අන්තර්ජාලයේ සැරිසරද්දි කොළඹ අගරදගුරු පදවියෙ නිල වෙබ් අඩවියට හදිස්සියෙම ඇතුලු වුනා. මේ පාර ළමා දිනය ගැන විස්තරත් දාලා පින්තූරත් එක්ක. මගේ මතකය ගියෙ අවුරුදු ගානක් අතීතෙට. මට මතක හැටියට පහ වසරෙ ඉඳන් එකොළහ වසර වෙනකන් අවුරුදු ගාණක් මම ළමා දිනේට යන්ඩ ඇති. අවුරුද්දකට පාරක් ලැබෙන ඒ දිනය මට නම් සුන්දර මතකයක්. ඊළඟට මතක් වුනේ මගෙ බ්ලොග. මේ අත්දැකීම බ්ලොගේ දැම්මා නම් ගොඩක් අය කියවයිනෙ කියලා හිතුණා. ඔන්න ඒ හින්දම දැම්මා. කෝ එන්න එන්න කියවන්න.
කොඩි අරන් යන ළමයි |
ළමා දිනයට යන්ඩ ලෑස්ති වෙන්න කියලා සතියකට හමාරකට කලින් දහම් පාසල් ටීචර්ලා කිව්වම අපිට ඉතින් හරිම සන්තෝසයි. ළමා දිනයට ගිහිල්ලා දිව්‍ය පූජාවට, දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදෙට සහභාගිවෙලා එතන පැවැත්වෙන කතාවලින් ආදර්ශ එකතු කරගන්ඩ, නාට්‍යය රස විඳින්න අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ. ඒක එහෙමමද කියලා ඉස්සරහට බලමු.
මම නම් ගියේම දහම්පාසල් කට්ටියත් එක්ක. ඉතින් නියමිත දවසෙ උදෙන්ම පල්ලියට එකතුවෙනවා. ළමයි අනිවාර්‍යන්ම පාසල් නිල ඇඳුම අඳින්ට ඕනෙ. ඒ කාලෙ නම් අපිට ඕක මහ වදයක් වෙලා තිබුනෙ. දැන්නම් අඳින්නත් ආසයි. දහම්පාසල් උගන්නන ටීචර්ලයි ළමයිනුයි එකතුවෙලා නම් බස් එකක් කතා කරගෙන තමයි ළමා දිනේට ගියෙ. දහම් පාසලේ කොඩිය අරන් යනවාත් මතකයි.
එතනට ගියාට පස්සෙ දිව්‍ය පූජාවට සහභාගි වෙන්න අවස්ථාව ළමයින්ට ලැබෙනවා. තව අගරදගුරුතුමාගේ වගේම තවත් පියතුමන්ලාගේ වැඩිහිටියන්ගේ ඔවදනුත් ලැබෙනවා. එක් එක් දහම්පාසල්වල ළමයි තමුන්ගෙ හැකියා ඉදිරිපත් කරනවා. හොඳම උදාහරණයකින් කිව්වොත් පාසලේ සාහිත්‍ය සමිතිය වගේ. ඇත්තම කිව්වොත් අවුරුදු ගානක් ළමා දිනේට ගියත් මොකද වෙන්නේ කියලා හරියටම කියන්න මට මතකත් නෑ. මම දන්නෙත් නෑ.
නාට්‍යය දර්ශනයක් |
අපි ගුරුවරුත් එක්ක ගිහින් කොහෙහරි තැනක් බලලා වාඩිවුණා කියමුකො. එතැන ඉඳන් එපා වෙනවා. අපි මිටි හින්දා වගේම ළමයි වැඩි හින්දා මෙලෝ දෙයක් පේන්නෙ නෑ. සද්දෙ විතරයි. හිටගෙන හිටියොත් යන්තම් පේනවා. ඒත් සූටි කකුල්වලට බරදීලා හිටන් ඉන්නෙ කොහොමද? ඔහොම පැය භාගයක් වැඩිම වුනොත් පැයක් යද්දි අපිට ටික ටික වතුර තිබහා එනවා. අතේ වතුර බෝතලයක් වැරදිලා හරි තිබුනොත් ඒක හිමීට බෑග් එකකට යනවා නැත්නම් ඉක්මනට ඉවර වෙලා වෙන අවශ්‍යතාවක් එනවා. "ටීචර් වතුර ටිකක් බීලා එන්නද?" හැබැයි අපි වතුර බොන්න යන්නෙත් බෑග් කරේ එල්ලගෙන. අපි ගෙදරින් කලින්ම ලෑස්ති කරන් ආපු ශොපිං උර තාමත් බෑග් එක ඇතුලට වෙලා හූල්ල හූල්ල ඉන්නෙ. වතුර බොන්න ගිය අපි එන්නෙ උදේ කෑම ගන්න තියෙන විරාමය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි.
ඒ වෙලේට පල්ලිය ඉස්සරහ කඩෙන් බස් එකට නගින්න කලින් ගත්තු බනිස් ගෙඩිය තමයි ගිලලා දාන්නෙ. නැත්නම් උදේ අම්මා ජෑම් ගාලා දුන්න පාන් බාගෙ. ටීචර්ලාට පේන්න ඉන්නත් ඕනනෙ. ඒක නිසා විවේක කාලෙම ගෙවෙන්නෙ ටීචර්ලා එක්කමයි. "ළමයිනේ වැඩසටහන් පටන් ගන්න කලින් වටපිටාව බලලා එන්න" ටීචර්ලාට එකම තැන වරුවම හිටපු අපි ගැන දුක හිතිලා. ඒත් ටීචර්ලාව දාලා යන්න බෑනෙ. ඒක නිසා "කමක් නෑ ටීචර්" කියලා එතනම ඉන්නවා. නැතිනම් ළඟ කොන්ත කඩේට ගිහින් මොනාහරි බොරලික්කමක්, කොන්ත මුද්දක් වගේ දෙයක් ගන්නවා.
ඔයින් මෙයින් විවේක කාලය ඉවර වෙලා වැඩසටහන පටන් ගන්නවා. තව පැය භාගයක් වෙද්දි ඔන්න ආයෙම උහුලන් ඉන්න බැරි චූ බර. ඒ පාර චූ කරන්න ගියාම දවල් කෑමට තමයි එන්නෙ. ඊටපස්සෙ ගෙදරින් උයන් ආපු බත් එකට වග කියන්නෙ ඔක්කොම වටවෙලා. අපේ සමඟිය තමයි. දැන් මතක් වෙද්දි කඳුලුත් එනවා. කාපු ගමන් ලිස්සන ලිස්සිල්ලට ආයෙ එන්නෙ වැඩසටහන ඉවර වෙන හඬ ඇහුනම.
දැන් කට්ටිය බලනවා ඇති කොහෙටද මේ ලෙස්සුවෙ කියලා. නම තේවත්ත වුනාට තේවත්ත පල්ලිය කියන්නෙ රබර් වතු යායක්. අපි විඩින් විඩේ ලෙස්සුවෙ මේ වතුවල කරක් ගහන්න. රබර් වත්තක් ගාවින් ගිය කෙනෙක් අහලා ඇතිනෙ 'ටොක්' ගාලා ඇහෙන සද්දෙ. රබර් වත්ත අයිනෙන් යද්දි මේ සද්දයක් ඇහුනු ගමන් අපේ උන්ට උන්හිටිතැන් අමතක වෙනවා. කම්බිවැටවල් වලින් රින්ගලා තණකොළ ගොඩවල් කොළ ගොඩවල් පීරගෙන දුවන්නෙ අනික් වුන්ට ඉස්සෙල්ලා රබර් ඇට අහුලන්න. මේ වෙලාවෙ තමයි මෙච්චර වෙලා බෑග් එකේ හිරවෙලා හිටපු ශොපිං බෑග් මල්ලිලා හුස්මක් කටක් ගන්නෙ. ඒත් ඉතින් රබර් ඇට වල ඔට්ටපාලුවල බර දරන්න උන්දැලාට සිදුවෙනවා. ආයෙම ටිකකින් මල්ල ඇතුලට.
රබරැට එකතු කරන්නෙ ගෙදර ගෙනත් බඹර හදන්න. ඔට්ටපාලු වලින් පුලුවන් බෝල හදන්න. මේ අයිටම් එකතු කරන ගමන් ලූර්දු ගුහාව ගාවට යන්නත් තේවත්තෙ වැවේ ඉන්න කබරයින්ට තලගොයින්ට ගලක් දෙකක් ගහන්නත් අමතක කරන්නෙ නෑ. තවත් ආසා කරපු සෙල්ලමක් තමයි අංශක 75ක් විතර වෙච්ච බෑවුමේ තරඟෙට පහළට දුවන්න. ඔහොම දුවලා දුවලා දුවලා දුවලා වැඩසටහන ඉවර වෙනකොට අපි ටීචර්ලා ගාවට දුවලා එනවා.
මට දැන් හිතුනු දෙයක් තමයි. මේ විදිහට ළමා දිනය ගතකරේ අපි විතරද මන්දා? කෙළි පොඩිත්තියො නම් කොහොමත් ටීචර්ලා ගාවින් හෙල්ලුනේ නෑ. දහම් පාසලේ අපේ වයසේ කොලු නඩේ 10ක් විතර ඔහොම යන්නැති. අපිට මඟදි වෙන එව්වො හම්බුනෙත් නෑ. අපි විතරක් කරපු වැඩක්ද මේක?
දවස ඉවරවෙලා බස් එක ගාවට ආවම නම් වටේ පිටේ ආච්චිලා සීයලාට තමයි වාසි. මඟ වියදමට දුන්නු සල්ලි ටික උන්දැලෑට දෙන්නෙ වෙරළු අච්චාරු, මඤ්ඤොක්කා හිලව්වට. එව්වත් කකා සුදු ඇඳුම් වලත් පෙරාගෙන අපි ගෙදර එනවා. ගෙදර ආපු ගමන් කරන්නෙ අර හොයන් ආපු කෑලි ටික කොහේහරි මුල්ලක් හංගන එක. ටික කාලයක් ගියාම රබර් ඇට බඹර වෙලා කැරකෙන හැටිත් ඔට්ටපාලු බෝල වෙලා බම්ප්වෙන හැටිත් බලාගන්න පුලුවන්.
ඔන්න ඔය විදිහට ළමා දිනේ කොළ එකේ රඟේ තේරුනේ බ්ලොගේ ලියන්න ගියාම තමයි. බලාගෙන යනකොට එතන වුනු කිසිම දෙයක් මම දන්නෙ නෑ. :)
විශේෂ ස්තුතිය: මේ අවුරුද්දෙ ළමා දිනේ පින්තූර එක්කම විස්තරයකුත් දාලා තිබුනා සුනිල් ද සිල්වා කියලා පියතුමෙක්. මම එතනින් තමයි උඩ තියෙන පින්තූර ටික ඉස්සුවෙ. නාහ ගත්තට එතුමා අමනාප වෙයිද මන්දා? කොහොමවෙතත් එතුමාට බොහොම ස්තුතියි!.
//අපි විතරක් කරපු වැඩක්ද මේක?//
ReplyDeleteකාලකන්නි ඉන්නෙ ටිකයි බං . . . හැබැයි උංට තමයි ආතල් ඔක්කොම (තිත් දෙකයි කැපිටල් ඩී)
හැක්.. හැක්.. ඒක නේන්නම්....
Deleteඔහොම තමයි ළමා දිනේ සමරන්න ඕන.
ReplyDeleteඒකනෙ අපි ඒ කාලේ ඒ විදිහටම සැමරුවෙ...
Deleteමාර්තු මාසෙ පළවෙනිදා ළමා දිනේ තියන්නෙ ඇයි?
ReplyDeleteරූ මේ අහන්නේ ඔක්තෝම්බර් පළවෙනිදා නොතියා ඇයි මාර්තුමාසෙ පළවෙනි සෙනසුරාදා තියන්නෙ කියලද?
Deleteලෝක ළමා දිනයයි මේ ළමා දිනයයි අතර සම්බන්ධයක් නෑ.. මේක අගරදගුරු පදවියෙන් යොදාගත්තු දිනයක්..
This comment has been removed by the author.
ReplyDeleteමාත් ඔය කියුවා වගේ 5 වසරෙ ඉදන් 11 වසර වෙනකන්ම ළමා දිනේට ගියා දහම්පාසලෙන් .. 11 වසරෙදි කොඩිය ගෙනියන්න ගිහින් හරි වැඩක් උනා මටත්. අපිත් ඔය රබර් ඇට ඇහිලුවා.. අර ගල් තලාව උඩ සපත්තු ගලවගෙන ලෙස්සන්නෙ නැතිව, අත් දෙකෙන් බිම අල්ලන්නෙ නැතිව යන්න try කරලා ඇති අනන්ත. එහෙම බල්ද්දි "ඕනයා" අයියා කිව්වා වගේ අපිත් කාලකන්නි ද මංදා... : D
ReplyDeleteමේ ඉන්නෙ තව රබර්වතු ගානෙ ඇවිද්ද අය.. මොකක්ද ඉතින් වෙච්ච හරි වැඩේ?
Deleteඔය කියන්නෙ කොයි ගල්තලාවද? ලූර්දු ගුහාව ගාව එකද?
This comment has been removed by the author.
DeleteThis comment has been removed by the author.
Deleteනෑ නෑ අයියෙ ලූර්දු ගුහාව නෙමේ අර රබර් වත්තක් මැද තියෙන ගල් තලාවක්. ඒ හරියට තමා අපි කෑම කන්න යන්නෙ හැම ළමා දිනේකම. මතක විදියට කොන්ත කඩේ ගාවින් හැරිල තමා යන්න ඕනෙ
Deleteහරි වැඩේ ගැන මෙතන කියන්න ගියොත් ලොකු ඉඩක් යයි අයියෙ.. ඒක බ්ලොග් එකේම දාන්නම් පෝස්ට් එකක් විදියටම.. අදම ලියන්නම් කියවලා බලන්නකො වෙලා තිබුනොත් අයියා..
හරි ඔයා පෝස්ට් එක දාන්නකො... අනිවාර්යෙන් එන්නම් කියවන්න..
Delete"ළමයි අනිවාර්‍යන්ම පාසල් නිල ඇඳුම අඳින්ට ඕනෙ. ඒ කාලෙ නම් අපිට ඕක මහ වදයක් වෙලා තිබුනෙ. දැන්නම් අඳින්නත් ආසයි"
ReplyDeleteඒක නම් සහතික ඇත්ත. ඒ කාලේ හරිම අමාරුවෙන් ඕක ඇන්දට දැන් තමා වටිනාකම තේරෙන්නේ. හරියට දැන් පෙන්ෂන් ගිය පොලිස්කාරයෙක් වගේ තමා.
ඉස්කෝලේ ඇඳුමින් ඉන්න කාලේ ඒකට තිබුණේ හරිම ලොකු බලයක්. ඒ සිවිල් බලේ තේරෙන්නේ ඒක අඳින්න වුණේ නැතිවුනහම :(
ඒක නේන්නම් හසිත ඉස්කෝලෙ අගේ දැනෙන්න අයින් වෙන්නම ඕනෙ...
Deleteඉස්සරහ ඉස්කෝලෙ ගියෙ මරන්න ගෙනියන හරක් වගේ... අපිව ඉක්මනට ලොකු වෙන්නෙ නෑනෙ දෙයියනේ රස්සාවක් කරගෙන නිදහසේ ඉන්න..
හි..හි.. දැන් තමයි තේරෙන්නෙ..
යකෝ උඹලා විතරක් වෙන්නෙ කොහොමද අපිත් ඕකම තමා කොළේ.. මටත් අදවගේ මතකයි ඔය රබර් වත්තෙ අහු,මුලු වල කරක් ගැහුවා..
ReplyDeleteඇත්තටම ඔය ළමා දිනේදි එතන මොනවද වෙන්නෙ කියලා මටත් නිච්චියක් නැහැ.
මම වගේම කෙනෙක්... මමත් දන්නෑනෙ මොකක්ද වුනේ කියලා.. ඒ වුනාට තේවත්ත පල්ලියේ හැම අඟලක් ගැනම කියන්න දන්නවා... :)
Deleteහ්ම්ම්ම්
ReplyDeleteනිශාන්ලට නම් මේවා අරුම පුදුම එව්වා නෙවේ.. පල්ලිය අතේ දුරින්නෙ...
Deleteහැමදාම ගිහින් රබර් ඇට ඔට්ටපාලු අහුලනවා වෙන්ටැ..
හරී, මම දැනට මාස හය හතකට උඩදී මගේ බිරිඳත් දරු දෙදෙනාත් සමග ගියා කල්පිටියේ සංචාරයක. ආපසු එනගමන් තලවිල පල්ලියට ගියා. හොරෙන්ම ගත්තා සුරුවමේ ලස්සන පින්තූරයක්. හැබැයි එතකොටම කෑගැහුවා පින්තූර ගන්න තහනම් කියලා. මම වසර දෙකක් පමණ පුත්තලම ප්‍රදේශයේ සේවය කළා. ඒ කාලයේ තලවිල පල්ලියේ මංගල්ලය තියනකොට, හමුදා භට ඛණ්ඩයක් යොදවා ආරක්ෂාව දෙනවා. ඒ කාලේ වන්දනා නඩ සහ අපේ භට පිරිස් අතර සුහදතාව කොච්චර වර්ධනය වෙනවද කිව්වොත්, මංගල්ලය අවසන් වනවිට, අඩු ගණනේ එක සාජන් කෙනෙක් වත් කෝප්‍රල් නිලයට පහත වැටෙනවා, කොප්‍රල්ලා සාමාන්‍ය සෙබල නිලයට පහල වැටෙනවා. මංගල්ලය අවසන්වී මාස කීපයකින්, වන්දනාවට පැමිණි තරුණියන් කීප දෙනෙක්, නීත්‍යානුකූලව හමුදා සෙබළුන්ගේ බිරිඳ බවට පත්වෙනවා.
ReplyDeleteකල්පිටියෙ රස්නෙ වගේම එහෙ දැන් වවන උඩරට එළෝළුත් මතක් වුනා.. මමත් බ්ලොගයට තලවිල පල්ලිය ගැන ලියන්න ඕනෙ.. ඒ වටා බිහිවෙච්ච සම්ප්‍රදා බොහොමයි... මම ඉපදුනදා ඉඳන්ම අවුරුද්දකට අඩුමගානෙ එකපාරක්වත් යනවාමයි..
Deleteගිය මාර්තු මංගල්ලෙට ගිහිල්ලා යකා නැගලයි ආවෙ.. ඉටිපන්දම් පත්තු කරන්න යන පෝලිමේදි පොලීසියෙන් තමයි ජනතාව හැසුරුවෙ.. තල්ලු කර කර යවනවා ඔරුසමක් කියා ගන්න දෙන්නෙ නෑ.. අතනට යන්න මෙතනට යන්න කිය කිය.. මම කිව්වත් එක්ක අවුරුදු ගානක් එන මට තැන් උගන්නන්න එන්න එපා කියලා..
මොනා වුනත් පොලීසියටයි හමුදාවයි වන්දනාකරුවන් පාලනය කරන්නෙ බොහොම අමාරුවෙන් බව නම් දන්නවා.. වන්දනාකරුවන් කෙසේවෙතත් වන්දනා නමින් විනෝද ගමනක් එන බේබද්දන්.. විචාරක මහත්මයා කිව්වට විශ්වාස කරයිද මන්දා සුමානයක් දෙකක් පල්ලිය ගාව නැවතිලා ඉන්න සමහර වන්දනා නඩ තියෙනවා පල්ලිය සුදුද කලුද කියලත් නොදැකපු..
හරී, කතෝලික බැතිමතුන්ට කිසියම් සිත් අමනාපයක් වෙයි කියලා මම නොලියා හිටිය කොටසක් ඔබ ලියලා තිබුනා. අනුරාධපුර වන්දනාවේ යන සමහර 'බෞද්ධයොත්' (බෞද්ධයො?) 'හොඳට ගසලා' යනවා. තලවිලට එන සමහර අය එන්නේ සතියක විතර 'රෙස්ට් එකකට' සහ හොඳට ගසලා 'ෆුල් ජොලියක්' ගන්න. ඒ අයට ආගම් භක්තියක් ඇත්තෙම නැහැ. සත්තු මරාගෙන පාටි දානවා රෑ තිස්සේ. තව දේවල් තියනවා. මෙතනට අවශ්‍ය නැහැ. ඉතාම භක්තියෙන් එන පිරිස් සහ අර පිරිස් අතර ගැටුම් ඇතිවූ අවස්ථා මම දැක තිබෙනවා. ආරක්ෂක මුරයේ ඉන්න අයටත් කොහොමහරි පොවන්නයි කල්පනාව. ඉතින් ඒවාට අහුවෙන හමුදා සාමාජිකයන්ට විරුද්ධව දැඩිව විනය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. ඒකයි සාජන්ලා කෝප්‍රල් වෙන්නේ. කෝප්‍රල්ලා සාමාන්‍ය සෙබල වෙන්නේ.
Deleteකතෝලික බැතිමතුන් නම් අමනාප වෙන එකක් නෑ.. බැතිමතුන් ලෙස පෙනී සිටින්නන් අමනාප වුනොත් මිසක..
Deleteමම හිතන්නෙ බෞද්ධ වුනත් කතෝලික වුනත් වඩා වැදගත් දේ තමයි අනුන්ට කරදරයක් නොවෙන එක හා ස්ථානයට අනුව හැසිරීම.. හැම මනුස්සයාම ඔය විදිහට යමක් කරන්න කලින් මේ දේ කාටහරි කරදරයක් වෙයි කියලා හිතනවානම් මේ ලෝකෙ බොහොම සුන්දර තැනක් වේවි..
වන්දනා ගමන් ගිහිල්ලා විනෝද වෙන්න එපා කියලා නෙමෙයි මම කියන්නෙ... වන්දනාවෙ ආපු අනික් අයට කරදරයක් වෙන්න හොඳ නෑ කියලයි කියන්නෙ... අපිත් තලවිල ගියාම මූදෙ නානවා... මස් මාළු කනවා.. ඒත් කවදාවත් අනිත් අයට කරදරයක් වෙන දේවල් කරන්නෙ නෑ.. වන්දනා ස්ථානයක් ඇතුලෙ බීගෙන බජව් දාගෙන හබකරගෙන දඟලන එක කොච්චර අශෝභන වැඩක්ද? ඒගොල්ලො බාධා කරන්නෙ දුරකතර ගෙවාගෙන යාච්ඤා කරන්න එතනට ගිය බැතිමතුන්ට වෙන්න පුලුවන්.. බීගත්තත් කමක් නෑ.. කරදරයක් නොවී ඉන්නවානම්..
පල්ලියෙ මම දකින අනික නරකම දේ තමයි විලාසිතා.. පන්සල්වල නම් ඕක නෑ නේද? සමහරු පල්ලි නෙමෙ එන්නෙ 'ෆැෂන් ශෝ' එකක් තියන්න.. විශේෂයෙන් කාන්තා පාර්ශවේ.. පියතුමන්ලා කොච්චර බැන්නත්.. දැන්වීම් පුවරු කොච්චර ගැහුවත් තාමත් ඕක හදන්න බෑ.. ඒවා ඇඳන් එනවා මදිවට අනික් වුන් 'අවුට් ඔෆ් ෆැෂන්' කියන වුනුත් ඉන්නවා..
පන්සල් වලටත් දැන් විලාසිතා බෝවෙලා හරී. බලන්න එපාය සමහර 'උපාසක අම්මලා' ඇඳගෙන එන ඇඳුම් වලට, හාමුදුරු වරුන්ගේත් සිල් බිඳෙනවා. ඒක නිසා තමයි සමහර භික්ෂූන් වහන්සේලා පිළිබඳව අමිහිරි කතා අහන්න ලැබෙන්නේ. වැඩියෙන්ම නරක විදිහට අඳින්නේ දරුවෝ දෙන්න තුන්දෙනා ඉන්න අම්මලා.
Deleteමට නම් මේ අත්දැකීම් නෑ දහම් පාසල් නම් ගියා,ඒත් මම ගිහින් නෑ මේකට
ReplyDeleteඩිලාන් අගරදගුරු පදවියේද?
Deleteයන්නයි තිබුනෙ..
ඇත්තටම ඒ ළමා කාලෙ කොයිතරම් සුන්දරද? අද ළමයි තරඟෙට අහුවෙලා දුවනවා මේ වගේ සොඳුරු වින්දනීය අත්දැකීම් ලබන්න තනියම එහෙ මෙහේ යවන්නෙත් නෑ. ගියත් ගුරුවරයගේ අතේ දුරින් ඉන්න ඕනේ. කාලයයි ලෝකයි දෙකම වෙනස් වෙලා.
ReplyDeleteඅද ඔබේ මේ පෝස්ට් කියවන අපි හැමෝම ඒ සුන්දර අතීතේ නැවත මනසින් සක්මන් කළා.
අපේ කාලෙටත් වඩා දයා අයියලා ඉස්කෝලෙගිය කාලෙ කොයිතරම් නිදහසක් විඳින්න ඇතිද? දැන් ළමයින්ව එහෙ මෙහෙ යවනවා අඩුයි වගේම එහෙම යැව්වොත් අපායට වැටෙන්න පුලුවන් අවස්ථාත් වැඩී. ඒ අතින් දෙමාපියන්ට බනින්නත් බෑ...
Deleteඒත් බාහිර අත්දැකීම් නැතුව අධ්‍යාපනය පොවලා හදන ළමයාත් නිකම්ම නිකමෙක් වෙනවා.
බොහොම සංතෝසයි ඒ සුන්දර කාලෙ මතක් කර දෙන්න පුලුවන් වුනා නම්.. දැන් අපිට හිතින් විතරයි ඒ කාලෙට යන්න පුලුවන්...
ළමා දිනය සමරන්න ඕනෙ ළමයින්ට ඕනෙ හැටියට තමයි.
ReplyDeleteඅර යුනිෆෝම් කතාව නම් සහතික ඇත්ත. ඕක අඳිනකල් ඕකෙ අගයක් නෑ. අපි ඉස්සර සෙරෙප්පු දාගෙන යන්න මාර ආසාවක් තියෙන්නෙ යුනිෆෝම් එකත් එක්ක. බොරුවට බැන්ඩේජ් ඔහාගෙන් සෙරෙප්පු දාගෙන යනවනෙ. කොච්චර කැතද කියලා තේරෙන්නෙ දැන් තමයි.
henryblogwalker the Dude
බොරුවට බැන්ඩේජ් ඔතාගෙන එනවට අපේ ඉස්කෝලෙ නම් නියම වැඩක් කරලා තියෙනවා..
Deleteකකුලක් තුවාල නම් සෙරෙප්පු දාන්න පුලුවන් තුවාල වෙච්ච එකට විතරයි.. අනිකට සපත්තුව දාන්න ඕනෙ.. දෙකම තුවාලයි කියලා කියන්නත් බෑනෙ.. එකකට විතරක් සපත්තු දාගෙන 'සපත්තු කකුල නිකන් කකුල' කිය කිය යන්නත් බෑ..
ඉතින් කරුමෙට තුවාලයක් තියෙද්දි වුනත් සෙරෙප්පු දාන එක මහා විලි ලැජ්ජා වැඩක්.. කොහොමද පාරෙ යන්නෙ.. ඒක හින්දා තුවාල තියාගෙනත් කොල්ලො අපූරුවට සපත්තු දානවා..
මම ගියේ බෞද්ධ බාලිකාවකට. අපේ පැත්තේ ආගමේ ඉස්කෝලයක් නැහැ. ඉතින් ඔය වගේ කිසිම දෙකට සහභාගී වෙන්න ලැබුනේ නැහැ. ආගමේ ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙලා යනකන්ම. ඔයාල වාසනාවන්තයි.
ReplyDeleteදහම් පාසලෙන්වත් ගියේ නැද්ද?
Deleteමම හිතන විදිහට නම් නික්කි ටීචර් දකුණෙ වෙන්න ඕනෙ.. ඒ පදවියෙත් ළමා දිනයක් තියෙනවද?
නිකී ටීචර් දකුණේ නෙමෙයි සීත කඳුකරේ. දහම් පාසල් නම් ගියා ඒත් ළමා දිනයක් ගැන නම් අහලවත් තිබුනේ නැහැ.
Deleteමමත් පොඩි කාලේ ඉදලම තෙවත්තේ ළමා දින මඟ හරින්නේ නැතිව ගිය.. හැබැයි. මගෙනම් තෙවත්තට යනවා කියපුවාහම මතක වෙන්නේ වෙරලු අච්චාරරු.. ඔය කියන තරම් නම දඟ වැඩ කරේ නැහැ.. මම පාසලෙන් තමයි ගොඩක් වෙලාවට ගියේ...
ReplyDeleteබුද්ධිත තේවත්ත කිට්ටුව කිව්වා නේද? ඒක නිසාරබර් ඇට වල ඔට්ටපාලුවල අගයක් නැතිව ඇති.. හි..හි..
Deleteඅනේ මේ ඉන්නෙ හොඳ ළමයි.. එහෙනම් කියපන්කො එතන වෙන දේවල්..
Mama Kurunegala Padaviye... apeth daham pasal lama dinaya thiyenawa hema wasarakama... e kale daham pasal Band eketh hitiya mathakai... Kurunegala St. Anns collage eke, kuliyapitiya sathpahane, kattimahana palliye ape lama dinaya boho durata thiyenne...
ReplyDeleteDaham pasal teacher kenek vidiyatath awurudu 05k lama dinayata podi aya ekka giya... sundara athdakimak... Teacher kenek vidiyatanam tikak karadarai.....
apita rabar wathu nam thibune nehe...
Dan mamath nithara Thewaththe yana nisa hithe anda ganna puluwani.... mathakaya aluth una...
samawenna... Sinhalen liyanna vidiyak nehe... mage computer eke awulak..
"samawenna... Sinhalen liyanna vidiyak nehe... " ඒක ප්‍රශ්නයක් නෑ.. කොහොමහරි කමෙන්ට් කරපු එක වටිනවා..
Deleteමම ක්නින් කොනින් අහලා තිබුනා වෙනත් පදවිවලත් ළමා දින තියෙනවා කියලා.. ඔයගොල්ලන්ගෙ පදවියෙ ළමා දින විවිධ තැන්වල පවත්වනවා වගේ.. අපේ නම් එකම තැන තමා...
ටීචර් කෙනෙක් විදිහට ගියාම වගකීම බොහෝමයිනෙ.. අපි වගේ දඟලන පොඩ්ඩෝ බලාගන්න ලේසි නෑනෙ..
තේවත්ත පල්ලි නිතරම යනවා කිව්වෙ දැන් ඒ කිට්ටුවට සංක්‍රමණය වෙලාවත්ද?
සහෝ.. මෙම ලිපිය කියවල ඇසට කදුලුත් ඉනුව. වෙනදෙයකට නෙමේ අතීතය සිහිවෙලා. මම අයිති හලාවත පදවියට. අපිත් ඔය වගේ ළමා රැළි වළට අනන්තවත් ගිහින් තියෙනව. ඒවයෙ තිබුන සුන්දරත්වය, ලැබුන දැනුම, අපි අතරෙ තිබුන සුහදත්වය.... අද සිහිවෙදිදි ඒඅතීතයට ආයෙ ආයෙ දුවල යන්න තියෙනවනම් කියල හිතෙනව. මොනව උනත් ඔබ මේ කරන කාර්ය්‍ය ඉතාමත් වටිනව. නිසැකවම හොද රසික හිතවතුන් ගොඩක් ඔබවටා එක්-රොක් වේවි. මගේ සුබ පැතුම්..!
ReplyDeleteසහෝ.. මෙම ලිපිය කියවල ඇසට කදුලුත් ඉනුව. වෙනදෙයකට නෙමේ අතීතය සිහිවෙලා. මම අයිති හලාවත පදවියට. අපිත් ඔය වගේ ළමා රැළි වළට අනන්තවත් ගිහින් තියෙනව. ඒවයෙ තිබුන සුන්දරත්වය, ලැබුන දැනුම, අපි අතරෙ තිබුන සුහදත්වය.... අද සිහිවෙදිදි ඒඅතීතයට ආයෙ ආයෙ දුවල යන්න තියෙනවනම් කියල හිතෙනව. මොනව උනත් ඔබ මේ කරන කාර්ය්‍ය ඉතාමත් වටිනව. නිසැකවම හොද රසික හිතවතුන් ගොඩක් ඔබවටා එක්-රොක් වේවි. මගේ සුබ පැතුම්..!
ReplyDeleteමම දැනගෙන නොහිටියට හැම පදවියක වගේම ළමා දින පැවැත්වෙනවා වගේ... කොතන තිබ්බත් ළමා දින එක වගේ වෙන්නැති.. මොකද සහභාගි වෙන්නේ ළමයිනෙ.. :)
Deleteජීවිතේ හොඳම කාලෙ ළමා කාලෙ කියද්දිත් "මේ මොන කරදරයක්ද? ඉස්කෝලෙ නොයා රස්සාවකට යන්න ඉක්මනට ලොකුවෙන්නෙ නෑනෙ" කිය කිය හිතපු අපිට මේවා හොඳ පාඩම්..
ස්තුතියි!
හරී.. මිතුර මට සමාවෙන්න මගෙ නොදැනුවත් කමින් එකම කොමැන්ට් එක දෙපාරක් පලවුනා. ශ්‍රී ලංකාවෙ කතෝලික සබාව විසින් වාර්ශීකව හැම පදවියකම ළමා රැළි පවත්වනව. මා දන්න තරමින් අදටත් එහෙමයි. මමනම් ගොඩක් සම්බන්ද උනේ "ළක්‍රිවි" (ළමා ක්‍රියාකාරී වීරයෝ) ළමා සමිතිය සහ දහම් පාසල සමගයි. නමුත් එවකට ළමා කටයුතුබාරව සිටි ගරු.මැල්කම් රංජිත් පියතුමා (අද කාදිනල් පදවිය දරන) විසින් ආරම්බ කරන ලද ළමා ධර්ම දූත සමාජ නිසා "ළක්‍රිවි" අබාවයට යන තත්වෙකයි තියෙන්නෙ. කොහොමත් මේ හැම දෙයකින්ම අපිට ලැබුන මගපෙන්වීම අනන්තයි අප්‍රමාණයි. මමනම් මේ හැම දෙයකටම දෙවියන්ට ස්තූති කරනව. මගේ සුබ පැතුම්..!
ReplyDelete"එකම කොමැන්ට් එක දෙපාරක් පලවුනා. " ඒකට කමක් නෑ.. තොරතුරුවලට ස්තුතියි හැම පදවියකම ළමා දිනය පවත්වන බව මා දැන හිටියේ නෑ..
Deleteමට අවු. 4දි පමණ අපේ පල්ලියෙත් ළක්‍රිවි තිබුනා මතකයි. අපි ඒකාලෙ පල්ලියෙන් ටිකක් ඈත සිටියෙ. පියතුමා බයිසිකලයෙන් අපේ ගමට ඇවිල්ලා අපේ ගෙදර අයිනේ පාපැදිය නවත්තලා තමයි ළක්‍රිවියට අනුශාසනා කරන්න යන්නේ. ඒ යනකොට මාවතැගිල්ලෙ එල්ලන් යනවා. මමත් ඉතින් ගිහින් පැත්තක ඉඳගෙන ඉන්න එක තමයි කරන්නෙ.
ඒ පියතුමා මාරුවීමත් එක්ක ළක්‍රිවි නැතිවුනා. ධර්මදූත ළමා සමාජය ආරම්භ වුනා. මම 2 වසරෙ සිට සා.පෙ. දක්වා එහි සාමාජිකයෙක්.. දැන් මීසමේ ධර්මදූතෙත් අක්‍රිය බවයි පේන්නෙ..
පරණ මතකයක් අලුත් කළාට ස්තුතියි!
හරී මල්ලී෴ දැන් අපි ළමයින්ට ළමා දිනය සමරන්න උදව් කරනව ඒ වුණත් එයාලට ඒ ගැන තේරුමක් නැහැ වාගේ
ReplyDeleteඒ මොකද? අපේ කාලෙ නම් අපි හරිම ආසාවෙන් සහභාගි වුනේ..
Delete