2.19.2012

ඇන්ටන්, ජූඩ්, රීටා, ජෙනවිව්,......... නම් ලැබුනෙ කොහොමද?

මොකද මේ කලාකාරයන්ගේ නම් දාගෙන අද කියන්න යන්නේ කලාකාරයින් ගැනවත්ද? හෝව්..හෝව්..දැක්කෙ නැත්නම් ප්‍රවේසමෙන් බලන්න නම් මැද්දෙ කොමා තියෙනවා. කලාකාරයින්ගේ නම් දැම්මට මොකද කියන්න යන දේ කලාවට කිසිම සම්බන්ධයක් නෑ. හරියට බැලුවොත් ඕවා කලා කාරයින්ගේ නම් නෙවෙයි. අද කියන්න යන්නෙත් එක්තරා කතෝලික සම්ප්‍රදායක් ගැන. කතෝලික චාරිත්‍ර කියන ලිපි ගොඩට දැම්මට මොකෝ මෙතන චාරිත්‍රයක් නෑ සම්ප්‍රදායක් විතරයි තියෙන්නෙ. මේ ලිපිය කියවන කතෝලික අය ගොඩ දෙනෙක් නම් මේ ගැන දන්නවා ඇති. ඒවගේම ඒ අයට මේ වගේ නමුත් ඇති. වෙනත් ආගමික අයටත් සමහරවිට මේ වගේ නම් තියෙන යාලුවෝ ඇති. එහෙම තියෙනවානම් එව්වා සටහන් කරලා යන්න ඔයාලාට පුලුවන්. නොදන්න අයට දැන්ගන්නත් එක්ක බිංදුවේ ඉඳන් ඔක්කොම කියන්නම්. එහෙනම් යමු ලිපියට.

මම කලින් ලිපියෙ ඒ කියන්නෙ මඤ්ඤයි පඤ්ඤයි ගැන ලිපියෙ කිව්වා මතක ඇතිනෙ කතෝලික දෙමව්පියන්ට ළමයෙක් ලැබුනාම පල්ලියට දන්වන්න යනවා කියලා. මේ සිද්ධිය වෙන්නෙත් පවුලට අලුතින් ළමයෙක් එකතුවුනාම තමා. මේ සම්ප්‍රදාය පටන් අරන් තියෙන්නෙ බොහෝම ඉස්සර ලංකාවට කතෝලික ආගම එන්නත් ඉස්සර වෙන්නැති. කෙටියෙන් කිව්වොත් සම්ප්‍රදාය තමයි අලුත උපන් දරුවන්ට කතෝලික සභාවේ ශුද්ධවන්තයෙකුගේ හෝ ශුද්ධවන්තියකගෙ නම් තියන එක.

ශු. අන්තෝනි මුනිතුමා
මම කලින් ලියපු ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද? ලිපිය කියවපු නැති කෙනෙකුට නම් ශුද්ධවන්තයෙක්/ශුද්ධවන්තියක් කියන්නේ කවුද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. දැනට කෙටියෙන් කිව්වොත් කතෝලික සභාව ගෞරවයෙන් සලකන කලකට පෙර මේ ලෝකයේ යහපත් ජීවිතයක් ගත කළ චරිතයක්. වැඩි විස්තර ඒ ලිපිය කියවලා ලබාගන්නවානම් තමා හොඳ. ඒ ලිපියේ සඳහන් වන ආකාරයටම කෙනෙකු ශුද්ධවන්තයෙක් බවට පත් කරද්දි ඒ ශුද්ධවන්තයාට ගෞරව පිණිස වෙන් වෙච්ච දිනයක් ඒ ශුද්ධවන්තයාගේ මංගල්‍යය දිනය විදිහට නම් කරනවා. ජනප්‍රිය උදාහරණයකින් කියනවා නම් පෙබරවාරි 14 වෙනිදා ශු. වැලන්ටයින් තුමාට වෙන් කරලා තියෙනවා වගේ. බොහෝ වෙලාවට ශුද්ධවන්තයාගේ මංගල්‍යය දිනය විදිහට නම් වෙන්නේ ඒ ශුද්ධවන්තයා මියගිය දිනය, සමහරවිට උපන් දිනය එහෙමත් නැත්නම් එතුමාගේ/එතුමියගේ ජීවිතයේ විශේෂ දිනයක්.
ශු. වැලන්ටයින් මුනිතුමා

මීට දශක ගානකට කලින් සිදුවුනු විදිහට ළමයෙක් ඉපදුනාට පස්සේ නම දාන්න කලින් දෙමව්පියෝ යනවලු පල්ලියට. ගිහින් පල්ලියෙන් ඉල්ලගන්නවලු 'කතෝලික ලිත'. කතෝලික ලිත කියන්නෙ කතෝලික සභාව සමරන විශේෂ දින ඇතුලත් පත්‍රිකාවකට. මේ පත්‍රිකාවෙ තියෙනවා ඒ ඒ දිනයට අදාළ ශුද්ධවන්තයන්ගේ මංගල්‍යය දින. මෙතනින් ගිහින් බලන්නකො. ඔය තියෙන්නෙ ඒ වගේ එක එක දිනවලට අදාළ ශුද්ධවන්තයන්ගේ නම් දැක්වෙන සටහනක්.  පෙබරවාරි 14ට යන්නකො බලන්න ඔයාලා හොයන නම හම්බුනාද කියලා.

ලිත ඉල්ල ගත්තට පස්සෙ ළමයගෙ උපන් දිනයට අදාළ නමක් තෝරගන්නවා ළමයට දාන්න. ගැහැණු ළමයෙක් නම් ශුද්ධවන්තියකගේ නමකුත් පිරිමි ළමයෙක් නම් ශුද්ධවන්තයකුගේ නමකුත් තමයි තෝරාගන්නේ. උදාහරණයකට හිතන්නකො බබෙක් ඉපදුනා කියලා පෙබරවාරි 19වෙනිදා. එතකොට ඒ අදාළ කොටුවෙන් නමක් තමයි තෝරාගන්නේ. ඒ තොරාගත්තු නමත් ටිකක් කාලෙතාලෙට මොඩ් කරලා තමයි දාන්නෙ. උදාහරණෙකට ශු. අන්තෝනි මුනිතුමාගේ නම තෝරාගත්තා කියමුකො. අන්තෝනි නම කෙලින්ම යොදන්නේ නැතුව ඇන්ටනි, ඇන්තනි, ඇන්ටන් විදිහට වෙනස් කරලා දාන අවස්ථා තියෙනවා.

නම් දාද්දි ලිත පාවිච්චි කිරීමත් අනිවාර්‍යය නෑ. තමුන්ට හිතෙන තමුන්ට කැමති ශුද්ධවන්තයෙකුගෙ/ශුද්ධවන්තියකගෙ නමක් දාන්න පුලුවන්. බොහෝ තැන්වල නමට ශුද්ධවන්තයෝ කීපදෙනෙක්ගෙ නම් දාද්දි හිතෙන නම් පාවිච්චි කිරීම තමයි වෙලා තියෙන්නේ. එහෙම දානකොට ගොඩක් වෙලාවට වැටෙන්නෙ ඇන්ටන්, ජූඩ්, පීටර් වගේ බොහොම ජනප්‍රිය නම් තමයි. 
ශු. ජූඩ් මුනිතුමා

ඔය කොයි විදිහට නම දැම්මත් ඒකෙ බලාපොරොත්තු කීපයක් තියෙනවා. එකක් තමයි ඒ ශුද්ධවන්ත ජීවිතය ආදර්ශයට අරන් ළමයා හොඳ පුද්ගලයෙකු වෙයි කියන ආකල්පය. අනික එම ශුද්ධවන්තයාගෙන් පුද්ගලයාට විශේෂ පිහිටක් ආශිර්වාදයක් ලැබෙයි කියන ආකල්පය. කතෝලික අනන්‍යතාව පවත්වාගැනීම තවත් අරමුණක්.

තමුන්ගෙ නම හිමි සාන්තුවරයා තමුන්ගේ 'නාම සාන්තුවරයා' හැටියට හඳුන්වනවා. තේරුනේ නැත්නම් උදාහරණයකට ගමුකො ඇන්ටනි කියලා පුද්ගලයෙකුව. 'ඔයාගෙ නාම සාන්තුවරයා කවුද?' කියලා අහපුවම ඇන්ටනිගේ උත්තරේ වෙන්නෙ 'ශු. අන්තෝනි මුනිතුමා' කියන එක. කතෝලික කට්ටිය තමුන්ගේ ජීවිතයේදී නාම සාන්තුවරයාගේ මැදහත්කම ඉල්ලා යාච්ඤා කරනවා.

නමුත් ලංකාවේ පැතිරුනු කට උල්වෙන දිව උලුක්වෙන නම් සංස්කෘතිය නිසා කතෝලික නම් තැබීමත් අභාවයට ගිහිල්ලා තියෙන්නෙ. දැන් දැන් කතෝලික ලිත් ගෙවල්වල තිබුනත් ඉන්ටර්නැට්ටුවෙ තිබුනත් කතෝලික නම් භාවිතා වෙන්නේ නැති ගානයි.

ප.ලි.: කලින් මඤ්ඤයි පඤ්ඤයි ලිපියෙ මම කිව්වනෙ 'නම දෙන්න එන්න' කියලයි කතා කරන්නෙ කියලා. මට හිතෙන හැටියට එහෙම කතා කිරීමක් එන්න ඇත්තෙ රජයෙන් නම් ලියාපදිංචියක් නොතිබුනු ඒ කාලෙ බව්තීස්ම කරද්දි පල්ලියේ නම ලියාපදිංචි කරපු නිසා වෙන්න ඇති. හරියටම කියන්න දන්නේ නෑ. නිකන් හිතුනු නිසා කිව්වෙ.

57 comments:

  1. අන්තෝනි මුනින්ද්‍රයා ධීවරයන්ට නේද ?
    ඉඳිගොල්ලේ අපේ ගෙවල් ගාව පල්ලිය ශාන්ත ජූඩ් මුනින්ද්‍රයන්ගෙ

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා ඉදිගොල්ලේද ?? අඩේ ලංකාවේ හිටියා නම් වෙලාවක ඒ පැත්තේ එන්ඩ තිබ්බා !

      Delete
    2. @ ඔබා මාමා,

      මම කලින් දැනගෙන හිටපු විදිහට නම් අන්තෝනි මුනිතුමා ප්‍රසිද්ධව ඉන්නෙ නැතිවුන දේවල් සොයාදෙන මුනිතුමා හැටියට...
      ඔබා මාමා හරි..ධීවරයින්ගේ ආරක්ෂක සාන්තුවරයා හැටියටත් සළකනවාලු...

      මම කවදාවත් ගිහින් නෑ ළඟපාත හිටියත්..ඒක නිකම්ම පල්ලියක් නෙමෙයි සිද්ධස්ථානයක්..

      Delete
    3. @මධුරංග,

      ඒකනෙ කවුද දන්නෙ...

      සිංහල අවුරුදු ලංවුනාම බලමුකො..

      Delete
  2. බොහොම ස්තූතියි හරී.. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා..

    හැබැයි මමනම් පුද්ගලිකව ඔය වැඩේට විරුද්ධයි...

    1. සාන්තුවරයෙක් කියන්නේ අපි ගෞරව කරන කෙනෙක්නේ .. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙ නමක් කොල්ලටයි, බල්ලටයි හැමෝටම් දාපුවම ඒකෙ තියන ගරුත්වය නැතිව යනවා. ඒ විශේෂ පුද්ගලයන්ගේ නම් ඒ ගොල්ලන්ගේ අන්න්‍යතාවයටම ලඝු උනානම් හොඳයි කියලා හිතෙනවා.

    2. ඔය නම ලැබෙන දරුවා.. ඒ සාන්තු වරයා වගේ යහපත් ජීවිතයක් ගත කලොත් හොඳයි.. අයහපත්, නරක චරිතයක් තියන කෙනෙක් උනොත් සාන්තුවරයගෙ නමත් කැතවෙනවා..

    3. ඔය නම්වලින් අපේ ලාංකීය අනන්‍යතාවය පෙන්නන්නැති හින්දා මම ඒකටත් කැමති නැහැ.

    ඔය මට හිතුන දේ විතරයි හොඳේ.. හරිදේ නෙමේ.. වෙන්ඩ පුළුවන්..

    ReplyDelete
    Replies
    1. දැන් තියන ආකාශ වස්තු,මල් වල,ගස් වල නම් වල ලාංකික අනන්‍යතාවය තියනවද කියලා හිතෙනවා මට නම්,,ඉස්සර නම් ලංකාවේ හොද ලස්සන නම් තිබිලා තියනවා ඒත් අද කාලේ ඒ නම් පාවිච්චි කරන්නේ නෑ නාකි නම් නේද කියනවා,කතෝලික අයත් මේ නම් පාවිච්චි කරන්නේ නෑ නාකි නම් කියනවා,,,ඒ උනාට ඉස්සර ලංකාවේත් මේ වගේ කතෝලික නම් වලත් නමේ ලොකු දෙයක් තියනවා අද මිනිස්සුන්ට දාන්නේ නම්ද කියලා හිතෙනවා

      Delete
    2. ඉතිං උඹ දැංවත් නම මාරුකරපංකො හරමානිස් වගේ එකකට

      Delete
    3. ඇත්තමයි බන් මම උත්සහ කලා නමෙන් කෑලි ගලවන්න,,අනේ ඒකට විරුද්ධ උනා බන් අපේ ගෙදර කස්ටිය

      Delete
    4. @ සෙන්නා,

      පළවෙනි කාරණා දෙකෙන්ම සෙන්නා කියන්නෙ එකම දෙයක් කියලයි මට හිතෙන්නෙ..කෙටියෙන් කිව්වොත් නම වැටෙන පුද්ගලයාගේ හැසිරීමෙන් ශුද්ධවන්තයාට අගෞරවයක් වෙනවා කියලනෙ..

      ඒ ගැන මම හිතන්නේ නම් මෙහෙමයි..ශුද්ධවන්තයන්ගේ නම ලැබෙන පුද්ගලයාට නම තියලා නිකම් ඉන්නැතුව..නම තියන්න හේතුව වගේම ජීවිතයට නිවැරදි මඟ පෙන්වීමත් ලබාදියයුතුයි..නම තැබීමෙන් පමණක් හොඳ පුද්ගලයෙක් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ..

      එහෙම නම තියෙන කෙනෙක් වැරදි වැඩ කළත් අපි කියන්නේ නෑ නේද "අන්න අන්තෝනි මුනිතුමා හොරෙන් පොල්කඩනවා" කියලා..නම ශුද්ධවන්තයාගේ උනත් පුද්ගලයාට ආදේශ වෙලානෙ තියෙන්නෙ..එතනදි පුද්ගලයාට තමයි හානිය..නමට හානියක් නැත්තෙමත් නෑ.. :)

      ලාංකීය අනන්‍ය්යතාවය ගැන කිව්වොත් මට හිතෙන හැටියට ගොඩක් නම් වල තේරුමක් නෑ..සිංහල අකුරු ටිකක් එහා මෙහා කරලා ශබ්ද රසයක් ඇතිවෙන විදිහට හදාගත්තු නම් තියෙන්නෙ..සමහර ඒවායේ තේරුම බැලුවොත් අමු කුනුහරුප..

      සෙන්නාගේ මතයට මම ගරු කරනවා..සෙන්නාගේ මතය රැකගෙන නම් දාන්න පුලුවන් විදිහක් තමයි..එකක් සිංහල නමක් දාලා තව එකක් ශුද්ධ්වන්තයෙකුගෙ නමක් දැමීම..එහෙම නම් තියෙන යාලුවො කීපදෙනෙක් මට ඉන්නවා..

      මට නම් ඔය විදිහෙ නමක් නෑ..ඒ ගැන නම් දුකයි..

      Delete
    5. @ ඩිලාන්,

      කතාව ඇත්ත..කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙද්දි වෙනස් නොකළ යුතු දේවලුත් වෙනස් කරගැනීම තමයි විනාසයට මුල..

      Delete
  3. මමත් අද තියන නම් වලට නම් කිසිම එකගතාවයක් නෑ,මගේ නම ගත්තොත් නම් 3ක් තියනවා ඉස්සරහා පෙලපත් නාමය,පස්සෙන් වාසගම,හිතා ගන්න පුලුවන්ද කොච්චර දිගද කියලා,ඉස්සර අපේ රටේ තිබිලා තියෙන්නේ 1 නමයි, විදේශ රටවල වගේ,අද වෙනකොට ආකශ වස්තු,ගස්,ගල් අජීවි වස්තුවල නම් නේ අපේ රටේ තියෙන්නේ,,ඒ මදිවට නම් 2ක්,3ක්.
    මොන තරම් ලස්සනද ඉස්සර අපේ රටේ තිබුනු සිංහල නම්,මේ කතෝලික නම්..අපේ පැත්තේ නම් හිමින් හිමින් මේ නම් ආයේ ඉස්සරහට එනවා

    ReplyDelete
    Replies
    1. @ ඩිලාන්,
      අපේ පැත්තෙ නම් නැගලා යන්නේ 'ෂා' තියෙන නම්..හැම නමකම 'ෂ' ගෑවිලා තියෙනවමයි..

      අපේ නම් දිග වැඩිවෙන්න පළවෙනි හේතුව පුරාණ කාලයේ භාවිතා කළ වාසගම..ඊට අමතරව තාත්තාට හම්බෙන නම්බුනාමත් පරම්පරාවෙ නමට අමුනනවා..සමහරුන්ගෙ වාසගමම නම් තුන හතරක්..

      ඊළඟට පස්සෙ කාලෙක 'පෙරේරා' 'ප්‍රනාන්දු' වගේ නමුත් අගට ඇමිනුනානෙ..ඒ මෝස්තරේට ගිය සමහරු වාසගමේ කෑල්ලකුත් පිටි පස්සට දැම්මා..

      ඊළඟට තරඟයට තාත්තගානෙ එකයි..අම්මගෙන් එකයි..ලොකු අම්මගෙන් එකයි විදිහට මැදට නම් දැමීම..පස්සෙ නම් පට්ට දිගයි..

      Delete
  4. ගොඩක් වෙලාවට කතෝලික නම් තැබීම් වැඩියෙන්ම තියෙන්නේ වත්තල ඉදලා පුත්තලම දක්වා දිවෙන මුහුදුබඩ බිම් තීරයේ. එහේ තමා කතෝලික අය වැඩි වශයෙන් ජීවත් වෙන්නේ. පෘතුග්‍රීසින්ගෙන් පැවත එන නම් තැබීමේ ක්‍රමයක් කියලයි මම් අහලා තියෙන්නේ.

    දැන් ඔය හරේන්ද්‍ර කියන නමත් කතෝලික පන්නයට තියෙන නමක් නෙව ! හික්ස් :)

    ReplyDelete
    Replies
    1. කතෝලිකයන් ඉන්න හැම පළාතෙම ඔය විදිහට නම් තැබීමක් ඉස්සර තිබිලා තියෙනවා..කොච්චර මෑතක් වෙනකන් තිබිලා තියෙනවාද කිව්වොත් අපේ සමකාලීන පරම්පරාවෙන් තමයි..හුඟාක්ම අඩුවෙලා තියෙන්නෙ..

      පෘතුගීසීන් නෙමෙයි..ජේසුගෙන් පස්සෙ හිටපු මුල් කිතුනුවෝ පවා මේ ක්‍රමය අනුගමනය කරලා තියෙනවා...

      දැනටත් පාප්තුමා ධූරයෙන් පස්සෙ නම ගන්නෙත් ඔය විදිහට...ඒක ශුද්ධවන්තයෙකුගේ නමක් වීමට හෝ නොවීමට පුලුවන් බොහෝ දුරට ගන්නෙ කලින් හිටපු පාප්තුමෙකුගේ නමක්..ඒ ගන්නා නමින් ව්‍යංගව පෙන්වන්නේ තමුන්ගේ අදහස් කලින් ඒ නම තිබ්බ පාප්තුමාට බොහෝ දුරට සමාන බව..

      "හරේන්ද්‍ර කියන නමත් කතෝලික පන්නයට තියෙන නමක්" නෑ.. ඒක හින්දි නමක්නෙ..හින්දි තේරුම නම් 'ක්‍රිෂ්ණා' කියන එක..සිංහල තේරුමක් ගන්න නම් පරස්වරලෝප සන්ධි දාලා ගන්න ඕනෙ..ඒකෙ තෙරුම රජ කියන එක..කතෝලික නමක් නෙමේ...

      Delete
    2. මධුරංග,
      ඔයා කියන කොටසේ ඉන්න වර්නකුලසූරිය, කුරුකුලසූරිය, මිහිදුකුලසූරිය වගේ වාසගම් ලැබිල තියෙන්නෙ වෙනමම විදියකට

      Delete
    3. @ ඕනයියා,

      ඒ කොහොමද කියලත් කෙටියෙන් කිව්වානම් හොඳයි ඕනයියේ

      Delete
    4. මම ඉන්දිකගෙ සැහැල්ලුවේ දාපු කොමෙන්ට් එකක ඒගැන පොඩි විස්තරයක් තියනව. මෙතනින් ගියොත් ඒ කොමෙන්ට් එක බලන්න පුලුවං. හරී, මම හිතන්නෙ උඹට පුලුවං ඒ විස්තරේ හරියටම හොයාගන්න.

      Delete
    5. ස්තුතියි අයියේ..මොනාහරි හොයාගන්න ට්‍රයි එකක් දෙන්නම්...

      කොහොමත් ඒ පැත්තේ තියෙන්නෙ මාතර වගේම වෙනත් බාසාවක්...සමහර කතෝලික වචනත් එකතුවෙලා තියෙනවා..

      Delete
  5. බ්ලොග් වල ගොඩක් බැලුවොත් බෞද්ද කස්ටිය ගොඩාක් තැන් වලදී කිතුණුවන්ව පහත් කරලා තමා කතා කරන්නේ.එහෙම විශේෂ බ්ලොග් එහෙකුත් තියෙනවා කිව්වොත් ජේසුට ඇන ගහපුවයි දෙවියන් වහන්සේගේ පියාට නමක් නැද්දැයි ඔය වගේ ගොඩක් පහත් කරලා තමා අපිට සලකන්නේ.ඒත් අපි කවදාවත් ඔවුන්ට එහෙම කරන්නේ නැහැ.පල්ලියේදී අපිට එහම කරපන් කියලා කව්රුවත් කියන්නෙත් නැහැ.අපිට කියන්නේ හැමෝටම ප්‍රේම කරන්න කියලා.අපි ඕවා කිව්වම සමහරු අපිට විහිලුත් කරනවා මුන්ට පිස්සු කියලා උන් හිතන් ඉන්නේ උන් විතරයි හරි කියලා.ඒත් ගොඩක් බෞධ්දයෝ එහෙම නැහැ.ඒ වගේම එහෙම බෞද්දයන් කවදාවත් ආගම් බේද අදින්නේ නැහැ.එහෙව් බ්ලොග් කලාවක උබේ උත්සාහය මං කිතුනුවෙකු වශයෙන් සතුටු වෙනවා ඇත්තටම.

    ReplyDelete
    Replies
    1. මම ඔයාගේ කතාවට එකගයි,මම මේ බ්ලොග් එකේ දැකපු විශේසත්වය තමා මේ බ්ලොග් එකට එන අපේ බෞද්ධ යාලුවෝ හරිම ආසාවෙන් මේක කියවන බව ඒ වගේම කතෝලික චාරිත්‍ර දැන ගන්න ගොඩක් උනන්දුයි එයලා..

      Delete
    2. නිශාන් මලයා කියන කතාව මාත් එක හෙලාම අනුමත කරනවා !!!

      Delete
    3. දෙන්නටම තැන්කු ඈ

      Delete
    4. @නිශාන් ද සිල්වා,

      බෞද්ධ කට්ටිය කියන එක නම් වැරදියි මලේ..ඔය විදිහේ දේවල් වලට බලපාන්නේ බෞද්ධකමවත් කතෝලිකකමවත් ඒ දෙකටම නැති වෙනත් ආගමකට අයත් වීමවත් නෙමෙයි..ඒ ඒ පුද්ගලයන් තුළ පවතින ආකල්ප..ඒ ඒ පුද්ගලයන්ගේ ආකල්ප අන්තගාමී වුනාම තමයි ඔය වගේ දේවල් සිදුවෙන්නෙ..

      මල්ලි කියලා තියනවා වගේ පල්ලියේදී අපට අන් අයට හානි කරන්නට උගන්වන්නේ නැතිවා වගේ මෙන්ම මම දන්න හැටියට මොනම ආගමක කතෘවරයෙක්වත් අන් ආගම්වලට හානි කිරීමට උපදෙස් දී නෑ..

      හැම ආගමකම ඔවැනි අන්තවාදී කොටස් ඉන්නවා කතෝලික අන්තවාදීනුත් ඉන්නවා..මටත් හමුවෙනවා ඔයා කියන ජාතියෙ ලිපි මම නම් ඒවාට කමෙන්ට් කරන්නවත් ඒ අයගේ අදහස වැරදි යැයි ඔප්පු කිරීමට යන්නේ නෑ..ඕවාට උත්තර දෙන්න ගියොත් අපිත් නොදැනුවත්ව අන්තවාදීන් වීමයි සිද්ධවෙන්නෙ..

      ස්තුතියි දිරිමත් කිරීම ගැන..මාව දිරිමත් කරන බෞද්ධාගමික සොහොයුරු/සොහොයුරියන්ටත් මගේ ප්‍රණාමය..

      ඒ වගේම ජාති භේද ආගම් භේද නොතකා මේවා කියවන ප්‍රතිචාර දක්වන හැමෝටමත් ස්තුතියි..

      Delete
    5. @ ඩිලාන්,

      ගොඩක් අය ආසාවෙන් කියවන්න හේතුව හැටියට මම නම් දකින්නෙ මම හුඟක් සරලව කරුණු ඉදිරිපත් කිරීම..(මට හිතෙන හැටි :))

      අනික මේක කතෝලික ආගමට හැරවීමේ වෑයමක් නෙමෙනෙ..නොදන්නා දේවල් කියලා දීමයි මගේ එකම අරමුණ..

      අනික වෙනත් කිසිම ආගමකට හානිවන දෙයක් දැනුවත්ව නම් ලියන්නෙ නෑ..

      ස්තුතියි ගොඩාක්

      Delete
    6. @ මධුරංග,

      ස්තුතියි ඔයාටත්

      Delete
  6. පැහැදිලිව ලියා තියෙනවා... බොහොම ස්තූතියි.....

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි.. මාතලන් අයියාව මේ පැත්තෙ දැක්කෙ කාලෙකට පස්සෙ..

      Delete
  7. ශුද්ධවන්තයන්ගෙ නම් ළමයින්ට දෙනවටනං මම කැමති නෑ . . වෙන මොකවත් නෙමෙයි, ඒ ළමය තමන්ගෙ නාම මුනිවරයට වහ කන්න හිතෙන තත්වයේ වැඩ කරන්න ඉඩ තියෙන නිසා :D අනික අපි යාලු ෆිට් එකට කතා කරද්දි ඒ නම ගොඩක් වෙලාවට වෙනස් කරල කතා කරන නිසා. උදාහරනයක් විදියට මගෙ මිත්‍රෙයක් වෙන ඇන්ටන්ට මම කතා කරන්නෙ ඇන්ට කියල.
    ඒ විදියෙ නම් වලිං මම කැමතිම නම තමා තෙරේස්, මගෙ මල්ලිගෙ දුවගෙ නම (මම බෟද්ධ උනාට මලය කතෝලික)

    ප.ලි.
    මචෝ පොඩි කතාවක් මතක් උනා ඒක ලියන්න මට ඊට අදාල බයිබල් පාඨය (හරිද මන්ද?) මතක නෑ. ජේසුස් වහන්සේ විනයධරයින් සහ පරිසිවරුන් අමතා පවසපු සුදු හුනු පිරියම් කරන ලද සොහොන් කොත් ගැන කියවෙන කොටස. ඒක සම්පූර්නයෙං ඕනෙ (ලංකාවෙ හිටියනං ගෙදර බයිබලේ තියනව . . . උඹෙං අහ අහ ඉන්නෙ නෑ)

    ප.ප.ලි.
    මම දන්න කෙල්ලෙක් හිටිය බසියවත්ත පැත්තෙ ජුවෙනිටා කියල. ඒකත් සාන්තුවරියක්ගෙ නමක්ද බං ??? ඒකිගෙං ඇහුවට කීවෙනෑ.

    ReplyDelete
    Replies
    1. "විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන්වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ හුණු ගා සුදු කළ සොහොන්වලට සමානය. ඒවා පිටතින් ශෝභනව පෙනෙතත් ඇතුලත මළවුන්ගේ ඇටකටුවලින්ද සියලු ආකාර කැලිකසළින්ද පිරී තිබේ. එලෙසම ඔබත් මිනිසුන් අබිමුවෙහි පෙනුමට පිටතින් සිල්වත්ය. එහෙත්, ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටින්නහුය." මතෙව් 23:27-28

      ඉතුරුවට උත්තර පස්සෙ..

      Delete
    2. කඩ්ඩෙන් ඕන නම්..

      Matthew 23:27-28

      27 “Woe to you, teachers of the law and Pharisees, you hypocrites! You are like whitewashed tombs, which look beautiful on the outside but on the inside are full of the bones of the dead and everything unclean. 28 In the same way, on the outside you appear to people as righteous but on the inside you are full of hypocrisy and wickedness.

      Delete
    3. සෙන්නා දරන මතය හින්දම ඕනෙ අයියාත් දරන නිසා සෙන්නාට දීපු උත්තරේ බලන්නකො..

      ඕනෙ අයියාද ආගම වෙනස් කරේ මල්ලීද?

      බයිබල් පාඨය කලින්ම දුන්නනෙ..මම හිතන්නෙ ඔච්චරයි ඕනවෙන්නෙ..

      ඔව්..සාන්තුවරියක් තමයි..ලැජ්ජාවට වෙන්නැති කියන්න නැත්තේ..එහෙම නමක් තිබීම මදිකමක් කියලා හිතන පිරිසකුත් ඉන්නවානෙ..

      http://www.discountcatholicproducts.com/Saint-Juanita-Biography-S171.aspx

      Delete
    4. ටැංකිවු ඈ . . . ඉස්සර ඔය පාඨය මතෙවු 23:27-28 කියන ටිකත් එක්කම කටපාඩං. දඬුගංපේරුවෙ වසද්දි ඕව කටපාඩං තියෙන්නම ඕනෙ බං වසන්න.

      ආගම මමවත් මල්ලිවත් වෙනස් කලේ නෑ. අපේ දෙමාපියො අපිට කැමති ආගමක් අදහන්න නිදහස දීල තිබ්බෙ. අනික අපේ පවුලෙ බෞද්ධ, රෝමානු කතෝලික, පෙන්තකොස්ත, ගැලවීමේ හමුදාවෙ අය ඉන්නව. අපි හැදුනෙ ඒ හැමෝම එක්ක

      Delete
    5. මම දන්න පවුලකුත් ඉන්නවා ඔය වගේ..ඒකෙ එක සහෝදරයෙක් පියතුමෙක් වගේම එක්කෙනෙක් මෙහෙණින් වහන්සේ කෙනෙක්..

      Delete
  8. ඇත්තට ම කතෝලික ආගම ගැන අයිය කියන ගොඩක් දේවල් මම කලින් දැනං හිටපුව නෙමෙයි. එව්ව අහගන්න කවුරුත් හිටියෙ නෑ නෙව! මට පුංචි ප්‍රස්නයක්. කතෝලික ආගමයි ක්‍රිස්තියානි ආගමයි එකක් කියලයි මං හිතං හිටියෙ. මට කියනවද මේ දෙක අතර සම්බන්ධයක් තියනවද නැත්තං වෙනස්ම ආගම් දෙකක්ද කියලා.

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීම ගැන ස්තුතියි මල්ලි..ඒ හිඩැස හැකි තරමින් පුරවන්න හිතාගෙන තමයි මගේ බ්ලොගේ මෙවැනි ලිපි ලියන්නෙ...

      මධුරංගගේ ඉල්ලීමකට අනුව ඔය ගැන ලිපියක් ලියන්නයි ඉන්නෙ..මල්ලිට දැනට කෙටියෙන් යමක් කියන්නම්.. (කෙටියෙන් පටන් ගත්තාට දික් වෙයිද මන්දා :) )

      ලෝකෙ ආරම්භෙටම ගිහින් පටන් ගත්තොත් ඒක තියෙන්නෙ ජුදා බයිබලයේ ඒ කිව්වෙ කතෝලික පරණ ගිවිසුමේ..

      අපි හිතමුකො මුලින්ම තිබ්බෙ ජුදා ආගම කියලා..ලෝකෙ පටන් අරගෙන ඔහොම දිගින් දිගටම එද්දි එක්තරා අවස්තාවකදී ඉස්ලාම් එහෙම නැත්නම් මුස්ලිම්වරුන් කැඩී වෙන්වෙනවා..

      ඊට පස්සෙ ජුදා ආගම වෙනමත් ඉස්ලාම් ආගම වෙනමත් ඉදිරියට එනවා...ඔය අතර අදට අවුරුදු 2000ට විතර ජුදා ජාතිකයෙක්ව ජේසුතුමා මේ ලෝකයට බිහිවෙනවා..

      ජේසුතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා පිළිගත්තු අය කතෝලිකයෝ වශයෙන් වෙනම සභාවක් ඇතිකරගන්නවා..එහෙම කළේ නැති අය ජුදා ආගම දිගටම අදහනවා..

      ජේසුතුමාගේ ප්‍රධාන ගෝළයා රෝමය ආශ්‍රිතව හිටපු නිසා රෝමය මූලස්ථානය කරගත් රෝමානු කතෝලික සභාව බිහිවෙනවා.. අදටත් පාප්තුමාගේ නයකත්වයෙන් ලෝකයේ වැඩිපුරම ව්‍යාප්ත වෙලා ඉන්නෙ රෝමානු කතෝලිකයෝ..

      පහු කාලවල්වල විවිධ මත ගැටුම්, විශ්වාසයන් පිළිබඳ ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, දේශපාලන හා ව්‍යාපාරික ඕනා එපාකම් මත පවා කතෝලික සභාවෙන් විවිධ කොටස් වෙන් වෙනවා...
      තේරෙන විදිහට කියනවානම් ජ.වි.පෙ. කඩාගෙන ජා.නි.පෙ. හැදුවා වගේ..

      ඒ වෙන්වුනු සියලු කොටස් පොදුවේ ක්‍රිස්තියානි සභා ලෙස හැඳින්වෙනවා..

      නමුත් ලෝක ආරම්භයේ සිට මේ දක්වා කැඩීගිය සෑම කොටසකම දෙවියන් වහන්සේ වන්නේ එකම දෙ කෙනෙක්..

      Delete
    2. ලොව ආගම් බිහිවීම සහ පැතිරීම බලාගන්න මෙතනට යන්න

      Delete
  9. කට්ටිය ඔක්කොටම උත්තර දෙන්නම් ..ඕනෙ අයියට හදිස්සි නිසයි උත්තරේ දුන්නෙ...

    මම සනීප නෑ..මම කලින් කිව්ව ප්‍රශ්නය නිසාම බේත් ගන්න වුණා..ටිකක් අමාරුයි වගේ..

    තරහා වෙන්න එපා..

    ReplyDelete
    Replies
    1. හෆොයි උබට සනීප නැද්ද?.ඒක තමා කියන්නේ පෙරේත කමට කිබුල් මස් ගිලින්න එපා කියල :දිව
      දැන් ඉතින් මක් කරන්නද?ඉක්මනට සනීප වෙයන්.

      Delete
    2. කිඹුල් මස් කාලා නෙමෙයි බං දුම් වැදිලා..දැන් නම් තරමක් හොඳයි..

      අනිත් කිඹුලාව මැරුවාම මතක් කරලා මස් ටිකක් එවපන්...

      Delete
  10. අයියටයි මටයි දෙන්නටම ආගමේ නමට තාත්ත දාල තියෙන්නේ ආච්චිගේ සීයගේ පරණ තාලේ නම්. අපි ඒවා ඉස්කොලේදීත් හංගගන වගේ හිටියේ.
    දැන් කලේ සාන්තුවරයන්ගේ නම් ඇරුනම ආගමේ කියල හැඟවෙන වෙනස් නම් දානවා නේද දෙව්මිණි, සුදම්, කිතුන් වගේ.
    තමන්ට අයහපත කරන්නන්ට කල යුතු දේ බයිබලෙත් තියනවනේ. නීතියේ පිහිට පතන අතරේ ඒවත් ට්‍රයි කරලා බලන්න, මොකක්ම හරි හොඳක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ ජුවෙනිටා වගේ නම කියන්න ලජ්ජා කෙනෙක්.. :) ඔය නම් දෙක කියන්නකො මොකක්ද කියලා අලේ...ඕගොල්ලෝ හංගං හිටපු හින්දා කිව්වා කියලා කවුරුත් අඳුනා ගන්න එකක් නෑ.. :)

      හ්ම්ම්..එහෙම මෙව්වා එකකුත් තියෙනවා.. අනිත් නම් වෙනත් බාසාවල එව්වා කියලා අකමැති අයට පොඩි විසඳුමක් වගේ..කතෝලික සභාව දේශීයකරණයේ ප්‍රතිඵලයක්ද මන්දා..

      බලන්නම්...

      Delete
  11. ඇන්ටන් ජෝන්ස් " සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා" කියලා සිංදුවක් කිව්වෙ ඇයි කියලා මට අද තමයි තේරුනෙ....

    නොදන්න යමක් දැනගත්තා..ස්තූතියි

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක දැක්කම තමයි මටත් ඒක කම්පනාවට ආවෙ..ස්තුතියි..අන්තෝනි මුනිතුමාගේ ජීවිත කතාවත් බොහොම රසවත්..දවසක ඒ ගැනත් කියන්නම්කො..

      සහෝ මේ පැත්තෙ ආපු පළවෙනි වතාව නේද? සාදරයෙන් පිළිගන්නවා..

      බොහොම සංතෝසයි අලුත් දෙයක් ගැන කියලා දෙන්න ලැබීම ගැන..

      Delete
  12. ස්තුතියි ලිපියට...
    සෙන්නා කියපුවට මාත් එකඟයි...ඉංග්‍රීසි නම් නොදා සිංහල නම් දානවනම් හොඳයි තමයි..

    ReplyDelete
    Replies
    1. ඉංග්‍රීසි නම් කියලම කියන්න බෑ සයුරි..ඒ නම් අතර ලෝකය පුරාම පැතිරුණු නම් තියෙනවා...

      හොඳම දේ හැටියට මම දකින්නෙ සිංහල නමක් එක්ක මේ වගේ නමක් යෙදීම..හැබැයි ඒක මගේ මතේ විතරයි..

      කවදාහරි සිංහල නමක් තියෙන ශුද්ධවන්තයෙක් බිහිවුණාම..සිංහල නමක් දාන්නත් බැරි වෙන්නේ නෑ..

      Delete
    2. සයුරි,
      ඔයා නං කියයි . . . වැලන්ටිනෝ කියල හරි ගොඩදාගන්න පුලුවං . . ඒත් වලෙන්තීනු කියල සිංහලෙං දැම්මොත් ????

      Delete
  13. ශාන්තුවරයොයි, ශාන්තුවරයන්ට හිමි ගෞරවය ගැනයි, ශාන්තුවරයන්ගෙ නම් සාමානය මිනිස්සුන්ට දැමීමෙන් වන අගෞරවය ගැනයි කියවලා මට මෙහෙම හිතුනා. කොයි එකාද සේන්ට් බර්නාඩ් කියන නම බලු වර්ගයකට දාපු එකා? එක බල්ලෙකුට නෙවෙයි. බලු වර්ගයකට. බෞද්ධයෙක් වෙලත් මටත් ඒක අප්සෙට්.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඔබගේ ප්‍රතිචාරය නිසා අලුත් යමක් සොයා යන්න පුලුවන් උනා..මට බල්ලෝ ගැන දැනුමක් නැති නිසා ඔහොම බලු වර්ගයක් ඉන්නවා කියලා දැනගන හිටියේ නෑ..

      මට හම්බවෙච්ච කරුණු අනුව
      ඉතාලියයි ස්විට්සර්ලන්තයයි අතර තියෙනවාලු 'ශා. බර්නාඩ්' කියලා දුර්ගයක්..දුර්ගයට මේ නම ලැබෙන්න හේතු වෙලා තියෙන්නෙ ඒ කිට්ටුව තිබුනු තාපසාරාමයක්..ඒ තාපසාරාමයේ නම තමයි ශා. බර්නාඩ්..
      එතැන හිටපු තාපසවරු තමන්ට මඟ පෙන්වීම සඳහා බල්ලන් යොදාගෙන තියෙනවා..ඒ අවට ජීවත් වෙලා තියෙන්නෙ ඔය ජාතියෙ බල්ලො...ඉතින් සෙන්ට් බර්නාඩ් දුර්ගයේ හිටපු බල්ලෝ පස්සෙ කාලෙක සෙන්ට් බර්නාඩ් බල්ලෝ වෙලා...

      ස්තුතියි!

      Delete
    2. ඕක තමයි ප්‍රශ්ණෙ හරී.. අපි නොහිතන විදිහට ඒ නම් වෙන වෙන විදිහට භාවිතා වෙනවා.. ඒකයි මගේ විරෝධය..

      උතුම් මිනිස්සුන්ව හඳුන ගන්ඩ තියන සළකුනු ඒ අයටම විතරක් සීමාවීම තමා හොඳ. ඒත් ඉතින් ඕකට පාලනයක් දාන්ඩ බැරි හින්දා වෙනදෙයක් බලාගන ඉන්නවා ඇරෙන්ඩ වෙන කරන්ඩ පුළුවන් දේකුත් නැහැ.

      Delete
    3. @ senna :ඒක ඇත්ත..තහනම් කරන්න බෑනෙ..

      Delete
  14. හරී..
    මටත් කාලෙක ඉඳල‍ තිබුණ ප්‍රශ්ණය තමයි ඇයි මේ කතෝලික අය ඇන්ටන්, ජූඩ්, වගේ නම් යොදන්නේ කියලා. ඒකට උත්තරේ අද ඔබේ ලිපියෙන් දැනගත්තා. මේවගේ නොදන්නා දේවල් දැනගන්න ලැබීමත් සතුටක්. හැබැයි දැන්නම් ළමයින්ට නම් තැබීමේදී නැකත් ශාස්ත්‍රය ඇතැමි කිතුනුවන් පිළිපදිනවා නේද

    ReplyDelete
    Replies
    1. ආගම කුමක් වුවත් ජාතියෙන් එන සමහර සිරිත් හා ආකල්ප ලේසියෙන් බැහැර කරන්න බැරි බවයි පේන්නෙ..
      සිංහල සිරිතක් වන නැකත් බැලිල්ල කතෝලික අය වගේම බෞද්ධ අය තුළට කාන්දුවෙලා තියෙන්නෙත් ඔය නිසා..
      කතෝලික සභාව නැකත් හෝ කේන්දර බැලිල්ල කොටින්ම කිව්වොත් ජෝතිශ්‍යය විශ්වාස කිරීම අනුමත නොකළත් බොහෝ ලාංකික කතෝලිකයන් හොර රහසේ තමුන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවල ඒවා අනුගමනය කරනවා කිව්වොත් නිවැරදියි...
      කතෝලික ආගම අදහන මා දන්නා ජෝතීශ්‍යයවේදීන්ද සිටිනවා..

      Delete
  15. බොලේ ඩිංගක් පහුගිය ටිකේ බ්ලොග් එකෙන් මිස් වෙලා හිටියම රටක් වටින දැනුම් කන්දරාවක් ඩිස් මිස් වෙලානේ.....

    මටත් ඉන්නවා කතෝලික මිතුරු මිතුරියන් අපේ ඉස්කෝලේ කතෝලික ආගම නෙමෙයි එයාලා ඉගෙනගත්තේ ඒ වගේම උදේ පන්සිල් ගනිද්දි බොහොම උනන්දුවෙන් පන්සිල් ගත්තා...හැබැයි ආගම වෙනස් කරලත් නෙමෙයි ඒත් ආගම් දෙකටම ගරු කලා.ඒ ගරුත්වය අපි ආපිට එයාලටත් දැක්වුවා...හැමෝම එහෙම ඉන්නවනම් කොච්චර ෂෝක්ද....

    දවසක් කතෝලික යාළුවෙක්ගෙන් මම ඇහුවා ඔයා යන්නේ මේ ළඟ පල්ලියටද කියලා එතකොට හරි අමුතු පැහැදිලි කිරීමක් කලා මට ඒ පැහැදිලි කිරීම මතක නෑ ඒත් සාරාංශය මතක විදියට යන්තම් මේ වගේ.

    //අපි ඒ කතෝලික නෙමෙයි අපි වෙන කතෝලික කට්ටියක්.අපි යන්නේ මේ මේ පල්ලිවලට විතරයි//

    එයාගේ නමත් ඔයා කිව්වා වගේ නමක් නෙමෙයි සාමාන්‍ය අපේ වගේ නමක්.සෙනාල් කියලා සාන්තුවරයෙක් ඉඳලා තියෙනවනම් ඒ නමත් හරි.

    තව දවසක් කතෝලික අයියා කෙනෙක් ට්‍රිනිටි කියන එකේ තේරුම කියන්න ගිහින් එක නමක් අමතක කරගත්තා අර යාළුවා නිසා මම ටක් ගාලා එයාව අපහසුතාවයෙන් මුදවගත්තා ශුද්ධාත්ම කියලා.එයා අදටත් හිතන් ඉන්නේ මාත් කතෝලික කියලා

    ReplyDelete
    Replies
    1. මම ගිය කතෝලික ඉස්කෝලෙකට ඒකෙ බෞද්ධ ළමයි හිටියෙ 1%ක් විතර..ඒක නිසා බෞද්ධාගමික වතාවත් තිබුනෙ නෑ..නමුත් අපි සමගියෙන් හිටියා..

      කැම්පස් එකෙත් මගෙ යාලුවො ඔක්කොම වගේ බෞද්ධ ඒත් කවුරුවත් කාවවත් විවේචනය කළේ නෑ..උන් නොදන්න ඒවා මම කියලා දුන්නා..මම නොදන්න එව්වා උන් කියලා දුන්නා..මට මතක් වෙනවා අපේ හොස්ටල් එකේදි දස පනත දීපු කතාව කියපු හැටි..හොසටල් එකේ හිටපු මුලු සෙට් එකම වගේ එතන හිටියා ඒක අහන්න..කතාවෙ දිග පැය 3කට 4කට වැඩි වුනා..මොකද ඊජිප්තුවට යන්න හේතුවුනු කාරණා හිටම්ම පැහැදිලි වෙන විදිහටනෙ මම් කතාව කිව්වෙ..උදේට කාපු වෙලේ ඉඳන් දවල්ට කනකන්ම මගේ කතාව..හි..හි..

      //අපි ඒ කතෝලික නෙමෙයි// කතෝලික කියන්නෙ ඔක්කොම නෙමෙයි මල්ලී වෙන වෙන කට්ටිය කැඩිලා හැදුනු එව්වා ගොඩක් තියනවා..මම් ඒ ගැන ලියනකන් බට්ටාට දුන්නු උත්තරේ බලන්නකො..ඕනෙ අයියා වීඩියෝවකුත් දාලා ඇති..

      මම හිතන්නෙ එයාගෙ නම් සාමාන්‍යය නමක්...

      ට්‍රිනිටි කියන එකේ තේරුම ශු. ත්‍රිත්වය කියන එක..ඒ සංකල්පය නම් තේරුම් ගන්න වගේම තේරුම් කරන්නත් අමාරුයි..

      Delete
  16. ක්‍රිස්තියානි අයගේ නමේ මැද කොටසට ජූඩ්, ඇන්ටන්, වගේ නමක් දාන බව දැනගෙන හිටියත් ඒක දාන පදනම දැනගෙන හිටියේ නැහැ. ඒක දැනගත්තු එක හොඳයි :)

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...