමික අතින් කෝවිලට යාමට තහංචි පැනවුණේ නැහැ

      Delete
    2. //ඒ වගේම තමුන්ගේ ඔසප් දිනවලදී ජුදෙව් කාන්තාවන්ටත් මේ කොටසේම රැඳී සිටීමට සිදුවුනා//

      මම අදහස් කලේ මෙන්න මේ කොටස. හින්දු කාන්තවාන් මේ දවස්වලදී තමන්ගේ ස්වාමියා එක්ක එකට කාමරේ නිදන්නේ නැති කතාවකුත් මම අහලා තියනවා. අපිරිසිදුලුනේ.:)

      මේක ඉතින් ඈත කාලේ කතාවක් වෙන්ට ඕනි.

      Delete
    3. @ Podi Kumarihami

      ඔසප් දිනවල ඇතිවන "කිල්ල" නිසා දේවාලවල යාම ලංකාවේ කාන්තාවන් නොකරන බව නම් අහලා තියෙනවා.

      Delete
    4. මේ වචනේ තේරුමක් තියනවද හසිත?

      Delete
    5. @ Podi Kumarihami

      කිල්ල කියන එකේ නේද ??

      කිල්ල කියන එක අපිරිසිදු බව කියන සංකල්පෙත් එක්ක ගොඩනැගුණු එකක්නේ. මම කියනවාට වඩා හොඳට මේ ලිපි කීපයේ ඒ ගැන පහදලා තියෙනවා

      http://www.mawbima.lk/55-12902-news-detail.html

      http://www.divaina.com/2011/01/16/siya01.html

      http://sugv.wordpress.com/2012/10/26/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B6%A2%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1-%E0%B6%9A%E0%B7%92/

      Delete
    6. කාන්තාවන්ගේ ඔසප් වීම අපිරිසිඳු තත්වයක් ය කියන හැඟීම සහ විශ්වාසය පෙරදිග රටවල පැතිර තිබුණා. ඒක ලංකාවේ ගොවි ජනතාව අතරත් තිබුණු අදහසක්. කමත කියන්නේ පූජනීය ස්ථානයක් ය එතැනට කාන්තාවන්ගේ පැමිණීමත් ඔසප් වීම හෙවත් මාස් ශුද්ධිය නිසා හොඳ නැති බවටත් විශ්වාසයක් තවමත් අපේ ගම්රටවල තිබෙනවා.

      Delete
    7. @ පොඩ්ඩි,

      ම්ම්.. කොහොමද දෙහි දාලා, තක්කලි දාලා හොඳට මිරිස් ගලේ අඹරපු ලුණු මිරිසකුත් එක්ක උණු උණුවෙ දුම් දාන රොටී තිබ්බානම්..

      "ඒ කාලේ පූජාවලට සත්තු ගත්තද? එයාලාව පාවිච්චි උනේ මොන ආකාරයෙන්ද?" ජුදා ආගමේ සතුන් පූජා කිරීම තියෙනවා.. පූජාවලට අරන් තියෙන්නෙ බැටළුවො ගවයෝ වගේ සතුන්.. මීට අමතරව පරවියෝ කොබෙයියොත් අරන් තියෙනවා.. ජුදා ආගමිකයො තමුන්ගේ ජීවිතයේ එක් එක් අවස්ථාවල මේ විදිහට සතුන් පූජාකිරීමට බැඳී ඉන්නවාලු..
      උදාහරණ වශයෙන් පවුලට අලුත් ළමයෙක් එකතු වුනාම, මොකක් හෝ ලෙඩ රෝගයකින් මිදුනාම වගේ අවස්ථා ගන්ඩ පුළුවන්..
      ඉතින් මේ සතාව ගෙනිහින් ජුදා ආගමික චාරිත්‍රය වන Shechita( හලාල් වගේ එකක්) ක්‍රමයට මරලා ඒ සතාගේ මස් වලින් ආහාර පිළියෙල කරනවාලු.. කොටසක් පූජකවරුන්ටත් කොටසක් ගෙනියපු කෙනාටත් ලැබෙනවාලු.. තව කොටසක් දවන යාග පූජාවක් විදිහට ඔප්පු කරනවාලු..

      "ඒ වගේම හින්දූ ආගමේ කාන්තාවට හිමි වෙන තැන මතක් උනා පල්ලි ඇතුලට යන්ට දෙන්නේ නෑ කියන කොට.මෙහෙමත් හිතුනා...කාන්තාව මොන දුරක් ඇවිත් තියනවද කියන ඒක." පල්ලි කියලා මෙතන කියවෙන්නෙ ජුදා සිනගෝග කියලා මතක තියාගන්ට ඕනි.. කතෝලික පල්ලි නෙමෙයි.. ජාලෙ තියෙන හැටියට නම් ජුදා ආගමේ තවමත් ඔය දිනවලදී කාන්තාවන්ගේ පැමිණීම තහනම්ලු.. ඒ වගේම ග්‍රීසිය රුසියාව අවට ඕර්තොඩොක්x පල්ලි වලත් දිව්‍ය සත්ප්‍රසාද ලබන්න එපා කියනවාලු.. තවම ලෝකෙ වෙනස් වෙලා නෑ වගේ..

      ආසාවෙන් බලන් ඉන්න නිසාම ඉක්මණින් ලියන්නම්කො.. :)

      Delete
    8. @ හසිත,

      හින්දු ආගමේ ඔය වගේ චාරිත්‍ර තියෙන බව මම අහලා තිබ්බෙ නෑ..

      Delete
    9. @ රතු රජරට,

      මාත් හිතන් හිටියෙ පෙරදිග රටවල විතරයි කියලා.. ඒත් ග්‍රීසිය, රුසියාව වගේ පැතිවලත් ඕක තියෙනවාලුනෙ.. ඔය කමතෙ කතාවත් කොහෙන් හරි යාන්තම් අහලා තිබුනා වගේ මතකයි.. ඔය තහංචි කවුරුහරි නීතිදාලා වළකනවාට වැඩියෙ තමන් විහින්ම පාලනය වෙනවා ඇති..

      Delete
  2. නියමයි. මේ වගේ තොරතුරු රසවත්ව ඉදිරිපත් කරනවට ස්තුතිය.

    ReplyDelete
    Replies
    1. කියවන්ඩ එන අයියලාටත් ස්තුති කරන්ඩ ඕනා..

      Delete
  3. Replies
    1. ප්‍රසන්න කෙනෙක් යටින් තවත් ප්‍රසන්න කෙනෙක්..

      Delete
  4. //....උත්තම පූජක තැනට විතරයි අති පාරිශුද්ධ ස්ථානයට ඇතුළුවෙන්ඩ අවසර ලැබිලා තියෙන්නෙ....//

    මම කියවපු බයිබල් පොත් පෙළක තිබුණු විදිහට අග්‍ර පූජකයා වුණත් අති පාරිශුද්ධ ස්ථානයට ඇතුල් වුණා කියන්නේ අවුරුද්දකට එක වතාවක් වගේ කියලයි මතක.

    ඒ වගේමයි දේව මාළිගාව අලංකාර තිර රෙදිවලින් අලංකාර කරලා තිබුණා කියලත් තිබුණා වගේ මතකයි. ඊශ්‍රායල්වරුන්ගේ පාට ඒවායේ තිබුණා කියලයි තිබ්බේ.

    //..පල්ලියේ පියතුමන්ලා විසින් ගෝළයින් ලෙස තෝරාගත් දොළොස්දෙනෙකුගේ පාද සෝදනු ලබනවා....//

    පාප්තුමත් මේ චාරිත්‍රය ඉටු කරනවා දැකලා තියෙනවා.

    //...ශ්‍රාවකයින් අතර කසුකුසුවක් පැතිර යනවා. ඔවුන් එකිනෙකා "ඒ මමද?"යි උන් වහන්සේගෙන් අහනවා....//

    මේ වෙලාවේ ජුදාසුත් ඒක ඇහුවාම ජේසුතුමා කියනවලු නේද "මම නෙමෙයි ඔබයි කියන්නේ" කියලා කතාවක්

    ReplyDelete
    Replies
    1. "මම කියවපු බයිබල් පොත් පෙළක තිබුණු විදිහට අග්‍ර පූජකයා වුණත් අති පාරිශුද්ධ ස්ථානයට ඇතුල් වුණා කියන්නේ අවුරුද්දකට එක වතාවක් වගේ කියලයි මතක." අවුරුද්දකට වතාවක් එළඹෙන Yom Kippur කියන ජුදා ආගමේ අති පාරිශුද්ධ දිනයේදීලු උත්තම පූජකයාත් අති පාරිශුද්ධ ස්ථානයට යන්නෙ..

      "ඒ වගේමයි දේව මාළිගාව අලංකාර තිර රෙදිවලින් අලංකාර කරලා තිබුණා කියලත් තිබුණා වගේ මතකයි. ඊශ්‍රායල්වරුන්ගේ පාට ඒවායේ තිබුණා කියලයි තිබ්බේ" ඔව්.. මේ පාරිශුද්ධ ස්ථානය අති විශාල යෝධ තිරයකින් ආවරණය වෙලාලු තිබ්බෙ.. කිසිම කෙනෙකුට තිරයෙන් එහා දකින්ඩ ලැබිලා නෑ.. මේ තිරයට මොකද වෙන්නෙ.. ඉස්සරහට බලමු..

      "පාප්තුමත් මේ චාරිත්‍රය ඉටු කරනවා දැකලා තියෙනවා. " මෙතනදී මම පියතුමන්ලා කියලා යොදපු එක වැරදියි.. පූජකතුමන්ලා කියලා යෙදුවා නම් පියතුමන්ගේ ඉඳලා පාප්තුමන් දක්වා හැමෝම අයිති වෙනවනෙ..

      "මේ වෙලාවේ ජුදාසුත් ඒක ඇහුවාම ජේසුතුමා කියනවලු නේද "මම නෙමෙයි ඔබයි කියන්නේ" කියලා කතාවක් " ඔව්.. ඒක හරි.. එහෙම කතාවක් තියෙනවා.. නමුත් ඒක නොලියවෙන්න හේතු වුනේ මෙන්න මේකයි.. බයිබලයේ ජේසුස් වහන්සේගේ ජීවිත කතා හතරක් තියෙන බව හසිත දන්නවානෙ.. ඉතින් ඔය හතරම කියවලා ඉවරවෙලා.. හතරම එකට අරන් මෙන්න මෙහෙම මෙව්වා කරලා තමයි බ්ලොගේ ලියන්නෙ.. එතකොට කෑලි හැලෙන්ඩ පුළුවන්..

      Delete
    2. @ හරී

      //.. අවුරුද්දකට වතාවක් එළඹෙන Yom Kippur කියන ජුදා ආගමේ අති පාරිශුද්ධ දිනයේ....//

      මේ ගැනත් යමක් කිව්වා නම් හොඳයි නේද ?

      //.. මේ පාරිශුද්ධ ස්ථානය අති විශාල යෝධ තිරයකින් ආවරණය වෙලාලු තිබ්බෙ..//

      මට මතක විදිහට ඊශ්‍රායල්වරුන්ගේ පාටවල්වලින් ආවරණය කරලා තිබුණා කියලා තිබුණේ වටේ තිබුණු බිත්ති ටික

      තුති පිළිතුරුවලට :)

      Delete
    3. @හරී,
      //හතරම එකට අරන් මෙන්න මෙහෙම මෙව්වා කරලා තමයි බ්ලොගේ ලියන්නෙ.//
      අර ඉසෙඩ් ස්කෝර් එක වගේද?

      Delete
    4. @ Hasitha,

      Yom Kippur කියලා ගැහුවා සර්ච් කරා මෙන්න උත්තර..

      මේ ජුදා ආගමිකයන වසරකට වරක් එළඹෙන පසුතැවිලි වීමේ දිනයලු.. එදාට ඒගොල්ලො කන්නෙ බොන්නෙ නාන්නෙ නෑලු.. ඒවගේම පාවහන් පළඳින්නෙත් සැන් පවුඩර් ගානෙත් නෑලු .. ලිංගික සම්බන්ධතා පවත්වන්නෙත් නෑලු..
      තමුන් දෙවියන් වහන්සේට විරුද්ධව කරපු පව් වෙනුවෙන් වගේම අනික් මිනිසුන්ට කරපු වැරදි වලටත් සමාව ලබාගෙන වන්දි ගෙවන්ඩලු මේ දිනය වෙන්වෙලා තියෙන්නෙ..

      ඉතින් උත්තම පූජක තැන අති පාරිශුද්ධ ස්ථානයට යන්නෙත් පහුගිය අවුරුද්දෙදි තන් ඇතුළු පූජක පිරිස අතිනුත් ජනතාව අතිනුත් සිදුවෙච්ච වැරදි වලට සමාව ලබාගන්නලු..

      තිරය ගැන ඉස්සරහට කියන්ඩ වෙනවා..

      @ රූ....

      ඔබතුමිය හරි..
      ඉසෙඩ් ලකුණ, ඩන්ක්වත් ලුවිස් න්‍යාය වැනි ලෝ සම්මත න්‍යායන් වලට පාදක වෙච්ච විද්වත් ක්‍රමවේදය තමයි මමත් භාවිතා කරන්නෙ.. :)

      Delete
  5. අදටත් මහ බ්‍රහස්පතින්දාට පාද සේදීමේ චාරීත්‍රය ඒ විදියටම අපේ ගමේ පල්ලියේදී සිදු කරනවා. ඒ වගේම අන්තීම රාත්‍රී භෝජනය(the last supper ) චාරීත්‍රයත් සමරණවා. ඉස්සරනම් ඒ සඳහා යොදා ගත්තේ පාන්. නමුත් දැන් ගමේ පල්ලියේ ඒ සඳහා යොදා ගන්නේ ලුණු නැතුව හදා ගත්ත රොටී."ඔබ උදෙසා දෙනු ලබන් මාගේ ශරීරයයි " කියමින් හමෝම අතර බෙදා දෙනවා.. ඒ අවස්ථාව කතෝලිකයෙක් හැටියට මට නම් දැනෙන්නේ හරිම සංවේදී අවස්ථාවක් හැටියට..

    //"පේදුරු, සැබවින්ම මම ඔබට කියමි. අදම, මේ රාත්‍රියේදීම කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා හඳුනන්නේ නැතැයි ඔබ තෙවරක් කියන්නේය."//

    පේදුරු ඇත්තටම ජේසුස් වහන්සේ අඳුනන්නේ නෑ කියන එක කියනවා නේද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ලුණු නැතිව නෙමෙයි යීස්ට් නැතුව වෙන්ඩ ඇති.. නුමුහුන් රොටී කියන්නෙ මුහුන් නොදාපු රොටී කියන එකනෙ.. පල්ලිය පුරාම රොටී කඩලා බෙදනවාද? එහෙම දෙයක් නම් ඇහුවෙත් අදයි..

      අපේ පල්ලියෙ නම් වෙන්නෙ ගෝළයො හැටියට තෝරගත්තු දොළොස්දෙනෙකුගෙ පාද හෝදලා පාන් ගෙඩිය ගෙඩිය බෙදා දෙන එක.. සමහරු තමුන්ට හම්බෙච්ච පාන් ගෙඩිය පුංචි කෑල්ල කෑල්ල මිනිස්සුන්ට බෙදෙනවා.. අනිත් මල පෙරේත යක්කු ඒකත් කිහිල්ලෙ ගහන් ගෙදර යනවා..

      "පේදුරු ඇත්තටම ජේසුස් වහන්සේ අඳුනන්නේ නෑ කියන එක කියනවා නේද ?" ඉස්සරහට බලමු..

      Delete
  6. කඩිනමින් ඉතිරි කොටස ලියයි කියා හිතනවා. කීප වතාවක් අසා කියවා තිබුණත් නැවත කියවන්න කැමතියි.. හැමදාම සත්‍යය ගෙන එන්නාට පලමුවම එරෙහිවන්නන් අතරේ ලොකු පූජකයින් ඉඳීම ඉතිහාසයේ ප්‍රකට කරුණක්.. අදත් එහෙමයි කියලා ලංකාවෙ වෙන සිද්දි වලින් පැහැදිලියි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්තම තමයි... ලොක්කො හැමදාමත් පොඩ්ඩන්ව අමතක කලා... පොඩ්ඩො ගැන කතා කරන අයව ‍පොඩි කරලම දාන්න උත්සාහ කරනවා...

      Delete
    2. @ සරත් ලංකාප්‍රිය, තරුරසී

      පොඩි තැන් වලින් මතු වේගන එන අය නිසා ලොකු තැන් හෙල්ලේවි කියන බය තියෙනවානෙ.. ඒක එදත් අදත් හෙටත් එහෙමම තමයි..

      Delete
  7. ජේසුස් වහන්සේගේ දුක්විඳීම පිලිබන එහි ගැඹුරින් ඇති අර්ථය තවත් පැහැදිලි කලොත් හොඳයි. හැබෑටම මේ අහිංසක ගෑණුන්ට බොරු නීති දැමීම බොහොමයක් ආගම් වල අදටත් තියනවා. අපේ රටෙත් මේ ගොන් චාරිත්‍ර සමහර අභිචාර ක්‍රියා වලට සම්බන්ධව අදටත් තියනවා. දාවින්චිගේ චිත්‍රය හැර ඔබ පෙන්වා ඇති අවසන් භෝජනයේ චිත්‍රය දැක්කේ අදමයි. බොහොම ස්තුතියි.මම හිතන්නේ ඒ චිත්‍රයේ විචාල ප්‍රමාණයේ පිටපත් මිලදීගන්නට ඇති නේද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. "ජේසුස් වහන්සේගේ දුක්විඳීම පිලිබන එහි ගැඹුරින් ඇති අර්ථය තවත් පැහැදිලි කලොත් හොඳයි." මේකත් අර පොඩ්ඩිට දීපු උත්තරයේ එන පූජා හා සම්බන්ධම දෙයක්.. වැඩි විස්තර ඊළඟ පෝස්ටුවකින් දෙන්නම්..

      "අපේ රටෙත් මේ ගොන් චාරිත්‍ර සමහර අභිචාර ක්‍රියා වලට සම්බන්ධව අදටත් තියනවා" රතු රජරට කලින් කමෙන්ටුවක කියූ පරිදි කමත් වලට එන්ඩ තහංචිලු..

      "මම හිතන්නේ ඒ චිත්‍රයේ විචාල ප්‍රමාණයේ පිටපත් මිලදීගන්නට ඇති නේද? " මම හොයලා බැලුවත් ඒ චිත්‍රයේ නිර්මාතෘ සොයාගැනීමට බැරිවුනා.. විශාල ප්‍රමාණයේ පිටපත් ලංකාවේ තියෙයි කියලා නම් හිතන්ඩ අමාරුයි..

      Delete
  8. හරි.. කොහොම වුණත් අපි නොදන්න එහෙමත් නැත්නම් ටික ටික දන්න මේ ඉතිහාසය කියා දෙනවා. මා දුටු බොහෝ යේසුස්වහන්සේ පිලිබඳව වූ චිත්‍රපටවල අර මුදල් වංචා කරන හොරු සහ වෙලෙන්දන් මාලිගයෙන් පන්නා දමන අයුරු දුටුවා.

    ඒ වගේම ඉතිහාසය පුරාම පැහැදිලිව පෙනන දෙයක් තමයි පාවා දෙන්නන් ඒඒ නායකයන් අතරම සිටිම ඒ වුනත් යේසුස් වහන්සේ පවා ඒ දේ නිසි ලෙස තේරුම් අරන් සිටි බව පැහැදිලියි.

    ReplyDelete
    Replies
    1. සෑම චිත්‍රපටයකම වගේ ඔය දර්ශනය ඇතුළත් වෙලා තියෙනවා.. මේ ලිපි මාලාව ඉවර වුනාම චිත්‍රපට ලැයිස්තුවක් දාන්නම්කො..

      හැමතැනම තත්වය ඕකයි.. පාවාදෙන්නා බිහිවෙන්නෙ නායකයා අසලින්මයි.. ලෝකයේ ඉතිහාසයේ බොහෝ සිද්ධි එකම වගේ කියලයි මට හිතෙන්නෙ..

      Delete
  9. බයිබල් සංගමෙන් මුද්‍රණය කරන චිත්‍රකතා පොත් ගැන මම මේ බ්ලොග් එකේදිම කිව්වද කොහෙද කලින්. ඒ පොත් අතර මම කැමතිම එක 'පේදුරුගේ කතාව' ඒක මගේ ගාව සෑහෙන්න කාලයක් තිබුණ නිසයි ඒකට වැඩි කැමැත්ත. මට මතක විධියට ඒකෙ ඔහු ජේසුස්ව හැර නොයන බව කියන්නෙ ඔය වචන වලින්මයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හරේ මම බයිබලයේ තියෙන වචනමයි මෙතනදි ලිව්වෙ.. එහෙම කියපු මනුස්සයා පස්සෙ මොනාද කිව්වෙ කියලා අපි බලමුකො..

      Delete
  10. ඩාවින්චි ගේ චිත්‍රයේ තියනවා නේද තුන්දෙනාගේ කල්ලි හැදිලා ගෝලයෝ ටික කතා කරන අතරේ ජේසු තුමා විතරක් තනිවම ඉන්න අවස්ථාව. ඒකේ මොකක් හරි වැදගත් කමක් තියනවද? mata laawata mathakai wage ehema ekak.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඩාවින්සිගේ චිත්‍රයෙන් පොත් දහයක් ලියන්ඩ තරම් අර්ථකථන හොයාගන්ඩ පුළුවන්.. මොනාලිසා චිත්‍රයට වගේම මේ අන්තිම රාත්‍රී භෝජනය චිත්‍රයටත් කියන කතන්දර නම් බොහොමයි.. ඒවල ඉතින් ඇත්ත නැත්ත දන්නේ දාවින්සිම තමයි.. හරියට මගෙ අකීකරු පුත්‍රයාගේ චිත්‍රය වගේ,.. :D

      Delete
  11. හරී මල්ලි මං නං පාස්කුවට ගමේ යනවා... ආදරය සාමය බෙදා ගන්න හැකි සුබ පාස්කු මංගල්යවයක් වේවා.. ඔයා ජේසු ගැන මේ විදියට අනිත් අය එක්ක බෙදා ගන්න එක ගැන මගේ සතුට... ආගමික සංහිදියාවකට ඒක ලොකු උදව්වක් වේවි...

    ReplyDelete
    Replies
    1. අක්කටත් පවුලේ සැමටත් සුභම සුභ පාස්කු මංගල්‍යයක් වේවා.. කතෝලිකයන්ගේ ප්‍රධාන උත්සවය පාස්කු උනාට සමහර කතෝලිකයොත් ඒ බව දන්නේ නෑ.. මොකද මාකට් එක තියෙන්නෙ නත්තලටනෙ,.. අපි ඒ අයටත් සුභ පාස්කු මංගළ්‍යයක් කියමු..

      ස්තුතියි අක්කේ..

      Delete
  12. හිතවත් හරී මහත්මයාණෙනි,
    ඔබගේ පෙර ලිපි සමග සසඳා බැලීමේ දී වත්මන් ලිපි බොහෝ සාර්ථක හා විධිමත් බව පෙනී යනවා. එය ඉතා සතුටට කරුණක්. ශාස්ත්‍රීය ලිපි සකස් කිරීමේ දී මූලාශ්‍ර යනාදිය ඇතුළත් කර තිබීම ඉතා අගනේ ය. රූප සටහන් හා පින්තූර භාවිතය ඉතා විශිෂ්ඨයි. ඉදිරියටත් මෙසේ ලිපි ලියන්න. මා පෙර දී එක් කමෙන්ට් එකක කියූ පරිදි, කතෝලික දහම පිළිබඳ අර්ථවත් ලිපි පළ කිරීම අගය කළ යුතු හා දේවාශිර්වාදය හිමි වන අගනා මෙහෙවරක් බව පසක් කරමි. මෙම ලිපියේ ඇති සුළු කරුණු දෙකක් නිවැරදි කරනවාට ඔබ අමනාප හෝ කෝප නොවන්න.
    “ජේසුස් වහන්සේගෙන් පසුකාලීනව ඇතිවූ ජුදෙව් මුස්ලිම් ගැටුම් වලදී විනාශවෙලා ගියාලු,“යන්න හා “සී zලොට්වරු“යන්න නිවැරදි විය යුතුය. ජෙරුසලම් දේව මාළිගාව බිඳ වැටී විනාශ වූයේ ක්‍රිස්තු වර්ෂ 70 දී රෝමවරුන්ට එරෙහිව දියත් වූ ජුදෙව් කැරැල්ලක් මැඩපැවැත්වීමට යාමේ දී රෝම අධිරාජ්‍යෙයකු වූ ටයිටස්ගේ රෝම සෙන්පතිවරයෙකු මෙහෙය වූ රෝමානු හමුදාව අතින් ජෙරුසලම ගිනිලෑමෙනු යි.
    “සීzලොට්“ යන්න “සෙලට්“ - “zealot“ යනුවෙන් නිවැරදි විය යුතු යි. ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයන් අතර සිටි සෙලට්වරයා “අන්ත ජාතිවාදියා“ යැයි නම් ලත් සීමොන් ය. (ලූක් 6 : 15, ක්‍රියා 1 : 13 බලන්න.)මෙසේ ලිවීම ගැන සමාවන්න!
    කාලයක් පුරා මගේ http://catechismway.blogspot.com/ බ්ලොග් අඩවියට ලිපි ලිවීමට නොහැකිවීම නිසා සිංහල බ්ලොගර්ස් යූනියන් එකෙන් මාගේ බ්ලොග් ලිපිනය ඉවත් වී ඇත. මා නැවත සාමාජිකත්වය පතා ඔවුනට දන්වා ඇත. එතෙක් මගේ බ්ලොගයේ අළුත් ලිපි කිහිපයක් ද දමා ඇත.
    ස්තුතියි!
    ජේසු පිහිටයි!
    ෴ධර්මෝපදේශකයා෴

    ReplyDelete
    Replies
    1. ලිපිය කියවා අදහස් පළකිරීම ගැන මුලින්ම ක්ලෙමන්ට් මහත්මයාට ගොඩාක්ම ස්තුතියි.. කළ අගය කිරීම් වගේම අඩුපාඩුත් සතුටින් භාරගන්නම්..

      මම නම් අඩුපාඩු හමුවේ කෝප වෙන්නේ නෑ.. අපේ අඩුපාඩු කියන තරමටනෙ හදාගන්න පුළුවන්.. අඩුපාඩු පෙන්වාදීම ගැන ස්තුතියි වගේම මින් ඉදිරියට ඒවා හදාගන්නම්..

      කාලෙකින් මහත්මයාගේ බ්ලොග් අඩවිය පැත්තේ එන්නත් බැරිවුනා.. බ්ලොග් අඩවි කිහිපයක් එකට ගොනු කිරීමෙන් පස්සෙ මට පොඩ්ඩක් පැටලිලි සහිතයි..

      ඔබටත් ජේසු පිහිටයි...

      Delete
  13. මේ කෙටි ආසනවල ඉඳන් කෑවා කියන එක මටත් අලුත් දෙයක්, අදමයි ඇහුවෙ..

    අර පල්ලියෙ මිනිස්සුන්ව බෙදලා තිබුන හැටි දැක්කම් ඇත්තටම ඒක පල්ලියක්ද කියලා හිතුනා.. මොන කාලෙත් මිනිස්සු ආගම අදහන්නෙ තමන්ට ඕනා විදිහට, තමන්ට වාසි විදිහට කියන එකට ඒක හොඳ නිදසුනක්..

    ReplyDelete
    Replies
    1. ඉතිහාසඥයෝ කියන හැටියට ඒම තමයි...

      "යේසුස්වහන්සේ පිලිබඳව වූ චිත්‍රපටවල අර මුදල් වංචා කරන හොරු සහ වෙලෙන්දන් මාලිගයෙන් පන්නා දමන අයුරු දුටුවා." දැන් කාලෙත් බෙදලා බෝඩ් ගහලා නැති වුනාට ඔය ගතිය නම් ටිකක් තියෙනවා කියලත් හිතෙනවා..

      ඒකනෙ "අද අපේ බංකු පේළියෙ වෙන කවුද වාඩිවෙලා"
      "එයා මොකද අද මේ පැත්තට ආවෙ" කතා ඇහෙන්නෙ.. සමහරු හිතන් ඉන්නෙ පල්ලියෙ බංකු කියන්නෙ තමුන්ගෙ සින්නක්කර බූදලයක් කියලා..

      Delete
  14. මේ කතාව ආපහු කියවන්න ලැබීම සතුටක් හරී..ඔයාගේ විශ්ලේෂන වල අමුතු අපූර්වත්වයක් තියෙන්නෙ ලංකාවේ පරිසරයත් එක්ක සසඳලා ලියන නිසා වෙන්න ඇති..

    සීරිස් එක අවසානේ බයිබලේ කතා හතරේ වෙනසත් කියන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ජීවිත කතාව කියන ගමන්ම ඒවට ඈදිලා වර්තමානයේ තියෙන සිද්ධි ටිකත් කියලා දැම්මාම ආයෙ ඒවා අමුතුවෙන් ලියන්ඩ ඕන නෑනෙ.. :)

      අනිවාර්‍යෙන් කියන්නම්..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...