"මහත්තයා, අපි හඳුන්වාදීමක් විදිහට පැල බොහෝම අඩු මුදලට දෙනවා. පැලයක් දෙකක් බලමුද? " අතකින් පින්තූර ඇල්බමයක් ගත් තරුණයෙක් අපේ ගෙදර ගේට්ටුවෙන් එබුණේ මීට කලකට ඉහතදීය. කවදත් පැල වැවීමට බොහෝම මනාපයක් දැක්වූ අපේ තාත්තාද ඒ අසලට යනු පෙනිණි. වත්තේ පවතින ඉඩ ප්‍රමාණය බොහොම සීමිත වුවද අම්මාගේත් තාත්තාගේත් පැල සිටුවීමේ ආශාවට සීමාවක් ඇති බව නොපෙනේ. වැඩීමට ඉඩ නැති තැන්වල පවා කලින් කලට අඹ ගස් කොස් ගස් දෙල් ගස් සිටුවයි. ඉන්පසු මඳක් ලොකුවී ගෙට නැමෙන තත්වයක් ඇතිවූ විට කාට හෝ මුදල් දී ගස කපා දැමීමට සිදුවේ. මා නම් බොහෝ විට මෙවැනි පැල සිටුවීමක් දුටු තැනම එයට විරුද්ධව කතා කරන්නේ නිස්කාරණේ ගස් කපන්නන්ට මුදල් දිය යුතු නැති බව පැහැදිලි කිරීමටයි. කොපමණ කිව්වත් ඔවුන්ට ඇහෙන්නේ නැති ගානය. එක ගසක් කපන විට එතැන තව ගසක් ඉන්දවයි. මෙහෙව් තාත්තාට පැල තවාන් කරුවාගේ පැමිණීම දේවදූතයෙකුගේ පැමිණීමක් ලෙස පෙනෙන්නට ඇත. ඔහු ඉදිරියට දිව ගියත් මම සුපුරුදු දෝෂාරෝපණය නඟමින් නිවසට වී සිටියෙමි. එහෙත් තවාන්කරු තමන් අතැති ඇල්බමය ඒ මේ අත පෙරලමින් පැල වර්ණනාවේ නොකඩවා යෙදෙයි.
"මේ තියෙන්නෙ මහත්තයා බද්ධ කරපු අඹ පැල. පැලයක් 260ක් වෙනවා. පොඩ්ඩක් ඉන්නකො මම අපේ තවානෙ හිටවලා තියෙන ගහේ ඵලදාව පෙන්වන්න." ඇල්බමයේ තවත් පිටුවක් පෙරළන ඔහු එය වර්ණනා කරයි. "කොහොමද මහත්මයා ඵල දරලා තියෙන අපූරුව." තාත්තාගේ මුහුණ සතුටින් පිරේ.
"ඉස්සෙල්ලා තිබ්බ අඹ ගහත් කපාගත්තෙ බොහොම අමාරුවෙන් නේද? " උස් හඬින් මා එසේ අසද්දී තාත්තා මඳක් පසුබෑවේය. "මෙව්වා බට් කරපුවනෙ මහත්තයා එච්චර උස යන්නෙ නෑනෙ." තවාන්කරු නැවතත් දොඩවයි.
ඒ අතරේ අම්මාද එතනට ගෑටුවාය. "පළතුරු පැල විතරක් නෙමෙයි තැඹිලි පැල පොල් පැලත් තියෙනවා නෝනා. මේ බලන්නකො ඵලදාව. මේවා අවුරුදු දෙක හමාරෙන් පීදෙන්න හදලා තියෙන්නෙ. ගහ උස යන්නෙත් නැති නිසා ගෙදර චූටි ඉඩක උනත් හිටෙව්වැකි." තවාන්කරු පොල් පැල වර්ණනා කරයි.
"පැලයක් ගමු නේද?"
"පොල්ගස් කොහේ හිටවන්නද අම්මේ? " මම කෑ ගැසීමි.
එහෙත් අම්මා පරදින්න සූදානම් නැත. "අපි ඔහොම නොහිතා පොල් හිටෝපු නිසා තමයි අදටත් ගිනි ගානෙ කඩෙන් නොගෙන පොල් කන්නෙ. පස්සෙ තේරෙයි" කිව්ව නහන ගුරු ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි. මම මගේ ශ්‍රී මුඛය වසා ගත්තෙමි. ඒ අතර අම්මා අවුරුදු දෙක හමාරෙන් පීදෙන පොල් පැලයක් ඇණවුම් කළාය. එදා ගත් ඒ තීරණයේ විපාක අද මට මේ විදිහට බලපාවි යයි මම හීනයකින්වත් නොසිතුවෙමි.
ඊට දින කිහිපයකට පසු අප නිවස ඉදිරිපිට නැවතූ ලොරි රථයකින් අපටත් පොල් පැලයක් ලැබුණි. ඔව්. අවුරුදු දෙක හමාරෙන් පීදෙන පොල් පැලයක් ලැබුණි. ඒ සමඟම නොමිලේ පොහොර පැකට්ටුවක්ද දුන් බව මතකය. අවුරුදු දෙක හමාරකින් පසු පොල්කන බලාපොරොත්තුවෙන් මිලදීගත් පැලය ඉන්දවුනේ අම්මාගේම සුරතින්ය. මට මතක හැටියට ඒ 2008 අවුරුද්දයි.
තත්පර, විනාඩි, පැය, දින සති මාස ගෙවී අවුරුදු දෙක හමාරකුත් ගත වූයේ අප කාටත් හොරාය. එතෙක් කල් පොල් ගස ගැන අල්ප මාත්‍රයක්වත් කතා නොකළ මට ඒ සඳහා අවස්ථාව එළඹෙමින් තිබුනේ ගෙඩි කෙසේවෙතත් පොල් මල් කෑල්ලක්වත් ගසේ හට නොගත් නිසාය.
"අවුරුදු දෙක හමාරකුත් ගියා නේද අම්මෙ? අද හෙටම ගෙඩි එයිද?"
"දෙක හමාර කිව්වට හරියටම දෙක හමාරෙන් ගෙඩි එනවා කියලා නීතියක් නෑනෙ. ඕකෙ ඉතින් ගෙඩි එයි." අම්මා පිළිතුරු දෙන්නේ නෝක්කාඩු ස්වරූපයෙනි.
අවුරුදු දෙක හමාර තුන, හතර, පහ වන්නට වැඩි කල් ගියේ නැත. "කෝ අම්මේ?" මම ගස දකින වාරයක් වාරයක් පාසා විමසන්නට වීමි. අම්මා ඊට පිළිතුරු නොදුන්නත් නොකඩවා ගසට සාත්තු සප්පායම් කරන බැව් පෙනුණි. කුස්සියේ ඉවුම් පිහුම් වලින් ඉතිරිවන ජලයද පොල් ගහ මුලටම වැක්කෙරෙද්දී කඩෙන් ගෙනා පොල් පොහොරත් ගස මුලම ඇතිරිණි. අතට පයට දැසි දස්සන්ගෙන් සාත්තු සප්පායම් ලබන හාම්පුතෙකු මෙන් අම්මාගේ සාත්තු සප්පායම් ලැබ, ගහ හොඳින් වැඩිණි. එහෙත් අවුරුදු පහක් වයස් වනවිටත් ගෙඩි තබා පොල් මලකදු ලබා දීමට ගස සමත්වූයේ නැත.
ඵල හටගන්නා ලකුණකුදු නොමැතිව දිනෙන් දින වැඩුණු ගස කරදරයක් වන තත්වයට පත්විය. තවත් නිකරුණේ ඔහේ වැඩීමට දීම තේරුමක් නොමැති තැනට පත්විය. හදිසි සුළඟකදී ගෙයි වහළ සිප ගැනීම වළකනු පිණිස ගස උගුල්ලා මරණ දණ්ඩනයට යටත් කිරීමට තීරණය කරන ලදින් කීප දවසක ඇවෑමෙන් ගසේ සියලුම අතු ඉවත්කර කඳ ද මැදින් කපන ලද්දේ මල්ලී විසිනි. ඊළඟ කාර්‍යය වූයේ ගස මුලිනුපුටා දැමීමයි.
අවසන් ගමනේ.. |
වැඩය නිම කරමින් පවතිද්දී සහයට පැමිණියේ මල්ලීය. ඒ ක්ෂණික නූඩ්ල්ස් විසඳුමක් සමඟිනි. අලවංගුව හෙවත් නාරාසනය අතට ගත් ඔහු දෙපත්තෙන් ගසමින් මුල් කැපුවේ හැරීම අවැසි නොවන බව පවසමිනි. එහෙත් එසේ කිරීමෙන් සමහර මුල් ලේසියෙන් ඉවත්වුවද ගස පෙරළීමට තරම් ඉඩක් නොලැබේ. ඇරත් සමහර පහළින් ඇති මුල් කපාදැමීමටත් නොහැකිය. එම නිසා අපට සිදුවූයේ මුල් කැඩෙන තෙක් ගස සෙලවීමටයි. කොන්දට හොඳ ගණන්ය. එහෙත් එයත් සාර්ථක නොවූ තැන නැවතත් වල හෑරීමට සිදුවූයේ එළුවාගේ බෙල්ල කපා මුට්ටියත් බිඳ දැමූ මහදැනමුත්තා සිහි කරවමිනි. පැය ගණනාවක් මුල සමඟ හැප්පෙන අතර මට පැල තවාන් කරුවා සිහි විය. ඔවුන්ගේ මෑණියන් පියාණන් සිහිවිය.
නරඹන්නෙක්.. |
එදා මම අවුරුදු දෙක හමාරෙන් පීදෙන පොල් පැලයක් ගුරුවරයෙකුට වික්කෙමි. සමහරවිට ඒ ගුරුවරයාද පසුකලෙක මගේ දෙමාපියන් සිහිකරන්නට ඇත. අද මට ඵල දුන්නේ ඒ නොදැන කළ වරදද? මම නොදනිමි. කොන්දට තෙල් ටිකක් උලා ගැනීමට යමි.
හෙහ් හෙහ් .. උඹටත් වෙන වැඩ හරී අයියේ.. පොල් ගස් පෙරලන්නේ මුල වටේ බුරුල් කරලා ගහේ කරටියට ලනුවක් දාල ඇදලනේ.. මං දෙන්නං උපදේසයක් ..
ReplyDeleteඕකට ලණුවක් ගැටගහලා මුදුන් යටලීයට දාල ගේ ඇතුලෙ ඉඳං අයියයි මල්ලියි අදින්ඩ.. වහලෙ පස්සෙ හදාගම්මු !!!
ඉතින් එහෙමම තමයි මේක කළේ. මුල් කැපුවා. කඹයක් දාලා ඇද්දට හරි ගියෙ නැත්තෙ ගහේ කොටේ එච්චර උස නැති නිසා. වහලෙට වැටෙයි කියලා කොටවෙන්න කපලනෙ තිබ්බෙ..
Deleteපොල් ගහ ඔහොමම තියෙන්න අරින්න තිබුණා. එතකොට වැටුනම වහලෙ හදාගන්නනෙ තියෙන්නෙ.. :)
ඔහොම ෆොටෝ පෙන්නලා පැල විකුණන එවුන් මටත් හම්බවෙලා තියෙනවා. එත් අපේ ගෙදර කවුරුත් එවුන්ගෙන් පල ගන්නේ නෑ..
ReplyDeleteඕන තරම් ඉන්නවා. අරුන්ම වෙන නම්වලිනුත් එනවද මන්දා?
Deleteකොහෙද ඉතින් ගෙඩි පිරිච්ච පොල්ගස් දැක්කම අපේ අම්මට ඉන්න බැරි උනානෙ..
පොල් ගස් ගලවන කේස් එක හරිම අමාරු වැඩක් තමා.. මමත් එක පාරක් දෙපාරක් ඔය කට්ට කාලා තියනවා..
ReplyDeleteහරිගේ දීමාපියන්නම් පරිසරයට හිතැති අය බව පේනවා.. ඕකේ අනිත් පැත්ත අපේ අම්මා.. උන්දැට ගස් පේන්ඩ බෑ.. දැක්කොත් කපන්ඩමයි හදන්නෙ.. මම හදන්නේ තියන පොඩි ඉඩේ හරි මොනා හරි හිටෝ ගන්න.. ඉතින්.. වලි....
ලොකු පොල්ගස් නම් ඉතින් අපිට බෑ.. හැබැයි ඒ මිනිස්සු පල පුරුද්ද නිසා ඔය තරම් කට්ට කන්නෙ නෑ..
Deleteමොනවා හරි හිටෙව්වට කමක් නෑ සෙන්නා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් තියෙන එව්වා.. මෙතන ඉතින් මහ ගස් හිටෝලා ලොකු වෙද්දි කපන එකනෙ කරන්නෙ.
නියම ප්‍රමිතියෙන් යුත් එකක් ගන්න ඕන.. අපෙත් අවුරුදු දෙකේ පොල් පැලේ අවුරුදු තුනක් ගිහිල්ලත් පීදිල නැහැ. නාරාසනේ එක්ක සෙල්ලං බෑ තෙල් ටිකක් ගාගනිං..
ReplyDeleteකොහෙන් ගත්තත් ශුවර් නෑ නේද? ළඟදි අපේ අම්මලා වරාදල ද කොහෙද ආණ්ඩුවෙ ගොවිපළකින් ඩ්‍රැගන් පෘට් පැළයක් ගෙනත් තිබුනා.. ඒක හිටවලා කොන්ක්‍රීට් කණුවකුත් හිටවලා යකඩින් ආධාරකයකුත් හැදුවා.. ආසාවට පැළයේ කොළයක් ආවෙ නෑ..
Deleteමචං මුල් කපන්න ඕන රවුමට පොරවකින්
ReplyDeleteපොඩි පොරවකින් කැපුවා.. මල්ලිනෙ නාරාසනේ ගහන්න ගිහින් වැඩේ වල් කළේ..
Deleteඔය පැළ විකුණන එවුන්ට නං මාත් අහුවෙලා තියනවා යස අගේට..
ReplyDeleteසමහර පැළ ලස්සනට තිබ්බට ගෙදර ගිහින් හිටවන්න බලද්දි මුලුත් නැති නිකම්ම අත්තක් වෙච්චි වෙලාවලුත් තියෙනවා..
Deleteහැක්... බොලාට කළකං පල දීල වගෙයි.
ReplyDeleteඔය බොරු කාරයින්ගෙන් ඔය වගේ ඒව ගන්න එක බයානකයි. ස්ථිර තැනක තියන එකකින් ගත්තනං වැඩේ හරි නොගියොත් ගිහිල්ල බනින්න හරි පුලුවං.
අපේනං පොල්ගස් පහක් හයක්ම ගැලෙව්වෙ JCB එකක් දාල.
ඇඹිලිපිටියෙ ඉඳල මිද්දෙනිය පාරෙ යනකොට ඔය බිම ඉඳල කඩන්න පුලුවං පොල් වගාවක් තියෙනව. මම හිතන්නෙ එතන පර්යේෂන ආයතනයක්.
Deleteඇයි උඹලගෙ පැත්තෙ වෙන ගස් වල පොල් කඩන්නෙ අහසෙ ඉඳන් ප්ලේන් එකේ ඇවිත් උඩටද?
Delete@Praසන්ன,
Deleteමොනවා කරන්නද නොදැන කරපු වැරදිනෙ.. එහෙම කරන එක නම් හොඳයි තමයි. ඒත් උන් ගියාම කියයි රටේ නැති කතා.. හැමදාම වතුර දැම්මෙ නෑ නේද? අව්ව තියෙන තැනකද හීටෙව්වෙ? ගහ ආවරණය කළේ නෑ නේද? ගහට පෝර දැම්මද? දැම්මෙ අපෙන්ම ගත්ත පෝර නෙමෙයි නේද? ඔය වගේ දහයක් විතර කිව්වම අපිවම තමයි වැරදිකාරයො වෙන්නෙ.
කාලෙකට කලින් අපේ ගෙදරත් ලොකු පොල්ගස් වගයක් ගැලෙව්වා. ඒ සිස්ටම් එක බලන් ඉඳලා තමයි වැඩේට අතගැහුවෙ.. කෘෂිකර්ම වැඩසටහන් වලත් ඔය වගේ පොඩි පොල්ගස් පෙන්වනවා..
@ඉන්දික උපශාන්ත,
:D මේ කියන්නෙ ගහට නොනැග බිම ඉඳල කියලා.. හැබැයි මෙහෙම දෙකුත් තියෙනවා. හලාවත පැත්තෙ කොච්චර උස ගහක උනත් පොල් කඩන්නෙ බිම ඉඳලා.. පොල්කඩන මනුස්සයා වැඩට යන්නෙ දිග උන ගස් දෙක තුනක් අරගෙන..
@ඉන්දික, අපේ වත්තෙ තියෙන්නෙ බොහොම පරණ පොල් ගස්. ඒව හෙන උස ඒව. ඔය අලුතෙන් පොල් කඩන්න එන උං ගස් දැක්කම නගින්න බෑ කියනව.
Deleteපව් හරීගේ කොන්ද...හැබැයි දැන් ඉතින් කෙනෙක් ඉන්නවානේ ඔය රිදෙන ඒවා කියන්ට නේ ?...එයා ඉතින් අනුකම්පා කරලා මොනා හරි කරයිනේ. :D
ReplyDelete:) එතකොට ගෙදරදි කොන්ද රිදෙද්දී මොකද කරන්නේ.. ?
Deleteමාත් උඹලෑ තාත්ත වගේ, ඉඩ නැති තැන්වලත් ගස් හිටවන්න හදනවා. ඒක ආසාවක් බං. ලොකු ඉඩම් තිබ්බා නම් ඔහොම බැණුම් අහන්න ඕනෙත් නෑ හරී වගේ උන්ගෙන්. තෙල් ගාන්න ඕනෙත් නෑ. කුඩු බිස්නස් කරලා හරි ඉඩමක් ගන්න ඕනේ.
ReplyDelete//කුඩු බිස්නස් කරලා හරි ඉඩමක් ගන්න ඕනේ.//
Deleteඇත්තට ඩුඩ් අයියේ ඕක ලාභ ලැබෙන ව්‍යපරයක්ද බං?මටත් හිතයි ආයෝජනයක් කරන්න ඔහොම එකක...:D
මනෝජ්. උඹ බලලා තියෙනවද ටෙලි සීරීස් එකක් Breaking Badකියලා? අන්න බලාපං කෙමිස්ට්‍රි ගුරුවරයෙක් කුඩු (Meth) හදන හැටි. බාගෙන බලාපං අඩු ගානේ පලවෙනි සීසන් එකවත්. :D
Deleteඔහේ නැහැ ඩුඩ් අයියේ,බලමුකෝ හොයාගෙන බලන්න.හැබැයි ඉතින් අපි වගේ උන් (ඒ කියන්නේ මම වගේ) උන් කුඩු හැදුවොත් එකත් කුඩේ කුඩුම තමයි....:(
Delete@ Henry,
Deleteඋඹට ඔච්චර ආසනම් අර මගේ ඉඩමෙ ඇවිත් වවහන්. උඹට කරදරයක් නොවෙන්න මම ඵලදාව කඩ්ඩගෙන යන්න මිනිස්සු එවන්නම්.
@Henry Blogwalker,
Deleteකෘෂිකර්ම වැඩසටහන් වල ලොකු වගාවන් පෙන්වද්දී "අනේ අපිටත් ලොකු ඉඩමක් තිබ්බා නම්" කියලා තාත්තා කියනවා.. මම වවනවට තරහා නෑ..
මෙන්න සාක්කි
මම කියන්නෙ පලකට ඇති දේවල් හිටවන්න කියලා. වත්තෙ පොඩි ඉඩේ හල්මිල්ල, අඹ, කොස්, දෙල්, පොල්, තේක්ක, ඇට්ටේරියා ඔක්කොම රටේ නැති ගස් වවන්න බෑනෙ.. ඕවා හිටෙව්වට පල දරන කාලෙ ළං වෙද්දි කපන්න වෙනවා.. ඊට හොඳයිනෙ එළවළු හිටෙව්වාම.. විකුණන්න කුඩු හදන්න ක්‍රමයකුත් ඕනනෙ..
ඔය කථා මාලාව මට ලැබිලත් බැලුවෙ නෑ..
@Manoj Fernando,
කොහෙදෝ රටක කුඩුත් නීත්‍යානුකූලයි නේද?
@ඉන්දික උපශාන්ත,
අපේ තාත්තා කොල්ලා කාලෙ ඈත ගමකට ගිහින් මිරිස් වවලා තියෙනවා.. ඒ ඉඩමට අල්ලපු ඉඩම අයිතිවෙලා තිබුනෙ එයාගෙ මාමටලු. මාමා කියනවාලු නිකන් ඉන්න එකේ ඒ ඉඩමෙ කෙහෙල් හිටවගන්න කියලා.. ඒත් හොඳට මල ආපුවම හැමදාම හොරු කපනවලු. පස්සෙ ලැබිච්ච ආරංචියෙ හැටියට මාමාමයි මිනිස්සු දම්මලා ඒ වැඩේ කරලා තියෙන්නෙ..
හරී අකැමති වුණාට කරන්න දෙයක් නැහැ. "අපි වවමු,රට නගමු"කියලා ව්‍යපතියක් තියෙන්නේ එක හරීගේ අම්මා,තාත්තා හොදට දන්නවා ඇති.එකයි ඔහොම හැම බිම් අගලේම වවන්නේ..
ReplyDeleteනෑ නෑ.. 'ඉසුරුමත් නිවහනක්- අසිරිමත් මව්බිමක් ' කියලයි වවන්නෙ..
Deletehttp://dreamsofharee.blogspot.com/2012/02/18.html
ඔය වගේ මිනිස්සු නං අනන්තවත් ඉන්නවා. ඒ වගේම තමා මංගල්ල පොලවල් වල තියෙන ගසුත් ඔය වාගේ. ගෙදර ගෙනත් හිටෙව්වට පස්සේ ගෙඩිත් නෑ මලුත් නෑ..
ReplyDeleteඒ වගේ කඩ වලින් මල් පැල ගන්නම හොඳ නෑ.. දවස් දෙක තුනෙන් කඩේ ඉවරවෙනවත් එක්කම ගෙදර ගෙනාපු පැලෙත් ඉවරයි..
Deleteකඩේදි ලස්සනට ගෙඩි, මල් ඇවිල්ලා තියෙන පුංචි පැලේ ගෙදර ආවාම මොකුත් නො එන්න හේතුව මෙන්න මේකයි. මධුරංග අහලා ඇතිනෙ අතු වල පස් බැඳිමෙන් පළ හදාගන්න ක්‍රමය. මේ මිනිස්සු කරන්නෙ තමුන්ගෙ ගෙදර තියෙන පළතුරු පැලේ (උදාරහණයකට පේර කියලා හිතමුකෝ මල් එනකොටම ඒ අතුවල පස් බැඳීම. මල් ගස්වලටත් කරන්නෙ මේකම තමයි. ඊළඟට ගෙඩිය ලොකුවේගනෙ එද්දි අත්තෙ මුල් ඇදලා. අත්ත කැපුවා හිටෙව්වා. ගෙඩි පිටින් ගහ වික්කා.
ඉතින් පේන්න තියෙන්නෙ ලොකු ගහේ ගෙඩි මිසක් අපි ගන්න පැලේ ගෙඩි නෙමෙයිනෙ. අපේ පැලේ ලොකු ගහක් වෙනකන් ගෙඩි එන්නෙ නෑ ඉතින්..
මෙහේ ඉතින් පොල් පැළ හිටවන්ට විදිහක් නෑනේ. ඒත් මීට සති තුනකට විතර ඉස්සෙල්ලා අපේ නෝනෙයි දොණියැන්දැගෙයි උවමනාවට ඕන්න කඩේකින් රෝස පැළ දෙකකුයි කපුරු පැළයකුයි ගෙනාවා. මම ඉතින් දත් මිටි කකා ගෙඩි රියාල් 75ක් ම දුන්නා (රු.2,600ක් විතර).ගෙනාපු වෙලේ ඉඳන්ම පොඩි එකීගෙ වැඩේ වතුර දාන එක. පැළ ගන්නකොට එවයේ මලුත් තිබුන කොහොමින් කොහොමින් හරි සති තුනකට විතර පස්සෙ ආන්න පැළ තුනම මැරිල විසික්ක කොරල දැම්ම. අයියෝ සල්ලි!!!
ReplyDeleteමෙහෙ නම් ඔය මල් පැල කියලා මල් තියෙන ගස්වල අතු කපලා මැටි සහිත පසක ගහල විකුණනවා.. පසේ තෙතමනය හින්දා ගහ ඉක්මණින් වේලෙන්නෙ නෑ.. ඒත් ගෙනාවට පස්සෙ මැරෙනවා.. අපරාදෙ රියාල් 75.
Deleteදැන් මෙහෙමයි කරන්න තියෙන්නේ; අනාගත නෝනාගෙන් දෑවැද්දට ඉඩමක් ඉල්ලගෙන ඒ ඉඩම අම්මටයි තාත්තටයි දෙන්න ඕන දෙයක් වවාගන්න කියලා.
ReplyDeleteඔය ගෙවල් වලට ඇවිල්ලා බඩු විකුණන අයගෙන් නම් පොඩ්ඩක් පරෙස්සම් වෙන්න ඕනා.
ඔන්න සහෝදරතුමා ඉඳලා ඉඳලා ගුටි කන්න වෙන වැඩක් කියලා.. :)
Deleteගෙවල් වල බඩු විකුණන්න එන අයත් පව් ඒ අයගෙන් බඩු ගන්න අපිත් පව්. මම එහෙම කිව්වෙ ඔය බඩු විකුණන්ඩ එන ගොඩක් අයට මුල් කාලෙ ඉ වෙනුවෙන් මුදලක් ලැබෙන්නෙ නෑලු. ඒ වෙනුවට කාඩ්පතකට ලකුණු එකතුවෙනවලු. යම් ලකුණු ගානක් ගත්තට පස්සෙලු රස්සාව හරියටම ලැබෙන්නෙ..
ඇත්තටම ඔය ගෙවල් ගානේ බඩු විකුණන්න එන මිනිස්සු නම් පව්. ඒ මිනිස්සු ජීවත්වෙන්නනේ ඔහොම හරි ගෙයක් ගෙයක් ගානේ යන්නේ. සමහර මිනිස්සු ලොකු බෑග් එකකුත් කරේ තියාගෙන කිලෝමීටර් ගානක් පයින් යනවා සමහර වෙලාවට හරියට කන්නවත් නැතිව. හැමකෙනාම මොනවා හරි වුණොත් බනින්නේ ඒ මිනිහටනේ, හැබැයි හරියට බැලුවොත් වැරදි කාරයා ඔය අහිංසක මිනිස්සුන්ව ඉත්තො හැටියට පාවිච්චි කරන මුදලාලිලා.
Deleteඅපේ කුස්සියේ නම් පොල් ගානවා. මම සාලේ තියාගෙන පොල් ගහනවා.
ReplyDeleteදෙයියන්ට ගහන එව්වද බල්ලන්ට ගහන එව්වද ඕනෙ ඇහුවලු? හැබෑටම කොහොමද ඔය ගල්, පොල් ඇවිල්ලා තියෙන්නෙ? පොල් නම් පොල් රා වලින් හදන හින්දා කිව්වැකි. එතකොට ගල්??
Deleteගල්ඔය සීනි කර්මාන්තශාලාවෙ සීනි නිශ්පාදනයෙන් පස්සෙ ඉතුරුවෙන ඉක්ෂුපාක භාවිතයෙන් තමා මුලින්ම ගල් අරක්කු පෙරන්ට පට්ටාං ගත්තෙ.. ඒකයි ඒවට ගල් කියන්නෙ..
Deleteස්තුතියි බුරා. 'ඉක්ෂුපාක' වචනෙ ඇහුවෙත් අදයි.
Deleteහරී අපිට අරී ද ?
ReplyDeleteහුටා,මෙන් පැල විකුනපු කොල්ලත් කමන්ට් කරලාද කොහේද...:D ?
Delete@ Manoj Fernando,
Deleteහොඳ වෙලාවට මතක් කළේ. මම මේ හිත හිත හිටියෙ මොකාද බොල මූ කියලා..
Haree, gaha galawanna thawa kramayak thibunane. Wate mul tika kapala ita passe gahe uda kanda hariyta nagala padduna nam gaha galawila yai. Try kale nadda? Mal gass wawanna ara samahara than wala thiyenawa wage harithagarayak haduwanam hodai neda? Pala eka eka usa walin thiyala ehema.
ReplyDeleteමට පොල් ගස් නඟින්න බෑනෙ.. ඉතින් ගහට නඟින්නෙ කොහොමද? එහෙම පුළුවන් උනත් ඔහොම කළා නම් ඉන්න වෙන්නෙ ඉස්පිරිතාලෙ.
Deleteමල් ගස් කතාවක් ආවෙ කොහොමද තේරුනේ නෑනෙ..
පව් හරීගෙ අම්මා.. ගහේ ගෙඩි ආවෙ නැති එකට ඉතින් වරද අර හොරාගෙනෙ..
ReplyDeleteඔව්.. ඒකත් ඇත්ත.. ඇයි කොන්ද කඩා ගට්තු මම පව් නැද්ද? :)
Deleteඋබට පව් පලදීමක් වෙලා තියෙන්නේ අර ගුරුවරයාට පොල් පැලයක් වික්ක නිසා .. ඕකට හොද වචනයක් තියෙනවා බං "දිට්ඨ දම්ම.. මොකක්ද කියලා . මට දැන් මතක නැහැ නෙවැ..
ReplyDeleteදිට්ඨ ධම්ම වේදනීය කර්මය..
Deleteඋඹේ කථාව කියෙව්වම මට මතක් වුනේ අපේ අම්මා එය වගේ ගෙවලේ ගානෙ ආව වයසක ඩයල් එකකට අහුවෙලා අරගෙන හිටවපු ගම්මිරිස් පැල කීපයක් ගැන. මාස ගානක් ගියත් ඒවා එකම තැන...හැදෙන්නම නෑ මොනවා දැම්මත්....ඒ උනාට වික්ක පොර මාසයක් ගානෙ එනවා ඒවා පරීක්ෂා කරන්න. ඒ අතර තව තව ඒවා විකුණන්න හදනවා...මිනිහම ගෙනාව පෝර එකකුත් අපිටම වික්කා....දිගින් දිගටම මේ වැඩේ යද්දි අපිටත් කරදරයි...නිවසේ පිටුපස ස්ථානය හිටවලා තිබ්බ මේවා පෙන්වන්න මාසෙකට සැරයක් මිනිහා එනවා...බැරිම තැන මාසයක් ගානෙ බලන්න දෙයක් නෑ....කරල් ආවම දන්වලා එවන්නම් කියලා පොරගෙ මූණටම කිව්ව දවසින් පස්සෙ මෑන්ට ඇඩ්‍රස් නැතුව ගියා. ගම්මිරිස් ගස් ටික ඊට ටික කාලෙකට පස්සෙ නැත්තටම නැති වුනා.
ReplyDeleteමට කියන්න අමතක උනා සිරා මේ පොල් පැළ වික්ක එවුන් කිව්වා මාස6න් හයට බලන්න එනවා කියලා.. මාස හයකින්ද කොහෙද ඇවිල්ලා පෝර පැකට් එකක් වික්කද කොහෙද? හැබැයි ඊට පස්සෙ ආවෙ නෑ.. බලද්දි උන් පැලේ මදිවට පෝර පැකට් එකකුත් විකුණලා.
Deleteමිනිහා පැල බලන්න ඇවිත් ඒ හිතවත්කම පාවිච්චි කරලා තව පැළ ඇඟේ ගහන්නයි හදලා තියෙන්නෙ. ඊටපස්සෙ මාසයක් ගානෙ ආවෙ නැද්ද කරල් ඇවිල්ලද අහන්න.. :)
පැල කාරයින්ගේ බොරු වලට අහු උනාට අම්මගෙයි තාත්තගෙයි අභිමතාර්තේ නම් හොඳ එකක්. ඔයාලගේ පැත්තේ අලවංගුව ට කියන්නේ නාරාසනේ කියලා නේද?
ReplyDeleteඅභිමතාර්ථෙ හොඳ උනත් ගස් කපන්න උනාම මහන්සිය දන්නෙ අපිනෙ..
Deleteඔව්. අලවංගුව කියලා කියන්නෙම නෑ. ඒක නාරාසනේ..
සමහරු 'යකඩ ඉන්න' කියලත් කියනවා.
Deleteහොඳ තැනකින් බලල ගන්න දෙකහමාරෙ පොල් පැල දෙකකින් පීදුන තැන් මම දැකල තියනව(විශේෂයෙන්ම වතුර හොඳට තියනව නං)
ReplyDeleteමමත් ඔයා පොඩි පැළගස්වල ගෙඩි නම් දැකලා තියෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථානයකින් ගත්තොත් හරියයි මම හිතන්නෙ..
Delete