අතීතයේ??
දිව්‍ය පූජාවකට??
මගේ බ්ලොග් එකට නිතරම යන එන කෙනෙකුගෙ හිතේ උනත් එකපාරටම මේ ප්‍රශ්න දෙක මතු වෙන්න පුළුවන්. ඒක නිසා අලුතෙන්ම ආපු කෙනෙකුට මුලින්ම දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියන එක බොහෝම කෙටියෙන් හරි පැහැදිලි කිරීම හොඳයි මට නම් හිතෙන විදිහට. හැබැයි ඕගොල්ලන්ට මම කලින් ලියපු මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පුළුවන් නම් ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වේවි. ඇරත් ඕගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ යාළුවන්ගේ නෑදෑයින්ගේ විවාහ උත්සව වලට ගිහිල්ලා ඇතිනෙ. එතනදි තියෙන්නෙත් දිව්‍ය පූජාවක්ම තමයි. ඒ ගැනැත් මම ලියලා ඇති මෙන්න මෙතන. හරි.. දිග විස්තරයක් නැතුව කෙටියෙන් කියනවා නම් දිව්‍ය පූජාව කියන්නෙ කතෝලිකයෙකුට තමුන් අදහන දෙවියන් හා සම්බන්ධ වීමට ලැබෙන උතුම්ම අවස්ථාව. පියතුමාගේ ප්‍රධානත්වයෙන් දෙවියන් නැමදීම තමයි මෙතනදි සිදුකරන්නෙ. කොටින්ම කිව්වොත් කතෝලිකයො ඉරිදට පල්ලි යනවා කියලා යන්නෙ දිව්‍ය පූජාවට සහභාගි වෙන්න. මම හිතනවා දැන් හැමෝටම වගේ යම් තරමක දළ අදහසක් ඇති ඒ ගැන. ඉතින් ඒ ටික හිතේ තියාගෙන අපි පොඩ්ඩක් අතීතයට යමු.
1962 ඔක්තෝබර් මාසෙ 11 වෙනිදා රෝමානු කතෝලික සභාවට වැදගත් දිනයක් උනා. ඒ 23 වෙනි ජුවාම් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙවන වතිකානු මන්ත්‍රණ සභාව ඇරඹීම නිසයි. මන්ත්‍රණ සභාව කියන්නෙ යම් යම් කාල වකවානු වලදී පාප්තුමා ප්‍රමුඛ කාදිනල්වරු, රදගුරුවරු, පියතුමන්ලා වැනි ධර්ම විශාරදයින් එකමුතු වෙලා සභාව තුළ සිදුවිය යුතු යම් වෙනස්කම් පිළිබඳව හෝ යම් ප්‍රශ්නයකට මුහුණදියයුතු ආකාරය පිළිබඳව තීරණ ගැනීමයි. සරලව කිව්වොත් මන්ත්‍රණ සභාවක් කියන්න ධර්ම සංගායනාවක් වගේ දෙයක්. දෙවෙනි වතිකානු මන්ත්‍රණ සභාව තමයි මේ වනවිට කතෝලික සභාව විසින් පවත්වා ඇති විසි එක් වෙනි වගේම අවසාන මන්ත්‍රණ සභාව වන්නේත්. විසි එක නම් දෙක කියන්නෙ මොකෝ කියලා හිතෙන කෙනෙකුට දෙන්න තියෙන උත්තරේ තමයි වතිකානුවේ තිබිච්ච දෙවෙනි මන්ත්‍රණ සභාව වීම නිසයි දෙකක් ආවේ. මේ මන්ත්‍රණ සභාවේ තේමාව උනේ නවීන ලෝකය සමඟ රෝමානු කතෝලික සභාව ගණුදෙනු කරන්නේ කොහොමද යන්න තීරණය කර ගැනීමයි.(Relations between the Roman Catholic Church and the modern world)
පුරා වසර තුනක් පැවති මෙම මන්ත්‍රණ සභාව 1965 දෙසැම්බර් 8 වෙනි දින අවසාන උනේ රෝමානු කතෝලික සභාවට විශාල වෙනස්කම් කීපයක්ම හඳුන්වා දෙමින්. මන්ත්‍රණ සභාව පිළිබඳව දිගින් දිගටම විස්තර කිරීමට අදහසක් නැතත් එයින් සිදුවූ වෙනස්කම් සුලුවෙන් හෝ සඳහන් නොකළොත් එය විශාල අඩුපාඩුවක් කියා සිතනවා. කෙටියෙන්ම කිව්වොත් රෝමානු කතෝලික සභාව ඊට පෙර පැවති රාජකීය,සංකීර්ණ ගති වෙනස් කරගනිමින් සරල බවේ මාවතකට අවතීර්ණ උනා. මතුපිටින් මම නම් දැකපු ලොකුම වෙනස්කම තමයි සිංහාසන, දෝළා, ඔටුනු, සෙමර භාවිතා කරමින් රාජකීයත්වයක් ආරූඩ කර තිබූ පාප්ධූරය සරල නායකත්වයක් දක්වා පරිණාමය වීම. කරුණු වෙනස්කම් වශයෙන් කීපයක් කෙටියෙන් සඳහන් කරන්නම්.
1. දිව්‍ය පූජා පිළිවෙතේ විශාල වෙනස්කමක් සිදුවුනා. ඒ ගැන අන්තිමට කියන්නම්.
2. දිව්‍ය පූජාව පැවැත්වීමේදී හා ප්‍රසාද නිධාන දානය කිරීමේදී තිබූ පිළිවෙත් වල සරල බවක් ඇති උනා. ඒ වගේම සභා නීති වෙනස්වෙමින් හදිසි අවස්ථාවකදී එම ප්‍රසාද නිධාන දානය කිරීමේ වරම ගිහියන්ටත් ලැබුනා. ඔව් මම දන්නවා ප්‍රසාද නිධාන කියන්නේ මොනවද කියන ප්‍රශ්නය ඕගොල්ලන්ට ඇති වී තිබෙන බව. ප්‍රසාද නිධාන කියන්නේ කතෝලිකයෙකුගේ ජීවිතයේ විවිධ විශේෂ අවස්ථාවලදී අවශ්‍ය පිහිටාශිර්වාද ලබාගැනීමට සිදුකරන වත්පිළිවෙත්. උදාහරණ හැටියට කියනවා නම් කතෝලික සභාවට ඇතුළත්වීම, වැඩිවිය පත්වීම, විවාහ වීම වගේ දේවල් දක්වන්න පුළුවන්. ඒ ගැන මම ලියපු ලිපි පෙළක්ම තියෙන බවත් මතක් කරන්න කැමතියි.
ප්‍රසාද ස්නාපනය
පාපොච්චාරණය
අභිවෘද්ධි ආලේපය
දිව්‍ය සත්ප්‍රසාදය ලබාගැනීම
ආශිර්වාදකාර බන්ධනය
රෝගීන්ගේ ආලේපය
3. මීසම් (Parish, කතෝලික පවුල් වලින් සමන්විත පාලන ඒකකයක්) පාලනය පහසු වෙන පිණිස ගිහියන්ගෙන් සමන්විත මීසම් සභා ඇතිවුනා.
4. පැවිදි නිකායන්ගේ නීති රීති වත් පිළිවෙත් මෙන්ම ඔවුන්ගේ ඇඳුම පැළඳුමද සරල උනා. පින්තූර බලන්නකො.
5. භාවිතා කළ සැරසිලි වලද සංගීතයේද වෙනසක් ඇතිවුනා. මේ නිසා තමයි දේශීය සංගීතය වගේම සැරසිලිත් කතෝලික සභාවට ඈඳා ගැනීමට හැකිවූයේ. ලංකාවේ පල්ලි තුළට පුන්කලස්, පොල්තෙල් පහන්, මඟුල් බෙරවලට ඇතුළු වීමට ඉඩ ලැබුනේත් අෆ්‍රිකාවේ පල්ලිවල කොටිහම් වැනි ලෝගුවලින් සැරසුන පියතුමන්ලා දිව්‍යපූජා පවත්වන්නේත් 'දේශීයකරණය'ට ලැබුණ අවසරය නිසාමයි. දේශීයකරණයට ලංකාවේදී නම් සෑහෙන විවේචන එල්ලවුන බවත් මතක් කරන්න කැමතියි.
ලිපිය නීරස වෙන නිසා සිදුවූ වෙනස්කම් වලින් අල්ප මාත්‍රයක් පමණක් ලිව්වා. එකී මෙකී නොකී වෙනස්කම් රාශියක් ගැන විස්තර මෙන්න මේ ලිපියට ගියොත් බලාගන්න පුළුවන් වෙයි.
ඉතින් දැන් එමුකො ලිපියේ ප්‍රධාන කතාන්දරයට. ඉස්සර අපි පොඩි කාලෙ තාත්තලා දිව්‍ය පූජාවට සහභාගිවෙච්චි හැටි ගැන විස්තර කියනවා. මේ කියන්නෙ දෙවෙනි වතිකානු මන්ත්‍රණ සභාවට ඉස්සෙල්ලා කාලෙ. පනස්ගණන්වල අන්තිම කාලෙ වගේම හැට ගණන්වල මුල්කාලෙ.
"ඉස්සර ඔහොම එක රෙදි කෑල්ලක් විතරක් දාගෙන ස්වාමි පූජාව තියන්න ආවෙ නෑ. ඒ කාලෙ ස්වාමි හිටියෙත් අනිත් පැත්ත හැරිලා. පූජාව තිබ්බෙ ලතින් බාසාවෙන්. හැබැයි දේසනාව නම් තිබ්බෙ සිංහලෙන්. ඉතින් සෙනඟ උත්තර දෙන්න දන්නෙ නැති හින්දා ගියවෙලේ ඉඳන් කොන්තය කියන එක තමයි කළේ. "
මේ විදිහේ විස්තරයක් නවීන පන්න්යේ දිව්‍ය පූජාවලට සහභාගි වෙමින් ඉන්න අපිට නම් හරිම අමුතු දෙයක් උනා. අපි ඉතින් හාර හාර විස්තර ඇහුවත් තාත්තලා උත්තර දෙන්නෙත් ඒ ගොල්ලො පොඩි කාලෙ දැන සිටි ප්‍රමාණයෙන්නෙ. ඒක නිසා වැඩියමක් පැහැදිලි උනේ නෑ.
ඒ විදිහෙ පූජාවකට සහභාගි වීමේ භාග්‍යය බොහෝම මෑත කාලයකදී උදාවුනේ මීගමු යමින් ඉන්න වෙලාවක මෙන්න මේ පුවරුව දැකපු වෙලාවෙ.
තැන හරියටම කිව්වොත් මීගමුවේ ගල්කන්ද හංදියට ඔන්න මෙන්න. මේ විදිහේ මරියතුමියගේ පිළිරුවක් පල්ලිය ඉස්සරහා තියෙනවා.
ඒකෙන් අඳුනාගන්න පුළුවන් වේවි. ලතින් ත්‍රිදෙන්තියානු පූජාව (Latin Tridentine Mass)?? එවලේ නම් අපි ඒකෙ තේරුම දැනහිටියේ නෑ. සාමාන්‍ය පූජාවක් ලතින් බසින් පවත්වනු ඇති බව විශ්වාස කළ අපි දවසක් එහි ගොස් බැලීමට තීරණය කළා. මෙතැන් සිට එම පූජාවට ලතින් පූජාව කියන්නම්.
දැකපු පළවෙනි වෙනස තමයි භාෂා වෙනස. ඉඳහිට සිංහල ගීතිකාවක් දෙකක් ගායනය වුවත් දිව්‍ය පූජාව මුළුමනින්ම පාහේ පැවැත්වුනේ රෝමානු කතෝලික සභාවේ නිල භාෂාව වන ලතින් භාෂාවෙන්. දේශනාව ඉංග්‍රීසි බසින් පැවැත්වුනේ සුදු ජාතික පියතුමෙක් දිව්‍ය පූජාව පැවැත්වූ නිසා වෙන්නැති. භාෂා වෙනස කලින්ම අපි උපකල්පනය කළානෙ. ඒත් භාෂාවට වඩා ලොකු වෙනසක් ඒ පූජාවේ තිබෙන බව තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවුනේ නෑ.
වර්තමානයේ පියතුමා අඳින තනි ලෝගුවත් ස්ටෝල් පටියත් වෙනුවට ඇඳුම් කිහිපයක්ම භාවිතා කරන බව පෙනෙන්නට තිබුනා. ඒ වගේම ඒ ඇඳුම් හැඩගැන්වී තිබුනේ ඉතා පැරණි මෝස්තර වලින්. පියතුමා කොපමණ ඇඟලුම් සංඛ්‍යාවක් ලතින් පූජාවකදී පළඳින්නේදැයි පින්තූරයෙන් පැහැදිලි වේවි.
සාමාන්‍ය පූජාවකදී පියතුමා ජනතාව දෙසට හැරී සිටියත් මෙහිදී පියතුමා ජනතාවට පිටුපා පූජාව පැවැත්වූවා. වැඩිදුර තොරතුරු හෙවීමේදී දැනගත් ආකාරයට සම්ප්‍රදායක් විදිහට පියතුමාත් ජනතාවත් නැඟෙනහිර දෙසට මුහුණලා දිව්‍ය පූජාවට සහභාගි උනාලු. මෙලෙස දිශානුගත වීම Ad orientem ලෙස හැඳින්වෙනවා. පහත පින්තූරු බැලුවොත් සාමාන්‍ය දිව්‍ය පූජාවකදී පියතුමා මුහුණලා සිටින දිශාවත් ලතින් පූජාවකදී මුහුණලා සිටින දිශාවත් පැහැදිලිව පෙනේවි.
ඊළඟට සාමාන්‍ය පල්ලියේ අල්තාරය (පූජාවට යොදාගන්නා උපකරණ තබන මේසය ලෙස සරලව හඳුන්වන්න පුළුවන්) තියෙන්නේ මැදට වෙන්න. ඒත් ලතින් පූජාවක් තැබීමට නම් අල්තාරය පල්ලියේ පසුපස බිත්තියට සවිවී තිබිය යුතුයි. ඒ වගේම වර්තමානයේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදාදීමට විශේෂ අවස්ථාවලදී ගිහියන් පවා යොදාගන්නවා. නමුත් සාම්ප්‍රදායික ලතින් පූජාවකදී ගිහියන්ට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒ වගේම ලතින් පූජාවකදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීමට අනිවාර්යෙන් දණගැසියයුතු වෙනවා.
තවදුරටත් කියනවා නම් ලතින් පූජාවකදී පූජාවට උදව් විය හැක්කේ පිරිමි ළමයින්ට පමණයිලු. ඒ වගේම ඒ පූජාවකදී පියතුමාට පිළිතුරු ලබාදෙන්නේද පූජා උදව් ළමයි විසිනුයි. පල්ලියේ සිටින අනෙකුත් අයගේ පිළිතුරු දීමක් දක්නට ලැබුනේම නැතිතරම්. සමහරවිට භාෂා ප්‍රශ්නය හේතු වෙන්නට ඇතැයි හිතන්න පුළුවන්.
ඒ වගේම පුරාණ පල්ලිවල අල්තාරයත් මහජනයා සිටින සීමාවත් වෙන් කරමින් ගරාදි වැටක් ඉදිකර තිබෙන්නේ අල්තාරය පැත්ත ස්වර්ගය ලෙසත් අනිත් පැත්ත පොළව ලෙසත් සංකේතවත් කරමින්ලු. ඒත් සාම්ප්‍රදායික පූජා ක්‍රමයේ නික්මයෑමත් සමඟ අලුතින් ඉදිවූ සමහර පල්ලිවල මේ ගරාදි වැට දක්නට ලැබෙන්නේ නෑ. එම නිසා එබඳු පල්ලියක ලතින් පූජාවක් පැවැත්වීමට අවසර නෑලු.
ඉතින් එදා දිව්‍ය පූජාව අවසාන වීමෙන් පස්සෙ අපිට ලොකු කුතුහලයක් ඉතිරිවෙලා තිබ්බා. තිබිච්ච ලොකුම ප්‍රශ්නය උනේ මේ පල්ලිය රෝමානු කතෝලික පල්ලියක්ද දැනගන්න එක. එතන හිටපු මහත්මයෙක් අපි අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් කාරුණික උනා. දැනගන්න ලැබුනු විදිහට අවුරුදු 15ක විතර ඉඳන් මේ පල්ලිය මෙතන තියෙනවාලු. සාන්ත දසවෙනි පියුස් පාප්තුමාගේ සමාජය(Society of Saint Pius X) නම් නිකායක් විසින් තමයි මේ පල්ලිය පාලනය කරනු ලබන්නේ. ඒ මහත්මයාට ස්තුති කරලා ආපු ගමන් මම වාඩි උනේ මේ ගැන වැඩිදුර තොරතුරු හොයන්න.
අන්තර්ජාලයේ තිබුණ විදිහට දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් ඇතිවෙච්ච වෙනස්කම් පිළිගන්න සමහර කතෝලිකයෝ සූදානම් උනේ නෑ. අපිට තොරතුරු දීපු මහත්මයා උනත් නවීන පූජා ක්‍රමය ගැන එතරම් හොඳ ආකල්පයක් නෙමෙයි දැරුවේ. ඔවුන්ගේ අදහසට අනුව නවීන පූජා ක්‍රමය දෙවියන් වහන්සේට කරන නිගරුවක් වගේම දිව්‍ය පූජාව හෑල්ලුවට ලක් කිරීමක්. මෙලෙස සම්ප්‍රදායික මත දරණ කතෝලිකයෝ සංවිධානය වී පැරණි වත් පිළිවෙත් එලෙසම ගෙනියන්නට උත්සාහ කරා. ඒ වෙනුවෙන් ඇති වූ සංවිධානයක් තමයි මම කිව්ව සාන්ත දසවෙනි පියුස් පාප්තුමාගේ සමාජය කියන්නෙත්.
ඊළඟට මට දැනගන්න උවමනා වෙච්ච කාරණාව තමයි ඔවුන් රෙප්‍රමාදු, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත වැනිම වූ කතෝලික සභාවෙන් කැඩීගිය කොටසක්ද යන්න. එහෙත් දැනගන්න ලැබුණ තොරතුරු අනුව ඔවුන් රෝමානු කතෝලික සභාවේ නායකත්වය පිළිගන්නවා. තමන් රෝමානු කතෝලිකයන් බවත් ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් නවීන වෙනස් වීම් වලට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් රෝමානු කතෝලික සභාව පැත්තෙන් නම් මොවුන්ව නෙරපා හැර ඇති බවයි පෙනෙන්නට තියෙන්නෙ. නමුත් 16 වෙනි බෙනඩික් පාප්තුමා 2006දී සියලුම රෝමානු කතෝලික පියතුමන්ලාට ඔවුන්ගේ අභිමතය පරිදි ලතින් පූජා පැවැත්වීමේ අවසරය ලබාදුන්නා. මෙය සාම්ප්‍රදායික කිතුනුවන්ව නැවත සභාවට එකතු කරගැනීමක් ලෙස සමහර අය සළකද්දී සමහරු නම් කියන්නෙ එය ලතින් පූජාවට ලැබුණු අවසරයක් මිස ඔවුන් සභාවට වද්දා ගැනීමක් නොවන බවයි.
ඉතින් ඔන්න ඔය විදිහටයි මම අතීතයේ පූජාවකට ගියේ. ඕගොල්ලොත් වෙලාවක් තියෙනවා නම් ගිහින් බලන්න. අලුත් අත්දැකීමක් වේවි.
මූලාශ්‍ර :
දිව්‍ය පූජාවකට??
මගේ බ්ලොග් එකට නිතරම යන එන කෙනෙකුගෙ හිතේ උනත් එකපාරටම මේ ප්‍රශ්න දෙක මතු වෙන්න පුළුවන්. ඒක නිසා අලුතෙන්ම ආපු කෙනෙකුට මුලින්ම දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියන එක බොහෝම කෙටියෙන් හරි පැහැදිලි කිරීම හොඳයි මට නම් හිතෙන විදිහට. හැබැයි ඕගොල්ලන්ට මම කලින් ලියපු මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පුළුවන් නම් ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වේවි. ඇරත් ඕගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ යාළුවන්ගේ නෑදෑයින්ගේ විවාහ උත්සව වලට ගිහිල්ලා ඇතිනෙ. එතනදි තියෙන්නෙත් දිව්‍ය පූජාවක්ම තමයි. ඒ ගැනැත් මම ලියලා ඇති මෙන්න මෙතන. හරි.. දිග විස්තරයක් නැතුව කෙටියෙන් කියනවා නම් දිව්‍ය පූජාව කියන්නෙ කතෝලිකයෙකුට තමුන් අදහන දෙවියන් හා සම්බන්ධ වීමට ලැබෙන උතුම්ම අවස්ථාව. පියතුමාගේ ප්‍රධානත්වයෙන් දෙවියන් නැමදීම තමයි මෙතනදි සිදුකරන්නෙ. කොටින්ම කිව්වොත් කතෝලිකයො ඉරිදට පල්ලි යනවා කියලා යන්නෙ දිව්‍ය පූජාවට සහභාගි වෙන්න. මම හිතනවා දැන් හැමෝටම වගේ යම් තරමක දළ අදහසක් ඇති ඒ ගැන. ඉතින් ඒ ටික හිතේ තියාගෙන අපි පොඩ්ඩක් අතීතයට යමු.
දෙවන වතිකානු මන්ත්‍රණ සභාව |
පුරා වසර තුනක් පැවති මෙම මන්ත්‍රණ සභාව 1965 දෙසැම්බර් 8 වෙනි දින අවසාන උනේ රෝමානු කතෝලික සභාවට විශාල වෙනස්කම් කීපයක්ම හඳුන්වා දෙමින්. මන්ත්‍රණ සභාව පිළිබඳව දිගින් දිගටම විස්තර කිරීමට අදහසක් නැතත් එයින් සිදුවූ වෙනස්කම් සුලුවෙන් හෝ සඳහන් නොකළොත් එය විශාල අඩුපාඩුවක් කියා සිතනවා. කෙටියෙන්ම කිව්වොත් රෝමානු කතෝලික සභාව ඊට පෙර පැවති රාජකීය,සංකීර්ණ ගති වෙනස් කරගනිමින් සරල බවේ මාවතකට අවතීර්ණ උනා. මතුපිටින් මම නම් දැකපු ලොකුම වෙනස්කම තමයි සිංහාසන, දෝළා, ඔටුනු, සෙමර භාවිතා කරමින් රාජකීයත්වයක් ආරූඩ කර තිබූ පාප්ධූරය සරල නායකත්වයක් දක්වා පරිණාමය වීම. කරුණු වෙනස්කම් වශයෙන් කීපයක් කෙටියෙන් සඳහන් කරන්නම්.
1. දිව්‍ය පූජා පිළිවෙතේ විශාල වෙනස්කමක් සිදුවුනා. ඒ ගැන අන්තිමට කියන්නම්.
2. දිව්‍ය පූජාව පැවැත්වීමේදී හා ප්‍රසාද නිධාන දානය කිරීමේදී තිබූ පිළිවෙත් වල සරල බවක් ඇති උනා. ඒ වගේම සභා නීති වෙනස්වෙමින් හදිසි අවස්ථාවකදී එම ප්‍රසාද නිධාන දානය කිරීමේ වරම ගිහියන්ටත් ලැබුනා. ඔව් මම දන්නවා ප්‍රසාද නිධාන කියන්නේ මොනවද කියන ප්‍රශ්නය ඕගොල්ලන්ට ඇති වී තිබෙන බව. ප්‍රසාද නිධාන කියන්නේ කතෝලිකයෙකුගේ ජීවිතයේ විවිධ විශේෂ අවස්ථාවලදී අවශ්‍ය පිහිටාශිර්වාද ලබාගැනීමට සිදුකරන වත්පිළිවෙත්. උදාහරණ හැටියට කියනවා නම් කතෝලික සභාවට ඇතුළත්වීම, වැඩිවිය පත්වීම, විවාහ වීම වගේ දේවල් දක්වන්න පුළුවන්. ඒ ගැන මම ලියපු ලිපි පෙළක්ම තියෙන බවත් මතක් කරන්න කැමතියි.
ප්‍රසාද ස්නාපනය
පාපොච්චාරණය
අභිවෘද්ධි ආලේපය
දිව්‍ය සත්ප්‍රසාදය ලබාගැනීම
ආශිර්වාදකාර බන්ධනය
රෝගීන්ගේ ආලේපය
3. මීසම් (Parish, කතෝලික පවුල් වලින් සමන්විත පාලන ඒකකයක්) පාලනය පහසු වෙන පිණිස ගිහියන්ගෙන් සමන්විත මීසම් සභා ඇතිවුනා.
4. පැවිදි නිකායන්ගේ නීති රීති වත් පිළිවෙත් මෙන්ම ඔවුන්ගේ ඇඳුම පැළඳුමද සරල උනා. පින්තූර බලන්නකො.
ඒ කාලෙ කන්‍යා සහෝදරියන්ගේ ඇඳුම් |
දැන්.. |
ඒ කාලේ පාප්තුමා |
දැන්.. |
5. භාවිතා කළ සැරසිලි වලද සංගීතයේද වෙනසක් ඇතිවුනා. මේ නිසා තමයි දේශීය සංගීතය වගේම සැරසිලිත් කතෝලික සභාවට ඈඳා ගැනීමට හැකිවූයේ. ලංකාවේ පල්ලි තුළට පුන්කලස්, පොල්තෙල් පහන්, මඟුල් බෙරවලට ඇතුළු වීමට ඉඩ ලැබුනේත් අෆ්‍රිකාවේ පල්ලිවල කොටිහම් වැනි ලෝගුවලින් සැරසුන පියතුමන්ලා දිව්‍යපූජා පවත්වන්නේත් 'දේශීයකරණය'ට ලැබුණ අවසරය නිසාමයි. දේශීයකරණයට ලංකාවේදී නම් සෑහෙන විවේචන එල්ලවුන බවත් මතක් කරන්න කැමතියි.
පොල්තෙල් පහන් දැල්වීම |
ලිපිය නීරස වෙන නිසා සිදුවූ වෙනස්කම් වලින් අල්ප මාත්‍රයක් පමණක් ලිව්වා. එකී මෙකී නොකී වෙනස්කම් රාශියක් ගැන විස්තර මෙන්න මේ ලිපියට ගියොත් බලාගන්න පුළුවන් වෙයි.
ඉතින් දැන් එමුකො ලිපියේ ප්‍රධාන කතාන්දරයට. ඉස්සර අපි පොඩි කාලෙ තාත්තලා දිව්‍ය පූජාවට සහභාගිවෙච්චි හැටි ගැන විස්තර කියනවා. මේ කියන්නෙ දෙවෙනි වතිකානු මන්ත්‍රණ සභාවට ඉස්සෙල්ලා කාලෙ. පනස්ගණන්වල අන්තිම කාලෙ වගේම හැට ගණන්වල මුල්කාලෙ.
"ඉස්සර ඔහොම එක රෙදි කෑල්ලක් විතරක් දාගෙන ස්වාමි පූජාව තියන්න ආවෙ නෑ. ඒ කාලෙ ස්වාමි හිටියෙත් අනිත් පැත්ත හැරිලා. පූජාව තිබ්බෙ ලතින් බාසාවෙන්. හැබැයි දේසනාව නම් තිබ්බෙ සිංහලෙන්. ඉතින් සෙනඟ උත්තර දෙන්න දන්නෙ නැති හින්දා ගියවෙලේ ඉඳන් කොන්තය කියන එක තමයි කළේ. "
මේ විදිහේ විස්තරයක් නවීන පන්න්යේ දිව්‍ය පූජාවලට සහභාගි වෙමින් ඉන්න අපිට නම් හරිම අමුතු දෙයක් උනා. අපි ඉතින් හාර හාර විස්තර ඇහුවත් තාත්තලා උත්තර දෙන්නෙත් ඒ ගොල්ලො පොඩි කාලෙ දැන සිටි ප්‍රමාණයෙන්නෙ. ඒක නිසා වැඩියමක් පැහැදිලි උනේ නෑ.
ඒ විදිහෙ පූජාවකට සහභාගි වීමේ භාග්‍යය බොහෝම මෑත කාලයකදී උදාවුනේ මීගමු යමින් ඉන්න වෙලාවක මෙන්න මේ පුවරුව දැකපු වෙලාවෙ.
තැන හරියටම කිව්වොත් මීගමුවේ ගල්කන්ද හංදියට ඔන්න මෙන්න. මේ විදිහේ මරියතුමියගේ පිළිරුවක් පල්ලිය ඉස්සරහා තියෙනවා.
මරියතුමියගේ පිළිරුව |
පල්ලිය ඇතුළත |
දැකපු පළවෙනි වෙනස තමයි භාෂා වෙනස. ඉඳහිට සිංහල ගීතිකාවක් දෙකක් ගායනය වුවත් දිව්‍ය පූජාව මුළුමනින්ම පාහේ පැවැත්වුනේ රෝමානු කතෝලික සභාවේ නිල භාෂාව වන ලතින් භාෂාවෙන්. දේශනාව ඉංග්‍රීසි බසින් පැවැත්වුනේ සුදු ජාතික පියතුමෙක් දිව්‍ය පූජාව පැවැත්වූ නිසා වෙන්නැති. භාෂා වෙනස කලින්ම අපි උපකල්පනය කළානෙ. ඒත් භාෂාවට වඩා ලොකු වෙනසක් ඒ පූජාවේ තිබෙන බව තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගතවුනේ නෑ.
වර්තමානයේ පියතුමා අඳින තනි ලෝගුවත් ස්ටෝල් පටියත් වෙනුවට ඇඳුම් කිහිපයක්ම භාවිතා කරන බව පෙනෙන්නට තිබුනා. ඒ වගේම ඒ ඇඳුම් හැඩගැන්වී තිබුනේ ඉතා පැරණි මෝස්තර වලින්. පියතුමා කොපමණ ඇඟලුම් සංඛ්‍යාවක් ලතින් පූජාවකදී පළඳින්නේදැයි පින්තූරයෙන් පැහැදිලි වේවි.
වර්තමානයේ පියතුමා අඳින තනි ලෝගුව හා ස්ටෝල් පටිය |
ලතින් පූජාවකදී අඳින ඇඳුම්. |
සාමාන්‍ය පූජාවකදී පියතුමා ජනතාව දෙසට හැරී සිටියත් මෙහිදී පියතුමා ජනතාවට පිටුපා පූජාව පැවැත්වූවා. වැඩිදුර තොරතුරු හෙවීමේදී දැනගත් ආකාරයට සම්ප්‍රදායක් විදිහට පියතුමාත් ජනතාවත් නැඟෙනහිර දෙසට මුහුණලා දිව්‍ය පූජාවට සහභාගි උනාලු. මෙලෙස දිශානුගත වීම Ad orientem ලෙස හැඳින්වෙනවා. පහත පින්තූරු බැලුවොත් සාමාන්‍ය දිව්‍ය පූජාවකදී පියතුමා මුහුණලා සිටින දිශාවත් ලතින් පූජාවකදී මුහුණලා සිටින දිශාවත් පැහැදිලිව පෙනේවි.
පියතුමා ජනතාව දෙසට හැරී |
පියතුමා ජනතාවට පිටුපා |
ඊළඟට සාමාන්‍ය පල්ලියේ අල්තාරය (පූජාවට යොදාගන්නා උපකරණ තබන මේසය ලෙස සරලව හඳුන්වන්න පුළුවන්) තියෙන්නේ මැදට වෙන්න. ඒත් ලතින් පූජාවක් තැබීමට නම් අල්තාරය පල්ලියේ පසුපස බිත්තියට සවිවී තිබිය යුතුයි. ඒ වගේම වර්තමානයේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ බෙදාදීමට විශේෂ අවස්ථාවලදී ගිහියන් පවා යොදාගන්නවා. නමුත් සාම්ප්‍රදායික ලතින් පූජාවකදී ගිහියන්ට ඒ සඳහා අවස්ථාව ලැබෙන්නෙ නෑ. ඒ වගේම ලතින් පූජාවකදී දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබාගැනීමට අනිවාර්යෙන් දණගැසියයුතු වෙනවා.
ගරාදි වැට |
තවදුරටත් කියනවා නම් ලතින් පූජාවකදී පූජාවට උදව් විය හැක්කේ පිරිමි ළමයින්ට පමණයිලු. ඒ වගේම ඒ පූජාවකදී පියතුමාට පිළිතුරු ලබාදෙන්නේද පූජා උදව් ළමයි විසිනුයි. පල්ලියේ සිටින අනෙකුත් අයගේ පිළිතුරු දීමක් දක්නට ලැබුනේම නැතිතරම්. සමහරවිට භාෂා ප්‍රශ්නය හේතු වෙන්නට ඇතැයි හිතන්න පුළුවන්.
ඒ වගේම පුරාණ පල්ලිවල අල්තාරයත් මහජනයා සිටින සීමාවත් වෙන් කරමින් ගරාදි වැටක් ඉදිකර තිබෙන්නේ අල්තාරය පැත්ත ස්වර්ගය ලෙසත් අනිත් පැත්ත පොළව ලෙසත් සංකේතවත් කරමින්ලු. ඒත් සාම්ප්‍රදායික පූජා ක්‍රමයේ නික්මයෑමත් සමඟ අලුතින් ඉදිවූ සමහර පල්ලිවල මේ ගරාදි වැට දක්නට ලැබෙන්නේ නෑ. එම නිසා එබඳු පල්ලියක ලතින් පූජාවක් පැවැත්වීමට අවසර නෑලු.
ඉතින් එදා දිව්‍ය පූජාව අවසාන වීමෙන් පස්සෙ අපිට ලොකු කුතුහලයක් ඉතිරිවෙලා තිබ්බා. තිබිච්ච ලොකුම ප්‍රශ්නය උනේ මේ පල්ලිය රෝමානු කතෝලික පල්ලියක්ද දැනගන්න එක. එතන හිටපු මහත්මයෙක් අපි අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් කාරුණික උනා. දැනගන්න ලැබුනු විදිහට අවුරුදු 15ක විතර ඉඳන් මේ පල්ලිය මෙතන තියෙනවාලු. සාන්ත දසවෙනි පියුස් පාප්තුමාගේ සමාජය(Society of Saint Pius X) නම් නිකායක් විසින් තමයි මේ පල්ලිය පාලනය කරනු ලබන්නේ. ඒ මහත්මයාට ස්තුති කරලා ආපු ගමන් මම වාඩි උනේ මේ ගැන වැඩිදුර තොරතුරු හොයන්න.
අන්තර්ජාලයේ තිබුණ විදිහට දෙවන වතිකානු මන්ත්‍රණ සභාවෙන් ඇතිවෙච්ච වෙනස්කම් පිළිගන්න සමහර කතෝලිකයෝ සූදානම් උනේ නෑ. අපිට තොරතුරු දීපු මහත්මයා උනත් නවීන පූජා ක්‍රමය ගැන එතරම් හොඳ ආකල්පයක් නෙමෙයි දැරුවේ. ඔවුන්ගේ අදහසට අනුව නවීන පූජා ක්‍රමය දෙවියන් වහන්සේට කරන නිගරුවක් වගේම දිව්‍ය පූජාව හෑල්ලුවට ලක් කිරීමක්. මෙලෙස සම්ප්‍රදායික මත දරණ කතෝලිකයෝ සංවිධානය වී පැරණි වත් පිළිවෙත් එලෙසම ගෙනියන්නට උත්සාහ කරා. ඒ වෙනුවෙන් ඇති වූ සංවිධානයක් තමයි මම කිව්ව සාන්ත දසවෙනි පියුස් පාප්තුමාගේ සමාජය කියන්නෙත්.
ඊළඟට මට දැනගන්න උවමනා වෙච්ච කාරණාව තමයි ඔවුන් රෙප්‍රමාදු, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත වැනිම වූ කතෝලික සභාවෙන් කැඩීගිය කොටසක්ද යන්න. එහෙත් දැනගන්න ලැබුණ තොරතුරු අනුව ඔවුන් රෝමානු කතෝලික සභාවේ නායකත්වය පිළිගන්නවා. තමන් රෝමානු කතෝලිකයන් බවත් ප්‍රකාශ කරනවා. නමුත් ඔවුන් නවීන වෙනස් වීම් වලට කැමැත්තක් දක්වන්නේ නෑ. ඒත් රෝමානු කතෝලික සභාව පැත්තෙන් නම් මොවුන්ව නෙරපා හැර ඇති බවයි පෙනෙන්නට තියෙන්නෙ. නමුත් 16 වෙනි බෙනඩික් පාප්තුමා 2006දී සියලුම රෝමානු කතෝලික පියතුමන්ලාට ඔවුන්ගේ අභිමතය පරිදි ලතින් පූජා පැවැත්වීමේ අවසරය ලබාදුන්නා. මෙය සාම්ප්‍රදායික කිතුනුවන්ව නැවත සභාවට එකතු කරගැනීමක් ලෙස සමහර අය සළකද්දී සමහරු නම් කියන්නෙ එය ලතින් පූජාවට ලැබුණු අවසරයක් මිස ඔවුන් සභාවට වද්දා ගැනීමක් නොවන බවයි.
ඉතින් ඔන්න ඔය විදිහටයි මම අතීතයේ පූජාවකට ගියේ. ඕගොල්ලොත් වෙලාවක් තියෙනවා නම් ගිහින් බලන්න. අලුත් අත්දැකීමක් වේවි.
මූලාශ්‍ර :
- https://answers.yahoo.com/question/index?qid=20100226224357AARb3Js
- http://www.mycatholicsource.com/mcs/cg/latin_mass_and_catholic_tradition/summary_of_changes_since_vatican_ii.htm
- http://en.wikipedia.org/wiki/Second_Vatican_Council
- http://www.traditionalcatholicapologetics.com/list-of-changes
- http://www.huffingtonpost.com/2012/10/11/vatican-ii-catholic-church-changes_n_1956641.html
- http://en.wikipedia.org/wiki/Ecumenical_council
- http://en.wikipedia.org/wiki/Ad_orientem
- http://en.wikipedia.org/wiki/Versus_populum
- http://en.wikipedia.org/wiki/Traditionalist_Catholic
- http://en.wikipedia.org/wiki/Society_of_Saint_Pius_X
- http://en.wikipedia.org/wiki/Tridentine_Mass
- http://catholicism.about.com/od/worship/tp/Comparing_the_Masses.htm
- http://en.wikipedia.org/wiki/Vestment
- http://www.catholicfirst.com/thefaith/themass/massvestments.html#vestdesc
- http://www.awakentoprayer.org/vestments.htm
- http://www.dailycatholic.org/cms46.htm
කාලෙකට පස්සේ හොඳ දීර්ඝ විස්තර සහිත ලිපියක්. මේ ඇඳුම් වලින් කිසියම් විශේෂ අර්ථයක් කියවෙනවද?
ReplyDeleteඅපරාදේ එදා මට අපේ පැත්තේ තියන පල්ලිය පෙන්නන්න බැරිවුනා. ආයෙ ආවම යමු. ඒ පියතුමාවත් මම හොඳට දන්නවා.
වෙලාව මදිකම තමයි ඉතින්..
Delete…
…ඇඳුම් වලින් කියවෙන විශේෂ අර්ථයට කලින් ඇඳුමට එක් එක් වර්ණ ලැබෙන හැටි කියන්නම්. කතෝලිකයන්ගේ අවුරුද්දක් ප්‍රධාන කොටස් හයකට කැඩෙනවා.
…1.ආගමන කාලය (ජේසුස් වහන්සේගේ උපතට සූදානම් වීමේ කාලය )
…2. නත්තල් කාලය
…3. සාමාන්‍ය සමය
…4.චතාරික සමය (ජේසුස් වහන්සේගේ දුක් විඳීම මරණය සිහි කරන කාලේ )
…5.පාස්කු සමය (ජේසුස් වහන්සේගේ උත්ථානය සිහි කරන කාලේ )
…6. ආයෙත් සාමාන්‍ය සමය
…ඉතින් අපි ඉන්නෙ ඒ ඒ කාලයන් වල බව නිරූපණය සඳහා ආගමන කාලයේදී හා චතාරික කාලයේදී දම් පාටෙනුත් නත්තල් සමයේදී හා පාස්කු සමයේදී සුදු හෝ රත්තරන් පාටිනුත් සාමාන්‍ය සමයේදී කොළ පාටිනුත් පියතුමා සැරසෙනවා. මීට අමතරව ගොබ් ඉරිදා හා මහ සිකුරාදා දින රතු පාටින් සැරසීම සිදුවෙනවා.
අලුත් ක්‍රමයේදී පියතුමා පළඳින්නේ ලෝගුවත්(chausable) ස්ටෝල් පටියත් පමණයි.
…
…ලෝගුවෙන් දෙවියන් වහන්සේටත් මනුෂ්‍යයාටත් දක්වන දයාවත් පරාර්ථකමිත්වයත් නිරූපණය වෙනවාලු.
…පුරාණ රෝමානු නීති නිලධාරීන් පාවිච්චි කරපු ඇඟලුමකින් තමයි ස්ටෝල් පටිය පැවතගෙන එන්නෙ. සාමාන්‍යයෙන් සෑම ආගමික කාර්‍යයකදීම පියතුමා මේ පටිය පළඳිනවා. එයින් නිරූපණය වෙන්නෙ අදාළ කාර්‍යය කිරීමට ලැබී ඇති නිල බලයලු.
…
…ඊළඟට පුරාණ ඇඟලුම් බලමු. මේවාට කියන සිංහල නම් නම් මම දන්නෙ නෑ.
…Amice - මේ ඇඟලුම භාවිතා කරලා තියෙන්නේ අධික වටිනාකමකින් යුතු ලෝගුවත් ස්ටෝල් පට්යත් දහදියට නිරාවරණය වී විනාශ වීම වළකාගන්න. ඒ වගේම සියලු නපුරු දේවලින් මිදීමේ ශක්තිය මෙයින් නිරූපණය වෙනවා කියලත් කියවෙනවා.
…ALB - පියතුමාගේ අවංකභාවය හා නිර්මල භාවය පෙන්වීමට සුදු පැහැයෙන් සමන්විත උනා.
…CINCTURE - ලිංගික ක්‍රියාවලින් වැළකී සිටීම නිරූපණය කළා.
…MANIPULE - යටහත්පහත්භාවය
…
…මමත් මේ කරුණු ටික හොයාගත්තෙ මෙතනින්..
http://www.catholicdoors.com/courses/roman.htm
…
ආයෙ දවසක ගිහිල්ලා බලමු..
ප.ලි. හරිහමන් සිංහල කොටන ක්‍රමයක් තාම නැද්දෝ. මම ක්‍රම කීපයක් අත්හදා බලලා එපාවෙලා ඉන්නේ.. එක එක එව්වල එක එක අඩුපාඩු තියෙනවා. :(
බොහොම වැදගත් විස්තරයක්. අපිත් මේක වටින් ගොඩින් දැනගෙන හිටපු දෙයක්. කවදාවත් ලතින් පූජාවකට සහබාගි වෙන්න ලැබිලා නෑ නේ.
ReplyDeleteඅගය කිරීමට ස්තුතියි. මීගමුව අවට ඉන්නවා නම් ගිහිල්ල බලන්නයි තියෙන්නෙ..
DeleteE wagema mama dakapu deyak thamai Latin puja waladi altharaye sakasuma. Aluth pooja walata wada ekakari bawak daranawa neda? Mata hithenawa Latin poojawa unath kamak na Catholic ayata Latin therunanam arthanwithawa e poojawa unath ahanna puluwan wei. Habai, nawa poojawa hamatoma therumganna puluwan nisa deshanurupikaranaya wu bhasawakin poojawa thiyena eka hodai kiyalai hithenne.
ReplyDelete//Latin puja waladi altharaye sakasuma.// ඔව්.. නවීන අල්තාරවල වගේ මල් සැරසිලි මොකුත්ම දකින්නට තිබුනේ නෑ.. ඒ වගේම අල්තාරෙට දාලා තිබ්බ රෙදි උනත් ඒකාකාරී පරණ මෝස්තර තිබ්බෙ. අනික පත්තු කළෙත් හරියටම ඉටිපන්දම් හයයි.
Deleteමෙතන තිබ්බ අනික් දේ තමයි අලුත් පූජාවෙදි වගේ සෙනඟ යාච්ඤාවලට පිළිතුරු දෙන්නේ නෑ. පියතුමා කරන දේවල් බලා ඉන්නවා මිසක්.. තේරෙන භාෂාවකින් තිබුනානම් හොඳයි කියලා හිතුනා උනත් මෙතනදි පියතුමා සෙනඟෙන් උත්තර බලාපොරොත්තු නොවන බවකුයි පෙනුනෙ.. දේශනාව ඉංග්‍රීසියෙන් තිබුන නිසා තේරුනා.. හැබැයි අර මහත්මයාගේ අදහස උනේ අලුත් ක්‍රමයෙදි පියතුමා වේදිකාවක ඉන්න නළුවෙක් වගේ වෙලා දෙවියන්ට තැනක් නෑ කියලා වගේ දෙයක්..
///..අනික පත්තු කළෙත් හරියටම ඉටිපන්දම් හයයි....//
Deleteඉටිපන්දම් හයක්ම පත්තු කරන්න විශේෂ හේතුවක් තියෙනවද ?
@Hasitha,
Deleteමම ටිකක් හොයලා බැලුවා. අදාළ දිව්‍ය පූජාවේ තත්වය පෙන්වන්නලු මේ විදිහට ඉටිපන්දම් දල්වන්නේ. මේ ලතින් පූජාවල ප්‍රධාන පූජා(high mass) හා කෙටි පූජා(law mass) යයි දෙවර්ගයක් තියෙනවාලු. ප්‍රධාන පූජා පවත්වන්නේ ඉරුදිනවලයි මංගල්‍යය දිනවලයි. අනෙක් සතියේ දිනවල තියෙන්නෙ කෙටි පූජාලු.
කෙටි පූජාවකදි දල්වන්නෙ ඉටිපන්දම් දෙකයිලු. ප්‍රධාන පූජාවකදි ඉටිපන්දම් 6ක් දල්වනවාලු. ඒ අතර අවස්ථාත් තියෙනවලු ඉටිපන්දම් 4ක් දල්වන. ඒ වගේම රදගුරුවරයෙක් ඒ පූජාව ඔප්පු කරනවා නම් ඉටිපන්දම් 7ක් දල්වන්න ඕනලු.
බොහොම ස්තුතියි විස්තරේට :)
Deleteඇත්තටම මට දැනගන්න ඕන ජේසු තුමා ගේ ආගම නිකායන්ට බෙදුන හැටි කාතෝලික ක්‍රිස්තතියානි විදිහට පොස්ට් එකක් දන්න වෙනස්කම් මොනවද ඒ අතර
ReplyDeleteමේ ගැන දැනගන්න ගොඩාක් අය කැමැත්තෙන් ඉන්න බව පේනවා.. ළඟදීම ලියන්නම්..
Delete//ගියවෙලේ ඉඳන් කොන්තය කියන එක තමයි කළේ. "//
ReplyDeleteමේ මොකක්ද?
අල්තාරය පැත්තට හැරෙන්නේ දෙවියන් හා සම්බන්ධ වෙන්ට ඇති. ඊට පස්සේ මිනිස්සු දිහාට හැරිලා ඒ පණිවිඩේ දෙනවා ඇති වගේ අදහසක් ආවා කියවගෙන යනකොට.
ඔය නිකාය භේද ගැනත් ලියන්ටකෝ හරී...
පාස්කු ලඟයි නේ... මෙහෙ නම් නිවාඩුවක් හම්බ වෙනවා දිග...
කොන්තය කියලා කටවහරේ කියන්නෙ ජපමාලයට. ජපමාලය කියන්නෙ ඇට කිහිපයක් එකට අමුණලා හදාගත්ත මාලයක් වගේ එකකට.. අර තාපසයෝ ගාව තියෙන නවගුණවැලත් අන්න ඒ වගේ එකක්.. කතෝලිකයෝ ජේසුස් වහන්සේගේ අම්මාට යාච්ඤා කරද්දි මේ ජපමාලය පාවිච්චි කරනවා කියපු වාර ගණන ගනන් කරගන්න. මෙන්න මේ පින්තූරෙ බලන්නකො..
Delete//අල්තාරය පැත්තට හැරෙන්නේ දෙවියන් හා සම්බන්ධ වෙන්ට ඇති. ඊට පස්සේ මිනිස්සු දිහාට හැරිලා ඒ පණිවිඩේ දෙනවා ඇති වගේ අදහසක් ආවා කියවගෙන යනකොට.// මම හිතන්නෙ මෙතනදි පොඩ්ඩිට පොඩ්ඩක් ටැපලිලා.. පරණ ක්‍රමයට ලතින් පූජාව පවත්වද්දියි පියතුමා අනික් පැත්ත හැරිලා හිටියේ.. උදාහරණයකින් කිව්වොත් දේවාලයක කපුමහත්වරු යාතිකා කරන්නෙ අනික් පැත්ත හැරිලා අන්න ඒ වගේ.. (හැබැයි ඔළුව වන වන කෑගහන්නෙ නම් නෑ.. :))
අලුත් ක්‍රමයෙදි පියතුමා ජනතාවට මුහුණලා ඉඳගෙනයි වතාවත් කරන්නෙ.. උදාහරණයකින් කිව්වොත් පන්සලේ හාමුදුරුවො බණ කියද්දි වාඩිවෙලා ඉන්නෙ.. අන්න එඔ වගේ..
//ඔය නිකාය භේද ගැනත් ලියන්ටකෝ හරී...//මේ ඉල්ලීම නම් දහපහළොස් දෙනෙක්ම්,අ කරලා ඇති.. ලිවියයුතු ප්‍රමාණෙ විශාල හින්දයි පරක්කු කර කර ඉන්නෙ..
//පාස්කු ලඟයි නේ... මෙහෙ නම් නිවාඩුවක් හම්බ වෙනවා දිග...//සතියක විතර නිවාඩුවක් නේද?
පින්තූරෙ මෙන්න මෙතන
Delete//..සාන්ත දසවෙනි පියුස් පාප්තුමාගේ සමාජය....//
ReplyDeleteලතින් පූජාව පිළිගන්න අය මොකද දසවෙනි පියුස් පාප්තුමාගේ නමින් සංවිධානය වුණේ ???
කොහොමද අවුරුදු ජයද ?
//ලතින් පූජාව පිළිගන්න අය මොකද දසවෙනි පියුස් පාප්තුමාගේ නමින් සංවිධානය වුණේ ???// මේකට හේතුව නම් හොයාගන්න බැරි උනා හසිත.. අලුත් ක්‍රමයට අකමැතිවූ රදගුරුවරයෙක් සංවිධානය ආරම්භ කළා කියලා විතරයි හොයාගන්න පුළුවන් උනේ..
Delete//කොහොමද අවුරුදු ජයද ?//අපි ඉතින් සමරන්නෙ නෑනෙ.. හසිතලාට නම් ජයයි වගේ..
කිරිබත්වත් හදන්නේ නැද්ද ??
Deleteකතෝලිකයන් සිංහල අවුරුදු සමරනවාද නැද්ද කියන එකට ඔව් හෝ නෑ කියලා සරල උත්තරයක් දෙන්න බෑ හසිත.
Deleteසමහර අවුරුදු වල අපේ ගෙදරත් නැකත්වලට අදාළ දේවල් කෙරෙනවා. සමහර අවුරුදුවල කෙරෙන්නේ නෑ.
ඒත් සිංහල අවුරුදු කියලා කතෝලිකයන් විශේෂ සූදානමක් නොවන බව නම් කෙලින්ම කිව්වැකි.
හරී ඔය වගේ නොවුනත් නවීන පූජාවේ ලතින් භාවිතා කරනවා මම දැකලා තියනවා ඉතාලියෙදි,ගීතිකා එහෙම හරි ලස්සනයි,මතකද පාප්තුමා පත් වෙනකොට ඒ පයින්ඩය දෙන්නෙත් ලතින් වලින් නේ,ඒ නම් සභාවේ නිල බාශාව ලතින් නිසා.කතෝලික සභාව ඇතුලෙත් ඔය වගේ කන්ඩායම් කීපයක්ම තියනවා,,මම ලගදී ටීවී එකේ දැක්කා මිකායිල් දේව දූතයා නමින් සිටින කන්ඩායමක්,එයාලා ගෙවල් වල ඉදන් පූජාව කරන්නෙ,,බිශොප්ලා කීප දෙනෙකුත් ඒ කන්ඩායම එක්ක ඉන්නවා කියලා කිවුවා
ReplyDeleteඔව් ඔව්.. ලතින් භාෂාවෙනුත් නවීන ක්‍රමයට පූජා පැවැත්වෙනවා.. මම විස්තර හොයන්න බැලුවා.. ඒත් එහෙම කණ්ඩායම් ගොඩක් තියෙනවා..
Deleteනොදන්න දේවල් ගොඩක් දැනගත්තා... ඉස්සර ලතින් වලින් පූජාවල් තිබ්බයි කියලා අපේ අම්මා කිව්වා.. ඒ අය උත්තර දුන්නෙත් ලතින් වලින් ලූ.
ReplyDeleteසුබ අළුත් අවුරුද්දක් වේවා හරීට සහ අරීට !
අලුත් දෙයක් දෙන්න හැකිවීම ගැන සන්තෝසයි.. අම්මලාට මතක ඇති ඉතින්..
Deleteමධුරංග යුවලටත් සුභ අලුත් අවුරුද්දක්..
හුඟ දවසකින් හරීගෙ ලිපියක් දැක්කෙ.
ReplyDeleteඕනම දේක බාහිර ස්වරූපය සරල වෙන එක හිතට සහනයක් වගේ දැනෙනව නේද? ආගමක් ඇදහීමක් දර්ශනයක් ඕනවට වඩා ගරු ගාම්භීර වෙන තරමට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ඈත් වෙනව වගේ කියල හිතෙන්නෙ නැද්ද. මට නම් හිතෙන්නෙ ඒ වෙනස්කම් හොඳයි කියල. ඒ වෙනස්කම් නිසා මර්සලීන් ජයකොඩි පියතුමා වගේ අයට තම තමන්ගෙ රටවල්වල දි යමක් කරන්න අවස්ථාව ලැබෙන්න ඇති.
හරීල අවුරුදු සමරනවද?
වැඩත් එක්ක බ්ලොග් ලියන එක හරිම අමාරුයි DDT.
Deleteමමත් මේ වෙනස්කම් වලට කැමතියි.. ආගම දහම තියෙන්න ඕනෑ මිනිසුන්ගේ හිතේ මිසක් සැරසිලි ආභරණ වල නෙමෙයිනෙ.. හැබැයි මෙතන පූජාවට ගියාමත් එදිනෙදා දකින පූජාවේ පොඩි වෙනසක් දැක්කා.. හැබැයි පොඩි ගුප්ත බවකුත් එක්ක..
ඔව්.. එහෙම වෙනස්කම් නොවුනානම් කවදාවත් මර්සලීන් ජයකොඩි පියතුමන්ලාට සිංහලෙන් ගීතිකා ලියන්න වෙන්නෙ නෑ.. අපේ සිංහල කලාව ඇති දේවස්ථාන බිහිවෙන්නෙ නෑ..
නෑනෙ.. අපේ අලුත් අවුරුද්ද ජනවාරි 1.. :)
//රෙප්‍රමාදු, මෙතෝදිස්ත, ප්‍රොතෙස්තන්ත වැනිම වූ කතෝලික සභාවෙන් කැඩීගිය කොටසක්ද යන්න. එහෙත් දැනගන්න ලැබුණ තොරතුරු අනුව ඔවුන් රෝමානු කතෝලික සභාවේ නායකත්වය පිළිගන්නවා. තමන් රෝමානු කතෝලිකයන් බවත් ප්‍රකාශ කරනවා. //
ReplyDeleteප්‍රොතෙස්තන්ත නිකායන් ( රෙපෙරෙමාදු, ඈන්ග්ලිකන්, මෙතෝදිස්ත ආදී ) කතෝලික ආගමෙන් කෑඩී ගිය බව ඈත්ත මාටින් ලූතර් සහ අටවෙනි හෙන්රිගෙ කාලෙ.
නමුත් ///ඔවුන් රෝමානු කතෝලික සභාවේ නායකත්වය පිළිගන්නවා. තමන් රෝමානු කතෝලිකයන් බවත් ප්‍රකාශ කරනවා/// නම් ඈත්ත නෙමේයි
මම ආයෙත් පෝස්ට් එක කියවලා බැලුවා. මම හිතන්නෙ ප්‍රාට පොඩ්ඩක් පැටලිලා.. සමහර විට මගේ ලිවීමේ දුර්වලතාවයක් වෙන්නත් පුළුවන්.. ඒ ගැන සමාවෙන්න. මම මෙතනදි 'ඔවුන්' කියන එකෙන් අදහස් කළේ 'දසවන පියුස් පාප්තුමාගේ සමාජය'ට අයිති කට්ටියව..
Deleteකොහොමවෙතත් ඔබ කියන එක හරියටම හරි.. රෙපෙරෙමාදු, ඈන්ග්ලිකන්, මෙතෝදිස්ත කියන්නේ කතෝලික සභාවෙන් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් වෙනම වෙනම තමුන්ගේ ආගමික කටයුතු කරන අය.. ඔවුන් රෝමානු කතෝලික සභාවේ නායකත්වය පිළිගන්නේ නෑ..
Got it.
DeleteThanks
ලතින් වලින් පූජා තියනවා කියන්නේ අවභෝධයකින් තොරව ගිරව් වගේ කියවනවා කියන එක නේද ? එහෙම නැත්නම් ඒ කාලේ ඒවයේ තේරුම් පහදලා දීලා තියන්වද ? හරියට නිකන් බුද්ධාගමේ ගාථා වල අදහස පැහැදිලි කරලා දෙනවා වගේ...
ReplyDeleteසංකීර්ණයි කිව්වට ඒ පල්ලිය පෙනුමටනම් බොහොම චාම්, සරළ එකක් බවයි පෙනෙන්නේ..
"ලතින් වලින් පූජා තියනවා කියන්නේ අවභෝධයකින් තොරව ගිරව් වගේ කියවනවා කියන එක නේද ?" ලතින් වලින් නොතියා සිංහලෙන් තියෙනවා කියන්නේ හොඳටම අවබෝධයෙන් කියන එකද? :D
Deleteසෙන්න කතෝලික නිසා මේක පහදන එක ලේසියි.. මෙහෙමනෙ අපේ සාමාන්‍ය පූජාවෙදි පියතුමා අපේ පැත්තට හැරිලා යාච්ඤා කරනවානෙ. අපි ඒවට කෑගහලා උත්තරත් දෙනවා..
ඒත් ලතින් පූජාවෙදි පියතුමා හඬනඟා යාච්ඤා කියන්නෙ නෑ.. අනික් පැත්ත හැරිලා යාච්ඤා කරන බව පෙනුනත් කියන්නේ මොනවද ඇහෙන්නේ නෑ.. ඒවාට පූජාවට උදව් වෙන අය උත්තර දෙනවත් පේනවා..
පියතුමායි පූජා උදව් ළමයිනුයි පාඩුවේ පූජාව කරගෙන යනවා.. සෙනඟ කරන්නෙ පියතුමා දණගහනකොට දණගහන එකයි.. නැගිටිනකොට නැගිටින එකයි.. සෙනඟ මොකුත් කියන්නෙ නෑ.. හැබැයි ගීතිකා කන්ඩායම ගීතිකා නම් කියනවා..
අපේ තාත්තාත් ඔය ලතින් පූජා තියෙන කාලෙ පූජා උදව් කොල්ලෙක්.. පූජාවට උදව් වෙන්න නම් පූජාවට උත්තර දෙන හැටි කටපාඩම් කරගන්න ඕනලු.. තේරුම කියාදෙන බව නම් කිව්වෙ නෑ..
//සංකීර්ණයි කිව්වට ඒ පල්ලිය පෙනුමටනම් බොහොම චාම්, සරළ එකක් බවයි පෙනෙන්නේ..//මේ පල්ලිය නම් චාම්.. තියෙන විදිහට හරියට නොබැලුවොත් පල්ලියක් කියලා පේන්නෙත් නෑ..
හොඳටම අවභෝධ නොවුනත් ඕනනම් ඉතින් අවධානෙන් අහන් හිටියොත් තේරෙනවනෙ...
Delete<< …පියතුමායි පූජා උදව් ළමයිනුයි පාඩුවේ පූජාව කරගෙන යනවා.. සෙනඟ කරන්නෙ පියතුමා දණගහනකොට දණගහන එකයි.. නැගිටිනකොට නැගිටින එකයි.. සෙනඟ මොකුත් කියන්නෙ නෑ.. හැබැයි ගීතිකා කන්ඩායම ගීතිකා නම් කියනවා.. >>
ඉතින් වැඩක් නෑනෙ...
"ඉතින් වැඩක් නෑනෙ..." එහෙම තමයි අපිට හිතෙන්නෙ.. ඒගොල්ලො නම් කියන්නෙ ඈත අතීතයේ පටන්ම දිව්‍ය පූජාව සිද්ධවුනේ ඒ විදිහට කියලයි.. අලුත් ක්‍රමයට තවම අවුරුදු 50ක් පිරිලත් නෑලු.
Deleteක්‍රිස්තියානියෙත්,කාතෝලිකයන් අතරෙත් පැහැදිලි වෙනස්කම් ඔයිට වඩා තියෙනවා නේද..?
ReplyDeleteඅනික් පැත්තෙන් එකම දහමක් ඇයි මේ විදියට කොටස් වලට බෙදිලා තියෙන්නේ..?
මෙතන ක්‍රිස්තියානියෙත් කතෝලික සභාවෙත් වෙනස පෙන්වන්න නෙවෙයි මම උත්සාහ කළේ.. කාලෙකට කලින් කතෝලිකයොම අනුගමනය කළ පූජා ක්‍රමයක් ගැන කියන්න.. ඒ ගමන්ම ඒ ක්‍රමය නොකඩවා කරග්න එන කණ්ඩායමක් ගැනත් ලිව්වා..
Deleteකණ්ඩායම් බෙදීම කියන එක නම් ලොකුවට විස්තර කරන්න ඕන කතාවක්.. මම හිමීට ඒ ඔක්කොම බ්ලොගේ ලියන්නම්කො..
අළුත් ක්‍රමයේ දිව්‍ය පූජාවක්වත් හරියකට දැකලා නැති නිසා මේක ගැන ලොකු තේරුමක් නෑ..ඇත්තම කිව්වොත් මම නම් කතෝලික දහම මෙච්චර ගැඹුරුයි කියලා දැන ගත්තෙත් හරීගේ ලිපි වලින්ම තමයි..!!
ReplyDeleteමටත් මේ විස්තර පෝස්ට් එකකට ලියද්දි අලුත් පූජාව ගැනවත් හරියට දන්නේ නැති අයට මේක තේරුම් කරන්නේ කොහොමද කියලා හිතුනා තමයි..
Deleteඅගය කිරීමට ගොඩාක් ස්තුතියි..
Aiyooo, oya ape ge issarahatama awilla ne :) api inne oya palliya gaawamai
ReplyDeleteකලින් දන්නවා නම් ඇවිල්ලා යන්න එනවනෙ.. :)
Deleteමේ වටිනා ලිපිය කොහොම හරි මඟඇරිලා.
ReplyDeleteමුලින්ම කියන්නම් සාන්ත දසවෙනි පියුස් පාප්තුමාගේ සමාජය ගැන. ලෆබ්‍ර රදගුරු තුමා ආරම්භ කරපු මේ සමාජය හරී කිව්වා වගේ දෙවන වතිකානු මන්ත්‍රණ සභාවේ වෙනස්කම් පිළිගන්න කැමති නෑ. ප්‍රධානම ප්‍රශ්නය ඇතිවුනේ, 1988 වසරේ ලෆබ්‍ර රදගුරු තුමා දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ ගේ අවසරය සහ විරෝධය නොතකා නව රදගුරුවරු 4 දෙනෙක් පත් කිරීමෙනුයි. ඒ අවස්ථාවේදී පාප් වහන්සේ ඒ නව රදගුරුවරුන්ව සහ ලෆබ්‍ර රදගුරු තුමාව කතෝලික සභාවෙන් නෙරපා හැරියා. 2009 වසරේ දී බෙනඩික්ට් පාප් වහන්සේ ඒ රදගුරුවරුන් ගේ තහනම ඉවත් කළා නැවත කතෝලික සභාවත් එක්ක පූර්ණ සම්බන්ධයකට ඇරයුම් කරමින්.
ඔවුන් තවමත් පාප් වහන්සේව සහ දෙවන වතිකාන මන්ත්‍රණ සභාව පිළිගනිමින් කතෝලික සභාවත් එක්ක පූර්ණ සම්බන්ධයකට ඇවිත් නැති නිසා ඔවුන්ට සභාව තුළ නීතිමය බලයක් නෑ. හැබැයි ඔවුන්ගෙන් සමහර කොටස් නැවත රෝමයේ පාප් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා තියනවා.
ත්‍රිදෙන්තීනු දිව්‍ය පූජාව ගැන කතා කරද්දී, මේ දිව්‍ය පූජාව ඕනෑම කතෝලික පියතුමෙක්ට පවත්වන්න පුළුවන් පදවියේ රදගුරු තුමාගේ අවසරය ඇතිව. මේ පූජාවකට සහභාගි වෙනවා නම් මේ පූජාව ගැන වැටහීමකින් යනවා නම් ගොඩාක් හොඳයි. නැත්නම් ඉස්සර වගේ කොන්තය කිය කිය තමා ඉන්න වෙන්නේ. ලංකාවේ නැති වුනාට, සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න මේ පූජාව ලතින් භාශාවෙන් සහ ඒ රටේ භාෂාවෙන් මුද්‍රණය කරලා තියනවා. මෙතනින් ඉංග්‍රීසියෙන් සහ ලතින් භාෂාවෙන් තියනවා බලන්න පුළුවන්.
සාමාන්‍යය පූජාවත් ලතින් භාෂාවෙන් තියන්න පුළුවන්. වතිකානුවේ ගොඩාක් වෙලාවට පූජාව තියන්නේ ලතින් භාෂාවෙන්.
පූජා ඇඳුම් ගැන කතා කරද්දී MANIPULE එක ඇර අනෙක් හැම එකක්ම අදත් තියනවා.
විස්තරයට ගොඩාක් ස්තුතියි සහෝදරතුමා.. මම වැඩි විස්තර හොයාගත්තෙ එතැන හිටපු කෙනෙකුගෙන් අසා දැනගත් කාරණා අන්තර්ජාලය තුළින් වැඩිදුර විමර්ශනය කිරීමෙන්..
ReplyDelete//හැබැයි ඔවුන්ගෙන් සමහර කොටස් නැවත රෝමයේ පාප් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා තියනවා.//එතකොට ඒ අය හරියටම සභාව ඇතුළෙද එළියෙද කියන්න බෑ නේද? ඒ අය පූජකවරුන් බිහිකරගන්නේත් ඒ අයගේම ක්‍රමයකටද?
අපිටත් ඒ පූජාවෙ ලොකු තේරුමක් තිබුනේ නෑ.. විශේෂයෙන්ම පියතුමා කියන යාච්ඤා මොකුත්ම ඇහුනේ නෑ.. ඇහුනත් තේරෙන්නෙ නෑ තමයි :) පියතුමා කරන දේ ජනතාවත් ඒ විදිහටම කළ බවයි පෙනුනෙ.. දුන්න ලින්ක් එකට ස්තුතියි ඒ ටික කියෙව්වාම නම් පූජාවේ අර්ථය ගොඩක් වැටහුනා..
ස්තුතියි..
ඒ ගොල්ලන් ගේ පූජකයෝ බිහි කිරීමේ ක්‍රමවේදයේ ප්‍රශ්නයක් නෑ, මොකද ඒ අයත් අපේ වගේම දෙව්සත්හල් වලට ඇතුලත් වෙලා අපේ වගේම අධ්‍යාපනය ලබනවා. එකම වෙනසකට තියෙන්නේ ඒ අය වතිකානු මන්ත්‍රණ සභාව වගේ සමහර සභා ඉගැන්වීම් පිළිගන්නේ නෑ. ඔවුන් මේ දේවල් පිළිගන්න දාට කතෝලික සභාව තුළ පූර්ණ වශයෙන් ඉන්න පුළුවන්.
Deleteමේ හේතුව නිසයි සමහර කොටස් ඒ දේවල් පිළිගෙන නැවත ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මේ අය වුනත් ආපු ගමන්ම ඒ අයට පූජක වරුන් හැටියට කටයුතු කරන්න බෑ කියලා මම හිතනවා. සමහර විට යම්කිසි කාලසීමාවක පුහුණුවකින් පසු නැවත කතෝලික සභාවේ පූජකයෙක් වෙන්න පුළුවන්.
ප්‍රොතෙස්තන්ත සභා වලින් හැරිලා එන අයටත් ඒ විදිහටම තමා, ඒ අය නැවත පුහුණුවක් ලබන්න ඕනා කතෝලික ක්‍රමවේදයකට. මට දවසක් මුනගැහුනා ඇන්ග්ලිකානු රදගුරුවරයෙක් වෙලා හිටපු කෙනෙක්ව. එයා කතෝලික දහමට හැරිලා ඊට පස්සේ පූජක පුහුණුව ලබලා දැන් සාමාන්‍යය පූජකයෙක් හැටියට වැඩ කරනවා.
විස්තරයට ස්තුතියි සහෝදරතුමා. මට එක ප්‍රශ්නයක් මතුවුනා. අනිත් සභාවල පියතුමන්ලා විවාහ ජීවිතයට ඇතුළත් වෙනවනෙ. ඒ වගේ කෙනෙකුට නැවත කතෝලික සභාවට හැරී ආවත් පියතුමෙක් විදිහට කටයුතු කරන්න බෑ නේද? ඒත් මම නිකමට අහලා තියෙනවා වගේ මතකයි කතෝලික සභාවෙත් විවාහවූ පියතුමන්ලා සිටින බව.
Deleteතවත් ප්‍රශ්නයක්. සමහර පියතුමන්ලා පැවිදි ජීවිතය හැර යනවනෙ. ඔවුන්ගේ සක්‍රමේන්තුව එලෙසම තිබෙනවාද අහෝසි වෙනවාද?
ඔව් එහෙම විවාහ වූ පියතුමන්ලා ඉන්නවා. දැන් අපේ තියෙන්නේ ලතින් සම්ප්‍රදාය, ඒ වගේම වෙනත් සම්ප්‍රදායනුත් තියෙනවා. උදාහරණ හැටියට ඉන්දියාවේ තියෙන සීරෝ-මලබාර්, සීරෝ-මලංකර වගේ සම්ප්‍රදායන් වගේම, කොප්ටික්, අර්මේනියානු, බිසෙන්තීනු සම්ප්‍රදායන් ද ගන්න පුළුවන්. මේ වගේ අනෙක් සම්ප්‍රදායන් සහිත සභා කතෝලික වුනාට තිබිලා තියෙන්නේ වෙනම සභා හැටියට, හරියට ඕර්තෝඩොක්ස් අය වගේ. පස්සේ කාලෙකදී මේ අය රෝමයත් (පාප් වහන්සේත්) සමඟ සම්බන්ධ වුනාට පස්සේත් ඔවුන්ගේ සම්ප්‍රදායන් ඒ ආකාරයටම ගෙනයන්න වතිකානුවෙන් අවසර දීලා තිබෙනවා. ඒ ආකාරයට මේ සමහර සභා වල විවාහ වෙන්න පුළුවන්, හැබැයි ඒ එක්කෙනෙක් කියපු විදිහට විවාහ වුන අයට සාමාන්‍යය පියතුමෙක් හැටියට විතරයි ඉන්න පුළුවන්. රදගුරු වරයෙක් වෙන්න තෝරගන්නේ විවාහ නොවුණ අයවයි.
Deleteපැවිදි ජීවිතය අතහැර යන පියතුමන්ලා ගේ සක්‍රමේන්තුව නැතිවෙන්නේ නෑ. නමුත් ඔවුන්ට එය පාවිච්චි කිරීමට සදාචාරාත්මක අයිතියක් නෑ. පූජකවරය වගේම ප්‍රසාද ස්නාපනයයි, අභිවෘද්ධි ආලේපයයි එක වරක් පමණක් ලබාගත් විට නොමැකෙන ප්‍රසාද නිධානයි.
විස්තරයට ස්තුතියි සහෝදරතුමා. ඔය කුඩා කණ්ඩායම් අපෝස්තුළුවරුන්ගේ විසිර යාමෙන් තැන තැන බිහිවූ කණ්ඩායම් කියලයි මට හිතෙන්නෙ.
Deleteමම කුඩා කාලයේ ලතින් පූජාට සහභාගිවූවෙක්. අපේ දේවස්ථානයේ නමි පූජාවට උදවිවන දරැවන් නෙමෙයි උත්තර දුන්නේ ගීතිකා කණ්ඩායමයි. යාචිකඤා ගණුදෙනුව සිදුවුණේ පියතුමායි ගීතිකා කණ්ඩායම නිසා සහභාගිවන බැතිමතුන්ට වැඩක් නොවීය. ඔවුන් ප්‍රේක්ෂකයන් පිරිසක් බවට පත්වී සිටියෝය. ඉහතින් දැක්වූ පරිදිම ඔවුන් කොන්තය කීවා. එසේම ඒ කාලේ යාචිඤා නිධානට කියලා යාචිඤ ගොන්නකි ඇතුලත් ලොකු පොතක් තිබුණා. බොහෝ අය එම පොත රැගෙ ගොස් එයින් යාචිඤා කීවා
ReplyDeleteඑසේම ඔයකාලේ සාමාන්‍ය කතෝලික ජනයාට ශුද්ධවූ බයිබලය කියවීම තහනමි කර තිබුණා. එසේම එහි සිසිංහලපිටපත්ද තිබුණේ නැහැ. ඉහතින් සඳහන් කල අයුරින් මවි භාෂාවෙන් දිව්‍ය පූජාව තැබීමට අවසර ලැබීම නිසා ඒ කාලේ ශත 25 ක් හෝ ඊට අඩු මුදලකට පූජා පොත් මුද්‍රණය කලා. ඩනතාව එම පූජා පොත අරන් තමයි ඉරැදින පල්ලි ගියේ.
ඔබතුමාට බොහෝම ස්තූතියි නොදන්න බොහෝදේ ඇතුලත් ලිපියක් සකස්කර ජනගත කිරීම සමිබන්දව.