4.25.2012

ඕනා ජරා වැඩක් කරලා ලේසියෙන් ගොඩයන හැටි

හරියට කරුණු කාරණා නොදන්න අන්‍යාගමික අය වගේම සමහර රෝමානු කතෝලික නොවන කිතුනුවන් නගන ලොකුම චෝදනාවක් තමයි කතෝලික සභාව පව්කාරයින්ට අනුබල දෙනවා කියන එක. "උන්ගෙ ආගම හරි ආගමක්නෙ බං. කරන්න පුලුවන් ජරාවැඩ ඔක්කොම කරලා ෆාදර්ට ගිහින් කිව්වම ඔක්කොම හරි."  මෙහෙම කියන අය ඉන්නවා. නමුත් රෝමානු කතෝලික සභාවේ මෙන් චාරිත්‍රයක් වශයෙන් නොකළත් බොහෝ ආගම්වල  සමාව දීම හා සමාව ලබාගැනීම උතුම් ගුණාංගයක් ලෙස සළකනවා නේද? ඉතින් මම අද කියන්න යන්නෙ අපි කළ පව් වලට සමාව ලබාගැනීම හෙවත් පාපොච්චාරණය ගැන. කෝ පව්කාරයො ටික එන්න මේක කියවන්න. :)


පාපොච්චාරණය ගැන තියෙන මතවාද වලට ඉස්සරවෙලා අපි චාරිත්‍රය දැනගෙන ඉමු නේද?  මීට ඉස්සෙල්ලා මම කියපු ප්‍රසාද ස්නාපනය, දිව්‍ය සත්ප්‍රසාදය, අභිවෘද්ධි ආලේපය වගේ උත්සවාකාරයෙන් දානය කරන ප්‍රසාද නිධානයක් නෙමෙයි පාපොච්චාරණය කියන්නෙ. පාපොච්චාරණය ඇසීමට අවසරලත් පියතුමෙකු සොයාගතහැකි නම් ඕනෑම අවස්ථාවක පපොච්චාරණයක් කරගන්න පුලුවනි. 'පාපොච්චාරණය ඇසීමට අවසරලත්' කියලා සඳහන් කළේ පියතුමන්ලා හැමෝටම පාපොච්චාරණය ඇසීමට අවස්ථාව නොලැබෙන නිසායි. ඒ සඳහා පදවියේ රදගුරුතුමාගෙන් විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා. දැන් කාලයේ නම් අපිට නිතර දක්නට ලැබෙන සෑම පියතුමෙකුටම පාහේ අවසරය තිබෙන නිසා පියතුමෙක් හොයාගැනීම අමාරු නෑ. ඇරත් චතාරික කාලයේදී හෝ පල්ලියේ මංගල්‍යය කාලයේදී දිනයක් යොදාගෙන පියතුමන්ලා කිහිපදෙනෙකු රැස්කර පාපොච්චාරණය ඇසීම සෑම දේවස්ථානයකම පාහේ සිදුකෙරෙනවා. චතාරික කාලය කියන්නෙ මොකක්දැයි නොදන්න කෙනෙක් ඉන්නවානම්  ඒ ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය සිහිකරන කාලයයි.

පාපොච්චාරණය (confession) කියන්නෙ සරලව කිව්වොත් තමුන්ගෙ පව්වලට පසුතැවිලි වෙන එකනෙ. ඉතින් ඉස්සෙල්ලම කරන්න ඕනා තමුන් කරපු පව් සිහිකරගන්න එක. ඊට පස්සෙ ඒවා ගැන පසුතැවිලි වෙන එක. මේ පසුතැවිලි වීමෙත් ආකාර දෙකක් තියෙනවා.

පළවෙනි එක තමයි 'දයාධික මනස්ථාපය'. ඒ කියන්නෙ දෙවියන් වහන්සේ මට මෙච්චර දේවල් දීලා තියෙද්දිත් මම දෙවියන් වහන්සේට  අකීකරු වුනා කියලා පසුතැවෙන එක. උදාහරණෙකින් කිව්වොත් අපේ දෙමව්පියො පොඩි කාලෙ ඉඳන් අපිව බලාගෙන අපිට මෙච්චර ආදරය කරද්දිත් අපි අකීකරු වුනානෙ කියලා පසුතැවීම  වගේ දෙයක්.

දෙවෙනි එක 'භයාධික මනස්ථාපය'. මෙහෙම පව්කාරයෙක් වෙලා ඉඳලා මට කවදා හරි අපායෙ දුක් විඳින්න වෙන නිසා පසුතැවීම. දෙමව්පියො එක්ක තරහාවෙලා ඉඳලා දේපළ නොලැබෙන නිසා වෙන පසුතැවීම උදාහරණෙකට ගත්තෑකි. ඔය දෙයාකාරයෙන්ම පසුතැවිලි වෙන්න පුලුවන්. දෙවෙනි එක පොඩ්ඩක් කැතයි වගේ පෙනුනත් කොහොම හරි පසුතැවිලිවෙන එක වටින නිසා සමාව ලැබෙනවා. පසුතැවිලි උනාට පස්සෙ තියෙන්නෙ මීට පස්සෙ ඒ පව් නොකරන්නට ඉටා ගැනීම. 'පව් පව් පව්' කිව්වට මොනාද පව් කියන්නෙ කියලා කිව්වෙ නෑ තමයි. ඉස්සරහදි කියන්නම්.

පරණ කූඩුවක්
පව් සිහිකරගෙන ඒවාට මනස්ථාපවෙලා ආයෙ නොකරන්නට හිතාගෙන දැන් අපි ලෑස්තියි පාපොච්චාරණය කරන්න. ඔන්න පියතුමා එනවා පාපොච්චාරණ කූඩුවට. පාපොච්චාරණය කියන්නෙ තමුන් කරපු පව් කියන එකනෙ. ඉතින් එව්වා ලෝකෙටම ඇහෙන්න කියලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද. ඉතින් ලෝකයාට හොරෙන් පියතුමාට ඇහෙන්න තමයි පව් ටික කියාගන්න ඕනෙ. ඔය කූඩුවෙ එකපැත්තකින් පියතුමා ඇතුලු වෙනවා. අනික් පැත්තෙන් තමයි ගිහියා ඇතුලු වෙන්නෙ. මැද තියෙන දැල නිසා පියතුමාටවත් හරියට ගිහියා හඳුනාගන්න අමාරුයි. නමුත් දැන් දැන් මේ කූඩු භාවිතා වෙන්නේ නෑ. ඒ වෙනුවට පොඩි දැලකින් වෙන්වුනු ආසනයක් තමයි පාවිච්චි වෙන්නෙ. දැකලා නැති කෙනෙක් ඉන්නවානම් පල්ලියකට ගිය වෙලේක බලන්න.
පාපොච්චාරණ ආසනය
පාපොච්චාරණය ඇසීම
පියතුමා ළඟට ගිහින් දණගහලා  "පියාණෙනී පව්කාරවූ මට සමාවුව මැනව" කියන්න ඕනෙ. ඊටපස්සෙ මීට කලින් අවසාන වරට පාපොච්චාරණය කළේ කොයි කාලෙද කියන්න ඕනෙ. ඊළඟට තියෙන්නෙ  අපි කරලා තියෙන පව් ටික කියන්න. මෙතනදි "ආ.. ඒක කියන්න ඕනෙ නෑ", "මට ලැජ්ජයි", "පියතුමා මං ගැන මොනාවා හිතයිද?" කියලා හංගන්න ගියොත් නම් පාපොච්චාරණය අසාර්ථක වෙනවා. පියතුමා රැවටිලා අපිට සමාව දෙයි. ඒත් දෙවියන් වහන්සේ ඉදිරියේ වැරදිකාරයොනෙ. ඒක නිසා මතක්වෙන හැම පාපයක්ම කියන්න ඕනෙ. ඊළඟට "මතක ඇති පව් මෙපමණයි. මේවාටත් අමතකවූ පව් වලටත් සමාව හා දඬුවම් ලබාදුන මැනව" කිව්වාම පියතුමා යම් යම් උපදෙස් වගේම පව් සඳහා දඬුවම් ලබා දෙනවා. ඒ උපදෙස් මොනවාද දඬුවම් මොනවද කියලා ඉස්සරහට බලමු. ඊළඟට දෙවියන් වහන්සේට අකීකරුවූ නිසා පසුතැවිලි වීමේදී කියන 'දයාධික මනස්ථාපය' යාච්ඤාව කියන්න ඕනෙ. ඊළඟට දඬුවම් ඉටුකරන්න ඕනෙ.

මම ඉහළින් කිව්වෙ පාපොච්චාරණය කරන සාම්ප්‍රදායික විදිහ.  නමුත් මෑත කාලයේ නම් ඔය කටපාඩමින් කියන වචන අවශ්‍යය වෙන්නේ නෑ. විශේෂයෙන් බොහෝ පිරිසක් පෝලිමේ ඉද්දි දයාධික මනස්ථාපය යාච්ඤාව උච්චාරණය බලාපොරොත්තු වෙන්නේත් නෑ. නමුත් පැරණි සම්ප්‍රදාය අගයන වයස්ගත පියතුමන්ලාගෙන් නම් බේරෙන්න ටිකක් අමාරුයි. වාක්‍යය තුනක යාච්ඤාවක් වුනත් බොහෝදෙනෙකුට ඔය යාච්ඤාව මතක නෑ. කමෙන්ට්වලින්ම බලාගන්න පුලුවන් වෙයි. ඉතින් පාපොච්චාරණය කරලා එන කට්ටියගෙන් අහලා තමයි යන්නෙ. :)

ඔයාලාට හිතුනා නේද පියතුමන්ලා අපි කියන පව් කාටහරි කියයි කියලා.  කොහොමටවත් එහෙම වෙන්නේ නෑ. එතුමන්ලා දිවුරුම් දී තිබෙනවා යම් අයකුගේ පාපොච්චාරණ රහස් වෙනුවෙන් ජීවිතය හෝ දීමට. වෙනවිදිහකින් කිව්වොත් අපි කියපු දේවල් මැරුවත් වෙන කෙනෙකුට කියන්නෙ නෑ.

දැන් බලමු පව් කියන්නෙ මොනවද කියලා.  වැඩි විස්තර නොදන්න කෙනෙක් වුනත් 'දස පණත' (Ten Commandments) ගැන අහලා ඇති. ඒ පිළිබඳ චිත්‍රපටි එහෙමත් තිබුනානෙ. මෙලොව ජීවිතයේදී දෙවියන් වහන්සේ අපෙන් පිළිපැදීමට  බලාපොරොත්තුවෙන මූලික දේවල් තමයි දස පණතෙ තියෙන්නෙ. මෙතනදි දස පණත ගැන නම් ලොකු විස්තරයක් කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒත් නොදන්න කෙනෙකුට පාපය කියන්නෙ මොකක්ද වැටහීමක් ගන්න පණත් ටික විතරක් දාන්නම්. මට නම් හිතෙන්නෙ අපි කරන ඕනෑම පාපයක් මේ පණත් දහයෙන් එකක් කඩකිරීමක් ලෙස සළකන්න පුලුවන්. ඒවගේම ශුද්ධවූ සභාවේ පණත්  කියලා තව හයකුත් තියෙනවා. ඒවා කඩකිරීමත් පාපයක්.
මෝසෙස් තුමාට දස පණත ලැබුන අවස්ථාව
1. සැබෑවූ එකම දෙවියන් වහන්සේට වන්දනා කරන්න.
2. දෙවියන්ගේ ශ්‍රී නාමය නිගරු ලෙස භාවිතා නොකරන්න.
3. ඉරුදින ශුද්ධ ලෙස ගත කරන්න.
4. දෙමව්පියන්ට ගෞරව කරන්න.
5. ජීවිත විනාශ නොකරන්න.
6. කාමිථ්‍යාචාරය නොකරන්න.
7. සොරකම් නොකරන්න.
8. බොරු නොකියන්න.
9. පරදාර ආලය නොකරන්න.
10. අන්සතුදේට ආශා නොකරන්න.

ඔන්න ඔය පණත් තමුන්ගේ ක්‍රියාවලින්, වචනයෙන් වගේම අතපසුකිරීමෙන් කඩ කළොත් පාපයක් වෙනවා.  පව් වුනාට ඒ සේරම එකම ගොඩකට වැටෙන්නේ නෑ. 'සුළු පව්' කියලා කොටසකුයි 'මරණීය පව්' කියලා කොටසකුයි තියෙනවා.

පාපය ඉතාමත් සුළු දෙයක්නම් ඒ කිව්වෙ ඒ පාපය මගින් සමාජයට ලොකු හානියක් වෙලා නැත්නම් වගේම බරපතල දෙයක්වුනත් නොදැන සිදුවූ දෙයක් නම් 'සුළු පව්' යටතට තමයි වැටෙන්නෙ. මේ පාපවලට සමාව ලබාගැනීමට පාපොච්චාරණයක් කරන්න අවශ්‍යය නෑ. අවංකව පසුතැවිලි වෙලා නැවත නොකරන්න සිතාගත්තොත් සමාව ලැබෙනවා. කොහොමටත් වඩා වැදගත් පාපොච්චාරණයක් කරගැනීම තමයි.

'මරණීය පව්' කියන්නෙ බරපතල වැරැද්දක් කිරීම. උදාහරණයකට කිව්වොත් මිනී මැරීම, හොරකම් කිරීම වගේ සමාජයට වගේම තමුන්ටත් ලොකු හානියක් වනදෙයක්.  මරණීය පාපවලට සමාව ලබාගැනීමට පාපොච්චාරණයක් කරන්නම වෙනවා. මේ පාප 'මරණීය පාප' කියලා හැඳින්වෙන්නෙ එමගින් අපේ දේව ජීවිතය නැතිවන නිසයි. තේරුනේ නැත්නම් ඔයාලට මතකනෙ මඤ්ඤයි පඤ්ඤයි ලිපියෙදි මම කිව්වා ප්‍රසාද ස්නාපනය ලබාගැනීමෙන් පස්සෙ අපේ දේව ජීවිතය ඇරඹෙන බව. නමුත් මරණීය පාපයක් සිදුකිරීමත් සමග දෙවියන් වහන්සේගෙන් ඈත්වී ගිය විදිහට තමයි සළකන්නෙ. ඉතින් නැවත දේව ජීවිතයට ඇතුලු වෙන්න නම් පාපොච්චාරණයක් කරගත යුතුයි. පාපොච්චාරණය දෙවියන් වහන්සේ සමහ නැවත සමගි වීමක් ලෙස සළකන නිසා තමයි 'සමගි සන්ධානයේ ප්‍රසාද නිධානය' කියලා කියන්නෙ. ගමේ ගොඩේ බාසාවෙන් 'කොමිසං කරනවා' කියලත් කියනවා.

ඒත් තේරෙන්නෙ නැති අයට පොඩි උදාහරණයකින් කියන්නම්. හිතන්නකො පින්පව් මීටරය කියලා උපකරණයක් තියෙනවා අපි කළැ පින්පව් මනින. අපි පින් කරද්දි පින් පැත්ත පිරෙනවා පව් කරද්දි පව් පැත්ත පිරෙනවා. හැබැයි එකකට එකක් කැපිලාත් යනවා. පින් පැත්ත පිරවිලා තියෙනවා නම් තමයි හොඳ ජීවිතයක් වෙන්නෙ. අපි සුළු පව් කරද්දි අවුලක් නැතුව දෙපැත්ත බැලන්ස් වෙලා යනවා. පිනට පව කැපෙනවා. පවට පින කැපෙනවා. පිනුත් පවුත් සමාන නම් පහළ රූපෙ වගේ.
 
හිතන්නකො අපි මරණීය පාපයක් කළා කියලා. එතකොට වෙන්නෙ අපේ දේව ජීවිතය නැතිවී යාම. පින් පැත්තට පින් එකතුවුනත් එව්වා ගණන් ගැනෙන්නේ නෑ. පව් පැත්ත දිගටම පිරෙනවා. පහළ රූපෙ පේනවනෙ පින් පැත්ත පිරිලා තිබ්බත් ඒවයින් පව් පැත්ත කැපෙන්නෙ නෑ. පින් ගණන් ගැනෙන්නෙ නෑ. නමුත් පාපොච්චාරණයෙන් පස්සෙ ආයෙ පින් පව් බැලන්ස් වෙන්න ගන්නවා.
ඉතින් පාපොච්චාරණයේදී අපි කරන්නෙ දෙවියන් වහන්සේ සමග ගිවිසුමකින් නැවත දේව ජීවිතයට ඇතුළු වෙන එක.පාපොච්චාරණයෙන් පස්සෙ අපි කළ පව් ඔක්කොම ඉවරයි කියලා හිතන්න එපා. අපි කරලා තිබෙන පින් එකතුවෙලා පව් වල බර අඩුවේවි. ඒත් කළ පව් වලට හරියන්න පින් කිරීමට හෝ මරණින් පසු ඒවාට වන්දි ගෙවීමට අපට සිදුවෙනවා. කතෝලික විශ්වාසයට අනුව දේව ජීවිතයෙන් තොරව මියගියොත් අපායෙ යන්න සිද්ධ වෙනවා. දේව ජීවිතය සහිතව මියගියත් අප කළ පාපවලට නියමිත වන්දිය ගෙවීමෙන් පසුව තමයි ස්වර්ගයට ඇතුලුවීමට ලැබෙන්නෙ. ඒ සඳහා ශුද්ධිගිනිස්ථානයේ රැඳී සිටීමට සිදුවෙනවා. ශුද්ධිගිනිස්ථානය ගැන විස්තරයක් මෙන්න මේ ලිපියෙ අග ඇති.

දැන් අපි ආයෙ යමු පාපොච්චාරණ කූඩුවට. අපි පව් කිව්වට පස්සෙ පියතුමා ඒ ගැන වැඩි විස්තර අහනවා. පාපය දැනගෙනද කළේ කොපමණ වාර ගණනක් කළාද එහෙම කරන්න හේතුවුණු කාරණා මොනවද ආදී දේවල් අහනවා. ඒ වගේම මින්පසු ඒ ඒ පාපවලින් වැළකී ඉන්න මොනවගේ දේවල් කරන්න ඕනිද කියන උපදෙසුත් ලැබෙනවා.

විශේෂයෙන්ම පව්වලින් අගතියට පත් පාර්ශව ගැන සැළකිලිමත් වෙනවා. පාපයෙන් සිදුවුනු වැරැද්ද එහෙම තියෙද්දි පාපොච්චාරණ එකට දහයක් කෙරුවත් සමාව ලැබෙන්නේ නෑ. උදාහරණයකින් කියනවා නම් අපි අල්ලපු වත්තෙ සුමනෙ අයියගෙ කෙහෙල් කැනක් හොරෙන් කපනවා. ඒක විකුණලා සල්ලි ගන්නවා. ඊට පස්සෙ ගිහින් "මම කෙහෙල්කැන හොරෙන් කැපුවට සමාව ඉල්ලනවා" කියලා පසුතැවිලි උනාට සමාව ලැබෙන්නේ නෑ. වෙච්ච වැරැද්ද කියලා සුමනෙ අයියගෙන්ම සමාව අරන් ඒකට වන්දියක් දෙනවා නම් හොඳයි.  එහෙම කරන්න අමාරුම නම් අඩුම ගානෙ වෙන විදිහකින්වත් ඒ මනුස්සයාට යමක් කරන්න ඕනෙ.

බොහෝවිට දඬුවම් හැටියට පියතුමා විසින් අගතියට පත් පාර්ශවයකට සහන සැලසීම නියම කරන්න පුලුවන්. සුළු පාපවලට නම් යාඤා කිරීම වගේ දෙයක් තමයි දඬුවම් හැටියට ලැබෙන්නෙ. දඬුවම් ඉටුකිරීමෙන් පව ගෙවෙන්නෙ නෑ. දඬුවම් ලැබීම නැවත සමගිවීමේ කොන්දේසියක් පමණයි. පව් වෙනුවට පින් කරන්නම වෙනවා.

මේ ටිකත් මතක තියාගන්න වෙනවා.  පාපොච්චාරණයේදී පියතුමාට හිතුනොත් අපි සමාව ලබන්න තරම් සුදුසු නෑ කියලා එතුමාට අයිතිය තියෙනවා සමාව ලබාදීම ප්‍රතික්ෂේප කරන්න. අදාළ පුද්ගලයා අවංකව පසුතැවිලි නොවීම, අගතියට පත් පාර්ශව සඳහා යුතුකම් ඉටුකිරීමට අකැමතිවීම වගේ අවස්ථාවලදී වගේම පියතුමෙකුට සමාව දීමට බලයක් නැති බරපතල පාප වලදී ද පියතුමා සමාවදීම ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. උදාහරණයකට කියනවානම් ගබ්සාව වැනිදේකට සමාව දීමට පියතුමෙකුට බලය ලැබී නෑ. ඒ සඳහා රදගුරුතුමෙකුගේ විශේෂ අවසරයක් ලබාගතයුතුයි.
දැන් අපි අපේ පව් හංගන්නෙ නැතුව ඔක්කොම කිව්වා. ඒවාට අවංකව පසුතැවිලි වුනා. මීට පස්සෙ ඒවා නොකරන්න හිතාගත්තා. අගතියට පත් අයට වන්දි ගෙව්වා. පාපවලට පියතුමා නියම කළ දඬුවම් ඉටුකළා. පව්වලට වන්දි විදිහට පින් කටයුතුත් කළා. දැන් ඔක්කොම හරිද? අපිට සමාව ලැබිලද?

ඒ ගැන ජේසුස් වහන්සේ කිව්ව උපමාවක් කියන්න වෙනවා. ලිපිය කොච්චර දිග වුනත් කියන්න තියෙන ඒවා සම්පූර්ණයෙන් කියන්න ඕනනෙ.

---------------------------

 එක්තරා රජ කෙනෙකුට දාසයෙක් හිටියා. මේ දාසයා රජ්ජුරුවන්ට කෝටි දෙකක් විතර ණයවෙලාලු හිටියෙ. රජතුමා ගණන් හිලව් බලන වෙලේක දාසයාව අල්ලාගත්තා. "මගේ ණය ගෙවපන්. ගෙවන්න සල්ලි නැත්නම් ගෑණියි ළමයින්වයි විකුණලා හරි ගෙවපන්" රජතුමා නියම කළා.

"අනේ ස්වාමිනී, ඉවසන්න. මුදල් ලැබුනු වෙලේක මම දෙන්නම්" දාසයා බැගෑපත් වුනා.

කමා නොවූ දාසයා(Unforgiving Servant )
රජතුමාට අනුකම්පා හිතුනා. "කමක් නෑ. මම ණය ඔක්කොම කපා හරින්නම්" සතුටින් ඉපිල ගිය දාසයා තමුන්ගේ ගෙදර යන්න පිටත් වුනා.

මගදී ඔහුට හම්බවෙනවා ඔහුගෙ සහකාර දාසයෙක්. "ඈ යකෝ උඹ මට දෙසීයක් ණයයි නේද? දැන්ම ගෙවපන්" ඔහු සහකාර දාසයා වෙත කඩා පැන්නා.

"අනේ ස්වාමිනී, මගෙ අතේ කීයක්වත් නෑ. ලැබුනු වෙලේක ගෙවන්නම්"  ඔහුත් පින්සෙණ්ඩු වුනා.

"එහෙම කියලා බෑ. ගෑණිවයි ළමයින්වයි විකුණලා හරි ගෙවපන්" ඔහු සහකාර දාසයාගෙ බෙල්ල මිරිකලා හොඳටම ගහලා මුදල් ගෙවනතුරු හිරකර තැබුවා.

මේ කතාව රජතුමාට ආරංචි වුනා. ඔහු තමුන්ගෙ දාසයාව කැඳෙව්වා. "මම උඹගෙ ණය කපාහැරියා. උඹටත් තිබුනෙ ඒ මිනිහාට අනුකම්පා කරලා ණය කපාහරින්න.  උඹ මේ කරපු දේ නිසා මම සියල්ල ගෙවන තුරු උඹවත් හිරේට නියම කරනවා" රජතුමා දාසයාව වධකයන්ට භාර දුන්නා.

 ---------------------------

මේ කථාවෙ කියවෙන හැටියට අපි පාපොච්චාරණයේදී අපේ පාපවලට සමාව ලබාගන්න ගමන්ම අන් අය අපිට කරලා තියෙන වැරදිවලටත් සමාව දෙන්න ඕනෙ. සමාව දීමෙන් තොරව සමාව ලබාගන්න බෑ. මට හිතෙනහැටියට දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇතිනෙ කරන්න පුලුවන් ජරාවැඩ ඔක්කොම කරලා ෆාදර්ට ගිහින් කිව්වම ඔක්කොම හරිද කියන එක. කැමතිනම් මේ වැරදි වැටහීමෙ ඉන්න කෙනෙක්ව දැනුවත් කරන්න.

මූලාශ්‍ර : මහෝපදේශය, අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් රදගුරුතුමා

ප.ලි. :  මගේ ලිපි නිතරම කියවන්න එන ඕනයියා අසනීප තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ආරංචි වුනා. එයාට ඉක්මන් සුවය පතමු.

105 comments:

  1. මාරයි අප්පා... :ඕඕඕ

    ඕනයියාට ඉක්මන් සුවය!!!!!!!

    ReplyDelete
  2. මට හිතෙන විදිහට පව් සමාකිරීම යනු එක්තරා මානසික ප්‍රතිකාරයක් බව‍ය

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව මම පාපොච්චාරණය කරලා තියෙන කෙනෙක් විදිහට අත්දැකීමෙන් කියන්නෙ.. ඇත්තටම ලොකු මානසික සහනයක් දැනෙනවා..

      Delete
  3. සුගතපාල සිල්වා මහතා පරිවර්තනව කරපු ඇටමැස්සා පොත මතක්වුනා. ඒකෙ මුළුකතාවම ගලා යන්නෙ පාපොච්චාරණය කරපු පියතුමෙක් ඒ පාපොච්චාරණය මගින් ඒ මනුස්සයව පොලීසියට අල්ලලා දුන්න එක නිසා.

    බුද්ධාගමේ නම් මෙහෙම දෙයක් නෑ. අකුසලයක් කරපු කෙනා පිටිපස්සෙ ඒකෙ ප්‍රතිඵල ගොනා පිටුපස බැඳි ගැල මෙන් පස්සෙන් එනවා.

    ගොඩක් දේවල් දැනගත්තා හරී..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අයියෝ.. ඇටමැස්සා පොත අතට හම්බෙලාත් කියවන්න බැරිවුනා..

      අලුතින් දැනුමට යමක් එකතු කරන්න ලැබුනට සංතෝසයි..

      අක්කාගෙ කමෙන්ට් එකේ බාගයක් පහළ ඇති පහළත් බලන්නකො..

      Delete
  4. ඉතාමත් හොද ලිපියක් හරී ...මේ හැන මගේ අදහසුත් කියන්නම්..
    උඩ දාලා තියෙන පින්තුරවල තියෙන කුඩු වල ඉදගෙන දැන් පව් අහන අය ගොඩක් අඩුයි. ගොඩක් පල්ලි වල. ඕවා නැහැ මම හිතන්නේ ..

    මම නම් ගොඩ කාලෙක ඉදලා පාප උච්චාරණය කරන්නේ නැහැ.. ඒ වෙනුවට මම පල්ලියට ගිහින් දණගහල.. මගෙන් උන පව් සිහි කරලා..ඒ වට සමාව ඉල්ලලා යච්ඤාකරණවා . අපේ පව් වලට සමාව දීමත් දඩුවම් දීමටත් අයිතිය තියෙන්නේ දෙවියන්ට..තමන්ගේ පව් දෙවියන්ට කියන්න අතර මැදීයෙක් ඔනවෙන්නේ නැහැ කියලයි මමනම් හිතන්නේ..මොකද අපි කරන හැමදේම දෙවියන් වහන්සේ දකින නිසා..
    (ඉතාමත් හොද ලිපියක් දිගටම මෙවැනි වටිනා ලිපි දන්නා හරී.. අපි කියවනවා.. වෙනත් ආගම වල අයට අපේ ආගම ගැන අදහසක් ගන්න පුළුවන් මෙවැනි ලිපි වලින්...ස්තුතියි)

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි!

      මමත් හැබැහින් නම් ඔය කූඩු දැකලා නෑ.. චිත්‍රපටවල නම් දැකලා තියෙනවා.. ලංකාවෙ පල්ලිවල නම් මම දැකලා තියෙන්නෙ දැලකින් වෙන්වූ ආසන තමයි.. සමහර ප්‍රධාන ප්‍රසිද්ධ පල්ලිවල නම් පාපොච්චාරණය ඇසීම සඳහාම ඉදිකළ ගොඩනැඟිලි මා දැක තිබෙනවා..

      මගේ අදහස හැටියට නම් පියතුමාගේ ආශිර්වාදය කෙසේවෙතත් මම ඉහත කියන ලද කාරණා පව් සිහිකරගැනීම, ඒවාට අවංකව පසුතැවිලිවීම, සිදුවූ වැරදි නිවැරදි කරගැනීම, නැවත එම පාප නොකිරීමට ඉටාගැනීම යන කාරණා සම්පූර්ණ වීමෙන් තමයි පාපොච්චාරණයක නියම ඵල ලැබෙන්නෙ..

      මෙහිදී පියතුමෙකුගේ සහාය අවශ්‍යය වෙන්නෙ සිදුවූ වැරදි නිවැරදි කර ගැනීමට හා එම පාපවලින් ඉදිරියේදී වැළකී සිටීමට උපදෙස් ලබාගැනීමටත් දේව ආශිර්වාදය ලබාගැනීමටත්.. කතෝලික ඉගැන්වීමට අනුව පාපොච්චාරණය කළ පමණින් හෝ පාපවලට සමාව ඉල්ලා යාච්ඤා කළ පමණින් සමාව ලැබෙන්නේ නෑ..

      ඔබගේ දිරිමත් කිරීමට ස්තුතියි. එය මට ශක්තියක්...

      Delete
  5. හරී, ඕනයා ගේ අසනීප තත්ත්වය ගැන වැඩි විස්තරයක් නැද්ද ? ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි !!

    ස්තූතියි විස්තරේට. මමත් ඕවා කරන්නන් වාලේ කරලා තිබුනට හරි විස්තරයක් දැන් ගත්තේ අද තමා. හැබැයි මගේ අවංක අදහස කිව්ව්වොත්, මට නම ඔය ගැන තියෙන්නෙ සැකයක්. හැබෑටම එහෙම පවු සමාකරන්ඩ පුලුවන්ද කියලා. මම බුද්ධාගමේ කියවෙන පටිසන් දීමෙන් පමණක්ම පව් ගෙවෙනවා කියන මතයේ ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. "ඕනයා ගේ අසනීප තත්ත්වය" මම දන්න හැටියට නම් උණක්ලු තියෙන්නෙ.. බුකියෙ ගිය නිසා තමයි මමත් දැන්ගත්තෙ..

      මම හිතන්නෙ සෙන්නත් ලිපියේ අදහස තේරුම් අරන් නෑ වගේ..

      කමක් නෑ පහළ පොදු උත්තරයක් දෙනවා ඒක බලන්නකො..

      Delete
  6. පවු සමා කිරීමේ ක්‍රමයක් මා අනුගමනය කරන බෞද්ධ දර්ශනයේ නැතත්, මිනිසුන් පවු කිරීමෙන් මුදාගන්නට කිසියම් උපක්‍රම සෑම ආගමකටම සම්බන්ධකර තිබෙනවා. යක්ෂයා, අපාය, වැනි සංකල්ප මිනිසාගේ සිතට යම් බලපෑමක් කරන නිසා යම් ප්‍රමාණයකට පවෙන් වැළකී සිටිනවා. මිනිසෙකුට තම හෘද සාක්ෂිය තරම් හොඳ උසාවියක්, දෙවොලක්, දෙවියෙක් තවත් නැහැ. පංචශීල ප්‍රතිපත්තිය බුද්ධාගමට පමණක් සීමාවූවක් නොවේ. එය අනුගමනය කරන සෑම පුද්ගලයාම බෞද්ධයෙක් හෙවත් බුද්ධියෙන් උසස් පුද්ගලයෙක්. කුමන බලපෑමකින් හෝ මිනිසුන් පවු කිරීමෙන් මුදාගැනීමයි වැදගත්. අවබෝධය වර්ධංඅයවූ තරමට මිනිසුන් පවු කිරීමෙන් වැළකෙනවා.

    හොඳ ලිපියක්. ආගමක තිබෙන දර්ශනය පැහැදිලි කිරීම පිනක්.

    ReplyDelete
    Replies
    1. මිනිහා මොනවා කළත් තමුන්ගෙ හෘදසාක්ෂියෙන් බේරෙන්න බෑ කියන එකනම් ඇත්ත.. කාට බොරුකළත් හෘදසාක්ෂිය තමුන්ට වරද තබනකන් ගැලවීමක් සැනසීමක් නෑ..

      පංචශීල ප්‍රතිපත්තිය මම අගය කරනවා.. තමුන් අතින් පව් සිදුවෙන්න ඉස්සෙල්ලා ඒවා නොකරන බවට පොරොන්දුවක්නෙ පංචශීලයෙන් වෙන්නෙ.. හැම මනුස්සයම (බෞද්ධ විතරක් නෙමේ) උදේට පන්සිල් අරන් ඒවා කඩ නොකර දවස පුරම ඉන්නවා නම් අපිට උසාවි, පොලීසි අවශ්‍යය වෙන එකක් නෑ..

      හැබැයි මම පන්සිල්, අටසිල්, දසසිල් අතර වෙනස නම් දන්නෙ නෑ. පුළුවන්නම් කියන්න.

      බෞද්ධ දර්ශනයක් වීම නිසා ඕනා කෙනෙකුට පිළිපදින්න පුලුවන්.. (මේක කියවන අය අදහනවා පිළිපදිනවා කියන දෙකේ වෙනස තේරුම් ගනී කියලා හිතනවා.)

      ස්තුතියි! මේ ලිපියෙදි ධර්මය පැත්තෙන් පොඩ්ඩක් ගැඹුරට යන්න වුනා. නිකම්ම චාරිත්‍රය විතරක් කිව්වානම් වෙන්නේ "ඕන වැඩක් කරලා නිකම්ම සමා කරගත්තෑකි" අදහස බලගැන්වීමයි.. නමුත් කමෙන්ට් වලින් පේන හැටියට නම් මම කියපු දේ ගොඩදෙනෙකුට තේරිල නෑ වගෙයි..

      Delete
    2. ඉතා දීර්ඝ විස්තරයක් කරන්න වෙනවා. ඊට වඩා හොඳයි සරල සිංහලෙන් ලියවුන පුංචි පොත් තියනවා පොත් කඩවල. අරන් බලන්න.

      Delete
    3. පන්සිල්, අටසිල්, දසසිල්වල තියෙන වෙනස සරලව කිව්වොත් ක්‍රමයෙන් ආශාවන්ගෙන් ඈත් වෙන්න උත්සහ කිරීමක් තමා මේ තුනෙන් පිළිවෙලින් වෙන්නේ.

      ලෞකික බවින් ලෝකෝත්තර බවට ලඟා වෙන්න යොදාගන්න මාර්ගයේ පඩි තුනක් කියලත් කියන්න පුලුවන්

      Delete
    4. හසිත මම පන්සිල පද පහ දන්නවා නමුත් අටසිල් වෙද්දි අලුතින් එකතුවන පද මොනාද? දසසිල් වෙද්දි එකතුවෙන්නෙ මොනාද කියලයි දැනගන්න ඕනෙ..

      Delete
    5. පන්සිල් අටසිල් වෙද්දී අලුතින් ශික්ෂා පද 3 ක් එකතු වෙනවා වගේම පන්සිල්වල තියෙන ශික්ෂා පදයකුත් යම් වෙනසකට ලක් වෙනවා.

      ඒ අනුව කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි "අබ්‍රහ්මචරියා වේරමණී සික්ඛා පදං සමාදියාමි" [තේරුම කාමසුඛාස්වාදයෙන් මිදිලා බ්‍රහ්ම චර්යාව ආරක්ෂා කරනවා...] කියලා වෙනස් වෙනවා වගේම අතිරේකව එකතු වෙන සිල් පද 3 වෙන්නේ

      විකාල භෝජනා වේරමණී ...... [තේරුම අවේලාවේ ආහාර වැළඳීමෙන් වලකිනවා]

      නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී........ [තේරුම නැටුම්, ගැයුම්, වැයුම් කිරීමෙන්, කරවීමෙන්, බැලීමෙන්, ඇසීමෙන්, මල් සුවඳ විලවුන් භාවිතයෙන්, සම පැහැපත් කිරීම වගේ කටයුතුවලින් වළකිනවා]

      උච්චාසයන මහාසයනා වේරමණී....... [තේරුම උස් අසුන් මහ අසුන් ආදී සුවපහසු අසුන්වල හිඳීමෙන් වළකිනවා]

      දස සිල් වෙද්දී පෙර දක්වපු නච්ච ගීත වාදිත ........... ශික්ෂා පදය නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී..........ලෙසත් මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූසනට්ඨානා වේරමණී......... ලෙසත් ශික්ෂා පද 2 ක් විදිහට ගණන් ගැනෙනවා.

      ඒ වගේමයි අලුතින් එකතු වෙන ශික්ෂා පදය වෙන්නේ ජාත රූප රජත පටිග්ගහණා වේරමණී...... [තේරුම රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් හා භාවිතයෙන් වළකිනවා]

      මේක දක්වන්න පුලුවන් සරලම ආකාරයෙන් දක්වලා තියෙන්නේ

      Delete
    6. ස්තුතියි! ඔය ටික තමයි දැනගන්න ඕනෙවෙලා තිබ්බෙ..

      සරලයි වගේම පැහැදිලියි..

      ප්‍රශ්නයක් තියෙනවා.. සිල් සමාදන් වුන ඒවා විතරද එදාට කඩන්න තහනම්..
      උදාහරණයක් කියනවා නම් පන්සිල් සමාදන් වුනදාට එව්වා හැර අනික්දේවල් කළාට කමක් නැද්ද?
      සාමාන්‍යය ගිහියන්ට අටසිල් දසසිල් ආරක්ෂා කරන්න අමාරුයි නේද?

      Delete
    7. අටසිල් සමාදන් වීමෙන් අපේක්ෂා කරන්නේ එක් දිනකට හරි භික්ෂූන් වහන්සේ නමකගේ ජීවිතයට සමාන අයුරින් ගත කරන්න කටයුතු කරන එක.

      ඒක නිසා අට සිල් වගේම දස සිල් ගිහියන්ට රැකීම අමාරුයි. ඒක නිසායි ගිහියාගේ නිත්‍ය සීලය විදිහට පංච සීලය දක්වන්නේ. අලුතෙන් එකතු වෙන සිල් පද සාමාන්‍ය කටයුතුත් එක්ක ගිහියාට ආරක්ෂා කරන්න අමාරුයි නොවැ

      අනික් ප්‍රශ්නයට පිළිතුරු දුන්නොත් පංච ශීලය තුළින් පොදුවේ ආගමික පැත්තෙන් විතරක් නෙමෙයි සමාජයෙනුත් වැරදියි කියලා පිළිගන්න කරුණු ටිකක් නොකර ඉන්නයි පොරොන්දු වෙන්නේ.

      ඒත් අටසිල් හෝ දස සිල්වලින් ආරක්ෂා කරන්න පොරොන්දු වෙන [අලුතින් එකතු වෙන] සිල් පද ලෝකෝත්තර මාර්ගයේ යන අය ආරක්ෂා කරන්නේ නැත්නම් තමා ගැටළුව. සාමාන්‍ය ජනතාවට ඒවා රකින්න අමාරුයි

      Delete
  7. මමනම් හැම අවුරුද්දකම පාස්කුවට පාපොච්චාරණය කරනවා

    ReplyDelete
    Replies
    1. අන්න හොඳ ළමයෙක්..

      ශු. සභාවෙ පනතකුත් තියෙනවානෙ වසරකට වරක්වත් පාපොච්චාරණය කරන්න කියලා..

      Delete
  8. අභිවෘද්ධි ආලේපය ලබන්න ඉස්සල්ලා කොමිසන් කලා,,,ඊට පස්සේ නම් කලේ නෑ හරී,, බොරු කිවුවා,දෙමව්පියන්ට අකීකරු උනා වගේ ඒවා විතරනේ පව් විදිහට කරන්නේ,,එතන ගිහින් කියන්නෙත්,,ආයේ ගෙදර ගිහින් ඒකම ආයේ කරනවා,,ඒක හින්දා කොමිශන් කිරීම සෑහෙන කාලෙකින් කලේ නෑ

    ReplyDelete
    Replies
    1. මටත් තියෙනවා ඩිලාන්ට තියෙන ප්‍රශ්නෙම.. හැමදාම කියන්න වෙන්නේ එකම ටික.. අනික ඒ වගේ දේවල් කොච්චර ආයෙ නොකරන්න හිතාගත්තත් අපි නොහිතන වෙලේක ඉබේ වෙනවා..

      මරණීය පව් නැත්නම් කොම්සම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑලු.. ඒත් සුළු පාප නිසා අපගේ පව් වලින් වැලකී සිටීමේ ශක්තිය හීන වෙනවා කියලා විශ්වාස කෙරෙනවා.. කතෝලික සභාවේ නිර්දේශය නම් අඩුම තරමින් වසරකට වරක්වත් පාපොච්චාරණය කරන්න කියලා තමයි..

      Delete
  9. දුක කියන්නේ අද කාලේ පාපොච්චාරණය කියන්නේ නිකන් චාරිත්‍රයක් විතරයි.දැන් ගොඩක් කතෝලිකයන් පාපොච්චාරණය කරන්නේ නැහැ.ඒත් මං පොඩි කාලේ අපේ ආච්චි මාසෙකට වතාවක් පාපොච්චාරණය කරනවා මට මතකයි.එච්චර පාපොච්චාරණය කරන්න පව් ගොඩක් කරන්නේ නැහැ සුළු සුළු වැරදි තිබ්බත් හැම මාසෙම ඒවා කමා කරගන්නවා.ඒත් දැන් කාලේ? මං නම් කරපු කාලයක් මතක නැහැ

    ඕනයාට මොකද වෙලා තියෙන්නේ?

    ReplyDelete
    Replies
    1. නිකම් පියතුමා ගාවට ගිහිල්ලා පව් ටික දෙසා බෑවා කියලා හොඳ පාපොච්චාරණයක් කරන්න ලැබෙන්නේ නෑ..

      මම අහලා තියෙන විදිහට දෙවන ජුවාම් පාවුළු පාප්තුමා සතියකට වතාවක් පාපොච්චාරණය කරලා තියෙනවා.. බරපතල පාප නොතිබුනත් සුළු පාපවලටත් පසුතැවිලිවී තිබීමෙන් පව් සිදුවීමට ඇති ඉඩකඩ (පව්ප්‍රස්ථා)වලින් වැළකෙන බව විශ්වාස කෙරෙනවා..

      ඕනයියාට උණ ගැනී රෝහල්ගත කරතිබෙන බව තමයි ආරංචි.

      Delete
  10. බොහොම අපූරු ලිපියක් ..
    හැම ආගමකම දෙසා ඇත්තේ ධර්මානුකූලව ජිවත්වීමේ පදනමයි. අපේ පන්සිල්, අටසිල්ථ දස සිල් වගේම දස පනත බෙහෙවින්ම සමානයි. හොඳම දේ පවිවලින් වැලකි සිටීම ඒත් ඉතින් ඉඳහටලා ගැලවෙන් පුළුවන් විදියේ බොරුවවක් කිව්වත් ඒක පාපයක්.

    හැබැයි බුද්ධාගමේ නම් දෙසන ආකාරයට පාපය කර්මය ලෙසින් පසුපස එනවා හරියට ගොනු බැඳි ගැලවගේ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයා අයියෙ!

      පන්සිල්, අටසිල්, දසසිල් වල වෙනස පොඩ්ඩක් පැහැදිලි කරන්නකො...

      "ඉතින් ඉඳහටලා ගැලවෙන් පුළුවන් විදියේ බොරුවවක් කිව්වත් ඒක පාපයක්." මට පොඩි කාලෙ මතක්වුනා. මම එක වසරෙදි දස පනත උගන්නද්දි අහපු ප්‍රශ්නයක්.
      'ඉතින් ටීච එතකොට අපිට බොරුවගේ දිනේටවත් බොරු කියන්න බැරිද? ඒකත් පවුද?'

      ඉතිරි ටිකට පොදු උත්තරයක් පහළ දෙන්නම්..

      Delete
    2. අට සිල් ගැන මේ ලිපියෙ හා මේ ලිපියෙ තියනවා.
      කියවලා බලන්න.

      Delete
    3. ස්තුතියි රූ අක්කෙ කියවලා බලන්නම්..

      Delete
  11. //හැම ආගමකම දෙසා ඇත්තේ ධර්මානුකූලව ජිවත්වීමේ පදනමයි.//

    දයානන්ද මහතා හරි..

    හැබැයි පාපෙන් මිදෙන්ට බැහැ. සමා කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. හැම මිනිසාම තතමුන්ගෙ ආගමට අනුව ධර්මානුකූලව ජීවත්වෙනවානම් මේ ලෝකය මීට වඩා හොඳ වේවි..

      පහළ උත්තරෙත් බලන්නකො..

      Delete
  12. මම ඉස්සල්ලම පාපොච්චාරණය කලාට පස්සේ තව එක පාරයි ගියේ. මමත් හිතුව මගේ පවු වලට මම කෙලින්ම දෙවියන්ගෙන් සමාව ඉල්ලගන්නම්, ෆාදර් කෙනෙක් මොකටද කියලා. අවුරුදු 25 දී ඒක වෙනස් වුනේ. තව කමෙන්ටුවක් දාන්නම් වැඩට ගිහින් ඇවිත්.
    නිකි.

    ReplyDelete
    Replies
    1. අනිත කමෙන්ට් එකත් බලලම නිකිණිට උත්තරයක් දෙන්නම්..

      Delete
  13. ඔන්න ඔය ප්‍රශ්නය මටත් තිබ්බා. කතෝලික අය ඕන පවක් කරලා ඒ පවු සමා කරගන්නවා කියලා අපේ සමහර අන්‍ය ආගමික යාළුවෝ කියලා තියෙනවා.

    මේ පෝස්ට් එක ඒ කට්ටියට පෙන්වන්ඩ තියෙනවා නම් මරු !!

    ReplyDelete
    Replies
    1. මේකයි මධුවො ඒ අයට දොසක් කියන්නත් බෑ.. අපේ සමහර කතෝලික අයත් හිතන් ඉන්නෙ පාපොච්චාරණයට ගිහින් පියතුමාට කිව්ව පමණින් ඔක්කොම හරි.. පව් ටික ගෙවිල ගියා කියලනෙ.. නමුත් කතෝලික ඉගැන්වීම අනුව එහෙම නිකම්ම පව් හේදිලා යන්නෙ නෑ..

      හැබැයි කරුණු කාරණා හරිහැටි නොදැන මොන ආගමක් වුනත් විවේචනයට යාම නම් අනුමත කරන්න බෑ..

      Delete
  14. ඔන්න අද තමා පව් සමාකිරීම ගැන හරිම අවබෝධයක් ආවෙ. ඔය කියන විදියට කරන ඕන පවක් තව පිනකින් කැපිල යන්නෙ නෑ! මං තේරුම් ගත්තා හරිද? උදාහරණයක් විදියට මිනීමැරීමක් කල කෙනෙකුට පාපොච්චාරණයකින් පස්සේ කරන පින් වලින් ඒ පව කැන්සල් වෙන්නෙ නැතිව ඇති මගෙ හිතේ...

    දස පනත ගැන බැලුවම බෞද්ධ දර්ශනයේ එන ශික්ෂාපද එක්ක සෑහෙන සමානත්වයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. උඩ කොටසට උත්තරේ මම පොදුවෙ දෙන්නම්.. හුඟදෙනෙකුට මම මේ ලිපියෙ කියපු දේ හරියට තේරිලා නෑ වගේයි පේන්නෙ..

      ශික්ෂාපදත් දහයක්ද තියෙන්නෙ..

      Delete
    2. රෝමානු කතෝලික ඉගැන්වීමට අනුව ස්වර්ගයට මොරගසන පව්(Sins that cry to heaven) කියලා ඉතා බරපතල පව් හතරක් දක්වා තිබෙනවා. මේ පව් වලට විපාකය ඉතා විශාල බැවින් ඒ වෙනුවට කළයුතු පුන්‍ය කර්මත් විශාලවීමෙන් ජීවිත කාලය තුළදී කමාකරගැනීමට නොහැකිවිය හැකියි..

      1. හිතාමතා කළ මිනීමැරීම
      2. අස්වාභාවික ලිංගික හැසිරීම්
      3. දුගීන්ට ආබාධිතයන්ට හිංසාකිරීම
      4. සේවකයන්ගේ වැටුප් වංචා කිරීම

      Delete
  15. ඔන්න පව් කරන්නේ නැති හින්දා මමනම් කියෙව්වේ නෑ :)

    දස පනත සහ පන් සිල් ගොඩක් දුරට සමානයි වගේ

    ReplyDelete
    Replies
    1. "මමනම් කියෙව්වේ නෑ" මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි මෙතනම කැඩුවා නේද? :)

      මම දන්න විදිහට ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර, විශ්වාස වෙනස් වුනත් සෑම ආගමක පාහේ හරය සමානයි.

      Delete
  16. රූ...., Senna, දයානන්ද රත්නායක, sAm (සෑම්), ගීතක - ඇත්ත කතා...!!! හා අනික අයට,

    ඕගොල්ලො හැමෝගෙම අදහස වුනේ මොන ක්‍රමයකින්වත් සමා කරන්න බෑ ගොනු බැඳිගැල වගේ පස්සෙන් එනවා කියන එකනෙ..

    බොහෝ කතෝලිකයොත් වැරදියට හිතන් හිටියත් පාපොච්චාරණය කළ පමණින් වරදට ගෙවිය යුතු විපාක (කර්මය) අහෝසි වන්නේ නෑ.. පාපොච්චාරණයෙන් කෙරෙන්නේ මරණීය පව් කිරීමෙන් නැතිවුනු දේව ජීවිතය ආපසු ලබාගැනීමයි.. අපේ පව් වලට ලැබෙන විපාක අහෝසි වන්නේ නෑ.. ඒවා මෙලොවේදී හෝ මරණින් පසු ශුද්ධිගිනිස්ථානයේදී ගෙවන්න සිදුවෙනවා..
    අපි පින් කළොත් ඊටත් ප්‍රතිඵලයක් තියෙනවානෙ.. ඉතින් වැඩියෙන් පින් කරනවා කියන්නෙ පිනේ ආනිශංස නිසා පවේ බලපෑම අඩු වෙන එක..

    දේව ජීවිතය අහිමිව (මරණීය පාපවලට පසුතැවිලි නොවී) මියගියහොත් අපි කොච්චර පින් කරතිබුනත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන්නේ නෑ.. කෙලින්ම අපායට යනබව තමයි විශ්වාස කරන්නෙ..ඉන්පසු ගැලවීමක් නෑ..
    නමුත් පව් වලට මනස්ථාප වී තිබුනොත් ශුද්ධිගිනිස්ථානයට ගොස් තම පව්වලට නියමිත දඬුවම් විඳ නැවත ස්වර්ග රාජ්‍යයට යා හැකියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හරී..
      ඔබගේ අදහස පැහැදිලියි..

      Delete
  17. එතකොට මිනීමැරීමක් කරලා පව් සමාකරගන්න පුලුවන්ද. ඒක අහන සුවාමි මිනීමැරීමක් වසන් කිරීමේ වරදට අසු වෙන්නෙ නැද්ද

    ReplyDelete
    Replies
    1. "එතකොට මිනීමැරීමක් කරලා පව් සමාකරගන්න පුලුවන්ද." හරි විදිහට කරපු පාපොච්චාරණයකින් නැවත දේව ජීවිතයට ඇතුලු විය හැකියි.. පව ගෙවීයාම ගැන නම් මම ඉහත කියපුවා අක්කා කියවන්න ඇති කියලා හිතෙනවා..

      "ඒක අහන සුවාමි මිනීමැරීමක් වසන් කිරීමේ වරදට අසු වෙන්නෙ නැද්ද" පාපොච්චාරණයකදී කියපු දේවල් නම් පියතුමා හෙලිනොකරන බව ස්ථිරයි.. නමුත් අක්කාගේ හරස් ප්‍රශ්නයට උත්තර දෙන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් නෑ.. උත්තරයක් හොයාගත්තොත් කියන්නම්..

      Delete
    2. නෑ එහෙම මොහොතකදී පියතුමාව වරදට හසුවන්නේ නැහැ. එහෙම අසු කිරීමක් කරන්නේ නැහැ. මොකද අගමානුකුලවා එලෙස කියන්න පියතුමෙක්ට නොහැකි නිසා. මගේ දැනුමේ හැටියට එහෙමයි

      Delete
  18. හරීගේ ලිපිය ගැන දිගින් දිගටම හිතපු මම ගිහින් නතර උනේ අංගුලි මාල කතා වස්තුවේ.

    මම අහලා තියන විදිහට බුද්ධාගමේ කියවෙනවා අහෝසි කර්ම කියලා ජාතියක්. ඒ කියන්නේ කරපු පින් බලවත් උනාම අහෝසි වෙන පාප කර්ම වෙන්ඩ ඇති කියලා තමා මට හැඟෙන්නෙ. එතකොට අංගුලිමාල දාස් ගානක් මිනී මරලා, පස්සෙ බුධුන්ගේ මග පෙන්වීමෙන් රහත් පලය ලබාගත්තනේ. එතකොට ඔහු කරපු අර බයානක පාප කර්ම අහෝසි වුනාද ? මොකද මතු ඉපදීමක් නැති නිසා ඔහුගේ පව් පටිසන් දීමට කාලයක් නැති නිසා.

    බෞද්ධ කෙනෙක් පිළිතුරක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. @සෙන්නා
      ඔබ කියූ දේ බොහෝ දුරට හරි..
      මේ ලිපියත් කියවලා බලන්නකෝ
      http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar11051514

      මේ ලිපියේ බුදු දහමේ තියන පව් වර්ග ගැන ලොකු විස්තරයක් තියනවා..

      Delete
    2. ස්තූතියි රූ,

      ඔයා දුන්නු ලිපියෙ ගොඩක් දේවල් තියනවා දැනගන්ඩ. බොහොම ස්තූතියි.

      Delete
    3. aogulimalata thibune minimarime chethanawa newei..eya minissu maruwe guruthumata upaharekata..eka nisa papa karmaya balawath naha karapu..

      chethanahan bikkawe kamman wadhamai kiyanne sitha thama pawa ho pina aramunu kara ganne..

      anika anguli malatatha patisan dunna paw eya rahathan wahanse namak unata passeth.

      mama ahammben methanta awe..good post

      Delete
    4. @ AnonymousAugust 16, 2012 11:16 AM,

      ඔබගේ වටිනා අදහස් වලට ස්තුතියි! පාපයට මුල් වෙන්නේ චේතනාවයි කියන එක මම අහලා තියෙනවා.. කතෝලික ආගමේත් නොදැනුවත්ව සිදුවූ පාප විශාල පාප ලෙස ගණන් ගැනෙන්නේ නෑ..

      Delete
  19. පාපොච්චාරණය කියන්නේ සක්‍රමේන්තුවක්. අනිත් ඒවා වගේම ඒකටත් පියතුමෙක්ගේ මැදිහත් වීම අවශ්‍යයි. අපි පවක් කරාම එක දෙවියන්ට විරුද්දව වගේම සහෝදරයාට විරුද්ධවත් කල පවක් වෙන නිසා මෙතැනදී පියතුමා සහොදරයව නියෝජනය කිරීමකුත් සිදුවෙනවා. අනික එවෙලේදී පියතුමා අපි වෙනුවෙන් යාච්ඥා කරනවා. තමා තමන් වෙනුවෙන් කරන යාච්ඥාවකට වඩා අනුන් වෙනුවෙන් කරන යාච්ඥාවක් වඩා බලවත් බව අපේ ආගමේ කියනවා. මානසිකව ලැබෙන සැනසීම වැඩියි පියතුමෙක් ඉදිරියේ පව් සමා කරගත්තම. මේනිසා කතෝලික අය අතරේ මානසික රෝගීන් දකින්න ලැබෙනවා අඩුයි කියලා කියනවා.
    මෙහෙ ෆාදර් ඉන්නේ කූඩුව ඇතුලේ . අපි එළියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් හිතනවා පියතුමාගෙ මැදහත්වීම අවශ්‍යයි කියලා.. ආගමික සංකල්ප ඔක්කොම පැත්තකින් තිබ්බත් තමුන්ගෙ හිතේ කැකෑරෙන දෙයක් වෙන කෙනෙකුට කියන එකම ලොකු සහනයක්නෙ..

      මෙහෙ නම් කූඩු තියෙනවා මම දැකලම නෑ..

      Delete
  20. ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත

    හළොත් යෙහෙකි පවු කම් නොතබාම සිත

    නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත

    ඇතොත් නැතැයි පවු කළහට වෙයි විපත

    'සුභාෂිතය'

    අර්ථය:- උතුම් සත්පුරුෂයනි, පරලොවක් කියා දෙයක් තිබුනත් නැතත්, පවු කිරීම, සම්පූර්ණයෙන් හිතෙන්ම දුරු කිරීම යහපත්ය. පරලොවක් නොතිබුනත්, එසේ කිරීමෙන් වන හානියක් නැත. යම් විදිහකින් පරලොවක් තිබුනොත්, පරලොවක් නැතැයි සිතා පවු කල අයට, ඒකාන්තයෙන්ම විපත් සිදුවෙයි.

    ReplyDelete
    Replies
    1. නියම කමෙන්ට් එක..

      Delete
    2. @ විචාරක මම ගොඩාක් දවසක ඉඳල ඔයාගේ බ්ලොග් එකට යන්න ට්‍රයි කරනවා.අපිට යන්න අවසරයක් නැද්ද ..

      Delete
  21. @ අසරණයා. ඇයි ඔබට යම් ප්‍රශ්නයක් තිබෙනවාද මගේ බ්ලොග් එකට ඇතුළුවීමට? මේ පළමුවෙනි වතාවටයි මෙහෙම පැමිණිල්ලක් ලැබුනේ. මා කිසිම ආකාරයකින් බ්ලොක් කරලා නැහැ ඇතුළුවීම. මම ඉතාම කනගාටු වෙනවා ඔබට යම් අපහසුතාවක් ඇතිවුනානම්. බ්ලොග් ලිපිනය නැවත පරීක්ෂාකර බලන්න. http://jangun.wordpress.com/

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම අවස්ථා ඇතිවෙලා තියෙනවා.. හැබැයි බ්ලොග් එකට යන්න නෙමෙයි පෝස්ට් වලට යන්න.. මම කලින් කිව්වා

      සංගීත සංදර්ශණ පෝස්ට් එකට තාමත් මට යන්න බෑ..

      Delete
    2. හරී, ඔයා තාක්ෂණය දන්නා නිසා කියන්නකෝ මොකක්ද වෙන්න පුළුවන් ආබාධය කියලා.

      Delete
    3. විචාරක මට තවම යන්න බැහැ මට මේ ප්‍රශ්නේ ඇවිල්ල තෙයෙන්නෙ ඔබේ බ්ලොග් එකට යද්දී විතරයි..

      Delete
    4. @ විචාරක ඔබ දුන් ලින්ක් එක හරහා යන්න පුළුවන්.ඒත් ඔබේ කමෙන්ට් එක හරහා එන්න බැහැ.එක පාඨකයන්ට අපහසුවක් වෙන්න පුළුවන්.මොකද ගොඩ දෙනෙක් එන්නේ ඔබේ කමෙන්ට් එක හරහා මමත් එන්න උත්සහ කලෙත් එහෙමයි.

      Delete
    5. @ විචාරක,

      අසර් කියනදේ නම් ප්‍රශ්නයක් නෙමෙයි. විචාරක මහත්මයාගේ බ්ලොග් එක වර්ඩ්ප්‍රෙස්.. නමුත් කමෙන්ට් කරන්නේ ගූගල් එකවුන්ට් එකෙන්.. ඒක නිසා කමෙන්ට් එක හරහා යන්න බැරි එක පුදුමයක් නෙමෙයි..
      විචාරක මහත්මයා කමෙන්ට් එක හරහා එනවට කැමති නම් කමෙන්ට් කරන තැන සිග්නේචර් එකක් දාන්න..ලින්ක් එකත් එක්ක..
      -
      අසමි දකිමි සොයමි ලියන විචාරක

      හැබැයි කෝඩ් එක කොහෙහරි ලියලා තියාගෙන කොපි පේස්ට් කරන්න වෙනවා.. වෙනත් විකල්පයක් නෑ..

      මට තිබුන ප්‍රශ්නය එහෙම එකක් නෙවෙයි..පෝස්ට් එකේ URL එක හරහා යන්න බැරිවීම.. මම හිතන්නෙ URL එක යුනිකෝඩ් වලින්ම දැමීම නිසා වෙන දෙයක්.. වෙනත් ක්‍රමයකින් පෝස්ට් වලට ඉංග්‍රීසි වචන වලින් දාන්න ක්‍රමයක් වර්ඩ්ප්‍රෙස්වල තියනවාදැයි බලන්න..

      ඔන්න හොයලම දැම්මා.. පහළින් බලලා වෙනස් කරන්නකො.. බ්ලොග් ටයිටලේ යුනිකෝඩ් එන නිසා ටයිටලේ නො එන විදිහට දැම්මානම් හොඳයි..

      http://www.dummies.com/how-to/content/how-to-customize-permalinks-on-your-wordpress-blo0.html

      Delete
    6. මම මගේ වර්ඩ්ප්‍රෙස් ෆෝමැට් එක තියාගෙන ඉන්නේ සිංහලෙන්. හැබැයි ඒකේ හැම සෙටින්ග් එකක්ම සිංහලෙන් නැහැ. හරී දුන්න ලින්ක් එකෙන් ගිහින් 'පර්මා ලින්ක්' කියන සෙටින්ග් එක හෙව්වා හම්බ වුනේ නැහැ. මම හැම බ්ලොග් සයිට් එකකටම ගිහිල්ල කමෙන්ට් කරන්න කැමතියි, මගේ වරඩ්ප්‍රෙස් එකවුන්ට් එකට අදාළ හොට්මේල් එකවුන්ට් එකෙන්, නමුත් කමෙන්ට් ඔප්ෂන් වල හොට්මේල් නැහැ. ඒ නිසයි ගූගල් පාවිච්චි කරන්නේ. මගේ බ්ලොග් එකට එන කමෙන්ට්ස් හොට්මේල් එකවුන්ට් එකට නොවැරදීම එනවා. මගේ ග්රැවටාර් එකට දීලා තියෙන්නෙත් හොට්මේල් එඩ්රස් එක. කමෙන්ට් ඔප්ෂන් වල වර්ඩ්ප්‍රෙස් එකෙන් කමෙන්ට් කරන්නනම් මම මගේ වර්ඩ්ප්‍රෙස් එකවුන්ට් ඒකේ ලොග් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්න ඕනේ. ඒක වදයක්. දැන් මම මොකක්ද කලයුත්තේ.

      Delete
    7. මම කමෙන්ට් දැමීමේ වෙනසක් කළා. හරිද බලන්න.

      Delete
  22. වටිනා විස්තර ටිකක්. මනස්ථාපය කියන විස්තර ටික කියවද්දී මතක් වුණේ එහෙම කතාවක් අපිටත් කියාදෙන නිසා.

    ඒ තමයි ලෝක පාලක ධර්ම ලෙස හඳුන්වන හිරි සහ ඔත්තප්පය.

    හිරි කියන්නේ පව් කරන්න තියෙන ලැජ්ජාව.
    ඔත්තප්පය කියන්නේ පව් කරන්න තියෙන භය.

    කවුරු හරි තමන් කරන් වැරදි දෙයක් නිසා තමන්, දෙමාපියන්, ඥාතීන්, ගුරුවරුන් ආදීන්ට ලැජ්ජාවක් වෙයි කියලා පවෙන් වැළකෙනවා නම් ඒක හිරි කියලා හඳුන්වන්න පුලුවන්.

    එහෙමත් නැත්නම් ඔත්තප්පය ගත්තාම ඒකේ කොටස් 4 ක් තියෙනවා.

    අත්තානුවාද භය
    පරානුවාද භය
    දණ්ඩ භය
    දුග්ගති භය

    අත්තානුවාද භය කියන්නේ තමන් පව් කළොත් තමන්ගෙන්ම [හෘද සාක්ෂියෙන්] දොස් නැගිලා පසුතැවිලි වෙන්න වෙන නිසා බියෙන් පව් නොකිරීම.
    පරානුවාද භය කියන්නේ අනුන්ගේ දොස් නැගෙයි කියලා පව් කරන්න බිය විම
    දණ්ඩ භය කියන්නේ දඬුවමට ලැබෙන නිසා පව් කරන්න බිය වීම දුග්ගති භය කියන්නේ අපායගාමී වෙන්න වෙයි කියලා පව් කරන්න බිය වෙන එක

    ReplyDelete
    Replies
    1. අලුතින් කරුණු එකතුකිරීමට ස්තුතියි.. සියල්ල පැහැදිලියි..

      Delete
  23. මම අද වෙනකන් දැනගෙන හිටියේ දනගාගෙන ඉස්සරහට ගියාම පාපොච්චාරණය කරාම හැම දෙයක්ම හරි කියල.මගේ සමහර යාළුවො කියල තියෙන්නේ එහෙමයි.තව කන බොන විනෝද වෙන්න පුළුවන් ආගමක් කියල තම මම දැනගෙන හිටියේ. ඒත් අද හරියටම විස්තරේ දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ගොඩක් කතෝලික අය හිතන් ඉන්නෙත් එහෙමයි..

      "කන බොන විනෝද වෙන්න පුළුවන් ආගමක්" මේක දැක්කම මට කථාවක් මතක් වුනා. කෙටියෙන් කියන්නම්. ඔන්න කවුරුත් හිතන්නෙපා තමුන්ගෙ ආගමට අපහාසයක් කියලා..

      ඔන්න බීපු මිනිහෙක් පාරෙ එනවලු වැනි වැනි අහුවෙන අහුවෙන එකාට බැන බැන..

      ඔහොම ඉද්දි මිනිහාට හම්බුනාලු බුදුන් වහන්සේගේ පිළිමයක්..
      "ඕං ඉන්නවා. නිදහසේ අපිට අරක්කු ටිකක් බොන්නවත් මස් ටිකක් කන්නවත් නෑ. පෝය කියයි අරක කියයි මේක කියයි. බාරුත් වහලා මස් කඩත් වහලා. මොකක්ද අප්පා ජොලියක් නැති ජීවිතේ. ඉන්නකන් ඉන්න එපායැ චූන් එකේ"

      ඔහොම බුදුහාමුදුරුවන්ට බැන බැන එනකොට හම්බුනාලු ජේසුස් වහන්සේගේ සුරුවමක්.. "ඒකට මෙන්න මිනිස්සු. අදහන්න වටිනවා. ඉපදුනත් පාටි. මැරුනත් පාටි. ඉන්නකන් ෆුල් ජොලියෙ නේද? නැද්ද මචං.. "

      Delete
  24. හරි නියමයි.ඉස්සරහටම යන්න.සීංහල අපි කවුරැ මොනවා කියුවත් පොර්‍ඩඩක් ඈත් වෙලා.මට කියන්ඩ තියෙන්නේ උඹ කෙලින්ම ස්වර්ගයට තමයි.දිගටම ලීයන්න.මැරෙනකන් ලියන්න පුළුවන් තරර්‍ම කරැනු තියනවා.ඔය වයසට කරයි කියලා හිතන්න බැරි වැඩක් ඔයා කරන්නේ.අපි අතර තියන දුර නැති කරන්න දැනටත් පරක්කූයි.අපිට තියනවා ගැටලුවක් . පුපුරන්ඩ ඔන්න මෙන්න.එකතූ උනේ නැත්නර්‍ම බබීත් සුන් බබීගේ අර්‍මමත් සුන්.

    මට කමෙන්ර්‍ට කරන්න තියන ගැටලුව හරිද කියලා බලලා ම‍ට කියනවද.මම හිතන්නේ දැන් හරි.නැත්නර්‍ම වෙනදා වගේ කරන්ඩ ඔන දේ කියන්න.පින්සිද්ධ වෙනවා.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි! හැබැයි බ්ලොග් ලියලා ස්වර්ගෙ යන්න පුලුවන් නම් මොනවා කොරන්න බැරිද? :)

      මම නම් හිතන්නෙ අපි හැම ආගමකටම ගරු කළයුතුයි. දැන් කාලෙ වෙන්නේ මේකනෙ. කවුරුහරි තමුන්ගෙ පෞද්ගලික කාරණාවක් මත හෝ වෙනත් අරමුණක් මත ආගමක් විවේචනය කරනවා. බොහෝදුරට හරියට කරුණු කාරණා දැනගෙන නොවේ. ඊටපස්සෙ ඒක දකින ගොඩක් එව්වො ඒක පස්සෙ එල්ලෙනවා. අනිත් පැත්තෙන් කවුරුහරි එකට එක කරාම ඒක පස්සෙ තව කට්ටියක් එල්ලෙනවා. නොදැනුවත්වම ලොකු මතභේද ගහමරාගැනීම ඇතිවෙනවා. අන්තිමට බලන් යද්දි පොරකන දෙපත්තෙම මිනිස්සු අනිත් ආගම කෙසේවෙතත් තමුන්ගෙ ආගමේ හරයන්වත් නොදන්නා අය.

      කමෙන්ර්‍ට කරන්න තියන ගැටලුව දැන් හරි..

      Delete
  25. හරී.. නැද්ද අලුත් ලිපියක්... එහෙම...

    මගේ බ්ලොග් රෝලෙ ඉන්න උන් නිදිද මංදා... හරි හිමෙන් ලිපි එන්නෙ.. මටත් ලියන්ඩ කම්මැලි කමේ කියවන්ඩ බලාගන ඉන්නවා..හ්ම්ම් හ්හ්හ්

    ReplyDelete
    Replies
    1. පොඩි තාවකාලික විරාමයකට යන්නයි බැලුවෙ..

      අවුට්වෙලත් මාස ගාණක්ගියා තාම ජොබක් සෙටමෝල් වුනේ නෑනෙ..ඒ මදිවට අසනීප.. හිත එකඟකොරන් ලියන්න බෑ බෑ වගේ..

      මේක නවත්තන්න හිත එකඟ කොරගන්නත් අමාරුයි..

      Delete
  26. Replies
    1. මොනව කරන්නද සහෝ මම ගොනෙක්නෙ..

      Delete
    2. බුට්‌ මදිරය මේ මෝඩයා කොහෙන් ආපු ගොනෙක්ද මන්දා

      Delete
    3. මම දැනුයි ගිහින් බැලුවෙ.. බූත මන්දිරය චූටි මල්ලිකෙනෙක්නෙ

      Delete
  27. සති දෙකක් ගියා කම්මැලියි.ඉක්මනට මොනවාහරි දාන්ඩ

    ReplyDelete
    Replies
    1. තාවකාලික විරාමයක් ගන්නයි බැලුවෙ සහෝ..

      Delete
  28. හ්ම්.... නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා... ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. තාරා සෑහෙන කාලෙකින් මේ පැත්තෙ... මම හිතන්නෙ මේ ජාතියෙ ලිපි පළවෙන්න ගත්තත් හරි ආවමද කොහෙද? බොහොම සන්තෝසයි

      Delete
  29. ජේසු විසින්ම පව් සමාව දීපු අවස්ථාවලින් මම කැමතිම සිද්දියක් තමා සකේවුස්ගේ සිද්දිය. ඔහු තමා කරපු පව් ගැන අතිශ්ය මනස්තාප වෙනව, සොරාගත් ධනය දුප්පතුන්ට බෙදල දෙනව, ජේසුගේ අනුගාමිකයෙක් වෙනව. ඒ වගේ සැබෑම සිත් හැරීමක් නැත්නම් පාපොච්චාරණය නිකම්ම නිකන් " පාප උච්චාරනයක් " පමනක්ම වේවි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.. මතකද ජේසු කිවා රෝගීන්ට මිස නිරෝගීට වෛද්‍යවරයෙකුගෙන් පලක් නෑ කියලා..

      Delete
  30. කෝ මුකුත් ලියන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ලියන්න තරම් හිතට ෆිට් එකක් නෑ අනේ.. ඔක්කොම එපාවෙලා වගේ..

      Delete
    2. හැමදෙයක්ම හරියන්න ලියන්න...

      Delete
  31. මම නම් හිතන්නේ පව් කලොත් පාපොච්චාරනය තියා මොනව කලත් පවේ ප්‍රතිපලය නවත්වන්න දෙවියන්ටවත් බැහැ, උදා: අපි අපිරිසිඳු ආහාරයක් ගත්තොත් අපිට අජීරණ, අතිසාරය වගෙ රෝග අනිවාර්යෙන්ම හැදෙනවනේ, අපි පිරිසිඳු ආහාර ගත්තොත් අපිට ලෙඩ රෝග හැදෙන්නෙත් නැහැ, ශරීරයට අවශ්‍ය පොෂණයත් ලැබෙනව.... අපිට ආහාර හිඟයක් හෙතුවන් අපිරිසිඳු ආහාර නොගෙන කුසගින්නෙ මියගියත් අපිරිසිඳු ආහාර නොගැනිම හෙතුවෙන් මැරෙන මොහොත දක්වා අතිසාරය,අජීරනය හැදෙන්නෙ නැහැ නෙද? ඒ කියන්නෙ යමක් කලොත් එහි ප්‍රතිපලය අනිවාර්යයි, ඒ වගෙ තමයි අපි පව් කරමින් සමාව ඉල්ලනවාට වඩා පව් නොකර ඉඳිම වැදගත් කියලයි මට හිතෙන්නෙ..... වැදගත් ලිපියක්..... ඔබට ජය......

    ReplyDelete
    Replies
    1. //ඒ වගෙ තමයි අපි පව් කරමින් සමාව ඉල්ලනවාට වඩා පව් නොකර ඉඳිම වැදගත් කියලයි මට හිතෙන්නෙ//

      100% ඇත්ත. ප්‍රතිකාරයට වඩා වැළකීම යහපත් කියලත් කතාවක් තියෙනවානෙ..

      නමුත් කතෝලිකයන්ගේ විශ්වාසයට අනුව "මම නම් හිතන්නේ පව් කලොත් පාපොච්චාරනය තියා මොනව කලත් පවේ ප්‍රතිපලය නවත්වන්න දෙවියන්ටවත් බැහැ," කියන එක නිවැරදි නෑ. මම කියන්නෙ ඔබේ අදහස නිවැරදි නෑ කියන එක නෙමෙයි. කතෝලිකයින්ගේ විශ්වාසයට අනුව දෙවියන් වහන්සේ සර්වබලධාරීයි.

      ස්තුතියි!

      Delete
    2. මැවුම්වාදය පිලිගන්න බෑ,. සර්ව බලදාරී දෙවි කෙනෙක් නෑ

      Delete
    3. @ AnonymousJanuary 25, 2013 at 6:47 AM,

      ඉතින් මට මොටෝ.. මම කිව්වයෑ මැවුම්වාදය පිළිගන්න කියලා.. :D

      Delete
  32. cheking new way of making comments. wicharaka

    ReplyDelete
  33. sorry about about above comments. those are technical errors.
    --
    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ නියමෙට

      Delete
    2. එක කොහොමද කලේ?

      Delete
  34. දැන ගැනීමට අසාවෙන් සිටි විස්තරයක් ,බොහොම ඉස්තුතියි පලකලාට

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මගේ අඩවියට

      Delete
  35. පළවෙනි පාරට මේ පැත්තේ ආවේ.කාලයක් තිස්සේ හොය හොයා හිටිය වටිනා විස්තරයක් තමයි හරී දීලා තියෙන්නේ....ඔයාට පුළුවන්නම් බෞතිස්මය ගැනත් පෝස්ට් එකක් දාන්න හොඳේ.....ජය!!!

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගියට... බොහොම සංතෝසයි දැනුමට යමක් එකතු කරන්න ලැබීම ගැන..

      බෞව්තීස්මය ගැන පහළින් බලන්න..

      http://dreamsofharee.blogspot.com/2012/02/blog-post_16.html

      Delete
  36. සෑහෙන්න වටිනා ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීමට!

      Delete
  37. කතෝලික ආගමේ තිබෙන පාපොච්චාරනය මනෝවිද්‍යාත්මකව ඉතා වැදගත් බවයි මම හිතන්නේ .යම් වරදක් කළ කෙනෙක් මෙසේ දෙවියන් ඉදිරියේ තම වරද ප්‍රකාශ කරනවා කියන්නේ යළි එම වරද කරන්නට එම පුද්ගලයාගේ යටි හිත ඔහුට ඉඩ දෙන්නේ නෑ.එසේම පාපොච්චාරනයෙන් පසු දැඩි මානසික සහනයක් ලැබෙනවා.ඒ වාගෙම තම ගැටලු දෙවියන්ට භාරදීම තුලිනුත් සැනසිල්ලක් ලැබෙනවා
    කතෝලික ආගම ඉතාම ප්‍රයෝගික ඒ වගේම හොද දේවල් වැඩි ආගමක්

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ හරි.. මම අත්දැකලා තියෙන නිසා දන්නවා පාපොච්චාරණයෙන් ලැබෙන මානසික සහනය..

      Delete
  38. හරී. අපි නිකමටත් කියනව නේ ප්‍රශ්න හිතේ තදකරන් ඉන්නෙ නැතිව කාටහරි කියන්න, එතකොට හිත සැහැල්ලු වෙනව කියල. මොන අර්ථයෙන් කෙරුණත් ප්‍රායෝගිකව මේකෙන් වෙන්නෙත් ඒ දේමයි මම හිතන්නෙ. ඔක්කොම විස්තර කරල නැවත නැවතත් පැහැදිලි කරල තියෙන නිසා අමුතුවෙන් අහන්න දේකුත් නෑ.

    මෙතනද මට ඇති වෙච්ච ප්‍රශ්නෙ ඔය උඩ කමෙන්ට් එකකත් තියෙනව. පාප්වහන්සේ, කාදිනල්වරු, රදගුරුවරුන් එතකොට පාපෝච්චාරණය කරනවද කියලයි මට හිතුනෙ. විශේෂයෙන් පාප්වහන්සේ සම්බන්ධයෙන් නම් අනෙක් පැත්තෙ ඉන්න පූජකවරය අනිවාර්යයෙන්ම දැන ගන්නවනේ මේ කවුද කියල. රාජ්‍ය නායකයොන්ට එහෙම පව් සමාකරන්න ගියොත් වෙනත් වැඩක් කරන්න වෙලාව නැතිවෙයි මයෙ හිතේ.

    රූපවාහිනියෙන් බලපු රොබින් හුඩ් කතාවෙත් ටක් පූජකවරය ඉදිරියෙ ගිස්බන්ගෙ මව අවසන් මොහොතෙ කරන පාපෝච්චාරණයක් නිසා ගිස්බන් හා රොබින්ගෙ ලේ ඥාතීත්වය ගැන ඔහු දැනගන්න සීන් එකක් තිබුන මතකයි. අර ලාදුරු රෝගීන් විදියට ගිස්බන්ල වෙස්වලාගෙන සුරුවමක් හොරකම්කරන්න යන කතාව.

    කමෙන්ට්වලින් යම් අදහසක් ලැබුනත්, ඇත්තටම අද ඉන්න තරුණ පරපුර මේ විදියට පාපෝච්චාරණය කරනවද හරී. මම නම් හිතන්නෙ නෑ. දහම්පාසල් ළමයින්ට නම් සමහර විට මේක අනිවාර්ය ඇති.

    ReplyDelete
    Replies
    1. "මොන අර්ථයෙන් කෙරුණත් ප්‍රායෝගිකව මේකෙන් වෙන්නෙත් ඒ දේමයි මම හිතන්නෙ. " ඔයා හරියටම හරි..

      පාප්වහන්සේ, කාදිනල්වරු, රදගුරුවරුන්, පූජකවරුන් හැමෝම පාපොච්චාරණය කරනවා. පාපොච්චාරණය ඇසීමට බලය ඇති ඕනෑම පියතුමෙකුට පුළුවන් ඒ අයගේ පාපොච්චාරණය අහන්න. මෙතන දැනගැනීම කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම හිතෙන්නෙ පොඩ්ඩක් පැටලෙන්ඩ ඇත්තෙ අර කවුළුවකට මුවා වෙනවා කියපු නිසා වෙන්ඩ ඇති. ඇත්තටම දැන් නම් ඔය කවුළු භාවිතයක් නෑ. පියතුමා ඉදිරිපිට දණ ගැසීමක් තමයි වෙන්නෙ. දැනගත්තා නොගත්තා කියලා ප්‍රශ්නයක් නෑ. සමහරවිට පියතුමාගේ මූණ බලන් පව් කියන්න අමාරු නිසා වෙන්න ඇති කවුළුවකින් මුවා කළේ.

      "රාජ්‍ය නායකයොන්ට එහෙම පව් සමාකරන්න ගියොත් වෙනත් වැඩක් කරන්න වෙලාව නැතිවෙයි මයෙ හිතේ." ඒක නම් ඇත්ත..

      "රොබින් හුඩ් කතාවෙත්" මටත් ඒ සිද්ධිය මතකයි. හැබැයි සැබෑ ජීවිතයේදී අන් අයගේ පව් කියන්න පූජකවරුන්ට අවසර නෑ...

      "ඇත්තටම අද ඉන්න තරුණ පරපුර මේ විදියට පාපෝච්චාරණය කරනවද හරී" ඕනෑම ආගමක් ගත්තොත් ඒ ආගමික වතාවත් අකුරට නූලට කරන වගේම ඉඳලා හිටලා කරන පිරිසකුත් ඉන්නවනෙ.. සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට ඉරිදා පූජාවට සහභාගී වෙන අයගෙන් 90%ක්වත් පාපොච්චාරණය කරනවා.. පල්ලි කොහොමටවත් එන්නෙ නැති අය හා ඉඳලා හිටලා එන අය පාපොච්චාරණයට එන්නෙත් නෑනෙ..

      පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීමේදී ළමයින්ව පාපොච්චාරණයට යොමු කරවනවා.. මේ හතර වසරෙදි විතර.. එතනින් පස්සෙ මැරෙනතෙක්ම ස්වකැමැත්තෙන් පාපොච්චාරණය කිරීමක් තියෙන්නෙ.. අනිවාර්‍යය නෑ වගේ බලෙන් කරවන්නෙත් නෑ.. කරාද කියලා අහන්ඩ කෙනෙකුත් නෑ..

      Delete
  39. baibalaya peralalama dasapanatha kiyawala balanna/suruwan hadagena eewata wandana kirima waradi bawa baibalaya apita pawasanawa.hithala balanna. oyata jesu pihitai!
    නික්මයාම
    http://bsceylon.org/sinhala_bible/CBS/OT/SNU-02EXO/b2_Chapter20.html
    - 20 වන පරිච්ඡේදය -

    දස පණත
    (ද්වි: නී: ස: 5:1-21)

    1 දෙවියන් වහන්සේ කතා කොට මේ සියලු ආඥා වදාළ සේක: 2 ''වහල්කමේ නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා සමිඳාණන් වහන්සේ මම ය.
    3 ''මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය.''
    4 ''නුඹ සඳහා නෙළූ රූපයක් හෝ ඉහළ අහසෙහි වත්, පහළ පොළොවෙහි වත්, පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසි ම වස්තුවකට සමාන දෙයක් හෝ සාදා නොගන්න. 5 නුඹ ඒවාට නමස්කාර නොකරන්න; ඒවාට නොවඳින්න. මන්ද, නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි. මට වෛර කරන පියවරුන්ගේ පාපය නිසා තුන් වන, සතර වන පරම්පරාව දක්වා ඔවුන්ගේ දරුවන්ට මම දඬුවම් කරමි. 6 එහෙත්, මට ප්‍රේම කරමින් මාගේ ආඥා පිළිපදින දහස් ගණන් අයට මම කරුණාව දක්වමි.
    7 ''නුඹ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමය අගරු ලෙස භාවිතා නොකරව. යමෙක් ඒ නාමය අගරු ලෙස භාවිතා කරන්නේ ද ඔහුට මම දඬුවම් කරමි.''
    8 ''සබත් දවස ශුද්ධ ලෙස පැවැත්වීමට සිතට ගන්න. 9 දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලු වැඩ කළ යුතු ය. 10 එහෙත්, හත් වන දවස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට කැප වූ සබත ය. එදින නුඹ වත්, නුඹේ පුතු වත්, දුව වත්, නුඹේ සේවකයා වත්, සේවිකාව වත්, නුඹේ සතෙකු වත්, නුඹේ වාසල් දොරටු සීමා ඇතුළ සිටින අමුත්තෙකු වත් කිසි වැඩක් නොකළ යුතු ය. 11 මන්ද, සමිඳාණන් වහන්සේ වන මම දින හයක් තුළ අහස හා පොළොව ද, සමුද්‍රය ද, ඒවායේ ඇති සියල්ල ද සාදා, සත් වන දවස නිවාඩු ගත්තෙමි. එබැවින් උන් වහන්සේ සබත් දවසට ආශීර්වාද කොට එය විශුද්ධ කළ සේක.
    12 ''නුඹේ පියාට ද, මවට ද ගෞරව කරව. එවිට නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹට දෙන රටේ නුඹ බොහෝ කාලයක් ජීවත් වන්නෙහි ය.
    13 ''මිනී නොමරව.
    14 ''කාමමිථ්‍යාචාරය නොකරව.
    15 ''සොරකම් නොකරව.
    16 ''නුඹේ අසල්වැසියාට විරුද්ධ ව බොරු සාක්ෂි නොකියව.
    17 ''නුඹේ අසල්වැසියාගේ ගෘහයට නුඹ ඇළුම් නොකරව. තවද, නුඹේ අසල්වැසියාගේ භාර්යාවට හෝ ඔහුගේ සේවකයාට හෝ සේවිකාවට හෝ ඔහුගේ ගවයාට හෝ කොටළුවාට හෝ නුඹේ අසල්වැසියා සතු වෙනත් කිසිවකට හෝ ඇළුම් නොකරව.''

    ReplyDelete
  40. මම හැම අවුරුද්දෙම පාපොච්චාරණ දෙකක් වත් කරනවා

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...