7.23.2014

නොබී ඉන්න ගිහින් වෙච්චි දෙයක්

"හෙට නේද ට්‍රිප් එක"

"ඔව්. මම හෙට පාන්දරම පිටත් වෙනවා"

"ආයෙ එන්නෙ?"

"අනිද්දා"

"මොනවද ගේන්නෙ එනකොට"

"ඔයා නොබී එන්නකො. ඒ ඇති"

"හ්ම්ම්"

දින දෙකකට පසු...

"හෙලෝව්"

"හෙලෝව්"

"ඔයා හරී කියලා කෙනෙක් දන්නවද?"

"ඔව්ව්ව්"

"කලබල වෙන්න එපා. එයාව හදිසියෙම හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනානෙ"

"ආහ්හ්හ්.. මොකද වෙලා තියෙන්නෙ. එයාට අමාරුද?"

 "එයා දවස් දෙකකින් වතුරවත් බීලා නෑ. ඩිහයිඩ්‍රේට් වෙලා. දැන්නම් අවුලක් නෑ. සේලයින් දීලා තියෙන්නෙ"

56 comments:

  1. අන්න කීකරු ස්වාමියො!

    ReplyDelete
  2. Replies
    1. දන්ඩේ කොටා
      යන කලට ගාට ගාටා
      වැටුනේය වලකටා
      හුටා

      http://www.thelastrow.lk/index.php?app=ccs&module=pages&section=comments&database=1&record=3134&do=findComment&comment_id=52432

      Delete
  3. නොබී ඉන්නනේ කියලා තියෙන්න.කන්න එපා කියලා නැහැනේ.
    හරියට නිකං අන්දරේ ගේ අම්මා අන්දරේට ගොනා වාගේ හිටපන් කිව්වා වගේ.:D

    ReplyDelete
    Replies
    1. කන්නෙ කොහොමද වතුර නොබී. මම කන්න යනකොඅ හොඳවයින් වතුර ජෝගුවක් ළඟට ගන්නවනෙ.. :D

      Delete
  4. Moral of the story : Always be specific...

    ReplyDelete
    Replies
    1. මට මතක් උනේ තරු පහේ හෝටලයකට ගිහින් වෙච්ච ඇබැද්දිය.

      Delete
  5. පසු දින.

    හැබෑට ඇත්තට ඔහේට විකාරද .... මීට පස්සෙ බොන්න බැරිනම් ඕන කුදයක් ගහගන්නව. මට බෑ මෙතන ඉස්පිරිතාලගානෙ බඩගාන්න.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නත් බැරි නෑ.. නැත්නම් බොන එකක් ගෙදරට ගෙනත් බොනවා කිව්වොත්..

      Delete
  6. ආදරේ වැඩි හින්දයි........ :-D

    ReplyDelete
    Replies
    1. ආදරෙයි බීමයි අතරෙ සම්බන්ධෙ මොකක්ද? :P

      Delete
  7. හෙලෝ, කොහෙද ඔය ඉන්නෙ.

    මේ අමිලලගෙ ගෙදර

    එතකොට ඔය කෑ ගහන සද්දෙ

    ආ ඒ මේ බෝපෙයි, පොඩි මල්ලියි, ටෙරයි, රැල්ලයි, සේනයි තව යාලුවෙකුයි

    එතකොට ඔය බොනවද?

    ඔව්..

    දැන් ඔයා කිව්ව නේද ගිහින් බොන්නෙ නෑ කියල

    ඔව්

    එහෙනං ඔය බොන්නෙ

    මං කිව්වෙ අරක්කු විස්කි බොන්නෙ නෑ කියලනෙ.

    !@#!#$@%#^$&##*

    ReplyDelete
    Replies
    1. සුරාමේරය මද්‍යපමා වගේ තමයි. :D

      Delete
  8. ගමනක් පාටියක් මොන මළදානෙට ගියත් මටත් එනවා කෝල්.

    'කීයටද ඕක ඉවරවෙන්නේ'

    'තව ටිකකින්'

    'දැන් කොච්චරක් බීලද'

    'ටිකක් බීලා'

    'ඉතින් කාර් එක එලවන්න පුලුවන්ද'

    'පුළුවන් මේ ඩෝප් එක හිඳුනම. ඒ නිසා එතකල් ඉඳලා එන්නං'

    ReplyDelete
    Replies
    1. මට නම් නොබී ආවොත් බනිනවා..

      Delete
    2. අනේ පලයං මාතේ යන්ඩ

      Delete
    3. //මට නම් නොබී ආවොත් බනිනවා..//

      උඹ මේක පුද්ගලිකව හම්බුවෙච්චි වෙලාවක කිව්වනං මම කියනව උත්තරේ :P

      Delete
    4. @Wicharaka,
      විචාරක මහත්මයට හොඳට ගහලා එන්න කාලෙ තියෙනවා.

      @මාතලන්,
      මටත් එහෙමලු. (මාතලන් වගේම වට පිට බලමින්. :D)

      @අටම්පහුර,
      පානිය දානවා.

      @ඉන්දික උපශාන්ත,
      ++++++++

      Delete
  9. ඈ ....... උඹ

    ආයෙමත් මේක මතක් වෙලා

    වතර නොබීවට අනෙක් ඒව බොන්න ඇතිනේ

    ReplyDelete
    Replies
    1. ඒක වෙන කතාවක්නෙ..

      Delete
  10. වතුර වැඩිය බිව්වාමත් හොඳ නෑලු. සේලයින් එකට වොඩ්කා චුට්ටක් දාලා දීල බලාපල්ලා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්ට ඇති මේ මහත්තය අනුමත වෙන්නේ

      Delete
    2. @Henry Blogwalker,
      එව්වත් වටින කියන ඖෂධනෙ.

      Delete
  11. දැන් ඉතින් එයා මේ වගේ....(හිතාගන්ටකෝ ) බඳිනවලුද? :P

    ReplyDelete
    Replies
    1. මී හරකෙක්ව?

      Delete
    2. හරී මම නම් කියන්ට හැදුවේ 'ආදරවන්තයෙක් ' කියලා හොඳේ... :P

      Delete
    3. @Podi Kumarihami,
      එයාගෙන්ම අහන්න ඕනා.

      තිසර, අටම්පහුර,
      මම් කිව්වයි කියලා හිතාගනිල්ලා..

      Delete
  12. මට පොඩි අවුලක් තියනවා... දැන් ගෑණු කෙනා නෙමේද ට්‍රිප් එක යන්නේ?

    //"මොනවද ගේන්නෙ එනකොට"

    "ඔයා නොබී එන්නකො. ඒ ඇති"//

    මොනවද ගේන්නේ අහපුවහම, නොබී එන්න කියන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මට මොකුත් නොගෙනාවට කමක් නෑ. නොබී එන එකම තෑග්ගක් කියලා කියන්නෙ..

      Delete
  13. හිහි...
    මරු අයිඩියාව...
    හුකැස්

    ReplyDelete
  14. අනේ මෙහෙමත් බේබද්දෝ

    ReplyDelete
    Replies
    1. බේබද්දො වෙන්නෙ කොහොමද ? බීලා නෑනෙ.

      Delete
  15. අනේ ඒකට මට හිටිය එක කෙල්ලෙක් බොනකං කෝල් කරනවා...දැන් වීදුරු කීයද බබා...ඇති නේද...ගෙදර එන්නත් රෑ වෙයිනෙ....අදට ඇති පැටියො...ආයෙ හෙට....තත්වය දරුණු වෙද්දි දුරබණුවෙ බැටරිය සෑහෙන්න අවුලක් කියලා දුරබණුව නිහඩ කරපු එක තමයි මම කලේ.

    ReplyDelete
    Replies
    1. බලපන් උඹලා එහෙමවත් හැදුනෙ නෑනෙ.. :P

      Delete
  16. හික්ස්..වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපදෙස් පිළිපදින කීකරු ස්වාමියෙක්

    ReplyDelete
  17. හරී ඉදලා හිටලා බියර් එකක් බොනවලු... ඔච්චර බය දෑ... :)

    ReplyDelete
    Replies
    1. ඔව් මට කියලා තියෙන්නෙ බියර් වීදුරුවක් බොන්න කියලා.. ඉතින් මම වීදුරුවයි බොන්නෙ..

      Delete
  18. හපොයි දෙයියනේ...

    ReplyDelete
    Replies
    1. දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ.

      Delete
  19. හොද උපදේශන කථාවක්... ස්තුතියි ඔබට..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  20. පාන් කෑල්ලක් අරන් අරක්කුවල පොඟවල කන්න

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අරක්කු කන්නත් පුළුවන්. මම අහල තියෙනවා පොල් වල පොඟවලා කනවා කියලා..

      Delete
  21. ඔන්න බීමේ සහ නොබීමේ ආදීනව..

    ReplyDelete
    Replies
    1. බීමේ වාසි අවාසි දවසක බලන්න ඕනා.

      Delete
  22. දැන් සති දෙකකට කිට්ටු වෙන්ට ආවා.. හරී තාමත් hospitalize ද!? අර තෝබිතුත් බලං ඉන්නවා හරී එනකං..

    ReplyDelete
    Replies
    1. ඔන්න යාන්තම් හොස්පිටිතාලෙන් ආවා. :) බලමු බලමු ඒක ඉවරයක් කරන්න.

      Delete
  23. මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි.

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...