මගේ බ්ලොගේ නිතරම කියවන්න එන උදවිය දන්නවා ඇතිනෙ මම ලියපු බොහෝ කතෝලික චාරිත්‍ර පිළිබඳ ලිපි වලට මූලාරම්භය ලබාදුන්නෙ අන්‍යාගමික මිත්‍රයෝ මගෙන් අහපු නොයෙකුත් ප්‍රශ්න. ඒත් අද කතාවට මූලාරම්භය මටම ඇතිවුන ප්‍රශ්නයක්.
මීට ටික කාලෙකට කලින් අපේ විශ්ව විද්‍යාලෙ බැච් එකේ කට්ටිය එකතුවෙලා බෙලිමල් දන්සලක් දුන්නා. එක්තරා පෝය දවසක කළුතර විහාරයේ සිල්ගන්න ආපු උපාසක උපාසිකාවනට තමයි සංග්‍රහ කළේ. බෙලිමල් සංග්‍රහය පිළියෙල කරන අතර මාත් බෞද්ධාගමික යාලුවෙකුත් අතර මේ වගේ දෙබසක් ඇතිවුනා.
මම : මොකක්ද බං සිල් ගන්නවා කියලා කරන්නෙ?
යාලුවා : හාමුදුරුවො කියන කියන දේ කියන්නයි තියෙන්නෙ.
මීට කලින් ගමරාළ සිල් ගත්තු කතාව අහලා තිබ්බ මට කට දෙකොනින් හිනා ගියා.
මම : ගමරාළ සිල්ගත්තු හැටි නෙවෙයි බං අහන්නෙ. පොඩ්ඩක් තේරෙන්න කියපන්කො.
යාලුවා : එහෙම කියන්න තරම් දෙයක් නෑ බං. හාමුදුරුවො සිල්පද කියනකොට අපිත් ඒවා සමාදන් වෙලා. දානෙත් කාලා. හැන්දෑවට සිල් අයින් කරගෙන (මෙතනදි හොඳ වචනයක් කිව්වා. දැන් මතක නැත.) ගෙදර යනවා. එහෙනම් කියපන්කො ඉරිදාට පල්ලියෙදි මොකද කරන්නෙ කියලා.?
එතකොට තමයි මට තරු පෙනුනෙ. මොකෝ කෙටියෙන් කියන්න කියලා උදේට පල්ලි ගිහිල්ලා සීනු කූඩුවට හරි ලැබුංගේ ඉස්තෝප්පුවට හරි වෙලා ඉඳලා සතියේ ඕපදූප අහගෙන එනවා කියන්නයැ. ඉතින් ඒක නිසා අද හිතුනා ඉරිදට පල්ලියේදි කතෝලිකයො මොකද කරන්නෙ කියලා හැමෝටම කියලා දෙන්න. හරි විදිහට කියනවානම් දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියලා තමයි අද කියන්නෙ. හැබැයි ගැඹුරින් කරුණු විග්‍රහ කරන්න නම් බලාපොරොත්තුවක් නෑ. පොදුවේ හැමෝටම තේරෙන්න කියන්නම්.
දිව්‍ය පූජාවේදී මූලිකවම සිදුවෙන්නෙ ජේසුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය සිහිපත් කිරීම. "මා සිහිකිරීම පිණිස මෙය සිදුකරන්න" කියලා ජේසුස් වහන්සේ කියපු හැටි දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලිපියේදී මම කිව්වානෙ. නොකියවපු අය ඒ ලිපියත් කියවලා ආවානම් අද කතාව හොඳටම තේරෙයි.
දිව්‍ය පූජාවේදී සිදුවෙන දේවල් කියන්න කලින් ඒ වටා සම්බන්ධවෙලා ඉන්න පිරිස ගැන දැනගනිමු.
පියතුමා - දිව්‍ය පූජාව පවත්වන්නෙ පියතුමා.
මහජනතාව - පූජාවට සහභාගිවෙන්න අයත් ඕනනෙ
සංක්‍රිස්තියන් මාමා - පල්ලියේ නොයෙකුත් වැඩකටයුතු භාරව ඉන්න වැටුප් ලබන කෙනෙක් තමයි සංක්‍රිස්තියන් මාමා. බෞද්ධ අයට තේරුම් යන විදිහට කිව්වොත් පන්සලෙ 'ඇබිත්තියා' වගේ. පල්ලියේ දොරවල් ඇරීම වැසීම, නියමිත පරිදි සීනු නාද කිරීම, දිව්‍ය පූජාවට අවශ්‍ය කළමනා සූදානම් කිරීම ඔහුගේ රාජකාරිවලින් සමහරක්.
පූජා උදව් ළමයි - මේගැන පෝස්ට් එකක්ම ලිව්වානෙ.
ගීතිකා ( කන්තාරු ) කණ්ඩායම - දිව්‍ය පූජාව අතරතුරදී ගයන ගීතිකා වල මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ මොවුන්.
ඔය කියපු අයගෙ එකමුතුවෙන් තමයි දිව්‍ය පූජාවක් පැවැත්වෙන්නෙ. පල්ලියේ දිව්‍ය පූජාව ඇරඹෙන්න පැයකට පෙර පටන් චාරිත්‍රයක් වශයෙන් ගමේ ජනතාව දැනුවත් කිරීම සිදුකරනු ලබන්නේ සංක්‍රිස්තියන් මාමා විසින්. හැම ගෙදරටම ගිහින් කියලා නෙමෙයි සෑම පැය භාගයකට වරක්ම පල්ලියෙ මහ සීනුව නාද කිරීමෙන්. මේ සීනු නාද කිරිල්ලට 'ලකුණු ගහනවා' කියලා තමයි කියන්නෙ. ඔය විදිහට තුන්වෙනිපාරට ලකුණු ගහනවාත් එක්කම තමයි දිව්‍ය පූජාව ආරම්භ වෙන්නෙ. හෝව්.. හෝව්.. ඊට කලින් තව විස්තර තියෙනවා කියන්න.
දිව්‍ය පූජාව පැවැත්වීමට පෙර පියතුමා ඒ සඳහා පළඳින ඇඳුම් ආයිත්තම්ද , අල්තාරයද අනෙකුත් කළමනාද සූදානම් කළ යුතුයි. සංක්‍රිස්තියන් මාමා මේ කාර්යය සිදුකරන අතර ඒ සඳහා පූජා උදව් ළමයින්ගේ සහයද ලැබෙනවා. දිව්‍ය පූජාව සඳහා සූදානම් කළ අල්තාරයක පින්තූරය බලන්න.
දිව්‍ය පූජාවට සූදානම් කළ අල්තාරය |
කාලිස් පාත්‍රය හා අනිකුත් දේ |
සිබෝරියම |
තැටිය |
Corporal - දිව්‍ය පූජාව අවස්ථාවේදී කාලිස් පාත්‍ර තබන්නේ මේ රෙදි කැබැල්ල මතය.
යාච්ඤා පොත් හා බයිබලය (Missal & Bible) - කියවීමට
සිබෝරියම (Ciborium) - දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ජනතාවට බෙදාදීම සඳහා පාවිච්චි කිරීමට.
වයින් හා වතුර |
තැටි (Paten) - දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදීමේදී බිම වැටීම වැළක්වීමට.
වයින්, වතුර හා අත්පිස්නාව (Cruets and finger towel) - දිව්‍ය පූජාවේදී යොදාගනී.
ඔය විදිහට සියලුම කළමනා තියෙන්න ඕනෙ. ඊළඟට බලමු පියතුමාගේ ඇඳුම. දිව්‍ය පූජාවට පෙර පියතුමා සාමාන්‍යයෙන් පළඳින ලෝගුවට උඩින් Chasuble නම් ඇඟලුම ඇඳගන්නවා. ස්ටෝල් පටියත් පළඳිනවා. අවුරුද්දේ එක් එක් කාලයන් අනුව මේ ඇඟලුමේත් ස්ටෝල් පටියේත් වර්ණය තීරණය වෙනවා. උදාහරණයකට කිව්වොත් චතාරික කාලයෙදි අඳින්නෙ දම් පාට. වර්ණය යොදා ගැනීමත් යම් තේරුමක් ඇතුව තමයි සිදුවෙන්නෙ. මීට අමතරව පූජා උදව් ළමයිත් ඔවුන්ගේ ලෝගු වලින් සැරසෙනවා.
ඔන්න දැන් ඔක්කොම හරි. ඊළඟට තියෙන්නෙ දිව්‍ය පූජාව පටන් ගන්න. මහ සීනුවෙත් පොඩි සීනුවෙත් නාදය සමගින් පූජාඋදව් ළමයි පිරිවරාගත් පියතුමා අල්තාරයට පැමිණෙනවා. සියලු දෙනා නැගීසිටින අතර ගීතිකා කණ්ඩායම ගීතිකා ගැයීම ආරම්භ කරනවා.
සාමාන්‍යයෙන් පැයක කාලයක් පැවැත්වෙන දිව්‍ය පූජාව ප්‍රධාන කොටස් පහකට බෙදන්න පුලුවන්. මේ විස්තර මම බොහොම සරලව කියන්නෙ කියලා මතක තියාගන්න ඕනෙ. නැත්නම් කට්ටිය කියයිනෙ සමහර කෑලි හැලිලා කියලා.
1. ආරම්භක පිළිවෙත
පියතුමාගේ පැමිණීම |
2. දේව වාක්‍ය පිළිවෙත
ඊළඟට එලඹෙන්නේ දේව වාක්‍ය පිළිවෙත. මෙහිදී බයිබලයෙන් තෝරාගත් කොටසක් කියවනු ලබනවා. ඉරුදිනයකදී මෙවැනි කියවීම් දෙකක් තිබෙනවා. ඒ කියවීම් දෙකම කියවනු ලබන්නේ ගිහියන් දෙදෙනෙකු විසින්. පළමු කියවීම පරණ ගිවිසුමෙනුත් දෙවන කියවීම නව ගිවිසුමෙනුත් තමයි තෝරාගන්නේ. වඩාත් පැහැදිලි කරනවානම් ශු. බයිබලයේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. ජේසුස් වහන්සේගේ උප්පත්තියෙන් පෙර සමය විස්තර වන කොටස පරණ ගිවිසුම ලෙසත් එයින් පසු සමය නව ගිවිසුම ලෙසත් හැඳින්වෙනවා.
කියවීම් කියවීම |
'සුවිශේෂය' නමින් හැඳින්වෙන ඊළඟ කියවීම කියන්නෙ පියතුමා විසින්. ඊළඟට පැවැත්වෙන්නෙ දේශනාව. එදා කියවූ සුවිශේෂය හෝ වෙන යමක් ඇසුරෙන් ජනතාවට කෙරෙන අනුශාසනාවක් තමයි දේශනාව කියන්නෙ. හාමුදුරුවරු කරන අනුශාසනාවට 'බණ' කියන්නෙ ඒවගේ මේ අවස්ථාවෙදි 'දේශනාව' කියලා කියනවා.
3. ස්තෝත්‍ර යාගික පිළිවෙත
මේ කොටස ආරම්භ වෙන්නේ පඬුරු පෙරහැරකින්. ගිහියන් විසින් දේවස්ථානයේ නඩත්තුවට හා දුගීන් වෙනුවෙන් පිරිනමන ආධාර හා ද්‍රව්‍යය ගෙනැවිත් පූජාකරනු ලබනවා. මේ පඬුරු අතර මල්, පහන් ආදිය වගේම එළවළු පළතුරු ආදියත් තිබෙනවා. තමුන්ගේ වත්තේ ගසක නෑඹුල් ඵල පඬුරු ලෙස පිදීම සමහර ගිහියන්ගෙ සිරිතක්.
ඉන්පසු ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී කළාක් මෙන් පූපත්, මිදියුෂත් ආශිර්වාද කරනු ලබනවා. වැඩි විස්තර සඳහා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලිපිය බලන්න.
ඉන්පසු ජේසුස් වහන්සේ අන්තිම රාත්‍රී භෝජනයේදී කළාක් මෙන් පූපත්, මිදියුෂත් ආශිර්වාද කරනු ලබනවා. වැඩි විස්තර සඳහා දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලිපිය බලන්න.
4. බොදුන් පිළිවෙත
ජේසුස් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක එතුමාගේ ගෝළයින් කළ ඉල්ලීමට අනුව දෙවිඳුන් නැමදීමට ජේසුස් වහන්සේ ඉගැන්වූ යාච්ඤාව තමයි ඊළඟට කියන්නෙ. ඒ 'ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි' යන යාච්ඤාව.
ජේසුස් වහන්සේගේ මරණින් පසු ඇතිවූ මුල්ම කිතුනු කණ්ඩායම් ඔවුන් අතර සහයෝගය පෙන්වීමක් විදිහට සිප වැළඳගැනීම කළාලු. අර හග්(hug) එක කියන්නෙ එන්න ඒක. ඉතින් මේ චාරිත්‍රය දිගටම පවත්වා ගෙන යාමක් හැටියට පැවැත්වෙන සාමය පැතීමේ අවස්ථාව තමයි ඊළඟට එන්නෙ. ලංකාවෙදි නම් හග් දීමක් වෙන්නෙ නෑ. 'ඔබට සාමය වේවා' කියලා දෙපැත්තෙ ඉන්න දෙන්නට දෑත් එකතුකරලා වඳින එකයි කරන්නෙ. හරියට ආයුබෝවන් කියනවා වගේ. සමහර රටවල ඒ ඒ සංස්කෘතියෙ හැටියට සිප වැළඳගැනීමත් අතට අත දීමත් කරනවාලු.
ඉන්පසු පියතුමා දිව්‍ය සත්ප්‍රසාද ලබාගන්නා අතර වෙනත් පැවිදි අය සිටිනවානම් ගිහියන්ට දිව්‍ය සත්ප්‍රසාද ලබාදීම සඳහා සහය වීමට පැමිණෙනවා. අනතුරුව ගිහියන්ට දිව්‍ය සත්ප්‍රසාද ලබාදීම සිදුවෙනවා.
සාමය පැතීම (ලංකාවේ විදිහ නෙමෙයි |
ජේසුස් වහන්සේගේ මරණින් පසු ඇතිවූ මුල්ම කිතුනු කණ්ඩායම් ඔවුන් අතර සහයෝගය පෙන්වීමක් විදිහට සිප වැළඳගැනීම කළාලු. අර හග්(hug) එක කියන්නෙ එන්න ඒක. ඉතින් මේ චාරිත්‍රය දිගටම පවත්වා ගෙන යාමක් හැටියට පැවැත්වෙන සාමය පැතීමේ අවස්ථාව තමයි ඊළඟට එන්නෙ. ලංකාවෙදි නම් හග් දීමක් වෙන්නෙ නෑ. 'ඔබට සාමය වේවා' කියලා දෙපැත්තෙ ඉන්න දෙන්නට දෑත් එකතුකරලා වඳින එකයි කරන්නෙ. හරියට ආයුබෝවන් කියනවා වගේ. සමහර රටවල ඒ ඒ සංස්කෘතියෙ හැටියට සිප වැළඳගැනීමත් අතට අත දීමත් කරනවාලු.
ඉන්පසු පියතුමා දිව්‍ය සත්ප්‍රසාද ලබාගන්නා අතර වෙනත් පැවිදි අය සිටිනවානම් ගිහියන්ට දිව්‍ය සත්ප්‍රසාද ලබාදීම සඳහා සහය වීමට පැමිණෙනවා. අනතුරුව ගිහියන්ට දිව්‍ය සත්ප්‍රසාද ලබාදීම සිදුවෙනවා.
5. අවසානය
අවසාන ආශිර්වාදය |
මම ඔය කිව්වෙ සාමාන්‍යයෙන් ඕනෑම දිව්‍ය පූජාවක පොදු ව්‍යූහය. ඒත් නත්තල් දින, මහ සිකුරාදා දින වගේ විශේෂ අවස්ථා වලදී යම් යම් කොටස් ඔය ව්‍යූහයටම එකතුවෙන්න පුලුවන්. මෙහෙම කෙටියෙන් කිව්වට මීට වඩා යාච්ඤා හා ගීතිකා ඇතුලත් වෙන බවත් මතක තියාගන්ට ඕනෑ.
ඔය සමහර විෂේෂ පූජාවල් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ ඇරෙන්න හරියා කියලා තියෙන දෑ ටික නම් අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා !
ReplyDeleteඋබට කියන්ඩ හරි... සමහරු ඉන්නවා පූජාවට එන්නේ සාමය ගෙන යන්ඩ ! හරියටම පූජාවට එන්නේ ඔබට සාමය වේවා කියලා කියන කොට !!
මමත් දැකලා තියෙනවා පූජාවට පරක්කුවෙලා එන කට්ටිය.. පරක්කුවෙලා ආවාට මොකද පල්ලිය ඇතුළට ඇවිත් බලන්නෙ ඉඳගන්න බංකු තියෙනවද කියලා..
Deleteඔහොම පරක්කුවෙලා එන්නෙම දුරඉඳන් එන අය නෙමෙයි..පල්ලිය අල්ලපු වැටේ අය.. ඒ මදිවට වාහනවල එන අය..
'යන්න සාමය ගෙන යන්න' කියනවෙලේ ආවා නම් ටක් ගාලා අරගෙනම යන්න තිබුනා...
මට මේ ටික පොඩි කාලේ ඉඳන්ම හුරුයි ඒත් මේ ලඟකදී ඉදං කිසි දෙයක් මතක නැහැ.ඉරිදට පල්ලි ගියාම පූජාව පටන් අරන් ඉවර වෙනකන්ම මම කල්පනා ලෝකෙක තනි වෙනවා.අතරින් පතර තමා පූජාවට අවධානය දෙන්නේ :)
ReplyDeleteඅප්පට සිරි . එහෙමද... මටත් එහෙමනේ බං , හෙන ගේමක් දීලා හිත එක්තැන් කරගෙන පුජාව අහන්නේ . එත් ටික වෙලාවක් යනකොට හිත වෙන කොහේ හරි දුවනවා..
Deleteනාඹර වයසනේ බං :P
Delete@ එම්. එන්. අයියා,
Deleteමේකනෙ මල්ලි ප්‍රශ්නෙ.. මල්ලිලා පල්ලි ගිහින් ඉන්නෙම එක්කො පල්ලියෙ කොරිඩෝවෙ.. නැත්නම් ජනේලයක් හරි දොරක් ගාව හරි හිටගෙන.. එතකොට ඉතින් 'ටුකුස් ටුකුස්' ගගා යන එන්නො ඔක්කොම පේනවනෙ..එතකොට ඇස් වගේම හිත යන්නෙත් වෙන වෙන තැන්වල.. මං කිව්වට පල්ලිය ඇතුළට ගිහිං බංකුවක වාඩිවෙලා බලන්නකො.. සිත එකඟ කරගෙන පූජාවට සහභාගි වුනෑකි..
@ chami4u,
Deleteමල්ලිත් උඩ කමෙන්ටුව බලන්න.. පල්ලිය ඇතුළට ගියානම් තරමක් දුරට ඕක ශේප්..
මම දන්නවා ඔය 'විසූක දස්සන' අතඇරලා උඹලා කීයටවත් යන්නෙ නැතිබව.. :)
ඔයා එහෙම කිව්වම ඒක ඇත්ත වෙන්න ඇති කියලා හිතුනා බං.හෙට පාන්දරම යන්න ඕන බංකුවක් අල්ලගන්න.
Delete@ එම්. එන්. අයියා,
Deleteබංකුවක් ලැබුනද?
සහෝ විශ්ව විද්‍යාලේ මොරටුවද ආහ්??
ReplyDeleteහ්ම්... ඔබ හරි !
Deleteහ්ම්ම්..
Delete@ මධුරංග,
Deleteමොකද හ්ම්ම් හ්ම්ම් ගාන්නෙ හිරුහිමාවීගෙ ලෙඩේ බෝවෙලද?
මම නම් ඉස්සර පල්ලියේ ගීතිකා කියන්නත් හිටියා..නියමයි ඒ දවස්!! :)
ReplyDeleteඔන්න මම අල්ලගන්න බලාගන්න හිටපු කෙනෙක් අහුවුනා.. මේ ගීතිකා කණ්ඩායම් ගැන විස්තර ටිකක් කියන්නකො..
Deleteමම ගීතිකා කණ්ඩායම් ගැන දන්නෙ මෙච්චරයි.. ඒගොල්ලො සාමාන්‍යය පූජාවක් දවසට ගීතිකා කියනවා.. ගායනා පූජාවක් දවසට හූ කියනවා..
කමෙන්ට් එකකින් බැරිනම් පෝස්ට් එකකින් හරි විස්තර ටිකක් කියන්න පුලුවන් නේද?
කාලෙකින් පුජාවකට සහබාගි වුනේ....
ReplyDeleteඔය කාලිස් පාත්තරයක් දෙනෝදාහක් ඉදිරියේ බිම වැට්ටවීමේ අවමානයට මම ප්‍රාප්ත වෙලා තියනවා.. කොහොමද නෝන්ඩිය..? මතක් වෙද්දි දැනුත් ලැජ්ජයි.. :-)
මම තිබ්බ පූජාවටද? :)
Deleteකාලිස් පාත්‍රය වැට්ටවීම නම් එවලේම පටිසන් දෙන පාප කර්මයක්.. කෑලි කෑලි වෙන්වෙලා යනකොට වටේ පිටේ මිනිස්සු කන්න වගේ බලන්නෙ ඒක කැඩුවා වගේ..
ගොඩක් පඬුරු පෙරහැර වලදී තමයි ඔය දේ වෙන්නෙ.. බොහෝ අය ඉහළින් අත තබා නොගැනීම නිසා පාත්‍රය අතේ ඉතුරුවෙද්දි අනෙකුත් ආම්පන්න බිම වැටෙන්න පුලුවන්..
සෙන්නා පූජා උදව් කොලුවෙක් වෙලා ඉද්දි වෙච්ච වැඩක් වෙන්ටැ..
නැතුව නැතුව.. ලෝගුව ඇඳගනමයි බිම අතෑරියේ... :-)
Deleteඅර යාළුව කියපු වචනය "ප්‍රවාරණය" වෙන්න ඕනෙ මගෙ හිතෙ. මධුරංග කිව්ව වගේ විශේෂ පූජා වලදි පොඩි පොඩි වෙනස්කම් තිබ්බත් සාමාන්‍යය පූජාවක තියෙන්නෙ මේ අංග ටික. සාමය පැතීමෙදි රටින් රටට වෙනස් තමා . මෙහේ අපි අතට අත දෙනව.
ReplyDelete"හැන්දෑවට සිල් අයින් කරගෙන"
Deleteමෙතනට යෙදෙන වචනේ සිල් "පවාරණය". උදේ සිල් ගන්නවා කියලා කිව්වට ඒකට යෙදෙන්න ඕන වචනේ "සමාදන් වීම"
මෙහේ කිව්වේ ඔය කොයි යහද අතට අත දෙන්නේ ???
Delete@ රෝස කුමාරි,
Deleteදවසක සාමය පතද්දි වැඳලා බලන්න.. දේදුනු පාලම ලියන නික්කි කලින් දවසක මට කිව්වා එහෙ පල්ලියෙදි සාමය පතන්නෙ පින්තූරෙ විදිහට හග් කරලලු.. ඉතින් එයා පල්ලියෙ වාඩිවෙද්දි දෙපැත්තෙ දෙන්න ගැන සැලකිල්ලෙන්ලු වාඩි වෙන්නෙ..
@ හසිත,
Deleteනිවැරදි වචන කියා දුන්නාට ස්තුතියි.. වචන වැරදියට යෙදීමෙන් අගෞරවයක් සිදුවූයේ නැතැයි සිතනවා..
@ මධුරංග,
Deleteහඳ අල්ලපු අහ..
හරී කිව්වනෙ ඉතින් මන් ඉන්න අහ.... ජෙරුසෙලමෙ එහෙමත් කෙරෙන්නෙ වැලදගැනීම.
Deleteහරි ඔයාගේ යාළුවා නියමේට සිල් ගන්න කොට කරන දේවල් කියලා දිලා තියනවනේ,
ReplyDeleteපල්ලියේ පූජාව කරන හැටි මම දැකලා තියනවා
ඒක තමයි.. මිනිහා කියන්නෙ ඕකමනෙ.. පූජාවට ගිය මතකය අලුත් වෙන්නැති..
Deleteසිල් ගැනීමෙන් පස්සේ අත්තවශයෙන්නම් පසුවදා උදේ වනතුරු පන්සලේ රැඳී සිට එක දිනක්වත් ඒ ශීලය රැකීම තමයි වඩාත් නිවැරදි. දැන් ඉතිං කාර්ය බහුල ජීවිතයක් ගත කරන අයට ඒවා කරන්න අමාරු නිසා තමයි උදේ සිල් අරගෙන හවස සිල් 'පවාරණය' කරන්නේ. (සීලයෙන් මිදෙන්නේ) සමහර අය හිතාගෙන ඉන්නේ හාමුදුරුවෝ කියන කියන සිල් පදය තමනුත් කියලා, පන්සලට වෙලා දවස ගත කරලා, හවස ගෙදර ඒම තමයි සිල් ගැනීම කියලා. නමුත් සිල් ගැනීම ධර්මාවබෝධයෙන් කලයුතු පුණ්‍ය ක්‍රියාවක් විනා හුදු අනුකරණයක් නොවේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
@ විචාරක
Deleteසිල් සමාදන් වීම කොටස් දෙකකට සිද්ධ වෙනවානේ. උදෑසන සිල් සමාදන් වෙද්දී "අජ්ජ ඉමං දිවසං" කියනවානේ. එතකොට ඒ සිල් අද දිවා කාලය පුරාවට රක්ෂා කරන්න පොරොන්දු වෙනවා. රාත්‍රී භාගයේත් සිල් සමාදන් වෙන්න කැමති අයට නැවත වරක් සිල් සමාදන් කරවලා "අජ්ජ ඉමං ච රත්ති" කියන රාත්‍රී කාලයේ සිල් රක්ෂා කරන්න වෙන පොරොන්දුව හාමුදුරුවෝ ලබා දෙනවා
@හසිත,විචාරක,
Deleteඇයි ඔය දෙන්නගෙන් කවුරු හරි මේ ගැන පෝස්ටුවක් ලියන්නැත්තෙ..හරී වගේම ගොඩක් අය කැමති වේවි ඒ ගැන දැනගන්න..
දහම් පාසලේ 8 ශ්‍රේණියෙ පොතේ නම් මේ ගැන වැදගත් පාඩමක් තිබුනා මතකයි...
@ විචාරක,
Deleteනිවැරදි කළාට ස්තුතියි. පන්සලේ රාත්‍රියේ සිල් ගන්න අයත් ඉන්නවාද? තව හතර පෝයටම සිල්ගන්නවා කියන කතාවක් අසා තිබෙනවා. පසළොස්වක හැර අනික් පෝය දිනවලත් සිල් සමාදන් විය හැකිද?
@ හසිත,
Deleteඑතකොට අපි සමාදන් වුන සීලය රැකිය යුත්තේ පවාරණය කරනතුරු විතරද?
@රූ,
Deleteමාත් හිතනවා ඒක තමයි හොඳම දේ කියලා.. හැබැයි සරලව ලියන්ට..
අනේ මට දීර්ඝ ලිපියක් ලියන්න වෙලාවක් නැහැ හසිත. ඔයාට අමාරුද එය කරන්න. මම මගේ කමෙන්ට් ඒකෙන් අදහස් කලේ අපි පුන්චි කාලේ වගේම තරුණ කාලෙත් දැක්කේ එක රැයක් පන්සලේ රැඳී සිට සිල් ගැනීමයි. ඒ නිසයි මම කිව්වේ අද කාර්ය බහුල ජීවිත නිසා එසේ නොකරන බව. හරී, රාත්‍රියේ සිල්ගැනීම නෙවෙයි කරන්නේ උදේ සිල්ගෙන නැවතත් අර හසිත කියා තිබුණු ආකාරයට සීලය අලුත් කරනවා රාත්‍රී කාලය සඳහා. පසළොස්වක පෝය වගේම, පුර අටවක, අව අටවක, අමාවක, කියන පෝය දවස් වලත් සිල් ගන්න පුළුවන්. (ඕනෑම දිනක සිල්ගන්න පුළුවන් ඒ සඳහා සුදුසු ස්ථානයක් සහ සිල්දීමට ස්වාමීන් වහන්සේනමක් ඉන්නවානම්. තමන්ට නිවසේදීත් එසේ කලහැකියි තමන්ම සිල්පද කියලා. හැබැයි සීලය හරියට රැකිය යුතුයි කොහෙදිත්) අපි අටසිල් සමාදන්වීමේදී පිළිපදින සමහර සිල් පද සාමාන්‍ය ජීවිතයේ කටයුතු වලදී රකින්න බැහැ. උදාහරණ:- අටසිල් වලදී මෙන්න මේ පොරොන්දු ඉටු කරනවා. තමන්ට සුදුසු අසුනක වාඩිවෙමි (නමුත් බස් එකේ යද්දී අපට ස්වාමීන් වහන්සේලා සමග එකම අසුනේ යන්නට වෙන්න පුළුවන්. සිල් අරගෙන එහෙම බැහැ)සිල් ගත්තම පොරොන්දු වෙනවා සුවඳ විලවුන් විවිධ ආලේපන ගල්වන්නේ නැහැ කියලා. නමුත් එදිනෙදා ජීවිතයේදී ඒවා කරන්න වෙනවා. සිල් ගත්තම පොරොන්දු වෙනවා නැටුම් ගැයුම් විහිලු දසුන් බලන්නේ අහන්නේ නැහැ කියලා. සාමාන්‍ය ජීවිතයේදී අපි ඒවා අහනවා බලනවා. අවේලාවේ (හිරු අවරට ගිය පසු) ආහාර නොගනිමි කියලා පොරොන්දු වෙනවා ( ඒ වගේම රාත්‍රියේදී කොහොමටවත් ආහාර ගන්නෙත් නැහැ අටසිල් ගත්තම, භික්ෂූන් වහන්සේලා වගේ)නමුත් සාමාන්‍ය ජීවිතයේදී අපි දවල්ට කන්නේ සමහරවිට හවස්වෙලා. රෑට අනිවාර්යයෙන් කනවානේ. ඉතින් සිල් පවාරණය කරනවා කියන්නේ නැවතත් අපි සාමාන්‍ය විදිහට පංච ශීලය රැකීමට පොරොන්දු වීමයි. හසිත මෙහි තිබෙන අඩුපාඩු සම්පූර්ණ කරනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
"අවුරුද්දේ එක් එක් කාලයන් අනුව මේ ඇඟලුමේත් ස්ටෝල් පටියේත් වර්ණය තීරණය වෙනවා. උදාහරණයකට කිව්වොත් චතාරික කාලයෙදි අඳින්නෙ දම් පාට. වර්ණය යොදා ගැනීමත් යම් තේරුමක් ඇතුව තමයි සිදුවෙන්නෙ"
ReplyDeleteමේ ගැන තව ටිකක් කියමුද ??
"කාලිස් පාත්‍රය"
ආතර් රජතුමා සහ වට මේස නයිට්වරු ජේසුතුමා කුරුසයේ ඇණ ගසපු වෙලාවේ වැටුණු රුධිරය එකතු කරපු කාලිස් පාත්‍රය නේද හොයාගෙන යන්නේ ??
පාට 6ක් පිළිබඳව තමයි මගේ මතකේ හැටියට මම දන්නේ.
Deleteසුදු, රතු,දම්, කොළ,ඕල්ඩ් රෝස්, කළු
සුදු- නත්තල් සාමය හා අලෙලුයියා ඉරිදා(easter), මරියතුමියගේ මංගල්‍ය වලදී,සාන්තුවරයන්ගේ මංගල්‍ය
මෙහි අදහස පාරිශුද්දත්වය.
රතු- ලේ වල පැහැය. ජේසුගේ දුක්විදීම සිහි කිරීම, මහා සිකුරාදා, අපෝස්තුලු වරයන්ගේ මංගල්‍ය වලදී. පළමු පෙන්තකොස්ත දිනයේදී ගින්දර සිහි කිරීම මෙහි අදහසයි.
දම්- චතාරික සමයේදී, පශ්චාත්තාපයේ සලකුණයි.
කොළ- සශ්‍රිකත්වය පිලිබිබු කරයි. (ගස් වල කොළ පිදීම) බලාපොරොත්තුවේ සලකුණයි.ඉරිදා දිනවල (පෙන්තකොස්ත දිනයට පසුව එන.පෙන්තකොස්ත දිනය යනු යුදෙව්වන්ගේ අස්වනු කපාගන්නා දිනයයි.)
ඕල්ඩ් රෝස්- Fourth sunday before Easter.කොරෝස්ම කාලයේ 4 වන ඉරුදින
කළු - මරණයේ සහ දුක්විදීමේ පැහැය. මහසිකුරාදා තෝරාගත් පුජකතුමන්ලා අඳිනු ලබයි.
(වැරදිනම් නිවැරදි කරන්න)
@ hasitha, වර්ණා,
Deleteවර්ණාගේ වර්ණ පිළිබඳ විස්තරය හරි.. ඉන්ටකො මම මුල ඉඳන්ම කියන්ඩ..
කතෝලිකයන්ගේ අවුරුද්ද(Liturgical year) කොටස් කීපයකට බෙදිලා තියෙනවා..
ආගමන කාලය- ජේසුස් වහන්සේගෙ උපතට සූදානම් වීමේ කාලය
නත්තල් කාලය
සාමාන්‍යය සමය -
චතාරික කාලය- ජේසුස් වහන්සේගෙ දුක්විඳීම සමරන කාලය
උත්ථාන සමය- ජේසුස් වහන්සේගෙ මරණින් නැගිටීම සමරන කාලය
ඉතින් ඒ ඒ කාලවලට අදාළ වෙන දේවල් තියෙනවා.. උදාහරණයකට කියනවා නම් චතාරික කාලයේදී පසුතැවිලි වීම වගේ..
එතකොට පසුතැවිලි වීම සංකේතවත් කරන වර්ණය 'දම්'නෙ. ඒක නිසා චතාරික කාලයේදී දම් වර්ණය යොදාගන්නවා..
තේරුනා නේද?
පොතේ හැටියට ඔහොම වුනත් ඕල්ඩ් රෝස් හා කළු භාවිතා කරනවා මම දැකලා නෑ.. සමහර විට කළු භාවිතා නොකරන්නෙ සමකාසන්න රටක් නිසා විය හැකියි..
@ hasitha,
Delete"ආතර් රජතුමා සහ වට මේස නයිට්වරු ජේසුතුමා කුරුසයේ ඇණ ගසපු වෙලාවේ වැටුණු රුධිරය එකතු කරපු කාලිස් පාත්‍රය නේද හොයාගෙන යන්නේ ??"
මේ කියන්නේ පුරාවෘතයක් නේද? වැඩි විස්තර නොදනිමි.
ඕල්ඩ් රෝස් බාවිතා කරනවා රදගුරු තුමා. කළු ත් මම දැකලා නැහැ.
Deleteඔබේ මෙ ලිපි පෙලම මට නම් හරිම වැදගත්..බෞද්ධ අපි මේවා ගැන එහෙන් මෙහෙන් නෙ දන්නෙ..මම වයිෆ් එක්ක කීප වතාවක් පල්ලි වලට ගිහින් තියෙනවා..දැන් දන්නවා සේරම ටික..
ReplyDeleteස්තුතියි වෙනි අයියේ.. එහෙන් මෙහෙන් දන්න ඒවා හරියට දැනගන්න ආයෙ මෙහෙ එන්න.. :) මම හිතන්නෙ වෙනි අක්කා කතෝලික..
Deleteහරී, තාම මම ඉල්ලපු පෝස්ට් එක දැම්මෙ නෑනෙ. හයියෝ ඒක දාන්ඩකෝ..Half mass/Full mass
ReplyDeleteමොකෝ කසාද බඳින්නවත් යනවද මන්දා.
Deleteඔය හාෆ් මාස් දෙන්නේ ගොඩක් වෙලාවට අන්‍යාඅගමික කෙනෙක් එක්ක කතෝලිකයෙක් විවහා උනහම. කතෝලික දෙන්නෙක්ම විවහා වෙනකොට ෆුල් මාස් !!!
එතනින් එහාට මම් දන්නේ නෑ.
ඔව් ඔව්.. පිණිබිඳු බදින්න ලඟයිනෙ. බ්ලොග් එකේ ප්‍රී වෙඩින්ග් නාඩගම් එහෙමත් දාල තිබුනෙ. මට ලැබුනෙත් ඉතින් හාෆ් මාස්. ඔය ප්‍රධාන පූජාවෙන් කොටස් කීපයක් අඩු වෙනව.දන්න තරමින් ලංකාවෙ විතරයි ඔය හාෆ් මාස් ක්‍රමේ තියෙන්නෙ.
Delete@ පිණිබිඳු...,
Deleteපුදුම හදිස්සියක්නෙ අක්කට තියෙන්නෙ.. හරි හරි ඔන්න ඊළඟ පෝස්ට් එකෙන් කියන්නම්..
@ මධුරංග, රෝස කුමාරි,
Deleteපිණිබිඳු අක්කා වෙඩින් එකට ලෑස්ති වෙනවා වගේ..
අද මම කිව්වෙ දිව්‍ය පූජාව ගැනනෙ.. ඒක තමයි මාස්(mass) කියන්නෙ.. භාවිතාව කොහොම වෙතත් half mass, full mass විදිහට දිව්‍ය පූජාව භාගෙට තියන්න බෑ.. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කරනවානම් ඒක දිව්‍ය පූජාව.. නැතිනම් දේව මෙහෙයක් පමණයි.. මිශ්‍ර විවාහයකදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීමක් නොවන නිසා එය දිව්‍ය පූජාවක් නෙමෙයි.. දේව මෙහෙයක් පමණයි.. ඉතින් හාෆ් මාස් කියනවාට වඩා නිවැරදි වචනය mixed mass.. මේක ලංකාවෙ විතරක් තියෙන දෙයක් නොවෙයි.. ආගම් දෙකක් අතර විවාහ සිදුවන ඕනෑම විටක මිශ්‍ර විවාහ පැවත්වෙනවා..
හරි ට එකගයි. හාෆ් මාස් ෆුල් මාස් කියලා දෙයක් නැහැ
Deleteස්තුතියි හරී..
ReplyDeleteමටත් කාලයක් තිස්සේ තිබුන ප්‍රශ්නයක්..ඇයි කිතුණු අය ඉරිදාට පල්ලි යන්නෙ කියන එක..
අක්කගෙ ප්‍රශ්නෙට උත්තරේ දැන් දෙන්නම්.. අපි විශ්වාස කරනවනෙ දෙවියන් වහන්සේ ලෝකය මැව්වා කියලා.. දවස් හයකදී ලෝකය මවලා හත්වෙනි දවසෙ නිවාඩු ගත්තලු.. ඒක නිසා එදා ඉඳන්ම දෙවියන් උපහාරයක් හැටියට සතියේ හත්වෙනි දවසෙ තමුන්ගෙ වැඩ වලින් මිදිලා දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ දවස කැප කළාලු.. ඒ කරගෙන ආපු චාරිත්‍රය නිසා තමයි ඉරිදට පල්ලි යන්නෙ..
Deleteඒක පනතකින්ම නියම වෙලා තියෙනවා..
හොද විස්තරයක්... ඉස් ඉස්සෙල්ලාම විවාහ උත්සවයකට පල්ලියකට ගිය සිරාට එදා දැනුනු චමත්කාරය තවම මතකයි.. හැමදේම හොදින් සංවිධානය වෙලා කරද්දි ලස්සනයි.. පුලුවන් නම් විවාහ දින චාරිත්‍ර පිළිබදවත් ලියන්න.. ජය!
ReplyDeleteසිරාට ඒක අලුත් අත්දැකීමක් වෙන්න ඇති.. ඊළැඟ පෝස්ට් එකෙන් ඒක ගැන ලියන්නම්..
Deleteජයෙන් ජය!
මේ පන්සලේ සිදුවන දේත්, පල්ලියේ සිදුවන දේත් එක සමානයි. ඒ ක්‍රියා පිලිවෙල සහ භාවිතා වන වචන විතරයි වෙනස් .ආගමික සහජීවනය ඔබ දන්සැලක් දීමෙන් සහ මේ දේවල් කියා දීමෙන් පැහැදිලි වෙනවා
ReplyDeleteමම හිතන්නෙ ආගමික සහජීවනය කියන්නෙ මේ කාලයේ ඇතිවිය යුතුම දෙයක්.. ජාතීන් ජාතීන් අතර තිබී ප්‍රශ්න නිසා තිස් වසරක් බැට කෑ අපි ආගම් ආගම් අතර ප්‍රශ්න ඇතිකරගතයුතු නෑ නේද?
Deleteසිල් පවාරනය වෙනවා. සිල් අයින් කරනවා නෙවෙයි.
ReplyDeleteනිවැරදි වචනය කලින් දැනසිටියෙ නෑ මල්ලි.. ස්තුතියි!
Deleteනොදන්නා යමක් දැනගත්තා ඉස්තුතියි ඔබට .....
ReplyDeleteලියන ඒවා කියවලා කමෙන්ටුවක් කොටලා දෙන තල්ලුවටත් ස්තුතියි!
Deleteස්තුතියි හරී ... කිතුනු පල්ලියක දේව පූජාවක සිද්ද වෙන දේ මම අද තමයි හරියටම දැන ගත්තේ. අපේ පන්සල් වලත් ආගමික කටයුතු නියමිත පිලිවෙලකට සිද්ධ වෙනවා. හැම ආගමක්ම මිනිස්සුන්ට පිළිවෙලක් ඇතිව යමක් කරන්න උගන්නනවා. ඒත් ඒවා තමන්ගෙ ජීවිතේට එකතු කරගන්නෙ බොහොම ටික දෙනයි.
ReplyDeleteගාමිණී මහතාව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් අඩවියට...
Delete"ඒත් ඒවා තමන්ගෙ ජීවිතේට එකතු කරගන්නෙ බොහොම ටික දෙනයි."
අපේ රටේ හාමුදුරුවරු බණ කියනා හැටියට පියතුමන්ලා දේශනා තියෙන හැටියට ඒවා මිනිස්සු අහනවා නම් අපේ රට කොතන තියේවිද?
මෙහෙම දෙයක් දන්නේ නැහැ. පුජාව තියෙනවා කියල තිතන් හිටියේ විශේෂ දවස් වලට විතරයි කියලා.. මේ කාලෙට අවශ්‍යම ආගමික සහජීවනය.
ReplyDeleteමේ පොස්ට් එකට අදාල නොවෙන ප්‍රශ්නයක් අහන්නම් දන්නා කාලෙක ඉඳල මම හොයනවා ක්‍රිස්තියානි මිතුරන්ගෙන් ඇහුවත් හරියට විස්තර කියන්න දැනුමක් තිබ්බේ නැහැ. " කුරුස යුද්ධය කියන්නේ මොකක්ද?"
මමනම් ආලා නැහැ. එහෙම වචනයක්.
Delete@ අසර්,
Deleteඑක් එක් දේවස්ථානවල සතියේ වැඩපිළිවෙලට අනුව සෑම දිනකම පාහේ දිව්‍ය පූජාවන් පැවැත්වෙනවා.. නමුත් කතෝලිකයන්ට යාමට අනිවාර්‍යය වනුයේ ඉරිදා දිව්‍ය පූජාවටත් සමහර විශේෂ දිනවල පූජාවන්ටත් පමණයි..
ජේසුස් වහන්සේ ජුදා ජාතිකයෙකු බව අසර් දන්නවා ඇති.. එතුමා ජීවත්වූයේ වර්තමාන පලස්තීනය, ඊශ්‍රායෙලය ප්‍රදේශයේ.. අසර්ලා දඹදිව වන්දනාවේ යන්නාක් මෙන් කතෝලිකයනුත් ශු. දේශය (ජේසුස් වහන්සේ ජීවත්වූ ප්‍රදේශය) වන්දනාවේ යනවා.. නමුත් 11 වන ශතවර්ෂයේදී මුස්ලිම්වරුන් කතෝලිකයන්ගේ පැමිණීම තහනම් කරනවා.. මෙයින් කිපෙන යුරෝපයේ ක්‍රිස්තියානි සභාත් රෝමානු කතෝලික පල්ලියත් ඔවුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා.. ඒ ඇතිවූ යුද්ධ මාලාවට තමයි කුරුස යුද්ධ(crusades) කියන්නෙ..
මම එළකිරියෙදි දැක්ක ලිපි තුනක ලින්ක් දාන්නම්.. ඒවා කියෙව්වනම් හොඳටම තේරෙයි..
http://www.elakiri.lk/forum/showthread.php?t=1435888
http://www.elakiri.lk/forum/showthread.php?t=1105670
http://www.elakiri.lk/forum/showthread.php?t=1130546
@ වර්ණා,
Deleteඔය ලිපි කියවලා බලන්න..
කටාර්වලදී නම් නිතර දෙවේලේ පල්ලියට යනවා. ඒ හින්දා මේ ගැන දැකලා තිබුණට දැනුමක් ලැබුනේ අද. ඒත් මම උපතින් බෞද්ධ. එහෙම උනත් ඉතින් මොනම ආගමකවත් පවු කරන්න කියන්නේ නෑ නේ. ඒ නිසා මටනම් පන්සලයි පල්ලියයි දෙකම එකයි. හිතට සැහැල්ලුවක් ගන්න මම ඔය කොහෙත් යනවා.
ReplyDeleteමුස්ලිම් රටක් වෙච්ච කටාර් වලත් පල්ලි තියෙනවද? ආගම් වලින් ගොඩක් දුරට සිදුවෙන්නෙ අපේ හිත්වලට සහනයක් දීම තමයි..
Deleteගොඩක් ලොකු දැනුමක් ලැබුණා, එකම එක දවසක් පල්ලියේ පූජාවකට ඉඳලා තියෙනවා, නත්තලක. ගීතිකා ටික තමයි මගේ හිත ගත්තේ ගොඩක් ම.
ReplyDeleteහිතයන ගීතිකාත් තියෙනවා.. කන් පැලෙන එව්වත් තියෙනවා.. කෝ මේ හිරුහිමාවි සද්ද නෑනෙ..නැත්නම් ගීතිකා ගැන අහගන්න තිබුනා..
Deleteස්වර්ගයේ වැඩසිටින අන්කල් කියල කෙනෙකුත් ඉන්නවා.එයා පුජාවට එන්නේ ස්වර්ගයේ වැඩසිටින කියන වෙලාවට. ගීතිකා කණ්ඩායම ගැන ටිකක් වර්ණනා කරන්නකෝ.
ReplyDeleteපරක්කුවෙලා එන අය වගේම පුරුද්දට වගේ කලින් යන අයත් ඉන්නවා. ගීතිකා කණ්ඩායමක නොහිටපු මං ඔව්වා දන්නේ නෑනෙ.. හිටපු කෙනෙක්ම තමයි ස්වයං වර්ණනාව කරන්න ඕනෙ..
Deleteමම බෙද්ධයෙක්... ඒ වුනාට මමත් ඔය දේව පූජාවලට සහභාගි වෙලා තියනවා මොකද අපි කොම්පියුටර් කොස් එක කළේ දොන් බොස්‍කෝ ආයතනයේ ඉතින් හැම පුජාවටම අපිත් සහභාගි වෙන්න ඕන.. අපි ගීතිකා කියලා තියනවා... හරි ෂෝක් ෆාදර්සා යාඥා කරන විදිහ හරි අමුතුයි... ඒත් බලන් ඉන්න ආසයි... ඔක්කොටම වඩා ගීතිකා තමයි ෂෝක්... තාමත් කට පාඩම්...
ReplyDeleteඉහලින් කමෙන්ට් කරැති බොහෝදෙනා මෙන් බෞද්ධයෙක් වුවත් ආගම් භේද නොසළකා කමෙන්ට් කිරීම අගය කරන්න කැමති.. ඒ වගේම මගේ බ්ලොගයට සාදරයෙන් පිළිගන්නවා...
ReplyDeleteබොහොම වටිනා ලිපියක්. හොඳට ලියලා තියෙනවා. මේක කියෙව්වට පස්සේ මට හිතෙනවා විකා පූජාකර්මයක් ගැනත් මේ විදියට ලියන්න. ඒත් හැම දෙයක් ම ලියන්න බෑ, රහස් කොටස් අත් හැරල තමයි ලියන්න වෙන්නේ.
ReplyDeleteවිකා වල පූජාකර්ම මේකට බොහෝ දුරට සමානයි. අරමුණු සහ විශ්වාසයන් තමයි වෙනස් වෙන්නේ. විකා වල අපි Chalice උච්ඡාරණය කරන්නේ "චැලිස්" කියලා. අවුරුද්දේ ඒ ඒ කාල අනුව බොහෝ දේවල් වෙනස් වෙනවා, පූජා කර්මයේ අරමුණ සම්පූර්ණයෙන් ම පදනම් වෙන්නේ අවුරුද්දේ ඒ ඒ සමය අනුවයි. ඒත් අල්තාරය මත තියෙන දේවල් පවා බොහෝ දුරට සමානයි.
මට කියන්න පුළුවන් ද අල්තාරය දෙපැත්තේ තියෙන ඉටි පන්දම් "දෙකෙන්" නිරූපනය වෙන්නෙ මොනවද කියලා.
//විකා පූජාකර්මයක් ගැනත් මේ විදියට ලියන්න.// විකා කියන්නෙ මොන ආගමකට සම්බන්ධ දෙයක්ද? වූඩූ වගේ ගුප්ත පූජා ක්‍රමයක්ද? අහලාවත් නැති නිසයි අහන්නෙ..
Deleteමම බ්ලොග පැත්තෙ එන්නම් ඒ ගැන කියවලා බලන්න.. මේ විස්තර ටික අනුව විකා කියන්නෙත් ජේසුස් වහන්සේට සම්බන්ධ දෙයක්දෝ කියලත් හිතෙනවා.. එන්නම්කො කියවන්න..
ඉටිපන්දම් වලින් ජේසුස් වහන්සේව නිරූපණය වෙනවා කියලත් සඳහන් වෙනවා. ඉටිපන්දමෙන් උන් වහන්සේගේ ශරීරයත්, තිරයෙන් ආත්මයත්, දැල්ලෙන් දේවානුභාවයත් නිරූපණය වෙනවාලු. කොහොමවෙතත් දිව්‍ය පූජාව වෙලාවේදී අල්තාරය මත කුරුසියක් හා ඒ දෙපස දැල්වූ ඉටිපන්දම් දෙකක් තියෙනවාමයි..