ඔන්න එක්තරා යුනිවර්සිටි එකක ළමයි කට්ටියක් බරටම උද්ඝෝෂණයක්ලු. මේ ළමයින්ගේ උපාධිය සල්ලිවලට විකුණන්න යන එක තමයි උද්ඝෝෂණයට හේතුව වෙලා තියෙන්නෙ. උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ අදාළ පෞද්ගලික උපාධියේ සමාරම්භක උත්සවේදිලු.
ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.
මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා හිමීට මාරුවෙමු."
"ශේප් එකේ යමාන්. මෙතන හිටියොත් කන්නයි වෙන්නෙ."
දෙන්නා මොකුත් නොදන්න උන් වගේ ටිකක් මෙහාට උනාලු. ඊටපස්සෙ තොල්පටවල් තද කරගෙන එකෙක් අනිකට මෙහෙම කියනවලු. "ඔය එන බස් එකේවත් එල්ලෙමු. අඟුලාන බස් එකක්නෙ."
කොල්ලො දෙන්නා බස් එකේ එල්ලෙනවා. බස් එක අද්දනවා.
"මල්ලිලා කොහාටද?"
"අඟුලානට දෙකක් දෙන්න අයියෙ."
"අයියෝ මල්ලි වැරදි පැත්තෙන් නැගලා තියෙන්නෙ. පාරෙන් පැනලා එහා පැත්තට යන්ඩ. මේක යන්නෙ කිරිබත්ගොඩට"
"එහෙනම් කිරිබත්ගොඩට දෙකක් දෙන්න."
ඉතුරු ටික ඉතින් කියන්න ඕනෙ නෑනෙ.
ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.
මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා හිමීට මාරුවෙමු."
"ශේප් එකේ යමාන්. මෙතන හිටියොත් කන්නයි වෙන්නෙ."
දෙන්නා මොකුත් නොදන්න උන් වගේ ටිකක් මෙහාට උනාලු. ඊටපස්සෙ තොල්පටවල් තද කරගෙන එකෙක් අනිකට මෙහෙම කියනවලු. "ඔය එන බස් එකේවත් එල්ලෙමු. අඟුලාන බස් එකක්නෙ."
කොල්ලො දෙන්නා බස් එකේ එල්ලෙනවා. බස් එක අද්දනවා.
"මල්ලිලා කොහාටද?"
"අඟුලානට දෙකක් දෙන්න අයියෙ."
"අයියෝ මල්ලි වැරදි පැත්තෙන් නැගලා තියෙන්නෙ. පාරෙන් පැනලා එහා පැත්තට යන්ඩ. මේක යන්නෙ කිරිබත්ගොඩට"
"එහෙනම් කිරිබත්ගොඩට දෙකක් දෙන්න."
ඉතුරු ටික ඉතින් කියන්න ඕනෙ නෑනෙ.
දැං කාලේ කැම්පස් ළමයින්ට උද්ඝෝෂන වචනේ ඇහුනත් ඇති චූ යන්න. උංගේ කොන්ද කඩලා තියෙන්නේ
ReplyDeleteඒක ඇත්ත. වැඩේ කියන්නෙ අනිත් පැත්තෙ එකත් උද්ඝෝෂණ කරපු එකෙක්නෙ.
Deleteහැක් ,කියන්න දේ තිබ්බත් නොකියා යන එක හොදයි ...
ReplyDelete:)
Deleteඅපෝ හරී උබ පිකටින් වලටත් බයයිද බං... වැඩක් නෑ.. :)
ReplyDeleteමම මේකට ගියෙ නෑ බං. තේරුමක් නැති වැඩක් කියලා හිතිච්ච හින්දා. එවලෙ මම එහෙම කිව්වම නම් උන් මාව කන්න වගේ හිටියෙ. හැබැයි පස්සෙ තේරුනා මම හරි බව.
Deleteකැම්පස් එවුන් එච්චර බයද!
ReplyDeleteබය? මොන බයද? උපක්‍රමික පසු බැස්ම. :)
Deleteමඩකලපුව පැත්තේ ඉස්කෝලෙක ළමයි උද්ඝෝෂණයක් පටන් ගත්තා. ක්‍රිකට් මැච් එකකදී බැට් වලින් විකට් පොලු වලින් ගහගත්ත ළමයි වගයක් පොලීසියෙන් අල්ලාගෙන ගිය නිසා ඒ අය නිදහස් කරන්න කියලයි උද්ඝෝෂණය. ගෑණු ළමයිනුත් උද්ඝෝෂණයට එක්වුණා. 'අපේ ශිෂ්‍යයෝ දියව්' කියලා තමයි කෑගහන්නේ. නමුත් එයාලගේ සිංහල උච්ඡාරන ප්‍රශ්න නිසා කියවෙන්නේ, 'අපේ චිච්චියෝ දියව්' කියලයි.
ReplyDeleteමේකට නම් ඉල ඇදෙනකම් හිනා උනා.. :D :D
Deleteහපොයි විප්ලවේ...
ReplyDeleteවිප්ලවේටත් වඩා බස් එකේ ගිය උන් මුන් ගැන මොනා හිතන්ඩ ඇතිද කියලයි කියන්ඩ ඕනා උනේ.
Deleteඔය වගේ සටන්කාරයෝ ඉන්නකම් පාලකයින්ට හොද ඇති.
ReplyDeleteමේකෙ ජෝක් එක බස් එකකට නැඟලා ඒක යන ඕනෑම තැනකට ටිකට් ඉල්ලීමයි.
Deleteඔක්කොම විප්ලවකාරයො ඔහොම වෙන්න ඇති නේද ? විප්ලවේ අවුල්නම් හම්බෙන ඕනෑම බස් එකක නැගලා යනවා..
ReplyDelete:) මොන විප්ලවේදීත් මඟ අරින්නො පාවාදෙන්නො ඉන්නවා..
Deleteහැබැයි මෙතනදි නම් කියන්න උත්සාහ කළේ ටිකට් ගැනීමේ ජෝක් එක.
කාලෙකින් මේ පැත්තෙ ආවෙ... පසුබිම් රුව වෙනස් වෙලානේ... චාම්.. ලස්සනයි.
ReplyDeleteස්තුතියි. ඒ කියන්නෙ අක්කා හුඟ කාලෙකින් ඇවිත් නෑ..
Deleteනියම කතාව. පෙරලුන පිට හොඳයි කියනවා
ReplyDeleteමුං දෙන්නා බස් එකෙන් බහින්න බයේ.. :)
Delete//එහෙනම් අතනට දෙකක් දෙන්න //
ReplyDeleteමං හිතුවා උබ කෑල්ලගෙන් කිස් දෙකක් ඉල්ලුවා කියලා.
අපේ හරි, අපිට අරී
ReplyDeleteමම කලින් වැඩ කරපු තැනක හිටියා රීටා කියලා වයසක ගෑනු කෙනෙක්. බැඳලා නෑ.. ඉතින් අපි කිව්වේ "රීටා කෙලී" කියලා. එයාටත් අපි මේ වගේම කිව්වා "රීටා කෙලී, අපිට කෙලී "කියලා.. හෙහ් හෙහ්
Deleteඑතකොට අපි කියනවා මෙහෙම..
Deleteඅපෙ සෙන්නා
රීට ට ඇන්නා
ඕ යේස් !!
ඔක්කාරෙට ආවා බොල මේක දැකලා.. එතකොටත් හැටට කිට්‍ටුයි රීටා කෙලීට... :D
Delete@Anonymous,
Deleteඅයියෝ මචං උඹ පෝස්ට් කීපෙකම එකම කමෙන්ට් එක දදා යනවනෙ.
පත්තර මල්ලි, සෙන්නා,
:D
දැන් කොහොමත් උද්ගෝශණ වෙනවනම් ඔහොම මාරු වෙලා යන එකම තමා හොද..
ReplyDeleteදැන් කාලෙ උද්ඝෝෂණ ඉවරවෙන්නෙ එකෙක් දෙන්නෙක් වලපල්ලට ගිහින්නෙ.. හැබැයි එතකොට නෑයන්ට මාමාගෙන් තෑගි ලැබෙනවා.
Deleteහපොයි මෙහෙමත් බයගුල්ලෝ. පිරිමි ලමයි ගෑනු ලමයින්ට වඩා බයයි කියන එක මේ කතාවෙන් ඔප්පු වෙනවා...:D
ReplyDeleteපොලෝසිය නෑවිත් කැරපොත්තෙක් හරි මකුළුවෙක් හරි ආවා නම් බලාගන්න තිබ්බා. :D
Deleteස්තුතියි! අනිත් සින්ඩිවලට සාපේක්ෂව මේකෙ තියෙන වෙනස මොකක්ද? තවත් එක සින්ඩියක් නම් වැඩක් නැතිවෙයි.
ReplyDeleteහික්ස්.. කනවට වඩා මාරු වෙන එක සැපයි
ReplyDeleteඒකත් ඉතින් වැදගත් විදිහට කරන්න එපායැ..
Deleteඔය ගිය දෙන්නාගෙන් එක්කෙනෙක් හරී ද? :P
ReplyDeleteහපෝයි නෑ..
Deleteසමහර වෙලාවට රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕන නිසා හරීට යාළුවටයි වුනු වැඩේට මම නං හිනා වෙන්නෑ ඔන්න..
ReplyDeleteහොහ්.. හෝ.. මම ඔය උද්ඝෝෂණයට ගියෙ නෑ අක්කේ.. බොරු වැඩක් කියලා නිකම් හිටියා.. මොරාල් අප් වෙච්ච එවුන් මාව කන්න තරම් තරහෙන් හිටියෙ.. පස්සෙ එක එකාගෙ පන්ති තහනම් වෙන්ඩ ගත්තමයි උඩ බැච් වල අය තමුන්ව කඩේ යවපු බවයි තේරෙද්දි උන්ගෙ තරහා මරහා අමතක උනා..
Deleteඉතින් දෙන්නත් එක්ක කිරිබත්ගොඩ ගියාද? :)
ReplyDeleteමම හිතන්නෙ කිරිබත්ගොඩටම ගිහින් නෑ මගින් බැහැලා..
Deleteබයගුල්ලෝ
ReplyDeleteපොහ්.. බය??? උපක්‍රමික පසුබැස්ම..
Deleteඑන්නාම්..
ReplyDelete