8.31.2015

මං හිතුවා

"බාස් ගුණේ මැරිලලු"

"මොකක්ද වෙලා තියෙන්නෙ?"

"එල්ලිලාලු මැරිලා තියෙන්නෙ"

"ඒ මොකද ඌ හොඳට වැඩපල කරගෙන හිටියනෙ."

"ගෑණි වෙන මිනිහෙක් එක්ක ගිහින් කියන්නෙ"

"හපෝයි දෙයියනේ අතක් බැරුව ඉඳගෙනත් හොයාගෙන කකා අම්මට සළකගෙන හිටපු එකා. මේ කොහෙවත් යන ගෑනියෙක් හින්දා කරගත්තු විනාසයක්"

"මං හිතුවා.... මං හිතුවා ගෑණිගෙ රොම්පිය වැඩිවේගන එද්දි ඔයවගේ දෙයක් තමයි කියලා."

"ඔව්. ඒකි ගමට එනකොට හරියට අඳින්න ඇඳුමක් නෑ. හඩු පෙරෙනවා. අන්තිමට අරූ මැරිලා මැරිලා හොයාගෙන එන එකෙන් එක එක විච්චූර්ණ කරන්න ගත්තා. මොඩ් උනා."

"පව් ඒකා. අර කොහෙවත් යන වනචර ගෑනියෙක් කරේ එල්ලගෙන නිකන් විනාස උනා. අම්මටත් සළකගෙන කොහොම හිඅපු එකෙක්ද? හ්ම්ම්ම්"

"හවසට ඒ පැත්තෙ ගිහින් එමු නේද?"

==================================================================

"බාස් ගුණේලගෙ ගෙවල් පැත්තෙ යන්නෙ නැද්ද?"

"ඒ මොකටද?"

"ඇයි දන්නෙ නැද්ද ආරංචිය. පාලම ගාව ගුණේ නැතිවෙලා."

"ඒ ගුණේ නෙමෙයි නැතිවෙලා තියෙන්නෙ. අර බාස්ලාට අත් උදව් දිදී හිටපු ගුණේ"

"ආහ්. ඇත්තද? මේ අපේ අත බැරි ගුණේ නෙමෙද?"

"මං ඒත් හිතුවා. ගුණේගෙ ගෑණි එහෙම නරක ගෑණියෙක් නෙමෙනෙ. දුප්පත් කමට හැදිච්චි එකී. දීග එනකොටත් බොහොම දුප්පත්. ඒත් ඔය යස අපූරුවට ගේදොරත් බලාගෙන කාලා ඇඳලා ඉන්නෙ."

"ඔව් එයා හරිම හොඳයි. දැකපු තැන හිනාවෙනවා කතාකරනවා."

"කට්ටිය ගුණේගෙ ගෑණි දාලා ගිහින් කියනකොටම මම හිතුවා එකත් එකටම කාගෙහරි බොරුවක් කියලා"

"දැන් එතකොට මැරිලා තියෙන්නෙ අත් උදව් දීපු ගුණයා?"

"ඔව් ඔව්"

"ආයෙ අහන්ඩ දෙයක් තියෙනවයෑ. ඌ ගෑණිව ගෙනාවෙ මුඩුක්කුවකින්ද කොහෙදනෙ. මුඩුක්කුවල ගෑණු ඔහොමමයි. රොම්පිය දාගෙන ඉන්නෙ කාත් එක්කද එල්ලෙන්නෙ බලාගෙන."

"පව්. කුලියක් මලියක් කරගෙන හිටපු කොල්ලා"


16 comments:

  1. මේ වගේ රොයිටර් පුවත් සේවා සෑම ගමකම වගේ තියනවා.

    රොම්පිය කියන්නේ බොරු සොබනය කියන එකද අනුන්ගේ සිත් ඇදගන්නා පරිදි උකුළු මුකුළු පෑමද?

    ReplyDelete
    Replies
    1. රොම්පිය කියන්නෙ කැරොල් කරත්තය කියනවා වගේ එකක්.

      රොයිටර් පුවත් සේවය වගේම තොරතුරු විශ්ලේෂණයත් වෙනවා

      Delete
  2. හෙහ් හෙහ්, ඔය වගේ ඉතින් කතා කියන මිනිස්සු ඕනම තැනක ඉන්නවා.. කිසි ගානක් ලැජ්ජාවක් නැතුව ඕවා කියවන්නෙ..

    ReplyDelete
    Replies
    1. එකම කටින්ද කියලත් හිතෙනවා

      Delete
  3. යකෝ මේ ගෑනු මනුස්සය හරියට පා.ම. කෙනෙක් වගේනෙ.

    ReplyDelete
    Replies
    1. හුහ් හූ,...... නියම උපමාව. හරියට එක දවසින් ගල නැතිකෙරුවා වගේ...

      Delete
  4. කටුස්ස වගේ පටස් ගාල පාට මාරු කරගන්න පුලුවන්නම් ඕනි තැනක ස්වයිව් වෙන්න පුළුවන් කියනෙක නේද මේකේ මොරල් එක? :p

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේ වගේ මිනිස්සු ගම්වල විතරක් නෙමෙයි නගරෙත් ඉන්නවා

      Delete
  5. ගෑණු විතරක් නෙවෙයි ඔයවගේ පිරිමිත් ඉන්නවා :)

    ReplyDelete
  6. ඔන්න ඕක තමයි කියන්නේ නිකරුනේ මිනිස්සුන්ට කතා හදන්ට එපා කියලා හිටං.

    ReplyDelete
    Replies
    1. හිටං.. ඇයි ඉඳගෙන කමක් නැද්ද?

      Delete
  7. මොන ගමටත් එකයි..

    ReplyDelete
  8. දැං දැං පෙනෙන දේවල් වල හැටියට මෙහෙම තමයි ඉන්න වෙන්නෙ..
    නැත්තම් බල්ලා මාක්.
    (එක අතකට බල්ලො හොඳයි බං.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හි..හි.. ලජ්ජාවෙ බෑ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...