ලොකු උන්ගේ වැඩ කරන්න පොඩි උන් හරිම මනාපය. බටු ඇට දෙකක් තරම් උස නැති කාලයේත් උන්ගේ සූදානම රට පෙරළන්නටය. එබඳු පොඩි උන් පොඩි පොඩි කඩවලට නම් ලොකු සම්පතක්ය. කඩේට කවුරුන් හෝ ආ විට ඌ දඟලන්ගේ වැඩිහිටියන්ට කලින් ගණුදෙනුව නිමකරන්නටය. ඉතින් සේවක වැටුප් ඉබේම ඉතිරිවේ. ටොපියකින් දෙකකින් අයිස් පැකට් එකකින් පොඩි එකා සැනසිය හැක. හැබැයි කවුරුත් නැතිවෙලේ හොරෙන් කඩේ සුද්ද කර වහලේ දුවනා අහිංසක මීයන්ට බොරු චෝදනා කරන නසරානි පොඩි එකෙක් හිටියොත් නම් විනාසය. උගෙන් වැඩ ගන්නවාට වඩා කඩේට මිනිහෙක් ගන්නවා ලාභය.
"මට දරමිටි දෙකක් දෙන්න"යි ඉල්ලූ විට කඩේ මුදලාලි තාත්තා හැරී බලන්නටත් කලින් ඌ කඩේ පිටිපස්සේ දර තෝරන්නේය. ලොකු එකෙකු මෙන් උස්සාගෙනද එන්නේය. තවත් සමහරු උන් කීරි ඇනගෙන මර විලාප තියද්දී අම්මලා අප්පලා තලන්නේ උගේ කඩ කිරීමේ උනේ දෙපිටින් යන්නය. ඒත් උන්ට ඒ මතක හිටින්නේ ඊළඟ එකා කඩයට එනතුරු පමණි.
මට දිනක් එවැනි මුදලාලි උන ඇඟට ගහපු පොඩි එකෙක් මුනගැහුනේ අහල පහල පොඩි කඩේකදීය. නිතරම මා ඒ කඩේට නොගියත් ඌ නම් රට ඇට්ටරයකු බව මූණේම ලියවී තිබුණි. මම බයිසිකලය නවත්වන ඇසිල්ලේම මූ කඩේ ඇතුළෙන් දුවගෙන ආවේය.
"මොනවද ඕනා" පුංචි මුදලාලි මුදලාලිකමේ උජාරුව පෙන්වමින් අසයි.
"මට පාන්පිටි කිලෝ එකක් දෙනවද මල්ලී"
"ටිකක් ඉන්න" මුදලාලි මහත්තයා සිලි සිලි කවරයක් ගත්තේය. පාන්පිටි පුරවාගෙන තරාදිය ළඟට ගියේ පුරුදුකාරයෙකු මෙනි. තැටි දෙකේ තරාදියේ එක පැත්තකට පාන් පිටි කවරය දමා අනික් පසට අමාරුවෙන් ඔසවාගත් කිලෝ එකේ පඩිය අතහැරිණි.
"එච්චරයිද ඕනා?" පාන්පිටි කිරන ගමන් මුදලාලි විමසයි.
"ඔව්"
ඊළඟට පුංචි මුදලාලි තරාදියේ කටුවට බැරෑරුම් බැල්මක් හෙලුවේය. කටුව පහල රූපයේ වගේය. කිලෝ එකට මදි වගේ.
ඉන් නොසතුටට පත් මුදලාලි පොල්කටු හැන්දකින් කවරයට පාන්පිටි හැන්දක් එක් කළේය. කට්ට සමබර වෙන පාටක් නැත. නැවතත් ගෝනියෙන් උරයක් කවරයට. ම්හ්හ්. තව එකක්. තව එකක්. තව එකක්. තව එකක්. දිගින් දිගටම පිටි හැඳි දහයක් පමණ දැමූ මුදලාලිට කොහේ හෝ වැරදී ඇති බවක් හැඟෙන්නට ඇත. ඔහු ඇඹරි ඇඹරී මා දෙස හොරෙන් හොරෙන් බලද්දී මම කිසිවක් නොදන්නෙකු මෙන් ඔහු දෙසම බලා සිටියෙමි. මම දන්නවයැ වෙළඳාම්. හැන්ද හැන්ද තවත් දමමින් මාදෙස බලන්නේ මා මන්තර බලයකින්වත් තරාදිය නොසෙල්වා සිටින්නේයැයි සිතා ද මම නොදනිමි.
දැන් දැන් පාන්පිටි බරින් තරාදියේ තැටිය පහලින් ඇති මේසයේ වදී. කිලෝ එකේ පඩිය රැගත් තැටිය සැහැල්ලුවෙන් පාවෙන්නේ සිරි ලංකා රුපියල මෙනි. කලින් තිබූ බැරෑරුම් පෙනුම වෙනුවට ආරුඪ වී තිබූ පොඩි එකාගේ අසරණ මුහුණ දැකි මගේ පපුව පත්තු විය. පව් පොඩි එකා. තව තවත් පොඩි එකෙක් මැඩවිය යුතු නොවේ. මම ඔහුට පිහිට වන්නට තීරණය කළෙමි.
"ටිකක් අඩු උනාට කමක් නෑ මල්ලි ඔය පිටි ටික දෙන්න"අවංකවම එසේ කියන්නට වචන කටට ආවද කටින් පිට නොඋනේ පොඩි එකාගේ මෑණියෝ සම්ප්‍රාප්තවූ නිසාය.
"මොකද ළමයො මේ කරන්නෙ? බිම පුරාම පිටි හලලා. කඩේට කවුරුහරි ආවම කතාකරන්න කියලා නේද කිව්වෙ." ඒ ගෝරනාඩුවත් සමඟ පොඩි එකා වහන්වී ගියේ තව සිටියොත් මුදලාලිකම් දෙපිටින් යන්නට වදී යැයි සිතා විය යුතුය. මම ඇඟිලි වලින් ඉස්සී කඩේ පිල බැලීමි. පොඩි එකා එය සුදු පාටින් පාට කර ඇත. ඌව මුදලාලිකමටත් වඩා තෛපොංගල් දිනවල කෝලම් ඇඳීමට සුදුසු බව පෙනුණි.
"ආ.. මල්ලි" පොඩි එකාගේ අම්මා පාන්පිටි කවරය මවෙත දික කළාය. ඇය ඒ වනවිටත් තිබූ අඩුව පුරවා තරාදිය සමබර කර තිබුණි.

පින්තූරෙ තියන විදිහටනම් පිටි අඩු කරන්නනෙ ඕනා... මම හිතුවෙ ඌට ඒක නොතේරී තව තවත් දානවා කියලා.. පඩියත් ශ්‍රී ලංකා රුපියල වගේ පා වුනානම් අර අක්කා මොන කෙහෙම්මලකටද ආයෙ අඩු පිරෙව්වෙ ?
ReplyDeleteකවුද ඔය මම නොදන්න අක්කයි, පුතයි ?
මම ලියපු දේ සමහර කට්ටියට පොඩ්ඩක් ටැපලිලා වගේ..
Deleteමෙහෙමයි පොඩි එක කිලෝ එකට වැඩිය පිටි කවරෙට දාලා තමයි තරාදියට දැම්මෙ. එතකොට ඉතින් පිටි තියෙන පැත්ත බරයිනෙ. පින්තූරයෙන් පෙන්නුවෙ ඒක. ඊළඟට තරාදිය සමබර කරන්න හිතලා මිනිහා තව තවත් පිටි දැම්මා. එතකොට මට කියන්න හිතෙනවානෙ අඩු උනාට කමක් නෑ දෙන්න කියලා. අඩු කියලා කිව්වට එතන කිලෝ තුනක් විතර. :) ඉතින් අන්තිමේදී මම අම්මා අඩුව පුරෝලා සමබර කරලා දුන්නා කියලා කිව්වනෙ. එතනදි අඩුව කිව්වෙ මම අඩුයි කියලා ගන්න හදපු එක. ඇත්ත්තටම ඒ අම්මා කළේ පොඩි එකා දාපු පිටි ආපහු ගත්ත එකයි.
මම හිතන්නෙ සෙන්නා අඳුරන්නෙ නෑ ඒගොල්ලන්ව.
Mage yaluwek chuti kale eyage iskole thibunu pradarshaneka hari salpilaka hari thibuna mal pala wikunana kadeka mudalalita udaw una hati mathak una. Eyath bohoma ujaruwen pala wikunanna giyalu. (Padi nathuwa)
ReplyDeletePunchi lamai sellamata kada daana hati dakala thiyenawada Haree. Balanna asai mudalalige charithaya karana lassana. :)
මමත් ඉස්කෝලෙ යන කාලෙ ඒ වගේම කඩේ ගියා පැල තවාන් කාරයො වගයකට. මෙතනින් බලන්නකො ඒ විස්තරේ.
Deleteසෙල්ලමට කඩ දාන පොඩ්ඩොත් නියමෙටම රඟපානවා. මතකද සෙල්ලම් ගෙදර කියලා නාට්‍යයක් ගියා. මමත් පොඩි කාලෙ මොන්ටිසෝරියෙ පොළක් කරලා තියෙනවා. තව අපේ පල්ලියෙ සමිතියකිනුත් පොළක් කළා. ඒ ගැනත් ලියන්නම්කො දවසක.
මුදලාලියා උනන්දුවා. පාරිභෝගිකයා රට කපටියා :D
ReplyDeleteවිචාරක මහත්මයාට නම් ටක්කෙටම තේරිලා වැඩේ.. අම්මා නාවානම් පාන් පිටි කිලෝ තුනක් විතර.. :D
Deleteඅම්මා ආවේ නැත්නම් උඹ කිලෝ තුනක් විතර ගන්නවා කිලෝ එකේ ගානට නේ?
ReplyDeleteඉතින් මම හැදුවෙ අර අහිංසක පොඩි එකාට උදව් කරන්නනෙ.. :D
Deleteහොද වෙලාවට අම්මා ආවේ.. නැත්නම් කඩේට පාඩුයි...
ReplyDeleteආපු හින්දා මට පාඩුයි. :(
Deleteදාලා තියෙන පින්තූරේ වැරදි නේන්නම්. :)
ReplyDeleteපින්තූරෙ හරි නේද ??
Delete//දැන් දැන් පාන්පිටි බරින් තරාදියේ තැටිය පහලින් ඇති මේසයේ වදී. කිලෝ එකේ පඩිය රැගත් තැටිය සැහැල්ලුවෙන් පාවෙන්නේ සිරි ලංකා රුපියල මෙනි.//
//ඇය ඒ වනවිටත් තිබූ අඩුව පුරවා තරාදිය සමබර කර තිබුණි. //
Deletecoil!!!!
මේ දවස්වල හැම එකම coil තමා... :D
Delete@ Podi Kumarihami,
Deleteපින්තූරෙ වැරදි නෑ.
@ ඕනමැන්ටල්,
ඔව්. පින්තූරෙ හරි.
@ ඉන්දික උපශාන්ත,
පැහැදිලි කරන්නම්කො.
@ All,
සිද්ධිය මෙහෙමයි.
පොඩි එකා මුලින්ම පාන් පිටි කිලෝ එකට වඩා වැඩිපුර අරගෙන තරාදියට දානවා. එතකොට පින්තූරෙ තියෙනවා වගේ පිටි කවරය තියෙන්නෙ පහලින්.
ඌට තේරෙන්නෙ නෑ පිටි අඩු කළාමයි සමබර වෙන්නෙ කියලා. ඉතින් මිනිහා තව ත්ව පිටි කවරයට දානවා. දාන්න දාන්න පිටි මල්ල පහළ යනවා.
ඉතින් මේක නවත්වලා පිටි කවරෙ ඉල්ලගන්න හොඳම ක්‍රමය 'අඩු උනාට කමක් නෑ දෙන්න' කියන එක. මොකද පොඩි එකා හිතාගෙන ඉන්නෙ එතන කිලෝ එකට අඩුයි කියලා. මිනිහා තව දාද්දි මමත් බබා වෙලා බලන් ඉන්නවා.
මම අන්තිමේදී අඩුව පුරෝලා සමබර කළා කියලා කිව්වෙ පොඩි එකා හිතාගෙන හිටපු අඩුව වගේම ඌව රවට්ටන්න මට යොදාගන්න තිබ්බ 'අඩුයි' කියන වචනයයි. ඇත්තටම උගෙ අම්මා කළේ කවරෙන් පිටි ගත්තු එක.
පින්තූරේ හැටියට මං හිතුවේ පිටි වැඩිවෙලා තරාදියේ පැත්තක් බිම වදිනවා කියලා , බලද්දී අනිත් පත්ටනේ වෙලා තියෙන්නේ
ReplyDeleteපිටි වැඩිවෙලා තමයි ඉවාන්. මම කිව්ව අදහස ගොඩාක් දෙනෙකුට ගිහින් නෑ වගේ.
Deleteමේ යකා හින්ද තව ඩිංගෙන් අර මුදලාලිය බංකොලොත් වෙනව..
ReplyDeleteඔව් ඉදගෙන
බලපන් අර අම්මා ආවෙ නැත්නම් පාන් පිටි ගෙනත් පාප්ප හදන්න තිබ්බනෙ. :D
Deleteඑකනේ බන් බලපන්කො අම්මලා ඕනෑම වෙලාවක සින් එකට එන්ටර් වෙන්නේ වැරදි වෙලාවේ තමයි
ReplyDeleteමිස්ටර් මැලේ අත්දැකීමෙන් වගේ කියන්නෙ. ;)
Delete// "මට පාන්පිටි කිලෝ එකක් දෙනවද මල්ලී" //
ReplyDelete// "ආ.. මල්ලි" පොඩි එකාගේ අම්මා පාන්පිටි කවරය මවෙත දික කළාය //
දැන් මෙතන කවුද ඇත්ත මල්ලි.!? :-P
අපේ ගෙවල් පැත්තෙ ළඟම නෑයන්ට ඇරෙන්න මාමා, බාප්පා, අන්කල් ඇන්ටි භාවිතා වෙනවා හරිම අඩුයි. තමුන්ට වඩා වයස වැඩියෙන් පේන ඕන කෙනෙක් අයියා. සීයගේ වයස උනත් කමක් නෑ. ඒ වගේම ඒකෙ අනික් පැත්ත තමුන්ට බාල නම් ඕන කෙනෙක් මල්ලී.
Deleteහොඳම උදාහරණයක් කියන්නම්. අපේ අම්මා එයාගෙ නැන්දම්මට (අපේ ආච්චිට) ඒ කාලෙ කතා කරලා තියෙන්නෙ අක්කා කියලා. දැන් අම්මා එහෙම නොකිව්වත් පුංචිලාට නම් එයා තාමත් අක්කා.
ඒ වුනාට පොඞි එකා උනන්දුවා.
ReplyDeleteඋනන්දුව දෙපිටින් යනවා තව පොඩ්ඩෙන්..
Deleteකොල්ලට කියන්න තිබුනේ තව පඩියක් අනිත් පැත්තට දාන්න කියල
ReplyDeleteඑතකොට ඌ කියයි කිලෝ එකට වැඩී කියලා. :)
Deleteඈ බං....පිටි පැත්ත නේද බර වැඩි ෆොටෝ එකේ. මොන පැත්ත බර වුනත් රොටි හදන්න පිටි ලැබුනානේ. පොඩි එවුන් වැඩි වැඩ කරන්න ගියාම, පොඩ්ඩක් වාතේ වෙනවා. පොඩ්ඩක් හරි රොඩ්ඩක් තිබුනොත් වැඩ්ඩෙක් වුනත් පොඩ්ඩෙක් වෙනවා කියලා පොඩ්ඩට කියලා දෙන්න වෙනවා. ඒ වගේ වෙලාවට ඔට්ටු නොවී තට්ටු වුනානම් , මට්ටු නොවී තට්ටු ගෙවල් හදන්න පුලුවන් කියන්නේ මම නෙමේ...පිට්ටු වුනත් හෙට්ටු නොකර විකුණපු රට්ටු දන්න කිට්ටු පාත පොරක්.
ReplyDeleteඔව්. කතාවෙ හැටියට පිටි තියෙන පැත්ත තමයි බර වෙන්න ඕනා. රොටි හදන්න පිටි ලැබුනත් හරියට කිලෝ එකයිනෙ ලැබුනෙ. පොඩ්ඩොත් සමහර වෙලේට වැඩ්ඩො තමයි. වැඩ නොදන්න සමහරු වැඩ්ඩෝ වෙන්න ගිහින් කබ්බෝ වෙද්දි ඉබ්බෝ වගේ ඉන්න පොඩ්ඩෝ වැඩ්ඩෝ වෙන වෙලාවල් තියෙනවා. එහෙම කියලා හිතුමතේ තට්ටු ගෙවල් හදන්න ගියොත් අතේ සතේ නැතුව මට්ටු වෙන්නයි වෙන්නෙ. :D
Deletehafoi
ReplyDeleteඒකනෙ මට ලැබෙන්න තිබ්බ පිටි ටික. :)
Deleteපින්තුරේ හැටියට පිටි වැඩියි.
ReplyDeleteහැබැයි පොඩි එකා තවමත් පිටි දානවා.එක නිසායි නේ උඹ මෙහෙම ලියන්නේ //දැන් දැන් පාන්පිටි බරින් තරාදියේ තැටිය පහලින් ඇති මේසයේ වදී.//
වෙලාවට අම්මා එනවා.පොඩි එකා වැඩියෙන් දාපු පිටි ටික අයින් කරලා අම්මා තරාදිය සමබර කරනවා.
අපරාදේ,මොනවා කරන්නද ඉතින්නේ...:D
හරියට හරි. ඔය තේරිලා තියෙන්නෙ කතාව යස අගේට..
Deleteමේ වගේ පාරිභෝගිකයෝ ගොඩක් නැති නිසා හොඳයි නැත්තං මුදලාලිලා බංකොලොත්...!!
ReplyDelete:D මම හැදුවෙ පොඩි ළමයට උදව් කරන්නනෙ..
Delete