මට තාම මතකයි මං පුංචි කාලෙ නෑයින්ගේ ගෙවල් වල එහෙමත් නැත්නම් පිරිසක් රැස්වෙන තැනක ගියාම මට එල්ලවෙන ප්‍රශ්න. ලොකු නැන්දලා මාමලා ප්‍රශ්න පත්තර දිග ඇර ගත්තම කෙළවරක් නෑ ප්‍රශ්න. පුංචි මට නිස්කලංකෙ සෙල්ලමක් කරගන්නවත් විදිහක් නෑ.
ප්‍රශ්න පත්තර දිග ඇරිල්ල පටන් ගන්නෙ මෙන්න මෙහෙමයි. මම බෝල ගෙඩිය වගේ එහෙ මෙහෙ යනවා දඟලනවා කරනවා දැක්කම කවුරුහරි නැන්දෙක් මාමෙක් මට කතා කරනවා.
"ආ... හරී පුතා කොහොමද?" එහෙම අහන්නෙ මාව දන්න කියන අය. අපේ ළඟම ළඟම ළඟ නෑයෝ හරි අම්මලාගේ තාත්තලාගේ යාළුවෝ. තව අසල්වාසී අයත් ඉන්නවා මාව දන්න. නොදන්න අය අහන්නෙ "ආ.. පුතා කොහොමද කියලා". මමත් ඉතින් ඇඹරි ඇඹරි ළඟට කිට්ටු කරනවා. "කොහොමද පුතා?"
මම ඉතින් ලජ්ජාවෙන් ඇඹරිලා පොඩි හිනාවක් දානවා. අඳුරන්නෙ නැති කෙනෙක් නම් ඔරවලා පැත්තකට වෙනවා. අම්මා කියලා තියෙන්නෙ අඳුරන්නෙ නැති අය එක්ක කතාවට යන්න එපා කියලනෙ. සන්නාසියො වෙස්වලාගෙන එනවලු අපිව අල්ලගෙන ගිහින් කරවල වාඩිවල වැඩට දාන්න. ඉතින් බය නැතුව කතාවට යන්නෙ කොහොමද? ඒත් ඉතින් අම්මා තාත්තා ළඟ ඉන්නවා නම් අවුලක් නෑ. ඒ අයටත් දත් දෙකක් පෙන්නලා හිනාවෙන්න තියෙන්නෙ.
අදට උනත් "කොහොමද?" කියලා කවුරුහරි ඇහුවම "ඔහේ ඉන්නවා" කියනවාට එහා උත්තරයක් කටට එන්නෙ නෑ. ඒත් සමහරු නම් කියනවා එහෙම කියන එක අහන කෙනාව අපහසුතාවයට පත් කිරීමක්ලු. ඒත් ඉතින් වෙන මොනවා කියන්නද? මම වෙන කාගෙන්හරි "කොහොමද?" කියලා අහන්නෙත් උත්තරයක් බලාපොරොත්තුවෙන්ම නෙවෙයි. කතාවට පොඩි ප්‍රවේශයක් ගන්න. මුලින්ම අහන්න දෙයක් තියෙන්නත් ඕනනෙ.
ඉතින් ඊළඟට නැන්දලා මාමලා අහන ප්‍රශ්නෙ තමයි "පුතා දැන් කීයෙ පන්තියෙද?" එහෙම නැත්නම් "පුතා දැන් ඉස්කෝලෙ යනවද?" කියන එක. එහෙම අහන්නෙ දන්න අය, නොදන්න අය "පුතාගෙ නම මොකක්ද?" අහලා තමයි එතනට එන්නෙ. ඇයි සමහරු අහනවනෙ "පන්තියෙ කීදෙනෙකුට බයද?" කියලත්. මම නම් ඒ වෙලාවට පන්තියේ කාටවත්ම බය නෑ.
ඊළඟ ප්‍රශ්නය වෙච්චි "පුතාගෙ වයස කීයද?" කියන එකට මම ඒ ඒ කාලෙ හිටපු වයස කිව්වා. ඊටපස්සෙ අහනවා ඒ ගාන "ලැබුවාද? සම්පූර්ණවුනාද?" කියලා. ඒ අහන්නෙ මොන කෙහෙල්මලක්දැයි මට තේරුනේ නෑ. ඉතින් පුංචිම කාලෙ මම නිස්සබ්දව හිටියා ඒ ප්‍රශ්නෙදි. ඊටපස්සෙ කාලෙ එහෙම ආපුවම මම කිව්වා "ලැබුවාද? සම්පූර්ණවුනාද? මම දන්නෙ නෑ. කොහෙහරි වයස ලියන්න තිබ්බම මම ලියන්නෙ ඔය ගාන" කියලා.
ඔහොම මම වයස කියපු දවසක එකෙක් කියනවා මම කියන්නෙ එක අවුරුද්දක් අඩුවෙන්ලු. මිනිහා කියන්නෙ මෙහෙමයි. හිතමුකො මම උපන්නෙ එක්දාස් නමසිය අනූවෙ කියලා. එතකොට දෙදාස් දාහතරට මට විසි හතරයිනෙ. ඒත් විසි හතර නෙමෙලු කියන්න ඕනෙ විසි පහලු. මොකද ඒක ජීවිතයේ විසි පස්වෙනි අවුරුද්ද හින්දාලු. ඒ තර්කෙට අනුව අද ඉපදිච්ච ලමයගෙ වයසත් එකක් වෙන්න ඕනෙ. අනේ මන්දා උගෙ තර්ක.
ප්‍රශ්න වලට උත්තර දීලා දීලාම කාලෙ ගිහින් මම හිටියට වඩා ටිකක් ලොකු උනා. බ්ලොගේකුත් පටන් ගත්තා, කඩ්ඩෙන්. පස්සෙ සිංහල බ්ලොග් කලාව ආරම්භ කළා.
කොරියාවෙ මිනිස්සු වයස ගණන් ගන්නෙ බඩේ ඉන්න කාලය අවුරුද්දක් හැටියට හදලයි..එතකොට උපදින එකාගෙ වයස අවුරුද්දයි..
ReplyDeleteඅපේ විදිහට නම් මාසෙන් පටන් අරන් අවුරුද්ද ඉවරවෙලා දෙවෙනි අවුරුද්ද ලබනවා. ඔය ලබන එක ඉවර වෙන්නෙ මාස හයෙන් වෙන්න ඇති..
හ්ම්ම් අවුරුදු හතරක් බ්ලොගක් කරන එක ලේසි නෑ. හරීට සුබපැතුම්.
මාස දහය අවුරුද්දක් කරලා ගන්නවාද? එතකොට ඉපදෙන දවසෙ ළමයගෙ වයස එකයි. ඒක නම් ටිකක් අමුතුයි වගේ.
Deleteඔය ලබන එක සම්පූර්ණවෙන එක මෙහෙමයි කියලයි මට හිතෙන්නෙ. කෙනෙක් 2000 වසරේ ජනවාරි පළමුවෙනිදා ඉපදෙනවා කියමු. එතකොට එයා 1 ලබනවා ඉපදෙනකොටම. එක සම්පූර්ණ වෙන්නෙ 2001 ජනවාරි එක. එදාට 2 ලබනවා. එතකොට සම්පූණවුනාද අහන්නෙ තමුන් අදාළ අවුරුදු ගානක් මේ ලෝකෙ හිටියද අහන එක. ලැබුවාද අහන්නෙ මේ ගෙවමින් ඉන්නෙ මේ කියන අවුරුද්දද කියන එක.
ස්තුති සරත් අයියේ. ලියන්නන් බැබලෙන්නෙ පාඨකයන් නිසා.
සුබ පැතුම් !
ReplyDeleteමම බ්ලොග් කෙරුවාව පටන් ගත්තු මුල් කාලෙ ඉඳන් ළඟින් ඉඳන් දිරි දීපු හිතවතෙක්නෙ හරී කියන්නෙ. ඒවට ස්තූති කරන්නත් මේ අවස්තාවම යොදා ගන්නම්...
හතරට එකසිය හතරක් ආ වඩා ආයුබෝවේවා !!
මොනවද අනේ ජාලයෙන් පතන්නේ? අල්ලපු ගෙදර නේද ඉන්නේ හරී? හැන්දෑවට ගෙදරටම ගිහිල්ලා හොඳ 'පැතිල්ලක් පතලා' එන්න තිබුනනේ.
Deleteඔව් ඔව් වෙලාවක ගිහින් හොඳවයින් දෙකක් පතන්න කියලා හිතන් ඉන්නෙ...
Delete@සෙන්නා,
Deleteඅහල පහලම වාසය කරලාත් බ්ලොග් ලෝකෙන්ම අඳුනගත්තු කෙනෙක්නෙ සෙන්නා කියන්නෙ.
මට මතකයි සෙන්නා බ්ලොග පටන්ගත්තු කාලෙ. අර සේපාල ඒකනායකගේ කේස් එකෙන්නෙ මම ඒ පැත්තට සම්බන්ධ උනේ.
ඔන්න ස්තුතියයි ප්‍රාර්ථනාවයි දෙකම සතුටින් භාරගත්තා.
@විචාරක,
මේ කියන්නෙ වෙන පැතිල්ලක්. :D
මැචුවර්ඩ් නේ?ලැබුවාද, සම්පූර්ණ වුණාද? (එපා කියන ඒවමයි මුං කරන්නෙ...හුහ්..)
ReplyDeleteඑකසිය හතරට දෙසිය හතරක් ආ වඩා ආයුබොවේවා...!!!
කෝ මේ බෝත්ඩේ බෝයි?
Deleteඔහෙ හිටු හොර කොටියා. :)
Deleteප්‍රාර්ථනාවට ස්තුතියි. මේ ටිකේම වැඩවල හිරවෙලා ඉඳලා අදයි ඉස්පාසුවක් ලැබුණේ.
හරියට ගෑණු ලමේකුගෙන් අහන අර ප්‍රශ්නේ වගේ එකක් කියලයි එකපාරටම හිතුනේ. නමුත් ඔය අහන්නේ ආගමට සම්බන්ධ ලැබීමක් නේද?
ReplyDeleteයලට මහට ලිපියක් ලියන කම්මැලියාගේ කම්මැලිකම දුරුවී, දිගට හරහට ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා, දිගුකල් වැජඹේවා! කියා ප්‍රාර්ථනය කරනවා.
ගෑණු ළමයින්ගෙන් අහනවා කිව්වේ බැඳලාද? ළමයි ඉන්නවාද කියලා අහන එක වෙන්ටැති.
Deleteආගමට සම්බන්ධව 'ලැබීම' කියලා කියනවා පළවෙනි පාරට දිව්‍ය සත්ප්‍රසාද ලබද්දී. ඒත් මෙතන කියවෙන්නෙ එහෙම දෙයක් නෙමෙයි. වයස කිව්වම ඒ කියන අවුරුද්ද ගෙවමින් ඉන්නවද? කියන එක. 'සම්පූර්ණවෙලාද' අහන්නෙ ඒ කියන අවුරුදු ගණන ගෙවලා ඉවරද කියන එක.
ඔබතුමාටත් එසේම වේවා.
මේ අවුරුදු හතර ආව වගේ තව අවුරුදු ගානක් බ්ලොග් කෙරුවාව කොරගෙන යන්න හයියි හත්තිය ලැබේවා...
ReplyDeleteජයවේවා
ස්තුතියි මිත්‍රයා. ඔබටත් ජය වේවා.
Deleteසුබ පැතුම්.
ReplyDeleteසිව් වසට සියවසක ආයුෂ ලැබේවා !
සුභ පැතුම සතුටින් භාරගත්තා.
Deleteජය වේවා හරි.. ලැබවත් එකයි පිරැණක් එකයි.. දිගටම යං
ReplyDeleteස්තුතියි දේශක.
Deleteඅවුරුදු හතරක් නේ. හ්ම්! කොලුවව මොන්ටිසෝරි දාන්ටත් කාලෙ හරි.. ;-)
ReplyDeleteඔව්මයි. කොලුවා මොන්ටිසෝරි යවන්නත් ඕනෙ. ඊළඟට ඉස්කෝලෙ යවන්න සල්ලි හොයන්නත් ඕනෙ. අනේ මන්දා?
Deleteජය වේවා !!!
ReplyDeleteඑසේම වේවා!
DeleteGod Bless you Brother! God will give you more strength and courage through the next year!
ReplyDeleteThank you very much for your wishes.
Deleteමෙන්න අපේ නෑයො/වේයො මාව අල්ලගෙන අහපු සහ අහන ප්‍රශ්ණ.
ReplyDeleteඉස්සර පොඩිම කාලෙදි,
දැං ඔයා ලොකුයි, හෙටානිද්ද ඉස්කෝලෙ යන්නත් ඕන.
ඉන් පස්සෙ,
දැං ශිශ්‍යත්වෙට තව අවුරුදු දෙකයි නේද? හොඳට පාඩං කරන්න පුතා.
ඊටත් පස්සෙ.
දැම්ම ඉඳං ඕ ලෙවල් වලට මහන්සි වෙන්න. කොහොම හරි ඩී අටක් ගන්න ට්‍රයි කාන්න ඕන.
ඊටත් පස්සෙ,
දැං ඉතිං නටල හරියන්නෙ නෑ, කොහොම හරි කැම්පස් යන්න දැම්ම මහන්සිවෙලා පාඩං කරන්න.
ඉනුත් පස්සෙ,
තාම ජොබ් එකක් නැද්ද? දැං ට්‍රේනිං ඉවර වෙන්නෙ කවද්ද?
ඊටත් පස්සෙ,
පුතා කවද්ද බඳින්නෙ ඉතින්? දැං කල වයස හරි.
ඉන් පස්සෙ,
තාම බබෙක් නැද්ද? දැං බැඳල අවුරුදු දෙකයි නේද?
ඊළ්ඟට -
දැං බබා ලොකුයි නේද, තව බබෙක් හදන්න පරක්කු නොවී.
මේ දවස්වල -
කොල්ලො දෙන්න එක්ක කෙල්ලෙකුත් හිටියනං තමයි පුතේ වටින්නෙ.
-------------------
හරී, දැං ඉතිං හතරකුත් උනා නේද, නරකද..... ( දුවමින් )
දැන් අහන්නෙ 'ඉන්දික පුතා අර සල්ලි ටික හම්බ උනාද?
Deleteකම්මල,
Deleteහොඳ වෙලාවට නෑය සීන් එක දන්නෙ නෑ. බ්ලොග් වල උන් හමුබුනොත් ඒක තමා :D
@ඉන්දික,
Deleteබලාගෙන යනකොට රටේ ලෝකේ මිනිස්සු කොච්චර හොඳයිද කියලා හිතෙනවා. ඒ අය අපි ගැන හිතලා තියෙන තරම් අපි අපි ගැනවත් හිතලා නැතුව ඇති. :P
මට නම් නෑයො එකෙක්වත් කටක් ඇරලා කියලා නෑ පාඩම් කරපන්. හොඳට ඉගෙන ගනින් කියලා.
ඒක නෙමෙයි. අර සල්ලි ලැබුනද? :D :D :D
සුභපැතුම්!
ReplyDeleteඔය ලබන කතාව මහ ගොං කතාවක්. ඔ්ක තිබුනෙ ඉස්සර. දැං නං හරියට වයස කියනව. ඒවගේම ඔයවගේ අවුලක් එන්න හේතුව තමයි අවුරුද්දක් කියන්නෙ තත්පරයක් වගේ කෙටි කාලයක් නොවීම.
සුභ පැතුමට ස්තුතියි රාජ්.
Deleteමම හිතන්නෙ යම් දිනයකට වයස කොච්චරද කියලා අහන්නෙ ඔය පටලැවිල්ල්ල මඟ ඇරගන්න වෙන්න ඕනා.
දැන් පුතා කවද්ද GPS එක නැතුව පාර හොයාගන්නෙ :D
ReplyDelete4 වසරට සුභ පැතුම් හරී !!!!!!
මම ලොකූකූකූකූ වුනාම තනියම පාරහොයාගන්නවා.
Deleteස්තුතියි.
සුභම සුභ පැතුම් හරී! මේ අවුරුදු හතර තුල ලියපු පෝස්ට් වල ගුනාත්මකභාවයෙන් යුතු පෝස්ට් වගේ පෝස්ට් තව තවත් ලියන්න හැකි වේවා!
ReplyDeleteසුභ පැතුමට ස්තුතියි, මට දහිරිය දෙන අය රැඳී ඉන්නතාක් මම දිගටම ලියාවි.
Deleteසුභ හතරවන උපන්දිනයක් උඹේ බ්ලොගට. මගේ බ්ලොගේ උපන්දිනෙත් පෙරේදා පහුවුනු බව මට මතක් වුනේ දැන් ටිකකට කලින්.
ReplyDeleteස්තුතියි හෙන් රි අයියා. ඔබේ බ්ලොගයටත් සුභ උපන් දිනයක්..
Deleteහතරට උණුසුම් සුභ පැතුම්. තවත් බොහෝ කාලයක් හරවත්, රසවත් ලිපි ලිවීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඔන්න ගිහාන් සහෝදරතුමාගේ සුභ පැතුමත් භාරගත්තා..
Deleteසම්පූර්ණවී, ලැබූ අවුරුදු හතරට සුබ පැතුම්!!!
ReplyDeleteස්තුතියි පොඩ්ඩි. දැන් පොඩිකුමාරිහාමිගේ බ්ලොගය ලියවෙන්නෙත් නෑ වගේ.
Delete//අදට උනත් "කොහොමද?" කියලා කවුරුහරි ඇහුවම "ඔහේ ඉන්නවා" කියනවාට එහා උත්තරයක් කටට එන්නෙ නෑ//
ReplyDelete""එහෙමමයි" ?
සුබ පැතුම්!!!
ස්තුතියි ගොඩාක්..
Deleteඔය වයස හොයාගන්න කරන්න තියෙන්නේ උපන්දිනේ ලබන අවුරුද්දෙන් ඉපදුනු අවුරුද්ද අඩු කරගන්න එකයි.
ReplyDeleteඒ කියන්නේ 1990 ඉපදුනු කෙනෙක්ගේ වයස හොයා ගන්න නම් 2014 න් 1990 අඩු කෙරුවාම හරි.
කොහොමින් හරී හරීට සුබ පැතුම්....!!!
ඔව්. මනෝජ් කියන ක්‍රමය තමයි හරි. ලැබුවා සම්පූර්ණ වුනා කියන එක දැන් යල් පැනලා. ස්තුතියි.
Deleteඅප්පද බොල මේ කිව්වහමයි මටත් මතක් උනේ. මගේ බ්ලොගේ තුන් වෙනි උපන්දිනේ සැප් 19 පහු වෙලානේ. :ඔ
ReplyDeleteඒකෙන් කමක් නෑ හරී ගේ මේ ඇක්ටිව් බ්ලොග් එකට සුබම සුබ හතර වෙනි උපන්දිනයක් වේවා !!!
ඔයාගෙ බ්ලොග් එකේ නම මොකක්ද ? :)
Deleteඅර "කුරුඳු වත්ත" ද මොකක්ද නේද? ;)
Deleteහුහ්....
Delete@සයුරි,
Deleteසුභ පැතුම භාරගන්නා ගමන්ම අමතකවූ උපන්දිනයටත් සුභ පතන්න කැමතියි.
සෙන්නා බබා
ඔන්න පරක්කු වෙලා හරි මමත් දුවගෙන ආව හතරට සුභ පතන්න...අපිට ජය වේවා ! නිතරම ලියවේවා !
ReplyDeleteමට උත්තර දෙන්නත් පරක්කු උනා. ස්තුතියි සුභ පැතුමට.
Deleteපහුගිය ටිකේ හරිම කාර්‍යයබහුල වෙලා හිටියෙ. ඇඟපත රිදෙනවා තාමත්. ඉතින් දැනුයි පටන්ගන්නෙ කමෙන්ටු වලට උත්තර බඳින්න.
ReplyDeleteසුබ පැතුම් මචං.... !!
ReplyDeleteමේ ටිකේ මම උබේ බ්ලොග් එකේ තියෙන පල්ලියේ වෙඩිම පෝස්ට් එකේ එල්ලිලා ඉන්නේ... :)
මධුවා වෙඩිමට ලෑස්තිවෙනවා වගේ. වෙඩිමෙන් පස්සේ නම් බ්ලොග් පැත්ත පලාතෙ එන එකක් නෑ.
Deleteසුභ පැතුමට ස්තුතියි.
බ්ලොග් පටන් ගත්තු මුල්ම කාලේ බ්ලොග් එකක් තමයි නැද්ද? දැන් අවුරුදු හතරක් වෙලා, හතරක් කිව්වට හතර ලැබුවද, සම්පූර්ණ වුනාද කියලා මම මේ කල්පනා කලේ.... මේ ලිපිය මීට කලින් කියෙව්වේ. ෆෝන් වලින් කෙටි කමෙන්ට් දැම්මට දිග ඒවා දාන්න ටයිප් කරන්න හෙන වෙලාවක් යන වැඩැක් නිසා කොම්පියුටරේ දානකල් ඉදලා මේ කමෙන්ට් කරන්නේ.... පරණ ලිපි ටිකත් කියෙව්වා. අපිත් රාගම පැත්තේ නම් නිතර යනවා එනවා..... හරි ලගේ කොච්චි ස්ටේසමට ලගටත් ඉදලා හිටලා එනවා..... දවසක් නම් අර සෙන්නා කියන හාදයවත් හමුවුනා.... කොහොමහරි මෙන්න පිලිගන්න මගේ උණුසුම් සුබ පැතුම්! කකා කියනවා වගේ පහට පාස් වෙන්න සුබ පැතුම්!!!
ReplyDelete//දැන් අවුරුදු හතරක් වෙලා, හතරක් කිව්වට හතර ලැබුවද, සම්පූර්ණ වුනාද කියලා මම මේ කල්පනා කලේ...// :P
Deleteදැන් ඒ කාලෙ පටන්ගත්තු ගොඩක් අය ලියනවා අඩුයි නේද? මට වගේම කාල වේලාව මදිකම වෙන්න ඕනා හේතුව. මමත් සෑහෙන අමාරුවෙන් තමයි වෙලාව හොයාගන්නෙ. කාලවේලාව නැතිකමද කාලය නිසි විදිහට කළමනාකරණය නොකරන කමද මන්දා?
ඔන්න සුභපැතීම සතුටින් භාරගත්තා.
අම්මෝ අවුරුදු හතරක් ලියනවා කියන්නේ සෙල්ලං ද කොල්ලෝ කිව්වලු.. සුභපැතුම් හරි.. ඒ එක්කම ඔන්න ඕනේ නැති වැඩේ. මං පල්ලි ගිය වෙලාවක අහගෙන හිටියා ලබන්න එන්න කියනවා. කලින් දිව්‍ය සත්ප්‍රසාද ලබපු නැති අයට එන්න එපා කිව්වා. මොකද ඒ?
ReplyDeleteඅවුරුදු හතරක් ගියා දැනුනෙත් නෑ. :)
Deleteදිව්‍ය සත්ප්‍රසාද පළමු වරට ලාබාදෙන්නේත් ලොකු සූදානමකින් පසුවයි. ඒවගේම හැමදාම දිව්‍ය සත්ප්‍රසාද ලබාගැනීමට පෙර තමුන්ගෙ පව් වලට පසුතැවිලි වෙලා සූදානම් වෙන්න ඕනා. අනික දිව්‍ය සත්ප්‍රසාදය කියන්නෙ ජේසුස් වහන්සේගේ ශරීරය කියලයි විශ්වාස කෙරෙන්නෙ. ඒ නිසා ලබාදෙන්නේ කිතුනුවන්ට පමණයි. ඒ අයත් කලින් සත්ප්‍රසාද ලබාගත් අය වෙන්න ඕනා වගේම සමහර කිතුනුවො තම පවු පිළිගෙන පාපොච්චාරණයක් කරන තුරු ස්වකැමැත්තෙන්ම සත්ප්‍රසාද ලබාගැනීමෙන් වැළකී සිටිනවා.
පල්ලියේ සත්ප්‍රසාද දෙන එක කෝවිලක/දේවාලෙක මුරුතැන් බත් දෙනවා වගේ වැඩක් නෙමෙයි.
මේ ලිපියෙ තව විස්තර ඇති.