ජීවිතේ කවියක් කියන උන්ගෙ කට කන්ඩ හිතෙනවා. ජීවිතේ කට්ටක්. දැන් බලන්ඩ ඉස්කෝලෙ යන එකම මොන කට්ටක්ද? 'උදය ම පුබු දී
මුහුණට දිය දී' මේස් බැනියම් හොය හොය ගේ වටේ දඟලලා පොත් ටික එහෙන් මෙහෙන් එකතු කරාන ගෙදර වැඩත් උඩින් පල්ලෙන් කරාන ඉස්කෝලෙ යන එක මොනතරම් කට්ටක්ද? ගෙදර ඉඳන් ඉස්කෝලෙට තිබ්බ දුර කිලෝමීටරේට අඩුවුනාට ඒ පාරෙ සෑහෙන කොටසක් කැලේ නිසාම පොඩිකාලෙ අම්මා මාව තනියම යැව්වෙ නෑ. ඔන්න ඔය කාලෙම තමයි අපේ අම්මට මල්ලී ලැබෙන්න හිටියෙ. ඉතින් මට කට්ට+ හෙවත් පස්ට කට්ට ලැබුනා. තාත්තා වැඩපොළට ගියෙ උදේ 6ට. ඉතින් තාත්තටවත් මාව ඇරලවන්න වුනේ නෑ.
මේකට යොදපු පිළියම තමයි ඇන්ටි කෙනෙක්ට මාව ඇරලවීම භාරවීම. වැඩේ කියන්නෙ මේ ඇන්ටි හිටියෙ ඉස්කෝලෙට අපිට වඩා දුරවෙච්ච අපේ ගමේ ලොකුඅම්මලාගෙ ගෙවල් ගාව. ඉස්කෝලෙ යන්න ළමයි අරන් ආවෙ අපි ඉන්න පාරෙනුත් නෙමෙයි. ඉතින් උදේ පාන්දර තාත්තා වැඩට යන්ඩ නැගිටින වෙලාවට නැගිටලා බඩු මලු කරේ බැඳන් තාත්තගෙ පුටාර් එකෙන් ගමට යන්න ඕනෙ. ඊටපස්සෙ එහෙ ලොකුඅම්මලාගෙ ගෙදර ඉඳන් ලෑස්තිවෙලා අර ඇන්ටිත් එක්ක දුරුකතර ගෙවාගෙන පයින්ම ඉස්කෝලෙ යනවා. ආපහු දවල්ට ඇන්ටිත් එක්කම ලොකුඅම්මලාගෙ ගෙදර එනවා. ඇවිත් තාත්තා වැඩ ඇරිලා එනකම්ම එහෙට වෙලා ලතවෙන්න ඕනෙ. අනිත් ලොකු අම්මලාගේ ගෙදර ඊට අල්ලපු ගෙදර නිසා ඒ ගෙදරත් ලතවුනා. මව් පිය දෙපාර්ශවයම ඉඳගෙන නිකමටවත් මාව ගෙදරට නොඇරලවපු නෑයෝ මතක් වෙනකොට අදටත් හිතට දුකයි. කොහොමහරි ඇන්ටිට බූට් එක තියලා මම තනියම ගෙදර ආව දවසේ ඉඳන් මාසිකව ඇන්ටිට ලැබුනු රු.50ට කෙළවුනා. මම පයින් යන දුර අඩුවුනා. නිදාගන්න වෙලාව වැඩිවුනා.
මේකට යොදපු පිළියම තමයි ඇන්ටි කෙනෙක්ට මාව ඇරලවීම භාරවීම. වැඩේ කියන්නෙ මේ ඇන්ටි හිටියෙ ඉස්කෝලෙට අපිට වඩා දුරවෙච්ච අපේ ගමේ ලොකුඅම්මලාගෙ ගෙවල් ගාව. ඉස්කෝලෙ යන්න ළමයි අරන් ආවෙ අපි ඉන්න පාරෙනුත් නෙමෙයි. ඉතින් උදේ පාන්දර තාත්තා වැඩට යන්ඩ නැගිටින වෙලාවට නැගිටලා බඩු මලු කරේ බැඳන් තාත්තගෙ පුටාර් එකෙන් ගමට යන්න ඕනෙ. ඊටපස්සෙ එහෙ ලොකුඅම්මලාගෙ ගෙදර ඉඳන් ලෑස්තිවෙලා අර ඇන්ටිත් එක්ක දුරුකතර ගෙවාගෙන පයින්ම ඉස්කෝලෙ යනවා. ආපහු දවල්ට ඇන්ටිත් එක්කම ලොකුඅම්මලාගෙ ගෙදර එනවා. ඇවිත් තාත්තා වැඩ ඇරිලා එනකම්ම එහෙට වෙලා ලතවෙන්න ඕනෙ. අනිත් ලොකු අම්මලාගේ ගෙදර ඊට අල්ලපු ගෙදර නිසා ඒ ගෙදරත් ලතවුනා. මව් පිය දෙපාර්ශවයම ඉඳගෙන නිකමටවත් මාව ගෙදරට නොඇරලවපු නෑයෝ මතක් වෙනකොට අදටත් හිතට දුකයි. කොහොමහරි ඇන්ටිට බූට් එක තියලා මම තනියම ගෙදර ආව දවසේ ඉඳන් මාසිකව ඇන්ටිට ලැබුනු රු.50ට කෙළවුනා. මම පයින් යන දුර අඩුවුනා. නිදාගන්න වෙලාව වැඩිවුනා.
ඔය කාලෙම අපේ ලොකු අම්මලා කරපු හෝටලය වහලා දැම්මා. හෝටලයේ තිබ්බ බඩු ඔක්කොම ගෙදරට ගෙනැවිත් තිබුනා. පිඟන්, මේස, රාක්ක, කැබිනට් සේරම. මේස එහෙම අව්වට වැස්සට තෙමි තෙමී පිළිකන්නෙ ගොඩ ගහලා තිබ්බෙ තියන්න ඉඩ නැතුව. එතකොට තමයි මගෙ චූටි මොළේට වැටහුනේ මට ඉස්කෝලෙ වැඩ කරන්න මේසයක් නැතිබව. 'අනේ ලොකුඅම්මෙ, මට ඉස්කෝලෙ වැඩකරන්න මේ මේසයක් දෙන්නකො' දවසක් මගේ කටින් මොළේට වැටහුන දේ පිටවුනා. ලොකු අම්මට ඇහුනෙ නෑ වගේ. හතර පස් පාරක් කිව්වත් එයා වෙන කල්පනාවක ඉන්නවා කියලා හිතිච්ච නිසාම ඊටපස්සෙ කියන්න ගියෙ නෑ. ටික දවසකින් එක එක මේස මාමලාගේ ගෙවල් වලට ගියා. ඒත් ඉතින් තව හතර පහක් පිළිකන්නෙ පෙඟුනා. පෙඟිලා පෙඟිලා දිරුවා. ඊටපස්සෙ ඒ මේස වලට ලොකු අම්මලාගෙ ගෙදර බත ඉදවලා දෙන්නත් පුලුවන් උන බව පස්සෙ කාලෙක මම දෑහින්ම දැක්කා.
මම ඉතින් රවුම් කර කර අකුරු ලිව්වෙ බිම ඇනතියාන. තාත්තට උවමනාව තිබ්බත් මුදල් අඩුපාඩු බව නම් පෙනුනා. මම මේසෙ ඉල්ලලා ටික දවසකින්ම තාත්තා වැඩපොළෙන් ලොකු පෙට්ටි දෙකක් ගෙනත් තිබුනා මට පොත් දාන්න. ඒකක් අඩි2ක් විතර දිග හා ඇක්සයිස් පොතක් දාන්න තරම් පළලත් මේසයක් තරම් උසත් ඇති.
'පුතේ ඔයාගේ පරණ පොත් මේවට දාලා අරන් තියන්න'
පරණ ඇස්සයිස් පොත් ටික එකින් එක පිළිවෙලට පෙට්ටිවලට අඩුක්කරපු මට පස්සෙකාලෙක අකීකරු පුත්‍රයාට පහළවුනා වගේ හොඳ අදහසක් පහළවුනා. පොත් පෙට්ටි දෙක අඩේට තියලා ගෙදර ගලවලා දාපු බාගෙට දිරච්ච පරණ දොර ලෑල්ලක් හරහට දැම්මා. ඊට උඩින් පොලිතින් කොළයක් දැම්මා. අම්මේ.. මේ තියෙන්නෙ මේසයක්. ආයෙ කොඳු කඩාගෙන බිම පෙරළි පෙරළි ලියන්න ඕනෙ නෑ. හිටු කියලා ඉඳගෙන චිත්‍ර අඳින්න අකුරු ලියන්න දැන් මට පුලුවන්. ඊට අවුරුදු කීපයකට පස්සෙ අලුත් මේසයක් ගන්නකම්ම පොත්පෙට්ටි මේසේ තමයි මගෙ පිහිටට හිටියෙ.
ලියන්න ආපු කතාවට එන්නෙ දැන්. මතකද එඩ්නා චොකලට් කැන්ඩෝස් චොකලට් වලින් ස්ටිකර් දුන්න කාලෙ. පොත් පෙට්ටි මේසෙක ඉඳන් අකුරු ලිව්වත් පොඩි කොල්ලෙක් වෙච්ච මටත් ඔය පිස්සුවත් කනින් කොනින් ආවා. චොක්ලට් ගන්න ගෙදරින් සල්ලි ගන්නත් පුළුවනෑ. ඒක නිසා මම කළේ ගෙදරට බරක් නොදී මගේ වියදමෙන්ම මගේ ආසාව සපුරාගන්න උත්සාහා කරපු එක. ඉස්කෝලෙන් උදේට කන්න දෙන රුපියල් දෙක මට මහා මෙරක් වුනා. ඒ කාලෙ රුපියල් දෙකෙන් බඩපිරෙන්න තෝසයක් කන්න පුලුවන්. ඔය රුපියල් දෙකක් වියදමට ලැබුනු කාලෙ මම හැමදාම කෑවෙ තෝස. ඉන්ටෝල් එක වෙලාවට රේල්පාරෙ අයිනෙ වැට ළඟට තෝස විකුණන්න එන වෙළෙන්දගෙ තෝසෙ ඒ කාලෙ දිව්‍ය භෝජනයක්. සාම්බාරු දාලා සම්බෝල පොඩ්ඩක් දාලා. ම්ම්
ටිකක් ලොකුවෙලා රුපියල් තුනක් ලැබුන කාලෙ අපූරු වැඩක් කළා මතකයි. ඉස්කෝලෙ ඇරිලා මමයි තව යාලුවෙකුයි තෝස කඩේට යනවා. ඌ අද තම්බපු මයියොක්කා රුපියලක ඉල්ලුවොත් මම වෙරළු අච්චාරු රුපියලක ගන්නවා. හෙට ආයෙ ඌ වෙරළු රුපියලක ගනිද්දි මම මයියොක්කා ගන්නවා. ඔය විදිහට ජාති දෙකකින් ගන්නවා. ඊටපස්සෙ කන්නෙත් අමුතු විදිහකට. ඌ ගත්තු එක සම්පූර්ණෙන්ම මට දෙනවා. මම ගත්තු එක සම්පූර්ණෙන්ම ඌට දෙනවා. ජාති දෙකෙන්ම එකා කෑවෙ නෑ. මොන කෙහෙල්මලකට එහෙම කළාද කියලා මතක නෑ. කොහොමහරි ඒ වැඩෙන් මට වාසි උන බව නම් මතකයි. මොකද තෝස වෙළෙන්ඳා අරූගෙ තාත්තව දන්න නිසා ඌට වැඩිපුර දෙනවා.
චොකලට් ස්ටිකරේට ආයෙ ගියොත්, මට මගේ ආසාව ඉටුකරගන්න ඉතුරුවෙලා තිබුනෙ එකම ක්‍රමයයි. ඒ තමයි රුපියල් දෙක. ඉතින් මම ඒ රුපියල් දෙක දෙක දවස් පහකට එකතුකරලා චොකලට් එකක් ගන්නවා. තුන තුන දෙන කාලෙ ඒවගේ දහයක් එකතුකරලා පාප්තුමාගෙ බැජ් එකක් ගත්තාත් මතකයි. ඉතින් ටික දවසකින්ම මට තේරුනා සතියට එක චොකලට් එකෙන් වැඩේ ගොඩදාන්න බැරිබව. අනික මගේ ස්ටිකර් පෙරේතකමට වැඩිය බඩේ පණුවෝ පෙරේත උනදාට රුපියල් දෙක බඩේ. ගෙදරින් උදේට කෑම එකක් ලැබුනොත් එදාට නෝ රුපියල්. ඒත් සල්ලි තියෙන ඈයින්ගෙ ස්ටිකර් සංචිත වේගයෙන් ඉහළයනබව පෙනුනා. මටත් ඉතින් සෙකන්ඩ් වෙන්න හිතෙන්නෙත් නෑ. ඒ වගේම උන්ගේ ස්ටිකර් හොරකම් කරලා හරි ටීචර්ට අල්ලා දීලා හරි උන්ගේ කකුලෙන් ඇදලා සතුටුවෙන ටිපිකල් ශ්‍රීලන්කන් මානසිකත්වයක් මට ඒ කාලෙ තිබුනෙත් නෑ. ඒත් ඉතින් ස්ටිකර් පිළිබඳ ආසාව අතහැරගන්නත් බෑ.
එදා මට තවත් රුපියල් 10ක් එකතු කරගන්න පුලුවන් වෙච්ච දවසක්. ඇන්ටි එක්ක එනගමන් මඟදී චොක්ලට් එකක් ගත්තා. ඒත් ඉතින් සද්දෙ නැතුව බෑග් එකේ දාගත්තා. අපෝ ඇන්ටි එක්ක යන අනිත් උන්ගෙ ඇස්වහ වැදුනොත්. ලොකුඅම්මලාගෙ ගිහින් බත් එහෙම කාලා චොක්ලට් එක අතට ගත්තා.
'නොම්මර කීය ඇවිත් ඇද්ද? වෙන උන් ළඟ නැති එකක් ආවොත් හොඳයි.'
මම කවරෙ ඉක්මනට ගලෝලා විසික් කරා. ඒත් ස්ටිකරයක් තියා ස්ටිකර් කෑල්ලක්වත් නෑ. සමහරවිට චොක්ලට් එක ඇතුලෙ කවරෙට දාන්නැති කියලා හිතපු මම ඒකත් ලිහුවා. තිබුනෙ නෑනෙ. ගිහිල්ලා චොකලට් එක දාලා තිබ්බ බෑග් එකේ සාක්කු බැලුවා. බෑග් එක ඇදලත් බැලුවා. ඔහෙ නෑ. එහෙනම් ගත්තු තැන කඩේ වැටෙන්නැති. අයියෝ මම වගේ මෝඩයෙක්. දවස් පහක්ම බඩට නොකා ඉතුරු කරපුවා වතුරෙ ගියා නේද? එහෙම වෙන්න බෑ. චොකලට් හදන මාමලා එහෙම කරන එකක් නෑ කොහෙට හරි දාලා ඇති. මේක නිසාම එදා චොකලට් එක දත්වලට තදවුනෙත් හරිම හිමින්. ස්ටිකරේ චොක්ලට් එක හදද්දි මැද්දට වැටුනද?
දවස පුරා ස්ටිකරේ ගැන හිතලා හිතලාම රෑ වෙනකොට මගෙ මොළෙත් ස්ටිකර් වෙන්න ඇති. ඒත් එහෙම වුනේ නෑ. මට අපූරු කල්පනාවක් පහළ වුනා. ස්ටිකර් ඵලදායිතාව දෙගුණ කිරීම. රෑම හොඳට කල්පනා කරලා හැම චූටි පොඉන්ට් එකක් ගැනම හිතලා සූක්ෂම ප්ලෑනක් ගැහුවා. දෙන්නම් බැටේ.
'ප්ලෑනේ හැටියට තව එක ගෝළයෙක්වත් ඕනෙ. කවුද මේකට හොඳ? ආ.. අරූ හොඳයි. තව අරූවත් ගන්නවා. ඔය ඇති. වැඩි උනාමත් වැඩේ කටින් කට යනවා.'
එදා උදේ මම ඉස්කෝලෙ ගියෙ බොහොම ආසාවෙන්. පාරෙ ගියෙත් බිම බලාගෙනමයි. ලජ්ජාවෙ නෙමෙයි. අර ස්ටිකරෙයි හෙව්වෙ. ඒත් ඒක ලැබුනෙ නෑ. මග වැටිලත් නැත්නම් ඇතුලෙ තිබ්බෙත් නැත්නම් ඒ කියන්නෙ ස්ටිකර් නැති චොක්ලටුත් තියෙනවා. මාව සතුටින් ඉපිලුනා. ඉස්කෝලෙ ඉන්ටෝල් එකේදි මම දෙන්නෙක්ව මගේ වැඩේට ගාවගත්තා. සැලසුම හෙළිකළා. මගේ සහයක ඩැනීලා එකෙක් කවුද කියලා මතක වුනත් අනිකා මතක නෑ. උන් දෙන්නා දුප්පත් මටත් වඩා දුප්පතුන් වෙච්ච නිසාම උන්ගෙ ලෝකෙ ස්ටිකර් ගැන ආසාව තිබුනෙ නෑ. ආසාව තිබුනත් හංගාගෙන ඉන්න ඇති. ඒ වෙනුවට මම දෙන්න පොරොන්දු වුනු චොක්ලට් පෙත්තට උන් ආසා කළා. මට තියෙන්නෙ සැලසුමට අනුව ස්ටිකර් අරගෙන අතුරුඵලය වෙන චොක්ලට් උන්ට දෙන්න විතරයි. උන්ට චොක්ලට් මට ස්ටිකර්.
අපේ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඉස්කෝලෙ වේලාසන ඇරෙන දවසක් තමා යොදාගත්තෙ. එතකොට ඇන්ටි එන්න පරක්කුවෙන නිසා අපිට වැඩේට කාලය තියෙනවා. ඊළඟට ඉස්කෝලෙට ටිකක් දුර කඩයක් තෝරාගත්තෙ වැරදිලාවත් වැඩේ ගැස්සුනොත් කඩේට මාට්ටු නොවී ඉස්කෝලෙට පැනගන්න.
හරි. ඔන්න නියමිත දිනය එළඹුණා. අපි තුන්දෙනා කඩේ ගාව හොරගල් අහුලනවා. ප්ලෑන් කරාට මොකද ගට නෑ වගේ. හදිසියේම ස්ටිකර් ගොඩක් මගේ ඔලුව වටේ කැරකෙද්දි මට වැඩේට ඕනා කරන ගට ආවා කෙලින්ම ගියා කඩේට. රු.10ක් දුන්නා ඇන්ටිට චොක්ලට් එකක් ගත්තා මම ආවා. යකෝ සල්ලි දීලා චොක්ලට් ගන්නද මූ මෙච්චර ප්ලෑන් කරේ. කලබල වෙන්න එපා. සැලැස්ම ඒක නෙමෙයි. හිමීට බින්දුවක්වත් ඉරෙන්නෙ නැතිවෙන්න චොක්ලට් එකේ කවරෙ ගැලෙව්වා. එතකොටම ස්ටිකරේ බිම.
'ඕක උඹ සාක්කුවෙ දාගනින්'
එකෙක් ස්ටිකරේ සාක්කුවෙ දාගන්න අතරෙ මම මහා දුක්බර මූඩ් එකක් මූණට දාගත්තා. ආයෙ රිංගුවා කඩේට.
'අනේ ඇන්ටී මේකෙ ස්ටිකරේ නෑනෙ'
කඩේ ඇන්ටි මහා කුණු ලෝභී. 'ඉතින් පුතේ අපි නෙමේනෙ ඔව්වා හදන්නෙ' ඔය වගේ මම කියන කියන එකට ඇන්ටිත් මොනා මොනා හෝ කියනවා. මමත් අරින්නෙ නෑ. ඒ චොක්ලට් එක අරන් වෙන එකක් ගන්නමයි යන්නෙ. කොහොම කොහොමහරි මගේ ප්ලෑන සාර්ථක කරමින් මගේ මාකටින් පාර ගොඩ යමින් තිබුනා. ඇන්ටි ඒක අරන් වෙන චොක්ලට් එකක් දෙන්න ඔන්න මෙන්න හිටියෙ. ඔන්න ඔය වෙලාවෙ තමයි මම නිදිමරාගෙන අඟලෙන් අඟල බලලා හදපු, ස්ටිකර් ඵලදයිතාවය දෙගුණ කරපු, ඒ වෙනකොට සාර්ථක වෙමින් තිබුන ප්ලෑන කීතු කීතු කරලා දාපු කාලකන්නියා හෙවත් කඩේට ඉස්සරහා ගෙදර එකා කඩේට ආවෙ. මහා පණ්ඩිත මූණක් තිබුණු ඒ මූසලයව ඊටත් කලින් ඉඳන්ම අපිට පෙන්නන්න බැරි චරිතයක්.
'ඇයි ස්ටිකරේ එකෙක් අහුල ගත්තෙ' ඌ පැනලා දුන්නා. මගේ ඉහෙන් කනෙන් දාඩිය පිටවෙන්න ගත්තා. තොලකට වේලිලා කට උත්තර නෑ. මම කඩෙන් එළියට ආවා. දිව්වා දිවිල්ලක් කෙලින්ම ඉස්කෝල. එදා දවස ගෙවුනෙ බොහොම බයෙන්. මට අරූව කන්න තරම් කේන්තියි ඒවගේම බයයි. රෑවෙලා නින්ද යන්නෙත් නෑ වගේ. හෙට මොනා වෙයිද? ටීචර්ලා ගහයිද? ප්‍රින්සිපල් ගාවට ගෙනියයිද? ඉස්කෝලෙන් අස් කරයිද? කොච්චර ගැහුවත් කමක් නෑ අම්මට කියන්නෙ නැත්නම්. අම්මට කිව්වොත් මම ඉවරයි. මාව කෝටුමස් කරයි. ඔය වගේ දහසකුත් ඒවා ඔලුවට එන්න ගත්තා.
පහුවදා උදේ මම බයෙන් බයෙන් ඉස්කෝලෙට ගියෙ. මෙන්න කඩේ ඇන්ටි ඉස්කෝලෙ ගේට්ටුව ගාව ඉස්සරහා ගෙදර කොල්ලත් එක්ක. මම මාව එක්කන් ගිය ඇන්ටිට මුවාවෙලා බේරෙන්න බැලුවෙ. වැඩේ හරිගියෙ නෑ. අර බක පණ්ඩිතයා මාව පෙන්නුවා. මූට වෙන වැඩ නැද්ද මන්දා. කඩේ ඇන්ටි මාව අල්ලගෙන විස්තර අහලා ප්‍රින්සිපල් ගාවට එක්කන් ගියා.
'මේ ළමයා තමයි හොරකන් කරන්න ආවෙ. තව දෙන්නෙක් එක්ක. ' ඇන්ටි සේරම විස්තරේ කිව්වා. මම ප්‍රින්සිපල්ගෙ වේවැල දිහා බලන් හිටියෙ දැන් නැතුවට දැන් ඇවිත් මගේ කකුල් අල්ලයි කියලා හිතාගෙන. අනිත් දෙන්නා ගැන ඇහුවත් ජුදාස් කෙනෙක් නොවී ඉන්න තරම් මම එඩිතර වුනා. ඒත් බක පණ්ඩිතයා උන් දෙන්නව අඳුනාගෙන එක්කන් ආවා. උන්ව ගෝළයො කරගත්තු මට තලන්න ඕනෙ. මුන්දෙන්නා ඔක්කොම වමාරලා. දැන් ඉස්කෝලෙ උන් ඔක්කොම ඔය ක්‍රමේ දැනගනීවි. අත්හදා බලන්ට යාවි. එහෙම වුනොත් මම කොහොමද වෙන කඩේකට ගිහින් ඕක කරන්නෙ. හැම එකාම ස්ටිකර් නෑ කියන් එනකොට කඩකාරයො විශ්වාස කරන එකක් නෑ. මට දත්මිටි කැවුනා. මුන් දෙන්නා මේක එළි නොකළානම් වෙන කඩේකට මේක කරන්න තිබුනා. නරකාදියො. කඩේ නඩුව බැලෙව්ව ප්‍රින්සිපල් මටත් අනික් වුන්ටත් වේවැල් පාර දෙන්න වුනා. මෙච්චරවෙලා තදකරන් හිටපු පුරුස දහිරිය කකුල් දෙක දිගේ බේරෙන්න ගත්තා. මම හයියෙන් කෑ ගහලා ඇඬුවා.
'පුතා නැගිටින්න. ඉස්කෝලෙ යන්න. තාත්තිට වැඩට යන්න පරක්කු වෙනවා. මොකද ඔයා බය වුනාද?' පහුවදා උදේ වෙලා තිබ්බෙ එවලෙයි. බෑ කියලා ලෙඩක් ගන්න ගියත් ඒකත් සාර්ථක වුනේ නෑ. අනේ පෙරදා මැවූ හීනේ සැබෑවේදෝයි බයත් මාත් එක්ක එදා ඉස්කෝලෙටම ආවා. කීප දවසක් යනකම්ම මට එයා තනිත් රැක්කා. ඒත් අවුලක් වුනේ නෑ. පස්සෙ ටික දවසකින් එයා මාව දාලා ගියා. ඒත් කාලයක් යනකම් වැරදිලාවත් ඒ කඩේ පාරෙන් ගියේ නෑ.
අදටත් ඒ කඩේ ළඟින් යනකොට ඔය සිද්ධිය මතක් වෙනවා. ඒවගේම අදටත් අර කොල්ලාව දකින කොට 'නෙදකින් කාලකන්නියා තෝ නේද එදා වැඩේ කෑවේ' කියලා අදටත් හිතෙනවා.
ප.ලි. : අසර්ගෙ පෝස්ටුවකදි සෙන්නා මේ කතාව කියන්න කියපු නිසා ඔන්න කිව්වා.
හිහ්.. උඹ මාර ගල් ආදෙක්නෙ... කතාවනම් ලස්සනට ලියලා තියනවා.. බිම බලාගන ගියේ ලජ්ජාවට නෙමේ, අර උබත් එක්ක ආවයි කිව්ව බය.. ඒවා හරි ශෝක්..
ReplyDeleteඅර වඩේ මාමා ගැන කියපු එකනම් සහතික ඇත්ත මචන්.. මටත් අදටත් මතකයි ඒ වඩේ වල රහ.. උබ ඉස්පන්චි ගෙදර ගිහින් ඉස්පන්චි කාලා නැද්ද ?
බක පන්ඩිත තැන ටිකක් කාලවර්ණ පොරක් නේද.. මට උගෙ නම මතක නෑ..
ඔය දෙන්නා ඉස්සර යාලුවොද ඈ?
Deleteස්තුතියි!
Deleteඔව් ඒ වඩේ ටිප් ටොප්. ඉස්පන්චි ගෙදර දන්නෙ නෑනෙ. කොතනද තිබ්බෙ??
අර එහා පැත්තෙ 'හර්මිටේජ්' වත්තෙ අඹත් මරු. අපි චැපල් එකට ගිහින් ඔරුසනුත් කියලා අඹත් අහුලන් එන්නෙ.
අපොයි ඔව්. කට්ට කළුයි තමා. මම උගෙ නම දන්නෑ බං. අර ඉස්සර පිනි ජම්බු ගහ තිබුනු ගෙදර එකානෙ.
කලින් අදුනන්නෑ සයුරි.. හරීව අදුන ගත්තෙ මම බ්ලොග් එකෙන්.. පස්සෙ විස්තර හොයාගන යනකොට හරී අපේ ගෙවල් ගාවම කෙනෙක්.. ඔය කියන ඉස්කෝලෙට තමා මාත් ගියේ. විනාඩි පහේ දුර මට. ඔය වඩේ මාමා, කඩේ අන්ටි, බක පණ්ඩිතයා ඔක්කොම මම අදුනන අය..
Deleteහරී,
ඇයි බන් ඉස්කොලෙ ලැබ් එක තියන පැත්තෙ රේල් පාර ගාව වැටෙන් පැන්නම තියන ඉස්පන්චි හදන ගෙදර.. අපි ඉස්සර ෆ්‍රී පීරියඩ් වලත් හොරෙන් ගිහින් ඉස්පන්චි කාලා එනවා එහෙන්..
@ සයුරි,
Deleteකලින් දන්නේ නැතෝ. පස්සෙ තමයි දන්නෙ අසල්වාසියො කියලා. නෑයොද දන්නෙත් නෑ. හැබැයි මූණ දැකලා නෑ. පස්සෙ දැනගත්තා එකම අවුරුද්දෙ ඔය ඉස්කෝලෙ 1 වසරේ හා 13 වසරේ ඉගෙනගත් දෙදෙනෙක් බව. සෙන්නා ඉතින් ඉස්කෝලෙ තාප්පෙන් එහා පැත්තෙනෙ.
@ සෙන්නා,
Deleteමම දහ අතේ කල්පනා කරා ලැබ් එක හොයාගන්න. පස්සෙ මතක් වුනේ අපේ කාලෙ ලැබ් එක හිබ්බෙ රේල්පාරෙ අයිනෙ නෙමෙයි. ඉස්කෝලෙ ඉස්සරහා සුරුවම තියෙන්නෙ ඒකට පිටිපස්සෙ. ඉස්පන්චි ගෙයක් ගැන හාංකවිසියක්වත් දන්නේ නෑ.
ඒ කඩේ කිට්ටුව අපේ නෑයො වගේකුත් ඉන්නවා. එතකොට නෑයො නෙමෙයි පස්සෙ නෑයෝ වෙච්ච.
හරි හරි උඹ කියන්නෙ අළුත් එක.. මම කිව්වෙ පරණ එක.. රේල් පාර පැත්තෙ නෙමේ ඒක තිබ්බෙ පිට්ටනියෙ එහා කෙලවරේ.. ටවුන් එක පැත්තට වෙන්ඩ.. ඒ පැත්තෙ රේල්පාර අයිනෙන් තමා අපි පැනලා ගියේ ඉස්පන්චි කන්ඩ.. පල්ලිය ගාව ඉඳලා එනකොට දකුණට හැරෙන පාරෙන් තමා එහෙට යන හරි පාර තිබුනෙ..
Deleteසෑහෙන දුර ගිහින්නෙ
Deleteඅඩේ පව් අප්පා...අන්තිම හරියේදී මට පොඩ්ඩක් පැටලුනා වගේ. හීනයක් ගැනද මේ කියල තියෙන්නේ?
ReplyDelete/පහුවදා උදේ මම බයෙන් බයෙන් ඉස්කෝලෙට ගියෙ./ මෙතන ඉඳන්
Delete/මම හයියෙන් කෑ ගහලා ඇඬුවා. / මෙතනටයි හීනෙ.. ඉතුරු ටික ඇත්ත..
නෑයො ඔහොම තමයි මචං.පොඩි කාලේ එන ආසවල් සහ ඒවා ඉශ්ඨ කරගන්ඩ කන කටු එළට විස්තර කරලා තියෙනවා.එළ එළ
ReplyDeleteඅපිව කන උන් තුනක් ඉන්නවා කියනවනෙ බං.. නෑයා, වේයා, මීයා
Deleteටිකිරි මොලේ නියමයිනේ..!!!!!
ReplyDeleteකොහොමද ටිකිරි මොළේ!
Deleteඔය කාලෙ කරපු වැඩ නම්...
ReplyDeleteමාතෘකාව දැක්කම කියන්න හිතුනෙ,,එක්කො ඕනෙ නෑ...
කොලුකමටනෙ.. ඔන්න බලුකමට කළා නම් වැරදියි.. :)
Deleteටිකිරි මොලේ!! ඔයින් ගියා මදැයි.
ReplyDeleteඔහොම ගියේ නැත්නම් මම ලංකාවෙම කඩවල එක චොක්ලට් එකට ස්ටිකර් දෙක ගානෙ අරගෙන..
Deleteහරීගේ මොලේ තමා මොලේ කියන්නේ....
ReplyDeleteමගේ නම් ඔය ස්ටිකර් ආසාව තිබ්බේ නෑ. මට තිබ්බේ මුද්දර එකතු කරන ආසාවක් විතරයි. ඉතින් මම් හැමදාම ස්කෝලේ ලියුම් කියුම් විසික් කරන කුණු ගොඩ අවුස්සලා කවර වා තිබ්බ මුද්දර ගලෝ ගත්තා...
ඒක සරල ප්ලෑනක් !!!
මමත් මුද්දර එකතු කළා .. ඒත් ඒක කරන්නන් වාලෙ කරපු වැඩක්.. මුද්දර ලැබුනොත් තියාගන්නවා.. පස්සෙන් ගිහින් හොයන්නේ නෑ..
Deleteඒක නියම වැඩක්..
Deleteනමුත් මුද්දර සමාජයකට එකතු වෙලා මුද්දර එකතු කලා නම් නියමයි. ඒත් ඒවට බැඳෙන්න ඒ කාලේ සල්ලි තියෙන්ඩ එපැයි. !
අඩේ රුපියලට තෝස තිබ්බා කියලා අහන්නත් පුදුමයි. ඔය රුපියලට තෝස තිබ්බේ හැත්තෑ හතට කලින් ද පස්සෙද. හික්ස් :)
Deleteඅපෙත් අක්කා කෙනෙක් හිටියා ඔය වගේ දරුණුවටම මුද්දර එකතු කරන.. මම හිතන්නෙ ලක්ෂ ගාණක මුද්දර එයා ළඟ තිබුණා..
Delete"අඩේ රුපියලට තෝස තිබ්බා කියලා අහන්නත් පුදුමයි." උද්ධමනය උද්ධමනය..
මේ කියන කතාව වැඩි ඈතක නෙමෙයිනෙ.. හැත්තැ හතට කලින් කොහෙහ බං චොක්ලට් වලට ස්ටිකර් දුන්නේ.. මේ අනූ ගණන්වල මුල.. හැත්තැ හතට කලින් සත ගණන්වලින් ගණුදෙනු වෙලා තියෙන්නෙ.. විචාරක මහත්මයා පහළ කියලා ඇති..
දැන් බලන්ඩ අපිට 94දි චන්ද්‍රිකා නැන්දා 3.50ට පාන් දුන්නා.. 2002දි රනිල් මාමා 15ට දුන්නා.. දැන් මහින්ද මාමා 2012දි 60ට දෙනවා.. බලපන්කො වෙනස..
ඇයි පාං කන්නේ. රුපියල් 2500න් මාසයක් කනකොට පාන් කන්න බෑ.. එහෙම කෑවොත් ඒක ඉවර වෙනවා..
Deleteහරි උඹ 2500න් පවුල නඩත්තු කරන හැටි කියපන්..
Deleteඒකත් හරි සිම්පල් ප්ලෑනක්නේ බං.
Delete"පවුල එහා ගෙදර එකාට දන්දීලා..."
ඒක වෙන්න ඇති ඔය බන්දු ලොක්කා කියන්නේ.. හික්ස් :)
Deleteඋන්ගේ ලෝ උන්ටම හොදා...
@ නාකියා,
Deleteනියම උත්තරයක්නෙ..
@ මධුරංග,
මම හිතන්නෙ උන්දැට අතින් වියදම් වෙන්නෙ නැතුව ඇති.. රජයේ සල්ලිවලින්නෙ කන්නෙ..
හෆොයි හෆොයි මේකා රජ වැඩනේ පොඩි කාලේ කරලා තියෙන්නේ. :)
ReplyDeleteඑහෙම තමා රජ වැඩ කාරයො..
Deleteරජ වැඩකාරයෝ... පුඃ
Deleteකවුද හරින් ද ???
athi yantham heenen beruna.
ReplyDeleteබලන්ඩකො හැබැයින් කරපුදේට හීනෙන් දඬුවම් ලැබුනනෙ..
Deleteහොර හරී....
ReplyDeleteඉඳපන් කරන්න වැඩේ.. ඔන්ලයින් ඉඳන් උස්සනව ඔක්කොම..
Deleteකතාවේ ආරම්භය නම් නියමයි සහෝ.
ReplyDeleteඔයා ෂුවර් එකටම තෝසේ වැඩියෙන් කන්න ඕනෑ නිසා අර ප්ලෑන් එක ගහන්න ඇති ගන්න කෑම මාරුකරගෙන කන එක.හික්ස්!:)
" ඒ වගේම උන්ගේ ස්ටිකර් හොරකම් කරලා හරි ටීචර්ට අල්ලා දීලා හරි උන්ගේ කකුලෙන් ඇදලා සතුටුවෙන ටිපිකල් ශ්‍රීලන්කන් මානසිකත්වයක් මට ඒ කාලෙ තිබුනෙත් නෑ" මේ ටිකට මම ආසයි.
"චොකලට් හදන මාමලා එහෙම කරන එකක් නෑ කොහෙට හරි දාලා ඇති. මේක නිසාම එදා චොකලට් එක දත්වලට තදවුනෙත් හරිම හිමින්. ස්ටිකරේ චොක්ලට් එක හදද්දි මැද්දට වැටුනද?" මේ ටිකත් හරිම ෂෝයි..
කතාව ලස්සනට හිතේ මැවෙන්න ලියල තියනවා....නියම......යි :)
ඔන්න ස්පෑම් අස්සෙ රිංගලා ඉඳලා දැනුයි ඇදලා එළියට ගත්තෙ..
Deleteනෑ..නෑ.. හිරු එතනට තෝස සම්බන්ධයක් නෑ.. මෙහෙමනෙ මට ගෙදරින් රු3ක් දෙනවා. ඉන්ටවල් එකට රු.2ක තෝසයක් කනවා. ඉස්කෝලෙ ඇරුනම ඉතුරු රුපියලෙන් තමයි ඕක කරන්නෙ. මම රුපියලක මොනාහරි අපි හිතමුකො මඤ්ඤොක්කා තම්බපුවා ගන්නවා කියලා, අනික් කෙනා වෙරළු අච්චාරු රුපියලක ගන්නවා. ඊටපස්සෙ එයාගෙ වෙරළු අච්චාරු මුලම මම කනවා. මගේ මඤ්ඤොක්කා මුලම එයා කනවා. මොන එහෙකට එහෙම මාරු කරගත්තද මතක නෑනෙ.
ඒ කාලෙ තිබුනෙත් නෑ. දැන් ඇත්තෙත් නෑ. :)
කියන්ඩ බෑනෙ ඔච්චර අමාරුවෙන් ගත්තු ස්ටිකරේ හැපුනොත්.
අගය කිරීමට ස්තුතියි!
මට එක වසරේදී කීයක්වත් දුන්නේ නෑ. දෙකේ ඉඳලා එකොළහට යනකං ගෙදරින් දුන්න අලවන්ස් එක රුපියලයි. එක රුපියල එකතු කරගෙන පොත් ගත්ත හැටි, පස්සේ පස්සේ කැන්ටිමෙන් කාපු හැටි එහෙම මතක් වුණා..
ReplyDeleteඅපිට නම් සල්ලි දුන්නෑ ගෙදරින්.. දෙන්ඩ තිබුනෙත් නෑ.. උදේට ගෙදරින් කාලා යන එක විතරයි.. ඉන්ටවල් එකටත් ටැප් එකෙන් බඩ පුරා වතුර එකක බිව්වා.. එච්චරයි.. හුගක් දවස් වලට ඉන්ටවල් එකට ගෙදර ගිහින් තේ එකක බීලා එනවා ගේ ලඟ තිබුන හින්දා.. ඔය කොහෙන් හරි සල්ලි කීයක් හම්බුන දාට තමා ලොක්කා වගේ ගිහින් කැන්ටිමෙන් නැත්තම් වඩේ මාමගෙන්.. මොනවා හරි අරගෙන කෑවෙ..
Delete@ ක්සැන්ඩර් | Xander,
Deleteමට එකේදි කීයක් දුන්නද මතක නෑ. ආ කීයක්වත් ලැබුනේ නෑ. තාත්තා හරි අම්මා හරි උදේට බනිස් ගෙඩියක් අරන් දෙනවා. දෙකෙදි රුපියල් දෙකයි. තුනේදි 3යි. ඊපස්සෙ 5ක්ද කොහෙද? ඔහොම ඔහොම උද්ධමනයත් එක්ක වැඩි වුනා. ඒකාලෙ මට මතකයි පාන් රාත්තල 3.50යි බනිස් ගෙඩිය 5.50යි.
@ සෙන්නා,
Deleteඅහල තියෙනවද මෙහෙම කතාවක්
අපි පොඩි කාලෙ- වෙලාවත් තියෙනවා හයිය හත්තියත් තියෙනවා ඒත් සන්තෝස වෙන්න සල්ලි නෑ.
අපි තරුණ කාලෙ- හයිය හත්තියත් තියෙනවා සල්ලිත් තියෙනවා ඒත් සන්තෝස වෙන්න වෙලාවක් නෑ.
අපි මහළු කාලෙ- සල්ලිත් තියෙනවා වෙලාවත් තියෙනවා ඒත් සන්තෝස වෙන්න ඇගේ හයිය හත්තිය නෑ..
ජීවිතයක හැටි.
මේ තැන් තුනේදිම අඩුපාඩුවට තියෙන දේ හොයාගන්න අපිට නැත්තේ මොලේ බං.
Delete:)
Deleteහී හී...
ReplyDeleteහරි ගේ ටිකිරි මොලේ.
ඉස්කෝලේ කාලේ අයෙත් මතක් උනා.පුදුම සුන්දර කාලයක්.කොයි තරම් නැති බැරිකම් මැද්දේ උනත් ඒ කාලේ හරිම සුන්දරයි.
තව දෙයක් මතක් වෙලා ඇස් වලට කඳුලුත් ආවා.
නෝටියා 11 වසරේ ඉන්නකොට mbbs කලා. රුපියල් 250ක් ලැබුනා දවසකට. එහෙම සල්ලි එකතු කරලා පොත් ගත්තා. ඒ පොත් වල අකුරු ලියවෙනකොට දැනුන සතුට අදටත් මතකයි.
ඒ විතරක් නෙවෙයි.ෆැකල්ටියේ ඉන්නකොටත් mbbs කලා. ගොඩක් දුක් වින්දා. ඒත් අද එව්වා සේරම අතීතයේ සොඳුරු මතකයන්. ඒ ගැන වෙනම පොස්ට් එකක් දාන්න හිතං හිටියත් ආරම්භයක් ගන්න හිතා ගන්න අමාරුයි.
හුටා කෙලා... කමෙන්ට් එක පොස්ට් එකක් වෙලා.
නෑයෝ ගැන කියනවා නම්, කියන්න දෙයක් ඇත්තෙම නෑ.
Deleteමතකයක් අලුත් කිරීමට ලැබීම ගැන සන්තෝසයි. මම කතාව ඔයාගේ බ්ලොගෙන්ම කියෙව්වා. mbbs එක්පාරට හිතාගන්න බැරිවුනා. ඒත් ටිකකින් බලුබ් පත්තු වුනා. උඹගෙ දහිරිය අගය කරනවා.
Deleteකොල්ලා දිග කමෙන්ට් දැකලා නෑ වගේ.
@නෝටියා සහ හරී දෙන්නටම: මම උඹල දෙන්නගෙම පොස්ට් කියවලා මේ ඉන්නෙ. මම ඒ දෙකම මේ වෙලාවෙ කුස්සියෙ ඉඳන් මොනවද බේක් කරන මගෙ ප්‍රියම්බිකාවට ඇහෙන්න කියෙව්වා හයියෙන්. සමහර තැන්වල සද්දෙ ආවෙත් නැතුව හිරවුනා.
Deleteඊට පස්සෙ උඹලගෙ පෝස්ට් වල ලින්ක් මගෙ දෝනිටත් යැව්වා. අන්න මේ වෙලවෙත් දමාගෙන කියවනවා.
උඹලා දෙන්නම අන්තිමේදි ජීවිතේ ජයගත්තනෙ. ඒකයි වැදගත්!
Here's Bloggar helayaa
henryblogwalker the Dude
@ Dude,
Deleteඒතරම් අගය කිරීමක් කිරීම ගැන ස්තුතියි Henry අයියේ. මේ වගේ දේවල් අනිත් අයගේ ජීවිතවලටත් හොඳ පාඩම්. සමහර තැන්වල හැදෙන දරුවො දුක කියලා දෙයක් තියෙනවා කියලා දන්නෙත් නැතිව ඇති. ඒත් Henry අයියා සැබෑ තත්වය දරුවන්ටත් පෙන්වාදීම අගය කරනවා.
මට තව එක කඩයිමක් පැනගන්න තියෙනවා. බලමු.
ස්තුතියි!
මරු සීන් ඒක
ReplyDeleteහි..හි.. තාම පොඩ්ඩෙන් මම මරු.
Deleteයටත්පිරිසෙයින් දෙවරක්වත් කියවා අදහස් දක්වන බව මෙයින් කාරුණිකව දන්වා සිටිනු ලැබේ.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ඔබගේ කැමැත්තට ඉඩ දෙමි. වටිනා අදහස් බලාපොරොත්තු වෙමි.
Deleteඅර ගුටිකාපු එක හීනයක් විතරද?
ReplyDeleteහරී, ප්‍රධාන කතාවටත් වඩා මගේ හිත කම්පා වුනේ අර ඉස්කෝලෙ යන්න කාපු කට්ටයි, අර ලොකු අම්මගෙ මනුස්සකමයි, පොත් පෙට්ටි මේසෙයි ගැන කියවලා.
පුදුමාකාර නෑයො නේද?
henryblogwalker the Dude
ඔව්.. හැබැහින් කරපු දේට හීනෙන් තමා දඬුවම ලැබුනෙ. අපි දිව්ව තැනින් සිද්ධිය ඉවරයි.
Deleteඉස්කෝලෙ යන්න කාපු කට්ට නම් අන්තිමයි. ඔයිට වඩා ඇඬෙන කටු මට ලැබිලා තියෙනවා. එව්වත් කියන්නම්.
මට කියන්න අමතක වුණා. අපි ලොකුඅම්මා කියන්නෙ තාත්තගෙ අම්මටයි අම්මගෙ අම්මටයි. ඔය ගෙවල් දෙකේ ලතවෙවී තමයි තාත්තා වැඩ ඇරිලා එනකම් මම හිටියෙ.
මට නම් නෑකම් එපාවෙලා තියෙන්නෙ. මූණට දත්තිස්දෙක පෙන්නලා විරිත්තුවට පපුවෙ හැරෝ.
ප.ලි. මොකද අද වර්ඩ්ප්‍රෙස්?
වර්ඩ්ප්‍රෙස් සුද්දටයි බ්ලොගර් හෙලයටයි සමාන අවස්ථා ලබාදෙන්න හිතුනා. :D
Deleteඔන්න මේ පාරෙ බ්ලොගර් :D
ඒ කටුත් ලියමු හරී.
අපි ලොකු අම්මා කියන්නෙ අම්මගෙ අක්කට. තාත්තගෙ අක්කා ලොකු නැන්දා
henryblogwalker the Dude
@ Dude,
Deleteමගේ 'ගාණු ළාමයි එන්න මේ පය්යිය වටේ තූත්තිරි ගලාවන්ඩ' පෝස්ට් එකේ නම් නෑකම් ගැන ලොකු කතාවක් ගියා..
මටනම් ඒ කාලේ ඔය වගේ මොලයක් තිබ්බේ නෑ. පොඩි පොඩි දේවල් නම් කලා. ඒත් බරපතලෙට නෙවේ...
ReplyDeleteකතාව නම් නියමයි හරී...
මොලයක් තිබ්බේ නෑ කියන්න බෑ සහෝ.. ඒත් ඒක පාවිච්චි කරන්න තරම් වටපිටාවක් හැදෙන්න නැතුව ඇති.. දැන් බලන්න මම ඉල්ලපු වෙලාවෙ ලොකු අම්මා මේසෙ දුන්නානම් මම කවදාවත් පොත්පෙට්ටි පාවිච්චි කරලා මේසයක් හදයිද? මට ඇතිවෙන්න චොක්ලට් ගන්න සල්ලි තිබුනානම් ඔය වගේ ප්ලෑනක් ගහන්න හිතෙයිද? නෑනෙ..
Deleteඅගය කිරීමට ස්තුතියි!
*
ReplyDeleteමොකද බං හැමතැනම තරු දදා යන්නෙ?
Deleteඇයි බන් ඌ කියලා තියෙන්නෙ කියන්ඩ දෙයක් නැත්තම් තිතක් තියලා යන්ඩ කියලා. ඒකත් මරු ක්‍රමේ.. මමත් ඕක අත්හදා බලන්ඩ ඉන්නෙ..
Deleteකවුද දන්නෙ.. මම කීපතැනකම දැක්කා අටං අයියා තරු දදා යනවා..
Deleteමාත් චොක්ලට් කකා ස්ටිකර් එකතු කරපු හැටි මතක් වුණා. ඔය එකතු කිරිල්ලේදී 90 ගණන් වල තිබුණු ස්ටිකර් හරිම අඩුවෙන් වගේ තිබුණේ. ඒක නිසා ඒ ස්ටිකර්වලට පුදුමාකාර වටිනාවකමක් තිබුණු බව මතකයි
ReplyDeleteමගේ ස්ටිකර් එකතු කිරීමෙ ආසාව ඔය සිද්ධියත් එක්කම නැතිවුනා..
Deleteළමා කාලය කටුක වූ තරමටම පසු කාලීනව එහි සුන්දරත්වයද ඉහල යනවා. ලෝකප්‍රකට චරිත බොහොමයකගේ ළමා කාලය එතරම් සැපවත් නැහැ. මමත් කටුක ළමා දිවියක් ගත කළා. පාසල් ගියේ සෙරෙප්පු දෙකක්වත් නැතුව. උදේ නැගිටලා ලිපෙන් අඟුරු කැටයක් අරන් ඒක හපලා කටෙදීම කුඩු කරගෙන එයින්ම දත් මැදගන්න ඕනේ. ලිඳයි වැසිකිළියයි තිබුනේ ඈතින් දෙපොලක. මීටර් 10 ක 15 ක දුරින්. වැස්ස දවස්වල උදේට කොහොමද ඒවාට යනකොට සනීපෙ කුඩයක්වත් නැතුව. වැස්සට කෙහෙල් කොළ හබරල කොළ ඉහලාගෙන ඉස්කෝලේ යනවා.
ReplyDeleteසතයක් ලැබුනොත් ලොකු දෙයක්. සත දෙකකට ආප්පයක්, සතයකට විස්කිරිඤඤා එකක්, සත තුනකට අඟල් දෙකයි දෙකේ වෙෆර්ස් බිස්කට් එකක් උඩට දාපු අයිස්ක්‍රීම් එකක් කෑවා. අම්මා රුපියල් දෙකක් දීලා මාව පොලට යවනවා, එළවලු මල්ල හරිම විශාලයි. මට උස්සගන්නත් බැරි තරම්. හැම දෙයක්ම රාත්තල් (කිලෝ නැත)රාත්තලක් සත තුනයි, පහයි, හතයි. ඉස්කෝලෙන් දීපු බනිස් එකේ සහ කිරි එකේ රස තවමත් මතකයි.
මොකක්දෝ පෙර වාසනාවකට අපේ තාත්තාට විදුහල්පති කෙනෙක් වෙන්න පුළුවන් වුනා. මටත් සහෝදර සහෝදරියන්ටත් හොඳ ඉස්කෝල වලට යන්ඩ අවස්ථාව ලැබුනා. අපි ඔහොමයි ගොඩ ගියේ.
අපි ඒ කාලේ ස්ටිකර් කියලා දෙයක් අහලාවත් තිබුනේ නැහැ. පිටරටින් එන ටොෆී ටින් සහ ටොෆී කොළ අක්කලාට එකතුකරදීම ලොකු රාජකාරියක්.
ජිල් බෝල හෙවත් ටීක් බෝල තමයි රත්තරන් වගේ එකතු කලේ. කඩේට දුවන්නේ පට්ටමත් දක්කාගෙන. දන්නවද පට්ටම දක්කන්ඩ? පට්ටම කියන්නේ(පශ්චාද් භාගයෙන් හිනායන තේරුමක් තමයි දැන් පට්ටම කියන වචනයට දීලා තියෙන්නේ)බයිසිකල් රෝදයෙන් ගලවාගත් රිම් එක. ස්පෝක් නැතුව නිකම් රවුම විතරයි. මිලිමීටර් 5 ක් විතර මහත, මීටරයකට ටිකක් දිගින් අඩු කම්බියක්, ක්‍රිකට් බැට් එකේ මිට වගේ රවුම්, අඟල් 5 ක් විතර දිග, මිටකට හයි කරගන්නවා. පට්ටම බිම දිගේ ඉදිරියට තල්ලු කරලා, අර කම්බිය, පට්ටමට අංශක 45 කෝණයකින්, එය මතුපිට තබා තද කලාම, පාලනයක් සහිතව පට්ටම දිගටම ධාවනය කරන්න පුළුවන්. එකේ අනික පැත්ත රෝද දැක්කීම. ඒ කාලයේ ළමයින්ට ලැබුණු රෝද තුනේ බයිසිකල් එංගලන්තයේ හදපුවා. මටත් එකක් තිබුනා. එය කැඩී ගියාම එහි රෝද ගලවා ගන්නවා. ඒවා ගල් ටයර් නමැති, ඇතුලේ සුළං වෙනුවට රබර්ම පුරවා ඇති ඝන ටයර්. පොල්පිත්තකින් කපාගත් හසුරවනයක් මගින් මේ ටයර් පාර දිගේ දක්කාගෙන යන්න පුළුවන්. අපි මේවා දක්කාගෙන ගියේ වාහනයක හඬ කටින් නිකුත් කරමින්, කටින් හෝන් ගසමින්.
අසමි දකිමි සොයමි ලියන විචාරක
මටත් ඉස්සර තාත්තා හදල දුන්න රීම් එකෙන් ස්පොර්ක් තියෙනවා Y හැදෙ කොටුවක් ගැට ගහලා එකෙන් අල්ලාගෙන පද්දන්න.මිදුල වටේ විතරයි ඉතිං පැද්දේ..
Delete'ළමා කාලය කටුක වූ තරමටම පසු කාලීනව එහි සුන්දරත්වයද ඉහල යනවා.' ගලන ගඟක් වුනත් ගල්පර ආවාමලුනෙ ලස්සන. එහෙම අත්දැකීම් නොතිබ්බා නම් මේ වගේ බ්ලොග්වල ලියන්න දේවලුත් නැතිවෙනවනෙ. විචාරක මහත්මයගෙ විස්තරේ අහපුවම අපි කාපු කටු මොනවද කියලා හිතෙනවා. මම එකම එක දවසක් වැස්සෙන් බේරෙන්න හබරල කොළයක් ඉහලන් ගෙදර ආවා මතකයි.
Deleteඔය සත ගණන් කෙලින්ම රුපියල් ගණන්වලට හැරෙන්න ගත්තෙ 77න් පස්සෙද? අපේ තාත්තත් හරියට ඔය වගේ සත ගණන්වල කතා කියනවා. ඉස්සර ලොකු තාත්තා (සීයා) උදේට රු.2ක් දීලා ගියාම ලොකු අම්මා (ආච්චී)(මින් ඉදිරියට සීයා ආච්චි කිව්වනම් හරි. නැත්නම් කියවන අයට පැටලෙනවා) වේල් තුනම උයලා. ඉතුරු සල්ලි වලින් සීට්ටුවකුත් දානවාලු. ඒ මදිවට ගමේ හිටපු ආච්චිලාගෙ වයසෙ සෙට් එක (එතකොට 30 විතර අය) ඔක්කොම රෑට එකතුවෙලා පැදුරු වියලත් සල්ලි හොයනවලු.
ගමේ ඉපදිලා නිසි මඟපෙන්වීමක් නැතිව අකාලයේ විනාශවෙන ජීවිත කොච්චර ඇතිද?
අපි නම් ඒ කාලෙ ජිල් ගැහුවා. දැන් ජිල් ගහන කැට ගහන කොල්ලෙක් දකින්නත් නෑ. මම හිතන්නෙ රිම් පැදපු අන්තිම පරම්පරාවත් අපි. බෘම්..බෘම්..පීප්..පීප්.. කිය කියනෙ ඕකට ගගහ දුවන්නෙ.. අන්තිමට 'ක්‍රීස්' ගාලා බ්‍රේක් එකත් ගහනවා.. ඇයි පොල්පිති ගොනා, කොලපට්ට රේස් ඔව්වා දැන් පොඩි උන් කරනවද මන්දා?
@ අසර්,
Deleteසොඳුරු මතකයන් තමයි..
එතකොට ඉස්කෝලේ යන කාලේ කරපු ඇම්ඩන් වැඩ. (ඔය ඇම්ඩන් කියන එක හැදුන විදිහ දන්නවද?)අපේ ඉස්කෝලේ ලඟට එනවා වෙරළු අච්චාරු, විවිධ රසකැවිලි, ගේන ආච්චි කෙනෙක්. ලොකු වට්ටියක ඒවා දාලා පාර අයිනේ තියාගෙන ඉන්නවා. අපේ 'සැට්' එක ආච්චිව වටකරගන්නවා. අනේ බලන්නකෝ නරක කොල්ලෝ මාව තල්ලු කරනවා. මම ආච්චිවත් බදාගෙන වැටෙනවා. නැගිටලා බලනකොට අර වල් කොල්ලෝ කැවිලි ජාති වලින් බාගයක් විතර අරන් ගිහින්. මගේ කොටස ලැබෙන්නේ පයකට විතර පස්සේ. ආච්චි අඬාගෙන දුවනවා නියෝජ්‍ය විදුහල්පති තුමා ලඟට. එතුමා තමන්ගේ අතින් අලාබ ගෙවනවා. ඔය වැඩේ වැඩි කල කලේ නැහැ. නියෝජ්‍ය විදුහල්පති තුමා මාව අතටම අල්ලාගෙන හම ගැහුවා. මට හරි සතුටුයි, හමුදා නිලධාරීන්ට උපහාර දැක්වීමේ උත්සවයට 2010 වසරේදී ඉස්කෝලෙට ගිය දවසේ දැනට විශ්‍රාමිකව ඉන්න ඉතා වයස්ගත එතුමාගේ දෙපා නමදින්න ලැබුනා.
Deleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
"ඔය ඇම්ඩන් කියන එක හැදුන විදිහ දන්නවද?" නෑනෙ.. කියන්නකෝ බලන්න..
Deleteහි..හි.. මරු වැඩේ කරලා තියෙන්නෙ.. විචාරක මහත්මයගෙ වැරැද්දක් නෑ.. නරක කොල්ලොනෙ තල්ලු කළේ... :)
ඇම්ඩන් කතාව වෙනමම ලිපියකින් ලියන්නම්.
Deleteපාසලු කාලයේ සුන්දර මතක සටහන් හදේ කොතැනක හෝ හැංගිලා ඉදලා එබෙනවා. අවාසනාවට අද ඉන්න ළමයින්ට ඒ වගේ සුන්දර දේවල් අත්විදින්න ලැබෙන්නෙ නෑ.
ReplyDeleteමමත් ඉස්කොලෙ යන කාලෙ ශත 25 ක් 50 ක් එකතු කරල සිත්තර පත්තරේ හරි සත්සිරි පත්තරේ හරි හොරෙන් අරන් ගිහින් ඉස්කෝලෙ චිත්‍රකතා බැලුවා. පාඩමට වඩා හිත දුවන්නෙ චිත්‍රකතාවට.
ඒකාලෙ ඉස්කොලෙ කන්ටිමට වඩා වැට ගාව තමයි බිස්නස් තිබුනේ. ඒ සුන්දර අතීතය සුන්දරයි
අද ඉන්නෙ ළමයින් නෙමෙයි ඩේටා එන්ටර් කරන ඩේටාබේස්.
Deleteඒ කාලෙ තිබ්බ වසංගතයක්ලු නේද සිත්තර පත්තර? අපේ තාත්තා කිව්වා ඩීමන් ආනන්දගේ පොත් ළඟ තබාගැනීමත් බරපතල වරදක්ලු. ඇයි බෝල් පොයින්ට් පෑනකින් ලියනවා අහුවුනොත් එදාට පෑනත් ඉවරයිලු කොල්ලත් ඉවරයිලු.
දැන් ඒවගේ කඩචෝරු ආච්චිලත් නැද්ද මන්දා?
මම 6 වසරේදී මේ ස්ටිකර් එකතු කරන්න පටන් ගත්තා ඒත් කවදාවත් ඉවර කරන්න ලැබුනේ නැහැ මොකද හැම සෙට් එකකදීම මොකක් හරි ස්ටිකර් එකක් අඩුයි අන්තිමේදී ඒ තරගේ ඉවරත් වෙලා.
ReplyDeleteලොකු අම්ම ගනං මට කේන්තියක් ආවා එහෙමට් හ්මිනිස්සු ඉන්නවා නේ.
ලියල තියෙන විදිය ඊටත් වඩා නියමයි.
උනුත් කපටියො බං.. ඔය එකතු කරන්න තියෙන හැම ත්‍රඟෙම මොකක් හෝ එකක් අති දුර්ලභයි..
Deleteඔව් බං.. මොකෝ මම පිට එකෙක්යැ.. තමන්ගෙම දුවගෙ පුතානෙ.. ඒ දවස්වල ඔය දෙපැත්තෙන්ම මට එච්චර සැලකිලි තිබ්බෙ නෑ.. අනිත් මුණුබුරන්ව තමා උඩ තියන් හිටියෙ.. ඒත් දැන් නම් කියව කියව යනවා මගෙ වරුණෙ.. කන්ඩ බැරි වැඩේ ඒගොල්ලෝ හැදුවා කියලත් කියනවනෙ.. හැබැයි තාමත් දෙන දේවල් දෙන්නෙ අනික් වුන්ට..
ස්තුතියි!
ස්ටිකර් සෙට් මමත් එකතු කලා මුල් 50ට පොඩි ගානක් මදි උනේ,,අපි නම් එක වගේ තිබුනු ඒවා මාරු කලා,, ගල්ටික් කරන්න සෑහෙන්න අමාරු උනා,ගුරුවරුන්ට අහු නොවී අපි ඕවා මොන තරම් ආරක්ශිතවද රැක්කේ,,පොත් වලටවත් ඒ තරම් ආරක්ශාවක් දුන්නේ නෑ
ReplyDeleteස්ටිකර්, ටොෆී කොළ මසුරං වගේනෙ අපිට.. ඇයි මතකද ඒකාලෙ කතාවක් තිබ්බා ටොෆී කොළයක් වැලමිටේ ඉඳන් ඇගිල්ලි කෙළවර වෙනකන් ඇද්දොත් බයිසිකලයක් හම්බෙනවා කියලා.. හැබැයි චුට්ටක්වත් ඉරන්න බෑ.. අපි ඒ කාලෙ ටොෆී කොළ කීයක් නම් අදින්න ට්‍රයි කළාද?
Deleteටොෆි කොල ඇදිල්ලනම් මමත් කලා... ඩෙන්ටා ටොපිද?.. මතක නෑ වර්ගෙ :)
Delete@ සාතන්,
Deleteඩෙන්ටීයි බන්ටියි නේද? ඇයි ඩේන්ටී රසපැන කියලා එකක් ගියෙ.. අපි කට ඇරන් ඒක බැලුවෙ..
මම ඔය විදිහට සල්ලි එකතු කරල ගත්තෙ පේ ෆෝන් කාඩ් එකක්... :)
ReplyDeleteස්ටිකර් පිස්සුව තිබුනෙ නින්ජා ටර්ටල්ස්ලගෙ එව්වට... ක්‍රිකට් නම් අදත් එපෝ... එදත් එපෝ... ;)
කාට කෝල් කරන්නද බන් පේ පෝන්?
Deleteදැන්නෙ මතක් වුනේ.. මට ගහලා තිබ්බෙ හින්දි නලු නිලි පින්තූර පිස්සුව.. අමීර්ලා, සලමොන්ලා, මධුරිලා, වව්ලලා ඔක්කොම හිටියෙ පොත් අස්සෙ.. දවසක් අම්මගෙන් කෑව ගුටි නැතිවෙන්න..
මටත් ඔය ස්ටිකර් පිස්සුව බරපතළ විදිහට තිබුණා.අපේ පැත්තේ ඒ ස්ටිකර්වල තිබුණු බැජ් එකේ පාටට වටිනාකම් තිබුණා.රතු එක තමයි වටිනා කමෙන් වැඩිම.ඒකට කළු ඒවා තුනක් හන්න පුළුවන්.ඔය විදිහට අපි ස්ටිකර් හුවමාරුත් කර ගත්තා..අනේ අපේ ඒ කාලේ..:):)
ReplyDeleteඅපේ නම් ඔහොම භේදයක් තිබ්බෙ නෑ.. ඒත් කොල්ලෝ හැමෝටම වගේ ස්ටිකර් පිස්සුව නම් හොඳටම තිබුනා.. එඩ්නා එවුන් ඒ දවස්වල හොඳට හොයන්න ඇති.. මම හිතන්නෙ කැන්ඩෝස්ලත් ඕක පටන්ගත්තට හරි ගියේ නෑ.. අනික කැන්ඩෝස් එකේ ස්ටිකරේ කොලිටියත් සවුත්තුයි..
Deleteඉස්සර සර් කෙනෙක් අපිව බුලත් විට ගේන්ඩ කඩේ අරිනවා
ReplyDeleteඅපි කට්ටිය කඩෙන් බුලත් විට උස්සලා සර්ට දෙනවා
සර්ගේ සල්ලි වලට තව සල්ලි දාලා සිකරට් අරගන
ගෙදර යන ගමන් අකූලකට රින්ගලා බොනවා
මෙව්වා ලියන එක හරිද මන්දා
අටං අයියලා පොඩිකාලෙම කොරලා තියෙන එව්වා..
Deleteමටත් හොදට මතකයි ඔය ස්ටිකර් එකතු කිරිල්ල ඒ දවස් වල අපි ඉස්කෝල ඇතුලෙ ස්ටිකර් නම්බර් වලට මරා ගත්තෙ නැති එක විතරයි. 340 කියන ස්ටිකර් නම්ඉර් එක හොයාගන්න මායි තව එකෙකුයි දුන්න ගේම මතක් වෙන කොටත් හිනා යනවා. මොනව වුනත් ආයෙත් ඒ සුන්දර අතීතය මතක් කරල දුන්නට ගොඩක් පිං අයියේ ....
ReplyDelete340 එච්චර විශේෂත්වය මොකක්ද මල්ලී.. දුලබ නොම්මරයක්ද? ඒ ගේමත් කිව්වානම්..
Deleteපොඩි කාලේ අපි කොච්චර ආසද ඔය වගේ දේවල් වලට.. එහෙම දෙයක් ගන්න උත්සහ කරන ළමයෙක්ට සත්තකින්ම හොරෙක් කියලා හංවඩු ගහන එක නම් හොඳ දෙයක් නෙවෙයි..ඒ පොඩිකමට ආසවට කරන දෙයක්..ඒකට ඒ වෙලාවට ගැලපෙන විදිහට එහෙම කරන්න හොඳ නැ කියලා කියලා දෙන එක තම කරන්න ඕනේ..
ReplyDeleteමරු ලිපිය..
සාදරයෙන් මගේ අඩවියට පිළිගන්නෙමි. ඔබට ස්තුතියි!
Deleteඉස්කෝලෙ ගිය කාලෙ මතක් උනා. මම දැන් ටවුන් ගිහින් ආවෙ. මේ පෝස්ට් එක යන්න කලින් කියවන්න උනා නම් අනිවා තෝසෙ ටිකක් අරන් එනව. කියවද්දි තෝසෙ කන්න හිතුනා. නියමයි යාලුවා.
ReplyDeleteමමත් ඉස්සර තෝස කන්න හරිම ආසයි.. ඒත් පස්සෙ කාලෙක ජරා තැනක් සෙට්වෙලා මට තෝස එපාම වුනා.. තාම කන්න හම්බෙලා නෑ ඉස්කෝලෙදි කෑව තරම් රහ තෝසයක්.. අපරාදෙ තෝසයක් කන්න තිබ්බ චාන්ස් එකක්නෙ මිස් කරගත්තෙ..
Delete