5.27.2014

අලුත් වචන තුනක් දවසකට වචන පහක්

අද උදේ පාන්දරම මට හිතුනා අන්තර්ජාලෙන් ජෝක් එකක් බලන්න. (රටේ ජෝක් නැති කමට :))ඔන්න ඔය පහළ පින්තුරෙ මට හම්බවුනා. ඒකෙන් පෙන්වන්න හදන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකකට එන පාරිභෝගිකයෙක්ව අදාළ ආයතනය මඟින් තෘප්තිමත් කරන්නෙ කොහොමද කියන එකට උදාහරණයක්.


පාරිභෝගිකයා බලාපොරොත්තු වුනේ මොකක්ද? අන්තිමට දුන්නෙ මොකක්ද කියන එක වචනයෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. පහළ කරුණු ටික බලමුකො.
  • පළවෙනි කාරණාව පාරිභෝගිකයා හොඬක් බලාපොරොත්තු වෙනවා. හරි හොඬක් තියෙනවා. 
  • දෙවෙනි කාරණාව කකුල් හතරක් තියෙන්න ඕනෙ. ඒකත් හරි. 
  • මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් විය යුතුයි කියන කාරණාවත් හරි. 
  • ඊළඟට කළු වෙන්න ඕනෙ. ඒකත් හරිනෙ. 
  •  ඊළඟ එක තේරෙන්නෙ නෑ වගේ. අතැරලා දාමුකො දැනට. 
  • ඔය කාරණා වලට අමතරව හදපු එකාගෙන් කිරිත් ගන්න පුළුවන්. කොහොමද ටිකිරි මොළේ.
දැන් බලමු 'herbivorous' කියන්නෙ මොකක්ද කියලා. ආහ්හ් මේ කියන්නෙ ශාඛ භක්ෂක කියලනෙ. ඒ ටික හොයන්න ගිහින් අලුත් වචන තුනක් දැනගත්තා.
  • Herbivore - ශාඛ භක්ෂක
  • Carnivore -  මාංශ භක්ෂක
  • Omnivore - සර්ව භක්ෂක
සිංහල වචනවල තේරුම් දන්නෙ නැත්නම් ආයෙම මොන්ටිසෝරි යවලා ගන්න වෙනවා.

මේ වචන තුන දැනගත්තම මතක් උනේ හැමදාම දවසට අලුත් වචන පහක් ඉගෙන ගන්නවා කියලා මම කී වාරයක් නම් හිතාගෙන ඇතිද? එහෙම හිතලා අවුරුදු කීයක් නම් ගතවෙලා ඇතිද? ගොඩක් වෙලාවට එහෙම ඉගෙන ගන්නවා කියලා හිතුන ගමන් ඉංග්‍රීසි පත්තරයක් අරගෙන ඇවිත් නොදන්න වචනවලට ඉරිත් ගහගෙන ඔන්න කොල්ලා වැඩ පටාන් ගන්නවා. ඒ උනන්දුව නැතිවෙන්නෙ එක දිගට සෑහෙන කාලයක් ඒ කිව්වෙ දවස් දෙකක් විතර ඒ වැඩේ කළාට පස්සේ. ඇත්තටම හැමදාම එහෙම ඉගෙනගත්තානම් මේ වෙනකොට වචන කීයක් දන්නවාද හිතෙනකොටත් දුකයි. ඒත් එහෙම ඇතිවෙන දුකත් තාවකාලිකයි. :P

ඔන්න ඔක්කොම අමතක කරලා අද ඉඳන් මම දවසට වචන පහ ගානෙ ඉගෙනගන්න පටන් ගන්නවා. 'දැන් කොහොමද වචන ඉගෙනගැනිල්ල?' කියලා දවස් දෙක තුනකට පස්සේ අහන්න ඔට්ටු නෑ ඔන්න. :)

35 comments:

  1. Herrenkleidungsgeschäft කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. Herrenbekleidungsgeschäft

      Delete
    2. Men's clothing store

      Google translator තියෙනකම් අපි භය නෑ.

      Delete
    3. වැඩකාරයා වැඩකාරයා. හරියට හරි. පිරිමි ඇඳුම් කඩේ. මම මේක ලිව්වේ ඉස්සර හිටිය එක ලේඛකයකුගේ අදහසක් අනුව. ඒ තමයි සිසිරකුමාර මානික්කආරච්චි මහතා. පස්සේ දවසක එයා ගැන කියන්නම්.

      Delete
    4. හා හොඳයි. පස්සෙ දවසක කියන්න. මං හිතුවෙ ඔයා නොහිටියානං අපි මෙව්ව දැන ගන්නෙ කොහොමද කියලා.

      Delete
    5. @ Wicharaka,
      //මම මේක ලිව්වේ ඉස්සර හිටිය එක ලේඛකයකුගේ අදහසක් අනුව. // මේ ටික නම් පැහැදිලි උනේ නෑ.. කොහොමවෙතත් කතාව පස්සෙ දවසක කියන්නකො..

      …@Anonymous,
      විචාරක මහත්මයා බොහොම ඇසූ පිරූ තැන් ඇති මනුස්සයා..

      Delete
  2. අද නාඩියා කලබලේට කොටපු නාඩියක් වගෙයි මේක...

    ReplyDelete
    Replies
    1. පැටලිලා වගෙයි.

      Delete
    2. @ සිරාගෙ කාමරේ,
      …නාඩියා ????

      …@ඵ්‍රසන්ன,
      …පැටලිලා නෙමෙයි ටැපලිලා..

      Delete
  3. මං අහල තියනවා කවුදෝ කියපු දෙයක් වචන 600ක් දන්නා කෙනා ඉංග්‍රීසි කතා කරයි කියල. මේකේ ඇත්ත නැත්ත නම් මම දන්නේ නෑ, නමුත් මේක තිබ්බේ ඩික්ෂනරි එකක පිටුපස කියල මතකයි.

    ReplyDelete
    Replies
    1. කොළඹ විජය මුද්‍රණාලයෙන් නිකුත් කරපු සාක්කු ශබ්ද කෝෂයේ පිටුපස වෙන්න ඇති ඔයා ඔය කියන්නෙ. ඒකෙ පිටුපස තියෙනවා

      ඉංග්‍රීසි භාෂාවේ වචන 250 දත් අයෙකුට ඉංග්‍රීසි කථා කිරීමට හැක කියලා දාර්ශනිකයෙකු වන බර්නාඩ් ෂෝ කිව්වයි කියලා.

      Delete
    2. @Alexander,
      අම්මේ දැකපු කල්.. කොහෙද ගිහිල්ලා හිටියේ.. ?

      …වචන 600ක් ඕන නෑ. යස්, නෝ දන්නවානම් ඇතිනෙ. :)

      … @සිරාගෙ කාමරේ,

      …විස්තරයට ස්තුතියි සිරා. ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හොඳම ක්‍රමය නම් පුහුණුව කියලයි මට හිතෙන්නෙ.

      Delete
  4. දැන් මේ වචන තුන දැනගත්තේ අද උදේ පාන්දරමද? :)

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි ඉතින් ඉංග්‍රීසියෙන් විද්‍යාව කරපු එකක්යැ..

      Delete
  5. මට නං තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න මොන්ටිසෝරි යවන්න පුළුවන් ළමයෙක් ඉන්නවා. :)

      Delete
  6. දවසට පහක් කොහොම වෙතත් එකක්වත් ඉගෙන ගත්තොත්

    ReplyDelete
    Replies
    1. ඒකත් ලොකු දෙයක්..

      Delete
  7. සිරා එක්සසයිස් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න ලේසියි. නමුත් කරගෙන යන්නයි අමාරු.

    පහුගිය අවුරුදු දොළහ ගත්තොත්, මට පස්සෙ ජොග් කරන්න ගත්ත වුන් එකෙක්වත් මේ වෙනකොට දකින්න නෑ. අලුතින් උන් දවස ගානේ එනවා. ඒ වගේම හැලිලා යනවා. සමහරු කාලයක් අල්ලා හිටිනවා. මට උපදෙසුත් දෙනවා. ඒත් අනිවාර්යයෙන්ම හැලිලා යනවා. මම තවම පරණ විදියටම විනාඩි හතලිස් පහ කරනවා.

    උඹත් හැලෙන්නේ නැතිව ඕක දිගටම කරගෙන යාවි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සිරා කිව්වෙ මටද බොලං ?

      Delete
    2. මේ වෙලාවේ නම් උඹට නෙවෙයි බං සිරා කිව්වේ සිරාවටම.
      මම මේ මුගේ ඉංග්‍රීසි ව්‍යාපෘතිය ගැන කතාකලා මගේ එක්සසයිස් ප්‍රෝග්‍රෑම් එක උදාහරණයක් හැටියට අරගෙන

      Delete
    3. මගේ තියෙන ලොකුම අවුල තමයි ලොකුවට ප්ලෑන් නම් ගහනවා. ඒත් ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා අඩුයි.. ඔන්න ඇක්සය්ස් කරන්න කියලා ගත්තා උදේට උදේට.. එක සතියයි කොළේ.. චාර්ට් එකකුත් හැදුවා බර අඩු වෙනවා බලන්න. ඒකත් කැලේ.. බ්ලොග් ලිවිල්ල විතරයි වගේ තාම ඇදගෙන යන්නෙ..

      Delete
  8. එහෙම ඉගෙන ගන්න අමරුයි හරී,එක ප්‍රයෝගික මදි.එහෙම කරන්න පුළුවන් නම් අපි ඇවිදින ශබ්ධ කෝෂ වගේ ඉදිවීනේ.

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වට මනෝජ් එහෙම කරන අය ඉන්නවා.. උදේට ඔෆිස් එන ගමන් පාඩම් කරන අය ඉන්නවා.. වැඩ කරන ගමන් විභාග වලට පාඩම් කරන අය ඉන්නවා. මම ඉස්සර කෝච්චියෙ යද්දි දකිනවා ඒ වගේ අය. සමහරු හැට පනින්න ඔන්න මෙන්න. දෙයක් ඉගෙන ගන්න වයසක් නෑ කියලා කියනවානෙ..

      Delete
  9. //Oxymoron, Nincompoop, Buffhead//

    හෙට උදේට මේ වචන තුනේ තේරුම හොයලා තියන්ට. කවුරු හරි මේකට තව වචන දෙකක් එකතු කලා නම් හරි. :D

    ReplyDelete
    Replies
    1. Oxymoron කියලා කියන්නෙ යම් දෙයක විශේෂණ පදයක් විදිහට පාවිච්චි කරන ඒකට විරුද්ධ තේරුමක් දෙන වචනයක් උදා: Dark light, Living dead

      Nincompoop - මෝඩයා.

      Buffhead - නම් හොයාගන්න බැරි උනා..

      …ස්තුතියි පොඩ්ඩී.

      Delete
  10. මොන්ටිසෝරියේ ඉගැන්නුවද ඔය සිංහල වචන වල තේරුම් ආ? :ඔ

    ReplyDelete
    Replies
    1. ඔව්.. අපිට ඉගැන්නුවා.. හාවා කන්නෙ කැරට් කිව්වා. ඌ ශාක භක්ෂකයි. කොටියා කන්නෙ මස් කිව්වා. ඌ මාංශ භක්ශකයි.. මනුස්සයා ඔක්කොම කනවා කිව්වා.

      Delete
  11. ඉංගිරිස් ඉගෙනගන්නවා තියා සිංහල වචනත් තියෙනවා බං තේරුම නොදන්න මහ ගොඩක්.ඇත්තට ඔය වැඩේ කළා නං ඒක ගොඩ දාගන්ඩ තිබ්බා නේද

    ReplyDelete
    Replies
    1. ඔව්.. සමහර සිංහල වචන සිංහලෙන් තේරුම් ගන්නවට වඩා ලේසියෙන් ඒකෙ ඉංග්‍රීසි වචනය ටේරුම් ගත්තැකි..
      …වැඩේ කොලා නම් ගොඩ දා ගත්තැකි.. වෙන්නෙ නැති එකනෙ ලෙඩේ.. සමහරු නම් කියනවා දවස් 21ක් එක දිගට කළොත් දිගටම කළෑකිලු..

      Delete
  12. ඇයි ඔය වචන ටිකත්තෙක්ක කැනිබල් කියන වචනෙත් යනවා නෙව. කැනිබල් කියන්නේ ස්වමාංශ භක්ෂකයන්ට..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ තමා විසින් තමාවම කෑම ද.? ස්ව+මාංශ+භක්ෂණය කියන එකේ තේරුම නං ඒක තමා.. :-D

      Delete
    2. @ මධුරංග,
      Cannibalism කියන එකේ තේරුම පරුෂාදනය කියලයි මධුර කියන්නෙ. කොහොම වෙතත් 'තම ජාතියේම මස් කෑම' තමයි තේරුම..

      …@Buratheno,
      මට මතක් උනේ නයෙක් තමුන්ගෙම නැට්ට කාපු හැටි..

      Delete
    3. 'පරුෂාදනය' කිවුවහම නිකං මොකක් හරි ආසාදනය වෙලා වගේ... :-)

      'ස්වජාතිභක්ෂණය' කියලා සරල වචනයක් තියෙනවා...

      Delete
    4. දිනුකට කියපු දේ ඇත්ත බව මෙතනදිම ඔප්පු වෙනවා.. සිංහල වචනයට වඩා ඉංග්‍රීසි වචනෙ ලේසී..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...