2.09.2012

මාමාගේ ඇටේ..............18+

මේක පොඩි එව්වොන්ගෙන් වහන්න මට නම් උවම්නාවක් තිබ්බෙ නෑ ආයිබෝන්ඩ. ඒත් කොහෙද මේ කතා කෑල්ල කියපු එකා කියනවනෙ ලොකු ඈයොන්ගෙ ඒවා හිච්චි එවුන්ට පෙන්නන්න එපැයි කියලා. කතාව කියපු එකාගෙ කීම අහක දාන්නෙ කොහොමැයි. ඔන්න පොඩි ඈයොන්ට මේ පැත්ත තහනම් එහෙනං.

මේ කතාව අපේ ගම් පොජ්ජෙ ඉන්න එක පවුලකට වෙච්ච සිද්ධියක් ඕං. මට කිවුවා ගමටම කියන්න කියලා. බ්ලොග් කඩමාල්ලක් අටෝගෙන එක එක දේවල් ගැන පෝස්ට් දාන මං මොන හිතකින්ද අප්පේ ඉල්ලීමක් කොළාම බෑයි කියන්නෙ. මම කොහොමත් ඇහැකි දෙයක් තියෙනවනම් නෑ බෑ නොකියා කොරන මිනිහා වෙච්චිකොට. පුරාජේරුව පැත්තකින් තියලා දෙසාබාන්නම්කො කතාව.

මේ පවුල එකතැන් වෙලා, එකතැන් වෙලා කිව්වෙ ලෙඩවෙලා ඔත්පල වෙලා නෙමෙයි ආයිබෝංඩ එක වහලක් යටට ඇවිල්ලා දැන් අවුරුදු තිස් ගාණකටත් වැඩී මගෙ හිතේ. ඔය පවුලෙ ගෘහමූලික උන්නැහැගෙයි හාමිනේගෙයි විනෝදාන්සෙ වුනේ වැවිල්ල. මේසන් උන්නැහැ කෙනෙක් හරි වඩු උන්නැහෙ කෙනෙක් හරි වැඩක් කොරන්නෙ නැතුව ලතවෙනවටත් 'වවාගෙන කනවා' කිව්වට තමුන්ගෙ වත්තෙ පිටියෙ එළවළුවක් පළතුරක් එහෙම වවාගෙන කන එක බොහෝම හොඳ කටයුත්තක්. මේ ගෘහමූලික උන්නැහේ කාලෙකට ඉස්සර උඩහ පළාත්වලට ගොහුන් හේන් වවලා තිබ්බ හින්දා ඒ පළපුරුද්දත් තිබුනා. අනික් එක හාමිනේගෙ සීයත් කොණ්ඩෙ බැඳපු තමුන්ගෙ හවිහත්තියෙන් එළවළු පළතුරු වගාකොරාන ජීවත් වෙච්ච ගොවි මහත්තැන් කෙනෙක්ලු.

 මේ කතාව කිව්ව කොළුවට මතක ඒකා අවුරුදු තුන හතර සන්දියෙ ගෙදර එළෝළු පලා වවලා තිබ්බ හැටිලු. ඒ කාලෙ ඒකට ඒකගෙ අම්මණ්ඩි කෑගහනවලු "තරු කඩන්න එපා " කියලා. තරු කිව්වෙ අහසෙ තරු නෙමෙයි මහත්තයෝ නෝනො නියම විදිහට නොපැහිච්ච ඵළදාවටයි තරු කියන්නෙ. මම කිව්වා "අනේ පලයන් කොල්ලො යන්න " කියලා මම කිව්වෙ මූ ගජබින්නාලංකාරෙ අරින්න හදනවා කියලා මගේ හිතට මෙව්වා වුන නිසා. මේ බොලේ මේකා විගහට ගෙදර දුවලා පොටෝ කෑල්ලක් ගෙනාපි. ඔන්න මමත් ඔහේ පැත්තකින් ඒක එල්ලලා දැම්මා.
කොල්ලා පොඩි එකා කාලෙ ගත්තු එක

ඔහෝම උන්දලා කාලයක් තිස්සෙ ගෙදර වගා කළාලු දිගින් දිගටම. මම ඉතින් උගෙන් ඇහුවා "තොපේ ගෙදර දැනුත් හිටෝනවද එළොළු" කියලා මූ ගත්කටටම කියාපි "ඔව්" කියලා.

"අනේ මාමගෙ කෝ චෝක් බලන්න නෙමෙයි ආවෙ මේ වැඩේ කොරවගන්න"

"හරි හරි බොලාට එළකිරි වගේ කොරලා දෙන්නම් ඕනෙ වැඩක්. ගාටමුද පොඩ්ඩක් උඹ්ලෑ ගෙවල් දිහාට"

"මොකටෙයි මාමෙ"

"නෑ බං අද රෑට උයන්න එළෝළුත් නැද්ද මන්දා ගෙදර"

"යං යං අපේ ගෙදරින් දෙඤ්ඤං. උඹලටත් පගාව නොදී බෑ වැඩක් ගන්න"

මාත් ඉතින් එහා ගෙදර සේතං අප්පුගෙ ලොකු එකා ඒරොප්පෙ ඉඳන් එද්දි ගෙනාපු කැමරා කට්ටද මොකක්ද කියන එක. ඇයි අප්පේ අර හුටස් ගාලා පිංතූර එන එක. එන්න ඒකත් ටිකකට ඉල්ලාගත්තා. මට නං ඔය සුකුරුත්තං බෑ. බොරු කියන්නෙ මොකටද? අරූ දන්නෙ නැතෑ ඕක ඔබලා පිංතූර කෑලි දෙකක් ගන්ඩ.

ඈතදිම මට තේරුනා මූ දෙසාබෑවෙ මුසාවක් නොවන විත්තිය. ඈතටම පේනවා නිල් පාටට දිළිසි දිලිසි එලෝලු වැලුයි ගසුයි. ඌ කියපු හින්දා මේක ලිව්වට මොකෝ හෙට උදෑනැක්කෙම ඌ සරම උස්සන් එයිද දන්නෙ නෑ ඇස් වහ කටවහට ගස් මැරිලා කියලා.  නිල් පාට කිව්වෙ සාහිත්තෙන් දුන්න නිසා. සාහිත්තෙන්.

"යං මාමෙ ඇතුලට"

මූ එහෙම කිව්වට මොකෝ මගේ හිතගියෙ උන්ගෙ සිමෙන්ති වැටට. ඒකෙ පෝට්ටරයක් අලෝලා. මං හොඳට ළංවෙලා බැලුවෙ කවුරුහරි ඇනෝවෙක් කැලෑ පත්තර කඩදහියක්වත් ඇදලා ඇරලද කියලා තාප්පෙ වැහෙන්න.

"මොකක්ද බොලේ මේ."

"ඕක තමයි මාමෙ මිනිස්සුන්ට පේන්න ගහන්න කිව්වෙ "

"ආ.. මේකද? එතකොට මේ උඹලැයි මාමද විරිත්තගෙන ඉන්නෙ"

"ඔව් ඔව් මාම තමයි උන්දැ රජවුනාට පස්සෙනෙ ඔය වැඩේ පටන් ගත්තෙ"

"මරු පෝට්ටරේ බං හී.හි.."

"මොන පෝස්ටරයක්ද ඔය බැනර් එකක්නෙ"

"අහවල් එකක් වුනත් කාරි නෑ..මේ හුට්ටප්පරෙ මානලා පින්තූර කෑල්ලක් ගනින්. ඒකත් එල්ලන්නන් ගමේ වුන්ට පේන්න. නොදැක්ක වුනුත් ඇතිනෙ. "

ඌ එහෙට මෙහෙට මානලා හුචස් ගාලා දෙක තුනක් ගත්තා.

"මාමෙ අපේ මාමගෙ මූන වහලා දාපන්"

"ඒ මොකෝ"

"උන්දැගෙන් අහන්නැතුව දාලා. උන්දව කවුරුහරි අඳුනගත්තොත්....උන්දෑ ලෙඩේ අදීවි"

උන්ගෙ මාමගෙ පෝට්ටරේ
මහතේලට නෝනලාට බලාගන්න ඒකත් එල්ලුවා ඕං. ඔය පෝට්ටරේද බැනරෙද මොකක්ද එක උන්ට ගෙනත් දීලා තියෙන්නෙ ඒ පළාතේ කුසිකර්ම නිළධාරිද කවුදෝ මන්දා මහතැන් කෙනෙක්ලු. ඒ කොල්ලන්ගේ මාමා වැඩක් පටන් අරන් ගෙවල් දස ලක්සෙකටද කොහෙද ගොවිතැන් බත් පුරුදු කොරන්න කියන්නෙ. අලුතෙන් වවන එව්වො ඒ පළාතෙ නැති හින්දා කලින් එළෝලු හිටෝලා තිබ්බ කොල්ලන්ගෙ ගෙදරටත් ඔය පෝට්ටරේයි පොතකුයි දුන්නා කියලා තමයි ඌ දෙඩෙව්වෙ.

"පොතෙත් පින්තූර කෑල්ලක් දියන්කො" කිව්වම මූ දුන්න එක තමයි ඔය තියෙන්නෙ.

"මොකෝ බොල මේ පිටුව ගැහුවෙ. පොතක ගහන්න ඕනෙ කවරෙනෙ."
දාපු පොත

"පිස්සුද මාමෙ ඕක තමයි වැදගත්. කවරෙ කන්ටෙයි." දීපන්කො උත්තර.

"ඕක දැක්කම වටේ පිටේ උන්ගෙ ඇස්වල කටු අනින්නා වගේ මාමෙ. උන් පාරෙ යන්නෙ පුටු පුටු ගගා බැන බැන. ඉරිසියාවෙ පැලෙනවා. 'මුන්ට නිකන් ඉඳන් දහ දහක් කල්ල මරේ නේද?' තැන් තැන් වල කියෝලත් තියෙනවා. එදායින් පස්සෙ සමහර එවුන් මූණ බලන්නෙත් නෑ. පිස්සු යක්කු. හරියට උන්ගෙ දෙයක් අපි ගත්තා වගේ."
කෙහෙල්මල

"ගණන් ගන්න එපා කොලුවො" මම වටපිට බැලුවෙ මුගෙන් කඩා ගන්න පුලුවන් මොනාද කියලා. අළු කෙහෙල් මල් කෑල්ලකුත් තිබුනා. ඕක ඉල්ලුවොත් කුනුහර්ප අතෑරලා දායි. වටේ පිටේ උන්ගෙ කයිකතන්දර හින්දා කොලුවා අහල පහල උන්ගෙ අම්ම තාත්තට පින් දිදී හිටියෙ. ඒ අතරෙ ඌට කියලා පොටෝ කෑලි තුන හතරක් මාන ගත්තා.

"දැන් උඹලට දහ දහක් බඩු හම්බුනාද කොලුවො"

"දවසක් ආටා එකක ඇවිත් දීලා ගිහින් තිබුනා මාමෙ."

"ඈ බොල ආටා කෑල්ලක් පිරෙන්න බඩු දීලද තෝ මේ කන් කෙඳිරි ගාන්නෙ. මට අහවල් එක ලියන්න කියලද කියන්නෙ"

"මෙන්න දහදහේ බඩු" ඌ මොනාද මල්ලක් ගෙනත් හැලුවෙ නැතෑ.

"මොනා බොල මේ?"

මාමගෙ ඇට
"මාමගෙ ඇටයි පෝරයි"
මාමගෙ පෝර

"හික් හික් මේ ටික දහ දහක්ද?"

වටේ පිටේ උන්ගෙන් කයිකතන්දරත් අහලා ගේ ඉස්සරා පෝට්ටරෙත් අමුනගෙන ඉඳලා ඌට ලැබිලා තියෙන දේවල්. හි..හි..

කරවිල
"බොලාට කන්න අලුත් එලෝළු ලැබුනෙ ඒ මදෑ." ඇත්තම කියන්ඩ ආයිබෝන්ඩ මං හිතාගන හිටියෙත් මුන්ට දහ දහක බඩු ලැබිලා කියලා. පෝට්ටරේ එල්ලගන්න බැරි වෙච්ච එකට මාත් විස්සෝපෙන් හිටියෙ. කොහෙද ටෙලිවිසොන් එකේ කිව්වෙත් එහෙමනෙ. අම්මේ පෝට්ටර් නොලැබුන එකමයි හොඳ. අනේ වාසනාවන්. ඌට තියෙන දුකත් ඒකම තමා. ඌට හම්බෙච්ච නැති දහදහකට වටේ පිටේ උන් ඉරිසියා කොරන එක.

"මාමෙ මේ ටික ගන්ඩ" අප්පේ කිරි කිරි මෑ ටිකකුයි. බණ්ඩක්කා ටිකකුයි. ආසාවෙ බෑ. "ඔය දහ දහේ පෝර ටිකත් මාමා ගන්ට"


"ඒ මොකෝ"

"අපි දාන්නෙ කොම්පෝස් මාමෙ. අපි කන එව්වට වහ දාගෙන කන්නෙ මොකටද?" කොම්පොස්ද මොනාද කියලා මුන් දාන්නෙ දිරච්ච කුණුද කොහෙද? හි..හි..අපි නොදන්න කොම්පෝස්. ඔය තියෙන්නෙ ඉටි කවරෙකින් වහලා උන්ගෙ කුණු ගොඩ.
කොම්පෝස්ලු හි..හි..

"මටත් එපා කොලුවො ඔව්ව හිටවන්න මට වෙලා නෑ. මම ඉඳලා හිටලා මේ පැත්තෙ ගාටන්නන්කො"

"මාමත් නිකන් අපේ නෑයො වගේ. වෙලා නෑ අපි හිටෙව්වට හරියන්නෙ නෑ කිය කිය ඇවිත් අපි හිටෝපුවටම කෙළලා යනවා" මූ ඇනුම්පදයකුත් කිව්වා නේද? මූට දෙන්න හිතයි. අත් දෙකේම එළෝළු හින්දා බේරුනා කියලා හිතාගනින් පුතෝ.

"මොනාද බොට වෙන්න ඕනෙ"

"මගේ සිද්ධිය ගොහින් ඔය උඹේ බොගේද මොකේද ලියපන් මාමා. එතකොට ගමේ උන් දැනගනීනෙ මට හම්බුන ලබ්බක් නෑ කියලා. අනික ඔය පින්තූරු දකින එකෙක් හරි ඇටයක් හිටෙව්වොත් ඒකත් ලොකු පිනක්නෙ"

"උන් වගා කොරනවා බන්. බාන් බඩියෙ. අමුතුවෙන් මොනා උගන්නන්නද?"

"මොකේ??"

බණ්ඩක්කා
"හරි හරි වැඩේ කෙරෙයි කොලුවො. මං ගෙහුන් එඤ්ඤං" ඕකට බාන් බඩී කියාදෙන්න ගියොත් රෑට උයන් කන්න වෙන්නෙ නෑ.

 
මෑ

රාබු
කතාව ඇමුණුවට පස්සෙයි මන්දු වුනේ මාත්තුරුකාවක් නෑ කියලා. කොලුවා හැන්දෑකොරේ මේ අහ ගෑටුවම තමයි අහගත්තේ උගෙන්.

"මොකටෙයි කොලුවො 18+ කියලා දාන්නෙ"

"චූ කොල්ලන්ට මෙවැයින් වැඩක් තියෙනවැයි මාමෙ. උන්යැ අපේ මාමලාව පත් කොරන්නෙ. ඒක හින්දා 18+ කියලා දාපන්"

"අනේ මන්දා 18+ දැකලා කෙල පෙර පෙර අලුගුත්තේරු කතා කියවන්න එන එවුන් පවු බන්"

"ඇයි මේක අලුගුත්තේරු කතාවක් නෙමේද?" කොල්ලා කිව්වම කියන්න ආපු මෙව්වා ඔක්කොම උගුරෙන් පහළටම පල්ලම් බැස්සා.

අලුගුත්තේරු කතා බලන්න ආපු නෝනලා මහතැන්ලා ඌව අල්ලගතනම් මේ අහිංසක මාව අතෑරලා. බාන් බඩි ඇත්තොත් පොළොව කොටලා පැළයක් දෙකක් හිටෙව්වනම් මල් හතයි ආයිබෝන්ඩ. මේක කියවෙන හැම ඇත්තම ඇත්තිම අඩු ගානෙ එක ඇටයක්වත් හිටෙව්වොත් හිට් ගාණට පැළනෙ බොලේ. ඔන්න කොරනවනම් වැඩේ. ගෙහුං එඤ්ඤං.

ප.ලි: ඔන්න කොල්ලෝ කිව්ව විදිහට බ්ලොගියෙ දැම්මා. මෑයි බණ්ඩක්කයි පංකාදු පහයි ඈ...

57 comments:

  1. පංකාදු පහයි බොල පට්ටෙට ලියලා තියනවා.....
    මමත් පෙර පෙර ආවේ උදෙන්ම +18 එකකින් වැඩ අල්ලන්න කියලා... හි හී......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..බීටා කොලුවගේ ඇගයීමට..

      මං කොල්ලට කිව්වා ඔය ටික වෙයි කියලා කොහෙද මූ ඇහුවැයි..දැක්කනෙ දීලා තිබ්බ උත්තර..ඉස්සර කොලුවො නෙමෙයි දැන් ඉන්නෙ..උන් කොලු තාත්තලා..

      Delete
  2. ලියපු විදියනම් සිරාම සිරා :)

    ReplyDelete
    Replies
    1. පාර හොයාගෙන මේ අහ ගාටලා..අපි ලියාපු කොරාපුව කියෝලා..තම තමුන්ට හිතිච්ච එව්වා කොටලා යනවට බොහෝම ස්තුතියි

      Delete
  3. බාන් බඩියෙ අපිට ලක්ස ගණන් වස්තු තියෙනවා. අස්පයොද අලිද තාරාවොද ඌරොද සත්තුත් ඉන්නවා. හෙහ් හෙහ්. මොනා උනත් වගාව නම් මරු. ෆොටෝ දාපු එකත් හොඳයි. ආ පෝස්ට් එකත් මරුවට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මාත් කාලයක් බාන් බඩීද මොකක්ද කියන එක කොලා කෙල්ලෙ..මං දන්න කියන සමහර එව්වො කාසි පණං දීලාත් ඔය එක එක එව්වා ගත්තා..රෑ බුදියාගන්නෙ නැතුව එලාම් එකද මොකක්ද තියාන රෑට රෑට හොරකමේ ගාටනවා කියන්නෙ..ඉන්ටර්නැට්ටුවෙ වුනත් ඔව්වා හොඳ වැඩද? මං අහන්නෙ..

      ඒකෙ කුක්කෙක් ගන්ඩ දහදෙනෙක් අල්ලාගන්න ඕනලුනෙ..මං කොලේ වෙන එව්වො විදිහට මමම දහදෙනෙක්වුන එක..

      පිංතූරු කෑලි දැකලා මටත් හිතුනා වත්තෙ පිටියෙ මොනාහරි ඉන්ඳුවනම් හරි කියලා..අගය කෙරෙව්ව එකට නම් ස්තුතියි..

      Delete
  4. අපිටත් හම්බුවුනා බන් 10,000 ක් වටින බඩු... මට නම් ඇඬුන බඩු ටික දැකල :)

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ තවත් කොල්ලෙක්..තොපිලගෙ මාමත් දහ දහ දෙනවා කියලා පොල්ල තිබැයි..

      Delete
  5. හප්පේ හොඳ වෙලාවට මං නං නැහැ ඔන්ලයින් ගේම් වලට........ ඒක විතරයි මට අඩු... මේ තියෙන කාලෙත් කාලා දාන්ට..... දහ දහයේ බඩු ටික නං මරේ මරු..... :)

    ReplyDelete
    Replies
    1. ආදුර්සෙට ගන්න වටින දැරිවියක්නෙ..එහෙම තමා ඔය බුකිවලයි එව්වැයි මෙව්වැයි කාලෙ කකා ඉන්නෙ නැත්ං ඵල පරෝජන් වැඩක් කොරන එක තමා හොඳ...

      මේ අහ ආපු මුල් වංගිය වෙන්ටෑ..ආයෙ දොහකත් මේ පැත්තෙ ඈවිදින් යන්ට ආවානම්..

      Delete
  6. පෝස්ට් එක නං මරේ මරු.

    බාන් බඩිය කියන්නෙ අහවල් එකද්ද ?

    ReplyDelete
    Replies
    1. අනේ මේ ඔබා මාමා, අවාරෙට පොල් වැටෙන්නා වගේ මුණු පොතට එක බොලාට මොන බාන්බඩීද? ඔන්න ඔහේ වත්ත පල්ලෙහා කොම්පොස්ට් බූලියක් හාදාගෙන ඉන්න එකයි තියෙන්නෙ..

      Delete
    2. තැන්ක්යූ මචන් ඔබා...
      උඹ ඔය කජු කිරි කොල්ලන්ගෙ කතා අහන්ට උවමනා නෑ..

      බාන් බඩිය කියන්නෙ බුකියෙ තියෙන එක කෙළියක්..
      ඒකෙ අපිට පුලුවන් ගොවිපොළක් කොරන්න..ඇට හිටවන්න..වතුර දාන්න..ගෙඩි කඩන්න ඕන එකක් පුලුවන්..
      ඒ මදිවට රෑට රෑට අනිත් එවුන්ගෙ කොටුවලට පැනලා උන්ගෙ ගෙඩි හොරෙන් ඇන්න යන්නත් පුලුවන්..

      (ඔබා මාමා තරහා වෙයිද මන්දා?)

      Delete
    3. බුද්ධි කොලුවො උඹ හිතන්නෙ නාකි අපි ඔය උඹලා මූණු පොතද මොකක්ද කියන උලව්වෙ ලට පට දන්නෑ කියලද?

      කියහන් බලන්ඩ ඒකෙ හරි නම?

      Delete
    4. ඒකෙ හරි නම තමා මුණුපොත හොහ් හොහ්.... ඔය ඔබා මාමා ඉන්නවා නේද/ එයහා බුදුසරණ පත්තරේ බලන පොටෝ එකක් මුණුපොතේ තිබිලා දැක්කට පස්සේ මාමා මුනුපොතේ පස් පාගන්නෙ හරිම මෙව්වා එකෙන්

      Delete
    5. ඇයි බුදුසරණ පත්තරේ බලන එක එච්චර ලජ්ජාවට කාරනයක්ද ? අනේ අපොයි ලංකාවට වේගන යන දෙයක්..

      Delete
    6. සෙන්න දැකල නෑ වගෙයි ඔබා බුදුසරන බලන පිංතූරෙ

      Delete
    7. බුද්ධි කොලුවා,

      ඕං කිව්වා..ඒකෙ නම පේක්ස්බුක්..දන්නැත්තං අදවත් ඉගෙන ගනිං..

      ඒ මොකක්ද ඒ සංගෙඩිය..බුදුසරණ කියෝනවා ඇහැ ගැටිලා

      Delete
    8. සෙන්නා,

      ඒකනෙ කොලුවො දැන් ආගම දහමට බණට පිනට යොමුකමු වෙන්න ඕනෙ කාලෙ බුදුසරණ බලන එක ලැජ්ජාවට කාරණයක්ද?

      Delete
    9. ඕන කොලුවො කතන්දරේ කිව්වානම් පැහැදිලිව..

      Delete
  7. අඩේ අප්පේ මාර 10000ක් නෙ. මාමත් හොද හොද වැඩ කරන්නෙ නේද???

    ReplyDelete
    Replies
    1. මේ පොටෝ සාප්පුවෙ කෙලී නේද?..මේ පැත්තෙ ආවට බෝම ස්තුතියි..මට නම් නිතරොම ඒ පැත්තෙ ගෙහුන් කකුල් කඩිත්තුවත් එක්ක..

      මාමා කියලා කිව්වෙ මං මාමාද? නැත්නම් කොල්ලන්ගෙ මාමාද?

      Delete
  8. වැඩේ නම් උපරිමයි ඈ ලියලා තියෙන විදියයි මාතෘකාවේ පවර් එකයි නිසා එකෙක් හරි එක ඇටයක් වගා කොරයි කියලා හිතනවා මහා පරිමානෙන් නැති වුනත් මෙහෙත් ඔය චූටි චූටි ඒවා වවනවා නැතුව බෑනේ ඉතිං

    ReplyDelete
    Replies
    1. බෝම ස්තුතියි කොලුවො..ටික දොහකට කලින් ලිව්වානම් කොලුවට මේ අහ එන්න වෙන එකකුත් නෑ නේද?

      එකෙක් එක ඇටේ ගානෙ හිටෙව්වත් කොච්චරක්ද අප්පා...

      හොඳා.. හොඳා..පොඩි කාලෙ ඉඳන් ඇති කරගන්න හොඳ පුරුද්දක්..

      Delete
  9. දහ දාහෙන් යකෝ පෝස්ටරේට,පොත් පුංචට, ආට එකට, එන එකාගෙ දවස් පඩියට, ටීවී ඇඩ් එකට කැපුවම ඉතුරුවෙන ගානෙන් ඔයිට වැඩිය මොන ලබ්බක් දෙන්නද බන්? ලද දෙයින් සතුටුවෙන්න දන්නෙ නැතු කුහක උන් ඉන්නෙ ලංකාවෙනම් අම්මප!

    ReplyDelete
    Replies
    1. අයියෝ කොලුවො ඒකට දුක නොලැබිච්ච දහ දහකට නෙවෙයි බොලං..ඒ දහ දහට ඉරිසියාකාරකම් කොරන අහල පහල එවුන් හින්දා..

      උඹ කියන්නැහෙ කියමුකො ඔව්වා ඔක්කොටම කියලා..
      දීපු බඩු වලට දාමුකො 500ක්..ආටා එකට 1000යි.. ආපු එකාට 1000යි.. පොත් පුංචට 100යි..පෝට්ටරේටත් 1000ක්ම දාමුකො..3600යි..හැක් හැක්..ඉතුරු 6400ම ඇඩ් එකටෙයි..හි..හි...

      Delete
  10. මෙව්වර වටින ලියමනේ, බලන්ඩකො අර මාමගේ ඇස් වහලනේ තියෙන්නෙ......

    අපිටත් මෙව්වා හොඳ පාඩං! ආවා මාමගේ ඇටේ බලන්ඩ...

    ReplyDelete
    Replies
    1. වටිනා ලියුං කෑල්ලක් කිව්වට බොලාට ස්තුතියි..

      කොහෙදො කොලුවො ඌ බයේනෙ උන්ගෙ මාමාව කවුරුත් අඳුන ගනී කියලා..

      අපිටත් උන්නැහේව කලින් අඳුනගන්න බැරිවුනානෙ..

      Delete
  11. අඩේ උඹ එක එක ලිපි එක එක ශෛලියෙන් ලියනවානේ... මේක සුපිරි ලිවිල්ලක්..

    මට හිනා ගියේ මේ කෑල්ලට..

    /// "දැන් උඹලට දහ දහක් බඩු හම්බුනාද කොලුවො" ///

    // කෙහෙල්මල //

    හිහ්.. ඕක උඹ හිතලම දැම්මද ? නැත්නම් ඉබේ වැටිලද.. මොනවා උනත් ඒක මරු.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. සෙන්නා කොලුවා දිගටම මේක පල්ලෙම ඉන්න නිසා එහෙම හිතෙන්නැති..මේ වෙනකන් මටත් ඕක කම්පනා උනේ නෑ නොවැ..දැන් මට හිතුනා තවත් සයිලි දෙක තුනක් පරීස්සා කොරන්න..

      අගය කෙරෙව්ව එකට බොහොම ස්තුතියි..බොග් අවකාසෙ පතාක යෝධයෝ අතර මම හීමිච්චෙක් බොල..

      ඔය සංගෙඩිය උඹ කියනකං ඇහැ ගැටුනෙ නෑ නොවැ..මට බඩ අල්ලන් හිනා ගියා..කට බොරු කිව්වත් දිව බොරු කියන්නැහෙ අහම්බෙකින් වුනත් ඇත්ත කියවිලා.. හැක් හැක්..

      Delete
  12. 10000 හම්බෙන්නේ ඔය ඇට වලින් වගා කරලා එන පලදාවෙන් වෙන්න ඕනා, පොඩ්ඩක් හොයලා බලන්න තියෙන්නේ ඔය ඇට අතරේ මුතු,මැනික් වගේ ඇට තිබුනද කියලා 10000 වටිනාකමක් එක්ක, මම නම් බාන් බඩි, පාම් විලි නවත්තලා දැම්මා

    ReplyDelete
    Replies
    1. ගෝවා ඇට, මෑ ඇට, තම්පලා ඇට, වැටකොළු ඇට, මිරිස් ඇට ඇරුනාම වෙන අහවල් ඇටයක්වත් තිබිලා නෑ කොළුවො..
      අනේ මන්දා කොලුවො ඔය ඇට ටිකෙන් දහ දහක ලාබ ලැබෙන එලෝලු හම්බෙයිද කියලා..

      පාන් විලියට මන් නම් ගෙහුන් නෑ...

      Delete
  13. අපිටත් හම්බුණා මාමාගෙන් ඇට වර්ගයි පෝර වර්ග 3 කුයි...!!!

    ReplyDelete
    Replies
    1. මේ කෙලිත් ඒ මාමාව අඳුනනවාද?..

      මාමගෙ ඇට ටික හිටෙව්වද?...

      මං හිතන් හිටියෙ ඒ කොල්ලගෙ ගෙදර වුන් විතරයි මේකට අහුවුනේ කියලා බලන් යද්දි පවුල් දස ලස්සෙම අහුවෙලාද කොහෙද?

      Delete
  14. ඔය දුන්න ඇට ටික වැව්වම 10000කටත් වඩා පල ලැබෙනවා නොවැ.එහම තමා මාමාල සල්ලි දෙන්නේ ඩිරෙක්ට් දෙන්නේ නැහැ.දෙන්නම් කියන ගාන ස්වත්සාහයෙන් හම්බ කරගන්න තමා දෙන්නේ. :P.ලංකාවේ මාමාලා එහෙමයි.

    ReplyDelete
    Replies
    1. නිකමා උනත් මොළේ තියෙන එකෙක්දො කොහෙද?..ඔය මොළෙත් එක්ක පොඩ්ඩක් අතපයත් හොලෝපන්කො කොලුවො..

      උඹ කියන්නැහෙ මාමාට කොරන්න දෙයක් නෑ බොල..වරද කොරලා තියෙන්නෙ අර පොත ගහපු ඇත්තො වෙන්නැති..

      මාමා කියන්න ඇත්තෙ "අපි ඔබට ආරම්බයක් විදිහට රුපියල් දහ දාහක් වටින ගෙඩි ලබාගත හැකි ඇට දෙනවා" කියලා වෙන්න ඇති..

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔය තේරුනේ යස අගේට.ඕකනේ ඕවා තේරුම් කරන්න අපිම ඉන්න ඕන. ;D
      මක්කෙටයි බං අත පය හොලවන්න කිව්වේ?.

      Delete
    4. හික්..හික්..නිකමා කියන්නෙ බං වැඩක් පොළක් නොකර අතපය අකුලාගෙන නිකම්ම ඉන්න එකාට නොවැ..ඒකයි පොඩ්ඩක් හොලවන්න කීවෙ..

      Delete
  15. මරු post එක. හරිටත් සුදු වෑන් එකක නැගල යන්න ආස හිතිලා වගේ.
    අපිත් ඉස්සර නොකා නොබී ෆාම් විල් එකේ එළවලු වැව්වා. ඒකෙන් සෑහෙන දෙයක් ඉගන ගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කිරීමට..

      සුදු වෑන් කියන්නෙ අහවල් එකක්ද කෙල්ලෙ?...

      බොහොම හොඳයි අහන්නත් සන්තෝසයි..ඒරොප්පේ තැනක්ද ඔය? රට එලෝළු වෙන්නැති වවන්න ඇත්තේ.. මෙහෙ වගේ වට්ටක්කා හිටවන්නැයි..

      Delete
  16. ඇත්තටම මේ පෝස්ට් එක ලියල තියෙන විදියනම් නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      මම කවදාවත් ගාටලා නෑනෙ ඔය පැත්තෙ..අද එනවා..

      Delete
  17. ඉලක්කම තමා ඉලක්කම :D

    ReplyDelete
  18. ඉතිං මාම දීල තියෙන්නෙ ඔය ඇටම දහ දාහකට එහායිං

    ReplyDelete
    Replies
    1. ඒ කොල්ලා පෙන්නපු උඩ තියෙන පැකට් එකේ හැටියට ඇටවත් දහ දාහ්ක් නෑ ඕනෙ කොලුවො..


      ඔය පැත්තේ කරදරයක් එහෙම නැතෙයි?

      Delete
  19. දහදාහකට ඔයිට වඩා තව මොනවා දෙන්නද.... :))
    මොනවා උනත් පෝස්ටුවත් වගාවත් දෙකම අගෙයි

    ReplyDelete
    Replies
    1. අනාගතේ ඔය ටිකත් දහ දාහට යයි ලොකු පුතේ..

      ස්තුතියි අගය කොළාට..පෝස්ටුව ගැන එක මම බාරගන්නවා ඒ කොලුවගෙ අම්මාටයි තාත්තටයි තමා වගාවෙ ගවුරවේ..

      Delete
  20. මාත් අදමයි ආවේ...කතාව නම් පට්ට...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..

      ආයෙත් දොහක මේ පැත්තෙ ගෑටුවානම්..

      Delete
  21. හරී..
    කොහොමටත් දැන් නම් මාමලා ජනතාවට සළකන්නෙ එහෙම තමයි.

    මේ ඔබ භාවිතා කළ භාෂාව ගැනයි. සාමාන්‍යයෙන් කට වහර භාවිතා කරල ලියන අය ගොඩක් අඩුයි. ඔබ ජන වහරත් කට වහරත් උපරිම ලෙසට මේ කතාවට භාවිතා කරනව. ඇත්තටම සතුටුයි. කියවන්නාට ළගන්නා සුළු බසකින් ලින දේවල් හැම විටම මතක හිටිනවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මහත්තයො මම හිතුවෙ ඒ කොලුවට විතරයි ඔහොම සළකලා ඇත්තෙ කියාලා..බලා යද්දි තව තව උන්දැලාටත් එහෙම කොළයි කියන්නෙ..

      අගය කිරීමට බොහොම ස්තුතියි..පත්තරේක මහත්තැන් කෙනෙක්ගෙන් පැසැසුම් ලබන්ඩ තරං මේ ලියුම හොඳයි කියන එක හිතාගන්නවත් බෑ..

      Delete
  22. පට්ට විදිහට ලියලා තියෙනවා ඕං !!!! ආයේ බොලාට හෝදන්න දෙයක් නෑ නෙව.
    ඕං ඔය හාදයා අපේ යහාත් ඇවිත් ඇට දීලා ගියා. ඒකගේ ඇට පැල කරන්න බලන් උන්නා නම් අපේ වත්ත පාලුවට යනවා. අපි පැල ඉන්දුවාට පස්සේ ඇට දීලා ගියා ඕං !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොලුවො..මේ ලිපියට සෑහෙන පොරසන්සා ලැබුනා බං..සමහර ඇත්තො බුකියෙ පවා කියලා තිබුනා ඒ ඔක්කොටමත් ස්තුතියි..

      හත් ඉලව්වයි! උන්ගෙ මාමා රටම රවට්ටලා නේද? උඹලාටත් දුන්නද උන්දගෙ ඇටේ..?

      එලෝළු පළතුරු හිටෝන එක නම් බොහොම හොඳා..මං ඔය පැත්තෙත් එඤ්ඤං..

      Delete
  23. හිහ් හිහ් පස්ට කතාව ආ..
    අපි පව් කියලා හිතිලත්
    ආයෙත් දැම්මනේ 18+ කියලා...
    නමුත් එල ආ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ.. අපි එහෙමයි රීඩර්ලාට සලකන්නෙ.. ස්තුතියි!

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...