කලින් කොටස අපි නැවත්තුවෙ කොහෙන්ද? ආ.. ජුසේ වාස් පියතුමාත් එතුමාගේ සහයක ජෝනුත් ලංකාවට එන්ඩ පිටත්වෙච්ච තැනින්නෙ. එහෙනම් අද එතන ඉඳන් කතාව කියවමු. ඊට කලින් නොකියවපු අය කලින් ලිපිය කියවලා එනවානම් තමයි හොඳ. ජුසේවාස් පියතුමා කියන්නෙ කවුද? ජෝන් කියන්නෙ කවුද? ඒගොල්ලො ලංකාවට ආවෙ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් කලින් ලිපිය කියවන්නම වෙනවා. මෙන්න එහෙනම් ඒ ලිපියට යන පාර.
එහෙනම් අද කතාව පටන්ගමු නේද? කට්ටිය ලෑස්ති නේ?
අවසානයේ එක්තරා නිවසකින් ඔවුනට ආහාර ලැබුණා |
එහෙත් ටික දිනකින්ම ජුසේ වාස් පියතුමා පත් උනේ නොසිතූ විරූ කරදරයකට. ගමන් විඩාවෙන් කුසගින්නෙන් හා පිපාසයෙන් පෙළෙද්දීම එතුමාට පාචනය වැළඳුනා. ඒ දවස්වල පාචනය කියන්නෙ බොහෝම දරුණු වසංගතයක් වගේම වැළඳුණොත් බෙහෙත් නොමැති මාරාන්තික රෝගයක්. ඒත් සමඟම තවදුරටත් ඒ මඩුවේ රැඳීමට අවස්ථාව අහිමි වී යනවා. ගමේ කිසිඳු ගෙදරක් අසලට මෙම රෝගවාහක සන්නාසීන් එනවාට මිනිසුන් කැමතිවෙන්නේ නෑ.
අවසානයේ ජුසේ වාස් පියතුමාට ඇවිදීමට නොහැකි වූ විට මිනිස්සු කරන්නෙ අසල පිහිටි කැලයකට එතුමාව ගෙනගොස් දැමීම. ජුසේ වාස් පියතුමා රෝගයෙන් ඔත්පල වෙලා කැලේ මැද්දෙ වැටිලා ඉඳිද්දි ජෝන් ගම් වලට ගිහින් හිඟාකාලා ඇවිත් ඒවා උයලා පියතුමාට දෙනවා. නමුත් තව තවත් තත්වය බැරෑරුම් කරමින් ජෝන්ටත් පාචනය වැළඳී ඔත්පල වෙනවා.
කරකියාගත දෙයක් නැතිව දෙදෙනාම කැලේ මැද්දේ වැටී මරණය කොයි මොහොතේදැයි සිත සිතා සිටිනකොට තමයි කැලේ දර කඩන්ට ආපු කාන්තාවකට ඔවුන් හමුවන්නෙ. අසරණ සන්නාසීන් දෙදෙනා කෙරෙහි අනුකම්පා උපදවන කාන්තාව එදා සිට දිනපතා ඔවුන්ට සව් කැඳ කෝප්පයක් ලබාදෙනවා. එයින් විවේකයත් පෝෂණයත් ලැබීමෙන් දෙදෙනාගේ රෝගය පහවී යනවා.
මම කලින් ලිපියේදී සඳහන් කළාක් මෙන් වෙරළබඩ ලන්දේසි පාලන ප්‍රදේශයේ දරුණු ආගමික පීඩනයක් පවතින්නෙ. කතෝලිකයෙක් වීම කියන්නෙ මරණ දඬුවම ලැබිය හැකිතරම් වරදක්. ඒත් සමහර කතෝලිකයන්ගේ භක්තිය මරණයට පවා හීන කරන්න හැකිවුනේ නෑ. ඔවුන් රහසින් තම ආගමික වතාවත් කරගෙන ගියා. නමුත් ප්‍රශ්නය උනේ කතෝලික පියතුමන්ලාව ඝාතනය කිරීමත් රටින් පිටුවහල් කිරීමත් නිසා ආගමික වත් පිළිවෙත් ඉටුකරවාගැනීමට පියතුමන්ලාගේ හිඟකම. සමහර තැන්වලදී ගිහියොම මේ වතාවත් ඉටුකරගෙන තිබුනා.
දැන් පියතුමාටත් ජෝන්ටත් සුවයි. ඔවුන්ගේ ඊළඟ ව්‍යයාමය උනේ කතෝලිකයන් හඳුනා ගැනීම. පොඩ්ඩ එහා මෙහා උනොත් බෙල්ල ගහලා යන වැඩක් වෙච්ච නිසා බොහෝම පරිස්සමෙන් තමයි මේක කරන්ඩ උනේ. මේ සඳහා අපූරු උපක්‍රමයක් ඔවුන් භාවිතා කළා. හිඟමන් යදින විට කතෝලිකයන් පූජනීයත්වයෙන් සළකන ජපමාලයක් ඔවුන් මාලයක් මෙන් පැළඳ සිටියා. මේ ක්‍රමය නිසා ලන්දේසියෙක් උනත් පිස්සෙක් ලෙස සළකනවා විනා සැකකරන්නේ නැති බව පියතුමා දැනහිටියා. මොකද කිසිම කතෝලිකයෙක් ජපමාලය මාලයක් ලෙස නොපළඳින නිසා. (අදටත් සමහර මානසික රෝගීන් ජපමාල කරේ දාගෙන ඉන්නවා දකින්න පුළුවන්)
මේ විදිහට ටික කලක් යද්දී ජුසේ වාස් පියතුමාට දිනපතා හිඟමන් දෙන පවුලක් කෙරේ එතුමාගේ පැහැදීමක් ඇතිවෙනවා. ඔවුන් කතෝලිකයන් බව යනෙන අතරතුර කෙරෙනා කතාවලින් තේරෙනවා. කීපදිනක් ඇවෑමෙන් ඇතිවන හිතවත්කම උඩ දිනක් පියතුමා ඒ පවුලේ පියාට කතා කරනවා. "මට බව්තීස්ම වෙලා කතෝලිකයෙක් වෙන්න ඕනා. මට පියතුමෙක් හොයාදෙන්න බැරිද? " පියතුමා කනට කොඳුරනවා. මෙයින් විශ්මයට පත්වෙන ගෘහමූලිකයා තමුන් යම් පියවරක් ගන්නා බවට පියතුමාට ඉඟියකින් දන්වා සිටිනවා.
දිනක් මධ්‍යම රාත්‍රියේදී ඔහු පියතුමාව කැඳවාගෙන යන්නෙ වත්පොහොසත්කම් ඇති නිවසකට. එම නිවෙස් හිමියා හිටපු කතෝලිකයෙක්. නමුත් ඔහු ප්‍රසිද්ධියේ 'රෙප්‍රමාදු' ආගම වැළඳගැනීම නිසා මුදල් හදල් මෙන්ම පදවි තානාන්තරත් ලැබී තිබුනා. නමුත් ඔහු තවමත් රහසින් කතෝලිකයෙක් උනා. ඇති වී තිබෙන කුරිරු තත්වය ගැන රහසිගතව කතිකාව යන අතරෙ ඔවුන් විශ්මයට පත්කරමින් පියතුමා තම අනන්‍යතාව හෙළිකරනවා. ඒවගේම තමුන් සතු පූජා භාණ්ඩ පෙන්වන්නෙ ඒ බව තවත් තහවුරු කරන්න.
ලන්දේසි ආණ්ඩුවේ නිලධාරියෙක් වීම නිසා පියතුමාට ආරක්ෂාව සැපයීම භාරගන්නා ඔහු යාපනයේ ආරක්ෂාව මඳ බැවින් අසල පිහිටි සිල්ලාලෙයි ගමට යන ලෙස පියතුමාගෙන් ඉල්ලා සිටිනවා. යාපනයෙන් කිලෝමීටර් දහයක් පමණ එපිටින් වූ සිල්ලාලෙයි ගමේ කැලෑවට ආසන්න නිවසක් තමයි පියතුමාගේ නවාතැන වෙන්නෙ. මේ නිවසේ අයිතිකරු වෙන්නෙත් මේ ලන්දේසි රාජ්‍ය නිලදරුවාමයි.
සිල්ලාලෙයි බලාගන්ඩ ළමායි |
සිල්ලාලෙයි ගමේ ඉඳලා රාත්‍රියට යාපනයට පයින් එන්න පියතුමාට සිදුවෙනවා. සමහරවෙලාවට ආරක්ෂාව පතා වටපාරවල් අනුගමනය කරන්ඩත් උනාලු. හැතැප්මෙන් යන්න තියෙන දුර හැතැප්ම තුන හතර වටෙන් යන්නත් වුනාලු. කොහොමහරි පියතුමා ගමේ මිනිස්සුන්ට ආගම ධර්මය කියාදෙන්න වගේම දිව්‍ය පූජාව පවත්වලා ඔවුන්ගේ ආගමික වත් පිළිවෙත් ඉටුකරදෙන්නත් උත්සුක උනා. හැතැප්ම ගනන් පයින් ඇවිදිමින් එතුමා ගෙව්වෙ ඉතා දුෂ්කර ජීවිතයක්. කෑම ලැබුනෙත් බොහෝම අඩුවෙන්. අඳින්න ඇඳුමක්වත් හරියට තිබුනෙ නෑ වගේම පැදුරක තමයි නිදාගත්තෙ. සමහරවිට ඒකත් නැතිව නිකම්ම තණකොළගොල්ලෙ නිදාගැනීමට පියතුමාට සිදුවුනාලු. එතුමාට පොහොසත් මිනිසුන්ගෙන් ලැබුණු තෑගි වගේම සල්ලිත් දුප්පතුන්ට බෙදා දුන්නා මිසක් ප්‍රයෝජනයට අරගෙන නෑ.
පියතුමාගේ අධික කැපවීම නිසාම වසර දෙකකින් යාපනය අර්ධ ද්වීපයේ කතෝලික ප්‍රබෝධයක් ඇතිවෙනවා. නමුත් මෙතරම් වැඩ කොටසක් තනිව කළ නොහැකි බව තේරුම් ගන්නා එතුමා ගෝවෙන් පියතුමන්ලා ඉල්ලා ලියුමක් යවනවා. අවුරුදු දෙකකට පසු ඔහු ගෝවේත් සමඟ සම්බන්ධ වූ පළමු අවස්ථාව එයයි.මෙතැන් පටන් දිගින් දිගටම එතුමා ගෝවේ පිහිටි තම නිකායේ මධ්‍යස්ථානය සමඟ ලිපි හුවමාරුකරගෙන තිබෙනවා.
නමුත් දැඩි පාලකයෙක් වූ යාපනයේ ලන්දේසි පාලක ඒඩ්‍රියන් වෑන් රීඩ් (Adrian Van Rheede) ට යම් අමුත්තක් දැනෙන්න වැඩිකල් යන්නේ නෑ. කතෝලික පියතුමෙක් යාපන අර්ධ ද්වීපයේ සැරිසරන බව ඔහුට කනින් කොනින් ආරංචි වී තිබුනා. විශේෂයෙන්ම තමන්ගේ නිලධාරී ඩොම් පේද්‍රො(Dom Pedro)ගේ පල්ලි නොපැමිණීමත් ඔහුගේ සැකයට ලක්වුණා. ඩොම් පේද්‍රො කියන්නෙ පියතුමාට රැකවරණය දෙන ලන්දේසි නිලධාරියා. චර පුරුෂයන් මඟින් පියතුමෙක් යාපනයේ ගැවසෙන බව ටක්කෙටම දැනගන්නා රීඩ් කරන්නේ පියතුමාව අල්ලාදෙන්නෙකුට විශාල මුදලක් දෙන බව ප්‍රසිද්ධ කිරීම. ඒත් ලැබුණු තොරතුරුවලින් කළ වැටලීම් නම් සාර්ථක වන්නේ නෑ. ඒ වගේම කතෝලිකයන් යයි සැකකළවුන්ට වදදීමෙන්වත් තොරතුරු හෙළිකරගන්න ලැබෙන්නේ නෑ. ඉන් නොසැලෙන රීඩ් ඊළඟ නත්තල වෙනතුරු කල්ගන්නවා. මොකද ඔහු දැනහිටියා කොහේ හිටියත් කතෝලිකයෝ නත්තල් දින දිව්‍ය පූජාවට එකතුවෙන බව. පියතුමෙක් ඔවුන් අතර ඉඳිද්දි නත්තල් දින පූජාවක් අනිවාර්‍යෙන් පවත්වන බව ඔහු දැනසිටියා.
නත්තල් දිනය එළඹෙනවා. ඒ වර්ෂ 1689දි. නත්තල් දින මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව පැවැත්වෙන අතර රීඩ් තමුන් පුල පුලා බලා සිටි මොහොත උදාකරගන්නවා. හදිසියේම අවිගත් ලන්දේසි සෙබළුන් කතෝලිකයන් සිටින ස්ථානය වට කරන අතර කිසිවකුටත් එතනින් පැනයාමට ලැබෙන්නේ නෑ. ඇත්තෙන්ම කිසිවෙකුටත් පැනයාමට ලන්දේසීන් ඉඩතබන්නේ නෑ. ජනතාඅවගේ විලාප මැද ඔවුන් පූජාසනයත් එතැන තිබූ සියල්ලත් වනසා දැමුවාලු. කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් පවා ඉරාදැමුවාලු. අල්ලාගත් 300කට අධික කතෝලිකයන් පිරිසක් වද බන්ධන වලට ලක්කරමින් යාපනය කොටුව වෙත ගෙන එනවා. නමුත් රීඩ්වත් සෙබළුන්වත් පුදුමයටත් කෝපයටත් පත් කරමින් ඔවුන් සෙවූ පුද්ගලයා කොටුවී සිටියේ නෑ. ඔව්. ජුසේ වාස් පියතුමා. ඔවුන් අතර සිටියේ නෑ. එතුමා ගැලවීගිය ආකාරය අදටත් අභිරහසක්. එය එතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යයක් ලෙසත් සළකනවා. සිල්ලාලෙයි ජනතාව මෙය තදින් විශ්වාස කරනවා. සිල්ලාලෙයි වල ජනකතාවල දැක්වෙන ආකාරයට ජුසේවාස් පියතුමා බොහොම අනුහස් සතිත පුද්ගලයෙක්. ජුසේ වාස් පියතුමාගේ අතේ සමහර වේලාවන් වලදී ජේසු බිළිඳුන් සිටිනු දුටු බව පවා ඔවුන්ගේ මුඛ පරම්පරාගත කතාවල එනවා.
අසුවූ කතෝලිකයන් වදගාවිනා වලට ලක්වෙද්දී ලන්දේසි රාජ්‍යය නිළධාරී ඩොම් පේද්‍රොට අත්වෙන්නෙ අතිශය කෘර මරණයක්. ඒවගේම තවත් කිහිප දෙනෙකුට මරණ දඬුවම ලැබෙනවා. කෝපයෙන් වියරු වැටුණු ලන්දේසීන් පියතුමාව හොයා ගම් නියම්ගම් පීරනවා. එනපොට හොඳ නැතිබව හේරුම් ගන්නා යාපනයේ කතෝලිකයෝ පියතුමාවත් ජෝන්වත් පුත්තලමට පිටත් කරවනවා. මොකද එතකොට පුත්තලම අයිතිවෙලා තියෙන්නෙ කන්ද උඩරට රාජධානියට.
ලන්දේසි පාලන ප්‍රදේශ (1690) |
ඒ කාලයේදී ලන්දේසීන් තමයි ලංකාවේ වෙරළබඩ පාලකයින් උනේ. යාපනය, කොළඹ, ගාල්ල විදිහට ඔවුන්ගේ ප්‍රධාන පාලන ප්‍රදේශ තුනක් තිබුණා. ත්‍රිකුණාමලය හා මඩකලපු වරායන් දෙකම උඩරට රජුට උපකාර පිණිස ලන්දේසීන් විසින් පාලනය කළා. මෙහෙම කිව්වට ඇත්තටම ඔවුන්ගේ අරමුණ උනේ රජු වෙනත් ජාතීන් හා සම්බන්ධතා පැවැත්වීම වැළක්වීම. උඩරට රජුගේ පාලනයට නතු එකම වරාය වූයේ පුත්තලම පමණයි. එම නිසා පුත්තල්මේ වාසය කිරීම වාස් පියතුමාගේ ආරක්ෂාවට හේතු උනා. මෙව්වා ඉතින් ලංකා ඉතිහාසය දන්නා ඕනෑම කෙනෙක් දන්නා කරුණු.
පුත්තලම උඩරට රජු යටතේ පැවතීම නිසා ජුසේ වාස් පියතුමාට තවත් සැඟවී සිටීමට හේතුවක් උනේ නෑ. ප්‍රසිද්ධියේම පියතුමෙක් ලෙස පෙනීසිටීමට හැකියාව ලැබුණා. මොකද කන්ද උඩරට රාජ්‍යයේ ආගමික නිදහසට බාධාවන් තිබුනේ නෑ. නමුත් පුත්තලමේ වැසියොත් කතෝලිකයින්ගේ කේන්ද්‍රස්ථානය වෙච්ච මීගමුව බිඳවැටීමෙන් පස්සෙ පියතුමන්ලා නැතිකමින් පීඩා වින්ඳා. ඔවුන්ගේ සහයට පැමිණි පියතුමන්ලාවත් ලන්දේසීන් විසින් මරාදමා තිබුණා. ඉතින් පුත්තලමේ කතෝලිකයන් ජුසේ වාස් පියතුමාව ඉහළින් පිළිගැනීම අහන්නත් දෙයක්ද?
ඉතින් ජුසේ වාස් පියතුමා කල්පිටිය අර්ධ ද්වීපය පුරාත් පුත්තලම් දිස්ත්‍රික්කය පුරාත් සත් කෝරළය පුරාත් ආගමික කටයුතු නිදහසේ කරගෙන ගියා. කතෝලිකයන් සොයා ගම්මාන වල ඇවිද්දා. වරක් 'ගල්ගමුව'ට ගිය එතුමා එහි වන සතුන්ගෙන් මිනිසුන්ට වෙන හානි දැක කම්පා වුනාලු. ඒවගේම සතුන් ගමට නොපැමිණෙන පිණිස ලී කුරුසියක් සිටෙව්වාලු. අද එතැන දේවස්ථානයක් ඉදිවෙලා. එතුමා හිටවපු ලී කුරුසිය අදටත් ඒ පලු ගස පාමුල තියෙනවාලු. (මම පින්තූරයක් හෙව්වත් හරිහමන් එකක් ලැබුනේ නෑ. ඒ පැත්තෙ කෙනෙක් බලලා විස්තරේ කියනවානම් හොඳයි.)
ගල්ගමුවේ කුරුසිය හා දේවස්ථානය (කුරුසියක් නම් මට පේන්නෙත් නෑ) |
අවුරුදු තුනක් නිදහසේ ආගමික කටයුතු ගෙනගියත් 'රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නෑ' කියන්නා වගේ එතුමා තීරණය කරනවා තමුන්ව වඩාත්ම උවමනා කරන්නන් සොයායන්න. අවුරුදු තුනක් පුත්තලමේත් සත් කෝරළේත් සේවයෙන් පසුව එතුමා කන්ද උඩරට බලා යාමට සැරසෙනවා. ඒ තම සහයක ජෝනුත් සමඟ.
කන්ද උඩරටට යාමට බලපෑ තවත් හේතුවක් තමයි පියතුමාට ලැබුණු ආරාධනාව. ඒක ලැබුණේ ඇන්ටෝනියෝ සූසා (Antonio Sauto) නම් පෘතුගීසි ජාතිකයාගෙන්. ඔහු කන්ද උඩරට නැවතී සිටි කතෝලිකයෙක්. ඔහු කන්ද උඩරටට ගියේ කෙසේදැයි කීමට හරි විස්තරයක් නොදන්නාමුත් ඔහු සිය පවුලද සමඟ එහි නැවතී සිටි බව නම් කියන්න පුළුවන්. සමහර විට වෙරළබඩ ලන්දේසි පාලනයට නතුවෙද්දී උඩරට රජුගේ ආරක්ෂාව පැතුවෙකු වන්නට පුළුවන්. වෙළෙන්ඳෙකු වූ ඔහු නිතර පුත්තලම් වරායට ආවා ගියා. ඒ අතර ජුසේ වාස් පියතුමාව මුණගැසෙන ඔහු කන්ද උඩරට වැසියන්ගේ ආගමික කටයුතු කරදීමට ඉල්ලීමක් කරනවා. තමුන් රාජකීය අධිකරණයේ නිලධාරියෙකු හඳුනන බවත් ඔහු මඟින් උඩරටට ඇතුළු වීමට රජුගේ අවසරය ලබාදෙන බවටත් පොරොන්ඳු වෙනවා. මේ ආරාධනාව පිළිගැනීමට පියතුමා එකඟ වෙන්නෙ හදිසියේවත් පුත්තලම ලන්දේසීන් අල්ලාගතහොත් තමුන්ට කන්ද උඩරටට සංක්‍රමණය වීමේ අවස්ථාවද ඉන් ලැබෙන බව හිතා බලමින්.
නැවතත් සන්නාසි වෙස්ගන්නා පියතුමාත් ජෝනුත් හැතැප්ම 80ක ගමනක් ආරම්භ කරනවා. නුවරට හැතැප්ම 18කට පෙර වෑඋඩ කඩවතේදී ඔවුන්ට මුණගැසෙන්නේ ඇන්ටෝනියෝව. ඉතා සන්තෝසෙන් තමුන්ගේ ගෙදරට පියතුමන්ව පිළිගන්නා ඔහු ආගන්තුක සත්කාර පවත්වා පිටත්ව යන්නේ තම මිත්‍රයා සොයාගෙන. ඒ පියතුමාට නුවරට ඇතුළුවීමට අවසර ලබාගැනීමට. ඒ අතර පියතුමා වෑඋඩ කතෝලික ජනතාවගේ ආගමික වතාවත් ඉටුකරදෙනවා.
ඊටපස්සෙ මොකද උනේ?
සටහන : හිතුවාට වඩා කතාව දික්වෙනවනෙ.
//..සුප්පිලිසය (surplice), ස්ටෝල් පටිය(Stole), ජපමාලය(Rosary...//
ReplyDeleteජපමාලය ගැන නම් දන්නවා. යාඥා කරද්දී අතේ තියෙන ඇට මාලේ වගේ එකනේ. කොන්ත මාලය වගේ නමකුත් කියනවා නේද ?? අනික් දෙක මොනවද කියලා කියන්නෝ...
මේ කාලේ වෙද්දී උඩරට රජතුමා දෙවෙනි විමලධර්මසූරිය හරි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ වගේ නේද ??
දෙවන විමධර්මසූරිය රජතුමා තමා හසිත ඉස්සරහට තව කතා සෙට් එකක් තියනවා ඔතන,,,ජුසේ වාස් පියතුමා හිරේ වැටෙනවා..
Delete@ හසිත,
Delete*සුප්පිලීසය ගැන මෙතනින් බලන්න. ලෝගුවට උඩින් දාගෙන ඉන්න සුදු පාට ඇඳුම.
http://en.wikipedia.org/wiki/Surplice
*ස්ටෝල් පටිය ගැන මෙතනින් බලන්න. පටියක් වගේ තියෙන එක.
http://en.wikipedia.org/wiki/Stole_(vestment)
*ජපමාලයට, කොන්තය කියලත් කියනවා.
@ Gihan, ItalyDilan
Deleteගිහාන් සහෝදරතුමාටත්, ඩිලාන් අයියාටත් ස්තුතියි :)
@ Hasitha,
Deleteගිහාන් සහෝදරතුමා පළවෙනි ප්‍රශ්නයටත් ඩිලාන් දෙවෙනි ප්‍රශ්නයටත් නිවැරදි පිළිතුරු සපයා ඇති නිසා මට අමුතුවෙන් කියන්නෙ දෙයක් නෑනෙ.. මේ කතාවෙ අන්තිමටත් හසිතට මේ ගැන ටිකක් දැනගන්න ලැබෙයි..
@ ItalyDilan, ඝිහන්
පිළිතුරුවලට බොහෝම ස්තුතියි..
වහකෝට්ටේ පල්ලියත් මෙතුමා අතින් හාස්කමක් උනු පල්ලියක් නේද හරී මම එක වතාවක් ගිහින් තියනවා..ඔය වහකෝට්ටේ,බෝලවත්ත,ගල්ගමුව එකම කාල වකවානුවක ඉදි උනු පල්ලි කියලා කියන්නේ,,ඔන්න අද කොටස් 2ම කියෙවුවා... අර පිල්ම් එක බලන්න බැරි උනා තාම බලන්න ඕනා,,
ReplyDeleteවහකෝට්ටෙ පල්ලියට මමත් සැරයක් දෙපාරක් ගිහින් තියෙනවා. වංගු ගොඩාක් තියෙන පාරක ගියා මතකයි..හාස්කම් තියෙන පල්ලියක් හැටියට පිළිගන්නවනේ...
Delete@ ItalyDilan, ♥ ♥ ළිහිණි ♥ ♥
Deleteවහකෝට්ටේ පල්ලිය හාස්කම් සහිත පල්ලියක් කියලා මමත් අහලා තියෙනවා..මම නම් ගිහින් නෑ.. වතාවකුත් ළඟටම ගිහින් හැරිලා එන්න උනා..
ගල්ගමුව පල්ලිය ඩිලාන්ලාට ළඟයිද? මටත් ඒ ෆිල්ම් එක බලන්න ලැබුනේ නෑ..
ගල්ගමුව තියෙන්නේ අනුරාධපුරේ හරී,,මම ගිහින් නම් නෑ අහලා තියනවා
Deleteකතාව දික් වුනාට කමක් නෑ.. හිමීට ඔක්කොම ටික කියන්න...මේක මම එහෙන් මෙහෙන් කනින් කොනින් අහලා තිබුන කතාවක් ඔන්න දැන් මුල සිට සරලව ලස්සනට කියවගන යනවා.. ඒක හින්දා පිස්සු කෙලින්න විතරක් ලෑස්ති වෙන්න එපා හරිද ?
ReplyDeleteසෙන්නා මාමා කැමති දිග කතා කියවන්නනේ.. මම සෙන්නගේ සුද්දගෙ කතාව කියවන්න එන්නම්.. මේ ටිකේ වැඩ හරියට.. ඒක නිසා ඊළඟ කොටසත් ටිකක් පරක්කු වෙයි...
Deleteපිස්සු දොඩවන්න ඇතුව ඉදපිය anonymous තමුන් සාප වදීවී තෝ මුනිවරකුට අපහාස කරලා පව් කලා එනවා මෙතෙන ගොන් ආතල් දෙනවා
Deleteආපෝ එක අතක අරක්කු බෝතලෙයි(ජේසුගෙ ලේ කියලා) අනිත් අතේ බයිබලේයි ගෙනල්ල අපේ රට සංස්කෟතිය විනාස කරපු එවුන් ගැන මොන කතාද? බව්තීස්ම උනේ නැත්තං පොඩි දරුවව උඩ දාලා කඩුවට අල්ලපු ඒවට අනුබල දුන්න මහා පාහාරම ආගමක් ගැන කොහොමට උදම් අනන්නද?
ReplyDeleteඕකුන්ව ඒ කාලේ හිරේ දාන්න නෙවී තිබුනේ... ලෝක තියන ලොකුම වද ටික දීලා මරන්න... ඇණ ගැහුවත් මදි.
ගොන් ආතල් ගන්නෙපා බං. අපිට අපේ අගමැ ලොකු වගේම තමයි අනිත් උන්ට උන්ගේ ආගමත්.
Deleteමෙහෙමයි බං
Deleteආගම පතුරවන එකා කරපු දේවල් ආගමත් එක්ක ගාව ගන්නෙපා. මම දන්න විදිහට ඔය ආගමේ ඔහොම දේවල් නෑ.
@ Anonymous,
Deleteයම් ආගමක් අදහන්නන්ගේ හෝ ඒ ආගමේ සමහර පැවිද්දන්ගේ හැසිරීම්වලින් හා ක්‍රියාවලින් ඒ ආගම මනින්නේ කොහොමද? මට හිතෙන හැටියට මොන ආගමක්වත් එහෙම මනින එක සාධාරණ නෑ වගේම එහෙම මැන්නොත් එක ආගමක්වත් හොඳයි කියන්නත් බෑ..
මම හිතන්නේ ඔබතුමා/තුමිය කතාවෙ පළමු කොටස නොකියවා මෙන්ම සමහරවිට මේ කොටසත් නොකියවායි කමෙන්ට් කරලා තිබෙන්නෙ.. වාදකරලා ඵලක් නෑ.. ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි.. නැවත එන්න..
@ මිස්ටර් ඇනෝනිමස්, මධුරංග,
මොනවා කරන්නද එක් එක් අයගේ අදහස් වෙනස්නෙ..
ඔන්න කතාව අහගෙන හ්ම් කිය කියා ඉන්න ගමන් ඇඟේ හිරිගඩු පිපුනා. දැන් දන්නවා එතුමා අර සව් කැඳ ප්‍රිය කලේ කියලා. අදටත් බඩේ අමාරුව හැදුනාම අම්මා හදලා දෙන කැඳත් මතක් උනා. ඒක හදන්නේ හාල් බැදලද කොහෙද. මාර රහයි ඇඳේ ඉඳන් බොනකොට.
ReplyDeleteහරි කැපවීමකින් මේ වගේ ආගමකට වැඩ කරන, සහ කරපු අය ඉන්නේ ටිකක් කියලයි මට නම් හිතෙන්නේ. ඒ වගේ අය ගැන හොයමින්, මෙහෙම ලියන අයත් ඉන්නේ ටිකදෙනයි.?)
ඔය පින්තූරු තියන ටෙලිනාට්‍යයේ?? ෆිල්ම් එකේ??? නම කියන්ටලාකෝ දන්න කෙනෙක් ඉන්නවානම්.
@ Podi Kumarihami
Deleteමෙතනින් ගිහින් බලන්න.
http://youtu.be/T4QbJRkEXPw
thanks...:)
Delete@ පොඩ්ඩි,
Delete"අදටත් බඩේ අමාරුව හැදුනාම අම්මා හදලා දෙන කැඳත් මතක් උනා" ඒ බොන්නේ සව් කැඳද? ලුණු කැඳද?
"මාර රහයි ඇඳේ ඉඳන් බොනකොට." :)
"හරි කැපවීමකින් මේ වගේ ආගමකට වැඩ කරන, සහ කරපු අය ඉන්නේ ටිකක් කියලයි මට නම් හිතෙන්නේ. ඒ වගේ අය ගැන හොයමින්, මෙහෙම ලියන අයත් ඉන්නේ ටිකදෙනයි." ඒවා උනන්දුවෙන් කියවන අයත් ටිකයි.. :)
චිත්‍රපටියේ නම් නම් ජුසේවාස්.. මම නම් බලලා නෑ.. Joseph vas Sinhala Movie කියලා හොයන්න..
@ Gihan (ගිහාන්),
නැවතත් පිළිතුරට ස්තුතියි.. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් හොයාගන්න බැරිවුනා..
@ හරී,
DeleteIDM එකෙන් බලන්න මම දීලා තියෙන YOUTUBE link එකෙන්
@ Gihan (ගිහාන්),
Deleteෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න තරම් වත්කමක් මට නැත.. :)
3GB එහා මෙහා කරගෙන පාවිච්චි කරමි..
හරී මට තේරෙන්නේ නැත්තේ ඇයි මිනිස්සු එකම ආගමේ ප්‍රබේධ හදගෙන එකිනෙකා මරාගන්නේ කියලයි.. මේක අද පවතින හැම ආගමකටම තියෙන අසනීපයක්.. අන්තර් ආගමික යුද්ධ වලටත් වඩා දරුණුයි ආගම් තුල ඇති මේ සීතල යුද්ධ
ReplyDelete//අන්තර් ආගමික යුද්ධ වලටත් වඩා දරුණුයි ආගම් තුල ඇති මේ සීතල යුද්ධ // ඇත්ත කතාව බං.
Delete@ සරත් ලංකාප්‍රිය,
Deleteමෙතන සිද්ධියේ දී දේශපාළනයත් අදාල වෙනවා. ලන්දේසින් හිතනවා කතෝලික ආගම ඔවුන්ගේ පාළනයට බාධාවක් කියලා, එමඟින් පෘතුගීසී බලපෑමක් ඇතිවෙයි කියලා. ඒකයි ඔවුන් කතෝලික ආගම නැති කරන්න හදන්නේ.
@ සරත් ලංකාප්‍රිය,
Deleteදැන් පවතින හැම ආගමකම මේ වගේ කොටස් අතර අර්බුද තියෙනවානෙ.. හැබැයි මම මෙච්චරකල් හිතන් හිටියා බෞද්ධ ධර්මයේ ථේරවාද මහායාන අතර නම් මෙවැනි ගැටුම් නෑ කියලා.. ඒත් හසිතගෙ පසුගිය පෝස්ට් එකක මහායාන කතාවක් දැම්මා කියලා ආපු කමෙන්ට් දැක්කම නම් ඒ ගැන දෙවරක් හිතන්ඩ ඕනා කියලා හිතුනා..
@ මිස්ටර් ඇනෝනිමස්,
ඔබ හරි
@ Gihan (ගිහාන්),
සහෝදරතුමා කියන්නා වාගේ දේශපාලනය තමා මූලික වුනේ.. මොකද පෘතුගීසීන් ජනතාව තමුන්ට නතුකරගන්න රෝමානු කතෝලික ආගම පැතිරුවා වගේ ලන්දේසීන්ටත් ජනතාව තමුන්ගෙ පාලනය යටතේ තියාගන්න රෙප්‍රමාදු ආගම ප්‍රචලිත කරන්න අවශ්‍යය උනා.. නමුත් මෙතනදී ලන්දේසීන් එය කරපු ආකාරය බොහොම ඛේදජනකයි..
බලං යනකොට විදේශ ආක්‍රමණ වලින් පිඩාවට පත්වෙලා තියෙන්නේ බුද්ධාගම විතරක් නෙමෙයිනේ. දිගටම ලියහන් කොල්ලා උඹ ලියන විදිහට සිරාවට තේරෙනවා.
ReplyDeleteඔව්..
Deleteමේ වගේ දිරිමත් කරනවානම් ලියන්නම්කො ඇතිවෙන්ඩ..
ස්තුතියි හරී..දිගටම ලියන්න..
ReplyDeleteකියවන්ඩ එන්ඩ.. :)
Deleteඅද ලිපියත් කියෙව්වා.
ReplyDeleteහැමදාම කියනවා වගේ ස්තුතියි කියලා කියන්නම්. !
ලිපි සරල උනාමත් කට්ටියට කියන්ඩ දේවල් නෑ නේද?
Deleteපලවෙනි කොටසක් තියෙනවා කියලා දැන දැනම මේ කොටසින් පටන් ගත්තේ..කියවගෙන යන එක නතර කරන්න හිතුනේ නෑ...
ReplyDeleteඊළඟ කොටසත් කියවන්ඩ එන්ඩ..
Deleteඉස්කෝලෙදි වගේම දහම් පාසැලෙදී ඉගෙන ගත්ත දේවලට වැඩි දෙය්ක් හරීගෙන් දැනගත්තා. ස්තුතියි හරී..ඉතිරි කොටසත් බලාගෙන ඉන්නවා
ReplyDeleteඔයා දහම් පාසලුත් ගියාද ? අච්චර ධාර්මික කෙල්ල නේ මෙච්චර දේවල් ගොඩක් කලේ..
Delete@ ♥ ♥ ළිහිණි ♥ ♥,
Delete"ඉස්කෝලෙදි වගේම දහම් පාසැලෙදී ඉගෙන ගත්ත දේවලට වැඩි දෙය්ක් හරීගෙන් දැනගත්තා." එහෙම නම් සන්තෝසයි.. හැබැයි ඉතිරි කොටහ ටිකාක් පකක්කු වෙයි..
@ AnonymousJanuary 18, 2013 at 2:00 PM,
Deleteමේක විහිළුවක්ද? මඩක්ද?
විහිළු කළාට නම් කමක් නෑ ඒත් මඩ නම් ගහන්න එපා ගොයියෝ..
@Anonymous
Deleteඇයි ඇනෝට මම මොනා කරලද ? මූණ වහගෙන හොර ගල් අහුල අහුල ඕක කියන්නෙ නැතුව කෙලින්ම කියන්නකෝ :D
පියතුමා කළුතරට ආපු හැටි බලන්න දිගටම එනවා. ආස හිතෙන කතාවක්. අනේ ඇත්තට නිදහසේ තමන්ට කැමති ආගමක් අදහන්න බැරිනම් ඉඳල මොකටද
ReplyDeleteකළුතරට යනකම් විතරක් නෙමෙයි 2005 වෙනකන් මේ කතාව යනවා.. ඒත් බයවෙන්ඩ එපා ගොඩක් කියවන්ඩ වෙන්නෙ නෑ.. :)
Delete"අනේ ඇත්තට නිදහසේ තමන්ට කැමති ආගමක් අදහන්න බැරිනම් ඉඳල මොකටද " හැබැයි මැරිලා හරියන්නෙත් නෑ.. :)
නියමයි නියමයි.දිගටම ලියමු.රෝමානු කතෝලික බේද ගැනත් දාන්න ලිපියක්.
ReplyDeleteඒ දිග කතාව ගැනත් ළඟදිම ලියනවා.. මේකෙන් භේද ගැන පොඩි අදහසක් ආවා නේද?
Deleteඅද තමයි කොටස් දෙකම කියෙව්වේ..... නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා. ඊලග කොටසත් බලමුකෝ.......
ReplyDeleteඅද තමයි මම රිපලයි කරන්නේ.. ඊළඟ කොටහත් කියවන්ඩ එන්ඩ..
Deleteඒ දවස් වල සෑහෙන නාවික බලයක් තිබ්බ ලන්දේසි, පුත්තලම් වරායෙන් ගනු දෙනු වෙන එක සම්පුරණයෙන් නවත්තපු නැති එකයි පුදුමෙ. එකම ආගමේ වෙලත්, විවිධ ප්‍රභේද අදහන්නන් අතර විරසකය මිනිස් ජිවිත නැති කරන තැනට යන එක තමයි මට හිතාගන්න බැරි. අද මුස්ලිම් ආගමේ සුන්නි සහ ෂියා අතර ගැටුමත් ඒ වගේ.
ReplyDeleteලන්දේසීනුත් රජතුමාත් අතර ලොකු විරුද්ධවාදිකම් තිබුනේ නෑනෙ.. මූණට හිනාවෙලා පස්සට අනින එකක් වගේ එකක්නෙ තිබුනෙ.. ලන්දේසීන්ව ගෙන්නගත්තෙත් රජතුමානෙ.. ලංකාවේ ප්‍රධාන වරායන් දෙක වෙච්ච ඒවගේම ලන්දේසීන්ට ඉතා වැදගත් වෙච්ච ත්‍රිකුණාමලයත් මඩකලපුවත් තිබ්බෙ ලන්දේසීන් අතේ.. ඔවුන් එය පාලනය කරන්නේ හා ඒවාට ආරක්ෂාව දෙන්නේ උඩරට රජු වෙනුවෙන් කියලයි කිව්වෙ.. ඒත් ඔවුන්ගේ ඇත්තම අභිප්‍රාය උනේ වෙනත් ජාතියක් හා රජු ගණුදෙනු කිරීම වැළක්වීම..
Deleteපුත්තලම කියන්නේ ලොකු වරායක් නෙමෙයි.. පිහිටීම අතිනුත් පුත්තලම හොඳ තත්වයක නෙමෙයි තිබුනේ.. ඒ නිසා පුත්තලම වරාය අල්වාගෙන නඩත්තු කිරීම පාඩුවක් හැටියට ලන්දේසීන් දකින්න ඇති.. හසිත මේ ගැන හරියටම කියයි..
"විවිධ ප්‍රභේද අදහන්නන් අතර විරසකය මිනිස් ජිවිත නැති කරන තැනට යන එක තමයි මට හිතාගන්න බැරි." මොනවා කරඳ? මිනිස්සු ආගම වෙනුවෙන් මරන්නත් මැරෙන්නත් ලෑස්තියි.. ඒත් ඒ ආගමට අනුව ජීවත් වෙන්ඩ ලෑස්ති නෑ..
අර කිවුවත් වගේ පුත්තලමේ එහෙම ගනන් ගත යුතු මට්ටමේ වරායක් ගැන ඉතිහාස පොත්වල කියැවෙන්නේ නැහැ.. මන්නාරමේ වරාය හා පෘතුගීසි/ ලන්දේසි බලකොටුව තිබුනා, හලාවත මුතු කිමිදීම සඳහා භාවිත වුනා.. මේ දෙක අතර ගමනාගමනයේදී තාවකාලික නැවතුම්පලක් විදියට භාවිත වුනේ කල්පිටිය (නැවතත් පෘතුගීසි/ ලන්දේසි බලකොටුව).. සමහරවිට කුඩා ධීවර වරායක් වශයෙන් විතරක් පුත්තලම භාවිත වෙන්න ඇති.. මේ නිසාම වෙන්න ඇති පියතුමා රටට ඇතුළු වෙන්න පුත්තලම තෝරාගන්න ඇත්තෙ, කාගෙවත් ඇහැ නොගැහී (විශේෂයෙන්ම ලන්දේසින්ගෙ හා ඔවුන්ගෙ ඔත්තුකාරයින්ගෙ) එන්න පුළුවන් නිසා..
Delete@ Buratheno,
Delete"මේ නිසාම වෙන්න ඇති පියතුමා රටට ඇතුළු වෙන්න පුත්තලම තෝරාගන්න ඇත්තෙ" පියතුමා ගොඩ බහින්නෙ යාපනයට..
ඒත් ආරක්ෂාව පතා කතෝලිකයන් පියතුමාව පුත්තලමට එවන්නෙ පුත්තලම උඩරට රාජධානියට අයත්ව තිබූ නිසා..
හෆොයි මිනිස්සු ආගම් පතුරවන්ඩයි විනාශ කරන්ඩයි කන කට්ටක්.
ReplyDeleteඒ ගැන නම් මොකට කියනවද දිනුක.. පුදුමේ කියන්නෙ ඔය දඟලන දැඟලිල්ල ආගම් පිළිපදින්න දඟලන්නෙ නෑනෙ..
Deleteකතාව අන්තිමට මූලාශ්‍ර ගැනත් සඳහන් කරන්න හරී, එතකොට අවශ්‍ය කෙනෙකුට ඒ මූලාශ්‍ර හොයාගෙන පරිහරණය කරන්න පුළුවන්. ඔබ අතගසා තිබෙන මාතෘකාව ගැඹුරුයි. සමහවිට මට හිතෙනවා සාක්ෂි වශයෙන් පලකෙරෙන සිතියම් සහ පින්තූර මීට වඩා සවිස්තරාත්මක විය යුතුයි කියලා. සමහරවිට ඔබේ මීසම භාර පියතුමා වැනි අයගෙන් සහ සමහර දේවස්ථානවල ඇති පුස්තකාලවලින් ඉතා වටිනා සහ වැදගත් තොරතුරු ලබාගත හැකිවනු ඇති. එවැනි විස්තරද සහිතව පල කලොත් ලිපියේ ශාස්ත්‍රීය බව තවත් වැඩි වෙනවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
එක කාලයක් දිගට හරහට ජුසේවාස් පියතුමා ගැන පුවත්පත්වල ලිපි පල උනා.. ඒවා කියවලා මේ කරුණු ඔක්කොම මතක තිබුනත් ලිවීමේ පහසුව හිතලා මූලාශ්‍රයක් හොයාගෙන ඒක පරිවර්තනය කරලයි දාන්නෙ.. එතකොට කරුණු හැලෙන්නේ නෑනෙ.. ඒ මූලාශ්‍රය ගැන අන්තිමට දාන්නම්..
Delete"සමහවිට මට හිතෙනවා සාක්ෂි වශයෙන් පලකෙරෙන සිතියම් සහ පින්තූර මීට වඩා සවිස්තරාත්මක විය යුතුයි කියලා" ජුසේවාස් පියතුමා ගැන අන්තර්ජාලයේ යම් විස්තර තිබුනත් පින්තූර හා සිතියම් නම් නෑ.. එතුමා ඉන්දියානුවන් හා ලාංකිකයන් වැදගත්කොට සළකන තරම් අන් අයට වැදගත් නැති බැවින් ලාංකිකයෙකුට හෝ ඉන්දියානුවෙකුට තමයි මේ විස්තර ඇතුළත් කරන්න වෙන්නේත්.. යාන්තම් චිත්‍රපටියේ පින්තූර වගයක් තිබිලා දැම්මා..
ඒ නිසා හැකියාවක් තියෙන කෙනෙකුට චිත්‍රත් සිතියමුත් එකතු කරන ලෙස ඉල්ලා සිටිනවා..
මුලින්ම මම හිතා හිටියෙ ජුසේවාස් මුනිතුමාගෙ මංගල්‍යය නිමිත්තෙන් අන්තර්ජාලයේ ඇති ලිපි කීපයකට ලින්ක් දාන්න.. ඒත් ඒ විස්තර සම්පූර්ණ නෑ කියලා හිතුන නිසා මමම ලියන්ඩ ගත්තෙ..
"එවැනි විස්තරද සහිතව පල කලොත් ලිපියේ ශාස්ත්‍රීය බව තවත් වැඩි වෙනවා." ඒත් වෙලාව නෑ විචාරක මහත්මයෝ.. :)
ගල්ගමුවේ කුරුසිය පේන ෆොටෝ එකකට මෙතනින් ගිහිල්ලා බලන්න.
ReplyDeletehttp://www.archdioceseofcolombo.com/inner.php?news_id=159
ඒ සුරුවම් කූඩුව ඇතුළේ තියෙන්නෙ කුරුසයද?
Deleteස්තුතියි සහෝදරතුමා..
@ හරී,
Deleteමම හිතන හැටියට ඔව්. මමත් ඔතනට ගිහිල්ලා නෑ. ඒත් පේන හැටියට නම් ඒක වගේ තමා කුරුසේ.
මම ගල්ගමුවෙ ඔය පල්ලියට ගිහින් තියෙනවා. මම ළග එය කුරුසිය තියෙන ෆොටෝ එකක් තියෙනවා. තාමත් ගමේ මිනිස්සු වල් අලින් වගේ කැලෑ සතුන්ගෙන් ජුසේවාස් පියතුමා ඒ අයව ආරක්ෂා කරනවා කියලා විශ්වාස කරනවා. චින්තා
ReplyDeleteවිස්තරය ඇහින් දැකපු කෙනෙකුගෙන්ම අහගන්නට ලැබීම සතුටක්..
Delete