"මීගමු කලපුව අපේය. එය රැකගැනීම අප සතු යුතුකමකි." කලපුව අයිනෙම හිටවලා තිබුන තරමක් විශාල පුවරුවක්. අදයි දන්නෙ මීගමු කලපුවත් අපේ කියලා.
ඉතින් අපේ වෙච්ච මීගමු කලපුව දිහා මම මොහොතක් බලා හිටියා. කලපුවෙ වතුර නිවීහැනහිල්ලෙ මුහුදට ගලාගෙන යන්නෙ හරියට අපිට ඕනාවට වගේ. පැත්තකින් ධීවරයො කීපදෙනෙක් ආපහු මූදු යන්න තමුන්ගෙ ඔරුව ලෑස්ති කරනවා. ඔරුවෙ පිරිලා තියෙන වතුර අයින් කරනවා. දැල් ටික ඔරුවට පටවනවා. හරිම කාර්‍යබහුලයි. කන්ඩ බොන්ඩ දීලා මාළු නොහැදුවට මූදෙ ඉන්න මාළු අල්ලගෙන රටට ගේන්න මොනතරම් මහන්සියක් වෙන්න ඕනද? මොනතරම් නිදි වරන්න ඕනද? ඒත් මේ ධීවරයන්ට ඒක පුරුද්දට ගිහිල්ලා ඇති කියලයි මට නම් හිතුනෙ.
තවත් ටිකක් එහා මෙහා බලපුවම කලපුවම මැද්දෙ තැනින් තැන කොළපාටින් දිදුලන කඩොලාන ගස් දකින්න පුළුවන්. වැරදුනා කොළපාට නෙමෙයි නිල්පාටනෙ. ඒ වගේ කොළපාට තැන් ගොඩබිම් කියලා බැලූ බැල්මට හිතුනත් ඒ සමහර තැන් ඇත්තටම ගොඩබිම් නෙමේ. කඩොලාන ගස් වැවුනු කලපුවේම කොටසක්. ගස් තියෙන්නෙ තනිකරම කිවුල් වතුරෙ. අන්න ඒ වගේ කඩොලානෙන් වටවෙච්චි තැනක කොක්කු රංචුවක් වට වෙලා මාළු දඩයමේ යෙදෙන හැටි මට හොඳට පෙනුනා.
හොඳ කෑමක් ලැබිලා කොක්කු පාටියක් වගේ. :) මම තව ටිකක් විමසිල්ලෙන් කොක්කු පාටිය දිහා බැලුවේ එතන ඉන්නෙ මොන මොන ජාති වල කොක්කුද කියලා අඳුනාගන්න. කණකොකා කියන්නෙ ඇඟ අළු පාට, ඉගිල්ලෙන කොට සුදුපාට එකානෙ. උන් නම් පේන්න නෑ වගේ. කිරි පාටින් බැබලි බැබලි ඉන්න මුන් කිරි කොක්කු වෙන්න ඕනා. හරියට නොපෙනුනාට සමහරවිට පාලම් කොක්කු, පහු කොක්කුත් එතන ඇති. ඇයි පාලිත කියන කොක්කු ජාතිය උනත් කොක්කු පාටිය මැද්දෙ නැතිවෙන්න බැරිකමක් නෑ.
පාලම් කොක්කු... පාලම් කොක්කු.... පාලම් කොක්කු මතක් වෙච්චි පාර මම එහෙමම අවුරුදු විස්සක් විතර අතීතයට ගියා. එතකොට මම මුට්ටිසූරිවත් නොයන පොඩිම පොඩි එකා. ඒ කාලෙ අපි වෙල් ආශ්‍රිත පරිසරයක තමයි හිටියෙ. ගෙවල් තුන හතරක් එහායින් සුදෝ සුදු වතුරෙන් පිරිච්ච දොළක් ගලාගෙන ගියා. දොළ පුරාම ඕලු මල් නෙළුම් මල් පිරිලා. ඇයි කෙකටියා, කැරන්කොකු. ඒවලිනුත් අඩුවක් තිබ්බෙ නෑ.
එදා තිබ්බ ඒ පරිසරයට මම බොහෝම ඇලුම්කළා. විශේෂයෙන් පුරන් වෙච්ච වෙල් යායක් මැදින් එක්තරා අසල්වැසි ගෙදරකට යන එක ඒ කාලෙ මට හරිම විනෝදජනක අත්දැකීමක් උනා. මොකද ඒ ගෙදරට යන්න හොඳ පාරක් තිබුනේ නෑ.
සම්පූර්ණයෙන්ම පන් වලින් වැහිලා තිබ්බ වෙල මැද තිබිච්ච උස් භූමියක තමයි ඒ ගේ හදලා තිබ්බෙ. ගෙදරට යන්න පාරක් නොතිබ්බට ගෙදර අය එහා මෙහා ගිහිල්ලම පන්ගස් මැද්දෙන් බොහෝම ලස්සන අඩි පාරක් හැදිලා තිබ්බා. සාමාන්‍යයෙන් වෙල පුංචි මගේ දනහිසට වගේ උස වතුරකින් පිරිලා තිබ්බෙ. ඉතින් පන්ගස් මැද අඩි පාරෙත් ඒ තරම්ම වතුර. ඒ කාලෙ වතුර පාරක නට නට යන්න තියෙනවා කියන එකම කොච්චර ශෝක් අත්දැකීමක්ද?
වෙනදාට "අම්මියො, මගෙ කකුල් සිදෙනවා වඩාගෙන යන්නකූ" කියලා මූන බෙරිකරගෙන අම්මගෙ අතට පැන්නත් මේ පාරෙ යන්න නම් එහෙම අමාරුවක් තිබ්බෙ නෑ. එතකොට මාව වඩාගෙන යන එක තමයි අම්මට අමාරුම කාරිය උනේ.

ඔන්න ඔහොම ගිය දවසක අම්මයි ඒ ගෙදර නැන්දයි කතා කර කර ඉන්නවා මට අද වගේ මතකයි. මටත් ඉතින් කරන්න දෙයක් නෑනෙ. හරිම කම්මැලි. මේ දෙන්නගෙ චක බකේ ඉවරයකුත් නෑ. කරන්න දෙයක් නැති තැන මම පහළ වෙලේ ජා පැට්ටො සෙල්ලම් කරන හැටි බල බල උන්නා. මෙන්න එකපාරටම සුදුම සුදු කොකෙක් බෑවෙ නැතෑ ජා පැට්ටො මැද්දට. "අම්මේ මෙන්න කොකෙක් බෑවෝ.. ඕ.. ඕ.. " මම සතුටින් කෑගැහුවා.
"හා. පුතා" අම්මා ආයෙමත් චක බක ගගා අර නැන්දා එක්ක කතාව. මම කිව්ව එක ගනන් ගත්තෙවත් නෑ වගේ. කොකා දිහා බැලුවෙවත් නෑ. මට තරහේ බෑ. මොනාද ඔය හැටි කියවන්නෙ.
"අම්මේ අර බලන්නකො කොකෙක්. අර අර අතන" මම ටිකක් හයියෙන් කිව්වා.
"ම්ම්. ලස්සන කොකෙක් නේද?" අම්මා පොඩ්ඩක් හැරිලා බලලා ඔන්න ආයෙම කතාව. හුහ්.. මොනවා කියවනවාද මන්දා?
"අම්මෙ.. අම්මෙ.. බලන්නකො"
"හරි හරි පුතා මම ඌව දැක්කා. ලස්සන කොකෙක්නෙ."
ඒත් මට විශ්වාස නෑ වගේ. "දැක්කා නම් කියන්න බලන්න උගෙ ජාතිය"
"ඌ කොකෙක් පුතා" අම්මා ආයෙමත් කතාව.
"එහෙම නෙමෙයි උගෙ ජාතිය කියන්නකූ"
"මම දන්නෙ නෑ පුතා" අම්මට කොකාට වැඩිය කතාව ලොකුයි. ඉන්නකො මම හොයාගන්න ජාතිය. මම ටිකක් හොඳට කොකා දිහා බැලුවා. හොඳට පරිස්සමෙන් බලන්න ඕනෙ කොකා දිහා. අම්මා දන්න කොක්කු ජාති. එයා කතාව.
"අම්මේ මම හොයාගත්තා. ඌ පාලම් කොකේ..ක්" මම ගමටම ඇහෙන්න කෑගැහුවා. කතාව නවත්තපු අම්මා එකපාර මට එරෙව්වා. කෑගහපු හින්දා වෙන්න ඇති. කෑ නොගහා කොහොමද මමනෙ හොයාගත්තෙ උගෙ ජාතිය. "අම්මේ ඌ පාලම් කොකෙක්" මම ටිකක් හිමීට කිව්වා. ඒත් ආඩම්බරෙන්.
"කට වහන් ඉන්න පුතා" අම්මා මේ පාර ටිකක් සැර දැම්මා.
"ඇයි ඌ පාලම් කොකෙක් නෙමේද?" මට සැකයක් ඇතිවුනා. අපේ අම්මා මට ඔරෝන අතරෙ අර නැන්දා හිනා වෙනවා. සමහරවිට මම වැරදි ඇති. අම්මගේ මූණ කළු වෙලා.
"අපි ගිහින් එන්නාම් අක්කේ" කතාව ඉවරයි වගේ. ඒත් මේ හදිසියේ. මම හිතුවා තව වෙලා යයි කියලා. මගෙ අතින් වැරැද්දක් උනාවත්ද?
"යමු පුතා ගෙදර" ඒ පාර අම්මා මාවත් ඇදගෙන ගෙදර එන්න පිටත් උනා. මට ලැජ්ජයිත් එක්ක. දුකයිත් වගේ. අපරාදෙ, මට හරියට කොකා අඳුරගන්න බැරිවුනානෙ. අර නැන්දත් හිතන්නැති මම මෝඩ ළමයෙක් කියලා. ඒකනෙ එයා හිනාවුනේ. අම්මගෙ මූණ කළුවෙන්න ඇත්තෙත් ඒක නිසා. ඒත් ඉතින් ඒගොල්ලො තේරුම් ගන්න එපාය පුංචි ළමයි අතින් වැරදි වෙන්න පුළුවන් බව. මම දන්න විදිහට තමයි මම කොකාව අඳුනගත්තෙ.
"අම්මෙ, ඒ පාලම් කොකෙක් නෙමෙයිද? මට තාත්ති කිව්වෙ ඌ පාලම් කොකා කියලා" මම හිමීට අම්මගෙන් ඇහුවා. අම්මා පව්නෙ මම කොක්කු ජාතිය වරද්දපු හින්දා ලජ්ජා වෙන්න උනානෙ.
"මොකක්?" අම්මා තවත් තරහින් පුපුරනවා.
"ඔව්. තාත්ති තමයි බයිසිකලයෙ යද්දි මට කොක්කු ජාති ජාති ඉන්නවා කියලා කිව්වෙ. මට කොක්කු ජාති ජාති ගොඩාක් පෙන්නුවා"
"ඇත්තද? අල්ලගන්නම්කො මම තාත්තව. මොක්කුද තව පෙන්නුවෙ."
"කනකොකා කියලා එකෙක් පෙන්නුවා. ඌ සුදු නෑ. අළුයි. ඉගිල්ලෙද්දියි සුදු කිව්වා. තව මාන කොකා කියලා එකෙකුත් පෙන්නුවා. තව කිරිකොකා කියලා එකෙකුත් පෙන්නුවා. "
"හ්ම්ම්"
"ඇයි අම්මේ ඌට කන කොකා කියන්නෙ? ඌ වැඩිපුර කන හින්දද?"
"මම දන්නෙ නෑ. තාත්තගෙන්ම අහගන්න එකයි ඇත්තෙ."
"මම පෙන්නපු ජාතියෙ කොකෙක් තමයි එදා පාලම ගාව වහලා හිටියෙ. මම හිතුවෙ නෑ වරදී කියලා"
ගෙදර ආවට පස්සෙ නම් අම්මා මට මොකුත් කිව්වෙ නෑ. ඒත් වැඩ ඇරිලා ආපු තාත්තට නම් මොනාද මොනාද කියෝගෙන යන බව පෙනුනා. ඒත් මට තේරුනේ නෑ. තාත්තා හිනා උනා විතරයි. තාත්තා හිනාවෙද්දිත් අම්මා මූණ පුළුටු කරන් මොනාද මොනාද කියනවා.
පස්සෙ තාත්තා මට "පුතේ" කියලා කතාකලා. පාලම් කොක්කු කියලා ජාතියක් නැති බව කිව්වා. එදා තාත්තට වැරදුනාලු. ආයෙ එහෙම කියන්නෙපා කියලත් කිව්වා. මම හිතන්නෙ තාත්තා මට වැරදියට උගන්නපු හින්දා අම්මා බැනලද කොහෙද? ඒත් ඒක වැරදි නම් උගේ හරි ජාතිය මොකක්ද කියලා එවලෙ අහගන්නත් මට අමතක උනානෙ.
අදටත් කොකෙක් දකින වාරයක් වාරයක් පාසා මට ඔය කතාව මතක් වෙනවා. මම මතක ලෝකෙන් මිදිලා ආයෙත් කොක්කු දිහා බැලුවා. කලපුවෙ හිටපු කොක්කු එකෙක්වත් එතන නෑ. පාටිය ඉවරවෙලා උන් කූඩුවලට ගිහින්ද කොහෙද?
කොක් විශේෂ සියයක් මෙන්න.
ReplyDeleteඅන්න හරි..
Deleteසාමාන්යයෙන් //කිරි පාටින් බැබලි බැබලි ඉන්න මුන්// = Egrets
Deleteඒත් දැන් ඌව පැත්තට සංක්‍රමණයවී ඇති කිරි පාටින් බැබලෙන උන් නම් ඉන්දිකගේ නාමාවලියට අයත් උන්ය.
@ඉන්දික,
Deleteබොහෝම ස්තුතියි.
@විදානෙ,
:)
@Pra Jay,
කොක්කු ඌවෙ ගියෙ පාටියක් දාන්න වෙන්න ඇති. තාම මාළු ටික කාගෙන යනවා. කක්කුට්ටාව අහුවුනාම තමයි වැඩේ.
පාලම් කොක්කුනම් මංදා "පාලම් කොඩි" නම් තියනවා..
ReplyDelete'පාලම් කොඩි' කිව්වට ඒවා පාරවල් වලත් එල්ලනවනෙ.
Deleteකොක්කු පාටියට ඔච්චර කොක්කු පයින් ඇවිදිල්ලාද මන්දා නේද?
ReplyDeleteඑදා කොක්කු කට්ටියම කොක් පාටිය ඉවර වෙලා පයින්ම ගියාලු හින්දි ෆිල්ම් එකක් බලන්න "පයින්ද කොකෝ බොම්බෙ කිත්තන්" කියල.
Deleteමේ ඇනෝනම් අපි අඳුනන කෙනෙක් වගේ... හෙහ් හෙහ්... :D
Delete@Buratheno,Anonymous,
Deleteහිනාවෙලාම පණගියා
@සනන,
හැබෑටම? කවුද සැකකාරයා?
දැන්නම්...දේව දරුවට යකා ගහලා වගේ.
ReplyDeleteසාතන් වැහිලා... :-D
Deleteඑච්චරයි හිටියේ බනක් දහමක් ලියාගන
Delete@සනන, Buratheno, අටපහර,
Deleteමට පස්සෙයි තේරුනේ මේ කියන්නෙ මං ගැන කියලා. මමත් මේ ගෙන්දගම් පොළවේ ඉන්න පෘතග්ජනයෙක්. ආගම් දහම් ගැන ලිව්වා කියලා මහ ලොකු සුද්දවන්තයෙක් නෙමේ.
මේක පරණ කොකෙක්ගෙ කතාවක්නෙ. :D
ReplyDeleteඔව්. අවුරුදු 25ක් විතර. හැබෑටම ඔය කොකා දැන් මැරිලා ඇති නේද? කොකෙකුගේ ආයුකාලය හොයන්න ඕනා.
Deleteමට කෝල් එකක් දුන්නොත්, මෙතෙක් අහලා නැති කොක් කතාවක් කියලා දෙන්නම්. මෙතන ලියන්න නම් බැරියෝ බැරියෝ බැරියෝමයි.
ReplyDeleteඅනෙ ඉතිං අපිට කියන්නකෝ.. හැක්..
Deleteනිකං වියංගයෙන් වගේවත් කියාන්ට බැරි ද? අර මාලගිරවගෙ කතාව වගේ.. ;-)
Deleteයාළුවො තුන් දෙනෙක් ගියා කොක්කු වෙඩිතියන්න. ඉතිං ඔන්න ..........................බෑ යකෝ බෑ.............
Deleteහැක්.. අර මම ලිව්ව කොක්කු මැරීම වගේ එකක්ද??
Deleteනෑ නෑ මේකේ බටේ සුද්ද කෙරිලි නැහැ. යාළුවො තුන්දෙනා කරපු දේවල් තියෙන්නේ.
Deleteලෙයියා, ලේත්තේ, ලොක්කෙ, තමයි යාළුවො තුන්දෙනා. හුටා.....................ආයේ එහෙම මොකක් හරි ඇහුවොත් එවනවා උඹේ ඔලුවටම මෝටාර් එකක් ඈ.
ඕක ලියුවනං ඉවරනේ
Delete@විචාරක,
Deleteවෙලාවක කෝල් එකක් දෙන්නම්. ඔන්න එවලෙ දුරකථන සමාගමේ උන් අහන් හිටියොත් මම දන්නෙ නෑ. සැර බාල කරලා කියලා දාන්න තියෙන්නෙ. හරි තව එක වාක්කියක් කියන්නකො. :D
@දේශකයා,
කොක්කු මැරීමේ කතාව තේරුනේ නෑ බොල..
@බුරා,
මොකක්ද? මාල ගිරවගෙ කතාව..
@අටං,
කිව්වා නම් හොඳයි. කුතුහලේ අවුස්සලා නිකම් නොයිඳ
ඒ බං බොට වැරදිලාද ඇහුනේ.. ජොක්කු නෙමෙයිද??
ReplyDeleteහෑ.. පාලං ජොක්කු කියලා ජාතියක් නෑනෙ..
Deleteමාතෘකාව දැක්කම මම හිතුවේ උඹ ස්වයං චරිතාපදානයක් (Autobiography) කියලා කියලා. හෙහ් හෙහ්. :D
ReplyDeleteතාත්තා වැරදියි බං. ඔය ඉන්නේ පාලං කොක්කු හැමතැනම
ස්වයං චරිතාපදානයක්?? :P ඔව්. ආර්ලිමේන්තුවේ.
Deleteඑදා කොකාව අහුවුනානම් කොකාගේ පතුරු අරියි
ReplyDeleteඑහෙනං ඉතිං කොකාගෙ පණත් ගිහිං තමා නවතින්නෙ...
Deleteබුරා පට්ට කතාව, ඒක නෙවෙයි මචෝ ඇත්තද මේ කියන්නේ කොකා පාන් කන්න ආසයි හැබැයි කොකාගේ පංතියේ කවුරුත් කොකාට පාට් දාන්න යන්නේ නෑ,කොකා පලංචියේ ඉන්නකොට කියලා (Y)
Deleteකොකා පරන කොට
Deleteමොනා කියනවද මේ...
@ඉවාන්,
Deleteවෙලාවට බේරුනේ. කොකා පාන් කන්නෙ බැදලද? නැත්නම් අමුවෙන්ද? :D
@බුරා,
මට මතක් උනේ බඳින එකත් පණ යන වැඩක් කියපු කකාගෙ පෝස්ටුව.. :D
@දේශකයා,
:)
ඇයි පණු කොකා...පනුවන් ආහාරයට ගන්නා කොක් විශේෂයකි.
ReplyDeleteපණු කුකා කියල එකෙකුත් ඉන්නවා සයිරි අපේ පැත්තේ..
Delete@සයුරි,
Deleteස්තුතියි දැනුවත් කිරීමට. :) සයුරිලාගෙ පැත්තෙ කාලෙකින් එන්නත් බැරිවුනා.
@දේශකයා,
බි.පෙ.සි. :D :D
මරු සීන් එක ඈ...
ReplyDeleteහිහි... අම්ම බලන් ඇති මූ ෙම් මක්කද දොඩන්නෙ කියල
කොහොමහරි කතාව ඉවරකරලා ගෙදර ආපු එකම ලොකු දෙයක්
Deleteඅයියෝ වැඩේ හරි ගියා නම් පස්සේ කාලෙක කොකාව නම් කරන්න තිබ්බා "හරීකොක්" කියලා.
ReplyDeleteඔය විදිහට පී ඩයල් එකක් හොයාගත්තු කොකෙක්ටනෙ පීකොක් කියන්නෙ. :)
Deleteකොකා පරඋනා ඕයි හිනාවෙන්න ගිහින් . . . . .
ReplyDeleteඕනයියා විතරයි මෙතනට අඩුවෙලා තිබ්බෙ. :D
Deleteපොඩ්ඩක් එහෙ මෙහෙ උනාට අපි එන්න ඕනෙ තැනට වෙලාවට එනව
Delete