මම මේ කියාගෙන යන්නෙ පහුගිය ඉරිදාවක තේවත්තෙ පල්ලියට ගිහින් ඒ අවට සැරිසරලා ආපු හැටි ගැන කතන්දරේනෙ. ගිය පාර නතරවුනේ අපි කෙටි ආහාරවේලක්, සිංහලෙන් කිව්වොත් සෝර්ට් ඊට්, අරගෙන කාපු තැනින්නෙ. එහෙනම් එතන ඉඳන් සිද්ධවෙච්චි දේවල් බලමු. පහුගිය කතාව බලපු නැති අයටයි මේ ලින්කුව.
රබර් වත්තක් මැද පිහිටි තේවත්ත බැසිලිකාව
පල්ලිය වටේ යනකොට මුලින්ම අවධානයට ලක්වුනේ ලක් කිතුනු ඉතිහාසය නිරූපණය වන අයුරින් නිර්මාණය වෙලා තිබුනු ලෝකඩ පුවරු. මේ පුවරු බොහෝම මෑතකාලීනවයි බැසිලිකාවට එකතු උනේ. ගිය වර මගේ ලිපියෙදී මෙන්ම ඊටපෙරත් මේ පුවරු බොහෝ විවේචනවලට ලක්වුණා. සමහරු ඒ ගැන පැහැදිලි කිරීමක්ද මගෙන් බලාපොරොත්තුවෙලා තිබුනා. ඒත් ඇත්තම කිව්වොත් මම ඒ පුවරුවල සඳහන් දේවල් ගොඩාක් සැළකිල්ලෙන් බලලා නෑ. අනික අපිට ඉස්කෝලෙ යන කාලෙ ඒ ඉතිහාසය උගන්වලා නැති නිසා ඇඟට වදින්නෙ නැති ගතියකුත් තිබ්බ. ඒක නිසා උනන්දුවෙන් බලන්න ගියෙ නෑ. ඒත් පහුගිය පෝස්ටුවෙන් මට තේරුම් ගියා ගොඩදෙනෙක් ඒ ගැන උනන්දු වෙන බව. ඒක නිසා කරුණු කාරණා හොයා බලලා වාර්තා කරන්නම්.
ඉන්පසු නැවතත් බැසිලිකාව තුළට ගිය අපි ලංකාවේ අප ස්වාමිදූගේ ප්‍රතිමාවද පසු කරමින් භූගත දේවස්ථානය වෙත ඇදුනා.
එක එක තැන්වල වෙනස්කම් ගැන සඳහන් කළ ලිපියෙදි මම කිව්වා මතකද 'චැපල්' නමින් හැඳින්වෙන කුඩා යැදුම් කුටි විශේෂයක් ඇති බව. අන්න ඒ චැපල් එකකට උදාහරණයක් තමයි බැසිලිකාව තුළ භූගතව ඇති මේ කුඩා දේවස්ථානය. එතුල සමාදානයේ සැතපෙන තෝමස් කුරේ කාදිනල් තුමාගේ පිළිරුව බලාගත් අපි නැවතත් ඉහළ මාලය වෙත පිවිසුනා. කාදිනල් තුමාගේ දේහය භූමදාන කොට තිබෙන්නෙත් මේ කුඩා දේවස්ථානය තුළමයි.
|
කාදිනල් තුමාගේ දේහය භූමදාන කොට තිබෙන්නෙත් මේ කුඩා දේවස්ථානය තුළමයි (මෙතනින්) |
ඊළඟ නැරඹුම් ස්ථානය උනේ බැසිලිකාවට දකුණු පසින් පිහිටි කෞතුකාගාරයයි. මකර තොරණ, පුන්කලස්, සඳකඩ පහණ යනාදී සංස්කෘතිකාංග තේවත්ත බැසිලිකාවේ දකින්නට ඇතැයි විවේචනයට ලක්වුනේ මේ කෞතුකාගාර ගොඩනැඟිල්ල නිසායි. කෞතුකාගාර දොරටුව පුරාණ සිංහල කැටයම් වලින් සරසා ඇති ආකාරය දර්ශනීයයි.
|
කෞතුකාගාර දොරටුව පුරාණ සිංහල කැටයම් වලින් සරසා ඇති ආකාරය |
මම මේ කෞතුකාගාරය කිහිපවිටක්ම නරඹා ඇති. ඒත් නැවත වරක් එයට ඇතුළුවීමට කල්පනා කළේ මගේ බ්ලොග් පාඨකයන්ට පෙන්වීම සඳහා ඡායාරූප කිහිපයක් ලබාගැනීමටමයි. කෞතුකාගාරය නැරඹීම සඳහා රුපියල් විස්සක ටිකට්පතක් ලබාගතයුතුයි. ඕගොල්ලොත් කෞතුකාගාරය බලන්න එනවා නම් ඉරිදා දවසක් තෝරාගන්න එක හොඳයි කියලයි හිතෙන්නෙ. මොකද මම කලින් ආපු බොහෝ වතාවල කෞතුකාගාරය වසා තිබුනා.
කෞතුකාගාරය පය ගැසූ හැටියේම මට පෙනුනේ එච්චර හොඳ දෙයක් නෙමෙයි. කෞතුකාගාරය ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර පෙර පරිදිම තිබීමත් එදාට වඩා අද එහි අංගෝපාංග දුහුවිල්ලෙන් නැහැවී කැඩී බිඳී තිබෙනු දැකීමත් මගේ ශෝකයට හේතු උනා. එහෙත් වැටුප් ගෙවා සේවකයන් යොදා පවත්වාගෙන යාහැකි මට්ටමේ ආදායමක් එය නොලබන බවයි මගේ හැඟීම. බැසිලිකාවට යන අයගෙන් සියයට එකක්වත් කෞතුකාගාරය වෙත යනු මා දුටුවේ නෑ. ටිකට් නිකුත් කළ කෙනාත් එය ස්වෙච්ඡාවෙන් කරන කෙනෙක් වීමට බොහෝ ඉඩ තියෙනවා. ඉතින් එහෙව් තත්වයක් තුළ කෞතුකාගාරයේ නඩත්තු කටයුතු සිදුකිරීම අපහසු ඇති.
පළමු කුටිය පුරාම තිබුනේ ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසය සඳහන් වෙච්ච ලී පුවරු. ඊට අමතරව ඉතා පුරාණ පෙනුමක් සහිත පිළි රූ ගණනාවක්ම රඳවා තිබුනා. නමුත් කණගාටුවට කරුණ ඒ පිළිබඳ කිසිඳු විස්තරයක් අඩංගු නොවීමයි. නිකම්ම දකිනවාට වඩා එය කවදා කොහේ කොතනක් නිපදවූවක්ද? කොතැන පාවිච්චි කළ එකක්ද? යන කරුණුත් අවම වශයෙන් ඒ කුමක්ද කියන හැඳින්වීමක්වත් තිබුනානම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. ඒ කුටිය තුළම පැරණි පන්නයේ පූජාවක් සිහිගන්නවන පිළි රූ කීපයක් ඇතුළු අල්තාරයක් තිබුනා.
ඒ පූජා ක්‍රමය ගැන කලින් දවසක මම කිව්වනෙ.
|
පැරණි පන්නයේ පූජාවක් සිහිගන්නවන පිළි රූ කීපයක් ඇතුළු අල්තාරයක් |
ඊළඟට තවත් කුටි කිහිපයක්ම පසු කළත් ඒවා මගේ සිත් නොගත්තේ කෞතුකාගාරය තුළ තිබූ භාණ්ඩ වර්ගීකරණය ඉතාම දුර්වල මට්ටමක තිබුනු නිසා. ජේසුතුමා යයි නම් තැබූ කුටියක විවිධ වර්ගවල පැරණි ජේසුතුමාගේ පිළිරූ එකතුකොට තිබුනේ ඒවා පිළිබඳ කිසිඳු විස්තරයකින් තොරවයි. ඒවගේම මරියතුමිය යයි නම් කළ කුටියක මරියතුමියගේ පැරණි ප්‍රතිමා රාශියක් එකතු කොට තිබුනා. මෙසේ නිසි පරිදි නම් නොකළ කුටි කිහිපයක්ම පසු උනා.
|
මේ කුටියෙ තිබුනෙ පැරණි පූජා ඇඳුම් |
ටික දුරක් යද්දී 'දහම් දූත පිය කුටිය' යැයි නම් දැරූ කුටියක් අසලට ළඟා වුනා. එහි නිරූපණය උනේ ඈත අතීතයේ ධර්ම ප්‍රචාරයට ආපු පියවරුන්ගේ කුටියක්. එහි තිබූ ඉතා පැරණි දුරකථනය, ලාම්පුව, අල්මාරිය වගේම ඉතා අවම පහසුකම් තිබූ නිදන කාමරයද මනහරයි. කුටිය තුළ එක තාපසවරයෙක් බයිසිකලයක නැඟී ගමන් කරන අයුරුත් නිරූපණය කර තිබුණා. තාපසාරාමයකට ගොස් ඔවුන්ගේ දින චර්‍යාවන් අධ්‍යයනය කිරීමට ආශාවක් ඇතිවුණා. එවලෙ නෙමෙයි මේ දැන්.
|
දහම් දූත පිය කුටිය |
|
ඉතා අවම පහසුකම් තිබූ නිදන කාමරය |
ඊටපස්සෙ කන්‍යා සොහොයුරියන් නිරූපණය කළ කුටිය දැකගන්නට ලැබුනා. අවට ලෝකය හා අවම සම්බන්ධතා පවත්වන තාපසිකාවක් මෙන්ම ඉස්සර කාලෙ හෙද සේවයේ යෙදුනු කන්‍යා සොහොයුරියකගේ ප්‍රතිමාවකුත් එහි තිබුනා. මට එවලෙ මතක් වුනේ පහුගිය කාලෙ මේ වගේ කන්‍යා සොහොයුරියක් දැලකින් එබෙන පින්තූරයක් ඇය බන්ධනාගාර ගත කරඇතැයි සඳහන් කරමින් පල කර තිබූ ආකාරයයි.
|
කන්‍යා සොහොයුරියන් නිරූපණය කළ කුටිය |
මිෂනාරිවරුන්ගේ ආගමනයෙන් පස්සෙ කන්‍යා සොහොයුරියනුත් ලංකාවට සැපත් වෙලා තියෙනවා. ඔවුන්ගේ කාර්‍යභාරය වුනේ සමාජ සේවය. ඔවුන් අයත් නිකාය අනුව ඊටම විශේෂ වූ කාර්‍යභාරයක් ඔවුන් සතුයි. උදාහරණ විදිහට කිව්වොත් සමහර සොහොයුරියන් හෙද සේවයේ යෙදුනා. සමහර අය පාසල් ළමුන්ට ඉගැන්වූවා. ළමා නිවාස පවත්වාගෙන ගියා. තවත් අය ගම්වල තරුණ තරුණියන්ට වූල් ගෙතීම, පුටු විවීම වගේ නොයෙකුත් කර්මාන්ත පුහුණු කළා. තවත් අය කළේ නොකඩවා යාච්ඤාවේ යෙදීම හා භාවනා කිරීමයි. මෙලෙස විවිධ නිකායවලට බෙදුනු කන්‍යා සොහොයුරියන්ගෙන් එදත් අදත් විශාල සේවයක් සිදුවෙනවා.
|
සුරවම් කූඩු |
තේවත්ත බැසිලිකාව වටාද පසුකාලීනව කන්‍යාරාම කිහිපයක්ම ඉදිවෙන්නෙ කාදිනල් තුමා විසින් එම නිකායන්ගෙන් කළ ඉල්ලීමක් අනුව. තේවත්ත පල්ලිය හුදකලා නොකොට ඒ ආශ්‍රිතව ආගමික පරිසරයක් නිර්මාණය කිරීමට කාදිනල්තුමා හිතන්න ඇති. මීට අමතරව විශ්‍රාමික කතෝලික පියතුමන්ලාගේ හා රදගුරුතුමන්ලාගේ වාසස්ථානය වන 'පිය සෙවන' නිවසද පිහිටා ඇත්තෙ තේවත්තේමයි.
|
පාප්තුමන්ලාගේ සිහිවටන |
ටිකෙන් ටික අපි කෞතුකාගාරයේ අවසාන කුටියටත් ආවා. අවසාන කුටිය වෙන්වෙලා තිබුනෙ ලංකාවට ආගිය පාප්තුමන්ලාගේ සිහිවටන වෙනුවෙන්. 1970දි සිදුවූ හයවන පාවුළු පාප්තුමාගේ සංචාරයේද 1995දි සිදුවූ දෙවන ජුවාම් පාවුළු පාප්තුමාගේ සංචාරයේද සිහිවටනවලින් කුටිය පිරී තිබුනා.
කෞතුකාගාරේ බලලා ඉවර වෙනකොට මට මතක හැටියට හවස දෙකත් පහුවෙලා ඇති. උදේ ආහාරයෙන් සන්තර්පණය වෙලා නිශ්ශබ්දව හිටපු බඩේ පනුවෝ ආයෙත් බඩට අනින්න පටන් අරගෙන. උන් පව් කියලා හිතලා හිමීට ආපන ශාලාව පැත්තෙ ගෑටුවා. පනුවන්ගේ වාසනාවට ආපන ශාලා වල කෑම තිබුනා. ඉතින් කෑමත් අරගෙන අපි ගියේ වන්දනාකරුවන්ට ආහාර ගැනීමට ඉදිකළ කුටියක් තුළට.
|
කට්ටකුමන්ජල් ගහ |
බැසිලිකාව අවට, වන්දනාකරුවන්ට ආහාර ගැනීම සඳහා ඉදිකොට තිබූ ස්ථාන වගේම වැසිකිළි හා දිය නෑමේ පහසුකම් හරිම ප්‍රශස්ත මට්ටමකින් තිබුනා. අපි නම් ඉතින් නාන්න ගියේ නෑ. අහල පහල ඉඳලා ගිහින් නාන්න යන්නත් බෑනෙ. ඉතින් අපි දිවා භෝජනය අරන් ඉන් පස්සේ අතුරු පසත් අරන් ආයෙ වට වන්දනාව ආරම්භ කළා. මට හිතුනා කඩෙන් බත් නොගෙන කෑම උයලා වෙන වෙනම භාජනවල දාගෙන ආවා නම් කොච්චර හොඳයිද කියලා. කොයි කඩෙන් කෑවත් ගෙදර බත් තරම් ඇඟට අල්ලන්නෙ නෑනෙ.
ඊලඟට පල්ලම් බැස්සේ ලූර්දු ගුහාව දිහාවට. ලූර්දු ගුහාව කියන්නෙත් මොකක්ද කියලා කියන්න වෙනවා නේද?
ඉතාලියේ ප්‍රංශයේ ලූර්දු නගරයේදී දේව මෑණියන් කුඩා ළමයෙකුට දර්ශනය වීමේ පුවත සිහිකරන්න තමයි සෑම පල්ලියකම පාහේ ලූර්දු ගුහාවක් ඉදිකරලා තියෙන්නෙ. ලූර්දු ගුහාවට යන අතරමඟදී විශාල ගහක් සමීපයේ අපි නතර උනා.
"ඒක කට්ටකුමන්ජල් ගහක්" එහෙම කිව්වෙ අපේ වන්දනා නඩයේ සාමාජිකාවක්. ඒත් මම නම් පිළිගත්තෙ නෑ. පස්සෙ වැක්කෙරිච්ච මැලියමුයි ඒවා කැටවෙච්චයි දැක්කා. ඒවා පාටින්, සුවඳින්, හැඩයෙන් කට්ටකුමංජල් වගේම තමයි. මේක කට්ටකුමන්ජල් ගහක්මද?
ගහත් පහුකරගෙන පහළට ගියාම මෙන්න තියෙනවා ලූර්දු ගුහාව. මෙතන 'ඔරේන්ජ් හිල්' වත්ත වෙලා තිබුනු කාලෙ ලොකූ කළු ගලක් තිබිලා තියෙන්නෙ. පල්ලිය හදන්න උවමනා කරන ගල් අරගෙන තියෙන්නෙ එතනින්. පස්සෙ පල්ලියෙ වැඩ ඉවරවුනාම ඒ 'ගල් වල' ලූර්දු ගුහාව බවට පරිවර්තනය වෙලා. ඒ පලාතම හරිම සීතලයි. හරිම නිස්කලංකයි. ඒ මදිවට ලූර්දු ගුහාව අවටින් මතුවෙච්චි දිය සීරා ඒ ගල්තලාවම තෙතබරිතව තබන බව තමයි පෙනුනෙ.
|
මෙන්න තියෙනවා ලූර්දු ගුහාව |
ඒ දිය සීරා එකතු කිරීමෙන් තැනූ පුංචිම පුංචි වැව ඊට එහා පැත්තෙන් බලාගන්න පුළුවන්. පල්ලියේ ජල අවශ්‍යතා සැපිරෙන්නෙ ඒ වැවෙන්. වැවට නම් බහින්න දෙන්නෙ නෑ. නා කියා ගන්න අවශ්‍යය කෙනෙකුට වැවට එහායින් ඇති ළිඳත් ටැංකි පෙළත් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ගස් වලින් පිරුනු වැව් තාවුල්ල හරිම මනස්කාන්ත දර්ශනයක් මවා පෑවා.
හවස හතර විතර වෙනකොට පල්ලිය වටේම ඇවිදලා ඉවරයි. දැන් ගෙදර යන වෙලාව. එන ගමන් පල්ලිය ඉස්සරහා අච්චාරු වෙළෙන්ඳියන්ගෙන් අච්චාරු මුලක් අරන් එන්නත් අපි අමතක කෙළේ නෑ.
බලං ගියාම හරී බලනවට වඩා කාපු එක නෙව කරල තියෙන්නෙ... හෙක් හෙක්...
ReplyDeleteඅර කියපු කෞතුකාගාරෙට සෙනග නොඑන්න එහි අපිළිවෙල වගේම විස්තර මුකුත් නැති බවත් හේතුවෙන්ට ඇති... එහෙමත් නැත්තං බොහෝ විට ඒ පිළිබදව ඇති නොදැනුවත් භාවය... වෙන්නතු පුලවං.. මොකද රටේ තියෙන අනික් කෞතුකාගාර හිස් වෙලා තියෙන වෙලාව අඩුයි නෙව... එහෙව් එකේ අර වගේ වෙලා තියෙන්න මොකක් හරි පුස්නයක් බලපාන්න ඇති නේද
:) කෑම කියන්නෙ ඉතින් සරීරෙට අත්‍යාවශ්‍යය දෙයක්නෙ. ඉතින් නොකා කොහොමද? සමහරවිට ඔතනට එන්නෙ එකම පිරිසක් නිසා ඒගොල්ලෝ ආයෙ ආයෙ යන්නෙ නැතුව ඇති. ලංකාවෙ ජනතාව කෞතුකාගාර බලන්න ලොකු ඇල්මක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ. ළඟදි දළදා මාළිගාවෙ කෞතුකාගාර බලන්න ගියා. එහෙත් සෙනඟ හිටියෙ නෑ.
Deleteඅර කෞතුකාගාරෙ තව පිළිවෙලක් ඇතුව පෙන්නුවනං ආදායමක් හොයාගන්න තිබ්බ.
ReplyDeleteඅර ලුර්දු ගුහා මම පල්ලිවල දැකල තිබුණත් ඒ මොකක්ද කියල දැනගත්තෙ අද තමයි ඕං.
මමත් හිතන්නෙ පරණ සුරවම් එකතු කරන තැනක් නොවී පිළිවෙලක් උනා නම් මිනිස්සු එයි.
Deleteමේකෙ තියන හොර ඉතිහාසයත් බෞද්ධයන්ට රිදනව ආගමික පුවුරු ටිකත් ගැන ලියලා නැහැනේ මචෝ...
ReplyDeleteපෝස්ට් එක කියවලා බලලා කමෙන්ට් කරනවටයි මම කැමති.
Deleteකෞතුකාගාරයේ කුටි වීදුරු වලින් ආවරණය කරලද තියෙන්නේ? හැම පින්තූරයකම කැමරාවේ ෆ්ලෑෂ් ආලෝකය පරාවර්තනය වෙලා තියනවා. තව ආලෝකය වැඩි කරලා ගත්තනම් හොඳයි.
ReplyDeleteබොහොමයක් කෞතුකාගාර හරියට නඩත්තු වෙන්නේ නැහැ. ජාතික කෞතුකාගාරයේත් පඩිපෙලක් කඩා වැටුනානම් අනික් ඒවා ගැන කුමන කතාද.
කට්ටකුමන්ජල් ගහ ගැන තව විස්තර ටිකක් ලිව්වනම් වටිනවා. ඒක උලාකාලා හරි බලන්න එපැයි ඇත්තම කට්ටකුමන්ජල්ද කියලා.
ඔව් විචාරක මහත්මයා. සෑම කුටියකටම වීදුරු ආවරණයක් තියෙනවා. මම පින්තූර ගත්තෙ මගේ ජංගම දුරකථනයෙන්. කුටිවල ආලෝක තත්වය ඉතාම අඩු මට්ටමකයි තිබ්බෙ. ඒක නිසා ෆ්ලෑශ් ආලෝකය භාවිතා කරන්න සිදුවුනා. එහෙම දීප්තියක් නො එන විදිහට වීදුරුවක් ඡායාරූපගතකළ හැකිද?
Deleteමට ඒ විදිහෙම ප්‍රශ්නයක් එනවා ආලෝකය ගොඩාක් වැඩි තැනක වීදුරු කුටියක ඇතුළත දෙයක් ඡායාරූපගත කරන්න ගියාම. උදාහරණයකට හිතමුකො වීදුරු කූඩුවකින් වටවෙච්ච ප්‍රතිමාවක්. එතකොට ඡායාරූපගතවෙන්නෙ ප්‍රතිමාව නොවෙයි, වීදුරු තුලින් පෙනෙන අවට වස්තූන්ගෙ ප්‍රතිබිම්බ. විශේෂයෙන් මගේ ප්‍රතිබිම්භය. මෙයට කළ හැකි පිළියමක් තියෙනවාද?
බොහෝමයක් කෞතුකාගාර වලට සෙන්නඟ යන්නෙ නෑ. ගියත් උඩින් පල්ලෙන් එව්වා බලාගෙන යනවා මිසක් කෞතුක වටිනාකමින් ඒ දිහා බලන්නෙ කීයෙන් කී දෙනාද?
කට්ටකුමන්ජල් ගැන තව හොයලා බලන්න ඕනා. අපරාදෙ ටිකක් අරන් ආවානම් දුම් පරීක්ෂණයක් කරන්න තිබුණා.
මම හරිගෙ ජෝෂප් වාස් පියතුමා ගැන අන්තිම ලිපියට ගියා. ලඟදි පාප් වහන්සේ ඇවිත් එතුමාව සාන්තුවරයෙක් වශයෙන් ස්ථිර කරනවා නේද ?
ReplyDeleteඔවු. ලබන ජනවාරියෙදි ගෝල්ෆේස් පිටියෙදි පැවැත්වෙන විශේෂ දේවමෙහෙයකදි තමයි මමට මතක හැටියට ඔය ශුද්ධවරයට ඔසවා තැබීම සිද්දවෙන්නෙ.
Delete@සරත් අයියා, ඕනයියා,
Deleteඔව්. පාප්තුමා ඇවිත් ජුසේවාස් පියතුමාව ශුද්ධවරයට ඔසවාවි. මම ඒ ගැන පෝස්ටුවක් ලියන්නම්කො.
බලහං හරී.. ඔතනින් මම කී පාරක් ගිහින් ඇත්ද? ඒත් කවදාවත් හිතුනේ නැහැ බලන්න යන්න.. උඹට පිං.. දැන් නං යනවා ඕක බලන්න..
ReplyDeleteගියාට කමක්නෑ එතන ඉන්න ෆාදර්ලට දේශනා එහෙම දෙන්න යන්න එපා...මතක් කරලා.. ඔය කෝටුව තියලා පලයන් යනකොට.. හරිය ?
Deleteමේකා එහේ යන එක හොඳයි සෙන්නයියේ.ඒ ගිහින්ලා දේශායියේ නානාගේ බේකරියෙන් හොරෙන් කාපු ඒවා,පාරේ බස් හෝල්ට් වල ඉන්න කෙල්ලන්ට ඇහැ දාපු ඒවා,බෝතල් හොරකම් කරපුවා ගැන කියලා පශ්චාත්තාප වෙයන්.:D කිවත් වගේ ඔය කොටුව තියලා පලයන්...:D
Deleteඕ යේස්.. ගියාට නං කාරි නෑ . ඇවිදිනකොට අත් දෙක සාක්කුවෙ දාං ඇවිදපං .. :D
Deleteවෙලාවක ගිහින් බලන්න දේශා.
Deleteඅපොයි අහිංසක දේශාට හම්බෙන මඩ පාරවල්. :P
ඇත්තද හරී ඕකත් බැසිල්ගේ කියන්නෙ ? බැසිලිකා කියන්නෙ ඒකලු.. හෙහ් හෙහ්.. :)
ReplyDeleteමේ පලාතෙ නැති අමුතු පරිසරයක් එතන තියනවා වගේ කියලා හිතුනෙ අන්තිම ටික කියෙව්වම.. කොහොමත් ලඟදිම යන්න ඕනා බලන්න...
//ඇත්තද හරී ඕකත් බැසිල්ගේ කියන්නෙ ? //
Delete:D
@@සෙන්නා,
Deleteයන විදිහට ඒකත් බැසිල්ගෙ වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ. :)
වෙලාවක ගිහින් බලලා එන්න. ළඟපාතනෙ.
I feel "Lourds"not in Italy.it's in France.isn't it?
ReplyDeleteYes, You are correct. Sorry for the mistake.
Deleteඅප්පට සිරි පලවෙනි කොටසත් එක්කම කියවන්න ඕන. එතන සෑහෙන සංවාදයක් ගිහින් වගේ. මමනම් ඔලුව දැම්මේ නෑ ඒකට. ඔලුව නිදහස් මදි :)
ReplyDeleteනාගෙන ආවානම් හරි :P
Deleteඅවුරුදු 2 ඉස්සල්ල ගියා එතකොට කවුතුකාගාරේ හොදට තිබ්බා බන්,,දූවිලි තිබ්බෙත් නෑ,,ලූර්දු තියෙන්නෙ ප්‍රාන්ස් වල බන්,,,සුවිස් ප්‍රාන්ස් බෝඩර් කිට්ටුව ගමක්
ReplyDeleteපුලුවන් නම් මේ කට්ටියටම ප්‍රශ්නයක් වෙලා තියන අර ඉතිහාස බෝඩ් ගැන හොයලා බලහන්
හෑ.. හොඳට තිබ්බා. :O අනේ මන්දා මම දැකපු විදිහ තමයි කිව්වෙ.
Deleteලූර්දු ගුහාවෙ කතාව නම් මට වැරදුනා. ඔන්න නිවැරදි කළා.
ඉතිහාස බෝඩ් වලට පදනම් වෙච්ච හේතු තියෙන පොතක් ලැබුනා. බලමු ඒක කියවලා.
ඔය ලූර්දු ගුහාව තියෙන්නෙ ප්‍රංශෙනෙ මලේ. අනික මට තියෙන තව ප්‍රශ්ණයක් තමයි, බල්ගේරියාවෙ, බොස්නියාවෙ, ඊජිප්තුවෙ වගේ තව ලොකේ ස්ථාන කිහිපයකම මරිය තුමිය දර්ශණය උනාය කියල කියත්දි, මිනිස්සු වඳිත්දි පුදත්දි, ඇයි මේ ලුර්දු ගුහාවම මේ තරම් විශේෂයක් දෙන්නෙ කියන එක.
ReplyDeleteකෞතුගාරෙ ගැන තියෙන විස්තරය ඇහුවම පුදුම උනා. මොකද කතෝලික සභාව කියන්නෙ ඉතා ක්‍රමවත් පිළිවෙලකට වැඩ කරන ආයතන ව්‍ය්හ්ය්හයක් වෙලත්, එතන පවත්වාගෙන යන පිළිවෙල නිසා.
හැඩ තල ගැන කලින් කතා කල නිසා, ආයි මොකට මැක්ක කරනවද. ඒ නිසා ඒ ගැන අදහස් මෙතන නැත :)
ඔයා හරි. ප්‍රංශයේ තමයි තියෙන්නෙ. නිවැරදි කළා.
Deleteඅතන මරියතුමී දර්ශනය උනා, මෙතන දර්ශනය උනා කියලා විටින් විට ලෝකෙ තැනින් තැනත් ලංකාවෙත් කතන්දර පැතිර ගියාට කතෝලික සභාව එවැනි දර්ශනය වීම් නිල වශයෙන් පිළිගන්නෙ නියමිත ක්‍රමවේදයකට පරීක්ෂණ පැවැත්වෙමෙන් පසුව. එබඳු බොහෝ පරීක්ෂණ කෙළවර වෙලා තියෙන්නෙ යම් යම් පුද්ගලයන් විසින් සිදු කෙරූ බොරු හැටියට. ඒත් ඉන්දික අයියා කිව්වා වගේ සභාව විසින් නිල වශයෙන් පිළිගත් මරියතුමියගේ දර්ශනයවීම් කීපයක්ම තියෙනවා.
ලූර්දු නුවර දර්ශනයවීමත් පාතිමා නුවර දර්ශනය වීමත් තමයි ඒ අතරින් වැදගත්ම දර්ශනයවීම් හැටියට සළකන්නෙ. ලූර්දු නුවරදී මරියතුමිය 18වරක් දර්ශනය වීමත් එය සත්‍යයඉ කියා පිළිගත හැකි අරුම පුදුම දේවල් සිදුවීමත් නිසා ඒ දර්ශනය ප්‍රධාන කොට සළකනවා වෙන්න පුළුවන්.
දේවස්ථානවල ලූර්දු ගුහා තැනීම කවුරුන් කවදා කොතනින් පටන් ගත්තු එකක්දැයි තවමත් සොයාගැනීමට ලැබුනේ නෑ.
කෞතුකාගාරයට නම් තියෙන්නෙ නඩත්තු වියදම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න ඕනා.
ස්කොට්ලන්තෙ Carfin නගරයේ තමයි පළවෙනි ලූර්දු අනුරුව හදලා තියෙන්නෙ.
Deleteකෝ ඉතින් අපි ගිහින් නැහැනේ ඔහොම තැනකට මෙහෙම ගියොත් මිසක්...:(
ReplyDeleteවෙලාවක ගිහින් එන්නනෙ තියෙන්නෙ.
Deleteරාගමත් තේ තියෙනවා කියලා මතක් වුනේ මේ පල්ලිය නිසා.
ReplyDeleteමම හුඟක් ඉස්සර ඔය පල්ලිය ලඟින් ගිහින් තියෙනවා ඔය හරියෙ ඉන්න බතික් වැඩපලක් හෙම තිබුණු අපේ නෑදෑයෙකුගේ ගෙදර.
මමත් යන්න හිතාගෙන ඉන්න තැනක් තමයි තේවත්තේ පල්ලිය.
උඹ ගිහින් තියෙනවද තරාලේ පල්ලියට? පූගොඩ කිට්‍ටුව?
තරාල කියන්නෙ පුදුම විදිහෙ තැන්පත් ශාන්ත ගතිගුන තියන මිනිස්සු ඉන්න ගමක්, මීක් කියල වචනයක් කියන්නෙ නෑ, කඩුපාරක් දෙනව ඇරෙන්න.
Delete@ඩූඩ්,
Deleteදැන්නම් තේ නෑ. ඉස්සර නම් තියෙන්න ඇති. පල්ලියට ගියාම ඉන්නෙ රාගම කියලා හිතෙන්නෙවත් නෑනෙ.
වෙලාවක ගිහින් බලලා එන්න. ඩූඩ් කියන පල්ලියට මම නම් ගිහින් නෑ. මොකක්ද ඒ පල්ලියේ විශේෂත්වය?
@කම්මල,
ඇඟත් එක්ක හිරිවැටුනා.
දැන් තමා ටිකක් සැනසීමෙන් මේ ලිපියේ කොටස් 2 ම කියෙව්වේ. වෙනදා වගේම ලස්සනට ලියලා තියනවා. මම දැන් ඉන්නෙත් තේවත්තට ලඟ පල්ලියක (රාගම).
ReplyDeleteගොඩාක් ලිපිය ගැන සාකච්ඡාවල් ගිහිල්ලා තියෙන පාට පෙණුනා. කැටයම් ගැන කතා කරනවානම් ඒවාට ගොඩාක් පාදක වෙලා තියෙන්නේ මහාචාර්‍ය සෙනරත් පරණවිතානයන්ගේ සොයාගැනීම් (විශේෂයෙන් සීගිරිය ගැන). කෞතුකාගාරයට වෙලා තියෙන්නේ සෙනඟ ඒම අඩුකමයි.
හරී මහත්මා, මහනුවර ත්‍රිත්ව විදුහලේ දෙව්මැදුරත් පැරණි සිංහල ආභාෂය සහිතව ඉඳිවූවක් නේද? එය නම් හැබැයි එංගලන්ත සභාවට අයත් පල්ලියක්. ඇම්බැක්කේ ලී කැටයම්, මඟුල් මඩුවේ ආභාෂය ලැබුණු බවයි අසා ඇත්තේ. හැකිනම් ඒ ගැනත් යමක් ලියන්න. ජය!
ReplyDeleteඔබ හරි. ඒක තනිකරම මගුල් මඩුවෙ ආකෘතියක්. නමුත් වහළ යකඩ තළාඳ. හැබැයි මගුල් මඩුව කියන්නෙ විහාරයක් නෙමෙයි වගේම විහාරාරාම ලක්ෂන ඇති ඉදිකිරීමකුත් නෙමෙයි. එය ( සහ ඇම්බැක්කේ ) වඩා කිට්ටු කේරළ කෝවිල්, මන්දිර වලට. අන්න ඒකයි තේවත්තෙ සහ ට්‍රිනිටි පල්ලියෙ වෙනස.
Deleteඉන්දික මහත්මා, බොහොම ස්තුතියි!
Delete