7.03.2012

අයිසෙ, එතකොට ටී වී එක............

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි     කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු            මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත්        ඉස්කොලේ

දුෂ්කර ගමක මඩෙන් වැකුණු මාවතක, ජාතික ඇඳුමින් සැරසී, කලු කුඩයකුත් පොත් කිහිපයකුත් අතින්ගෙන කලු පාට රාමුවක් සහිත කණ්ණාඩි කුට්ටමක් දමාගෙන, පා නගන ගුරුතුමෙකු සිහියට නැඟෙනවා නේද?   මඩ කඩිති පැන පැන ආ ගුරුතුමන්ලා මතකයේ නැතත් රෙද්ද බැනියම ඇඳගෙන බසයේ නැගී පාසලට පැමිණි  ගුරුතුමන්ලා කිහිඅදෙනෙකුව මට තාමත් මතකයි.  දැන් නම් එවැනි ගුරුවරු බොහෝදෙනෙක් විශ්‍රාම සුවයෙන් කල්යවනවා වන්නට පුළුවන.  අද කතාව එවැනි ගුරුතුමන්ලා දෙදෙනෙක් ගැන.


ගති ලක්ෂණ එකිනෙකට වෙනස් වූවත් අංග ලක්ෂණවලින් නම් මේ ගුරුතුමන්ලා දෙදෙනා කරට කර හිටියෙ. දෙන්නම ඇන්ඳෙ රෙද්ද බැනියම. දෙදෙනාම පෙනුමින් එකම වයසෙ. කලුපාට ෆ්‍රේම් එක තියෙන බෝතල් අඩි කණ්ණාඩි කුට්ටම් දෙදෙනාම පාවිච්චි කරා. දෙදෙනාම ඉගැන්නුවෙ එකම වයසෙ පන්තිවලට එක් විෂයක් භාරවෙලා තිබුනත්, දෙදෙනාම ඉංග්‍රීසි හැර අනිකුත් සෑම විශයකටම ප්‍රවීනයන් බව පෙනුනා.

මම කලිනුත් කිව්වනෙ දෙදෙනාගෙ ගති ලක්ෂණ වෙනස් කියලා. දෙදෙනාම අංශ ප්‍රධානීන් වූ නිසා මුලින් අංශ ප්‍රධානීවූ ගුරුතුමාට පළමු ගුරුතුමා කියන්නම්. පළමු ගුරුතුමා තමයි ගුරුවරු දෙදෙනා අතරින් යන්තම් ලාබාල පෙනුමක් තිබුනෙ. එතුමා බොහොම සැරපරුෂයි. යමක් ගැන අහන්නෙම සැරවෙලා බයකරලා. එතුමා පන්ති හරහා සක්මන් කරන්නෙම වේවැල අතට අරගෙන. අතේ කිව්වට වේවැල තිබුනෙ ඇඳන් හිටපු කමිසයේ අත අස්සෙ.අත් දෙක පිටිපස්සට කරන් වේවැලේ රවුම් කෑල්ල අතේ රුවාගෙන තමයි සක්මන් කළේ. කවුරුහරි ළමයෙක්ගේ දඟවැඩක් දැකපු සැණින් අත අස්සෙ තියෙන වේවැල එළියට එන්නෙ විදුලි වේගයෙන්. ඊටපස්සෙ ඉතින් 'අල්ලං බස්තං පොල්ලෙං ගහපං' තමයි.

මේ ගුරුතුමා දාලා තිබුන ලොකුම නීතිය තමයි උදේ ඉස්කෝලෙට ආවට පස්සෙත් විවේක කාල දෙකේදිත් එළියට යන්න පුලුවන් කැන්ටිමට යන්නයි වැසිකිළි යන්නයි විතරයි. තවත් තේරෙන්න කියනවානම් උදේ බෑග් එක අරන් පන්තියට ආවම ආයෙ එළියට යන්න තහනම්. යනවානම් කැන්ටිමටයි වැසිකිළියටයි විතරයි. විවේක කාලවලදීත් ටක්ගාලා කාලා බීලා වැසිකිළි ගෙහුල්ලා පන්තියට එන්න ඕනා. ඔය කාලවලදී පන්තිය අවට කොරිඩෝවල ගැවසීම දැඬි දඬුවම් ලැබිය හැකි වරදක්. මේ ගුරුතුමන්ලා දෙන්නත් ඒ නීතියම අනුගමනය කළා. ඒ වෙලාවලදී වැඩකරන්න අපිට වෙනම පොතක් තිබුනා. මේ ගුරුවරු දෙදෙනාගෙන් එක්කෙනෙක් ඒ වෙලාවලදී පන්තියට ඇවිත් අපිට අත් අකුරු ලියන්න උගන්වනවා. අපිට මේ ව්‍යායාමය වහකදුරුවෙලා තිබුනෙ. ඒත් පස්සෙකාලෙ තේරුනා මේ ගුරුවරුන්ගෙ මහන්සියෙ අගය.

අනිත් ගුරුතුමා බොහොම නිවිච්ච කෙනෙක්. කිසිම වෙලේක වේවැල පාවිච්චි කරනවා මම දැකලා නෑ. ළමයින්ට හොඳ නරක කියාදීලාම තේරුම් කරන්න තමයි එතුමා උත්සාහ කළේ. පොඩි පරහකට තිබුනෙ එතුමාගෙ කන් ඇසීම දුර්වල වීම. 

"ළමයි කියන්න බලන්න ටජ්මහල් තියෙන්නෙ මොන රටේද?" ගුරුතුමා අහන්නෙ අවාරයේ පන්තියට ආපුවෙලාවක. ඔන්න ළමයි කිහිපදෙනෙක් අත් උස්සන්.

"ආ.. ඔය ළමයා කියන්න බලන්න"

"ඉන්දියාවෙ සර්.."

"පුහ්.. වැරදියි.. ළමයි වුනාම රටේ ලෝකෙ දේවල් ගැන දැනගන්න ඕනා. පොතේ ඇලිලා ඉඳලා හරියන්නෙ නෑ."

මේ වෙනකොට ඉන්දියාව කියන්න හිතන් අත උස්සපු ගොඩ දෙනෙක්ගෙ අත් පහළ ගිහින්.  වෙන උත්තර දෙන්න බලාගෙන ඉන්න කිහිපදෙනෙක් තාමත් අත උස්සන්.

"අපෝ.. මෙච්චරද උත්තර දන්නෙ.. කෝ.. ඔය කෙළවරේම ළමයා කියන්න" ප්‍රශ්නය වෙනත් කෙනෙකුට.

"සර්.. චීනය"

"ආන්න හරි.. ඉන්දියාව තමයි" ඊටපස්සෙ ඒ ආශ්‍රිත වටපිටාව ගැනත් පොඩි විස්තරක් දැනගන්න පුලුවන්.

 ඊළඟ සිද්ධිය වුනේ එක්තරා උදේක. ඒ දවස්වල ඉස්කෝලෙ පටන්ගත්තෙ අටටනෙ. උදේ හතාමාර වෙද්දි විතර දෙවන ගුරුතුමා ආවා පන්තියට. වෙනදා වගේම ලෝකය ගැන ටිකක් කියාදුන්නා.

"දැන් අත් අකුරු පොත් ගන්න" ඇවිල්ලා ඉන්න ළමයින්ගේ බෑග්වලින් අත් අකුරු පොත් එළියට එනවා. 

"මම ඊයෙ බලපු පොත්වලත් සෑහෙන්න අකුරු වැරදියට ලියලා තිබුනෙ. මේ ළමයි ගොඩක් වරද්දන අකුරක් තමයි 'ප'යන්න. 'ප'යන්න ලියන්නෙ මෙහෙමයි දරුවනේ. " ගුරුතුමා ලොකූ 'ප'යන්නක් කළුලෑල්ලෙ ලියනවා. ළමයිත් මීයට පිම්ඹා වගේ නිස්සද්දව ඒක පොතේ ලියාගත්තා. 

ඊළඟට ගුරුතුමා පන්තිය වටේ යනවා 'ප'යනු බලන්න.  'මෙතන රවුම් කරන්න පුතේ' 'මෙතන තව චූටි වෙන්න ඕනෙ' ඔය වගේ කතා තමයි ටික වෙලාවක් යනකන් ඇහෙන්නෙ. කට්ටිය ඇතිවෙන්න 'ප'යනු ලියනවා.

"හරි තව අකුරක් බලමු" හුණු කූරගත්තු ගුරුතුමා ලොකූවට තියෙන 'ප'යන්න ළඟින්ම තව අකුරක් ලියනවා. මෙච්චර වෙලා මීයට පිම්ඹාවගේ තියෙන පන්තියෙ 'කිචි කිචි' හඬක් මතුවෙන්නෙ ඔයවෙලාවෙ. බෝතල් අඩි කණ්ණාඩි කුට්ටම අතින් අල්ලල ඊට යටින් කළුලෑල්ල බලන ගුරුතුමාට කරන්ට් එක වැදුනා වගේ. හුණුකොට්ටෙ ගන්නවත් පමානොවී අතින්ම 'සට සට' ගාලා කළුලෑල්ල මකලා ගුරුතුමා පන්තියෙන් එළියට ඉගිල්ලෙනවා අපි බලා හිටියෙ කටවල් අතින් වහගෙන.

ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දි අර කලින් කියපු මුල් ගුරුතුමා විශ්‍රාම යනවා.   විශ්‍රාම යන්න ඔන්න මෙන්න හිටියත් ඒ පුරප්පාඩුව පුරවන්න වෙන්නෙත් කලින් කියපු කතා දෙකේම කතානායකයා වුනු ගුරුතුමාට.

ඔය කාලෙ තමයි ටීවී ගේම් රටපුරා බෝවෙන්නෙ. අර මැස්සො මරන්න, තාරා දඩයමේ යන්න එතකොට සුපර් මාරියෝ කොල්ල එක්ක යන්න තියෙන්නෙ අන්න ඒකක්. ඉස්කෝලෙට සෙල්ලම් බඩු ගේන්න තහනම් වුනාට දවසක් එකෙක් ටීවී ගේම් සෙට් එකක්ම උස්සන් ඇවිත් තිබුනා. මොකට ගෙනාවද මන්දා? සමහරවිට වෙන එකෙකුට දෙන්න වෙන්නැති. ඒත් ඒක හංගගෙන ඉන්නවුනේ නෑ. අනුන්ගෙ ඕපාදූප හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැති සිස්සනායක අයියලා විවේකකාලයේදී සෙට් එක පිටින්ම අංශප්‍රධානී ගුරුතුමාට භාරදීලා තිබුනා. විවේක කාලයෙන් පසුව අයිතිකාරයාට ඇමතුමක් ලැබුනා.
 
ටීවී ගේම් එකේ අයිතිකාරයා දැන් අංශප්‍රධානී කාමරයේ. 

 "මොකක්ද අයිසෙ මේ ගෙනත් තියෙන සුකුරුත්තං බාන්ඩෙ?" ගුරුතුමා තදින් කතාකරනවිට 'දරුවො' යන්න 'අයිසෙ' වෙයි.

"ටී වී ගේම් එකක් සර්"

ගුරුතුමාගේ දිව එළියට පනී.  "හෑ.. මොකක්?"

"ටී වී ගේම් එකක් සර්"

"මොකක්ද මේකෙන් කරන්නෙ?"

"ගෙදර ටී වී එකට ඕක ගහලා එක එක ක්‍රීඩා කරන්න පුලුවන්. මේකට තමයි පීස් එක දාන්නෙ. මෙව්වලින් එක එක එව්වා කරන්න පුලුවන් " කොලුවා ජොයිස්ටික් ඔබා පෙන්වයි.

"එතකොට මේ පිස්තෝලෙ"

"වෙඩිතියන්න සර්"

"කොහෙටද?"

"ටී වී එකට"

"ටී වී එකට??" ගුරුතුමාගේ ඇස් උඩයයි.

"ඔව් සර්"

"ටී වී එකට ?? " ප්‍රශ්නය නැවතත්.

"ඔව් සර්. ටී වී එකේ රූප යද්දි මේකෙන් වෙඩි තියනවා"

"අයිසෙ, එතකොට ටී වී එක කුඩුනෙ."

විශේෂ ස්තුතිය : උඩම තියෙන ගුරුතුමාගෙ චිත්‍රය ගත්තෙ  සිතක සිතුවම බ්ලොගයෙනි.


87 comments:

  1. "ප" යන්නට පස්සේ ඉතින් ලියන්න තියෙන්නේ ඉතින් සුපුරුදු අකුරනේ :D

    ReplyDelete
    Replies
    1. අලුත් පෝස්ට් එකක් කියලා දැක්කාම මම බලාපොරොත්තු වුනේ නම් මෙහෙම කතාවක් නෙමේ :(

      Delete
    2. ඒකනෙ.. තාම කවුරුත් කිව්වෙ නෑනෙ ප ට පස්සෙ අකුර හොයාගන්න බෑ කියලා..

      සාරබර පෝස්ට් එකක්ද බලාපොරොත්තු වුනේ? ඒකට ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ වගේම එකදිගට එව්වා ලිව්වමත් අගයක් නෑනෙ.. ඒකයි පොඩි වෙනසක් කළේ.. බලාපොරොත්තු කඩ වුනාට සොලි..

      Delete
  2. නියම ගුරුවරු. :)

    ReplyDelete
  3. අද මම එක ! දැන් කියවමු පෝස්ට් එක !

    ReplyDelete
    Replies
    1. "ඩෝන්ට් යූස් 'ප' ඇන්ඩ් '*' ටුගෙදර් !!!"
      අපි අපේ බැච් එකේ හිටපු දෙමල එකෙක්ට ඔහොම කියලා දුන්නා අද වගේම මතකයි. හික්ස් :)
      මරු ගුරුවරු දෙන්නෙක් !
      අර වගේ ටීවි ගේම් ගැජමැටික් අපට ඒ කාලේ නිකන් මාර මැජික් වෙලා තිබ්බා.

      Delete
    2. මගේ කසිකබල් බ්ලොගයෙත් එක වෙන්න අය ඉන්නවනෙ.. ඒත් මධුවා පරක්කුවෙලා..

      මට මතක්වුනා මුස්ලිම් යාලුවෙකුට තල් රා ගැන කියාදීපු හැටි..

      අපේ ඥාති අයියා කෙනෙක් ළඟ ඕකක් තිබුනා.. මම එහෙ යන්නෙම ඕක ගහන්න.. පස්සෙ මම ගෙදරින් දෙන සල්ලි එකතුකළා ඕකක් ගන්න.. ඕනෑ ගානට එකතුවුනාට පස්සෙ අම්මලාගෙ මුදල් හදිසියකට ණයට දෙන්න වුනා.. සල්ලිත් නෑ ටී වී ගේමුත් නෑ..

      Delete
    3. අද මම එක ! දැන් කියවමු පෝස්ට් එක !
      හැක හැක හැක මදුරංග අයියා ඔයා 3 :පි

      Delete
  4. නියම කතා දෙක. තවම හිනා වෙනවා. මමත වාසනා කළා ඔය වගේ සුදු සරමයි අත්දිග කමිසෙයි අඳින සරත් ගුණතුංග ගුරුතුමාගෙන් ඉගනගන්න. ඒක හරිම සුන්දර කාලයක්. මට කවි ලියන්න වගේම සිංහල ගැනත් කියල දුන්නේ ගුණතුංග ගුරු පියා. මම ගොඩක් හෙව්වත් ලංකාවේ එතුමා ඉන්න තැන මට හොයාගන්න බැරිවුනා. ළමයි හරිම ආදරයක් දැක්වූ ගුරුවරයෙක්. ස්තුතියි හරි. ඔබ මගේ මතක පොත අවුරුදු 20 විතර ආපස්සට ගෙන ගියා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ගොඩාක් ඔය විදිහට ඇන්ඳෙ සිංහල ගුරුවරු තමයි. ඔබ කියන ගුරුතුමා ගැන විස්තරයක් දන්නා කෙනෙකුට මේ කමෙන්ටුව ඇස ගැටේවා කියා ප්‍රාර්ථනා කරනවා.. එතුමා සොයාගෙන පරණ මතකයන් අලුත් කර ගැනීමට වාසනාව ලැබේවා..

      Delete
  5. පැන මඩ කඩිති ගීතයේ මුල් පද හතරේ යටි පෙළ අරුත මෙහෙමයි.ළමයා පාසල් යන අතරමග තමයි මඩ කඩිති හම්බ වෙන්නේ. මෙහිදී මඩ කඩිති කියන්නේ පාරේ තියන මඩ ගොඩවල් නෙවෙයි. පරෙස්සමෙන් මග හැරිය යුතු, ළමයින්ව ඇද ගැනීමට, වැට්ටවීමට බලාසිටින මඩ කඩිති. දන්නවනේ ඒ මොනවද කියලා. වැහි කාලේ වැව තාවුල්ලේ යාම ටිකක් භයානකයි.(විවිධ බලපෑම් එල්ලවන තරුණ වයසේ පාසල් යාම කල්පනාවෙන් කල යුතුයි වෙන වෙන දේවලට ඇදී නොයා)පෙන්වා මග නොමග = හරි පාර මොකක්ද වැරදි පාර මොකක්ද කියලා අපට කියලා දෙන්නේ ගුරුවරු. (හැබැයි ඇද ගුරුවරුන්ගෙන් බහුතරයක් පොත් උගන්නලා නිකම් ඉන්නවා චරිත සංවර්ධනය කරන්න ගියොත් සමහර ලමයින්ගේනුත් ළමයින්ගේ දෙමවුපියන්ගේනුත් ගුටි කන්න වෙන නිසා. ඊයේ පෙරේදා ගම්පහ පැත්තේ බාලිකාවක ගෑනු ළමයෙක මෝස්‌තර නිරූපිකාවක් වගේ පාසලට ඒම වැලැක්වූ ගුරුවරයකුට ඒ ළමයාගේ තාත්තා විසින් පහරදී තිබුනා)සිප් කිරි පෙවූ මූසිලයන් උඩ මාලේ = හොඳින් ශිල්ප ශාස්ත්‍රය ලබාගත ගෝලයන් ඉහල තැන් වල සිටියත් උන්ගෙන් බොහොමයක් ඇහැක් ඇරලා බලන්නේ නැහැ තමන්ගේ ගුරුවරයාගේ දුක සැපවත්. හැබැයි මොනවා ලැබුනත් නැතත් ඉදිරි පරපුරටත් අර ශිල්ප දැනුම පොවමින් සම සිතින් අපේ ගුරුතමා තවමත් පාසල් යනවා.(ඒ ගුරුවරයාම නෙවෙයි ගුරු පරපුර ගැනයි කියන්නේ)
    මමත් ජීවිතය පටන්ගත්තේ ගුරු වෘත්තියෙන්. පහේ පන්තියේ එක කට කාර ගෑනු ළමයෙක් නිසයි ඒ වෘත්තීය අත් හැරියේ. ඒ ළමයා දවසක් රචනාවක ලියාගෙන ඇවිත් තිබුනා 'මම අම්මා ළඟ නිදාගත්තාය' කියලා. ව්‍යාකරණ වැරදියිනේ. මම කිව්වා නෑ නෑ ළමයෝ 'මම අම්මා ළඟ නිදාගත්තෙමි' කියලා. කෙල්ල පුදුම වෙලා වගේ මගේ දිහා ටිකක් වෙලා බලන ඉඳලා කිව්වා, 'එහෙනම් මට නින්ද ගියාට පස්සේ සර් එන්න ඇති'
    කියලා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඔය ව්‍යංග තේරුම මම යන්තමින් දැනහිටියත් මොන විදිහකින් හරි ලිපියට ඇතුලත්වෙලා නෑ.. මම හිතන්නෙ රූපවාහිනියෙ ඔය ගීතයට සාදා තිබූ රූපරචනාව නිසා වෙන්නැති.. ඒකෙ තිබුනෙ මම කලින් කියුවිදිහට පාරෙ යන ගුරුතුමෙක්ව මඩවලින් නාවාගෙන කාරය පැදයන ගෝළයෙක්.. විචාරක මහතාගේ විස්තරය මේ ලිපිය එළිය කළා.. ස්තුතියි!..

      ඒ වගේම ගජබින්නාලංකාරෙත් පෙරලළා තියෙන්නෙ..

      Delete
    2. ඔන්න ඉතින් ගජබින්නාලංකාරයලු. මෙන්න ඒ වගේම අනික් කතාව. මම දවසක් එක පන්තියකට උගන්නන්න යනකොට එකම කාලගෝට්ටියක්. මට හොඳටම කේන්ති ගිහින් කිව්වා 'කට වහපියවු. එක පාරකට එක බූරුවයි කතා කරන්නේ'කියලා. මුළු පන්තියම නිශ්ශබ්ද වුනා. පොඩි එකෙක් නැගිටලා කිව්වා 'හා එහෙනම් සර් කතාකරන්ඩකො' කියලා. . . . . . .

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. අර බොහොම ප්‍රසිද්ධ ඇම්ඩා කොලුවා හිටියෙ විචාරක මහත්මයගෙ පන්තියෙ නෙමෙයි කියලා විශ්වාසද?

      Delete
    4. මේ වගේ අතුරු කතා තව කීයක්‌ ඕනෙද? මේ දවස්වල වෙලාව තමයි නැත්තේ බිස්මාර්ක් කතාවේ ඉතුරු වැඩ නිසා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. දැන් එතකොට මොන කතාව නිසාද ගුරු වෘත්තිය අතහැරියෙ.. :)

      කතා නම් පංකාදුයි.. අයෙ බඩ පැලෙන්න හිනා වුනෑකි..

      Delete
    6. ගුරු වෘත්තීය අත හැරියේ එක ටීචර් කෙනෙකුගේ 'කතාව' නිසා. අන්තිමට ඒ ටීචර් මාව නීත්‍යානුකූලව අයිති කරගත්තා. එයත් එක්ක ඉස්කෝලෙදි යුද්ධ කරනවට වඩා හතුරොත් එක්ක යුද්ධ කරන එක පහසු නිසා මම ආමි එකට ගියා. (ඊට පස්සේ තමයි මාව අයිති කරගත්තේ. අපරාදේ ආමි එකේ නිලධාරිනියක් බැඳගත්තානම් එයා රෑට නිදාගන්න ඇඳට ගොඩවෙන්නෙත් ගුඩ් ඊවිනින් සර් කියලා සෙලියුට්‌ එකකුත් ගහලනේ) ආමි එකේ අවරුදු 35 ක් විතර යුද්ධ කරලා මම පෙන්ෂන් ගත්තා. අර ටීචරුත් ඉස්කෝලේ අවුරුදු 40 ක් විතර යුද්ධ කරලා ගිය මාසේ පෙන්ෂන් ගත්තා. දැන් අපි දෙන්නා ගෙදර යුද්ධ කරනවා.
      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    7. ළමයින්ට උගන්වන්න ගිහින් ටීචර් කෙනෙකුටත් උගන්වලානෙ. විචාරක මහත්මයාට වේවැල් පාරවල් එහෙම ලැබෙන්න ඇති නේද?

      Delete
    8. මම ඕන ඔට්ටුවක් අල්ලන්නම් .. විචාරක හාමිනේ බ්ලොග් බලන්නේ නෑ නේද?

      ඒකනෙ මෙච්චර එඩිතර..

      Delete
    9. හාමිනේ බ්ලොග් බලනවා තියා මම කොම්පියුටරේ ළඟ වාඩි වුනත් පුපුරනවා.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    10. සංවාදේ මුල ඉඳං කියෙවා. හිනා ගියා බඩ පැලෙන්න :)

      Delete
  6. හික් හික්.... ඔන්න බලපං අළුත් පරම්පරාවෙයි පරණ පරම්පරාවෙයි වෙනස.....!!!!

    ReplyDelete
    Replies
    1. සිසු පරම්පරාවෙ වෙනසද? ගුරු පරම්පරාවෙ වෙනසද? දැන්නම් ඔය දෙකම වෙනස් වෙලා.. කාලෙ වෙනස් තාලෙ අලුත්..

      Delete
  7. සිරා මචං.. අතීතෙට ගියා.. මම ඉස්සර දාපු පේස්ටුවලත්, ඒ කාලෙ අපි, උබල කරපු දේවල් වලත් වෙනසක් නැහැ බං. හැම එකාලම එකම දේ කරල තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඉත්තුතියි.. හැම කාලෙදිම හැම තැනම ගුරුවරුයි ළමයි අතර සම්බන්දෙ එකමයි.. කාලෙත් එක්ක පොඩි පොඩි වෙනස්කම් වෙන්න පුලුවන්..

      අපේ ඉස්කෝලෙ ලැබ් එකේ බට්ටෙක් පත්තුවුන වෙලාවක සර් කෙනෙක් හොඳ කථාවක් කිව්වා.. "දැන් ඔය ළමයි බට්ටා පත්තුකරලා විනෝද වෙයි. තව අවුරුදු ගානක් ගිහින් බැඳලා ළමයි හම්බෙලා ඒ ළමයිව ඉස්කෝලෙට දාලා ටික කලක් යද්දි මෙහෙම කියයි 'බලන්ඩකො සර් අපේ කාලෙ වගේ නෙමෙනෙ. දැන් ඉස්කෝලෙ ළමයින්ගෙ විනය අන්තිමයි'.. දැන් ඔය කතාව ඇවිත් කියන්නෙත් මීට අවුරුදු ගානකට කලින් ඔය වගේ වැඩ කරපු අයියලාම තමයි"

      Delete
  8. හරී ඉගෙනගත්ත කාලෙත් මෙහෙම අඳින ගුරුවරු හිටියා කියලා අහන්නත් පුදුමයි. ඇත්තෙන්ම මේ ගුරුවරුන්ට උගන්නන්න තිබ්බ පරිසරයයි අද අපි උගන්නන පරිසරයයි ගන සසඳනකොට ආත්මානුකම්පාවක් ඇතිවෙනවා.
    henryblogwalker the Dude
    .

    ReplyDelete
    Replies
    1. අපිට ඒ අය නොලැබෙන්න තිබුනා අපේ ඉස්කෝලෙ 55න්ම විශ්‍රාම යැව්වානම්.. ඔය කියන කාලෙත් ඒ ගුරුවරු දෙන්නට 65ත් පැනලා ඇති..

      Dude ත් ගුරුවරයෙක් නිසා ගුරුසේවයේ හොඳ හොඳ අත්දැකීම් ඇති..

      Delete
    2. ඒක නිසාම තමයි හරී ආත්මානුකම්පාවක් ඇතිවෙනවයි කිව්වෙ.
      henryblogwalker the Dude

      Delete
    3. ආත්මානුකම්පාව කියන වචනය නොතේරේ.. සිංහල සර් හිටියානම් මගේ කන ඉවරය..

      Delete
    4. ආත්මානුකම්පාව කියන්නෙ.. තමන් ගැන තමන්ටම ඇතිවෙන අනුකම්පාව බොල.. නොතේරේ කියපු හින්දා කිව්වෙ ඈ.. මගෙ පඬි කම පෙන්නන්ඩ නෙමේ හරිය..

      Delete
    5. @සෙන්නා,
      හයියෝ එහෙම වැරදියට හිතන්නේ නෑ..ඇත්තටම නොතේරුන නිසයි ඇහුවෙ.. බොහොම ස්තුතියි තේරුම කියා දුන්නට..

      Delete
  9. හි හි .... :)

    මාත් අතීතෙට ගියා ටිකකට..
    අපිටත් හිටියා හොඳම හොඳ ගුරුතුමෙක් අපි රොටරි එකේ ක්ලාස් යන කාලේ..අපේ ලෙනාඩ් සර්..:)
    අපේ ගුරුතුමා නම් සෑහෙන බුද්ධිමත් හ්ම්ම්..:)අනේ ඇත්තට ආපහු ඒ ලෙවල් කරන්න හිතෙන්නේ ඒවා මතක් වෙනකොට තමා.. :)

    ReplyDelete
    Replies
    1. සන්තෝසයි.. මම නම් කැමති ඕලෙවල් කාලෙට යන්න.. කිසි වගකීමක් නැතිව නට නට ඉන්න තිබුනා..

      Delete
  10. සොඳුරු මතකයක් හරී..
    ගුරුවරු අතර ඉන්න ගුරු පියවරු මෑණිවරු මතක් වුනා පළවෙනි ජේදය කියවද්දි..
    සමහර වෙලාවට සමාජයෙන් මොනවා හරි ප්‍රශංසාවක් ලැබෙද්දි ඒකෙ ස්තුතිය යන්න ඕන මේ වගේ ගුරු දෙවිවරුන්ට තමා..

    ස්තුතියි ඒ මතකය අවදි කලාට..

    ReplyDelete
    Replies
    1. සල්ලි මහන්සිය නොබලා අපිට උගන්වපු ගුරු මෑණිවරු පියවරු නිවන් දකින්න ඕනා..

      ඔය අතරෙ හීන්නූලෙන් ජාමෙ බේරගත්තු ගුරුවරුත් නොහිටියෙම නෑ..

      Delete
  11. ගුරුවරු ගැන මමත් ටික දවසකට කලින් පොස්ට් එකක් දැම්මනේ..

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නම් සහෝ.. ගුරුවරුන්ගෙ ගුණ කියන්න පෝස්ට් කීයක් ලියන්න වේවිද?

      Delete
  12. හේ හේ අයියෝ හිනා වෙලා පන නෑ මම දැන් දිව්‍යලෝකේ :ඔ

    ReplyDelete
    Replies
    1. ඔච්චර හිනා යනවද? ඔය සිද්ධි ඇහින් දැකපු සෙට් එක බඩ පැලෙන්න හිනා වුනාට මම හිතුවා වෙන කෙනෙකුට ඒ තරම් ගතියක් නැතිවේවි කියලා..

      Delete
    2. අපොයි නෑ. ඒ වගේම මටත් හිනා ගියා. සාක්ෂි ඕනනම් කියන්න. ළඟ හිටපු එකෙක් කැඳවන්නම්

      Delete
  13. ඒ කාලේ හින්දා හොදා.. අර ගෙනිච්චේ ටිවි ගේම් එක තුවක්කුවනේ දැං උන්නම් ගෙනියන්නේ ඇත්තම ඒවා

    ReplyDelete
    Replies
    1. හෑ.. ඇත්තම තුවක්කු???

      Delete
  14. නියම කතා ටික :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි..

      Delete
  15. මේ කතාව අපි හමෝවම අතීතයට ගෙනයනවා...

    අපෙත් හිටියා ඔය වගේ සර් කෙනෙක්.. කකුලෙ පොඩි කොරයක් එහෙම තිබුනා මතකයි..විටක් එහෙම කාගන තම හිටියේ.. ඇන්දෙ රෙද්ද බැනියම.. ලමයින්ට හොඳට උගන්වපු ගුරුවරයෙක්... දවසක් ඉස්ස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා.. මතක් විදිහට සත්තු වත්තට.. එතනදි මොකක්ද හෑන්ඩ් නෝටිස් එකක් බෙදුවා.. ඉංග්‍රීසියෙන් ගහලා තිබුන.. ඒක අපිත් එක්ක හිටපු අනිත් කලිසම් ඇඳලා හිටපු ඔක්කොම සර්ලට දුන්නා.. හැබැයි මේ සර්ට දුන්නෑ.. ඒ ගොල්ලො හිතන්ඩ ඇති රෙද්ද බැනියම ඇඳලා ඉන්න මේ ගොඩයට මේක දීලා වැඩක් නෑ කියලා.. ඒ සර් ඉගැන්නුවෙ ඉංග්‍රීසි කියලා උන් දන්නවනම් ! සර්ගෙ පුතා අපේ පන්තියෙමයි හිටියේ අද පූජා ප්‍රසාදීන්වහන්සේ කෙනෙක්.

    උඹලා බහ තෝරන වයසෙදිත්, අකුරු ඉඟන ගන්න වයසෙදිත්, පයන්නට පස්සෙ එන අකුර දැකලා හිනා වෙන්ඩ දැනගන ඉඳල තියනවනේ.. හරි දියුනුයි ඈ..

    ReplyDelete
    Replies
    1. අතීතය සිහිනයක් පමණයි.. සැබෑ සුවයක් නෑ.. කිව්වට හැම සිද්ධියම එහෙම නෑ නේද? :)

      මම මතක් කළා මතක් කළා ඔහොම සර් කෙනෙක් මතක් වෙන්නෙ නෑනෙ.. සෙන්නලා චූටිකාලෙ හිටපු කෙනෙක් නම් මම දැනගන්න විදිහක් නෑ.. ලොකු කාලෙ නම් දැනගන්න ඉඩක් තියෙනවා..

      හි..හි.. මේ බහ තෝරන වයස නෙමෙයි හත වසර..

      Delete
    2. ඒ කියන්නෙ හරී ටික කාලයක් හරි අපේ ඉස්කෝලෙට ගියාද ? හොඳට මතක් කරලා බලන්න බෝපිටිය පැත්තෙ සර් කෙනෙක් ගැන...

      හත වසරෙදි කවුද බන් අකුරු උගන්නන්නෙ !!

      Delete
    3. හ්ම්ම්... 1992-1996 මට මතකයක් නෑනෙ..

      එහෙම තමා එතනදිවත් අකුරු නොහැදුවානම් ඉස්සරහට කවුරු හදන්නද?

      Delete
    4. මට මතක හැටියට ඒ සර් ඔය කාලෙම වගේ තමා අස් වුනෙ..හරීට මතක තියෙන්ඩ විදිහක් නෑ එහෙනම්.. එතකොට ජුන්ජන් කොල්ලොනෙ..

      Delete
    5. මම 92දි එක වසලෙ.. තෙන්නා අයියා ඒලෙවුල්ද?

      Delete
    6. හ්ම්ම් ... ඒලෙවල් පටන් ගත්තා විතරයි.. සොමි කාලේ... 1993 දී 50 ජුබිලිය කළේ අපි තමා.. හරීට එච්චර මතකයක් නැතුව ඇති..

      අඩේ මම එහෙනම් උඹව හිච්චි එකා සන්දියෙ දැකලත් ඇති සමහර විට.. බලපන්කො ඒකෙත් හැටි.. :-)

      Delete
    7. මට මතකයි සාන්ත මරියා එකට මොන්ටිසෝරි ගිය හැටිත්.. 93 ජුබිලියත් මතකයි.. බෑන්ඩ් එක 'ජයවේ ජේසුනි' පට්ට ගැහුවෙ ඒ කාලෙනෙ..

      දැකලා ඇති සමහරවිට.. කතා කරලාත් ඇති.. සෙන්නාලාගෙ ගේ පහුකරලා මදුරුදැල් වියන ගෙදරට යනපාරට හැරෙන තැන ගෙදර 'සමිත්' කියන කොල්ලා හිටියෙ අපේ පන්තියෙ.. කොහොමද මගෙ මතක අවුරුදු 15කින්වත් දැකපු නැති එකෙක්ගෙ නමත් මතකයි..

      Delete
    8. හොඳ මතකය... මටනම් ඔය පරන සිද්ධි වුනත් නිකන් හීනෙන් වගේ තමා මතක..හරියට ගලප ගන්ඩ බෑ..

      Delete
  16. හානේ හරී ඉගනගෙන තියෙන්නෙත් අපේ ඉස්කොලෙනෙ:) මම 6 වසරෙදි මගෙ අකුරු හරි කැතයි. මටත් ඉතින් මේ සර් ව පේන්න බෑ. හරී 100% ක් හරි දැන් තමා තේරෙන්නෙ මේ ගුරුවරුන්ගෙ මහන්සියෙ අගය

    ReplyDelete
    Replies
    1. හෑ.. මාව පෞද්ගලිකව දැනගෙන මෙහෙ ආවදෝ.. ඉස්කෝලෙ මාට්ටු වෙන්න අකුරු දෙකයි පෝස්ට් එකේ තියෙන්නෙ.. :)

      අපි ඒ කාලෙ ගුරුවරුන්ව මරන් කන්න තරම් තරහක හිටියත් දැනුයි තේරෙන්නෙ අපිව මෙච්චර මැඩෙව්වෙ මොකද කියලා..

      Delete
  17. මොනා වුනත් අපි මොවුන්ගේ මහන්සිය අගය කල යුතුයි.

    ReplyDelete
  18. හෙහ් හෙහ්... මරු.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. කතා දෙකනම් හරී, හරි අපූරුයි. ..

    ReplyDelete
  20. හරීට බුකියට රික්වෙස්ට් එකක් දැම්මා,,හරී මම හිතන් උන්නු ප්‍රදේශයෙම තමා නේ,,පොඩ්ඩක් අහල පහල මමත් ඉන්නේ,
    ඉතුරු අකුර හරි,ඔය ගේම් අපිටත් මැජික් වෙලා තිබුනා කාලයක්

    ReplyDelete
    Replies
    1. කෝ.. බුකියට ඇවිල්ලා නෑ.. ආයෙ දාමු බලන්න.. පුංචි ඉතාලියෙනෙ නේද?

      බලන්ඩකො ඒ අකුර නොදන්න කෙනෙක් නෑනෙ..

      Delete
  21. මටත් මතකයි අපිට අමාරු අකුරු ලියන්න පුරුදු කරනවා.

    ReplyDelete
    Replies
    1. දැන් කීබෝඩ් ඔබලා ඔබලාම එච්චර අමාරුවෙන් පුරුදුවෙච්ච අකුරුත් ලියන්න අමාරුයි..

      Delete
  22. අයිසේ ,., ටී වී එක,.,., සික්.. මටත් ඉස්සර තිබ්බ,., ඕවයින් එකක්

    ReplyDelete
    Replies
    1. තිබ්බද වෙඩි ටී වී එක කුඩුවෙන්න..

      Delete
  23. මටත් ඉස්කෝලේ කාලේ මතක් උනා.. තාමත් හිනහා යනවා කතා ටිකනම් නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! වැඩියෙ හිනාවෙන්න එපා මහත් වෙයි

      Delete
  24. ඉස්සර ගුරුවරු එහෙම තමයි. ලමයින්ගේ භාෂා දැනුම හරියටම නිවැරදිව හදනවා. ආයෙ ජීවිතේටම එකපාරයි. ඒත් දැන් එවැනි ගුරුවරු හමුවන්නෙ කලාතුරකින්. පොතට පතට ඇලීගැලී සිටි යුගයක ඒ ගුරුවරු අතින් අකුරක් දෙකක් එහා මෙහා වුණාම මොකද ඒ වචනත් භාෂාවේ තියෙනවානේ.

    සුන්දඑම අතීතයක්. ජාතික ඇදුම ඇන්ද ගුරුවරු කීපදෙනෙක් මටත් ඉගැන්නුවා

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තලා ඉස්සර ගමේ මිනිස්සු, නෑයෝ, අසල්වාසි අතර සමගිය ගැන කතා කියනකොට ඇඬෙනවා.. දැන් සල්ලි පසුපස දුවන සමාජයේ කොහෙද එහෙම සමගියක්.. හැමෝම හැල්මෙ දුවන සමාජයක අපි ඉන්නෙ... ගුරුවරුත් ඒ වෙනසට අහුවෙලා.. රේස් එකකට වැටිලා.. ඉතින් නියම ගුරුපියවරු මෑණිවරු ලෙස හඳුන්වන්න පුලුවන් ස්වල්පයයි ඉන්නෙ..

      ඒ වචනත් භාෂාවේ තියෙනවා කිව්වම මතක්වුනේ.. උමග්ග ජාතකය කියවගෙන යද්දි 'සම්පයිය' කියලා පන්තිය ඉස්සරහම මට කියන්න වුනානෙ.. වචනය 'සම්පයිය'ද 'බුලත් පයිය' ද හරියට මතක නෑ.. මොකක් හරි එකක් ගැන කියන්න උනා..

      Delete
  25. ටීවී ගේම්..........ආයෙත් ඒ කාලෙට ගියා....මමත් තාරවන්ට වෙඩිතියන්න කැමති...

    ReplyDelete
    Replies
    1. මාත් මැරුවා තාරාවෝ.. දැන් කොම්පීටරේ හින්දා ටීවී ගේම් නැතිවෙලා නේද?

      Delete
  26. කන් ඇහෙන්නේ නැති සර් ඉන්දියාව නෙමෙයි කියල චීනේ කියල උත්තරේ දුන්නම "ඉන්දියාව" කිව්වේ ළමයි රවට්ටන්න නේද. නැත්තම් කන් ඇහීමේ දුර්වලතාවයක් හින්ද නෙමෙයිනේ?

    හම්බෝ මටත් වීඩියෝ ගේම් එකට පස්සේ ඔලුවට ආවේ ටීවී ගේම්. මම ඔය සෙට් එකක් ගන්න විඳපු කට්ට. කැඩිච්ච පරණ එකක් ගෙනල්ල අටවගන්න මාරම ගේමක් දුන්න පුංචි මොලෙන්. ඔහොම යනකොට එහා ගෙදර කොල්ල ටීවී ගේම් සෙට් එකක් ගෙනාව. අපේ කොල්ලෝ රංචුවම දැන් දවාලක් රැයක් නැතුව එහෙ රිංගනවා. ගේම් ගහනවා බලන්න. ඉතින් උන්ගේ අම්මට මළ හොඳටම. ඉතින් අපි කලේ පට්ටම වැඩක්, එහා ගෙදර ටීවී එකේ ඇන්ටනා ජැක් එකේ ඉඳන් අපේ ගෙදර ටීවී එකට තනි වයර් එකක් ඇද්ද හොරෙන්. අයෙත් අහලා කතා දෙකක් නෑ සජීවී දර්ශන ඇස පනා පිටම අපේ ටීවී එකෙන්. ඉතින් අරු එහෙට වෙලා ගේම් ගහනවා. කොල්ලෝ සෙට් එක අපේ දිහා ඉඳන් අපේ ටීවී එකෙන් කට ඇරන් බලාන ඉන්නවා. (අපේ දිහාට කොල්ලෝ එකෙන් නෙමෙයි දහයක් ආවත් ගෙදරින් තහංචියක් වැටුනේ නෑ)

    ගුරුවරයෙක් ගැන තියන පොස්ට් එකට ටීවී ගේම් ගැන කමෙන්ට් එකක් දැම්මේ මේ කතාවෙන් මගේ මතකේ අලුත් වෙච්ච හින්ද හොඳේ.

    ReplyDelete
    Replies
    1. නැත. නැත සර්ට ඇත්තටම කන් නෑසේ. දවසක් පලාවර්ගවල නම් කීමට ගොස් සිදුවූයේද ඔවැනි දෙයකි.. අපි කංකුං කියනවිට සර් ලැයිස්තුවට ගොටුකොළ දමාගනී.. මුකුණුවැන්න කියනකොට පොල්පලා දමා ගනී..

      එහෙම වයර් ඇද්දම පේනවද බං.. විශ්වාස කරන්නත් අමාරුයිනෙ.. බලන් ඉන්න විතරද ලැබුනෙ ගහන්න දුන්නෙ නැද්ද?

      'ගුරුවරයෙක් ගැන තියන පොස්ට් එකට ටීවී ගේම් ගැන කමෙන්ට් එකක් දැම්මේ මේ කතාවෙන් මගේ මතකේ අලුත් වෙච්ච හින්ද හොඳේ.' අයියෝ කමක් නෑ.. මේකෙ ටීවී ගේම් ගැනත් තියනවානෙ..

      Delete
  27. පොඩි උනාට හරිම රසවත්.... මම අනිත් ඒවත් කියෙවුවා ඒවත් හොදයි............

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීමට ස්තුතියි..

      Delete
  28. ප යන්නට පස්සෙ අකුර මට හිතා ගන්න පුලුවන්... ඉස්සර සිරා නයා සරැංගල් හදලා පයන්නක් ඒක උඩ අලවපුවාම අපේ ගමේ කුපාඩි කොල්ලො පයන්නට තව අකුරක් එකතු කරලා කින්ඩිය දැම්මේ...

    ReplyDelete
    Replies
    1. සරුංගලයක් හදපු කාලයක් මතක නෑ.. අගෝස්තු සරුංගල් වාරෙත් එනවා නේද?

      Delete
  29. ෂුවර් එකටම ඊළඟට ලියපු අකුර 'ඩ' යන්න.

    හුඟ කාලෙකින් මේ පැත්තේ ආවේ. පහුගිය කාලේ තිබ්බ කාර්ය බහුලත්වය නිසයි එන්න බැරි උනේ. ඉඳල ඉඳල ඇවිත් හොඳට හිනා උනා.

    ReplyDelete
    Replies
    1. 'ඩ' නෙමෙයි 'ක'

      ඉඳලා හිටලා හරි ඇවිත් යනවට ස්තුතියි!

      Delete
  30. හෙලෝ..mr.හරී
    මමත් ඔය ඉස්කෝලේ ඔය පන්ති වලම තමයි..මාව අඳුන ගන්න පුලුවන්ද?
    ඔය සර් ලා දෙන්න ව නම් තාම මතකයි.
    එක්කෙනෙක් නම් ලඟදි නැති උනා නේද?

    ReplyDelete
    Replies
    1. හහ්හා.. මේ දන්න කියන කොල්ලෙක්නෙ... :)

      …කොයි එක්කෙනාද බං නැතිවුනේ.. කන් ඇහෙන්නෙ නැති කෙනාද? එළියෙ හිටියම ගහන කෙනාද?

      Delete
  31. කන් ඇහෙන්නේ නැති කෙනා..

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...