5.31.2014

ගාලු කොටුව, කොළඹ කොටුව දැක්කට මීගමු කොටුව දැකලා තියෙනවද?

ගාලු කොටුව, කොළඹ කොටුව තරම් මීගමු කොටුව ප්‍රසිද්ධ නම් නෑ. ප්‍රසිද්ධ නැති උනාට ඒකත් කොටුවක්නෙ. අද කියන්න යන්නෙ මීගමු කොටුව බලන්න ගිය විස්තරේ. මට පුරාවිද්‍යාව ගැන එච්චරම උනන්දුවක් නැති හින්දා පුරාවිද්‍යාත්මක වටිනාකම නම් හොයන්න ගියේ නෑ. ඒත් ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙකුට මේ ඔත්තුවෙන් ගිහින් වටිනා විස්තර හොයාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ආගිය කතාත් නැවතිලා තියෙන එකේ අපිවත් මෙව්වා ගැන කියන්න ඕනනෙ. :)

මීගමු කොටුව චාරිකාව කලින් සැලසුම් කරලා ගිය ගමනක් නම් නෙමෙයි. මීගමුව අවට බලන්න පුළුවන් මොනවද කියලා ජාලෙ විපරමක් දාලා බලද්දි සුදු මහත්තුරු සුදු නෝනලා මීගමු කොටුව බලන්න ගිය ගමන් ගැන විස්තර දාලා තියෙනවා දැක්කා. හැබැයි යහපත් ආකල්ප නම් නෙමෙයි තිබුනෙ. ඒ වගේම පින්තූරත් දැක්කා. ඒත් ගූගල් සිතියමේ නම් තැන හරියට ලකුණු වෙලා තිබ්බෙ නෑ. එහෙම උනත් මීගමුවෙ කොටුව පිට්ටනිය බොහොම ප්‍රසිද්ධයිනෙ. ඉතින් මම හිතුවා ඔය අවටම කොටුවත් ඇති කියලා.

ඉතින් එක්තරා ඉරිදා දවසක මීගමු ගිය වෙලාවක අපිට හිතුනා ඒ පැත්තෙ රවුමක් දාලා එන්න. මුලින්ම හම්බවුනේ මීගමු පොළ. යමක් මිලදී ගැනීමේ අදහසින් නොගිය හින්දා නිදහසේ පොළේ සිරි නරඹමින් ගමන් කරන්න පුළුවන් වුනා. මීගමුව ප්‍රසිද්ධ කරවල වලට මාළු වලට බව හැමෝම දන්නවනෙ. ඒක හින්දමද කොහෙද මේ පොළේ කරවල බොහෝම ලාභයිලු. අපි පොඩි කාලෙ අපේ අම්මලා තාත්තලා සතියකටම හරියන්න බඩු ගෙනියන්න මේ පොළට ආවා. වැඩිපුරම ඒගොල්ලො ගෙනිච්චෙ කරවල.

කරවල යායවල් (පින්තූරය මෙතැනින්)
ඒ අතීත කතාත් මතක් කරගෙන එන අතරෙ එක තැනක ගෑණු අය කට්ටියක් මොනවද කරනවා. බැලින්නම් මාළු කපනවා. මාළු කඳු කඳු තැනින් තැන. මේ අය මේ විදිහට මාළු සුද්ද කරන්නෙ කරවල හදන්න. කපලා සුද්ද කරපු මාළු මුහුදු වතුරෙන්ම හෝදලා මුහුදු වැල්ලේම එලපු ගෝනි පඩංගුවක දාලා වේලලා තමයි කරවල හදන්නෙ.අපේ මල්ලි කරවල කෑම අත ඇරියෙත් අම්මලා මීගමු පොළට එක්කගෙන ආපු දවසක තමයි. පොළට එහාපැත්තෙ කරවල වාඩියක් අයිනෙ අසභ්‍ය දර්ශනයක් දැකලා. එදායින් පස්සෙ කරවල කට හරියෙ තියන්නෙ නෑ තාමත්. මතක් උන අනිත් කාරණාව තමයි ඒ කාලෙ අම්මලා අපිව බය කරනවා කරවල වාඩි වලට ළමයි අල්ලගෙන යන බව කියලා.

ඉතින් පොළත් කරවල වාඩිත් මාළු මාරකැට්ටුවත් බලාගෙන ඉස්සරහට එද්දි තමයි මට හිතුනේ මීගමු කොටුවත් මේ හරියෙ අහල පහළම ඇති නේද කියලා. කාගෙන්හරි අහමු කියලා වටපිට බලද්දි මෙන්න කොටුවෙ ඔරලෝසු කුළුණ පේනවා. ඉතින් හනි හනිකට එතනට දිව්වා.

අපිට මුලින්ම ඇස ගැටුනෙ මේ වගේ දර්ශනයක් (පින්තූරය මෙතැනින්)
අපිට මුලින්ම ඇස ගැටුනෙ මේ වගේ දර්ශනයක්. මේකෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගහපු පුවරු තිබ්බත් ඊට සම්බන්ධ කවුරුවත් හිටියෙ නෑ. කොටුව දැනට මීගමු බන්ධනාගාරය වශයෙන් පාවිච්චි කරන නිසා ඇතුළට යන්නත් ඒ අසල ගැවසෙන්නත් පොඩි චකිතයක් දැනුනා.

 'මොකද කරන්නේ' හිතමින් ඉන්නකොට තමයි ටිකක් ඈතින් කඳු ගැටයක තිබුන එංගලන්ත සභා පල්ලිය දැක්කෙ. ඊටපස්සෙ පල්ලියට ගිහින් ඒ ඇතුළත් බැලුවා. එමින් ගමන ඕන එකක් කියලා බන්ධනාගාර දොරටුවට ගිහින් කාරණාව කිව්වම බන්ධනාගාරයෙන් එළියේ තිබෙන නටඹුන් බලන්න අවසර ලැබුනා.

බන්ධනාගාරය ඇතුළට පේන හැටි (පින්තූරය මෙතැනින්)
මම එහෙන් මෙහෙන් හොයාගත්තු තොරතුරු අනුව මෙතන මුලින්ම බලකොටුව ඉදිකරලා තියෙන්නෙ පෘතුගීසීන්. ඊටපස්සෙ 1644දි ලන්දේසීන් විසින් කොටුව අල්වාගෙන තියෙනවා. ඒ සටනෙදි ලන්දේසින්ගේ බර අවි ප්‍රහාර වලින් කොටුවට ගොඩාක් හානි උනාලු. ඉතින් ලන්දේසීන් ඒ තිබ්බ චතුරස්‍රාකාර කොටුව කඩලා පංචාස්‍ර හැඩයට කොටුවක් හැදුවලු.

ලංකාව පස්සෙ ඉංග්‍රීසීන්ට අයත් වීමත් එක්ක කොටුවත් ඉංග්‍රීසීන්ගේ භාරයට පත්වෙලා තියෙනවා. ඒ කාලෙ වික්ටෝරියා රැජිනගෙ ජුබිලිය වෙනුවෙන් තමයි ඔය ඔරලෝසු කනුව හදලා තියෙන්නෙ.

ඈතින් පෙනෙන පල්ලිය (පින්තූරය මෙතැනින්)
ඊටත් පස්සෙ කාලෙක ඉංග්‍රීසීන් කොටුව කඩලා ඒ ගල් අරගෙන එතන මීගමු බන්ධනාගාරය ඉදිකරලා තියෙනවා. අද අපිට දකින්ට තියෙන්නෙ එහෙම කැඩුවට පස්සෙත් ඉතුරුවෙලා තියෙන කොටුවේ එක ප්‍රාකාරයකුත් ඔරලෝසු කනුවත් පමණයි.

මෙතන පුරාවිද්‍යාත්මකව වැදගත් ස්ථානයක් වුවත් එය ආරක්ෂා කිරීමේ පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට තිබුනේ නෑ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සවිකළ පුවරු පවා මැකීගොස් තිබුනා. සමහර විට මෙතැන ප්‍රසිද්ධ වී ජනතාව යනෙන තැනක් වීමෙන් බන්ධනාගාර කටයුතු වලට බාධා සිදුවීම වැළක්වීමට ගත් පියවරක් වෙන්නටත් පුළුවන්.

ඔයගොල්ලොත් මීගමු පැත්තෙ ආපු වෙලාවක කොටුව බලලා යන්න අමතක කරන්න එපා.

ප.ලි. විචාරක මහත්මාය්ගේ ඉල්ලීම වෙනුවෙන් දක්වන සිතියම.

62 comments:

  1. බොහොම ස්තුතියි මේ ඔත්තුවට. ඉඩ ලැබුණු වහාම යන්න හිතාගත්තා. පොඩි ගූගල් සිතියම් පොජ්ජක් දාන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. කොටුව තිබ්බ තැන බන්ධනාගාරය වීම හින්දා මුළු කොටුවම බලාගන්න නොවීම ගැන කණගාටුයි. ඔන්න සිතියම් කෑල්ලක් දැම්මා.. කොළඹ පුත්තල පාරෙ ඇවිත් කොප්පරා හන්දිය ගාවින් හැරුනා නම් කොටුව හොයාගත්තැකි.. උසාවිය ළඟමයි තියෙන්නෙ..

      Delete
  2. // ආගිය කතාත් නැවතිලා තියෙන එකේ අපිවත් මෙව්වා ගැන කියන්න ඕනනෙ. //

    අනිවා ඩෙෆා..

    ඈත අතීතයේ පුරාවස්තු ආරක්ෂා කරන්ට පෙළඹුනාට මෑත අතීතයේ ඒවා ගැන (විශේෂයෙන් ම යටත් විජිත කාලයට අයිති ඒවා) අ‍පේ උදවිය ඒ හැටි උනන්දුවක් දක්වන්නෙ නෑ.. අඩු ගානෙ ඒවා බලන්ටත් වැඩිපුර කට්ටිය යන්නෙ නෑ.. සමහර විට මේවා පුරාවස්තු නෙවෙයි කියලා හිතනවද දන්නෑ.. :-)

    ස්තූතියි වැඩි දෙනා නොදන්නා මේ වගේ දේ හොයන් ගිහින් අපටත් බලන්ට විස්තර දානවට!

    ReplyDelete
    Replies
    1. අපේ අය ඉතින් ඒවා ගලවලා දාන්නනෙ යන්නෙ. අපි යටත් වෙලා හිටපු ඒවා මතක් වෙන්න තියාගෙන ඉන්න එක දීන කමක් කියලා.. ගැරිසන් සොහොනත් ගලවනවා කියන්නෙ.. මට භය රේල් පාරවලුත් ගලවලා විසි කරයිද කියලා..

      ස්තුතියි සතුටින් භාරගත්තා..

      Delete
    2. මල කෙලියයි! කොහොමද "ඇඳන් ඉන්න කලිසමත් සුද්දාගෙන් ආපු එකක්, ඒක ගලෝලා ආයෙමත් අමුඩ/ සරුවාල ගහන්ට" කිවුවොත් එහෙම.?? :-O

      Delete
    3. :D :D අමුඩෙ ගහලා උඩින් රෙද්දයි බැනියමයි අඳින්න ඕනා..

      Delete
    4. අමුඩ ගහන්න ඔන්ලයින් ඉගෙන ගන්න බැරි වේවිද...?

      Delete
    5. අමුඩයක් ගහන්න නම් දිය ලණුවක් හා ලොකු හතරැස් රෙදි කෑල්ලක් ඕනා.. මුලින්ම දිය ලණුව ඉන වටේ ගැටගහන්න. ඊටපස්සෙ රෙදි කෑල්ල විකර්ණය දිගේ නමලා ත්‍රිකෝණයක් හදාගන්න. ඊටපස්සෙ ත්‍රිකෝණයේ උල් පැත්ත පිටුපසින් ලණුවේ ගැටගහලා ඉතිරිය කකුල් දෙක මැදින් ඉස්සරහට අරන් දිය ලණුව යටින් දාලා ගන්න. දැන් ඔබත් අමුඩයක සාඩම්බර හිමිකරුවෙක්..

      Delete
    6. එහෙම කිවුවට පැහැදිළි මදි.. බැරිද පුංචි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්ට.. අපි ඕන්නං යූටියුබ් එකේ දාමු චැනල් එකක් "හරී ගෙන් 'අමුඩ ගැසීමේ' කලාව" කියලා.. :-)

      Delete
    7. හරි බුරා ඒක කරමු.. අමුඩය අන්ඳවන හැටි පෙන්වන්න මොඩ්ල් කෙනෙකුත් ඕනනෙ. බුරාට එන්න පුළුවන්ද? :D

      Delete
    8. ඇයි බං, මං මොඩ්ල් වුනාම ඒක "හරී ගෙන් 'අමුඩ ගැසීමේ' කලාව" ‍නෙවෙයි, "බුරා ගෙන් 'අමුඩ ගැසීමේ' කලාව" වෙනවනෙ.. චෑ චෑ චෑ ඒක හරියන්නෙ නෑ.. මං ඔය අනිත් අයගෙ චෑන්ස් උදුරගන්ට කැමැති නෑ.. උඹටම තමා ඒක කරන්ට වෙන්නෙ.. ;-)

      Delete
    9. හි හි බුරාගෙ අමුඩ ගැසීම කලාව.. කොහොමහරි බුරාගෙන අදහස.. ඉතින් ඒක හොරකන් කරන් මම ජනප්‍රිය වෙන එක හරි නෑනෙ.., ඔන්න ඔහේ බුරාම කරන්ඩ.. :P

      Delete
    10. එතකොට පාර්ලිමේන්තු ක්‍රමයත් ගලවල වීසි කරනවද?

      Delete
    11. පාර්ලිමේන්තු ක්‍රමයක් කියලා එකක් දැන් නෑ නෙවැ.. පාර්ලිමේන්තුවක් නං තියෙනවා තමා.. ඒත් ජේ ආර් පප්පා 1978දී ඒ ක්‍රමය පැත්තකට වීසි කරලා ආයෙමත් 'විධායක රාජාණ්ඩු පාලන ක්‍රමයක්' ගෙනාවනෙ.. දැන් ඉන්නෙ නීතියටත් උඩින් ඉන්න මහ රජාණන් වහන්සේ කෙනෙක් හා එයා කියන කරන හැම එකටම එහෙයි කියන මැති ඇමැති හෙංචයියලා සෙට් එකක් නේ... :-D

      Delete
    12. @Pra,
      නිකම් පව් කතා කියන්න එපා. අච්චර දුක් මහන්සිවෙලා පාර්ලිමේන්තු ගිය අයගෙ බඩට ගහන්නද හදන්නෙ. :D

      @Bura,
      ආයෙත් අහලා දැන් පාර්ලිමේන්තුවට කට්ටිය එන්නෙ හොදට බඩ කට පිරෙන්න කාලා ගෙදර යන්න. එතන කෙරෙන්නෙ කලින් කියලා තියෙන විදිහට අත උස්සන එක විතරයි. අද අත උස්සන්න ඕනද නැද්ද දැනගන ගියාම එච්චරයි.

      Delete
  3. කිව්වත් වගේ අදනෙ දන්නේ මීගමුවෙ කො‍ටුවක් තියනවා කියලා... කොළඹනම් කො‍ටුව කො‍ටුව කිව්වට කොහෙද කො‍ටුවක් තියෙන්නෙ ?

    ආගිය කතා නැවතිලද දැන් ?

    ReplyDelete
    Replies
    1. මීගමු කොටුව ඉතින් එච්චර ප්‍රසිද්ධ නෑ.. ඇයි සෙන්නො අර හෙන ගහන්න වගේ කොළඹ කොටුව කියලා ගහපු බෝඩ් එකකුත් තියෙන්නෙ.. ඒ හරියෙ කෞතුකාගාර ගොඩාක් තියෙනවා.. වෙලාවක ඒවා ටික කවර් කරන්න ඕනා..

      …ආගිය කතා බොහෝම මන්දගාමීව යනවා.. හසිතව අවුස්සන්නත් එක්ක එහෙම දැම්මෙ.. ;)

      Delete
  4. පොල තියෙන්නෙ උසාවිය පැත්තෙ නේද? ඒ පැත්තෙ නම් කරක් ගහල තියෙනවා. ඒත් ඔය කියන කොටුව දැකල නැහැ බං...

    මට මතක් වුනේ දංකොටුව :))

    ReplyDelete
    Replies
    1. දංකොටු යන්න බයවෙන්න දෙයක් නෑ.සෑමගෙ කාරෙක සෙල්ෆ් ඩ්‍රයිවිංනෙ :D

      Delete
    2. @sAm (සෑම්),
      ඔව් උසාවිය කිට්ටුව. අර කොටුව පිට්ටනිය පිටිපස්සෙ තම්යි මාළු මාර්කට් එක තියෙන්නෙ. එන්න ඒ කිට්ටුවම කලපුව අයිනට වෙන්න තමයි මේ කොටුව තියෙන්නෙ..

      දංකොටුව කිව්වම මතක් වෙන්නෙ කසියා.

      @පත්තර මල්ලි,
      ඒ මොකක්ද බං ඒ කතාව..

      Delete
  5. චිහ්, උඹ අර මීගමු පොලේ දැකපු කරවල කෑමට තිත තියන්න හේතුවෙච්ච අසභ්‍ය දර්ශනය ගැන හිතන්න ගිය නිසා මෙලෝ දෙයක් ඔලුවට යන්නේ නෑ.
    ඔක්කොටම ඉස්සෙල්ල ඒක කියලා හිටහං.

    ReplyDelete
    Replies
    1. මම නෙමෙයි අසභ්‍ය දර්ශනය දැකලා තියෙන්නෙ මල්ලි.. නිරුවත් බල්ලෙක් ගිහින් වාඩිය අයිනෙ ගොඩගහලා තියෙන කරෝල කූරි ගොඩට ගිහින් කකුල උස්සනවලු.. එහෙම හෝදන හින්දා වෙන්න ඇති කරෝල ඔච්චර ලුනු රහ..

      මේකත් බලන්න.

      Delete
    2. නිරුවත් බල්ලෙක් කිවුවෙ, ඇඳම් අඳින බල්ලොත් ඉන්නවද.?? :-O

      Delete
    3. ඒ බල්ලෝ ඇදුම් ඇන්දාම අපිට වඩා හොදයි වගේ නේ...:D

      Delete
    4. @Manoj ,
      කොහොමද සෝ කියුට් නේද? :D

      Delete
  6. කරෝල වේලද්දි ඔය මොන වගේ දර්ශන දකින්න තිබ්බත් කරෝල කෑම නවත්තන්න පුලුවන්ද බං ??
    උඹේ සහෝදරයට කියපං බෝට්ටු කරවල කන්න කියල. එවුව හොදටම පිරිසිදුයි

    ReplyDelete
    Replies
    1. කරෝල වේලනකොට හොඳට දැල් දාලා සත්තුන්ගෙන් ආරක්ෂා කරගෙන වේලන තැනුත් මම දැකලා තියෙනවා.
      …බෝට්ටු කරවල කියන්නෙ මොනාද? බෝට්ටු වලම වේලන එව්වාද? එතකොට බෝට්ටු කරෝලයි අනික්වායි වෙන් කරලා හඳුනාගන්නෙ කොහොමද?

      Delete
  7. මේ තියෙන්නේ හරි තවත් බලකොටුවක්.
    http://asidisimaanaya.blogspot.com/2014/04/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි මම ගිහිල්ලා ඒ ලිපිය කියෝලයි ආවෙ..

      Delete
  8. මීගමුවෙ කොටුවක් තියෙනවා කියලා ඇහුවෙත් අද බං...නැත්තං කොපමණ වතාවක් මීගමු ගියා කියලද...හොද ඔත්තුවක් හරී...ඊලග වතාවෙ මීගමු ගියාම බලන්න දෙයක් තියෙනවා එහෙනං...

    ReplyDelete
    Replies
    1. තව ඒ පැත්තෙ බලන්න තැන් එහෙම තියෙනවනම් බලලා කියන්නම්. සිරා ආපුවම එකපාරම ගිහින් බලන්න බැරියැ..

      Delete
    2. මගේ නෑනා මීගමුවෙ බං....ඒ අයවත් කිව්වෙ නෑ නොවැ මේ ගැන...

      Delete
    3. එහෙනම් සිරා ඒකයි නිතරම මීගමු යන්නෙ.. :)

      Delete
  9. මීගමුවේ කොටුවක් තියෙනවා කියලා විස්තර දැන ගත්තෙත් ඉතින් ඔන්න දැන්ලු.. ගොඩක් ස්තූතියි විස්තරේට..

    ReplyDelete
    Replies
    1. මේක ගොඩක් ප්‍රසිද්ධ නෑ දිනේශ්..

      Delete
  10. මීගමු කොටුව හොදට බලන්න පුලුවන් බන් කුප්ප වැඩක් කරලා අඩුම දවස් 3 හරි රිමාන්ඩ් උනොත්,,මට රිමාන්ඩ් වෙච්ච එකෙක් කිවුවේ ඇතුලේ තව කෑලි බෑලි තියනවා කියලා,,,ඔය කාමච්චෝඩෙ හරියේ ලොකු විශාල ගහකුත් තිබිලා තියනවා ගොඩක් පැරනි..එකම කේස් එක ඉත්න් මාලු ගද තමා ඔය හරියේ කැරකෙද්දි,ගෙදර ගිහිනුත් ඒ ගද යන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. කොහොමද ශුවර් එකටම දවස් 3 කට විතරක් වැඩේ සෙට් කරගන්නෙ. 14 ක් ම අදින්න උනොත් එහෙම. :D

      Delete
    2. කිවුවත් වගේ ප්‍රසන්න අයියේ දවස් 3 මදි වේවි තමා හරියට බලලා එන්නත්,,ඔන්න ඔහේ හරියෝ දවස් 14 අදින්න මොකක් හරි බාල්දියක් පෙරලපන්කෝ,,

      Delete
    3. @ItalyDilan,
      ඇතුළෙ තව එව්වා ඇති කියලා හිතනවා. කොහොමත් සුද්දෝ කොටුව කඩලානෙ හිරගේ හදලා තියෙන්නෙ.. ගහේ කේස් එක නම් ඇහුවෙත් අදයි.. පොඩ්ඩක් හොයලා බැලුවොත් මුල් කෑල්ලක්වත් හොයාගන්න පුළුවන් වෙයි.. :) මාලු ගඳ ගෑ නම් කතාකරලා වැඩක් නෑ ඉතින් ඔලුව කැරකෙන්න ගන්නවා ටිකකින්..
      හැබෑටම රිමාන්ඩ් කරලා තියන අවම දවස් ගාන කීයද? මම ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නෙම නෑ.. අහලා තියෙන විදිහට නම් දාහතරයි..

      …@Praසන්ன,
      මෙහෙමයි.. මොන වගේ වැරැද්දකටද දවස් දාහතරක් රිමන්ඩ් කරන්නෙ බලනවා.. ඒවගේ 3/14 ගුණයක් කරනවා. 14000ක් හොරකම් කළොත් දවස් දාහතරයි නම් 3000ක් හොරකම් කරනවා. :) හිරේ යන සෙට් එක මේවල පුරාවස්තු ගලවන්නේ නැද්ද මන්දා?

      Delete
    4. මුලින් කොටපු ටික වතුරෙ ගියානෙ.

      @ඩිලාන්,
      ගහ ගැන නම් මම මොකුත්ම අහලා තිබ්බෙ නෑ.. විපරමක් දාලා බලන්න ඕනෑ මුල් කෑල්ලක් වත් හොයාගන්න. මාලු ගඳ ගැන නම් කියලා වැඩක් නෑ.. හුළඟත් එක්ක ඇවිත් නහය හාරගෙන යන්නෙ.. ඇත්තටම රිමාන්ඩ් එකේ තියාගන්න අවම දවස් ගන කීයද? මම අහල තියෙන විදිහට නම් 14යි.
      …කොටුවෙ නටඹුන් නම් ඇතුළෙත් ගොඩක් ඇති.. හරි හමන් පුරාවිද්‍යා ගවේෂණයක් හෝ සුරැකීමක් නොවන එක තමයි අවුල..

      …@Praසන්ன,
      මම හිතන විදිහට අවමය 14යි..

      Delete
  11. මාත් ජා ඇල හිටි කාලෙ මාළු ගන්න ඔහේ ගියේ මාළු වලටත් වඩා ඔය කො‍ටුවෙ ඇවිදින්න ආසාව නිසා..

    ReplyDelete
    Replies
    1. කොටුවෙ ඇවිදින්නත් පුළුවන්ද? ජා-ඇල කොයි හරියෙද අයියා හිටියෙ..

      Delete
  12. කිව්වත් වගේ මීගමු කොටුව කියන එක දැකලම නෑනේ ..

    ReplyDelete
    Replies
    1. අද ඉගෙන ගත්ත අලුත් වචන පහ මොනවද බං

      Delete
    2. මීගමු කොටුව එච්චරම ප්‍රසිද්ධ නෑනෙ..

      …මම කිව්වා නේද දවස් දෙකකට පස්සෙ ඒ ගැන අහන්න තහනම් කියලා.. :)
      …අද mirage කියන වචනය ඉගෙන ගත්තා..

      Delete
  13. ඇත්තටම මෙහෙම කොටුවක් ගැන අහල තිබුණෙ නෑ තමයි. මීගමුව පැත්තෙ ආවොත් බලමුකො.

    ReplyDelete
    Replies
    1. මීගමු ඇවිත් මාළු, කරව;අත් අරන් කොටුඅත් බලලා යන්න..

      Delete
  14. ඔය පැත්තේ දෙතුන් වතාවක් ගිහිල්ලා තිබුනත් දැනං හිටියේ නෑනේ..දැන් හරීට පින් සිද්ද වෙන්න මීගමු කොටුවත් බලා ගත්තා..

    ReplyDelete
    Replies
    1. මෙහෙම බලලා හරියන්නෙ නෑ. වෙලාවක ගිහින් බලලාම එන්න. වැඩි වෙලාවක් යන්නෙත් නෑ. වැඩි දුරකුත් නෑ.

      Delete
  15. @ Buratheno 6/3/14, 1:27 PM,
    කොමෙන්ට් එක ලිව්ව ගමන්ම හිතුවා මගෙ ජාතියෙම විවේචකයෙක් (a fellow pedant) ඕක කියයි කියල.ඒත් කම්මැලි (ඒකෙත් fellow තමයි නේ?) හිතුන ආයිත් ලියන්න.
    එහෙමනම් පාර්ලිමේන්තුව කියන ආයතනය (ඇමතිලත් එක්කම) ?

    ReplyDelete
  16. අදම තමා මීගමුව කොටුව දැක්කේ...:ද තව ෆොටෝ එකක් තිබුනානම් නියමයි

    ReplyDelete
    Replies
    1. පහළ කට්ටිය මේ පැත්තෙ එනවා අඩුයිනෙ.. මීගමු ඇවිත් තියෙනවද? මම ගත්තු පින්තූර සවුත්තුයි ඒක නිසා ජාලෙන් ගත්තුවායි දැම්මෙ..

      Delete
  17. හරීට කලින් මම දවසක් අපේ කන්තෝරුවේ මලයෙක් එක්ක මීගමු ගිහින් මීගම් කොටුව බලලා ආවා. ඇයි අඟුරුකාර මුල්ල පන්සලත් බලාගෙන ආවා නෙහ්.

    http://madurangacreations.blogspot.com/2014/01/blog-post_14.html

    ඒක නෙමේ. අපි දවසක කලිප්සෝ සිංදු ටිකක් කිය කියා බොංගෝ එකකුත් ගහහා කෝච්චියේ පුත්තලම් ගිහින් එමු ද ?

    ReplyDelete
    Replies
    1. මට ඒ පෝස්ටුව මඟ ඇරිලානෙ. ඔන්න ඒක කියවලා ආවෙ. අපි නොදන්නවට අහල පහල යන්න තැන් ගොඩක් ඇති.

      අඟුරුකාරමුල්ල පන්සලට පොඩි කාලෙ ගියාට පස්සෙ ගිහින් නෑ.. ඉස්කෝලෙ යද්දි හැමදාම ඔතනින් ගියා..

      මූදෙ නාන්න නම් මගේ ලොකු ආසාවක් නෑ.. හැබැයි ත්‍රිකුණාමලයෙ පිරිසිදු වතුරෙ නම් ආසාවෙන් නෑවා.

      මොකෝ බං පුත්තල්ම් යන්න ඔච්චර ආසා. එහෙ නෑයෝවත් ඉන්නවද?

      Delete
  18. මමත් සතියකට දෙතුන් සැරයක් ගියත් මේ ක ති්යන තැනවත් දන්නෙ නැහැනේ. දැනගතයුතුම තැනක්. වෙලාවක යන්න ඕනේ බලන්න

    ReplyDelete
    Replies
    1. උසාවිය ගාවමයි තියෙන්නෙ දයා අයියේ. ඒ තරම් වෙලා යන්නෙත් නෑ බලන්න. යන වෙලාවක එබිලා එන්න..

      Delete
  19. //ඉතින් එක්තරා ඉරිදා දවසක මීගමු ගිය වෙලාවක අපිට හිතුනා ඒ පැත්තෙ රවුමක් දාලා එන්න. //

    ඔව් දැන් ඉතින් දෙන්නා , දෙනා ඉන්න හන්දා තව පුරා වස්තු තියෙන තැන් අපිටත් බලාගත්තු හැකිවෙයි. :D

    හොඳ විස්තරයක් හරී...කවදාවත් මීගමු කොටුවක් ගැන අහලා තිබ්බේ නෑ. දවසක ඇවිත් කොටුව බලලා, මාලුත්, කරවලත් අරගෙන හරීගේ ගෙවල් පැත්තෙත් එමු කියලා හිතුවා...

    ReplyDelete
    Replies
    1. දෙන්නා දෙන්නා ඉද්දි පුරාවස්තු බැලුවැකිද?

      තකහනියෙ මීගමු ඇවිත් මාලු නොගත්තා කියන්නෙ වැඩක් නෑ..

      Delete
  20. හරී පේන විදිහට ලංකාවේ බොහෝ අයට විතරක් නෙමේ පුරාවිද්‍යා දෙපර්තුමෙන්තුවටත් මීගමුවේ කොටුවක් තිබුන බව අමතක වෙලා. මීගමුවේ කොටුව ගැන තව විස්තර ඕනෙ අයට මේකත් කියවන්න පුළුවන් http://marcuspriyanthaperera.blogspot.co.uk/2016/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. @ Marcus Priyantha Perera,
      ඔව්. ඒක ඇත්ත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෝඩ් එල්ලලා යන්න ගිහිල්ලා. මෙතන සංචාරක ස්ථානයක් විදිහට හොඳට දියුණු කරන්න පුළුවන්. මුලින්ම බන්ධනාගාරය වෙන තැනකට ගෙනියන්න ඕනෙ.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...