3.17.2012

පාප්තුමා 3

මේ ලිපි මාලාවට පාඨක ප්‍රතිචාර බොහොම අඩුයි වගේ. ඒත් කලින් ලිපි දෙකේදි හසිත, සෙන්නා වගේම විචාරක මහත්මයාත් අහපු ප්‍රශ්න නිසා තවත් ලිපියක් එකතු කරන්න හිතුනා. කලින් ලිපි දෙක නොකියවපු කෙනෙක් ඉන්නවානම් පාප්ධූරයේ ඉතිහාසයත් පාප්තුමෙක් තෝරන නිලවරණය පිළිබඳ විස්තරත් බලලාම එන්න. උත්තර වලින් පස්සෙ බලන්න පුලුවන් පින්තූරු ටිකක් විස්තරත් එක්ක.

හසිත කිව්වනෙ අතේ ඇඟිලි ගාණට සිද්ධ වුනත් ඉල්ලා අස්වීම් ගැන කියන්න කියලා. වර්තමානයේ නම් පාප්තුමෙකුට ඉල්ලා අස්වීමට හැක්කේ එතුමාගේ නිදහස් කැමැත්ත වගේම ඉල්ලා අස්වීමට හේතුව පැහැදිලිව ඉදිරිපත් කිරීමෙන් පමණයි. පාප්තුමාගේ ඉල්ලා අස්වීම භාරගන්න නිල වශයෙන් කවුරුත් නම් නොකළත් ධූරය හැරයනවිට අඩුම ගානේ කාදිනල්වරුන්ටවත් දන්වා යෑම සුදුසු බවයි බොහෝ දෙනා කියන්නෙ. මේ ඉල්ලා අස්වීම් දිහා බලපුවාම එක් එක් කාලවලදී කිතුනු සභාවේ පිරිහීමත් මැනවින් නිරූපණය වෙනවා. ඉල්ලා අස්වීම් ගැන කියනවානම් පිළිගත් හා පිළිනොගත් වශයෙන් දෙකොටසක් තියනවා. ලිපිය කියෙව්වාම පැහැදිලි වෙයි. 

ඇත්තම ඉල්ලා අස්වීම් විදිහට පිළිගන්න පුලුවන් එව්වා වෙලා තියෙන්නෙ ක්‍රි.ව. 1000ත් 1400ත් අතර. පළමුවෙනි එක තමයි Benedict IX ගේ ඉල්ලා අස්වීම. Benedict IX කියන්නෙ ඉතිහාසයේ පත්වෙච්ච වයසින් අඩුම පුද්ගලයා (පාප්ධූරයට පත්වෙනකොට වයස 11ත් 20ත් අතර  ඇතැයි සැළකෙනවා.) වගේම පාප්ධූරය විකුණන්කෑ එකම පුද්ගලයාද වෙනවා. කසාදයක් බැඳගෙන සල්ලිකාර ජීවිතයක් ගතකරන්න හිතගිය හින්දම තමුන්ගෙ බාප්පා කෙනෙකුගෙන් සල්ලි අරන් පාප්ධූරයෙන් ඉවත් වෙනවා. බාප්පා මොකටද පාප්කම අත්හරින්න සල්ලි දුන්නෙ කියලා හිතෙනවා නේද? ඒ මොකද දන්නවද Gregory VI විදිහට ඊළඟට පත්වෙන්න ඕනා වෙච්ච නිසා. ඒත් සල්ලි දීලා ගත්තු පාප්කම තියාගන්න නොලැබෙන්නෙ Benedict IX ට තෙල ගහලා ඉල්ලා අස්කෙරෙව්වා කියලා චෝදනා එන නිසා. ඒ නිසාම Gregory VI ත් ඉල්ලා අස්වෙනවා. ඒවගේම Benedict IX ටත් තමුන් බලාපොරොත්තු වෙන ජීවිතය නොලැබෙන්නෙ පෙම්වතිය ඔහු හැරයාම නිසා.

ඊළඟට Celestine V පාප්තුමාත් ධූරය අතහරිනවා. හේතුව තව පිළිතුරකට සම්බන්ධ නිසා මෙතන කියන්නේ නෑ. අන්තිමටම ඉල්ලා අස්වෙලා තියෙන්නෙGregory XII පාප්තුමා ඒ පාප් නිලවරණයේ තිබිච්ච දෝෂ නිසා. 

අනිත් කොටස තමයි ඉල්ලා අස්වීම් ඉදිරිපත් කළත් ඒවා නිල වශයෙන් සිදුවී නැති අවස්ථා. පළවෙනි අවස්ථාව තමයි ප්‍රංශ විප්ලවය කාලෙදි තමන්ව අත්ඩංගුවට පත්වුවොත් ධූරයෙන් ඉල්ලා අස්වූවායැයි සළකන ලෙස 7වන පියුස් පාප්තුමා ලියපු ලිපිය.දෙවන ලෝක යුද්ධ කාලෙ පාප්ධූරය දරපු 12වන පියුස් පාප්තුමාත් ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා තිබෙනවා. යම් හෙයකින් තමන්ව නාසි අත්ඩංගුවට පත්වුවොත් ධූරය හැරගියා ලෙස සැළකීමටත් ඒ වෙනුවට නව පාප්තුමෙකු පත්කරගැනීමටත් අවසර දෙමින්. ඊළඟ අවස්ථාව බොහොම මෑතක සිදුවෙච්ච දෙයක්. තමන් යම් රෝගාබාධයකට ලක්වී ධූරයේ වැඩකටයුතු කළ නොහැකි තත්වයට පත්වූවොත් තමන් ඉල්ලා අස්වූවායි සළකන ලෙස ඉල්ලමින් දෙවන ජුවාම් පාවුළු පාප්තුමාද ඉල්ලා අස්වීමේ ලිපියක් ලියා තිබෙනවා. නමුත් මේ කිසිවක් ඉල්ලා අස්වීම් ලෙස නිල වශයෙන් පිළිගන්නේ නෑ.
ඊළඟට සෙන්නා කිව්වනෙ පාප්ධූරයට පත්වෙච්ච ගිහි අය ගැන කියන්න කියලා. ඒත් ගිහියො කවුරුත් මේ වෙනතුරු පත්වෙලා නෑ. නමුත් කාදිනල් නොවන බිෂොප්වරු හා පියතුමන්ලා පත්වී තිබෙනවා. කාදිනල් නොවී පාප්තුමෙක් වීමෙත් ධූරය හැරයාමෙත් උදාහරණයක් හැටියට  Celestine V පාප්තුමාව හඳුන්වන්න පුලුවන්.එතුමාගේ කථාව බොහොම දුක්බර කතාවක්. ඒක තව ටිකකින්. ඊළඟට 5වැනි ක්ලෙමන්ට් පාප්තුමාත් ධූරයට පත්වන විට රදගුරුතුමෙක් පමණයි. ප්‍රංශ කාදිනල් වරුන් හා ඉතාලි කාදිනල්වරුන් දෙපිලකට බෙදීම නිසා 2/3ක් ලබා ගන්න කිසිම කාදිනල්වරයෙකුට අවස්ථාවක් ලැබුනෙ නෑ. මේ නිසාම ඒ කාලෙ ප්‍රසිද්ධියට පත් රදගුරුතුමෙක් 5වැනි ක්ලෙමන්ට් නමින් පාප්ධූරයට පත් වෙනවා.

ඉන්පසු පත්වූ Gregory X පාප්තුමා ධූරයට පෙර තාපසතුමෙක් වෙද්දි Urban IV, Urban V,  Urban VI යන තිදෙනාමත් කාදිනල් ධූරය නොදරා පාප්ධූරයට පත්වූ පියතුමන්ලා. මේ සියලුම කාදිනල් නොවන පත්වීම්වලට හේතුවී ඇත්තෙ ප්‍රංශ හා ඉතාලි කාදිනල්වරුන්ගේ බෙදීම් නිසා කාදිනල්වරුන් අතරින් කිසිවෙකුටත් 2/3 නොලැබී යාම.

දැන් කියන්නම්  Celestine V පාප්තුමාගේ කතාව. කට්ටියට ලිපිය එපාවෙලාද ඉන්නෙ? එපාවෙලා නැත්නම් දිගටම කියවමු.

බෙනදිකානු( Benedictine) තාපසයෙක්
Pietro Angelerio කියන පොඩි කොලුවා ඉපදෙන්නෙ බටහිර ඉතාලියෙ දුෂ්කර ගම්මානයක. ගම්මානෙ තියෙන දුෂ්කරතාවලට තවත් දුෂ්කරතා එක්කහු කරන්නේ කොලුවාගේ තාත්තා කොලුවට යමක් කමක් තේරෙන කාලෙදිම මිය ගිය නිසා. තම පවුලෙ බර කරට ගන්න කොලුවා ගොවිතැනට බහිනවා. ඒත් තමුන්ගේ දරුවට ගොවියෙකුට එඬේරෙකුට වඩා හොඳ අනාගතයක් තියන බව දකින අම්මා කොලුවාව අධ්‍යාපනය වගේම ආගමික පැත්තට යොමු කරෝනවා. අම්මාගේ උත්සාහය නිසාම මේ කොලුවට පුලුවන් වෙනවා අවුරුදු 17දීම බෙනදිකානු( Benedictine) තාපසයෙක් වෙන්න. බෙනදිකානු කියන එක නොතේරුනානම් ඒ කියන්නෙ පැවිදි වරුන් අතර තියෙන නිකායක්. තාපසයෙක් කියන්නෙ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

Pietro තාපසතුමාගේ අදහස වුනේ ජනශූන්‍ය පැත්තකට ගිහිල්ලා තනියම ධාර්මික ජීවිතයක් ගෙවන්න. ඒක නිසා තමුන්ගේ තාපසාරාමය අතෑරලා කඳුකරයේ දුෂ්කර ලෙන්වල වාසය සඳහා යනවා. මේ විදිහට කාලය ගතවී යන අතරෙ තමයි එවකට හිටපු පාප්තුමා ස්වර්ගස්ථ වෙන්නෙ. මම කලින් ලිපියෙ කිව්වා වගේ ඉන්පස්සෙ තියෙන්නෙ හැකි ඉක්මණින් අලුත් පාප්තුමෙකු පත්කරගන්නනෙ. නමුත් එවකට හිටිය කාදිනල්වරුන් අවුරුදු 3ක් ගතවනතුරුත් නව පාප්තුමෙකු පත්කරන්නේ නෑ.

මේ නිසාම Pietro තාපසතුමා හැකි ඉක්මනින් පාප්තුමෙකු පත්කරන ලෙස දන්වා කාදිනල්වරුන්ට ලිපියක් එවනවා . ලිපිය කියවන කාදිනල්වරු අතරෙ ප්‍රධානියාට හොඳටෝම තරහා යනවා.. මම හිතන්නෙ හරියට පැහැදිලි නැතත් පාප්තුමෙකු පත්කිරීමට නොහැකි මොකක් හෝ හේතුවක් තියෙන්න ඇති. ඊටපස්සෙ තමා හොඳම ටික වෙන්නෙ.
 
ලිපිය කියවා තරහා ගන්නා කාදිනල්වරුන්ගේ ප්‍රධානියා "මම Pietro ව මීළඟ පාප්තුමා හැටියට පත් කරමි " කියලා කියනවා. පාප්තුමෙකු පත්කරගැනීමට නොහැකිව ලතවුනු අනික් කාදිනල්වරුත් එකහෙලාම ඒක අනුමත කරනවා. මම කලින් ලිපියෙ කිව්වනෙ ඊට පස්සෙ කැමැත්ත අහන්න යනවා කියලා. කැමැත්ත අහන්න කට්ටිය ආවම තමයි Pietro තාපසතුමාට තරු විසික්වෙන්නෙ. එතුමා ගත්කටටම බෑ කියනවා. හුදකලා ශාන්ත ජීවිතයක් ගතකරන්න කඳුකරයේ ගල්ලෙනක ඉන්න එතුමා පාප්ධූරය බාරගන්න කැමති වෙන්නෙ නෑනෙ.

බලෙන් ඔටුනු පැළඳීම
ඒත් කාදිනල්වරුන්ගෙන් බේරීමක් ලැබෙන්නේ නෑ. බැරිමතැන Pietro හොර රහසේම ඉන්න තැනින් අතුරුදහන් වෙනවා. ඒත් කාදිනල්ලාත් වැඩේ අතහරින්නේ නෑ. නේපල්ස්වල රජ්ජුරුවන්ගෙනුත් හංගේරියාවෙ රජ්ජුරුවන්ගෙනුත් ඉල්ලාගත් හේවායො දාලා කැලේ පීරනවා. කොහොම හරි අන්තිමේදී Pietro ව කොටුවෙනවා. බලෙන්ම උස්සන් ඇවිත් Celestine V පාප්තුමා ලෙස අභිෂේක කරනවා.

බලාත්කාරයෙන් පටවන ලද පාප්ධූරය මාස5ක් ගෙවන එතුමා එයින් සැනසීමක් නැතිතැන  පාප් ඇඳුම් ඉවත්කර දාලා නැවතත් තමුන් බලාපොරොත්තුවන හුදකලා දුෂ්කර ජීවිතයට හැරී යනවා. ඊළඟට පත්වන්නේ Boniface VIII පාප්තුමා. එතුමා හිතන්නෙ Celestine V පාප්තුමා පාප්ධූරය බාල්දු කළා කියලා. මේ නිසාම එතුමාව අල්ලන් එන්න සොල්දාදුවෝ යවනවා. කට්ටි පැනීම් කිහිපයකට පස්සෙ Celestine V නැවතත් අතඩංගුවට පත්වෙනවා.

ෆුමෝන් මාළිගාව
ඉන්පසු එතුමාට සිද්ධවෙන්නෙ මියයනතුරු ෆුමෝන් මාළිගාවෙ  (castle of Fumone) දුක් විඳින්න. මිය ගියේ මාස දහයක් තිස්සෙ අපිරිසිදු වාතය ආශ්වාස කිරීමෙන් යයී සැළකුනත් බොහෝ දෙනා කියන්නෙ Boniface VIII විසින් එතුමාව මරා දමන්න ඇති කියලා.  එතුමාගෙ හිස් කබලෙ විශාල සිදුරක් තිබෙනවාලු.

අත්තනෝමතික කාදිනල්වරුන්ගේ හා පාප්වරයෙක්ගේ ක්‍රියානිසා මරණයට පත්වූ  එතුමාව කතෝලික සභාව විසින් ශුද්ධවරයට ඔසවා තිබෙනවා. ඒ එතුමාව උසස් කිරීමටත් Boniface VIII ව පහත් කිරීමටත්. ගීතක නිතරම මතක් කරන Angels & Demons පොතේත් මෙතුමා ගැන තියනවාලු.

මේ ලිපිය පටන් ගත්තෙම පාප්තුමාගෙ රාජ කකුධ භාණ්ඩ ගැන කියන්න. ඒත් දිග වැඩි වුනානෙ. ඒ කියන්නෙ පාප්තුමා 4ක් තියෙනවා.

ප.ලි.: කලින් මම බෙනදිකානු තාපසවරයෙක් කියලා වැරදි පින්තූරයක් දාලා තිබුනෙ. එය නිවැරදි කළ ලෝරන්ස් පියතුමාට මාගේ ස්තුතිය.

56 comments:

  1. බොහොම ස්තුතී සහෝ.. ප්‍රතිචාර අඩුවුනාට ආගමට කරන සේවයක් කියලා හිතලා දිගටම ලියන්න අයියේ.. මෙ ලිපි අදට වඩා හෙට වැදගත් වෙයි.. ඒ වාගේම මුලධර්මවාදී ආගම් සහ කතෝලික ආගම අල්ලගෙන ඊට පහර ගහන.. අන්‍යාගමිකයිනටත් මෙය වැදගත්වෙයි.. ඊලන්ග ලිපිය කියවන්න බලන් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. මේක ආගමට කරන සේවයක් වන්නේ කොහොමදැයි මට තේරෙන්නෙ නෑ මලේ.. මම කරන්නෙ දැනුවත් කිරීමක් පමණයි..මේවා හුඟක් ඉතිහාසය මිසක් ආගම නෙමෙයි...

      "මෙ ලිපි අදට වඩා හෙට වැදගත් වෙයි." එහෙම හිතලා තමයි ලියන්නෙ..

      ආගම් වලට පහර ගහන අය බොහොම සුලු පිරිසක් තමයි ඉන්නෙ... ගොඩක් අය දන්නවා හැම ආගමකින්ම යහපත මිසක් අයහපත උගන්වන්නේ නෑ කියලා..

      ඒ නිසා මම හිතන හැටියට කරන්න තියෙන හොඳම වැඩේ තමුන්ගේ ආගම හරියට ඇදහීමයි..

      Delete
  2. හරී, මේ පාරනම් පොඩි වැරද්දක් වෙලා ... හැදුවට කමක් නැහැනේ නේද ? ඔය බෙනේදිකානු තපස තුමෙක් කියල දාල තියෙන්නේ ෆ්රන්සිස්කානු පැවිද්දෙකුට සමාන පින්තුරයක්. සාමාන්‍ය බෙනේදිකානු නිකායික තාපසවරු අදින්නේ කලුපාට, ලනුවක් වෙනුවට එක්කෝ හම පටියක් හෝ සාමාන්‍ය පියතුමන්ලා අදින විදියේ කළු පටියක්. අනික බෙනේදිකානු තාපස ඇදුමට scapular එකක් අය්තිය්. කුරුසයක් පළදින්නට පුළුවන් නායක තපස තුමාට විතරය්. ජේසු පිහිටය්

    ReplyDelete
    Replies
    1. නිවැරදි කිරීම කළාට බොහොම ස්තුතියි පියතුමෙනි.

      වෙන පින්තූරයක් දැම්මා දැන් හරි නේද?

      බොහොම ස්තුතියි. ජේසු පිහිටයි!

      Delete
  3. නියමයි මචං... අපි නොදන්න එව්වා සෑහෙන්න ඉගෙන ගන්නවා උඹෙන්...!

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි මාලුවෝ..

      Delete
  4. මේ වගේ විස්තර දැනගෙන හිටියෙ නෑ හරී..
    ස්තුතියි දැනුම බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. අලුත් දෙය කියාදෙන්න ලැබීම ගැන සතුටුයි.. මේ ලිපි මාලාවේ තවත් ලිපි තියෙනවා ඒවාත් කියවන්න එන්න...

      Delete
  5. තවත් හොඳ ලිපියක්... අහලා තිබුන ප්‍රශන ගොඩකට උත්තර තියෙනවා. ඊලඟ කොටස එනකන් බලාගෙන් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි දැනට පාප්තුමා 5ත් ලියලයි තියෙන්නෙ..

      ගීතක මගෙන් ප්‍රශ්නයක් ඇහුවා නේද කලින් ලිපියේදි කාදිනල්වරු හැමෝම තුන්පාරක් නම ප්‍රකාශ කිරීමෙන් පාප්තුමෙකු පත්කරගන්නවාද කියලා...මම් හිතන්නෙ පොතේ මේ ගැන වෙන්නැති තියෙන්නෙ..

      Angels & Demons පොතේ Celestine V පාප්තුමා ගැන සඳහන් වෙන්නෙ මොනවාද කියලා කියන්න පුලුවන්ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙහෙමයි... Angels & Demons කතාවෙ එකතැනකදී කියනවා පාප්තුමෙකු වෙනුවෙන් මරණ පරීක්ෂනයක් පැවැත්වීම Papal Law අනුව තහනම් නිසා සමහර මරණ සම්බන්ධයෙන් සැක පහලවී තිබෙන බව. උදාහරණයක් වශයෙන් කියන්නේ පසුකාලීනව Celestine V පාප්තුමාගේ සොහොන්ගෙය X කිරණ පරීක්ෂාවට බඳුන් කලවිට එතුමාගේ හිස්කබල තුලට ඇතුළු කරනලද අඟල් 10 ක් ඇණයක් දක්නට ලැබුනු බව! එච්චරයි... එතුමා ‍තෝරාපත්කරගැනීම ගැන නම් මොකුත්ම නෑ!

      නමුත් මේක ප්‍රබන්ධ කතාවක් නිසා ඔය සියල්ලම ඇත්තද කියන එක පැහැදිලි නෑ...

      Delete
    4. මම පොඩ්ඩක් හොයලා බැලුවා මරණ පරීක්ෂණයක් පැවැත්වීම තහනම්ද කියලා...

      ඒ වල තියෙන විදිහට නම් සම්ප්‍රදායක් හැටියට පාප්තුමෙකුගේ මරණ පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නෑලු...මේ මෑතකදී 1978දී අභිරහස් ලෙස මියගිය 1වන ජුවාම් පාවුළු පාප්තුමාගේත් මරණ පරීක්ෂණයක් පැවැත්විලා නෑ...මරණය අදටත් අභිරහසක්....

      Celestine V පාප්තුමාගේ හිස් කබලෙ හිලක් තිබෙන බව නම් පිළිගත් කරුණක්...

      Angels & Demons කතාව ප්‍රබන්ධ කතාවක් නිසා අනික් සිද්ධි ගැන හරියටම කියන්න බෑනෙ..

      Delete
    5. ඔව්, මම 1 වන ජුවාම් පාවුළු පාප්තුමන් ගැන හරීගෙන් අහන්නත් කියලා හිටියේ...

      එතුමා පාප් ධූරයේ හිටියෙත් මාසයක් වගේ ඉතාම සුළු කාලයක් නේද? සිරුර හම්බවෙලා තියෙන්නේ නිදන කාමරයේ ඇඳේ ඉඳගෙන ඉන්නා ආකාරයට බවත් අතේ යම්කිසි ලියකියවිලි තිබුනු බවත් අහලා තියෙනවා...

      Delete
    6. ඔව්..සමහර අය කියනවා හෘදයාබාධයක් කියලා..නමුත් ඒක අභිරහසක්..

      Delete
  6. //මේ ලිපි මාලාවට පාඨක ප්‍රතිචාර බොහොම අඩුයි වගේ//

    මට නං එහෙම හිතෙන නෑ, කියවන ටික දෙනා වුනත් මොනව හරි ඉගෙන ගන්න නිසා පසුබට වෙන්න එපා. මම නං ආසාවෙන් කියවන්නෙ.

    ReplyDelete
    Replies
    1. කට්ටියම ප්‍රතිචාර අඩුයි කියන කතාවට විරුද්ධ නිසාම ඉල්ලා අස්කරගන්නවා..

      දිරිමත් කිරීමට ස්තුතියි ඔබා මාමෙ.. උවමනාවෙන් කියවන අය ඉන්න නිසා දිගටම ලියාගෙන යන්නම්...

      මේ සිද්ධි වල ආකර්ෂණීය බව අඩුයි... මම පුලුවන් තරම් හොඳට ලියන්න බලන්නම්...

      Delete
  7. ප්‍රතිචාර අඩුයි කියලා මටනම් හිතෙන්නේ නෑ මේ කතා කියවන එක හරිම රසවත් මම කවදාවත් අහලා තිබුනේ නෑ පාප්තුමන්ලා ඉල්ලා අස්වෙන්න ඇති කියලා හරිම පුදුමයි...අර කළු ලෝගු ඇඳගත්ත තාපසවරු ලංකාවෙත් ඉන්නවද??

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි මල්ලියො..

      ලංකාවෙත් ඉන්නවා.. නමුත් තාපසවරු කියන නමේ හැටියටම ඒගොල්ලෝ එළියට එන්නේ නැති නිසා දකින්න ලැබෙන්නේ නෑ..මම හැබැහින් දැකලත් නෑ...

      තාපසවරුන්ගේත් තාපසිකාවන්ගේත් ජීවිත ගතවෙන්නේ ඒ අය අයත් වන නිකායට අනුවයි.. සමහර නිකාවල අයට තාපස ජීවිතයට ඇතුලු වුනාට පස්සේ බාහිර ලෝකය සමඟ සම්බන්ධතා තහනම්..ඒ අය ආයෙ ජීවිතයටවත් බාහිර ලෝකයට එන්නෙ නෑ.. සමහර නිකායවල අවුරුදු කීපයකට වතාවක් බාහිර ලෝකය හා සම්බන්ධවෙන්න පුලුවන්..

      Delete
  8. නියමයි, හරිම අගෙයි. මේ සම්බන්දයෙන් ඔබේ දැනුම විශිශ්ඨයි මම හිතන්නේ.. ගොඩක් දේවල් ඉඟන ගත්තා. බොහෝමත්ම ස්තූතියි.

    දුෂ්ඨ පාප් තුමන්ලත් ඉඳලා තියනවා එහෙනම්.

    පාඨක ප්‍රතිචාර ගැන එතරම් වද වෙන්ඩ එපා. මොනවා හරි සරළ දෙයක් ලියලා ( සරළ දේවල් ලියන්ඩ එපා කියනවා නෙමේ. ඒවත් තියෙන්ඩ ඕනා. ඒ මාරය කියන සක්ක ගල්.. :D ) කමෙන්ට් 100 ක් ගන්නවට වැඩිය මේවගේ දේකට ලැබෙන එක කමෙන්ට් එක උනත් හරි වටිනවා.

    මල පනිනවා, වාෂ්ප උනා වගේ වචන ලිපියේ වැදගත් කමට හානියක් කරලයි කියලයි මටනම් හිතෙන්නේ..

    හතරත් එන තුරු බලා සිටිමි.

    ජය !!

    ReplyDelete
    Replies
    1. හරි වැදගත් අදහස් ටිකක් සෙන්නයියා!

      Delete
    2. ඇත්තම කිව්වොත් මටත් මේ ගැන විශිෂ්ඨ දැනුමක් නෑ... එහෙන් මෙහෙන් අහපු කරපු කරුණු ටිකක් විතරයි තියෙන්නෙ..ඒවා උපයෝගී කරගෙන ජංජාලෙන් කරුණු හොයාගෙන තමයි මේ පණ්ඩිතයා වගේ පෝස්ට් දාන්නෙ..මේක ලියන ගමන් මමත් යම් යම් කරුණු ඉගෙන ගන්නවා..

      කියවන කට්ටිය ප්‍රශ්න ඇහුවාම ඒවාත් හොයලා බලලා තවත් ඉගෙන ගන්නවා..

      කරුණු හොයද්දි ඊයෙ හම්බුන දෙයක් නිසා පොඩි තිගස්සීමකුත් ඇතිවුනා... ඒක පාප්තුමා 5ට දාලා ඇති..

      "දුෂ්ඨ පාප් තුමන්ලත් ඉඳලා තියනවා එහෙනම්." ලිස්ට් එකක්ම ඉන්නවා.. Bad Popes කියලා ලියවෙච්ච පොතුත් තියෙනවා..

      "පාඨක ප්‍රතිචාර ගැන එතරම් වද වෙන්ඩ එපා." ඔබ කියපු දේ පිළිගත්තා...

      "මල පනිනවා, වාෂ්ප උනා" කෝ එහෙම වචන පෝස්ට් එකේ නෑනෙ... :)
      සෙන්න කිව්වට පස්සෙ මම් එව්වා අයින් කළා..

      ස්තුතියි......

      Delete
  9. හරී..
    එක්කෙනෙක් එක ප්‍රතිචාරයක් දක්වල ගියත් අඩු තක්සේරුවක් කරන්න එපා. මමත් බෞද්ධයෙකු වෙලා කතෝලික ආගම ගැන බොහොමයක් කරුනු දැනගත්තේ ඔබේ ලිපි මගින්.

    ක්‍රි.ව. 1000 ත් 1400 ත් අතර ඉල්ලා අස්වීම් නම් පුදුමත් හිතෙනවා.Benedict IX ඉතිහාසයේ පත්වෙච්ච වයසින් අඩුම පුද්ගලයා ලෙස පාප්ධූරයට පත්වෙනකොට වයස 11ත් 20ත් අතර මේනම් ඓතිහාසික සිදුවීමක් මේතරම් බාල වයසින්.අඩුමතරමින් පාප් ධූරයේ වගකීම් ගැනවත් අවබෝධයක් උන්වහන්සේට තිබණද කියලා ප්‍රශ්ණයක්.

    අනික Celestine V පාප්තුමා ලෙස එපා කියද්දි පටවන ලද පාප්ධූරය මාස5ක් ගෙවන එතුමා එයින් සැනසීමක් නැති තැන පාප් ඇඳුම් ඉවත්කර දාලා නැවතත් තමුන් බලාපොරොත්තුවන හුදකලා දුෂ්කර ජීවිතයට පළායාම උන්වහන්සේ පිළිබඳවනම් ලොකු භක්තතියක් හිතේ ඇඳෙනවා.

    ReplyDelete
    Replies
    1. "එක්කෙනෙක් එක ප්‍රතිචාරයක් දක්වල ගියත් අඩු තක්සේරුවක් කරන්න එපා." ඔබ කියපු දේ පිළිගන්නවා... දිගටම ලියන්නම්..

      ඔව් Benedict IX ගී නොතේරුම් කම හින්දම වෙන්නැති බාප්පට රැවටිලා ධූරය ඇතහැරියෙ..

      Celestine V පාප්තුමා ට නම් ලොකු අසාධාරණයක් වුනේ.. නිරපරාදෙ ජීවිතේ නාස්ති වුනා..

      Delete
  10. මේ තියෙන්නේ පැහැදිලි කිරීම් :) මටත් කියන්න්න තියෙන්නේ අනිත් අය කිව්වා වගේ ප්‍රතිචාර අඩුවුණත් ගණන් ගන්නේ නැතුව මේ ලියාගෙන ආපු එක ලියාගෙන යන්න කියලා. කියවන්න උවමනාවක් තියෙන අය මේවා අද නැතත් ඉස්සරහට කියවයි.

    එක පාර පාප් වහන්සේලා දෙන්නෙක් හිටපු කාලත් තිබිලා තියෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් මම දිගටම ලියාගෙන යනවා.. දැනට තව පෝස්ට් දෙකක් ලියලා තියෙන්නෙ...

      "එක පාර පාප් වහන්සේලා දෙන්නෙක් හිටපු කාලත් තිබිලා තියෙනවා නේද ?"

      හසිත ඔක්කොම දැනගෙන බොරුවට මගෙන් අහනවද මන්දා? නැත්නම් ඔය විදිහට ප්‍රශ්න අහන්න බෑනෙ :)

      එහෙම අය ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ව හඳුන්වන්නෙ Anti popes කියලා... එහෙම අය පත්වෙලා තියෙන්නෙ කතෝලික සභාව නියම විදිහට ව්‍යූහගත නොවී තිබුන කාලෙ.. එක් එක් පිරිස් විවිධ අයව පාප් විදිහට පිළි අරන් තියෙනවා.. මීට අමතරව යමක් කමක් තිබ්බ සමහරු තමුන් තමයි පාප් කියලා නම් කරගෙනත් තියෙනවා..

      කොහොමත් ප්‍රධාන කොට්ඨාසයට බාහිරව වුන පත්වීම් Anti popes හැටියට තමයි සළකන්නෙ.. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ සමහර තැන්වල Pope කවුද Anti pope කවුද කියලා හොයාගන්නත් අමාරු එක...

      Delete
    2. අපිටත් ඉතින් ඔය එහෙන් මෙහෙන් ඇහුණු කනට වැටුණු විස්තර තියෙනවානේ ඒවා තමයි මේ සැකහැර දැනගන්න යන්නේ. පුලුවන්කමක් තියෙනවා නම් ඒ ගැනත් ටිකක් විස්තර කරන්න අයියේ.... ඊළඟ ලිපියට ඒකත් දාගන්න

      Delete
    3. ඒ ගැන කියන්න දෙයක් නෑ බං නිකං නම් ටික විතරයි තියෙන්නෙ...

      Delete
  11. ඔන්න හරී අයියා පෝස්ට් තුනම කියෙව්වා.. හැබැයි හරිම කැමැත්තෙන්, ආසාවෙන් කියල මං බොරු නං කියන්නෙ නෑ.. ඒ කොහොමටත් අයියගෙ වැරැද්දක් නෙමෙයි.. එහෙම්පිටිංම මගේ වැරැද්ද..කම්මැලිකම කිව්වැකි.. හරියට විභාගෙට පාඩං කරනව වගේ.. :) හැබැයි තව එකක් නෙමෙයි දහයක් ලිව්වත් අමාරුවෙං හරි කියෝල මට ඇත්තටම හැඟුණ දේ ලියල යනව අනිවාර්යෙන්ම.. මොකෝ හරී අයිය අපිට වැරැද්දක් කරනව නෙමෙයි නිසා.. අනික බොහොම තැන්කූ මේ දැනුවත් කිරීම් ගැන ගුරුතුමනි...!

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් කියවා ප්‍රතිචාරයක් පලකල බට්ටා මල්ලීට ස්තුතියි

      Delete
  12. උබ ප්‍රතිචාර ගැන හිතන්න එපා යකෝ මේ වගේ ලිපි ලියද්දි?.ගොඩක් උන් බලනවා ඒත් අහන්නවත් කියන්නවත් මොනවත් දන්නේ නැති නිසා සමහර අය කියවලා නිකන්ම යනවා.ඒවා ගැන නොහිතා ලෙසටම ලියපන්.මේවයින් ප්‍රයෝජනයක් ගන්නත් පුළුවන් වුවමනා එකෙකුට.

    ReplyDelete
    Replies
    1. හලි..හලි... තේරුනේ දැන් තමයි...

      තව ලිපි දෙකක් ලියලා තියෙන්නෙ... ඒවානම් බෝරින් වෙන එකක් නෑ...

      Delete
  13. මම නම් හිතන්නේ නෑ,මේක බලන අයගේ අඩුවක් ඇති කියලා... කොහොමත් කාලයක් වතිකානුවත් පිස්සු නටලා තියනවා කියලා සාක්ශි ඕනා තරම්,,බලයට කෑදරකම තමා සේරටම මුල

    ReplyDelete
    Replies
    1. පළවෙනි ලිපි දෙක බලපු අය නම් අඩුයි... ඒකයි ඒ වගේ දෙයක් ලියවුනේ...

      කමක් නෑ.. දැන් එක්කෙනෙක් බැලුවත් ලියලා තමයි පස්ස බලන්නෙ.. මේක 6න් ඉවර කරන්නයි ඉන්නෙ..

      ඔව් සමහර කාලවල ජේසුස් වහන්සේගේ ඉගන්වීම් වලට සම්පූර්ණයෙන් පටහැනි දේවල් වෙලා තියෙනවා..

      Delete
  14. පික්සු කතා කරනවා. කවුද කියන්නෙ ප්‍රතිචාර අඩුයි කියලා! මේ සීරීස් එක මැක්සා!

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි සහෝ.. ඕගොල්ලන්ගේ දිරිගැන්වීම් නිසාම මේ ලිපි පෙළ ඉදිරියටත් යයි..

      Delete
  15. balen otuwnu paladapu ekak gana me ahuwamai :) e kthaawanam aththatama duk barai thamai...ethakota eka kadinal kenekta witharak puluwanda thani mathayata pope kenek path karanna?

    ReplyDelete
  16. කොම්පියුටර් එක අල්ලන්නවත් බැරි වුනා හරී පහුගිය දින කීපයේ. අපේ ගමේ සුබ සාධක සංගමයේ පොදු වැඩ ගොඩක පැටලිලා හිටියේ. මගේ තුවක්කු කතාවත් ඉදිරියට ගෙනියන්න තියනවා. මම අද අල් ජසීරා නිව්ස් බලද්දී දැක්කා, ඊජිප්තුවේ 'Copic Pope' නමැති ආගමික නායකයා අභාවප්‍රාප්තවූ බව. ඒ කවුද? එම නිකාය කතෝලික ආගමට සම්බන්ධද? කෙටි විස්තරයක් කරනවද.

    ReplyDelete
    Replies
    1. මම ඒත් හිතුවා අසනීපයක්දෝ කියලා...

      එහෙම කෙනෙක් ගැනනම් මම දන්නෙ නෑ...කොහොමටත් කතෝලික ආගමට සම්බන්ධ කෙනෙක් වෙන්න බෑ... pope ලා එක්කෙනානෙ ඉන්න පුලුවන්...

      තව ටිකකින් කියන්නම්..

      Delete
    2. ඒ කතෝලික සභාවෙ පාප් කෙනෙකු නෙමේ.

      කතෝලික සභාවෙන් මුල්කාලයේදී වෙන්වී ගිය ඕර්තොඩොx නම් කොට්ඨාසය විසින් පත්කරගත් පාප්තුමෙක් තමයි මියගිහින් තියෙන්නෙ..

      මෙතනින් බලන්න

      Delete
  17. "පාප්තුමෙකු පත්කරගැනීමට නොහැකිව ලතවුනු අනික් කාදිනල්වරුත් එකහෙලාම ඒක අනුමත කරනවා" අනිත් කාදිනල්ලාත් අනුමත කරනවා..

    මතක තබාගතයුතු අනික් කාරණය තමයි අද වගේ ගොඩක් කාදිනල්වරු එදා හිටියෙ නෑ... මම දන්න විදිහට එතන හිටියෙ 12දෙනෙක්.. ඒක නිසා එක් අයෙකුගෙ කැමැත්තට හිස නමන්න ඇති...

    ReplyDelete
    Replies
    1. මේ උත්තරය සයුරිට...

      Delete
  18. මේ ටික නම් පාඩම් කරලා තියාගන්න වටිනවා ! ගොඩක් වටිනවා හරී මේ ලිපි සෙට් එකම !!

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි මධුරංග..

      Delete
  19. කියෙව්වා . ගොඩක් දේ දැන ගත්තා. කතන්දර ඇති නිසා වඩා රසවත්

    ReplyDelete
    Replies
    1. මම අනිත් තැන්වල දැකපු හැටියට නම් බින්දි අක්කා..

      බින්දි අක්කව සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට..

      අගය කිරීමට ස්තුතියි අක්කේ..

      Delete
  20. මේ ලිපියෙ තිබිච්ච නම් මං මුකුත්ම දැනන් හිටිට්යෙ නෑ හරි අයියෙ. යන්තමට කොහෙන්දෝ අහල තිබුනා Benedict IX කියන්නෙ බාල වයස්කාර කෙනෙක් කියලා.. ඒත් මං හිතුවෙ නෑ ඇත්ත කියලා ඒ කතාව මේ වෙනකන්..

    …හුගක්ම වටිනවා මේ ලිපි ටික. මේ සම්බන්ධයෙන් අයියාගෙ දැනුම නම් උපරිමයි.

    ReplyDelete
    Replies
    1. උපරිම නෑ නංගී.. ඇත්තටම මම දන්නේ බොහොම ටිකයි.. ගොඩාක් කරුණු හොයලායි ලියන්නෙ..

      මොකද දැන් බ්ලොග නොලියන්නෙ..

      Delete
  21. I love the history of papacy. Nice set of articles bro.

    ReplyDelete
  22. දැන් තමයි ලිපි තුනයි කමෙන්ට්ස් ටිකයි කියවල ඉවර උනේ. හරිම රසවත් ඕ වගේම අපි නොදන්න තොරතුරු ගොඩක් තියෙනව. මටත් මතකයි දැන් ඉන්න පාප්තුමා පත්වෙන දවස්වල නම් මේ ගැන පත්තරවල ලිපි ගියා. ඒත් පාප් ධූරය සම්බන්ධ මෙතරම් විස්තර ඒවයි තිබු‍ණෙ නෑනේ. ස්තූතියි හරී.

    (ප්‍රශ්න කීපයක් ඇති වුනත් ඔබ මේ කමෙන්ට් එක දකියි කියල හරියටම විශ්වාසයක් නැති නිසා මම ඒව මෙතන අහන්නෙ නෑ.)

    ReplyDelete
    Replies
    1. පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න මම අනිවාර්යෙන් බලනවා. ස්තුතියි!

      මෙන්න මෙහෙමයි කමෙන්ට් බොක්ස් එකේ තියෙන්නෙ..

      ප්‍රශ්න අහන්ඩ.. උදේට උත්තර දෙඤ්ඤං..

      Delete
  23. මම මේ හෙමින් හෙමින් බලන ගමන්. ලස්සන ඉතිහාසයක් නේ තියෙන්නේ. අතන මෙතන කමෙන්ට් කලාට අමනාප වෙන්න එපා. කමෙන්ට් කරන්න සෙට් වෙන විදියට තමා ඉතිං..:)

    ReplyDelete
    Replies
    1. ඕන දෙයක් ඕන තැනක කියන්ඩ ක්සැන්ඩර් අයියේ.. මොනවට අමනාප වෙන්නද?

      ලස්සන කිව්වට ඉතින් ලස්සන වගේම කැත දේවලුත් ඉතිහාසයේ තියෙනවා..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...