5.23.2014

නයි කීදෙනෙක් ඕනද?

ඔන්න ළමයිනේ අද මම ඔයාලට පුංචි ගණිත ගැටළුවක් ඉදිරිපත් කරන්නයි හදන්නෙ. කවුද බලමු හපනා.

ඕගොල්ලො දන්නවනෙ සත්ව විද්‍යාඥයෝ කියලා කට්ටියක් ඉන්න බව. ඔය සත්තු ගැන පරීක්ෂණ කරන්නෙ. අන්න ඒගොල්ලො කියන විදිහට හොඳින් වැඩුණු එහෙමත් නැත්නම් සුහුඹුල් නයි හය දෙනෙකුට ගෙම්බො හය දෙනෙක් අල්ලගන්න විනාඩි හයක් යනවලු. ඉතින් මට තියෙන ප්‍රශ්නෙ තමයි ඒ වගේ ගෙම්බො හැට දෙනෙක් විනාඩි හැටකින් අල්ලන්න සුහුඹුල් නයි කීදෙනෙක් ඕනද? කියන එක.

නෑ.. නෑ.. උත්තරේ හැට නෙමෙයි. පොඩ්ඩක් හිතලා බලන්න. උත්තරත් එක්ක කමෙන්ට් ටික නම් දාන්නෙ හෙට උදේට.

72 comments:

  1. හැටට නම් අඩුයි :)

    ReplyDelete
    Replies
    1. හැටට අඩුයි නේන්නම්.. ඊට වැඩි උනොත් එක ගෙම්බාව බෙදාගෙන කන්න වෙනවා.. :)

      Delete
  2. Replies
    1. කට්ටිය කියන්නෙ දේශකයා ගණන්කාරයා කියලනෙ..

      Delete
  3. මට ගණන් බෑ. බෑමයි. ඔය ගෙම්බෝ හැට අල්ලන්ට එක නයෙක් හිටපුවාම මදෑ...ගණන් දන්නේ නැත්නම් අරීගෙන් අහන්ට මෙයා....අපිට කරදර නොකර හී හී....

    ReplyDelete
  4. මට ගණන් බෑ. බෑමයි. ඔය ගෙම්බෝ හැට අල්ලන්ට එක නයෙක් හිටපුවාම මදෑ...ගණන් දන්නේ නැත්නම් අරීගෙන් අහන්ට මෙයා....අපිට කරදර නොකර හී හී....

    ReplyDelete
    Replies
    1. එක නයාට බෑනෙ පොඩ්ඩි විනාඩි හැටෙන් ගෙම්බෝ හැටක් කන්ඩ.. :P

      Delete
  5. මේ දවස්වල නම් මට කල්පනා කරන්ඩ අමාරුයි... කවුරුහරි උත්තරේ කියනකන් ඉන්නවා !

    ReplyDelete
    Replies
    1. කල්පනා කරන්ඩ ඕන රස්සාවක් කරන මධුරංගටත් කල්පනා කරන්න බැරිනම්..

      Delete
  6. මොළේ කුරුවල් වෙයිද මන්දා මේකට උත්තර හොයලා

    ReplyDelete
    Replies
    1. එහෙම උනොත් අඩුම ගානෙ එහෙම එකක් තියෙනවා කියලවත් දැනෙයිනෙ..

      Delete
  7. මලක් පූජ කරා නං ටක්කෙට කීහැකි.. !! යටිතල පහසුකං මදි,වෙලාව තමා.
    චැහ්

    ReplyDelete
    Replies
    1. අද පෝය දවසයැ මල් පූජා කරන්ඩ.. :P

      Delete
  8. Replies
    1. එක නයාට ගෙම්බො හැට දෙනෙක් කන්න පුළුවන්. ඒත් විනාඩි හැටක් ඇතුළත කන්න බෑනෙ..

      Delete
  9. නයි කයිද රෝස්පාන්!!! ගණිතයට අනුව නයි 6යි... හැබැයි සත්ව විද්‍යාවට අනුවනම් එක නයෙක් එක ගෙම්බෙක් ඇල්ලුවට පස්සේ දවස් ගානකට ආයේ ගොදුරක් ගන්නේ නෑ!!! මීට සුදු නයා

    ReplyDelete
    Replies
    1. උත්තරය නම් හරියටම හරි. ඒත් ඔය අතුරු කතාව නම් ඇහුවෙත් අදයි. මම අහලා තිබුනා සර්පයෙක්ව කාපු කබරයෙක් මාස ගානක් නොහෙල්ලී ඉන්නවා කියලා විස බහිනකම්..

      Delete
  10. අර පොඩ්ඩි කයල තියෙන්නේ ලෙසටම

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිගෙ කට නම් පොඩි නෑ..

      Delete
  11. Replies
    1. උත්තරය වැරදියි මේනක. ඒත් උත්සාහ කරපු එක වටිනවා.

      Delete
  12. ඒක නයෙක් හිටියම ඇති .

    ReplyDelete
    Replies
    1. ඒත් ඌට විනාඩි හැටෙන් ගෙම්බො හැටක් කන්න බෑ.. එකෙකුට ගෙම්බෙක් අල්ලන්න විනාඩි හයක් යනවා..

      Delete
  13. නයි ගෙම්බෝ විනාඩි
    1 1 6
    1 10 60
    6 60 60

    නයි 6ක් ඕන

    ReplyDelete
    Replies
    1. උත්තරය හරියටම හරි..

      Delete
  14. නයෙක් ඇරපු දුර ....ඈ මෙකට අයේ ගනන් මොකටද ?? ෂ් ...ෂ් ... ෂ්

    ReplyDelete
  15. ඈ කෝ මගේ ෂ් ...ෂ් ...ෂ් කමෙන්ටුව ..

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ උඩින්..

      Delete
  16. Replies
    1. බැලූ බැල්මට 10යි කියලා හිතෙනවා තමයි. ඒත් දහය නෙමෙයි උත්තරේ.

      Delete
  17. Replies
    1. සමාන්‍ය දැනීම? :)

      Delete
  18. හරී නයි අරී

    කම්මැලියි අනේ ඔව්වා හද හදා ඉන්න.

    ReplyDelete
    Replies
    1. හා හා කම්මැලි වෙලා බෑ. :)

      Delete
  19. අන්න අන්සතු දිනපොතේ ඔය ගෙම්බෝ ඉන්නවා!
    http://ansathudinapotha.blogspot.com/2014/05/blog-post_22.html

    ReplyDelete
    Replies
    1. මම ඒක බලලා ආවා විතරයි.. එතන ඔක්කොම අදාළ නැති ගෙම්බොනෙ..

      Delete
  20. දැනට කීපදෙනෙක්ම නිවැරදි පිළිතුරු සපයා ඇත.

    ReplyDelete
  21. Replies
    1. :D ගෙම්බෝ හයක් ඕන නයින්ව කන්නද?

      Delete
  22. ඒත් ඉතිං නයි හයදෙනයි තමා ඕන..

    ReplyDelete
  23. ගණන් බැහැ අයියෝ

    ReplyDelete
    Replies
    1. ගණන් කාරයෙක් නෙමේද?

      Delete
  24. Replies
    1. ගෙම්බෝ හය කන්නද? :)

      Delete
  25. මනෝද්‍ය රසාංජන5/24/14, 12:11 PM

    නයි 6 කට ගෙම්බෝ 6 අල්ලන්න විනාඩි 6යි.. ඒ කියන්නේ එක නයෙක්ට ගෙම්බෙක් අල්ලන්න විනාඩි 6ක් යනවා. (හරිද මන්දා? හරි නම්...) විනාඩි 60කින් ගෙම්බෝ 60 අල්ලන්න ඕනේ නයි 6 දෙනෙක්ම තමයි. (ඒ කියන්නේ නයෙක්ට ගෙම්බෝ 10 ගානේ සෙට් වෙනවා. එතකොට අල්ලන්න 10 ගුණයක් වෙලාව යනවා.[6x10=60])
    (හැබැයි මේක වෙනස් වෙන්න පුළුවන්. ගෙම්බෝ දෙන්නක් එක ළඟ හිටියොත් වෙලාව අඩු වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තටත්.:D )

    ප.ලි. - දැන් මේක හෙව්වා කියල නයින්ටවත්, ගෙම්බන්ටවත්, මටවත් වැඩක් නෑ. ඉතින් මම මේක හෙව්වේ මොකටද...? "අනේ මන්ද"

    ReplyDelete
    Replies
    1. බොහෝම සවිස්තරාත්මක් උත්තරයක්. හරියටම හරි.

      මේක ලිව්ව මටත් එහෙම තමයි. :)

      Delete
  26. නිවැරදි පිළිතුර තමයි 'විනාඩි හැටක් ඇතුළත ගෙම්බෝ හැටක් කන්න නයි හයදෙනෙක් අවශ්‍යයි' කියන එක. මනෝද්‍ය රසාංජනගේ විස්තරයෙන් ඔක්කොම පැහැදිලි වෙයි.

    Pra Jay, Anonymous5/23/14, 10:11 AM,Reader, Nirmal Pathirana, Anonymous5/23/14, 12:56 PM, Dulanjalee Chandrasiri, Buratheno, මනෝද්‍ය රසාංජන කියන අය නිවැරදි පිළිතුරු සපයා තිබුනා. ඔවුන් ඇතුළු පිළිතුරු දුන් නොදුන් සැමටම ස්තුතියි කරමින් මම නවතිනවා.

    ReplyDelete
  27. නයි කයිද ගෙම්බො කිවුවලු.

    ReplyDelete
    Replies
    1. නයි කයිද රෝස්පාන්?

      Delete
  28. ඔන්න මමත් අහක ඉඳලා ඒ ස්තුතිය බාර ගත්තා. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමා ලේසිම වැඩේ. :)

      Delete
  29. එන කොට පරක්කු වැඩියි නෙව.කොහොමත් උත්තරේ දැනං හිටියෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අනික් දවසෙ වේලාසන එන්ඩ.

      Delete
  30. ඔය ගෙම්බො හැටම එක උරේක දාගෙන යයි චීනෙක් ආව නම්...

    ReplyDelete
    Replies
    1. චීන්නු විතරක් නෙමෙයි ජපන් ගිහිල්ලා ආපු අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙකුත් ගෙඹි කකුල් සුප් බොනවා. මිනිහා නම් කියන්නෙ පුරුදු උනාම ඉක ජරාවක් හැඉයට හිතෙන්නෙ නෑ මාඅ රහයි. ගුණයි කියලා. මිනිහා ගන්නෙ අර කොළපාට ලොකු ගෙම්බෝ.

      Delete
  31. Replies
    1. එහෙනම් බෙදන්න ඕනෙ නැති ගානක් දෙන්නම්..

      Delete
  32. එල එල ..... අපි පරක්කු වැඩිනේ

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...