මම හිතුවා පොඩි වැඩක් පටන් ගන්න. ක්ලාස් එකක් කරන්න. මං ඉතින් දන්න දේ තොරතුරු තාක්සනේනෙ. නොදන්න අයට සිංහලෙන් කිව්වොත් IT.
ඉතින් මම හිතුවා 10,11,A/L මල්ලිලා නංගිලාට ICT\GIT පන්තියක් කරන්න. මට ඉතින් පන්ති කරන්න තැනක් නෑනෙ. ගෙවල් වලට ඇවිල්ලා තමයි කරන්න වෙන්නේ.
මම පදිංචිවෙලා ඉන්න තැන අනුව කොළඹ මීගමුව අවට තමයි කරන්න වෙන්නෙ. ගමනාගමන පහසුකම් තියෙන අවට ප්‍රදේශයක් වුනත් සළකා බලන්න පුලුවන්.
ඔය ගොල්ලන්ට කරන්න තියෙන උදව්ව තමයි ICT\GIT පන්තියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට මේ ගැන දැනුවත් කරන එක.
hareenlaks@gmail.com ට ඊයක් එව්වොත් ඔක්කොම විස්තර දැනගත්තෑකි. පහළ ඇඩ් එක බලන්නකො.
බොහොම ස්තුතියි!
ලංකාවේ හිතවතුන්ට පෝස්ට් එක ඊමේල් කරන්නම්
ReplyDeleteබොහොම ස්තුතියි ඔබා මාමෙ..
Deleteජය වේවා !!!
ReplyDeleteගෙවල් පැත්තේ දන්න දන්න අයට කියන්නම්..
ස්තුතියි සෙන්නා..
Deleteදන්න කියන අයට කියන්නකො එහෙනම්..
එල එල
ReplyDeleteඑලම තමයි.. :)
Deleteඔය වයස පැන්න අනේ... නැත්නම් ඉගෙන ගන්නත් තිබුණා... :)
ReplyDeleteඅයි ටී වලට මොනවද බං උගන්වන්නේ?.
ReplyDeleteසිලබස් එකේ තියෙන ඔක්කොම උගන්නනවා බං..
Deleteකම්පුටරේ පටන් ගත්තු හැටි ඉඳන්ම..
හරීන්ද්‍ර සර් සුභ පැතුම් අලුත් වැඩේට.
ReplyDeleteහි..හි.. තැන්කූ තැන්කූ..
Deleteසුභ පැතුම් මචෝ.... මමත් දන්න කියන අය සෙට් වුනොත් කියන්නම්...
ReplyDeleteබොහොම ස්තුතියි යාලුවා...
Deleteඅපේ යාළුවෙකුත් කිව්වා ක්ලාස් එකක් තියෙනවා කරන්ඩ කැමතිද කියලා. අහලා බලන්නම් ඒක තියෙනවද කියලා.
ReplyDeleteඑහෙම උනොත් එල !!! මං සෙට් කරලා දෙන්නම් !
පුලුවන්නම් ලොකු උදව්වක් මචන්..බොහොම ස්තුතියි..
Deleteමම ඒ පැත්තේ කවුරුත් දන්නෑ නෙව. නැත්තං කියන්න තිබුණා. වැඩේ හොඳයි.
ReplyDeleteස්තුතියි මල්ලි..
ReplyDeleteමම මේ "හරීගේ හීනලන්තය" දුටු විගසම, මට මතකයි මේ හීනලන්තය හිමි කරැව නමුත් මේවන් විශාල අනර්ග ලිපි හරී ලියා කියලා මම කවදා වත් හිතුවේම නැ බං.
ReplyDeleteපට්ට මචං, මමත් මේ පණිවිඩේ ප්‍රවාරයක් දෙන්නම් :)
අගය කිරීමට ස්තුතියි යාලුවා...
Deleteපණිවිඩෙත් එහෙනම් විසුරුවා හරින්නකො...
දෙයියනේ...මේ අපේ සීනි යාර් කෙනෙක්නෙ...
ReplyDeleteදැන්නේ දැක්කෙ..
හරියෝ මමත් 2012 දී තනියෙන්ම ටියුසමක් පටන් ගත්තා. මමත් අයිටී කාරයානෙ. කැළණියෙ පටන් ගත්තේ. උඔ වගේම ඔය සිලබස් එකමයි මාත් කරේ.
ReplyDeleteළමයින් මුලින් හොඳට උන්නා. වැඩේ තියෙන්නේ උන්ගේ මහ එවුන් එනවා අපිට අයිටී උගන්නන්ඩ. කණ්ඩායම් දෙකයි කරේ මම පංති නැවැත්තුවා.
දැන් ඉස්සරම කෙරුවා වගේ ප්රොපෙසෙනල් කෝස් විතරක් කරං හොඳ ගානකුත් හොයං සේප් එකේ ඉන්නවා.