පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල්
ලංකාවෙ වතුවල වැවෙන පොල්
එහෙම කිව්වෙ එම්. එස්. නෙ. අද මම මේ කියන්න යන්නෙ පොල් ගැන නම් නෙමෙයි පොල් කැඩිල්ල ගැන. මෙහෙම පෝස්ට් එකක් ලියන්න නම් හිතාගෙන හිටියෙ නෑ. ඒත්
ඊයෙ පෝස්ට් එකේ කමෙන්ට් එකකින් ප්‍රසන්න අයියා පොල් කැඩීමක් ගැන මතක් කළාට පස්සෙ පොල් කඩන ක්‍රම නම් කොච්චර තියෙනවද කියලා හිතුනා. ඉතින් ඔන්න ඒ ටික ලියන්නයි මේ හදන්නෙ. ඊයෙ
පොල්ගස් ගැලෙව්වා. අද පොල් කඩනවා. හෙට පොල් ගහන්න වෙයිද මන්දා? ආහ්..
පොල් ගැහිල්ලක් ගැනත් මම ලිව්වා නේද?
ඔන්න මුල්ම පින්තූරෙ තියෙන්නෙ බිම ඉඳලා ගෙඩි කඩන්න පුළුවන් පොල් ගහක්. අවුරුදු දෙක හමාරෙන් පීදෙනවා කිව්වෙත් මේ ජාතියෙ එකක්නෙ. මට කනින් කොණින් ඇහිච්ච විදිහට ඇත්තටම පොල් පර්යේෂණායතනය විසින් නිපදවපු ඉක්මණින් ඵලදරණ මේ වගේ කුඩා ගස් තියෙනවලු. ඉක්මණින් ඵලදැරුවට මේ ගහක ආයු කාලය අවුරුදු දොළහක් විතර කියලා කවුදෝ කිව්වත් මතකයි වගේ. කොහොමහරි මේ ගස්වල පොල් ආවොත් අතින්ම කඩා ගත්තැකි. විශේෂ ක්‍රම ඕනා නෑනෙ.
සාමාන්‍ය ගහක පොල් කඩන්න බහුලව යොදාගන්න ක්‍රමය තමයි කවුරුහරි මනුස්සයෙක්ව ගහකට ඇරලා පොල්ටික කඩවන එක. ඕක ඉතින් අමුතුවෙන් කියන්න ඕනයැ. මේකට ඉතින් "පොල් කඩනවා. තැඹිලි බානවා" කිය කිය යන මනුස්සයෙක්ව වගේම ගමේ ඉන්න පලපුරුදු පොල් කඩන මනුස්සයෙක්ව යොදාගන්නත් පුළුවන්. හැබැයි දැන් දැන් මේ දෙගොල්ලොම හිඟ බව අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. එහෙම ඉන්න පලපුරුදු මනුස්සයට උනත් පොල් කඩාගන්න එන්න කියලා වඳින්නෙ නැති ටික විතරයි. ඒ විතරක් නෙමෙයි ගහට නැග්ගම පැහෙන්න ඔන්න මෙන්න එව්වාත් තියලයි බහින්නෙ. මොකද ආයෙ ඉක්මනට පොල් පැහුනම මිනිහට ආයෙම ගාන කැඩුවැකිනෙ. ඒ මදිවට ගහ සුද්ද කරන්න පොල් අතු කපන්න වෙන මොකුත්ම වැඩ බෑ. එව්වා කිව්වොත් නෑහිච්ච ගානට ගහෙන් බහින්නෙ. ඒත් අන්තිමේදී ගාන නම් සැරයි. පොල් කැඩුවට පොලුත් දෙන්න ඕනා. "උඩ වැඩ කරන මිනිස්සුනෙ. ඒකයි ඔය හැටි ගණන්" කියලයි තාත්තා නම් කියන්නෙ. ඔන්න වලල්ල දාගෙන පොල් කඩන මනුස්සයෙක්ව දැකලා නැති අයට බලාගන්නත් එක්ක පින්තූරෙකුත් දැම්මා.
|
කෙක්කක් අතින් ගත් පොල් කඩන්නා.. (මෙතනින්) |
ඊළඟ ක්‍රමය තමයි කෙක්කක් භාවිතයෙන් පොල් කැඩීම. පොල් ත්‍රිකෝණය ආශ්‍රිත පැතිවල බොහෝ දුරට පොල් කඩන්නෙ කෙක්කක් භාවිතා කරලා. හලාවත වගේ පැතිවල පොල් කඩන මිනිස්සු ගෙයින් ගෙට යන්නෙ ලොකු කෙක්කකුත් අරන්. ඒ පැතිවල පොල්ගස් අමතර වගාවන්ගේ ආධාරක විදිහටත් යොදාගන්නවා. උදාහරණ විදිහට කිව්වොත් ගම්මිරිස් වැල් එහෙම යවනවා. කෙක්ක කොක්ක අඳුරන අය උනත් පොල් ත්‍රිකෝණය නොදැන ඉන්න පුළුවන්. පොල් ත්‍රිකෝණය කියන්නෙ ලංකාවේ බහුලවම පොල් වගාව පැතිර තියෙන කොළඹ, පුත්තලම, කුරුණෑගල අතර කලාපයටනෙ. මේ කෙක්ක පාවිච්චි කරලා කොච්චර උස ගහක උනත් පොල් ඔළුවට නොවැටී කඩාගන්න මේ අයට පුළුවන්.
මම ඉතින් නිකමට අල්ලපු රටේ පොල් කඩන හැටි බලද්දී තමයි මේ ක්‍රමවලට අමතරව ගහ දිගේ නොනැග ඉනිමගකින් ගහට නැගලා පොල් කඩන ක්‍රමයකුත් තියෙන බව දැක්කෙ. ඉන්දියාවෙ කේරළය තමයි පොල් වලට ගොඩක්ම ප්‍රසිද්ධ. අපේ අයටත් මතක් ඇතිනෙ කේරළේ පොල්.
ඉන්දියාවට ගිය ගමන් පිලිපීනයටත් ගියා. එහෙ පොල් කැඩිල්ල පහසුවෙන්න පොල්ගස්වල කට්ටා කපලා තියෙනවා කියලා ඇහුවම මතක් උනේ අපේ රටේ අතුර. රා මදින්න ඇරුණුකොට පොල් කඩන්න අතුරු බඳින බවක් නම් මම අහලා නෑ.
ඊටපස්සෙ තායිලන්තයට එබිලා බැලින්නම් එහෙ පොල් කඩන්න වෘත්තීමය වඳුරු හාමිලා ඉන්න බව දැක්කා. මේක නම් එච්චර අමුත්තක් නොවුනෙ අහල පහළ පොල් වත්තක පොල් කඩන්නෙ වඳුරෙක් බව අහල තිබ්බ නිසා. මට හිතෙන හැටියට පොල් කඩන්න වඳුරො යොදාගන්න එක ගොඩක් වාසි ඇති. මොකක්ද ගස් නැගලා හොඳට පුරුදු කට්ටියනෙ. මනුස්සයා ගහ යටට යද්දි වඳුරා මුදුනට නැගලත් තියෙයි. ඒත් ඔක්කොම පොල් නොකඩා පැහිච්ච ගෙඩි විතරක් කඩන්න හුරු කරවන්නේ කොහොමද කියන එක නම් මට තේරුම්ගන්න අමාරුයි. කොහොම උනත් සාමාන්‍ය මිනිහෙක් දවසකට පොල්ගස් 50කට නඟිනවනම් වඳුරට පුළුවන්ලු 500කට නඟින්න.
තායිලන්තය, ඉන්දුනීසියාව, ලංකාව වගේ රටවල් ආදර්ශයට අරන් ඉන්දියාවෙ කේරළෙත් වඳුරො යොදාගන්න තීරණය කරලා තියෙන බව ලියවෙච්ච ලිපියක් මම දැක්කා. ඒත් ඒ ව්‍යාපෘතියට වඳුරන්ගේ මානව හිමිකම් සුරකින සංවිධාන විරුද්ධ උනාලු. වඳුරන්ගෙ මානව හිමිකම් හොඳේ. ඒත් ව්‍යාපෘතියෙ නියමුවො නම් කියලා තියෙන්නෙ අලි ලව්වා කොට අදින්න පුළුවන් නම් හරක් ලව්වා කුඹුරු හාන්න පුළුවන්නම් වඳුරො ලව්වා පොල් කැඩුවම මොකෝ වෙන්නෙ කියලා.
ඒ කොහොම වෙතත් වේගයෙන් සිදුවෙන තාක්ෂණික දියුණුවත් සාක්ෂරතාවයේ වැඩිවීමත් එක්ක පොල් කඩන්නන්ගෙ ලොකු හිඟයක් ඇති වේගන යනබව කලිනුත් කිව්වනෙ. වඳුරොත් ඉතින් ඇතිතරම් නෑනෙ පුරුදු කරලා ගන්න. මීට විසඳුමක් විදිහට තමයි බොහෝ දෙනා පොල් කඩන උපකරණ නිපදවීමට උනන්දු වෙලා තියෙන්නෙ. මේ විදිහට නිපදවපු උපකරණ රාශියක් ගැන විස්තර ඕගොල්ලො ගොඩදෙනෙක් අහලත් ඇති. ඒත් මේ අතරින් එක උපකරණයක්වත් පාවිච්චි කරන පොල් කඩන්නෙකුවත් අඩුම තරමින් ගෙදරක පාවිච්චි කරනවා වත් මම නම් දැකලා නෑ. මේ පෝස්ට් එක ලියද්දිත් මම ජාලෙ බැලුවා ඒ වගේ උපකරණ වල වීඩියෝ. ඒවල මම දැකපු ලොකු අඩුපාඩුවක් තමයි සංකීර්ණ බව. දුරස්ථ පාලකයින් ක්‍රියාකරන සමහර උපකරණ හැසිරවීමට ලොකු පලපුරුද්දක් අවශ්‍ය බවත් ඒ උපකරණය ගහෙන් ගහට සවිකිරීමට කාලය ගතවෙන බවත් දැක්කා.
සමහර උපකරණ තිබ්බා ගහට කෙනෙකුට ලේසියෙන් නගින්න උදව්වෙන්න. ඒවා වලින් සාර්ථකම එකක් විදිහට පින්තූරෙ තියෙන උපකණය තමයි දැක්කෙ. සමහර එව්වා හදලා තිබ්බ විදිහට ගහකට තියලා සවි කරන්න ගියාම ගස් දහයකට නඟින කාලෙ යනවා. ඒ ඔක්කොටමත් වඩා පොල්ගස් නැඟීමේ පාඨමාලා තියෙන බවත් දැක්කනෙ.
මම දන්න ක්‍රම නම් ඔච්චරයි.
ඔය උපකරණ මෙහාට හරියන්නේ නැහැ.
ReplyDelete1. මිල අධිකයි. හේතුව ආනයන බදු. ඊළඟට ඔව්වට වාර්ෂික බලපත්‍ර සහ තවත් බදු වදියිද මන්දා මේ 'බදු රජය' යටතේ.
2. ඔවැනි උපකරණ වලට අපේ සාම්ප්‍රදායික පොල් කඩන්නන් හුරු කරවන්න අමාරුයි. ඔවුන් තමන් දන්නා දෙයින් එහාට හිතන්න කැමති නැහැ. ඔවුන් මේවා ගැන විශ්වාසය තබන්නෙත් නැහැ.
3. මම හිතන්නේ උනන්දු කරවීම තුලින් අපේ රටේ මෙවැනි තවත් යන්ත්‍ර නිපදවන්න පුළුවන්. පැසුණු පොල් ගෙඩි තෝරා කඩන රොබෝවෙක් හැදුවත් නිෂ්පාදන වියදම, නඩත්තු වියදම, කඩන පොල්වලින් ලබන ආදායම අනුව පාඩු විය හැකියි.
මම අපේ ගෙදර තියන පොල්ගස් දෙකතුනේ පොල් කඩන්නේ අර උණලී පොල් කෙක්කකින්.
1. ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි බලු කුක්කට මොන බදුද අනේ
Deleteතනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ
මෙහෙම කියන්ඩ වෙන කාලයක්වත් එයිද මන්දා ඉස්සරහට.. මම දැකපු ගොඩක් නව නිපැයුම් වල තිබුනු අඩුවක් තමයි මිල අධික කම. අහල පහළ තියෙන නර්ඩ් ආයතනයේ හදන නිර්මාණ වලත් මිල සාමාන්‍ය මනුස්සයෙකුට දරන්න බැරි තරම්.. කාලයත් සමඟ භාවිතා කිරීමේ වාසි තියෙනවා තමයි.. ඒත් දුප්පත් මනුස්සයෙකුට මූලික වියදම දෙන්නෙ කවුද?
2. ලංකාවෙ නවීන සොයාගැනීම් භාවිතයට ඇති නැඹුරුතාවය ගොඩාක්ම අඩුයි.. උදාහරණයකට කිව්වොත් දර ලිපක උයන කෙනෙක් කොච්චර කාර්‍යක්ෂම ලිපකට උනත් හුරු කරවන්න අමාරුයිනෙ..
3. බලන් යනකොට මිනිස්සු ලව්වා කඩවන එකම තමයි වාසි..
//මම අපේ ගෙදර තියන පොල්ගස් දෙකතුනේ පොල් කඩන්නේ අර උණලී පොල් කෙක්කකින්.// ඇයි විචාරක මහතම්යාලගෙ ගේ අහල පහල වඳුරො ඉන්නවා කිව්ව නේද? කියවලා කඩවා ගන්නකො.. :)
ඒ පැත්තෙ සාමාන්‍යෙන් කඩන්නෙ කෙක්කෙන් නේද? ගහකට කීයක් විතර ගන්නවද?
හුහ්..........පොල් ගහකට නැගලා කඩන්න එක ගහකට රු 60 ක් ඉල්ලනවා. අම්මපා මටත් හිතෙනවා ඒ කාලෙම පොල් කඩන්න ගියානම් හොඳයි කියලා.
Deleteගේ ළඟ ඉන්න රිලව්. අම්මපා උන්නම් ගිය ආත්මේ ඉඳලා අපේ හතුරෝ වෙන්න ඇති. ඒකයි උන් අපේ වත්තේ හැමදේම කාලා දාන්නේ.
නෑයොනෙ ඉතින් බලන්න එන්නෙ? :D
Deleteපොල්ගස් නගින පොරට කරන කන්නලව්ව හරි ගාතාව හරි යාඥාව හරි මාත් ඉගෙන ගන්න ඕනේ. අපිට පොල්ගස් නැති නිසා දැන් ඒ වදේ නෑ. නමුත් එක කාලයක් තිබ්බා මට පොල්කඩන පොරවල් හොය හොය වැඳ වැඳ පස්සෙන් යන්න වෙච්ච. පුදුම ආඩම්බරකමකුයි, වෘතීය ගෞරවේකුයිනේ බං තියෙන්නේ. ඇත්තෙන්ම අනිත් රස්සාවල් කරන උන්ට සෙමිනා තියන්න සම්පත් දායකයෝ හැටියට ගෙන්නගන්න ඕනේ අන්න ඒ පොරවල්.
ReplyDeleteඇයි බං ඒක කොච්චර "උස"ස් රස්සාවක්ද! පොඩ්ඩක් වැන්දත් මොකද!
DeleteHenry Blogwalker,
Deleteඅපේ ගෙදර නම් තාත්තා තමයි වඳින්න යන්නෙ.. අපේ දුරින් නෑයො වෙන මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයාවවත් කැඳගන්න බෑනෙ වඳින්නෙ නැතුව.. ඇහුවම කියන්නෙ මට ලොකු වත්තක කඩන්න යන්න ඕනා කියලා.. කඩන වත්තකුත් නෑ.. කොයිවෙලේ බැලුවත් තේ බිබී පත්තරේ බලනවා..
රාජ්,
ඒක නම් ඇත්ත එයාලා උඩ වැඩනෙ කරන්නෙ.. අහලා බලන්න ඕනෙ ගස් නඟින ටිකට කියන පම්පෝරි කතා..
පොල් කඩනවා... තැඹිලි බානවා... ගස්වල අතු කපනවා... ළමයි බය කරනවා...
ReplyDeleteඅර පොල් ගස් නගින උපකරණයක් හොයාගත්තානං පොඩි ස්වයං රැකියාවක් පට්ටාං ගන්ට තිබ්බා.. වෙන ජොබ් එකක් කරන්ට ඕන වෙන එකකුත් නෑ මගෙ හිතේ, අද කාලෙ පොල් ගහකට නගින්ට ගන්න ගානෙ හැටියට.. :-D
"තැඹිලි බානවා" නෙමේ බන් "තැඹිලි බොනවා" එහෙමයි උන් කෑ ගහන්නේ...
Deleteදෙන්නම වැරදියි. ගස්වල අතු කපනවා, තැඹිලි බොනවා, බල්ලො නාවනවා, කොල්ලො සෙට් කරනවා, හිරමණතල පීරි ගානවා, ළමයි බය කරනවා, මිරිස්ගල් කොටනවා, ගෑණුන්ගෙ හැට්ටෙ කට්ට ගහනවා.. ......
Deleteඅපේ පැත්තෙ නම් ගහකට 75ක් විතර වෙනවා. දවසකට 10කට නග්ගනම් 750යි. තව පොල් ගෙඩි දෙකක් විතර ඉල්ලගෙන කඩේට දුන්න නම් තව 100ක් හොයාගත්තැකි. පැයකින් දෙකකින් 850ක් විතර.
ඉතාලි නාවනං උඹලගෙ වත්තෙ පොල් ටික මටම කඩල දෙන්න තිබුනා :D
ReplyDeleteඋඹ මෙහෙ ඉන්නකොට පොල්ද කැඩුවේ? :D
Deleteඅපි පොඩි කාලේ අපේ පොල් කඩන්න ආවේ පීතර කියලා මනුස්සයෙක්. අපි කිව්වේ පීතර මාමා කියලා. අපි හිතන් හිටියේ පොල් කඩන හැමෝටම කතා කරන්නේ ඒ නමින් කියලා. වෙන මනුස්සයෙක් පොල් කඩන්න අවත් අපි කෑ ගැහුවේ "අම්මේ මෙන්න පීතර මාමෙක් ඇවිල්ලා කියලා"
ReplyDeleteතව ක්‍රමයක් තියනවා, ඒ තමා ගහ කපලා පොල් ටික ලබා ගැනීම.
පොඩි කාලෙ සුන්දර මතකයක්නෙ සෙන්නා. ඒ කාලෙ අපි ලෝකෙ ගැන දැනගෙන හිටියෙ කොච්චර පොඩ්ඩද? හැබැයි ඒ කාලෙ නම් කවදාවත් හිතුනෙ නෑනෙ එහෙම. අපි ඔක්කොම දන්නවා කියලනෙ හිතෙන්නෙ..
Delete//තව ක්‍රමයක් තියනවා, ඒ තමා ගහ කපලා පොල් ටික ලබා ගැනීම.//මේකත් හොඳ ක්‍රමයක්.. අහ්දැකීමෙන් කියන්නෙ.. එකපාරක් අපේ වත්තෙ මුරුංගා ගහක් උසටම හැදිලා කරල් පිරිලා කඩාගන්න විදිහක් නෑ.. ගත්තා පොරව කැපුවා ගහ.. :D
මෙහෙමත් පුළුවන්. රෑට පොල් ගහ නිදාගෙන ඉද්දි හොරෙන්ම ගිහින් කඩාගන්න ඕනෙ.. ගසුත් නිදාගන්නෙ බිම දිගාවෙලා නේද? :)
සෙන්නා මමත් පොඩි කාලේ ඔහොම තමා හිතාගෙන හිටියේ. අපේ ගමේ පොල් කඩපු කීප දෙනෙක්ටම කතා කරන්නේ බණ්ඩාරේ කියලා. මම පොඩි කාලේ හිතුවේ පොල් කඩන අයට කියන්නේ බණ්ඩාරේ කියලා. තව ආවා මනුස්සයෙක් කුඩ හදන, සෙරෙප්පු මහන මිනිහට කීවේ "අබද්දා" කියලා. මම හිතුවේ ඒ හැමෝටම කියන්නේ ඒ නම කියලා.
Deleteඉස්සරනම් ඔය එක එකාගේ රැස්පොට් බලන්නේ නැ. වළල්ලක් නැතුව උනත් සුරුස් ගාලා ඕන ගහකට නැග ගන්න පුළුවන්. දැන් ඉතින් කඳ කෑල්ල බර වැඩි. පොළොවේ පයින් යන්නෙත් අමාරුවෙන්.
@ නිශාන්ත,
Deleteඑහෙනම් ඒක අපිට විතරක් තිබුන ලෙඩක් නෙමේ වගේ.. ඔහොම තව එකක් අපි කිව්වා. ඒ තමා හිගන්නන්ට. හිගන්නෝ ඇවිත් කතා කරන්නේ "නෝනා, පිනට යමක් දෙන්න" කියලනේ.. ඉතින් අපි හිගන්නට කිව්වේ "නෝනෙක්"කියලා. අන්න නෝනෙක් එනවා, නෝනෙක් ඇවිල්ලා.. ඔන්න ඔහොම... හිනා යනවා අප්පා මතක් වෙනකොටත්...
@ හරී,
හැබෑම නේන්නම්. ඒක අමතක වුනානෙ.. ප්ලේන් වලට තීන්ත ගාන්නෙත් ඔය වගේ ක්‍රමයකටම තමා.. එක පින්සල්පාරයි, ගේම ෆිනිශ්..
@itnishantha,සෙන්නා,
Deleteනිශාන්තගෙත් සෙන්නාගෙත් කමෙන්ට් කියෙව්වට පස්සෙ පොඩි කාලෙට ගියා වගේ.. ඉස්සර එක එක දේවල් දැනගන්න තිබ්බ කුතුහලය වගේම පොඩි මනසින් කරපු උපකල්පනත් මතක් උනා.. නෝනෙක්.. :D
තීන්ත ගාන වැඩේ නම් මාරම ලේසිනෙ.. ඔය වගේම වැඩක් තමයි ටෝච් එළිය දිගේ හඳට යන එක..
අර පොල් ගහේ නගින්නේ ඔයාද? :D
ReplyDeleteමට හිතෙන්නේ පොල් ගහන්ට වෙන්නේ ඔය දෙන්නා බඳිනදාට...
මට පොල්ගස් නඟින්න බෑනෙ..
Deleteබඳිනදාට පොල් බිඳිනවා මිසක් ගහන්නෙ නෑනෙ.. :)
පොල් ගැන ලස්සන කතාවක් නේ ලියලා තියෙන්නේ
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
ඒ පැත්තෙ එන්නම්කෝ..
Deleteඅපේ පැත්තෙ නං පොල් කඩන්නන් එමට. කිසිම හිඟයක් නෑ. දවස ගානෙ වගේ එනව ගෙවල් වලට. නමුත් ගාන ටිකක් සැරයි.
ReplyDeleteඅපේ පැත්තෙ 75යි. අපේ පැත්තෙ නම් හිඟයි. ඒත් අපි කෙනෙක්ව පුරුදු කරන් තියෙන්නෙ මාස දෙකට විතර සැරයක් එන්න. හැබැයි මිනිහා එනදාට කඩන්නම ඕනා. පස්සෙ එන කියලා කිව්වොත් ආයෙ අල්ලනවා බොරු.
Deleteඅපිනම් පොල් කඩවපු කාලයක් මතක නෑ දැන්.. අර මම උඩ කියපු විදිහට තමා අපි පොල් කැඩුවේ ඒ දවස්වල ..ඉතින් දැන් එක ගහක්වත් නෑ... හෙහ් හෙහ්...
Deleteදැන් රු. 50 යි කලටි පොල් ගෙඩිය... ලාබයි නේද ?
සෙන්නා,
Deleteවැඩේ කියන්නෙ අපේ පොල් කඩේට දෙන්න ගියාම ගන්න හදන්නෙ 20ට 30ට.
හපොයි පොල් කැඩිල්ලක් ගිය දුර.
ReplyDeleteදැං පොල් ගහක නගින්න මේ පැත්තෙනං රුපියල් 50 ක් විතර ගන්නව. මැෂින් කොහොම වෙතත් අර වඳුරො පුරුදු කරන වැඩේ කරගන්න පුලුවන්නං හරි.
අපේ වත්තෙ තියෙන පොල්ගස් ගොඩක් පරණ ගොඩක් උස ඒව හින්ද හොඳටම නගින්න පුලුවං එකෙක් ඇර ඒ ගස්වල නගින්නෙ නෑ.
අපේ පැත්තෙ 75යි. වඳුරො පුරුදු කිරිල්ලෙන් නම් ඉක්මනට කඩාගන්න පුළුවන් වෙයි. අපේ ගෙදර ඒකේ අනිත් පැත්ත. ගස් මහතයි කියලයි බෑ කියන්නෙ. අපේ ගෙදර තියෙන ගස් පොල්ම නෙමෙයි 'රන් තැඹිලි' කියලා ජාතියක්. ගහේ මුල ඉඳන් අගටම සාමාන්‍ය ගස් දෙකක් තරම් විතර මහතයි. බදන්න අමාරුයි කියලා සමහරු බෑ කියනවා..
Deleteවෙලාවකට මටත් හිතෙනවා බං පොල් කඩන කෝස් එකක් තැපෑලෙන් කරන්න. ඇයි වදේ පොල් කඩන එකාට එන්න කිව්වට ඌ එනකොට වල්ලම බිමට වැටෙනවා..
ReplyDeleteඋන්ගෙ උප්පරවැට්ටියක් තියෙනවා හරියට කියල නොකැඩෙව්වොත් ලාවට පැහිච්ච වල්ලක් තියලයි බහින්නෙ. ඉතින් මාසයක් යන්න ඉස්සර ඒක වැටෙන්න ගත්තම ආයෙ කතා කරන්න වෙනවනෙ..
Deleteඅපේ ගමේ හිටියා යකා මහත්තයා කියලා කොල්ලෙක්.. මිනිහා අපේ උසම උස පොල් ගහට නැගලා (ඒක අඩි සීයක් විතර උස ඇති) ඒකෙ පොල් අත්තකට කකුල් දෙක දාල ඔලුවෙන් පහලට එල්ලිලා ඉන්නවා. අම්ම කොච්චර පොල් නැති උනත් එයා පොල් කඩන්න්න එක්කන් එනවාට කැමති නෑ.
ReplyDeleteඅම්මා හරි. මිනිහා වැටුනොත් නග්ගපු එකා වග කියන්න ඕනා මම හිතන්නේ..
Deleteසරත් ලංකාප්‍රිය,
Deleteමිනිහා නම් යකෙක්නෙ.. අපේ පැත්තෙත් හිටියා අපි අඬගහගන්නෙ නැති මනුස්සයෙක්. මිනිහට මීමැස් මොරය හැදෙන නිසා. අනික අපේ ළඟින් ළඟින් තියෙන පොල්ගස් වලට මිනිහා අත්තෙන් අත්තට පනලා යනවා බහින්නෙ නැතුව..
සෙන්නා,
එහෙම කෙනෙක් වැටුනොත් වන්දි ගෙවන්න ඕනෙ ගහ අයිතිකාරයද? යුතුකමක් හැටියට නම් උදව් කරනවා.. ඒත් නීතිය පැත්ටෙන් කොහොමද මන්දා නේද?
මම හිතන්නේ අයිතිකාරයා වන්දි ගෙවන්න ඕනා. ඔය වගේ එකක් මට් ලාවට මතකයි..
Deleteඅපේ ගෙවල් පැත්තේ පොල් කඩන මෑන්ට කියන්නේ 'ෆ්ලයිං ඔෆිසර්' කියලා. :-)
ReplyDeleteඔය පොල්කඩන ගැජට් එක ආවේ අවුරුදු 25කට විතර කලින්. ඒකාලෙ ලුණුවිල පොල් පර්යේෂණායතනයෙන් සෑහෙන්ට ට්‍රයි කරා ඔය ගැජට් එක හඳුන්වලා දෙන්ට. නමුත් සාර්ථක නෑ. ඊට වැඩිය ඉක්මනට උණ කෙක්කෙන් කඩන්ට පුළුවන්.
සමහර පැතිවල 'කොකනට් පයිලට්' :)
Deleteඑච්චර පරණ බව නම් දැනගෙන හිටියෙ නෑ.. ඒත් මතක ඇති කාලෙ ඉඳලා රූපවාහිනියෙ සැරින් සැරේ එව්වා පෙන්වනවා. හැබැයි සාර්ථක වෙච්ච එකක් ගැන අහලාවත් නෑ.. උණ කෙක්ක ලේසි නගිනවට වඩා. ඔලුවට දාගන්නෙ නැතුව කඩන්න පුළුවන් නම් ඒක තමයි ලේසිම..
පොල් ගහේ නගින එක එච්චර අමාරු නෑ,අපේ පොල් ජාතියකුත් තියෙනවා නේ අඩු වයසින් ගෙඩි හැදෙන
ReplyDeleteමම නම් පොල් ගස් නැගලා නෑ.. ඒත් නගින්න ලේසී කියලා නම් හිතන්නෙ නෑ.. බිම ඉඳන් කඩන්න පුළුවන් ගස් ගැන වෙන්නැති කියන්නෙ..
Delete//කෙක්කක් අතින් ගත් පොල් කඩන්නා.. (මෙතනින්)''
ReplyDeleteඔය කෙක්කක් අතින් ගත් අය ඔහොම පාරෙ යන ගමන් හදිස්සියෙ අතුරුපාරට හෑරෙනවා. එතකොට කෙක්කෙ පිටිපස්ස කෑල්ල ......!!
දැකලා නැද්ද ඔය වගේ කෙක්ක කරේ තියාගෙන බයිසිකලේ පැදගෙන යන පොල් කඩන්නො.!?
DeletePra Jay,
Deleteපිටිපස්සෙ කෑල්ල පාරෙ.
Buratheno,
මම දැකලා තියෙනවා. ඒ වගේම උණ ගස් කීපයක්ම කරේ තියාගෙන හවුලෙ බයිසිකල් පැදන් යන පොල් කඩන්නොත් දැකලා තියෙනවා..
කට්ට කපන එක නම් හරි නෑ.. එතකොට ගහේ වැඩීමට බාධා වෙන්න පුලුවන් !
ReplyDeleteමම හිතන හැටියට කට්ට කපන්නෙ ගහ ලොකු උනාම වෙන්න ඇති.
Deleteඅපේ හරි, අපිට අරී
ReplyDeleteපොල් කඩන මනුස්සයත් ඇවිත්.
Deleteඇයි දැන් පොල් ඇමතියෙක් ඉන්න එකේ අපිට පුළුවන්නේ කිවාත් වගේ පොල් කැඩීමේ පාඨමාලාවක් පටන් ගන්න.නැතිනම් අනික් විකල්පය තමයි පොල් ගස් ටික කපලා පිටි කල පොල් පාවීච්චි කරන එක.
ReplyDeleteඒකත් මරු නේද? පොල් ගැන බලන්න පොල් ඇමති වගේ ගස් ජාති ගානට තව ඇමති මණ්ඩලේ වැඩි කරන්න පුළුවන්.
Deleteපාඨමාලාවක් පටන් ගත්තොත් හොඳයි. ඒක තැපැල් මාර්ගිකව කළොත් ලංකාවෙම අයට සහභාගි වෙන්න පුළුවන්. ටැපැල් දෙපාර්තමේන්තුවටත් ලාභයක් තියෙයි.
ගස් ටික කැපුවට පස්සෙ තල් පිටි කරලද පිටි කළ පොල් කිරි හදන්නෙ.? :D
මමත් ඉස්කෝලෙ යන කාලෙ පොල් ගස්වල නැගල පොල් කැඩුව. හැබැයි ඒවා හොර පොල්. කොල්ලො සෙට් එක එකතු වෙනවා. ඔක්කොම පොල් ගහට බඩගානවා. උඩම ඉන්න එකා නැගල පොල් හරි කුරුම්බා හරි කඩල ඊලග එකාට දෙනවා. ඌ අනිකට දෙනවා එහෙම මාරුවෙන් මාරුවට කිසි සද්දයක් බද්දයක් නැතුව පොල් ටික කඩා ගන්ඩ පුළුවන්.ඒකෙන් වෙන වාසිය තමා ගෙදර අයිතිකාරයට හොරෙන් පොල් ටික බා ගන්ඩ පුළුවන් වීම. ඔය කරමෙ හොයා ගන්නෙ ඉස්කෝලෙ යන උන්. හැබැයි ඊට පස්සෙ එහෙම ඍය කරමෙ කරන්ඩ ගියොත් හිරේ විලංගුවේ උනත් වැටෙන්ඩ බැරි නෑ හොදේ....
ReplyDeleteඅවුරුද්දට ග්‍රීස් ගහේ නගින කණ්ඩායමක් වගේ ගහ දිගේ කරවල් උඩ නැගලා පොල් කඩන හැටි මැවිලා පෙනුනා.. හැබෑටම පොල්ද? කුරුම්බද?
Deleteදෙයියනේ කියලා ඉස්කොලෙ ගිහින් පොල්ගසකට නගින්න නම් ඉගන ගත්තා.
ReplyDeleteඉස්කෝලෙ කුරුම්බා තැඹිලි ගෙඩියක් බේතකටවත් තිබිලා නෑ වගේ..
Deleteඉස්සර නං දෙයියනේ කියල දවසට ගස් තිහ හතලිහකට නැග්ගහැකි. දැං ගෙදර මිදුලෙ තියන පැල තැඹිලිගහටවත් නැගගන්න බෑ කියපංකො.
ReplyDeleteටික ටික මං ටික ටික වයසට යනවා
Deleteඉස්සර මට ඕනෙ අයියා කියලා කිව්වා තමයි
දැන් කියන්නේ අංකල් මට තරුණ ගෑනු ලමයි
මම පොල්පැල 3ක් ගොවිජන සේවා මධ්‍යස්ථානෙකින් ගත්තා එව්වා අවුරුදු තුන හමාරෙන් පීදෙනව කියලා කිව්වා ඒ ඔය කිව්ව වර්ගය වෙන්න පුලුවන්ද
ReplyDeleteමමත් උපකරණයක් හැදුව ඒ පෝගෝනි කරේ තියාගෙන යන්න පහසු වෙන පිටේ එල්ලන් යන ලැගේජ් එකක්
ඒක මට සෑහෙන්න ප්‍රයෝජනයි
//ඒ ඔය කිව්ව වර්ගය වෙන්න පුලුවන්ද//පැල ජාතිය හොයන ක්‍රමය නම් මම දන්නේ නෑ.. සමහර විට ගොවිජන සේවා මධ්‍යස්ථානෙකින් ගත්තු නිසා හොඳ එකක් වෙන්නත් පුළුවන්.
Deleteජගත් මහත්මයා වතුහිමි වැවිලිකරුවෙක් වගේ..
රැකියා විරහිත තරුණයන්ට...ස්වයං රැකියාවක් ලෙස නිසි පුහුණුවක් හා ආරක්ෂක ක්‍රමවේද පිළිබද දැනුවත් කිරීමක් කලොත් අනාගත පොල් කඩන්නන්ගේ අවශ්‍යාතාව සපුරාලිය හැකි බවයි මගේ අදහස...
ReplyDeleteමේකනෙ සිරා වැඩේ.. කවුද කැමති තමුන්ගෙ රස්සාව පොල් කැඩීම කියලා කියන්න.
Deleteඒක නිසා කීයක් හරි හොයාගන්න ඕනෑ වන කුඩුකාරයො තමයි ඉස්සරහට ඉතිරි වෙන්නෙ.
ඕක මචං ආකල්පමය ප්‍රශ්නයක්...ඒක හරියන්න කාලයක් යාවි. නමුත රැකියා අහේනියෙන් පෙලෙන කෙනෙකුට මේ රැකියාවෙන් ලැබෙන ආදායම ජීවත් වෙන්න සරිලන බව දැනුනට පස්සෙ නොකර ඉදීවි කියලා හිතන්න බෑ.
Deleteසිරා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
Deleteදැන් එකපාරටම පොල් වලට මාරු වෙලා වගේනේ.
ReplyDeleteඔය ඉංජිනේරු මහත්තයට හිතෙන්නේ නැද්ද පොල් කඩන්න අලුත් ක්‍රමයක් හොයාගන්න.
:D ඔක්කොම පොල් වෙලා වගේද සහෝදරතුමා?
Deleteපොල් කඩන සොෆ්ට්වෙයාර් එකක්.. :)