තවත් ඉරිදා උදෑසනක්. මම කලින් පෝස්ට් වල කිව්වා වගේ දැන් හැම ඉරිදා දවසක්ම පාහේ පවුලේ ගමන් බිමන් වලට වෙන්වෙලා. ඉතින් මේ ඉරිදාත් අපේ සූදානම තවත් සුන්දර තැනක් බලා ගමනේ යෙදෙන්න. මෙදා ගමනාන්තය වෙලා තිබුනේ රාගම, තේවත්තෙ ලංකාවෙ අප ස්වාමිදුවගේ බැසිලිකාව. කොළඹ මීගමු පාරෙ කොළඹ ඉඳන් එද්දි හම්බෙන මහබාගෙ හන්දියෙන් දකුණට හැරෙන්න ඕනා. ඊටපස්සෙ රාගම දුම්රිය නැවතුම්පොළ පහුකරලා වමට හැරිලා කිලෝමීටරයක් යද්දි තේවත්ත බැසිලිකාව හමුවේවි. GPS බලලාත් පාර හොයාගෙන එන්න පුළුවන්. මම ගොඩාක්ම සවුත්තු උනෙත් මේ පාර හොයාගෙන යන්න ගිහින් තමයි. ඔන්න කෝකටත් ගියලා ගූගල් අයියගෙන් ඉල්ලගත්තු සිතියං කෑල්ලකුත් එල්ලුවා.
තේවත්තේ බැසිලිකාව එහෙම නැත්නම් කටවහරෙන් කිව්වොත් තේවත්ත පල්ලිය කියන්නෙ ලංකාවෙ තියෙන එකම බැසිලිකාව ඒවගේම ලංකාවේ තියෙන ප්‍රමාණයෙන් විශාලම දේවස්ථානය. තේවත්ත පල්ලිය අවට සිරි නරඹලා එන්න කිතුනු නොකිතුනු කාටවත් තහනමක් නෑ. මේ පෝස්ටුව කියෙව්වට පස්සෙ ඔයාලටත් ඒ පැත්තෙ යන්න හිතුනොත් ගිහින් බලලා එන්න. ඒකට කාගෙන්වත් තහනමක් නෑ. වන්දනා ස්ථානයක හැසිරිය යුතු ආකාරය දන්න ඕනෑම කෙනෙකුට එතන විවෘතයි.
"බැසිලිකාව කියන්නෙ මොකක්ද?" කියන ප්‍රශ්නය සමහරුන්ගෙ හිතට ඇවිල්ලා ඇති. මතකද? මම එක එක වර්ගයේ ගොඩනැඟිලි ගැන කලින් ලිපියක් ලිව්වා. ඒක කියවපු අයට නම් මතක ඇති. ලිපිය කියවපු අයට මතක් වෙන්නත් නොකියවපු අයට දැනගන්නත් එක්ක මම කියන්නම්කො බැසිලිකාවක් කියන්නෙ මොකක්ද කියලා. ඉතාම ඈත අතීතයේදී රෝමයේ පොදු කටයුතු සඳහා භාවිතා කරපු විශාල ගොඩනැඟිලි තමයි මුලින්ම බැසිලිකා විදිහට හඳුන්වලා තියෙන්නෙ. ඒත් පසුකාලීනව රෝම අධිරාජ්‍යයා කතෝලික ආගම වැළඳ ගැනීමත් එක්ක විශාල කතෝලික දේවස්ථාන බැසිලිකා නමින් හඳුන්වන්න පටන් අරන් තියෙනවා. සමහරවිට ඒ තිබ්බ පොදු ගොඩනැඟිලි දේවස්ථාන බවට පත් උනාද කියන්නත් බෑ.
කොහොමවෙතත් ලෝකයේ පසුකාලීනව ඉදිවන විශාල දේවස්ථානත් බැසිලිකා නමින් නම්වෙනවා. නමුත් ඒ සඳහා පාප්තුමාගේ විශේෂ අවසරයක් ඕනෑ. දැනට මේ විදිහට බැසිලිකා 1000ක් විතර ලෝකයේ ඉදිවෙලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි අපේ තේවත්තේ බැසිලිකාව. ඒක ලෝක කතෝලික සභාව තුළ ලංකාවෙ නියෝජනයක් වගේ.
එහෙනම් ගමනෙ විස්තර බලමුකො. අපේ ගෙදර ඉඳන් තේවත්ත පල්ලියට මහ දුරක් නැති නිසා එච්චර උදෙන්ම ගමන පිටත් වීමේ සූදානමක් තිබුනේ නෑ. ඇරත් පරිසරයම වෙලාගත් වැහි මන්දාරම් ගතිය නිසා පවුලේ අයත් ගමනට අදිමදි කරන ආකාරයක් පෙනෙන්නට තිබුනා. ඒත් මගේම පෙරැත්ත කිරීමෙන් ලෑස්ති බෑස්ති වෙලා කට්ටිය එළියට බහිනකොට උදේ නමය හමාරටත් කිට්ටුයි.
තේවත්ත පල්ලිය කියන්නෙ අපිට නුහුරු තැනක් නෙමේ. මතකනෙ රබර් වතුගානෙ කරක් ගහපු අපේ ළමා දිනය. ඒක නිසා පාර තොට පිළිබඳ දෙගිඩියාවක් තිබුනේ නෑ. ඒත් කෙටිම පාරෙන් යාමේ ලෙඩේ හැදුනා. කලින් කිව්වා වගේ GPS අයියා හොඳටම වද දුන්නෙ මේ ගමනෙදි තමයි. කොහොමහරි කැරකිලා කැරකිලා තේවත්තේ පල්ලියේ මායිම් පේන්න ගන්නකොට වෙලාව උදේ දහයාමාරට විතර ඇති.
අපි තේවත්තට ළඟා වුනේ මල් වැස්සකුත් අරගෙන. ගිනි කාෂ්ඨක අව්වේ පවා ගිම් නිවාලමින් සිසිලස සදන තේවත්ත පරිසරය හිරිපොද වැස්සේදී ගෙනෙන සිසිලස, ලස්සන, නිස්කලංක බව කියා නිමකරන බෑ. ඒ වැස්සේ තෙමෙන්නට අපට අවකාශ නොලැබුනේ පෞද්ගලික වාහනයක පැමිණි නිසා. ඒ නිසාම පල්ලිය දක්වා වැටී තිබූ පියගැටපෙළේ එහා මෙහා පනිමින් ලැබූ වින්දනයද අහිමි උනා. මැසොන් අගරදගුරු තුමාගෙත් තෝමස් කුරේ කාදිනල් තුමාගෙත් පිළි රූ අසලින් හැරී දේවස්ථානයේ දොරටුව දක්වාම අපි ධාවනයේ යෙදුණා. වාහනයෙන් බැස්ස අපි කෙලින්ම දේවස්ථානයට ඇතුළු උනා. ඒ දහවල් එකොළහට ආරම්භ වීමට තිබූ දිව්‍ය පූජාවට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන්.
දිව්‍ය පූජාව ඉවරවෙනකම් පොඩ්ඩක් අතීතයේ රවුමක් ගිහින් එමුද? 1940 වර්ෂය වෙනකොට මුළු ලෝකය දෙවන ලෝක යුද්ධයේ ගිනිදැල් වලින් වෙලීයමින් තිබුනා. කට්ටියට මතකත් ඇති. නෑ.. නෑ.. ඒ ගැන කියෝලා ඇති. එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් මෙන්ම උපාය මාර්ගික අතින් වැදගත් ස්ථානයක පිහිටි ලංකාවටද යුද්ධයේ බලපෑම් එල්ලවෙමින් තිබෙන්නට ඇති. යුද්ධය ලංකාවටත් පැතිරුනොත් ඉන් වන හානිය දකින එවකට ලංකාවේ අගරදගුරු තැන්පත් මේරි මැසොන් හිමිපාණන් දේව මෑණියන් ඉදිරියේ භාරයක් වෙනවා. ලංකාව දෙවන ලෝක යුද්ධයෙන් බේරාදුනහොත් දේව මෑණියන් වෙනුවෙන් බැසිලිකාවක් ඉදිකොට, දේව මෑණියන්ව 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අභිෂේක ගැන්වීමට ඔහු පොරොන්දු වෙනවා.
දේව මෑණියන්ව 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අභිෂේක ගැන්වීමට?? ඒ ගැන පැහැදිලි කිරීම මෙහෙමයි. දේව මැණියන් කියන්නෙ ජේසුස් වහන්සේගේ මව වෙච්ච මරියතුමියට. අතීතයේ පටන්ම විවිධ නාම වලින් දෙව්මවුන් හඳුවමින් එතුමියට ගෞරව දැක්වීම සම්ප්‍රදායක් බවට පත්ව තිබෙනවා. ශු. ජපමාල මෑණියෝ, පාතිමාවේ අප ස්වාමිදූ, ලූර්දුවේ අප ස්වාමිදූ වැනි නම් එසේ යොදාගන්නා නම් වලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මෙසේ අභිසෙස් කිරීමේදි ඒ නමටම ගැළපෙන විවිධ සංකේත යොදා ප්‍රතිමා සකස් කිරීමත් සම්ප්‍රදායක්. ඉතින් ලංකාව යුද්ධයෙන් බේරාදීමට ගරු කිරීමක් වශයෙන් තමයි දේව මෑණියන් 'ලංකාවෙ අප ස්වාමිදූ' වශයෙන් නම් කරන්න පොරොන්දු වෙන්නෙ.
කාලය ගත වෙලා දෙවන ලෝක යුද්ධය නිමාවට පත් වෙනවා. සිතූ පැතූ ලෙස ලංකාව යුද්ධයෙන් ගැළවීමත් එක්ක පොරොන්දු ඉටුකිරීමේ කාලය එළඹෙනවා. මේරි මැසොන් හිමිපාණන් රෝමය බලා පිටත්වෙන්නෙ බැසිලිකාව ඉදිකිරීම සඳහා පාප්තුමාගේ නිල අවසරය ලබා ගන්න. නිසි අවසරය ලැබුනත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනු දැකීමට එතුමා ජීවත්වන්නේ නෑ. ඒ කාර්‍යය ඉදිරියට ගෙන යන්නේ එතුමන්ගෙන් පසු පත්වූ තෝමස් කුරේ කාදිනල් තුමා විසින්. ඔවුන් දෙදෙනාට කරන උපහාරයක් වශයෙන් තමයි දෙදෙනාගේම පිළිරූ දේවස්ථානයට එන මඟ ඉදිකර ඇත්තේ.
බැසිලිකාව සඳහා අවසර ලැබුනු පසු එයට සුදුසු ඉඩමක් හොයන අතර තමයි තේවත්ත පල්ලිය ඉදිරිපිට (බැසිලිකාව නොවේ. බැසිලිකාව ඉදිරිපිට ඇති කුඩා දේවස්ථානය ) තිබූ 'ඔරේන්ජ් හිල්' නම් රබර් වත්ත විකුණන බව ආරංචි වන්නේ. බැසිලිකාව ගොඩනැඟීම සඳහා එය මනරම් ස්ථානයක් බව දකින අගරදගුරුතුමා එය මිලට ගන්නවා. ඉන්පසු කඩිනමින් බැසිලිකාව ඉදිකිරීමේ කටයුතු ආරම්භ වෙනවා.
බැසිලිකාව ඉදිවෙමින් පැවතෙන අතරේම ලංකාවේ අප ස්වාමි දුවගේ පිළිරුවද නිර්මාණය උනා. පෘතුගාලයේ පාතිමාවේ අප ස්වාමිදූ ප්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියාම එය සිදු කළ අතර නා මල් කිනිත්තක් දෙපා මුල රැඳවුනේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්නුම් කිරීමටයි. ඒ වනවිට නා ගස ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම්කරලාවත් තිබුනේ නෑලු.
මධ්‍යහන දොළහා වෙද්දි දිව්‍ය පූජාව අවසාන උනා. දහවල් ආහාර ගන්නා වෙලාව වුවත් අප කෙටි ආහාරවෙලකින් සප්පායම් උනේ පරක්කුවෙලා උදේ කෑම ගත්තු නිසා. පල්ලියට පැත්තකින් පිහිටි අවන්හල වගේම අසල පිහිටි කන්‍යාරාමයෙන් පවත්වාගෙන යන අවන්හලත් වන්දනාකරුවන්ට බොහෝම ප්‍රයෝජනවත්. කන්‍යාරාමයේ අවන්හල අපේ සිත්ගෙන තිබ්බෙ පූප සෑදීමෙන් ඉතිරිවන කොටසුත් කන්‍යාරාමය තුළම නිපදවූ වයිනුත් අලෙවියට තබා ඇති නිසාමයි. පූප සෑදීමෙන් ඉතිරිවෙන කොටස්වලට ඇති අධික ඉල්ලුම නිසා ඒවා ලබාගත හැක්කේ සතියේ එක් දිනයක පමණක් බව දැනගන්නට ලැබුනා.
කෙටි ආහාරයෙන් පසු වැහි පොද අස්සේම අපි ඔබ මොබ ගියේ පරිසරයේ සුන්දරත්වය විඳගැනීමේ බලාපොරොත්තුවෙන්මයි.
තේවත්තේ බැසිලිකාව එහෙම නැත්නම් කටවහරෙන් කිව්වොත් තේවත්ත පල්ලිය කියන්නෙ ලංකාවෙ තියෙන එකම බැසිලිකාව ඒවගේම ලංකාවේ තියෙන ප්‍රමාණයෙන් විශාලම දේවස්ථානය. තේවත්ත පල්ලිය අවට සිරි නරඹලා එන්න කිතුනු නොකිතුනු කාටවත් තහනමක් නෑ. මේ පෝස්ටුව කියෙව්වට පස්සෙ ඔයාලටත් ඒ පැත්තෙ යන්න හිතුනොත් ගිහින් බලලා එන්න. ඒකට කාගෙන්වත් තහනමක් නෑ. වන්දනා ස්ථානයක හැසිරිය යුතු ආකාරය දන්න ඕනෑම කෙනෙකුට එතන විවෘතයි.
තේවත්ත පල්ලිය (පින්තූරය මෙතනින්) |
කොහොමවෙතත් ලෝකයේ පසුකාලීනව ඉදිවන විශාල දේවස්ථානත් බැසිලිකා නමින් නම්වෙනවා. නමුත් ඒ සඳහා පාප්තුමාගේ විශේෂ අවසරයක් ඕනෑ. දැනට මේ විදිහට බැසිලිකා 1000ක් විතර ලෝකයේ ඉදිවෙලා තියෙනවා. ඒ අතරින් එකක් තමයි අපේ තේවත්තේ බැසිලිකාව. ඒක ලෝක කතෝලික සභාව තුළ ලංකාවෙ නියෝජනයක් වගේ.
එහෙනම් ගමනෙ විස්තර බලමුකො. අපේ ගෙදර ඉඳන් තේවත්ත පල්ලියට මහ දුරක් නැති නිසා එච්චර උදෙන්ම ගමන පිටත් වීමේ සූදානමක් තිබුනේ නෑ. ඇරත් පරිසරයම වෙලාගත් වැහි මන්දාරම් ගතිය නිසා පවුලේ අයත් ගමනට අදිමදි කරන ආකාරයක් පෙනෙන්නට තිබුනා. ඒත් මගේම පෙරැත්ත කිරීමෙන් ලෑස්ති බෑස්ති වෙලා කට්ටිය එළියට බහිනකොට උදේ නමය හමාරටත් කිට්ටුයි.
තේවත්ත පල්ලිය කියන්නෙ අපිට නුහුරු තැනක් නෙමේ. මතකනෙ රබර් වතුගානෙ කරක් ගහපු අපේ ළමා දිනය. ඒක නිසා පාර තොට පිළිබඳ දෙගිඩියාවක් තිබුනේ නෑ. ඒත් කෙටිම පාරෙන් යාමේ ලෙඩේ හැදුනා. කලින් කිව්වා වගේ GPS අයියා හොඳටම වද දුන්නෙ මේ ගමනෙදි තමයි. කොහොමහරි කැරකිලා කැරකිලා තේවත්තේ පල්ලියේ මායිම් පේන්න ගන්නකොට වෙලාව උදේ දහයාමාරට විතර ඇති.
අපි තේවත්තට ළඟා වුනේ මල් වැස්සකුත් අරගෙන. ගිනි කාෂ්ඨක අව්වේ පවා ගිම් නිවාලමින් සිසිලස සදන තේවත්ත පරිසරය හිරිපොද වැස්සේදී ගෙනෙන සිසිලස, ලස්සන, නිස්කලංක බව කියා නිමකරන බෑ. ඒ වැස්සේ තෙමෙන්නට අපට අවකාශ නොලැබුනේ පෞද්ගලික වාහනයක පැමිණි නිසා. ඒ නිසාම පල්ලිය දක්වා වැටී තිබූ පියගැටපෙළේ එහා මෙහා පනිමින් ලැබූ වින්දනයද අහිමි උනා. මැසොන් අගරදගුරු තුමාගෙත් තෝමස් කුරේ කාදිනල් තුමාගෙත් පිළි රූ අසලින් හැරී දේවස්ථානයේ දොරටුව දක්වාම අපි ධාවනයේ යෙදුණා. වාහනයෙන් බැස්ස අපි කෙලින්ම දේවස්ථානයට ඇතුළු උනා. ඒ දහවල් එකොළහට ආරම්භ වීමට තිබූ දිව්‍ය පූජාවට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන්.
දිව්‍ය පූජාව ඉවරවෙනකම් පොඩ්ඩක් අතීතයේ රවුමක් ගිහින් එමුද? 1940 වර්ෂය වෙනකොට මුළු ලෝකය දෙවන ලෝක යුද්ධයේ ගිනිදැල් වලින් වෙලීයමින් තිබුනා. කට්ටියට මතකත් ඇති. නෑ.. නෑ.. ඒ ගැන කියෝලා ඇති. එවකට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් මෙන්ම උපාය මාර්ගික අතින් වැදගත් ස්ථානයක පිහිටි ලංකාවටද යුද්ධයේ බලපෑම් එල්ලවෙමින් තිබෙන්නට ඇති. යුද්ධය ලංකාවටත් පැතිරුනොත් ඉන් වන හානිය දකින එවකට ලංකාවේ අගරදගුරු තැන්පත් මේරි මැසොන් හිමිපාණන් දේව මෑණියන් ඉදිරියේ භාරයක් වෙනවා. ලංකාව දෙවන ලෝක යුද්ධයෙන් බේරාදුනහොත් දේව මෑණියන් වෙනුවෙන් බැසිලිකාවක් ඉදිකොට, දේව මෑණියන්ව 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අභිෂේක ගැන්වීමට ඔහු පොරොන්දු වෙනවා.
දේව මෑණියන්ව 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අභිෂේක ගැන්වීමට?? ඒ ගැන පැහැදිලි කිරීම මෙහෙමයි. දේව මැණියන් කියන්නෙ ජේසුස් වහන්සේගේ මව වෙච්ච මරියතුමියට. අතීතයේ පටන්ම විවිධ නාම වලින් දෙව්මවුන් හඳුවමින් එතුමියට ගෞරව දැක්වීම සම්ප්‍රදායක් බවට පත්ව තිබෙනවා. ශු. ජපමාල මෑණියෝ, පාතිමාවේ අප ස්වාමිදූ, ලූර්දුවේ අප ස්වාමිදූ වැනි නම් එසේ යොදාගන්නා නම් වලට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. මෙසේ අභිසෙස් කිරීමේදි ඒ නමටම ගැළපෙන විවිධ සංකේත යොදා ප්‍රතිමා සකස් කිරීමත් සම්ප්‍රදායක්. ඉතින් ලංකාව යුද්ධයෙන් බේරාදීමට ගරු කිරීමක් වශයෙන් තමයි දේව මෑණියන් 'ලංකාවෙ අප ස්වාමිදූ' වශයෙන් නම් කරන්න පොරොන්දු වෙන්නෙ.
කාලය ගත වෙලා දෙවන ලෝක යුද්ධය නිමාවට පත් වෙනවා. සිතූ පැතූ ලෙස ලංකාව යුද්ධයෙන් ගැළවීමත් එක්ක පොරොන්දු ඉටුකිරීමේ කාලය එළඹෙනවා. මේරි මැසොන් හිමිපාණන් රෝමය බලා පිටත්වෙන්නෙ බැසිලිකාව ඉදිකිරීම සඳහා පාප්තුමාගේ නිල අවසරය ලබා ගන්න. නිසි අවසරය ලැබුනත් එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වෙනු දැකීමට එතුමා ජීවත්වන්නේ නෑ. ඒ කාර්‍යය ඉදිරියට ගෙන යන්නේ එතුමන්ගෙන් පසු පත්වූ තෝමස් කුරේ කාදිනල් තුමා විසින්. ඔවුන් දෙදෙනාට කරන උපහාරයක් වශයෙන් තමයි දෙදෙනාගේම පිළිරූ දේවස්ථානයට එන මඟ ඉදිකර ඇත්තේ.
ලංකාවෙ අප ස්වාමිදූ (පින්තූරය මෙතනින්) |
බැසිලිකාව ඉදිවෙමින් පැවතෙන අතරේම ලංකාවේ අප ස්වාමි දුවගේ පිළිරුවද නිර්මාණය උනා. පෘතුගාලයේ පාතිමාවේ අප ස්වාමිදූ ප්‍රතිමාව නිර්මාණය කළ ශිල්පියාම එය සිදු කළ අතර නා මල් කිනිත්තක් දෙපා මුල රැඳවුනේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්නුම් කිරීමටයි. ඒ වනවිට නා ගස ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නම්කරලාවත් තිබුනේ නෑලු.
මධ්‍යහන දොළහා වෙද්දි දිව්‍ය පූජාව අවසාන උනා. දහවල් ආහාර ගන්නා වෙලාව වුවත් අප කෙටි ආහාරවෙලකින් සප්පායම් උනේ පරක්කුවෙලා උදේ කෑම ගත්තු නිසා. පල්ලියට පැත්තකින් පිහිටි අවන්හල වගේම අසල පිහිටි කන්‍යාරාමයෙන් පවත්වාගෙන යන අවන්හලත් වන්දනාකරුවන්ට බොහෝම ප්‍රයෝජනවත්. කන්‍යාරාමයේ අවන්හල අපේ සිත්ගෙන තිබ්බෙ පූප සෑදීමෙන් ඉතිරිවන කොටසුත් කන්‍යාරාමය තුළම නිපදවූ වයිනුත් අලෙවියට තබා ඇති නිසාමයි. පූප සෑදීමෙන් ඉතිරිවෙන කොටස්වලට ඇති අධික ඉල්ලුම නිසා ඒවා ලබාගත හැක්කේ සතියේ එක් දිනයක පමණක් බව දැනගන්නට ලැබුනා.
කෙටි ආහාරයෙන් පසු වැහි පොද අස්සේම අපි ඔබ මොබ ගියේ පරිසරයේ සුන්දරත්වය විඳගැනීමේ බලාපොරොත්තුවෙන්මයි.
කතාවෙ ඉතිරි කොටස තව ටික දවසකින් කියන්නම්කො...
Ithuru tika tika dawasakin???
ReplyDeleteටික දවස කිව්වට දැනටම ගොඩ දවසක් ගිහිල්ලා නේද?
Deleteආ බන් උබ තේවත්තට යන්නත් දා ගත්තද? අයියෝ සල්ලි....
ReplyDeleteමම අහලා තියනවා කතාවක් ඇත්තද දන්නෙ නෑ,,ඔය බාරෙ හැටියට පල්ලිය හදලා ඉවර කරන්නෙත් නෑලු,,ඇත්තද දන්නෙ නෑ,,මම ගිය හැම පාරම ඔතන බාස් කෙනෙක් මොනා හරි හදනවා නෑ නම් සූර සූර හරි ඉන්නවා
//ආ බන් උබ තේවත්තට යන්නත් දා ගත්තද? අයියෝ සල්ලි....//
Deleteඕකට තමයි කියන්නෙ 'ගමේ අරක්කු නම්බු නෑ' කියලා. ඔය කිව්වට මංගල්ලෙ කාලෙට පැත්ත පළාතෙ යන්නෙ නෑ ළඟයිනෙ කියලා. ඒත් ගොඩාක් ඈත පැතිවල ඉඳන් මිනිස්සු ඇවිත් දවස් ගණන් කූඩාරම් ගහගෙන ඉන්නවලු.
පල්ලිය හදලා ඉවර කරන්නේ නැති කතාව නම් මම දන්නෙ නෑ. සමහරවිට පල්ලිය ලොකු හින්දා බාස් උන්නැහැලාට පොඩි පොඩි වැඩ හම්බවෙනවද දන්නෙත් නෑ.
අපේ කොම්පැනියෙත් එහෙමයි. එක කෙළවරක ඉඳන් හදන් යද්දි අනෙක් කෙළවරෙන් කඩාගෙන එනවා.
How Can I Contact You.?
Deleteබිම ඉදන් බලනකොට පොඩියි වගේ පෙනුනට හරිම විශාලයි ඕක , අර රවුම් වහලය වටේ තියන කොන් කිරිට් එක වටේ කාර් එකක් උනත් එලයං යන්ඩ පුලුවන් කියල අපේ තාත්ත කියුවා . එයා හිරකාරයෝ වගයක් අරගන නැගල තියනව උඩට තීන්ත ගාන්ඩද කොහෙද
ReplyDeleteහරි අර සුරුවම වටේ තියන ලී වැට ගැනත් ලියන්න එක එක රටවලින් ගෙනාපු එක එක ලීවර්ග වලින් හදපු එක ගැන , ඒ ලීවලට තට්ටු කලාම එක එක හඩවල් එන එක එහෙම
//අර රවුම් වහලය වටේ තියන කොන් කිරිට් එක වටේ කාර් එකක් උනත් එලයං යන්ඩ පුලුවන් කියල අපේ තාත්ත කියුවා//
Deleteබිම ඉඳන් පෙනෙනවට වඩා හරි විශාලයි. ඒත් විශාල ගතිය පේන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ජනේලයක්ම සාමාන්‍ය පල්ලියක දොරකට වඩා විශාලයිනෙ. අත්තිවාරමම කොච්චර උසයිද?
//හරි අර සුරුවම වටේ තියන ලී වැට ගැනත් ලියන්න එක එක රටවලින් ගෙනාපු එක එක ලීවර්ග වලින් හදපු එක ගැන , ඒ ලීවලට තට්ටු කලාම එක එක හඩවල් එන එක එහෙම//
මේක දැනගත්තෙත් මේ කමෙන්ටුවෙන්. ඊළඟ පාර ගියාම තට්ටුවක් දාන්න ඕනා.
ස්ටික් දෙකක් අරං යමං :D
Deleteඅදනං විස්තර මදි ඔන්න ඈ...
ReplyDeleteනොකීවයි කියන්න එපා....
ඒ වුණත් මේම හරි ලිව්ව එකට තෑන්ක්ස් අප්ප....
අවන්හල අවන්හල කියල දකිද්දිත් කිචි කිචි වගේ
තව මේ වගේම විස්තර ඉතුරුවෙලා තියෙන නිසා කතාව දෙකට කඩන්න උනා. මොකෝ කිචි කිචි. බඩේ පනුවො බොක්සිං ගහනවාද?
Deleteහරී ඉරිදට රවුම් ගහන්න යන්නෙ පල්ලි යන්නෙ නැද්ද ?
ReplyDeleteඔන්න මටත් මතක් වෙනවා ළමා දිනය.. ඒ ගිහින් රබර් වතු අස්සේ රවුම් ගගහා හිටපු හැටි.. ගිය කාලයක් මතක නෑ.. යන්න ඕනා ළඟදිම...
රබර් තියනකොට ඇයි දන්නෑ තේ වත්ත කියන්නෙ නේද ? ඔතන තේ වත්තක් තිබුනා කියලා විශ්වාසකරන්නත් බෑනෙ මේ පළාත්වල තේ එහෙම සාරෙට නොවැවෙන නිසා...
<< ලංකාව දෙවන ලෝක යුද්ධයෙන් බේරාදුනහොත් දේව මෑණියන් වෙනුවෙන් බැසිලිකාවක් ඉදිකොට, දේව මෑණියන්ව 'ලංකාවේ අප ස්වාමිදූ' නමින් අභිෂේක ගැන්වීමට ඔහු පොරොන්දු වෙනවා. >>
මේක නිකං ඩීල් එකක් වගේනෙ... අපිට අරක දුන්නොත් අපි මේක දෙනවා.... ඔය බාර හාර ඔප්පු කරන එක අතීත ලංකාවෙ තිබුනු චාරිත්‍රයක්නෙ.. ඒක එහෙම්මම ලංකාවෙදි කතෝලික ආගමට අනුගත වෙලාද ? එහෙම නැත්නම් පිටරට අයත් මරිය තුමීට, අන්තෝනි මුනිද්‍රයට වගේ බාර වෙන පිළිවෙත් තියනවා කියලා සාක්ෂි තියනවද ? මෙතනදි භාරෙ වෙන්නෙ විදේෂිකයෙක් හින්දා අපිට එහෙමයි කියලත් හිතන්න පුළුවන් වගේ නේද ? ඔන්න අලුත් පෝස්ට් එකකට නිමිත්තක් අල්ලලා දුන්නා හරීට.. මීට කලින් ලියලා නැත්නම් මේ ගැන පොඩි ගවේශණයක් කරලා සවිස්තරාත්මක ලිපියක් ලියන්න කියල ඉල්ලා සිටිනවා...
//හරී ඉරිදට රවුම් ගහන්න යන්නෙ පල්ලි යන්නෙ නැද්ද ?// පල්ලි නොගිය කාලයකුත් තිබ්බා. ඒත් දැන් මාව ඇදගෙන යනවනෙ. ඒ මදිවට පොඩි එකා වගේ දඟලනවා කියලා බැනුමුත් හම්බවෙනවා. ඉරිදට ගමන් ගියත් ඒ අහල පහල පල්ලියකට යනවා.
Delete//ඔන්න මටත් මතක් වෙනවා ළමා දිනය.. ඒ ගිහින් රබර් වතු අස්සේ රවුම් ගගහා හිටපු හැටි.. ගිය කාලයක් මතක නෑ.. යන්න ඕනා ළඟදිම..//ඒ කාලෙ කරපුවා නම් ජීවිතේටම අමතක වෙන එකක් නෑ. පොඩි සෙන්නාවත් එක්කගෙන වෙලාවක යන්න තියෙන්නෙ.
//රබර් තියනකොට ඇයි දන්නෑ තේ වත්ත කියන්නෙ නේද ? ඔතන තේ වත්තක් තිබුනා කියලා විශ්වාසකරන්නත් බෑනෙ මේ පළාත්වල තේ එහෙම සාරෙට නොවැවෙන නිසා...//මම අහලා තියෙන හැටියට නම් ඔය තේවත්ත කියන ගම කලින් තේ හිටවපු වත්තක්ලු. පස්සෙ තේ හරි නොගිය තැන රබර් දැම්මලු.
මම චුට්ටක් හොයලා බැලුවට හරිහමන් විස්තරයක් ලැබුනෙ නෑ. හොඳට හොයලා ලියන්නම්.
කදානෙන් වල්පොල පාරෙ ආවනම් බාගෙකින් දුර අඩු වෙනව. මමත් කාලයක් වැඩට යනකොට දවස ගානෙම ගිය තැනක් පොඩ්ඩක් වෙලා ඉදගෙන ඉදල එනකොට හිතට හරි සැහැල්ලු බවක් දැනෙනව. මෑත කාලයේ බැසිලිකාවෙ වෙනස් කිරීම් වලදි පංසල් වල තියන සංකේත ගොඩක් එකතු කරල තියනව.
ReplyDeleteමමත් කලින් යාලුවෙක් එක්ක වල්පොල පාරෙ ගිහින් තියෙනවා. ඒක හොයන් ගිහින් පේරලන්ද පාර වටේ කැරකිච්ච එකයි උනේ. රිලවුල්ලට වැටෙන බොහෝම ළඟ පාරක් තියෙන බව අපේ මාමා කිව්වා.
Deleteසංකේත බැසිලිකා ගොඩනැඟිල්ලට එකතුවෙලා නෑ නේද? එව්වා ගොඩාක් තියෙන්නෙ කෞතුකාගාර ගොඩනැඟිල්ලෙ. ඒවගේම පාර දෙපස ඇති වැට හෝ තාප්පය දළඳා මාළිගාවේ වළාකුළු බැම්මේ ආභාෂය අරගෙන ඇති බව පේනවා. පල්ලියට කර ඇති වෙනස ලක් කිතුනු ඉතිහාසය ඇතුළත් පුවරු සවිකිරීමයි.
නිස්කලංක බව ගැන නම් විවාදයක් නෑ.
ඔන්න දැන් තමා වාහන පොජ්ජක් ගැනීමේ අගය තේරෙන්නේ නේද? මමත් හරිම ආසාකරන දෙයක් මෙවැනි දේවස්ථානවල තියන ගෘහනිර්මාණ ශිල්පීය විස්කම් නරඹන එක. ඇතුළේ පින්තූර ගන්න දෙන්නේ නැද්ද? මමනම් හොරෙන්ම ගත්තා තලවිල පල්ලියේ සුරුවමේ පින්තූරයක් බොහොම ලස්සණට හිටින්ඩ.
ReplyDeleteමධ්‍යාහ්න දොළහට දවල්ට කනවා? මොකෑ අනේ ඒ? අපේ හාමුදුරුවරුත් වළඳන්නේ 12.30 ට පෙරනේ. මම සාමාන්‍යයෙන් දිනපතාම පාහේ දවල්ට කොටා බාන්නේ 2.30 ට ආසන්නව. (උදේට 10.00 රෑට 09.00)
වාහන පොජ්ජෙ අගේ තව තේරෙන්න තිබ්බා පෙට්‍රල් නොමිලේ ලැබුනෙ නැත්නම්.. :D පින්තූර ගන්න නම් කොහෙවත් තහනමක් තිබුනෙ නෑ. හරි හමන් කැමරාවක් නොතිබුනා මිසක්. ඔය ටික ගැහුවෙත් ජංගමේ කැමරාවෙන්.
Deleteමම උදේට කන්නෙ 7ට. ඊටපස්සෙ 11 වෙනකොටම බඩගිනී. හරියට 12ට දවල්ට කනවා. ඊටපස්සෙ හයට ගෙදර ඇවිත් දවල් බත් එකේ මගෙ පංගුව කනවා.පස්සෙ අටට රෑට කනවා. එන්න එහෙමයි ඇඟේ හැඩය පවත්වා ගන්නෙ. :D
උඹ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. මේක ආගමක් ගැන ප්‍රශ්ණයක් නෙම්යි. ඔය පල්ලිය ඕනවට වඩා "ලාංකික" කරන්න ගිහින් පන්සල් කෑලි ඔබ්බල පල්ලියක තියෙන සුන්දරත්වය නැති කරල.
ReplyDeleteඔය වගේම අනික් පැත්තට ගිය පන්සලක් රන්දොඹෙත් තීනව.
පන්සල්වට ආවෙනික ලක්ෂන පල්ලියක දකින එකත් පල්ලියක ලක්ෂන පන්සලක දකින එකත් මයිකල් ජැක්සන් සුදුවෙන්න කරපු ඔපරේෂන් එක වගේ නොගැලපෙන, තත්වෙ පහත් කරගැනීමක් කියලයි මගේ පුදගලික අදහහස.
තව බුකියෙ ඕකෙ තීන වැරදි සිතුවම් ගැන වෙනමම පේජ් එකක් තීනව.
තීන කියන වචනේ පාවිච්චි කරන්නේ වැද්දෝ
Deleteමම ඔය ගැන යමක් කියන්න හදනකොට තමයි ඉන්දික අයියගෙ කමෙන්ට් එක දැක්කෙ. බෞද්ධ පන්සලක ගෘහ නිර්මාණ ශිල්පය මේ පල්ලියට ගත්තෙ ඇයි...ඒ වගේම ඉතිහාසය දරුණු අන්දමින් විකෘති කරපු තැන් කීපයක් ඔය පල්ලියේ තියෙන බිතු සිතුවම් තුල තියෙන බව මම අන්තර්ජාලයේ කරුණු දක්වා තිබූ තැනක දැක්කා. ඉන්දික අයියා කියන්නෙත් ඒ සිතුවම් ගැනම විය යුතුයි. මෙවැනි කාරණා වලින් ආගම් අතර සහජීවනයට හානියක් වෙයි කියලා මට හිතෙනවා. මොකද තේ වත්ත පල්ලිය කිව්වාම ඒ ගැන ඉතාම දැඩිව තමාගේ නොසතුට පල කරන බෞද්ධයො මට ගොඩාක් හමුවෙලා තියෙනවා.....මම කිව්ව ඡායාරූප බලන්න මෙන්න තැන
Deleteමෙතනත් තව විස්තර තියෙනවා මම මේවා මෙතනට දැම්මෙ උඹේ ලිපිය අවුල් කරන අදහසෙන් හෝ වාද කරන අදහසින් නෙමෙයි. මේ චෝදනා වලට පිළිතුරු කිසිම තැනක මම මෙතෙක් දැක නැති නිසයි. හැකි නම් මේවාටත් පිළිතුරක් දෙන්න හරී.
Delete"තේ වත්ත පල්ලිය" කිව්වම නොසතුට පළ කරණ බෞද්ධයො ඉන්නවානම් සිරා කණගාටුවෙන් කියන්න තියෙන්නෙ උන් නියම බෞද්ධයො නෙමේ කියලා තමා.. අර අම්මා තාත්තා බෞද්ධ නිසා නමට බෞද්ධ වුන උන්, එහෙම නැත්නම් දෙව්දත් බෞද්ධයො තමා ඔහොම කරනවා ඇත්තෙ.. උන් බෞද්ධයන්ට අපහාසයක්..
Deleteපල්ලියෙ දේශනා කරන ධර්මය ගැන නොවෙයිනෙ ගැටලුව තියෙන්නෙ....ඒ අය ඉතිහාසය විකෘති කරන්න දරලා තියෙන උත්සාහය. ඒ ගැනයි ගැටලුව තියෙන්නෙ. මම දාලා තියෙන ලින්කුව බලන්න සෙන්නා.
Deleteඒ ගැන බෞද්ධයෙක් තමන්ගෙ නොසතුට පල කරනවා නම්...ඒ අය දෙව්දත් කියලා හදුවන්න එපා සෙන්නා. එවැනි වරදක් කරපු අයටයි ඔබ නමක් යෝජනා කල යුත්තේ.
Deleteසිරා හිතන් ඉන්නෙ අපි දන්න ඉතිහාසය කිසිම වැරැද්දක්, අඩුපාඩුවක් නැති පරම පිවිතුරු නිර්මල හරිම හරි ඉතිහාසය කියලද ? මට තේරෙන විදිහටනම් අපේ ඉතිහාසා පොතේ මුළ ඉඳන්ම සාවද්‍ය පක්ශග්‍රාහී කරුණු තියෙන්නෙ. එහෙව් ඉතිහාසයක් තවටිකක් විකෘත්ති වුනා කියලා බෞද්ධයෙක් මොකට ඔය හැටි කලබල වෙනවද ? ඒකයි මම කියන්නෙ. අනිත් එක ඔය පල්ලියෙන් කියන කතාව බොරුයි කියලා කිසිම පුරා විද්‍යාඥයෙක් මේ වෙනකොට තවරු කරලා තියනවද ? ඔවුන් කියන කතාව ඇත්තනම් !
Deleteසිරා දීලා තියන ලින්ක් එක මම බැලුවා. හැමදේටම රෙද්ද උස්සන් දගලන ෆෙස්බුක් චන්ඩින්ගෙ පින්තූර ටිකක් හා ඒ ඔස්සේ පළ කරපු බ්ලොග් සටහනක් සාධක වශයෙන් පිළිගන්න මමනම් කැමති නෑ සිරා.
ඉතිහාසයය පිළිබද සටහන් වූ තැන් වල සුළු සුළු අඩුපාඩු විනා මේ වගේ අතිශය වීකෘතියක් තියෙන්න හැකියාවක් නෑනෙ. මුගලන් රජතුමා කිතුනු රජෙක් කියලා මේ පුවරු වල සදහන් කරලා තියෙන්නෙ මොලේ විකාර වෙච්ච උන්...අපි දන්න ඉතිහාස පොත් වල එතුමා ගැන තියෙන්නෙ මෙහෙමයි.
Delete//මුගලන් රජු රාජ්‍ය විචාරණ සමයෙහි ඔහු කේශාධාතු ලැබ ලක්දිවට වැඩම කළේය මුගලන් රජු ඉමහත් භක්ත්‍යාදරයකින් කේශධාතු පිළිගෙන රන් කරඬුවක තැන්පත් කොට පිළිම ගෙයක තබා ඊට නිරතුරු පුද පෙරහැර අතර එහි ආරක්ෂාවට සිලාකළ යෙදවීය ඔහුට අසිග්ගාහක පදවියද පිරිනමන ලදී//
සිරා සහ ඉන්දික අයියා ඉස්සල්ල ඔය පල්ලියට ගිහින් බලපල්ලා මොනාද තියෙන්නෙ කියලා..මට කියන්න තියෙන්නෙ ඔච්චරයි,,,
Deleteඅනුරාධපුරේ යුගයේ රෝම කාසි තිබිලා හමු උනා නම් ඒ වෙද්දි රෝම අධිරාජ්යයේ පැතිරෙන්න ගත්තු කිතු දහමත් ලංකාවෙ නෑ කියන්න බෑ,,මොකද ඒ මිනිස්සු ඇවිල්ලා අවුරුදු ගනන් යන රටක නවතින නිසා..
ඩිලා, මම ලංකාවෙ කිතුණු ඉතිහාසෙ ගැන කතා කරන්න මෙතන වේදිකාවක් කරගන්න හිතන්නෙ නෑ. හේතුව මම කැමති බලොග් කරුවෙක් වෙන හරියගෙ ගෙට පැනල අඩෝ තොපි කල්ලතෝනි යකෝ කියල කියල ඒකගෙ හිතත් රිද්දල මේ ලිපියට අනවශ්‍ය කාරනාවක් ඔස්සෙ වෙන පැත්තකට කතාව ගෙනියන්න අකමැති නිසා (හැබැයි මුගලන් කතෝලිකද නැද්ද, ලංකාවෙ කිතු දහමෙ ව්‍යාප්තිය සහ ආරම්භය වගේ දේ ගැන, උඹල කවුරුහරි ලිව්වොත් වෙනම පෝස්ට් එකක්, මම ඇවිත් මගේ මතය කියන්නම් ).
Deleteහැබැයි, ලිපියෙ සීමාවෙ ඉඳන් මම කියනව මේ පල්ලිය සිංහල බෞද්ධ ගෘහ නිර්මාණ ලක්ෂන එකතු කරල හදපු නිසා විකාරයක් වෙලා කියල. ඔව් ඒක ආයිත් කියනව. අනෙක තමයි, ලන්කාවෙ පන්සල් වල පමණක් යොදාගත් සමහර අංග මේ පල්ලියට යොදා ගැනීම මම අනුමත කරන්නෙ නෑ. ලෝකෙ පුරාම මහා පරිමානෙ කතෝලික පල්ලි රෝම ගෘහ නිර්මාණ ශිලපයට අනුව තමා ගොඩනැගෙන්නෙ. නමුත් ලංකාවෙ ලොකුම පල්ලිය පන්සලක් වගේ, චෛත්‍යක හැඩය ඇති මුණතක් සමග හැදෙනව. ඒක අහම්බයක් නෙමෙයි. කපටිකමට කල දෙයක්. මේව අනවශ්‍ය සහ ආගමික සහජීවනය බිඳින වැඩ. මම අන්න ඒකට අකමැතියි, ඒ නිසා මේ පල්ලියටත් අකමැතියි.
ඒ එක්කම පල්ලියක් වගේ පෙණුම තීන බුදු ගෙයක් ඇති අර කිව්ව රන්දොඹෙ පන්සලටත් අකමැතියි.
ඉන්දික අයියා කියපු දේ දැණුයි තේරුනේ,,ඔයා කියන්නෙ මේ ගොඩනැගිල්ලේ පන්සලක වගේ රවුම් කිරිල්ලක් තියන නිසා චෛත්‍යක හැඩය ගන්නවා කියලා,,ඇත්තටම ඔය පල්ලියෙ තියෙන්නෙ කුරුසියක හැඩයට,,ඔය පල්ලිය වගේම පල්ලි කීපයක් ඉතාලියෙත් මම දැකලා තියනවා,,,පල්ලියෙ ඉතිහාසය 50 ගනන් වලට දිවෙද්දි,,ඔය පල්ලියෙ ආකෘතිය අරගෙන ඇවිල්ලා තියෙන්නෙත් ඉතාලියෙන්ම තමා මම දන්න විදිහට..යම් යම් ඇතුලේ කොටස් සහ සදකඩ පහන වගේ දේවල් තියනවා..ලාංකීය ආභාශය අරගෙන..
Deleteමෙහෙම දෙයක් තියනවා අද පල්ලි වල උත්සව වලට සේසත් උඩු වියන් වගේ දේවල් යොදා ගන්නවා ඒත් ඒ වගේ නම් වැරදක් මම දකින්නෙ නෑ..
ආගම පිළිබඳව සහ ආගමික දර්ශනයන් පිළිබඳව සංවාද මිස විවාද කිරීමේ තේරුමක් නැහැ. මම මේ පල්ලියට ගිහින් නැහැ. නමුත් මෙහි දැක්වෙන සමහර ලක්ෂණ අනුව මේ පල්ලියට යම් දේශීයත්වයක් කවන්නට උත්සාහ දරා තිබෙන බව පෙනෙනවා. එහි වරදක් නැහැ. නමුත් එයින් වෙනත් ආගමකට හෝ රටේ පිළිගත් ඉතිහාසයට යම් බලපෑමක් එල්ලවනවානම් එය මතභේදයට තුඩුදෙන කරුණක් වනවා.
Deleteගොක්කොල සැරසිලි, සේසත්, පල්ලියක කටයුතු වලට යොදාගන්නේ, මේ රටේ තිබෙන ආගමික නිදහස පාවිච්චි කරමින්. ඉන්දියාවේ තිබෙන කතෝලික/ක්‍රිස්තියානි පල්ලිවල සාම්ප්‍රදායික හා ඓතිහාසික හින්දු ආගමික ලක්ෂණ වලට අදාළ දේ ප්‍රදර්ශනය කෙරෙන්නේ නැහැ.
ලංකාවේ ක්‍රිස්තියානි ආගමික ඉතිහාසය පිළිබඳව ලියවී තිබෙන කිසිදු විද්වත් මතයක සඳහන්වන්නේ නැහැ, අනුරාධපුර යුගය තරම් ඈත අතීතයක් දක්වා එය දිවයන බව. මා හිතනවා මේ පිළිබඳව කතෝලික සභාවේ මතය මෙහි දක්වන්නට හැකිනම් ඉතා වැදගත් බව.
පල්ලියේ තිබුන ලස්සන, කවුරු හරි ලස්සනට කාල තියනව අලුත් කෑලි එකතු කරල. මේකෙ වහලෙ දාගැබක ලක්ෂණ නම් පේන්න නෑ ඒ ටික රෝම පල්ලියක විදිහ තමයි පේන්නෙ.
Deleteඅනික කවුද දැකල තියෙන්නෙ දේව මෑනියන්ගෙ සිතුවම් තියන ටයිල් අල්ලපු මල් ආසනයක් තියන පන්සලක්.
උඹත් ෆීල්ඩ් එකේ එකා වෙච්චි. අවංකව කියහන්, ඔය උඩම තීන දෙවනි පින්තූරෙ ( මැප් එකට යට එක ) තියෙන ඔය කුරුසිය වට කරපු ස්ට්‍රක්චර් එක චෛත්‍යක හැඩය නෙමෙයිද, දෙපැත්තෙ කණු දෙක උඩ තියෙන ග්ලෝබ් දෙක සාමාන්‍ය රෝමන් ඩෝම් එහෙක පෙනුමෙන් වෙනස් කරල උඩි අර කැවුමක් වගේ උල් කරල, රුසියන් පල්ලියක ඩෝම් එකක් තරම් උලක් නැතුව කොත් කැරැල්ලක හැඩය දීල නැද්ද?
Deleteඇතුලෙ මකර තොරණ, සඳකඩ පහණ වගේ දේ නැද්ද? මේව ඇයි උවමනාඑන්ම පල්ලිවලට යොදන්නෙ. මම අන්තවාදි නෑ, ඒත් අපි ඒ ඒ අනන්‍යතා සහ සංකේත වලට හ්මි තැන දැනගන්න ඕන. ඒක සංස්කෘතියෙ කොටසක්.
දැ\ම් මුස්ලිම් ආගමේ තීනව ජියොමෙට්‍රිකල් තරු සහ ඩිසයින්ස්, මේව කතෝලික ප්ල්ලිවල යොදා ගන්නෙ නෑ. කතෝලික පල්ලියෙ තියෙන ගොතික් ආච් මුස්ලිම් පල්ලිවල යොදන්නෙත් නෑ. ඒ ඒ ආග්ම් වල ශාස්තෲ වරු තමන්ට ඒව අයිති බව කියල නෑ. නමුත් ඒ කලාංග, ඩීටේල්ස් අද අපි දකින තත්වෙට ඩිවලොප් වෙලා තියෙන්නෙ ඒ ඒ ආගමික ස්ථාන නිර්මාණයත් එක්ක. ඒව කළවම් කිරීම අනෙකාගෙ අනන්‍යතාව හොරා ගන්නට්‍රයි කිරීමක්.
උඹ ඔය කියන්නෙ අර කුරුනෑගල තියෙන රිදී විහාරෙ මල් ආසනෙ වෙන්න ඕන. ඒකත් වැරදියි. හැබැයි ඒ නොදන්න කමට කල දෙයක් බව පැහැදිලියි. නමුත් අම්බලන්ගොඩපල්ලියක හැඩේ බුදු ගේ තියෙන පන්සලනම් වැරදීමක් නෙමෙයි. ඒකයි මම කලින් කිව්වෙ ඒකත් අනවශ්යැ දෙයක් කියල.
ඉන්දික මට මතකයි කොහේ හරි පන්සලක (මහනුවර යුගයේ) මාර පරාජය පෙන්වන චිත්‍රයක තියනවා මාර සෙනග අතර ඉන්න සමහර අය තුවක්කුත් අරගෙන ඉන්නවා. එයින් පැහැදිලිවන්නේ තුවක්කු භාවිතට අපේ රටට ආවට පස්සේ ඇඳපු චිත්‍රයක් බවයි. සිත්තරා හිතලා නැහැ බුද්ධ කාලයේ තුවක්කු නොතිබුන බව.
Deleteමේ ගැන යමක් කිව්වොත් හොඳයි කියලා හිතෙන නිසා. යමක් එකතු කරන්නම් :)
Deleteපොදුවේ පිළිගන්නේ පෘතුගීසින් ඇතුළු යුරෝපා ජාතීන්ගේ පැමිණීමත් එක්ක ලංකාවට කතෝලික දහම ආවා කියලා වුණත් ඊට කලින් එහෙම දෙයක් නොතිබුණු බව කියන්න බැහැ. සරල උදාහරණයක් විදිහට ගත්තොත් මිහිඳු හාමුදුරුවෝ ලංකාව වැඩම කරන්න කලින් බුදු දහම සම්බන්ධව තිබුණු ආකල්ප ගැන අපි ගොඩක් කතා කරනවා. එතනදී පිළිගන්නේ මිහිඳු හාමුදුරුවෝ වර්තමානය දක්වා පවතින් ආකාරයට ශක්තිමත් පදනමක් බුදු දහමට දැම්මා කියන එක.
ඒ වගේම මේ ගැටලුව සම්බන්ධව බැලුවොත් මතවාද රාශියක් තියෙනවා. මුල්ම එක තමා ජේසුතුමාගේ උපතේදී පැමිණි ප්‍රඥාවන්තයන් තිදෙනාගෙන් එක් අයෙක් ලාංකිකයෙක් හරි එහෙමත් නැත්නම් එවකට රජකරපු භාතිකාභය රජ්ජුරුවොයි කියන එක. රජතුමා කියන කතාව විශ්වාස කරන්න අපහසු වුණත් ලාංකිකයෙක් වෙන්න බැරිකමක් නැතිය කියන අනුමානෙට නම් එන්න පුලුවන් මොකද ඒ කාලෙත් ලංකාව විදෙස් රටවල් එක්ක ලොකු සබඳතාවක් පැවැත්වූවා කියන්න සාධක හම්බෙන නිසා. විශේෂයෙන්ම රෝමේ එක්කත් ලංකාවේ සබඳතා තිබිලා තියෙන නිසා.
පස්සේ කාලේ ජේසුතුමාගේ ප්‍රධාන අනුගාමිකයන් 12 දෙනාගෙන ශාන්ත තෝමස් ඉන්දියාව ඇතුළු ප්‍රදේශවල කතෝලික දහම ව්‍යාප්ත කරපු බව කියවෙන නිසා ලාංකිකයන් කතෝලික දහම ගැන නොදැන සිටින්න හේතුවක් නැහැ. අනෙක් අතට විදෙස් වෙළෙන්දෝ ලංකාවට නිතර ආව ගිය නිසා ඒ මාර්ගයෙන් වුණත් කතෝලක ආගම ගැන යමක් ලාංකිකයන් දැනගන්න ඇති.
ඒකෙදී විශේෂයෙන්ම සළකන්න ඕන කාරණයක් තමා ලංකාවේ තිබුණු ආගමික සහනශීලීතාව. බුදු දහම ලංකාවේ ස්ථාපනය වුණත් ජෛන බ්‍රාහ්මණ ආදි කණ්ඩායම්වලට සුරක්ෂිතව ඉන්න පහසුකම් සලසලා දීපු බවට උදාහරණ ඇති තරම්. ඒක නිසා කතෝලික ආගම වැළඳ ගත්තු ලාංකිකයන්ට රජුගෙන් වුණත් හානියක් වූ බවක් හිතන්න බැහැ බුදු දහමෙන් ඇති කරලා තිබුණු අවිහිංසා සංකල්ප නිසා.
කොහොම නමුත් මුල් කාලීනව ඒ කියන්නේ අනුරාධපුර කාලේ කතෝලික දහම ගැන තියෙන එකම පුරාවිද්‍යාත්මක සාධකය මම දන්නා තරමින් අනුරාධපුර කැණීමකින් 20 වna සියවසේ මුල්භාගේ හෝකාට්ට හම්බවුණු කුරුසයක සළකුණ තියෙන මෙන්න මේ ගල් කණුව. මේ ආකාරයෙන් කුරුසය සළකුණු කරන්නේ ක්‍රිස්තියානි නිකායක් වුණු නෙස්ටෝරියානු කණ්ඩායම කියලා තම පිළිගැනීම
http://rosemaryandjames.methodistchurch.co.uk/photos3/Anu6.Jpg
කොහොම වෙතත් මේ ගැන වුණත් විවේචන නැතුවා නෙමේ. හෝකාට්ම මේක වල්ලලා ගොඩගත්තා කියන චෝදනාවත් තියෙනවා.
ඒ මොනවා වුණත් යුරෝපයේ තදින්ම ව්‍යාප්ත වෙමින් තිබුණු ආගමක් යුරෝපයත් එක්ක සබඳතා පවත්වපු ලංකාවේ අය දන්නේ නැහැ කියන එකත්, ඉන්දියාවෙත් ජේසුතුමාගේම අනුගාමිකයෙක් මේ දහම ව්‍යාප්ත කරද්දී ලංකාව දැනගෙන හිටියේ නැහැ කියන එකත් පිළිගත නොහැකි කරුණු. ඒ නිසා ලංකාවේ මුල් කාලේ ඉදන්ම කතෝලිකයන් හිටි බව තමා පිළිගන්න පුලුවන් සාධාරණ කරුණ. හැබැයි ඒ ගැන වංසකතා ආදී මූලාශ්‍රය තුළ නැතිවීම ගැටලුවක් නෙමේ. මොක්ද වංසකතා ලිව්වේ මහා සම්ප්‍රදාය ගැන මිසක් චූල සම්ප්‍රදායන් ගැන නෙමේ. බුදු දහම වෙනුවෙන් රජවරු කරපු අනුග්‍රහ වගේම රාජ්‍යය හා බුදුදහම ගැන විස්තර ලියමින් ආගමික කෘතියක් ලිවීම මිස ඓතිහාසික කෘතියක් ලියන එක නෙමේ මූලාශ්‍රයකරුවන්ගේ අරමුණ. ඒවගේමයි පක්ෂපාතීතවය කියන එකත් ඔවුන් තුල තියෙනවානේ
මෙතන මතුවුණු අනෙක් ගැටලුව වුණු අනුරාධපුර යුගයේ කතෝලික රජුන් ගැන ගැටලුව ගත්තොත් ඒකට මුල ඉදන් රාජත්වයේ පසුබිම ගැන හොයලා බලන්න වෙනවා. අසෝකගෙන් මෞර්ය අභිෂේකය ගත්තු දේවානම්පියතිස්සගේ ඉදන් රාජත්වය පැවත එද්දී ඒකට ක්‍රමයෙන් බෞද්ධාභාසය ලැබුණා. ඒ වගේමයි භික්ෂූන් වහන්සේලාට රුචි පුද්ගලයන් උරුමකරුවන් සිටියදීත් සිහසුන්ට පත් කෙරුණා. රජතුමා බෞද්ධයෙක් වීම අනිවාර්ය වුණා විතරක් නෙමේ ප්‍රධාන අනුග්‍රාහකයා බවටත් පත්වුනා.
Deleteඒ වගේ පසුබිමක් තියෙද්දී අබෞද්ධ කතෝලික රජ කෙනෙක්ට පාලනය ගෙනියන්න දීලා සංඝ සමාජය බලාගෙන හිටියා කියලා පිළිගන්න බැහැ. විශේෂයෙන්ම ඒ වෙද්දී සංඝයා වහන්සේලාට තිබුණු බලයත් එක්ක. උදාහරණයක් කිව්වොත් විටෙක රජතුමා මරන්න තරම් කුමන්ත්‍රණ කරන්න පුලුවන්කමක් තිබුණු සංඝයා වහන්සේලා අබෞද්ධයෙක් සිහසුනේ ඉන්න එක ඉවසයිද ?
අනෙක් අතට මුගලන් රජතුමා වගේම මේ සිදුවීම්වලට අදාල රජවරුන් බුදු දහම වෙනුවෙන් කරවපු නිර්මාණ වගේම ඒවා ගැන සාක්ෂිත් තියෙද්දී කතෝලිකයන් වුණා කියන එක ගැනත් ඇතිවෙන්නේ ප්‍රශ්නයක්. ඒක නිසා ඒ කරුණ නම් පිළිගන්න බැහැ කියන එකයි මගේ අදහස
හැබැයි කතෝලික ආගම අදහපු සාමාන්‍ය වැසියන් වගේම ඉහළ මට්ටමේ රාජ නිළධාරීන් වුණත් ඉන්න ඇති. මොකද ලංකාවේදී රෝමයේ මුල් කාලීනව වගේම ආගමික මර්දනයක් තිබුණේ නැහැනේ
ඒ වගේමයි මෙතන කතෝලික පල්ලි පන්සල් වගේම හදන එක, සඳකඩ පහණ් වගේ සිංහල කලා ශිල්ප ඉදි කරන එක ගැනත් ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා දැක්කා. මේ බ්ලොග් අඩවියේම ඒ ගැනත් කලින් සටහනක් ලියවුණා මතකයි. වතිකානුවේ පැවැත්වුණු සම්මේලනයක ප්‍රතිඵලයක් විදිහට කතෝලික ආගම ස්වදේශීයකරණයට ලක් කරන්න ඕනේ කියලා ඒ ඒ රටවල්වල සංස්කෘතීන්ට අනුකූලව කටුතු කරන්න තීරණය වුණා කියලා ඒ සටහනේ තිබ්බා වගේ මතකයි.
Deleteඒ යටතේ අපේ රටේ පල්ලිවලට පොල්තෙල් පහන්, සඳකඩ පහණ්, දේශීය මෝස්තර වගේම අප්‍රිකාවේ පල්ලිවල සිංහ හම්, ගෝත්‍රික සැරසිලි වගේ ඒවා දැම්මාලු.
ඒකයි ඒ ගැනත් මට කියන්න මතක් වුණේ.
ඉන්දික අයියා සහ විචාරකතුමා කිව්ව දේ ගැන කිව්වොත්
Deleteකුරුණෑගල රිදී විහාරේ මල් ආසනේට අල්ලපු ඒ මාබල් ලන්දේසි ආණ්ඩුකාරයෙක් විසින් පරිත්‍යාග කරපුවා. එතනදී රිදී විහාරේ එවකට හාමුදුරුවෝ මල් ආසනේ අලංකාර කිරීමේ අරමුණින් ඒවා අල්ලන්න \ඇති. ඒ හැරෙන්න කතෝලික දෙයක් පන්සලකට වැද්ද ගැනීමක් නෙමේ එක.
මාර සේනාව තුවක්කු අරන් ඉන්නේ මට මතක විදිහට දෙගල්දොරුවේ චිත්‍රවල. ඒකට හේතුව එක්ක බටහිර බලපෑම. අනෙක් එක තමා දේශීය ශිල්පීන්ගේ චින්තන සීමාව. කතාවේ තියෙන විදිහට බෝසතාණන් පරද්දන්න ආපු මාර සේනාවේ අය එක් අයෙක් ගත්තු ආයුධයක් තවත් අයෙක් ගත්තේ නැහැලු. ඉතින් වෙනස් වෙනස් ආයුධ රාශියක් අදින්න යද්දී ශිල්පියා ප්‍රයෝගයක් විදිහට හරි නොදැනුවත්කම නිසා හරි තුවක්කුත් දැම්මා ඒකත් ආයුධයක් නිසා.
මට මතකයි දකුණු පළාතේ පන්සලක තියෙන සිතුවම්වල හැදි ගෑරුප්පුවලින් කන සිතුවම් තියෙනවා බුද්ධකාලීන සිද්ධිවල වගේම ජාතක කතාවලත්. තව සිංහල කුමාරියක් විදිහට වික්ටෝරියා රැජිණ ඇදලා තියෙන චිත්‍ර එහෙමත් තියෙනවා :)
එක එක්කෙනාට වෙනම වෙනම උත්තර දෙන්න ගියොත් එකම දේ ආයෙ ආයෙ කියන්න වෙනවා. ඒක නිසා එක් එක් මාතෘකා යටතේ මගේ අදහස දක්වන්නම්.
Deleteමුලින්ම බෞද්ධ පන්සලක ගෘහ නිර්මාණ ශිල්පය පල්ලියට ගැනීම.
පල්ලිය ගොඩනැඟීමේදී ආසියානු ආභාෂය ඇතිව ගොඩනැඟියයුතු බව තීරණය කරගෙන තිබූ බවයි පෙනෙන්නට තියෙන්නෙ. මට ලැබුණු තොරතුරු අනුව පල්ලිය ගොඩනැඟීමේදී සැලසුම් දෙකක් ඉදිරිපත් වෙලා තියෙනවා. පළවෙනි එක ඉස්තාන්බුල් නගරයේ සාන්ත සොපියා බැසිලිකාවෙ (දැන් නම් කෞතුකාගාරයක්) ආභාෂය අරගෙන වැලන්ටයින් ගුණසේකර වාස්තු විද්‍යාඥයා ඉදිරිපත් කළ සැලසුම. දෙවෙනි එක තමයි හේරස් පියතුමා විසින් නිර්මාණය කළ සැලසුම. ඒ සඳහා ඉන්දියාවේ අජන්තා ලෙන් දොරටුවේ අභාෂය ගෙන තිබෙනවා. ඒ වගේම පල්ලිය මැද ගෝලය සඳහා හින්දු ගෝපුරම් ආභාෂය ලබාගෙන තිබෙනවා.
සාන්ත සොපියා බැසිලිකාවෙ පින්තූරෙකුයි අජන්තා ලෙන් දොරටුවේ පින්තූරෙකුයි මම එකතු කළා. ක්‍රියාවට නැංවුනේ මොන සැලසුමද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.
මේ පල්ලිය ඉදිකිරීමේදී කොහොමහරි බෞද්ධ සංකේත දාන්න ඕනා කියලා වැඩ කරා කියලා හිතන්න අමාරුයි. මොකද මේ පල්ලිය ඉදිවෙලා තියෙන්නෙ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පෙර. ඒ කාලයේ වෙනත් සියළුම ආගම් මිත්‍යාවන් ලෙසත් ඔවුන්ට ගැලවීම නොලැබෙන බවත් විශ්වාස කළා. ආගමික සහජීවනය කියා දෙයක් තිබුනේ නෑ වගේම දේශීය බසින් ආගමික කටයුතු කිරීමේ හැකියාවක්වත් තිබුනේ නෑ. එවැනි කාලයක පල්ලියක් තුළ බෞද්ධාගම නිරූපණය කරනවා කියන එක තරමක් විවාදාත්මකයි.
//ඒක අහම්බයක් නෙමෙයි. කපටිකමට කල දෙයක්.// කපටිකමට කළ දෙයක් කියන එකෙන් අදහස් කළේ කුමදැයි මට තේරෙන්නෙ නෑ. බෞද්ධ ආභාෂය ලබාගත්තා කියලා බෞද්ධයෝ පල්ලි එයි කියලා මම හිතන්නේ නෑ. මම හිතන්නෙ ආසියානු ආභාෂය ගන්න කරපු දෙයක්. අනික ඒ කාලෙ පල්ලිය ඉදිවෙනකොට බෞද්ධ හා හින්දු අයගේ අගය කිරීමට ලක් උනාලු. අවුරුදු හැටහැත්තෑවකට පස්සෙ මෙහෙම වෙයි කියලා හිතන්න නැතුව ඇති.
//ඇත්තටම ඔය පල්ලියෙ තියෙන්නෙ කුරුසියක හැඩයට//ඇතුළුවීමත් මැදගෝලයත් ඇරුනාම ඉතිරිය සාම්ප්‍රදායික දේවස්ථාන ආකෘතිය ඇතුළේ තියෙන බව පේනවා.
//ඔය පල්ලිය වගේම පල්ලි කීපයක් ඉතාලියෙත් මම දැකලා තියනවා// පින්තූර කීපයක් දෙන්න පුළුවන්නම් හොඳයි ඩිලාන්.
//ඇතුලෙ මකර තොරණ, සඳකඩ පහණ වගේ දේ නැද්ද? //ඒවා පල්ලියට අයත් දේ නෙමෙයි. අසල තියෙන කෞතුකාගාර ගොඩනැඟිල්ලක තමයි ඔය කියන මකර තොරණ, සඳකඩපහණ, ඉර හඳ තාරකා දකින්නට තියෙන්නෙ. ඒ වගේම පල්ලිය කරා දිවෙන මාර්ගය දෙපස වළාකුළු බැම්මෙන් ආභාසය ගත් බැම්මක් තියෙනවා.
ආපු නැති කට්ටිය ඇවිත් රවුමක් දාලා යන්න.
රන්දොඹේ පන්සල
Deleteමෙතන ගැන වෙන්නැති කියන්නෙ. මම අහල තියෙන විදිහට පියතුමෙක් හාමුදුරු කෙනෙකුගෙන් සිංහල ඉගෙනගෙන ඒ හිලව්වට හදලා දීපු පන්සලක්ලු. එහෙම කිව්වෙ අපේ තාත්තා. ඒ එක්කම කිව්වා ඒගොල්ලෝ මේ පන්සල බලන්න ගිය වෙලාවක නඩයේ හිටපු ආච්චි කෙනෙක් දණගහලා යාච්ඤා කරන්න ගත්තු හැටි.
ලින්ක් එක මිස්වෙලා. https://mw2.google.com/mw-panoramio/photos/medium/81042165.jpg
Deleteඅර බිතු සිතුවම් වල කුරුස වලට පිටිපස්සෙන් පේන දාගැබ් වල බෝකොල වල සංඛේත බෞද්ධ නෙමේද බං....එතකොට මුගලන් රජ්ජුරුවො උඹලගෙ ආගමේ කියලා කියන එක....ලංකාව ජාත්‍යන්තර දංගෙඩියට අරගෙන යන්න දත කන රායප්පු ජෝෂප් කියන පාදිලිය ගැන කතෝලික සභාව එක වචනයක් කථා කරලා තියෙනවද ? පෘතුගීසින්ගෙන් / ලන්දේසින්ගෙන් තනතුරු වරප්‍රසාද ගන්න තමන් ඒ වෙනකං අදහපු ආගම තමන්ගෙ වාසියට අත ඇරපු අයට තමයි ක්‍රිස්තියානි/කතෝලික කියන්නෙ.
Deleteපෙරමුණේ රාළ
This comment has been removed by a blog administrator.
Deleteහරී,
Delete//මේ පල්ලිය ඉදිකිරීමේදී කොහොමහරි බෞද්ධ සංකේත දාන්න ඕනා කියලා වැඩ කරා කියලා හිතන්න අමාරුයි.//
අජන්තාව කියන්නෙ ඉස්ලාම් ආඅගමටත් පෙර බිහි වෙච්චි "බෞද්ධ විහාරාරාම සංකීර්ණයක්" ( හරියට දඹුල්ලෙ ලෙන් සංකීර්ණය වගේ ). ඉන්දියාව පුරාම රතු බලකොටුව, ටජ් මහල වගේ මුස්ලිම් ආකිටෙක්චරල් මොන්‍යුමන්ට්ස් ඇති පදම් තියෙද්දි ඇයි මේ බෞද්ධ විහාරෙක දොරටුව කොපි කරේ? අහම්බයක්මද??
හසිත,
Deleteජේසුස්ගෙ දහම ( කතෝලික, ක්‍රිස්තියානි හෝ වෙනත් නමකින් ) ලංකාවට 1505 කලින් පැමිණුනා වෙන්න පුලුවන්. ඒකෙ කිසිම තර්කයක් නෑ. නමුත් එය පැතිරුණු, සංවිධානාත්මක ආගමික සංස්ථාවක් වශයෙන් ස්ථාපිත වෙන්නෙ 1505 පස්සෙ කියන එක ඉතාම පැහැදිලියි. අනෙක් පැත්තෙන් ඔබ කිව්ව වගේ ලංකාවෙ රජ කම පිළිබඳව තිබ්බ සම්‍රදායන් එක්ක යන්තමින් හරි අන්‍යාගමික උනොත් එයාට රජ වෙන්නවත්, රජකමේ ඉන්නවත් වෙන්නෙ නෑ. කොයිම්ම ප්‍රාදේශීය රජෙක් වෙච්චි රාජසිංහ අරිට්ඨ කී වෙන්ඩු එක්ක තිබ්බ සම්භන්ධයට ඉතිහාසෙ හිමි වෙච්චි තැන සහ රාජසිංහගෙ මරනෙන් පස්සෙ බිසෝබන්ඩාර කුමාරි කසාද බඳින්න හිටිය පෙරුමාල්ට වෙච්චි දේත් මට වඩා හසිත මල්ලි දන්නවනෙ.
ඔය තියා ෆ්‍රැන්සිකුටත් පුරන් අප්පු වෙන්න උනේ මාතලේ කැරැල්ලට කලින්. එහෙව් එකේ මුගල්න් කතෝලික වෙන්න ඉඩක් ඇත්තෙම නෑ. අනෙක් පැත්තෙන් මුගලන් කියන්නෙ බෞද්ධ ඉතිහාවෙ, බුදුන්ගෙ අගසව් කෙනෙක් ගෙ නමක්. එහෙම නමක් දරාවිද ඔය කතෝලික වෙච්චි රජ්ජුරුවො?
//මුල්ම එක තමා ජේසුතුමාගේ උපතේදී පැමිණි ප්‍රඥාවන්තයන් තිදෙනාගෙන් එක් අයෙක් ලාංකිකයෙක් හරි එහෙමත් නැත්නම් එවකට රජකරපු භාතිකාභය රජ්ජුරුවොයි කියන එක. //
මේ කාරනාව ගැන වඩාත්ම පිලිගන පුලුවන් උපකල්පනය තමා මේ අය ටිබෙට් ජාතිකය්න් වීම බව. මොකද දලයිලාම වරයෙක් උපදින මොහොතෙ පඬුරු අරගෙන එහම යන සිරිතක් තිබ්බ නිසා. ලාංකිකයෙක් වෙන්න තියෙන අවස්ථාව අඩු, එහෙම වෙන්න හේතුවක් තාම අපිට හිතාගන්න අපහසු නිසා. ඉතිහාස කථිකාචාර්‍ය්තුමා දන්න මේ ගැන වෙන මත තියෙනවද :D
//..ජේසුස්ගෙ දහම ( කතෝලික, ක්‍රිස්තියානි හෝ වෙනත් නමකින් ) ලංකාවට 1505 කලින් පැමිණුනා වෙන්න පුලුවන්. ඒකෙ කිසිම තර්කයක් නෑ. නමුත් එය පැතිරුණු, සංවිධානාත්මක ආගමික සංස්ථාවක් වශයෙන් ස්ථාපිත වෙන්නෙ 1505 පස්සෙ කියන එක ඉතාම පැහැදිලියි....//
Deleteඅනිවාර්යෙන්ම. මිහිඳු හාමුදුරුවන්ගේ උදාහරණයෙන් මම අදහස් කළෙත් ඒකම තමා :)
//..කොයිම්ම ප්‍රාදේශීය රජෙක් වෙච්චි රාජසිංහ අරිට්ඨ කී වෙන්ඩු එක්ක තිබ්බ සම්භන්ධයට ඉතිහාසෙ හිමි වෙච්චි තැන....//
සීතාවක රාජසිංහ රජතුමා ප්‍රාදේශීය රජෙක්ද කියන එක ගැන ඇත්තටම සැලකිලිමත් විය යුතු දෙයක්. කාලීන පසුබිමත් එක්ක කෝට්ටේ ධර්මපාල රූකඩ රජෙක් වීමත් එක්ක සීතාවක රාජසිංහ ප්‍රධාන රජු වශයෙන් සළකන්න බැරිකමක් නැහැ. මට මතක විදිහට අගරජුට විතරක් පුලුවන් වෙන ශ්‍රී අත්සන සහිත සන්නස් රාජසිංහත් නිකුත් කරලා තියෙනවා.
ඒ වගේම රාජසිංහගේ හින්දු භක්තික බව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද භික්ෂු සංහාර සිද්ධ වුණත් අඛණ්ඩව දළදා පෙරහැර පවත්වන්න කටයුතු සිද්ධ වුණු බවට සාධක තියෙන නිසා.
//..රාජසිංහගෙ මරනෙන් පස්සෙ බිසෝබන්ඩාර කුමාරි කසාද බඳින්න හිටිය පෙරුමාල්ට වෙච්චි දේත් මට වඩා හසිත මල්ලි දන්නවනෙ....//
අරිට්ඨකීවෙණ්ඩු පෙරුමාල් සීතාවක රාජසිංහගේ සොයුරියගේ දියණියගේ දියණිය එහෙමත් නැත්නම් නිකපිටියේ බණ්ඩාරගේ සහෝදරී බඳින්න හිටියත් ඒක නොවුණු එකට හේතු කීපයක්ම තියෙනවා. හින්දු ආගමික පසුබිමටත් වඩා ප්‍රබල ඒවා. එකක් තමා ආතක් පාතක් නැතුව සීතාවකට ආපු මේ මනුස්සයා ඉහළට ඇවිත් රජ කුමරියගේ අත ඉල්ලපු එක රජ වාසළ නිලධාරීන් එරෙහි වීම. අතුරු මිතුරු කතාව ආවෙත් එහෙමලුනේ.
අනෙක් එක තමා එයා ඒ වෙද්දිත් රාජසිංහගේ යකඩ දෝළියකගේ දියණියක් විවාහ කරගෙන හිටිය එක.
මේ නිසා සීතාවකින් කෝට්ටෙට යන අරිට්ඨකීවෙණ්ඩු එහෙදී ජයවීර කියලා රජවෙන නිසා තමා එයාට සහය දුන්නු අයත් එයාගෙන් අයින් වෙන්නේ. මොකද මිනිහා සූර්ය වංශිකයෙක් නොවන නිසා ප්‍රධානීන් සාමාන්‍ය අයෙක් ඉස්සරහ දණ නවන්න සූදානම් නැති නිසා.
//..මේ කාරනාව ගැන වඩාත්ම පිලිගන පුලුවන් උපකල්පනය තමා මේ අය ටිබෙට් ජාතිකය්න් වීම බව...//
භාතිකාභයගේ කතාව මම අහපු කතාවක් මිස මම ඒක තහවුරු කරන හරි පිළිගන්න හරි කතාවක් නෙමේ.
දලයි ලාමාගේ කතාව ගත්තොත් ඒ විදිහට කටයුතු වෙන්න පටන් ගන්නේ 14 වන සියවසේ විතර ඉදන්. ඒ කියන්නේ කිතු උපතින් අවුරුදු 400 කට විතර පස්සේ ඉදන්. එතනදී දලයි ලාමා උපදිද්දී තෑගි ගෙනියන සිරිතක් නම් මම අහලා නැහැ අයියා.
ඒකෙදී දලයි ලාමා මියයන්න කලින් කරන ප්‍රකාශවලින් නැවත උපත ගැන අදහසක් ගත්තත් කිසිම වෙලාවක උපදින වෙලාවට පඬුරු අරන් යන්න හැකියාවක් නැහැ. ටිබෙටයේ තියෙන පොකුණට කරන වතාවත්වලින් පස්සේ ඒකේ යම් යම් සළකුණු පෙන්නන බවත් ඒ හැරෙන්න රජයේ ප්‍රධාන නිමිති කියන්නා කියන අදහසුත් පාදක කරගෙන තමා දූතයන් තෑගි අරන් පිටත් වෙන්නේ. එතකොට ළමයා ඉපදිලා අවුරුදු 3 ක් 4 ක් වුණත් වෙන්න පුලුවන්.
අනිත් විස්තර කතාකරන්න කලින් ඉන්දික අයියාගේ හරස් ප්‍රශ්නයට උත්තර දීලා ඉන්නම්කො.
Delete//අජන්තාව කියන්නෙ ඉස්ලාම් ආඅගමටත් පෙර බිහි වෙච්චි "බෞද්ධ විහාරාරාම සංකීර්ණයක්" ( හරියට දඹුල්ලෙ ලෙන් සංකීර්ණය වගේ ). ඉන්දියාව පුරාම රතු බලකොටුව, ටජ් මහල වගේ මුස්ලිම් ආකිටෙක්චරල් මොන්‍යුමන්ට්ස් ඇති පදම් තියෙද්දි ඇයි මේ බෞද්ධ විහාරෙක දොරටුව කොපි කරේ? අහම්බයක්මද??//
බුදු අම්මේ.. මේ ප්‍රශ්නෙ අහලා තියෙන්නෙ හරියට මම මේක කොළා වගේ.. :D මම ගිහිල්ලා බලලා ඇවිත් ඒ ගැන පෝස්ට් එකක් ලිව්වා විතරනෙ. මම හරියටම දන්නෙ නෑ එහෙම කරන්න හේතුව.. :)
හැබැයි මට හිතලා උත්තරයක් දෙන්න පුළුවන්. බැසිලිකාවක් කියන්නෙ ලෝකය පුරාම ප්‍රචලිත වෙන ගොඩනැඟිල්ලක්නෙ. ඉතින් ඒක නිසා අනන්යතාවයක් දෙන්න දරපු උත්සාහයක් වෙන්න පුළුවන්. සාමාන්‍යෙයන් පසුකාලීනව ඉදිවෙච්ච බැසිලිකා දුටු පමණින්ම අහවල් බැසිලිකාව කියලා හඳුනාගත හැකි වෙන ලෙස වෙනස්කම් සහිතව ඉදිකළා වෙන්න පුළුවන්.
මුස්ලිම් පල්ලිවල ආකෘතිය රැගත් බැසිලිකාත් ලෝකෙ තියෙනවා.
කිතුනු ඉතිහාසය සඳහන් ලෝකඩ පුවරු
Deleteමම ඉස්කෝලෙදි ඉගෙනගත්තු හැටියට ලංකාවේ කිතුනු දහම ඇරඹෙන්නේ 1505දි (සමහරු ඒකත් එහෙම නෙමේ කියනවනෙ )ආපු පෘතුගීසීන්ගෙන්. පෘතුගීසීන් වෙළඳ ආධිපත්‍යය රැකගැනීම සඳහා ආගමද අවියක් විදිහට යොදාගත්තු බවයි සඳහන් උනේ. ඔවුන් කතෝලික දහම් ප්‍රචාරය කරන බව පෙන්වුවේ පාප්තුමා සමඟ හොඳ හිත පවත්වා ගන්න. ඒ නිසා පියතුමන්ලාට ලංකාවට පැමිණීමට උදව් කළා. එතුමන්ලාගෙන් රටේ කතෝලිකයො බිහිවුනා. ඒ තමයි ඉස්කෝලෙදි උගන්වපු ඉතිහාසය.
ඊට අමතරව ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් වලට එහෙම යද්දි නෙස්ටෝරියන් කුරුසිය ගැනද ඉගෙනගත්තා. ඒ ඇරෙන්න වෙනත් ඉතිහාසයක් දැනසිටියේ නෑ.
ඒ නිසාම මේ ඉතිහාස කතා මට අමුතුයි. ඒක නිසාම විටින් විට මේ පුවරු පිළිබඳ සඳහන් ඊ-මේල් ලැබුනත් මම කරුණු කාරණා සොයා බැලීමට ගියේ නෑ.
ඒක නිසා පුවරු ගැන කියන්න කලින් ඒ ගැන තව තොරතුරු හොයන්න වෙනවා. කුමන මූලාශ්‍ර පදනම් කරගෙනද මෙබඳු ප්‍රකාශ කරන්නේ කියන එක තව සොයා බලන්න ඕනෙ.
මම පොතක් ගෙනාවා. එය කියවා මේ ගැන තව කරුණු කියන්නම්. ඉන්පසු සාකච්ඡා කරමු. ඉතිහාසඥයින්ට ඔන්න පුළුවන් මේ කරුණු වල සත්‍යාසත්‍යය බව දැනගන්න උදව් කරන්න.
හසිත කියපු ඉතිහාස කරුණු වලට එකඟවෙන්න පුළුවන්.
ඒ ගැන තොරතුරු දැක්වූ හැමෝටම ස්තුතියි.
ගොක්කොල සැරසිලි, සේසත්, පල්ලියක කටයුතු වලට යොදාගැනීම
Deleteමේවා පල්ලියට ඇතුළු උනේ හැට ගණන්වල සිදුවෙච්ච දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් පස්සෙ. එහිදී රෝමානු සම්ප්‍රදායන්ම ඉදිරියට ගෙනියනවාට වඩා දේශීය දේවලට මුල්තැනදීම දිරිමත් කෙරුනා. දිව්‍ය පූජාවද දේශීය භාෂාවෙන් කිරීමට අවසර ලැබුණා.
එකම පරිසරයක් ඇතුළෙ ආගම් කිහිපයක් තියෙනකොට එකිනෙක අතර ලක්ෂණ හුවමාරු වෙන එක සාමාන්‍ය දෙයක්.
//ඉන්දියාවේ තිබෙන කතෝලික/ක්‍රිස්තියානි පල්ලිවල සාම්ප්‍රදායික හා ඓතිහාසික හින්දු ආගමික ලක්ෂණ වලට අදාළ දේ ප්‍රදර්ශනය කෙරෙන්නේ නැහැ. //මෙතනින් බැලුවොත් විචාරක මහත්මයට පෙනේවි එහෙම නොවන බව. මෙතනත් තියෙනවා.
ටයිල් අල්ලපු මල් ආසනය හා මාර පරාජය සිතුවම
Deleteමේ තියෙන්නෙ ඒ ටයිල් වල පින්තූරයක්. හිතා මතා කළ දෙයක් වෙන්න බෑ. ඒවගේම මාර පරාජය සිතුවමත්.
ඒ විස්තර කියෙව්වට පස්සෙ මට හිතුනු දෙයක් තමයි ඉතිහාසය කුමක් වුවත් සැලසුම් ශිල්පියාගේ චිත්‍ර ශිල්පියාගේ නොදැනුවත් භාවය හෝ නොසැළකිලිමත් භාවය හේතුවෙනුත් යම් යම් වැරදි සිදුවීමට පුළුවන් බව.
මම දවසක් දූවෙ පාස්කු බලන්න ගිය වෙලේක දැක්කා එහි පරිසිවරයෙකුගේ චරිතය කළ කෙනෙකුගේ හිස්වැස්මේ ජේසුතුමා වෙනුවෙන් යෙදූ සංකේතයක් තියෙනවා. හරියට තර්ක කළොත් එවැනි සළකුණක් ඒ හිස්වැස්මට එන්න බෑ.
ඒ වගේ වැරදිත් තියෙන්න පුළුවන්.
ආයෙත් ලින්කුව අමතක උනා.
Deleteතුවක්කු ගත් යක්කු
ටයිල්
@පෙරමුණේ රාළ,
Delete//ලංකාව ජාත්‍යන්තර දංගෙඩියට අරගෙන යන්න දත කන රායප්පු ජෝෂප් කියන පාදිලිය ගැන කතෝලික සභාව එක වචනයක් කථා කරලා තියෙනවද ? //ඊට කලින් මිනිස්සුන්ව බඩගින්නෙ මරණ මේ පාලනය ගැනවත් මොකුත් කියන්නෙ නෑනෙ. මහ නාහිමිවරුත් නිහඬයි.
//පෘතුගීසින්ගෙන් / ලන්දේසින්ගෙන් තනතුරු වරප්‍රසාද ගන්න තමන් ඒ වෙනකං අදහපු ආගම තමන්ගෙ වාසියට අත ඇරපු අයට තමයි ක්‍රිස්තියානි/කතෝලික කියන්නෙ.//හරි අපි නිකමට හිතමුකො පෘතුගීසීන්ගෙන් පදවි තනතුරු වාසි ගන්න බෞද්ධ පිරිසක් කතෝලික උනා කියලා. එහෙනම් ඊට පස්සෙ ආපු ලන්දේසීන්ට කතෝලිකයන් මුලිනුපුටා දැමීම එතරම් අමාරු උනේ මොකද? කතෝලිකයන්ව සිරභාරයට ගන්න, මරන්න, දෙපළ රාජසන්තක කරන්න සිදු වුනේ ඇයි? තනතුරු වරප්‍රසාද වෙනුවෙන් එක සැරයක් ආගම මාරු කරපු අයට තව සැරයක් මාරු කරන එක මහලොකු දෙයක් වෙන්න බෑනෙ. එහෙම නොකර ඒ කතෝලිකයො මැරුම් කෑවෙ ඇයි?
මහත්මයෙකු ලෙස අන් අය ආමන්ත්‍රණයට නොදන්නා කම නිසා කමෙන්ටුවක් ඉවත් කිරීමට සිදුවුනා. ඔබේ මතය යම් මතයකට විරුද්ධ වෙන්න පුළුවන්. එහෙමයි කියා කෑකෝ ගසා පලක් වෙන්නෙ නෑ. තමුන්ගෙ මතය ප්‍රකාශ කිරීමයි වටින්නෙ.
//අද පල්ලියේ නටන්නෙ වෙස් නැට්ටුවො..කෙල්ලන්ට ළඹා සාරි / සේසත් /නිළමෙ ඇදුම්..සමහර තැනක පන්සල් වල වගේ මල් පූජා කිරිල්ලකුත් යනවා//පල්ලිය දේශීයකරණය වීම කලින් කතා කලානෙ. ඒත් මල් පූජා කිරිල්ලක් ගැන කියන එක නම් විහිළුවක්. ලෝකයේ ආගම් එක්ක මල් පූජා කිරීමක් සම්බන්ධ වෙන්නෙ පන්සලෙන් කොපි කරලා නෙමෙයි. මල් පූජා කිරීම් ඈත අතීතයේ ඉඳන් තිබිච්ච දේවල්. මිනිසා හා මල් අතර සම්බන්ධය ඇරඹිලා ගොඩක් කල්.
ඔබ සඳහන් කළ විද්‍යාඥයින්ගේ සිද්ධි ඇත්ත. කතෝලික සභාව සෑමවිටම ජේසුස් වහන්සේ පෙන්නූ මාර්ගයෙම ගමන්කොට නෑ. පුද්ගල අභිමතාර්ථ පරිදි වැරදි සිදුවූ අවස්ථා එමටයි.
1505 කියන එකත් වැරදී කියලා හසිත කියලා තිබුනා නේද?
Deleteලස්සන තැනක් වගේ.
ReplyDeleteඉතුරු විස්තරත් දාමුකො බලන්න
ලස්සන වගේම හරිම නිස්කලංක වටපිටාව. ඉතුරු ටික ඉක්මනටම ක්යන්නම්.
Deleteමුලින්ම මා මේ තේ වත්ත පල්ලිය දැක්කේ සිනහල සිංමාවේ අවස්ථා කිපයක.සුන්රත්වය ගැන නම් තව කියන්න දෙයක් ණෑ කියමුකෝ .හැබයි ඇත්ත කතාව තමයි පරපුටු ආක්‍රමනයක් මේ පල්ලිය ඇතුලේ තිබිම.මෙරට බෞද්ධ ජනතාව තම සංස්කෘතිය සහ ඒ වටා නිර්මාණය වු කලාවන්ට කැමැත්තක් දක්වනවා .එහි ඇති විශ්මිත බව වන්දනා කරනවා .එම නිසාම බෞද්ධ ජනතාව වසග කර ගන්න කරපු උපක්‍රමයක් තමයි .මේ බැසිල්කාව ඇතුලේ තියෙන්නේ .බෞද්ධයින් බුදුදහම අනුව මෛත්‍ර කරනවා තමයි. ඒ මෛත්‍රිය සුදුවක් කර ගත්ත අන් ආගමිකයින් තම දේවස්ථාන සංකලප හමුවට එව ගලපගන්නවා.මේ කපුටාගේ කුඩුවේ පරපුටු කොවුලා බිත්තර දානවා වගේ වැඩක් .මේ පරපුටු සම්ප්‍රධාය හමුවේ .මේ සංකේත විකෘති කරලා තම අරමුණු මුදුන් පමුණවා ගැනිම ගැන කණගාටුව පල කරන්න වෙනවා.බුද්ධ සාසනය හමුවේ හදුන්වා දුන් සංකේත හමුවේ අරමුණු තිබුනා .අද මේ විදියට විනාස කරන්නේ ඒ අරමුණු.තේ වත්ත පල්ලිය පුරාවටම මේ සංස්කෘතික මන්කොල්ලය සිදු කර තිබෙනවා .ආගමකට ඇති අයිතිය විනාශ කරන්න දගල දැගලිල දෙවියන් වහන්සේ ..කිසිම දිනක කැමැති නැතිව ඇති .නමුත් යක්ෂයා තම පල්ලිය නිර්මාණය කරන්නේ වෛයිරය ඇති කරලා මිනිසා සිත දුෂනය කරන්න නම් ඒ ගැන දුකයි.බුදු දහම කියන්නේ එය නැතිවන තුරු මෛත්‍රි කරන අය සිටින තැනක් විදියට හිතනවා නම් .මොනවා කරන්න බැරිද.....නෑ බුදු දහම රකින්න සිදු වෙනවා ...කලබල විය යුතුයි.ඉතිහාසය නොදන්න අය එය වැරදි කියන්න හදනවා තමයි .ලංකවේ ඉතිහසය වරද්දවන්න හදන හැටි ගැන නම් දුකයි...
ReplyDeleteදැන් ඔයත් ඔය පල්ලිය සැබෑවට බලලද මේ කමෙන්ට් එක දැම්මෙ..නිකන් පේස්බුක් වල පැතිරෙන විකාර දිහා බලලා ලොකුවට උඩ බුරන්න එපා,,එතකොට අපේ රටේ බුදු දහමට හින්දු ආගම කලවම් කරගෙන නෑද,ඒක හරිද සංස්කෘතිය කියන්නේ වැට බදින්න පුලුවන් දෙයක් නෙමේ,අපි කතෝලිකයෝ උනාට ලාංකිකයෝ අපි සුද්දෝ නෙමේ ලාංකික පල්ලිය සුද්දන්ගේ වගේ පවත්ව ගන්න,,,ඒක තමා 1700 වලම් සිංහල භාශාව ලාංකික කතෝලිකයන් අරගත්තෙ,නැතුව ලතින් බාශාව නෙමේ අපිට හරි යන්නෙ.මතක තියා ගන්න අපේ සංස්කෘතියත් ගොඩ නැගිලා තියෙන්නේ ඉන්දියානු ආභාශයට,,ඉතින් කතෝලික පල්ලිය ලාංකික ක්‍රමේට ගියාට ඇති වරද මොකද්ද?
Deleteඅර ඉතිහාසය විකෘර්ති කරපු දේට ඔයා පල්ලියටම ගිහින් බලා ගන්න එතන මොනාද තියෙන්නෙ කියලා,,නිකන් පේස්බුක් කී බෝඩ් වීරයෝ වෙන්නෙ නැතුව
ඩිලා, ලංකාවෙ පන්සල් ඉන්දු අභාෂය ලැබීම අමුතු නොවෙන්නෙ, බුදුන් යනු ඉන්දියානුවෙක් වීම හින්දයි. බුදු දහම, පිළිම වගේම කළා ශිල්පත් මෙහෙ ආවෙ ඉන්දියානුවන්ගෙන්. ඒත පන්සල් සහ හින්දු කෝවිල් අතරෙ පැහැදිලි වෙනසක් අවුරුදු දෙදාස් පන්සීය ගාන පුරාම රැකුන.කතෝලික දහම සහ ගෘහ නිර්මාණය එහෙම නෙමෙයි, ඒක එන්නෙ යුරෝපෙන් සහ මැද පෙරදිගින්.
Deleteඋඹ එක්ක ආගමික ගැටුමකට යන්න මම කැමති නෑ මෙතන, ඒත් මේ ටික නොකිය ඉන්නෙ කොහොමයි?
@ ItalyDilan
Deleteමම දැනට වසර විසි දෙකක ඉදන් ඔතනට යනවා .
අදටත් ඔය පාරෙන් යනකොට ඉදල හිටල වටයක් ගහල තමයි එන්නේ
ඒ මේ පලාතේ එහෙම හිත නිවෙන වෙන නිස්කලංක තැනක් නැති හන්දා
මගේ දරු දෙදෙනවත් මම මෙතනට එක්ක ගිහින් තියනව
ඒ විතරක් නෙමෙයි මගේ හාමිනෙයි මමයි තනියම නිදහසේ ඉස්සෙල්ලම ගියෙත් එතනට
හැබැයි මට කවදාවත් හිතුනෙ නැ මොකටද මේක අස්සේ යන්නේ පල්ලියක්නේ කියල
කලින් කල ප්‍රධාන ඉදිකිරිම් වලනං ...කතෝලික පල්ලිය ලාංකික ක්‍රමේට.....ගිය බවක් දකින්න නැ........, එහෙම උනත් ඒකේ වරදක් මම දකින්නේ නැ
හැබැයි සියුම් ලෙස ඉතිහාසය විකෘති කිරීමට නං කිසිසේත්ම එකග වෙන්න බැ
This comment has been removed by a blog administrator.
Deleteපෙරමුණේ රාළ,
Deleteඇයි මේ කළබල වෙලා.. ? හැලෙනවානම් බය වෙන්න කිසිම හේතුවක් ඇත්තෙම නෑනෙ..
උප්පර වැට්ටිවලට අහුවෙන්න බෞද්ධයො බබාලද ? නියම බෞද්ධයෙක් කිසි දිනෙක ලාබ ප්‍රයෝජන තකාගෙන තමන්ගෙ ආගම වෙනස් කරන්නෙ නෑ.. මොකද ඔවුන් දන්නවා තමන්ගෙ දහම මොකක්ද කියන එක ගැන. වෙනස් වුනොත් ඉතින් ඕගොල්ලො වගේ දෙව්දත් බෞද්ධයොම තමා..
කලබල් නොවී වැදගත් විදිහට ආමන්තරණය කරමින් ඔයාට කියන්න තියන දේ කියන්නකො. එහෙම බැරිනම් අනිත් අය කමෙන්ට් කරලා තියන විදි බලලා පොඩ්ඩක් ඉගන ගන්න. පන්සලටක, පල්ලියකට ගියාම ප්‍රසිද්ධියේ මළපහ නොකර ඉන්න ඉගන ගන්න..
@ඉන්දික උපශාන්ත
Delete// ලංකාවෙ පන්සල් ඉන්දු අභාෂය ලැබීම අමුතු නොවෙන්නෙ, බුදුන් යනු ඉන්දියානුවෙක් වීම හින්දයි.//
ඉන්දු නෙවෙයි හින්දු ආභාශය ගෑන නේද අහල තියෙන්නේ???
ඉන්දු කියන්නේ ඵකක් හින්දු කියන්නේ තව ඵකක්නේ.
අපිට තියන ප්‍රශ්නය ඉන්දු ආභාශය ආපු හෑටි නෙවෙයි, හින්දු ආභාශය ආවෙ කොහොමද කියන ඵකයි.
බුදු හාමුදුරුවො හින්දු ආගමේ කෙනෙක් ද ඉන්දික?
@Chandana Liyanaarchchi,
Delete//මුලින්ම මා මේ තේ වත්ත පල්ලිය දැක්කේ සිනහල සිංමාවේ අවස්ථා කිපයක.සුන්රත්වය ගැන නම් තව කියන්න දෙයක් ණෑ කියමුකෝ .//මට නම් එහෙම මතකයක් නෑ. චුට්ටක් මතක් කරලත් බැලුවා. කොහොමත් මම සිංහල චිත්‍රපට ලෝලියෙක් නෙමෙනෙ. ඒක නිසා එහෙම චිත්‍රපටයක් බලලා නැතුව ඇති.
//එම නිසාම බෞද්ධ ජනතාව වසග කර ගන්න කරපු උපක්‍රමයක් තමයි //පුරාණ සිංහල සංකේත යොදාගත්තා කියලා බෞද්ධ අය රැවටිලා පල්ලි එයිද? මම නම් එහෙම හිතන්නෙ නෑ.
ඉතිහාස පුවරු ගැන කලින් කතා කළ නිසා ආයෙ කියන්න අවශ්‍යතාවයක් නෑ කියාලා හිතෙනවා.
මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. මේක හැමෝගෙන්ම. ලාංකීය කතෝලිකයාට ලාංකීයත්වය ලෝකයට ප්‍රදර්ශනය වෙන පරිදි පල්ලියක් හදන්න ඕනෑ වෙනවා. ඒ සඳහා යොදාගතහැකි සංකේත මොනවාද? ඉපැරණි සිංහල කැටයම්, සංකේත සියල්ලම බෞද්ධද?
@ඩිලාන්,
Delete//එතකොට අපේ රටේ බුදු දහමට හින්දු ආගම කලවම් කරගෙන නෑද,ඒක හරිද සංස්කෘතිය කියන්නේ වැට බදින්න පුලුවන් දෙයක් නෙමේ// සහතික ඇත්ත. ආගම් කිහිපයක් එකම ප්‍රදේශයක් ඇතුලේ තියෙද්දි ඒ එකිනෙක ආගම් වල චාරිත්‍ර වාරිත්‍ර කලවම් වෙනවා. ඒක වැළැක්විය නොහැකි දෙයක්.
@ඉන්දික,
මට තේරෙන විදිහට නම් ඩිලාන් කියන්නෙ කෝවිල් විදිහට පන්සල් හැදීමක් ගැන නෙමෙයි. හින්දු දේවාල පන්සල් ඇතුළට පැමිණීම වෙන්න ඕනෙ.
@අටම්පහුර,
//ඒ විතරක් නෙමෙයි මගේ හාමිනෙයි මමයි තනියම නිදහසේ ඉස්සෙල්ලම ගියෙත් එතනට
//ඊටපස්සෙ ඉඳලා වෙන්නැති ජෝඩු යන එකට තහනමක් වැටෙන්න ඇත්තෙ. :ඪ්
විහිළුවක් කළේ. මම දන්න විදිහට එක දෙක බැගින් ආපු ජෝඩු කාලයකදී විශාල වශයෙන් වැඩිවුණා. පස්සෙ පල්ලියක් කියලා බලන්නෙ නැතුව කැලෑ අස්සේ රිංගන්නත් පටන් අරන් තිබුනා. මට මතකයි එක කාලයක් පල්ලියට ළමයෙක් වත් අරන් යන්න බෑ කියලා පත්තරවල ලිපිත් ගියා. හැබැයි දැන් නම් එහෙම තත්වයක් නෑ. මම හිතන්නෙ මට වඩා අටං අයියා මේ ගැන දන්නවා ඇති.
පල්ලියේ නිස්කලංක භාවය ගැන නම් කියන්න වචන නෑ.
@පෙරමුණේ රාළ,
ඔබේ කමෙන්ටුව ඉවත්කරන්න සිදුවුනේ අන් අයට අපහාස වන අයුරින් කතා කිරීම නිසා. විරුද්ධ මතයක් උනත් සංවරව ප්‍රකාශ කරනවානම් හොඳයි.
ක්‍රිස්තියානි/කතෝලික ප්‍රමාණය අඩුවෙනවා කියලා හැමතැනම කියන්නෙ කතෝලිකයෝ ඒක අහලා ලේ කෝප කරගෙන එයි කියලාද? අනේ මට නම් එහෙම අමාරුවක් නෑ. පාප් වහන්සේ ආගම මාරුකළත් මට මොකෝ.
සෙන්නා කියපු ටිකම තමා මටත් කියන්න තියෙන්නෙ.
මිත්‍ර ඇනෝ,
Deleteඔබට වැරදී ඇත.බලන්න ඩිලාන්ගෙ ප්‍රකාෂය නැවත් වරක්.
//මතක තියා ගන්න අපේ සංස්කෘතියත් ගොඩ නැගිලා තියෙන්නේ ඉන්දියානු ආභාශයට,//
කෙසේ නමුත් බුදුන් යනු හින්දු අගමේ දෙවියෙක්ද යන ප්‍රශ්ණ්යට මට ඇත්තේ කෙටි පිළිතරකි.
එනම්, "ඔව් එය එසේය" යන්නයි!
මතක තබා ගන්න, මෙය කියැවෙන්නේ හින්දු ආගමේ මිස බෞද්ධ දර්ෂණයේ නොවේ. හින්දු ආගමේ දෙවියන් වන්නේ කවුද යන්න තීරණයට බුදු දහමට හෝ බෞදුධයාට තීරණය කල නොහැක. එය හින්දු ආගමිකයන්ගේ තීරණයකි ( ජේසු යනු ඉසා නම් මුස්ලිම් නබි වරයා යැයි කියන්නෙ කතෝලිකයන් නොව මුසල්මානුවන්ය )
කෙසේ වෙතත් ලොව පැරණිම ආගම ලෙසින් සැලකෙන හින්දු ආගම සහ බෞද්ධ දර්ෂනය අතර බොහෝ නෑ කම් වෙති. බුදුන්ගේ ධර්මය එවක තිබූ හින්දු දහමේ යම් යම් ධර්ම කරුණු අනුසාරයෙන්, එහි තිබූ දේවාදී ලක්ෂන බැහැර කොට, තමන් විසින් පරිකල්පනය කරන ලද ධර්මයද එකතුව, වඩා ක්‍රමවත් සහ නිවැරදි දර්ෂනයක් ලෙස බුදුන් විසුන් දේශනා කරන ලද්දකි.
එම දෙක අතර අන්‍යෝන්‍ය සබඳතාවක් පැහැදිලිවම ඇත. එනම් ක්‍රිස්තියාන සහ ඉස්ලාම් දහම අතර මෙනි. එකක් අනෙකෙන් පෝෂනය වී සහ ආභාෂය ලබා ඇත.
මේ ආගම් දෙක අතර එවැනි සමපාත වන අවස්ථා කිහිපයකි.
1. හින්දු ආගමට අනුව බුදුන් යනු විෂ්නුදෙවියන්ගේ දස අවතාර වලින් අට වැන්නයි.
2. සිදුහත් බෝසතාණන්ගෙ ගුරුවරුන් වූ ෂට් ශාස්තෘන් යනු එක්තරා හින්දු ආගමික ඇදහිලි කොටසක පුරෝගාමින්ය.
3. බුදුන්ගේ ජනප්‍රියතම ඉරියව්ව වන "සමාධි ඉරියව්ව" යනු හින්දු යෝග ක්‍රම වල එන ආසනයකි.
4. බුදු දහමේ එන භාවනා ක්‍රම වල මූලය "හථ යෝග" නම් යෝගී ව්‍යායම ක්‍රමයයි.
මෙවැනි බොහෝ කරුණු අනුසාරයෙන් මේ දෙකොටස අතර ඇති අන්‍යෝන්‍ය සම්භන්ධකම් පෙන්වා දිය හැක.
This comment has been removed by the author.
ReplyDelete@ සෙන්නා
ReplyDeleteමුගලන් රජතුමා කතෝලිකද
දන්නෑ...
Deleteඔන්න ඔතන තමයි කවුරු හරි නොදන්න ලබ්බක් ඔබල තියෙන්නෙ. මෙතනට වැඩියෙන්ම යන එකා මම වෙන්නැති, ඔන්න ඔය මුගලන් රජ තුමාගෙ කෑල්ල අත හැරියනම් අවුලක් ගන්න තරම් දෙයක් නෑ.
Delete@ අටම්පහුර, සෙන්නා, කම්මල
Deleteඉහතින් කතා කර තිබේ. තවත් සාකච්ඡා කරමු :)
ඉහළින් ඒ ගැන කතා කළ නිසා නැවත කීමේ අවශ්‍යතාවයක් නෑ කියලා මමත් හිතනවා.
Deleteක්‍රිස්තියානි ආගම ලෝකයේ වැඩි දෙනෙක් අදහන ආගම බවට පත්වුනේ විදේශීය ආක්‍රමණ කරුවො මේක බලෙන් පැතිරෙව්ව නිසා. නැතුව ස්වභාවිකව පැතිරිලා නෙමෙයි. දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන මහා මිත්‍යාව තව දුරටත් වශ්වාස නොකරන බටහිර ජාතිකයො වගේම බුද්ධිමතුන් මේ ආගමෙන් වේගයෙන් ඈත් වෙමින් ඉන්න වෙලාවක රටවල් අනුව දේශීය පෙනුමක් දීලා දාලා යන උන් නවත්තගන්න දරපු බංකොලොත් උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි මේ. ලංකාවෙ සංස්කෘතිය ගහට පොත්ත වගේ බුද්ධාගම එක්ක බැදිලා තියෙන නිසා මේ අය ලංකාවෙ කියලා ගත්ත දේවල් එක්ක බෞද්ධ ලක්ෂන පේනවා. ලංකාවෙ අලුත්ම දත්ත අරගෙන බැලුවාම ක්‍රිස්තියානි දහම අදහන පිරිස දිනෙන් දින අඩුවෙනවා.
ReplyDeleteපෙරමුණේ රාළ
//ක්‍රිස්තියානි ආගම ලෝකයේ වැඩි දෙනෙක් අදහන ආගම බවට පත්වුනේ විදේශීය ආක්‍රමණ කරුවො මේක බලෙන් පැතිරෙව්ව නිසා.//නෑ. ක්‍රිස්තියානිය ගොඩාක් රටවල රාජ්‍යය ආගම වෙච්චි හින්දා. ක්‍රිස්තියානිය ව්‍යාප්තියට බලපාපු ලොකුම කාරණාවක් තමයි රෝමානු අධිරාජ්‍යයා කතෝලික දහම වැළඳ ගැනීම. ඊටපස්සෙ අධිරාජ්‍යයාව අනුගමනය කරමින් රෝමන් වැසියෝත් කතෝලිකයන් උනා. ඉන්පසු තමයි යටත් විජිතවලට පැතිරගියේ.
Deleteඋදාහරණෙකට ලංකාවේ බෞද්ධ දර්ශනය පැතිරිච්ච හැටිත් එහෙමනෙ. මුලින්ම රජතුමා දහම වැළඳ ගත්තා. අනික් අය එය අනුගමනය කළා. බැරිවෙලාවත් බෞද්ධාගමට රාජ්‍ය අනුග්‍රහය නොලැබුණා නම් අද ලංකාව බෞද්ධ රටක් වෙන එකක් නෑ.
//දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියන මහා මිත්‍යාව//වෙනත් ආගමක්/දර්ශනයක් අදහනඇනුගමනය කරන කෙනෙකුට ඇඟිල්ල දික් කරලා උඹලා අදහන්නෙ මිත්‍යාවක් බොරුවක් කියන එක සාධාරණ නෑ. මොකද ඒක සාපේක්ෂයිනෙ.
//බටහිර ජාතිකයො වගේම බුද්ධිමතුන් මේ ආගමෙන් වේගයෙන් ඈත් වෙමින් ඉන්න වෙලාවක රටවල් අනුව දේශීය පෙනුමක් දීලා දාලා යන උන් නවත්තගන්න දරපු බංකොලොත් උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි මේ. //මේ කියන කතාවේ තේරුම මොකක්ද සහෝදරයා. ඔබම කියනවා බුද්ධිමතුන් බොරුවක් කියලා තේරුම් අරන් කතෝලික ආගමෙන් අයින් වෙනවාලු. යන එවුන්ව නවත්තගන්න සංකේත පෙන්වනවාලු. එතකොට දර්ශනයේ වැරැදි තේරුම් ගන්න මොළේ තියෙන උන්ට තමුන්ව සංකේත මඟින් රවට්ටනවා කියන එක තේරෙන්නෙ නැද්ද?
"පූප සෑදීමෙන් ඉතිරිවන" පුප කියන්නේ මොනවාද හරියෝ ?
ReplyDeleteසූප හදලා ඉතුරුවෙන කෑලි
Delete@Manoj,
Deleteඔය පහළ ලින්ක් එකට ගිහින් බැලුවොත් තේරෙයි.
http://dreamsofharee.blogspot.com/2012/03/blog-post_07.html
@ඇනෝ,
සූප ශාස්ත්‍රද?
LTTE එකෙන් ලංකාව බේරලා දෙන්න කියලා කවුරුවත් බාර වුනේ නැද්ද?
ReplyDeleteභාරයක් උනාද කියන්න නම් මම හරියටම දන්නෙ නෑ.
Deleteඒත් ඔබට මතකද මරුද මඩු මෑණියන්ගේ ප්‍රතිමාව දකුණට අරගෙන ආවා. ඒක රටට සාමය පතා කරපු වැඩක්. ඉතිහාසයේ පළමු වතාවටයි එම ප්‍රතිමාව මඩු පල්ලියෙන් පිටතට ගෙනාවෙ.
ඊට අමතරව සාමය පතා දිනපතාම යාච්ඤා කිරීම් සිදුවුනා.
මුගලන් රජ්ජුරුවො කෙසේ වෙතත් ගිරි නිඝන්ඨයා කතෝලිකයෙක්ද කොහෙද (මං කිව්වේ නූතන අත්දැකීම් වලට අනුව)
ReplyDeleteඒක ඔබේ දැක්ම.
Delete1. There was a fierce contest for supremacy of trade in the Indian ocean between Moors (Muslims) and Portuguese around 1434. During that time Muslims were propagating Islamism. Muslims were acquiring countries for a considerable period. For a example Maldives which was a Buddhist Country. But after the invasion of Muslims now there is no more Buddhist. In the face of this Muslim rival Portuguese were fighting against Muslims and were propagating Christianity against Mohomadian domination. But there is no evidence to prove that Portuguese or any other CATHOLIC missionaries intimidated people to embrace Christianity. (Catholicism is not a religion forcefully given. Christianity is the most persecuted religion ever in the world. The blood of the martyrs is the seed of Christianity. To protect the Holy Land once Church had to fight against Muslims. But later Church understood that that to be wrong. And subsequent popes asked pardon for that and everything wrongs church did because of the wrong conviction and understanding of the Church in the medieval age). But Portuguese favoured Christianity. Within such social context Pope Alexander VI in 1493 assigned Portugal to evangelize the East by the example and preaching of the Gospel not by force (that system was Called Padroado). That is why still there is a very few percentage of Catholics in Sri Lanka because they did not force people. During the time of King Sankili in Jaffna around 600 Converted Christians were killed. Those people did not betray Christianity even to death because they were convinced.
ReplyDelete2. Remember as a nation we have to be grateful to Portuguese for the fact that they defeated Muslims who were to invade Sri Lanka. If that happened there would not have been any Buddhist or Christian in Sri Lanka. This country would have been another Maldives or Pakistan. ( To be continued 1)
3. There is no question that the history has been distorted by so many for their own purposes. There are enough and more instances for that. But, in the case of Thewatta Baslika Christians did not mean to distort the history. When John Paul II came to Sri Lanka he the head of the church declared that " this is the country of karuna, Metta, Muditha and Upekka". Thus, he declares the Church view regarding Sri Lanka. In other words he said, this is a Buddhist country we respect you. Otherwise he wouldn't have told such a thing. He is one of the popes who asked pardon for the sins of the church. Church is Holy because Christ is the head and at the same time it is sinful because Christ chose sinful men to his church. But Christ always takes it into the right path, one or the other way.
ReplyDelete4. Fr. Marcellin Jayokody, representative of the Church in Sri Lanka once told that, “Our (Catholics’) country is Sri Lanka, Our religion is Catholicism and our Culture is Buddhism". Because, we are not foreigners. But Christianity came from a foreign land like other religions even Buddhism.
5. There are some Christian cultural elements too taken in to Buddhist culture, for example Gantaraya, Vesak bakthi gee, Sending cards on Vesak , present family and marriage system etc. and some from Hinduism. And at the same time Catholics also have adopted some Buddhist cultural elements too. It is alright. After all, we all are Sri Lankans, Sinhalese and more than that human beings. We observe different religions came from foreign countries. We should not try to find things that separate us but unite us, then only we can grow. Look at most of the developed countries.
6. Therefore, I believe Sri Lankan Catholic Church loves and admires Buddhist culture. That is not to distort the history or something but to grow in mutual relationship and mutual understanding. Catholics are taught about the other religions too in School text books and in Dahampasala. At the same time there are special courses on Buddhism, Buddhist culture and Buddhist Architect in the National Seminary compulsory for candidates who are preparing for the Priesthood. The purpose of all this is to educate them to respect and admire other religions and cultures while understanding very deeply the core of their own religion Christianity.
7. Before being religious we are humans. Therefore, we should not sow the seed of separation and hatred that will hinder the growth of our country. At this birth you are Buddhist so you admire it, next time you may be a Muslim so then you will definitely admire it. Therefore, try to up hold the humanity according to their respective religions. Religion is a man-made thing but Darmaya is universal though there are little differences. Problem is we have distorted it for our own needs and because of our mental insecurity and inferiority complex.
8. I believe if Thewatta basilica is a real and factual cause for a decadence among people then the authorities may take necessary steps to remove all cultural or historical elements and make it fully European Christian. But I think a good Buddhist can be happy by seeing that Buddhist architecture in such world famous and venerable place.
I am sorry for not having a device to write this in Sinhala. This is an opinion based on facts.