3.03.2012

බාලදක්ෂ රැළේ කට කහන එකා එහෙම කිව්වෙ මොකෝ?

සකල සිරින් පිරි සිරි ලංකාවේ එක්තරා පළාතක එක්තරා පාසලක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නෙ. ඔය පාසලේ තිබිලා තියෙනවා පෝතක බාලදක්ෂ කණ්ඩායමක්. ඉතින් මේ පැටව් බාලදක්ෂයෝ අතර බොහොම සුචච කීකරු පැටව් වගේම් නහට අහන්නේ නැති පැටව් දෙතුන් දෙනෙකුත් හිටියා. මේ බාලදක්ෂ කණ්ඩායම මෙහෙව්වෙ ගුණවර්ධන සර්. මේ කතාව කියවපු අය නම් දන්නවා ඇති.

බාලදක්ෂ රැස්වීමට ඇවිත් නිකන් ඉන්න බෑනෙ පොඩි එවුන්ට මොනාහරි උගන්නන්නත් ඕනනෙ. හැබැයි අවාසනාවට සර්ට බැරිවෙලා කලින් දවසෙ මොකුත් ලෑස්තිවෙලා එන්න. පොඩි එවුන්ගෙ නම් ලකුණු කරන ගමනුත් සර් කල්පනා කරේ අද කරන දේ ගැන. ම්ම්ම්....ළමයි තිස් දෙනෙකුත් ඉන්නවා. මොකද කරන්නේ. ටිකක් හිතල මතල සර් නැගිට්ටා පුටුවෙන්.

"ළමයි අද මම අලුත් සෙල්ලමක් ගෙනාවා ඔයාලට. ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම කට්ටිය හරියට තුනට බෙදෙන්න." මොකුත් නොදන්න පොඩි වුන් පෝලිම් තුනකට හිටගත්තලු. 

"මේ ඉන්නෙ හාවෝ.. මේ ඉන්නෙ ඉබ්බෝ.. මේ ඉන්නෙ ගෙම්බෝ" සර් කණ්ඩායම් වලට නම් දැම්මා.

"මම ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා දන්න අය අත උස්සන්න ඕනෙ. ඊට පස්සෙ මම එක්කෙනෙක් නම් කරාම උත්තර දෙන්න ඕනෙ."

"මේවයි නීති. හිතන්නකො හා කණ්ඩායමේ කෙනෙක් හරි උත්තරේ දුන්නා කියලා. එයාට පුලුවන් ඉබි කණ්ඩායමෙන් තමුන් කැමති කෙනෙක්ව අයින් කරන්න. උත්තරේ වැරදුනාට ප්‍රශ්නයක් නෑ."

"හිතන්නකො ඉබි කණ්ඩායමේ කෙනෙක් හරි උත්තරේ දුන්නා කියලා. එයාට පුලුවන් ගෙඹි කණ්ඩායමේ කෙනෙක් අයින් කරන්න."

"ගෙඹි කණ්ඩායමේ කෙනෙක් හරි උත්තරේ දුන්නොත් එයාට පුලුවන් හා කණ්ඩායමෙන් කෙනෙක් අයින් කරන්න."

"අන්තිමට එක්කෙනෙක් ඉතුරුවෙන කණ්ඩායම දිනුම්. ඒ ගොල්ලන්ට මගේ ගානෙ ලොකු චොක්ලට් එකක්." සර් පොඩි මෝටිවේට් පාරකුත් දැම්මා.

 තරඟෙ පටන් ගන්න සර් කට හැදුවා විතරයි මෙන්න පිටිපස්සෙන් සද්දයක් එනවා. "අනේ සර්, ඕක නං ඉවර කරන්න වෙන තරඟයක් නෙමේ. සර්ටම තමයි චොකලට් එක කන්න වෙන්නෙ" සර්ට යක්ෂාවේශ වුනා. අමාරුවෙන් අද දවස ගොඩ දාගන්න යද්දිම කෑගහන හෙනහුරා මොකාද?

"මෙහෙ වරෙන් මොකෝ උඹ එහෙම කියන්නෙ?" සර් කට කහන එකාගෙන් ඇහුවෙ ඇස් දෙක ගිනිබෝල දෙකක් කරගෙන. 

 "............................................................................................................................................................................................................................................................................................................."

කොලුවා විස්තරයක් කියාගෙන කියාගෙන කියාගෙන ගියා. ඒක අහපු සර් කූල් ඩවුන් වුනේ ඒ දවස්වල පෝලෝ එකක් අස්සෙන් යන උල්කාපාත අයිස්කැට වෙන්නා වාගේ. සර්ට ඇඩ්‍රස් නෑ. කඳුළු බේරෙනවා ඇස් දෙකෙන්. සර්ටම පුදුමයි තමුන්ගෙ කණ්ඩායමේ මේ වගේ දක්ෂයො ඉන්නවද කියලත්. ඊටත් මේ නහට අහන්නැති උන් ගොඩේ.

"උඹ හරි පුතේ මටයි වැරදුනේ. උඹ නම් නියම බාලදක්ෂයෙක්" සර් පොඩි එකාගෙ ඔලුව අතගෑවෙ උතුරායන ආදරෙන්. කට කහන්නත් තමුන් මහා වීරකමක් කළාවගේ අනිත් එවුන් දිහා බැලුවා.

දැන් මේකයි ප්‍රශ්නය. අර කොලුවා සර්ට කිව්වේ මොනාද?

ප.ලි. : පොඩ්ඩක් කස්ටමයිස් කරලා ගත්තාට මේක විහිලුවක් නෙමේ. IQ ප්‍රශ්නයක්. ඒ නිසා හිතලා බලලා උත්තර දුන්නනම්. උත්තරේ දෙනවා 10/03/2012 07/03/2012. එතකන් ට්‍රයි කරෑකි. කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නෙ. කවුරුවත් උත්තර දීලා නෑ වගේ පෙනුනට.

103 comments:

  1. එක කණ්ඩායමක කවුරුවත් කිසිම උත්තරයක් දන්නේ නැති වුනෝත්...?

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ කමෙන්ට් එකේ එක තැනකට කොම්බුවක් එකතු කරලා..පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් නම් එහෙම වෙන්නේ ඇයි කියලා වැඩේ ගොඩ..

      Delete
  2. අනේ මටනම් කප්පනා උනේ නෑ
    සෙැරි

    ReplyDelete
    Replies
    1. කමක් නෑ..උත්සාහ කරපු එකත් වටිනවනෙ..

      සොරි කියන්න දෙයකුත් නෙමෙයි..

      Delete
  3. "උත්තරේ දෙනවා 10/03/2012." ඇයි දෙයියනේ! මේ මොන අපරාධයක්ද? 5 වෙනිදවත් උත්තරේ කියහං හරී අයියේ, අපි මැරෙයි! හිතල බලල මීටර් වුනොත් පහලිං උත්තරේ දාන්නං

    ReplyDelete
    Replies
    1. ඔන්න බටු මල්ලී මැරෙන්න යන හින්දම 7 වෙනිදට දැම්මා..

      තව දවස් තියනවනෙ හිතලා බලන්නකො..

      Delete
  4. හෆ්ෆා.... මගෙ මොලේ මේ දවස්වල සෝදාපාළුවට ලක් වෙලා තියෙන්නෙ. කිසිම අයිඩියා එකක් නෑ !!! සර් ට ඇඬෙන්නම දුන්න උත්තරේ මොකක්ද මන්දා!!!

    ReplyDelete
    Replies
    1. සංජු මේ පැත්තෙ ආපු පළවෙනි වතාව නේද? සාදරයෙන් පිළිගන්නවා..

      පොඩ්ඩක් හිතන්න.. පොඩ්ඩක් සෝදාපාළුවට ගිය තැන්වලට පස් ටිකක් එහෙම දාලා බැලුවානම්..

      Delete
  5. අවේලාවේ එනම මනං කන්න බැරි කමක් තියෙනවද.ජම්බෝරිය වෙලාවේ.මන හිතන්නේ ඒක නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ..මේ ප්‍රශ්නෙට බාලදක්ෂ නීති සම්බන්ධයක් නෑ...
      මම කැටයම් දැම්මෙ ගූගල් දෙයියන්ගෙන් උත්තරේ අහගන්න බැරි වෙන්න..

      Delete
  6. බට්ටා මැරෙන්න යන නිසා 7 වෙනිදට දිනේ දැම්මා..

    ReplyDelete
    Replies
    1. උදව්වක් කළොත්..

      1.ළමයි 30යි. සමාන කැන්ඩායම් 3යි. හාවා, ඉබ්බා, ගෙම්බා

      2.සර් ප්‍රශ්න අහනවා දන්න උන් අත උස්සනවා.

      3.හාවා කණ්ඩායමෙන් හරි උත්තරේ ලැබුනොත් ඉබ්බා කණ්ඩායමෙන් එකෙක් අයින් කරනවා.

      4.ඉබ්බා කණ්ඩායමෙන් හරි උත්තරේ ලැබුනොත් ගෙම්බා කණ්ඩායමෙන් එකෙක් අයින් කරනවා.

      5.ගෙම්බා කණ්ඩායමෙන් හරි උත්තරේ ලැබුනොත් හාවා කණ්ඩායමෙන් එකෙක් අයින් කරනවා.

      6.අන්තිමට එකෙක් ඉතුරුවෙන කණ්ඩායම දිනුම්

      ප්‍රශ්නය තමයි ඇයි මේ සෙල්ලම ප්‍රායෝගික නැත්තෙ. මොකද මේ සෙල්ලම ඉවරයක් කරන්න බැරි?

      උපකල්පනය: බාලදක්ෂයෝ මොළකාරයෝය.

      ඔන්න ඕකයි අනං මනං හලපුවාම ප්‍රශ්නයේ හරය..

      Delete
  7. අනේ මංදා බන්.. ඔලුවත් රිදෙනවා වගේ.. තව ටිකක කල්පනා කරලා ආයේ එන්නම්..

    ReplyDelete
    Replies
    1. 7 වෙනිදා වෙනකන් කල්පනා කරන්න පුලුවන්.. *** කොල්ලො වසයි යකඩ කඳන් දෙකට කඩයි කියලත් කියනවනෙ.. උත්තරේ හොයමු...

      Delete
    2. හහ්.. පරණ මතකයක් අවදි කළා.... අපේ ප්‍රතිවාදියෝ කිව්වෙ නම් යකඩ කියලා ඉරටු කඩයි කියලා.. බලපන්කො වටින වැඩද ඒවා...

      Delete
    3. හහ්.. පරණ මතකයක් අවදි කළා.... අපේ ප්‍රතිවාදියෝ කිව්වෙ නම් යකඩ කියලා ඉරටු කඩයි කියලා.. බලපන්කො වටින වැඩද ඒවා...

      Delete
    4. කවුද ප්‍රතිවාදියො??
      කඩල මරිය??

      Delete
    5. කෝ සෙන්නා උත්තරේ..

      Delete
    6. උඹ අළුත් ලිපියක් දාපු නිසා මේ පැත්ත එහෙම් පිටින්ම අමතක උනා. අද තමා උත්තරෙත් දැන ගත්තේ..

      හිහ් කඩල මරිය... ඔව් වොව් උනුත් ප්‍රතිවාදියෝ තමයි.. ඒ දවස්වල ගෙදර යනවා ඔය වගේ පොඩි පොඩි ඉස්කෝල පිළිබඳ ගැටුම්... ඉතින් ඕවෑදී අපිට ඔහොම තමා කිව්වේ...

      ලස්සන කාලේ..

      Delete
  8. අනේ උඹම කියපං බං

    ReplyDelete
    Replies
    1. හි..හි.... හනේ මෙහෙමත් කම්මැලි කමක්..

      Delete
  9. හනේ දැන්නම් මේක හිතන්න බෑ..මට ඈස්මන්ට් එකක්..පස්සේ එනෝ උත්තරේ බලන්න :)

    ReplyDelete
    Replies
    1. 7 වෙනිදා වෙනකන් කල් තියනවා සයුරි තාම පහනෙ..

      Delete
  10. හාවා කණ්ඩායමේ උන් වැඩකරුවො වෙන්න ඇති. උන් ඉබ්බො ටික ඉක්මනට ඉවර කරල දැම්මට පස්සෙ ගෙම්බො ඔක්කොම ඉතුරුයි, ඒත් නීතියෙ හැටියට ගෙම්බො අයින් කරන්න බෑ හාවොන්ට. ඒක වෙන්න ඇති වැඩේ කරන්න බැරි.. >_>

    ReplyDelete
    Replies
    1. මේකයි ඉස්සෙල්ලා උත්තර එක කණ්ඩායමකින් අහනවා කියලා නීතියක් නෑ..අත උස්සන ඕනෙම කෙනෙකුගෙන් අහනවා.. එයා හරි උත්තරේ දුන්නොත් තමයි.. එයා ඉන්නෙ මොන කණ්ඩායමේද බලලා ඊට අදාළ කණ්ඩායමෙන් කෙනෙක් අයින් කරන්නෙ..

      දැනට ලැබුණු උත්තර වලින් නිවැරදි පිළිතුරට ආසන්නම් මේ පිළිතුර...
      ඔයාගේ තියරිය හරි..ඒත් හිතලා තියෙන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා හිතන්න..මේ කණ්ඩායමයි කියලා හිතන්නෙ නැතුව පොදුවෙ හිතන්න..

      Delete
  11. ම්ම්හු . . . නාකි මොලේට වැටහෙන්නේම නැත. ඊයේ සිට උත්සාහ කලෙමි. 'පෝලෝ එකක් අස්සෙන් යන උල්කාපාත අයිස් කැට වෙන්නා වාගේ' කියන එකත් තේරුනේ නැත.

    ReplyDelete
    Replies
    1. හි..හි.. 59ත් වයසක්ද? මිනිස්සු අවුරුදු එකසිය ගණනුත් ජීවත් වෙන්නෙ.. හිතලා බලමු..

      ඇයි ඉස්සර ටීවී එකේ පෝලෝ ඇඩ් එකක් තිබුනෙ...
      පෝලෝ එකෙන් දැනෙන් සිසිල විස්තර කරන්න දැන්වීම් කීපයක්ම තිබුනා..

      ගිනිගෙන වැටෙන උල්කාපාතයක් පෝලෝ එක අස්සෙන් එළියට එන්නෙ අයිස් කැටයක් වෙලා...
      මිරිස් කරලක් එළියට එන්නෙ ගර්කින් ගෙඩියක් වෙලා..

      Delete
    2. කවුද අනේ ඇඩ් බලන්නේ. මම මෝඩ පෙට්ටියේ ප්‍රවුර්ති ටිකක් බලනවා බී.බී.සී, සී.එන්.එන්, අල්ජසීරා, ප්‍රවුර්ති බලනවා. ඩිස්කවරි, නැෂනල් ජෝග්‍රෆික්, ටෙන් ස්පෝර්ට්ස්, වගේ චැනල් බලනවා. එච්චරයි.

      Delete
    3. ප්‍රවෘත්ති??? ලංකාවෙ චැනල් වලද?? ඒකනෙ ලොකුම ඇඩ් එක... :)

      මමත් කැමති නෑ ටීවී බහුබූත බලන්න..හැබැයි ඔය ඇඩ් එක ගිය කාලෙනම් හොඳට තිබුනා..90ගණන් අන්තිමට වගේ..

      දුප්පත් අපිට කොහෙන්ද රට චැනල්... නයිවාහිනීම තමා..

      Delete
  12. වැරදි උත්තරේ දුන්නොත් මොකද වෙන්නේ..දක්ෂ අය අයින් වෙලා ගියාම වැරදි උත්තර විතරයිනෙ හම්බවෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මෙතන සර් කියන විදිහට වැරදි උත්තර දුන්නොත් මොකුත් වෙන්නේ නෑ..
      ඔයා කියන විදිහට වැරදි උත්තරම දුන්නොත් තරඟය ඉස්සරහට යන්නේ නෑ තමයි..ඒත් තමුන් ජයග්‍රහණය බලාපොරොත්තු වෙන ළමයි වැරදි උත්තර දෙයිද?

      Delete
  13. πισσυ κελιννα ναν επαα, εεγααωα πααρα με βαγε πρασηνα αχυωοτη αμμα μαθακ κοραλα θαμαα βανιννη...ηέη...ηέη...ηέη...

    ReplyDelete
    Replies
    1. سدجب
      جيوب ب ج جب سيفبكسد قرق

      Delete
    2. ඔබා මාමා, ඇනෝ..

      මම මඤ්ඤං වුනා.. මම හිතන්නෙ ගූගල් දෙයියන්ටත් එහෙම වෙලා... පරිවර්තනය කොරලා දෙන්නෙ නෑනෙ..
      සමහරවිට මේක වෙන්නැති හරි උත්තරේ.. හි..හි..

      Delete
  14. මෙහෙන් අඩු වෙද්දී එහෙන් වැඩි වෙනවා.මෙහෙන් වැඩි වෙද්දී එහෙන් අඩු වෙනවා අනෙ මන්දා ඔලුව කොලොප්පං වෙනවා අෆ්ෆා.උබත් අහන්නේ මාර උගතෝකෝටික ප්‍රශ්න

    සබැදියක් දෙන්ඩෝ.....
    http://sinhalaya-lokayata.blogspot.com

    ReplyDelete
    Replies
    1. හි..හි.. සතුටු වෙයං බං..දැන් උඹ දන්නවානෙ අඩුම ගානෙ ඔලුවක් තියනවා කියලාවත්..

      Delete
  15. මේ දවස්වල මගේ රැම් එක පිච්චිලා ඒ නිසා දවසක් දෙකක් අරගෙන උත්තරේ දෙන්නම් !
    අනිවාර්යෙන් උත්තරේ නැතත් මොනාහරි කියලා යන්නවත් එන්නම් ! :)

    ReplyDelete
    Replies
    1. අලුත් රැම් එකක් දාගෙන වරෙන්...ළඟදි ඉඳන් බොට මොනාහරි වෙලා..

      Delete
    2. මට හිතෙන විදිහට මුලින්ම හරි උත්තර දන්න එවුන් අනිත් කණ්ඩායම් වල හරි උත්තර දන්න එවුන්ව කපලා දානවා. ඊලඟට ඉන්නේ උත්තරයක් දෙන්න බැරි මැටි හරක් ටික !!!
      එතකොට අර සර්ට ප්‍රශ්න අහලා ඉවරයක් නැති වෙනවා. ඔන්න මගේ පිච්චිච්ච රැම් එකට ආපු උත්තරේ. !!

      හරිද කියලා කියන්ඩ !

      Delete
    3. "උපකල්පනය: බාලදක්ෂයෝ මොළකාරයෝය." මෙන්න මේක අමතක වෙලා වගේ..එතන ඉන්න එකෙක්වත් මෝඩයෝ නෙමෙයි...ඔක්කොම මොළකාරයෝ..උන්ගෙ මොළේ වැඩි හින්දම ඒක යොදෝලා දිනන්න ෆුල් ට්‍රයි එක දෙනවා..ඒකට උන් යොදාගන්න උප්පරවැට්ටියක් හින්දා තරඟය ඉවර කරන්නත් බෑ..දිනන එකෙක් හොයාගන්නත් බෑ...

      තව පැය 24ක් ඇත....උත්සාහ කරන්න..

      Delete
  16. සිරා බුද්ධි පරීක්ෂනේ..

    මෙහෙම අයින් කලොත් එක එක්කෙනා අන්තිමට ඉතුරුවෙන්නේ. සර් සහ එක බාලදක්ෂ පෝතකයෙක්. එතකොට එයත් වැරදි උත්තරයක් දුන්නොත් චොක්ලට් එක සර්ටමයි. මගේ ඔලුවත් ෆුල් "අන්දොස්" මේක හිතලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!

      සර් කියන්නේ නෑනෙ වැරදි උත්තර දුන්නම් සිද්ධ වෙන දෙයක්..හරි උත්තර දුන්නොත් තමයි ඇක්ෂන් එකක් ගන්නෙ..වැරදි උත්තර දුන්නට අවුලක් වෙන්නෙ නෑ..

      තව කල්පනා කරන්න බලන්න...

      Delete
  17. Replies
    1. ඔය නිකන්න තියන සෛල පොඩ්ඩක් එහා මෙහා කරන්නකො සහෝ..

      Delete
  18. මේකේ දිනන්නේ පරදින එකානේ මෙහෙම බැලුවොත්.එකෙක් ඉතුරුවෙන කණ්ඩායම දිනුම් නම් උත්තරේ දෙන එකාට අයින් කරන්න පුළුවන් වෙන්නේ අනික් කණ්ඩායමේ එකෙක්වනම් ඔතන මම හිටියනම් අහන එක ප්‍රශ්නෙකටවත් මම හරි උත්තර දෙන්නේ නෑ...ඔය කණ්ඩායම් වල ඉන්න සෙට් එකටම මොලේ තියෙනවනම් චොකලට් එක සර්ගේ බඩේ...මේ වැඩේ නම් එල අයියේ මෙහෙම පෝස්ට් දෙක තුනක්ම දාමු හොඳේ

    ReplyDelete
  19. @ ගැමියාගෙ පත් ඉරුව,

    උත්තරේ ළඟින් ලාවට යනවා වගේ තේරෙනවා..ඒත් ඔයා කියන දේ පැහැදිලි මදි...තව පොඩ්ඩක් විස්තර කෙරුවනම් උදාහරණයක් එහෙම දාලා...

    ReplyDelete
    Replies
    1. මේකනේ අයියේ වෙන්නේ....

      පේලි තුනයි
      එක පේලියක දහය ගානේ තිහයි
      x,y,z
      x හරි උත්තරයක් දුන්නාම y,z එකෙක්වයි අයින් කරන්නේ....
      y හරි උත්තරයක් දුන්නාම z,x එකෙක්වයි අයින් කරන්නේ....
      z හරි උත්තරයක් දුන්නාම y,x එකෙක්වයි අයින් කරන්නේ....

      තරඟෙන් දිනන්නේ අන්තිමට එකෙක් විතරක් ඉතුරු වෙන කණ්ඩායමලු

      දැන් මේ යන විදියට හරි උත්තර දෙනවා කියන්නේ ඉල්ලන් පැරදෙනවා වගේ වැඩක් මොකද හරි උත්තරේ දුන්නම ඉවත් වෙන්නේ අනික් කණ්ඩායමේ එවුන් නිසා...

      ඉතිං ඔහොම අවස්ථාවක් උදා වුනොත් හරි උත්තර දෙන්න ළමයි පෙළඹෙන්නේ නැතිවෙයි මොකද මම හිටියත් හරි උත්තර දීලා වෙන කණ්ඩායමක් දිනවන්න උදව් දෙන්නේ නෑ....

      ඕකෙන් මේකෙන් වෙන්නේ හැමෝම වැරදි උත්තර දෙන්න හදන එකනේ ඉතිං...කොහොම හිතුවත් මුලින් හිතුව විදියෙන් එහාට හිත හිතන්න දෙන්නේ නෑ හලේ මන්දා අප්පා

      උදාහරනේ මෙහෙම දාන්න ට්‍රයි එකක් දෙන්නම්


      x y z
      10 10 10

      x නිවැරදි පිළිතුර දුන් පසුව y කණ්ඩායමේ එකෙක් ඉවත් කරයි යැයි සිතමු

      x y z
      10 9 10

      නිවැරදි පිළිතුරු දීමෙන් ජයග්‍රහණය කරා යා නොහැකි බව වැටහුනු කල්හි සියල්ලෝම පිළිතුරු දීමෙන් වැලකී සිටිනු ඇත.නොඑසේ නම් වැරදි පිළිතුරුම දෙනු ඇත...ඔන්න එක්සෙල් වල හදලා ගෙනැල්ලා අතෑරියා

      Delete
    2. මෙන්න තවත් අදහසක්.....

      කොහොමහරි දත කාලා අනික් කණ්ඩායම් දෙකේ සේරෝම කට්ටිය අයින් කරලා දැම්මයි කියමුකෝ එතකොට ඉතුරු වෙන කණ්ඩායමේ ඉන්න එවුන් අයින් කරන්නේ කවුද?? තමන්ට තමන්ගේ කණ්ඩායමේ එවුන්ව අයින් කරන්න බෑනේ එතකොට මේක එක තැන හිටිනවා වගේ කියලා හිතුනා ආයේ පාරක් කියවද්දි...මගේ මුල්ම අදහසට මේකත් එකතු කලානම් හරි....මගේ කොමෙන්ට් එක මිසිංනේ?? මට මතක නෑ මුලින්ම ලිව්වේ මොනාද කියලා

      Delete
    3. මල්ලිගෙ පළවෙනි උත්තරේ හැටියට මට නම් පේන්නෙ මල්ලි ප්‍රශ්නය වරද්දාගෙන වගෙයි..ඒත් නිවැරදි පිළිතුරට යන්න ඒ හිතලා තියන විදිහ හරි...ඒකෙන් උත්තරය පබ්ලිශ් වුනා වගේ උනත් ඕන රෙද්දක් කියලා පබ්ලිස් කළා...

      "x,y,z
      x හරි උත්තරයක් දුන්නාම y,z එකෙක්වයි අයින් කරන්නේ....
      y හරි උත්තරයක් දුන්නාම z,x එකෙක්වයි අයින් කරන්නේ....
      z හරි උත්තරයක් දුන්නාම y,x එකෙක්වයි අයින් කරන්නේ....

      අපි හිතමුකො x=හාවා ‍y= ඉබ්බා z= ගෙම්බා කියලා ඔතනදි ඔයා වරද්දගෙන් තියන තැන තමයි x ගෙ උත්තරේ හරි නම් කෙනෙක් අනිවාර්යෙන් ඉවත් වෙන්නෙ y ගෙන් එතනදි z ගෙ සම්බන්ධ්යක් නෑ...ඔය විදිහට උත්තරේ හරි නම් අල්ලපු කණ්ඩායමෙන් එකෙක්වයි අයින් කරන්නෙ..

      "තරඟෙන් දිනන්නේ අන්තිමට එකෙක් විතරක් ඉතුරු වෙන කණ්ඩායමලු"
      අන්තිමට එකෙක් කිව්වෙ අඩුම ගානෙ එකෙක්..ඒ කිව්වෙ අනික් කණ්ඩායම් දෙකේ ඔක්කොම එළියෙ නම් මේ කණ්ඩාමෙ 10දෙනාම හිටියත් උන් දිනුම්..

      මම හිතන්නෙ දෙවැනි උත්තරේ ගැනත් පැහැදීමක් එන්නැති...

      මෙච්චර දුර ආපු එකේ ඉතුරු ටිකත් හිතන්න..මම මේ උත්තරේ දානවා කියලා හිතන් ලොග් වුනේ...ඔන්න මල්ලි නිසාම හෙට දවල් 12 වෙනකන් ඉවසනවා..

      Delete
    4. මල්ලි හිතලා තියෙන්නෙ මුලින්ම එකෙක් ඉතුරුවෙන කණ්ඩායම දිනුම් කියලානෙ..එහෙම නෙමෙයි ඕං..අනිත් කණ්ඩායම් දෙකේ ඔක්කොම වුන් ගියාම අඩුම ගානෙ එක්කෙනෙක් ඉතුරුවෙන කණ්ඩායම තමා දිනුම්..

      Delete
    5. අඩේ හරි හරි ඒ කියන්නේ හරි උත්තර දෙන එව්වො පරාද වෙන්නේ නෑ නේ මම මුල ඉඳන්ම හිතුවේ හරි උත්තර දෙන එව්වො පරාද වෙයි කියලා....හ්ම්ම්ම්ම් දවල් 12 වෙනකන්ම තියෙන නිසා තව සෑහෙන්න කංපනා කරන්න පුළුවන් වෙයි වගේ තාම තරඟය විවෘතද ඈ??

      Delete
    6. මේක හරියට යුද්ධයක් වගේනේ....හලේ මන්දා ඔළුව කරකුට්ටං වෙනවා...කණ්ඩායම් තුනේම හොඳ මොලකාරයෝ ඇතිනේ අනිවාර්යෙන් උන්ව තමයි මුලින්ම අහක් කරන්න ඕන ඉන් පස්සේ ඉතුරුවෙන එවුන් තමයි අවුල...

      අඩේ අයියේ මේ ඔයා කියන විදියට x එකෙකුයි z එකෙකුයි ඉතුරුවුනොත් වැඩේ අප්සට් වෙනවනේ දෙන්නට දෙන්න හරි උත්තර දුන්නට මොකෙක්වත් අයින් කරගන්න බෑනේ එතකොට??????

      වට්ටු ඩූ???

      Delete
    7. ඔයා යන්නෙ සම්පූර්ණෙන් වැරදි පාරක...ඔක්කොම එක වගේ දක්ෂයි..ඒක නිසා මොළේ අඩුවක් වැඩියක් නෑ..මොළේ වැඩි නිසාම තමයි හැමෝම දිනන්න එක ක්‍රමයක් පාවිච්චි කරන්නෙ..එතකොට සෙල්ලම ඉවරයක් කරන්න බෑ...

      "x එකෙකුයි z එකෙකුයි ඉතුරුවුනොත් වැඩේ අප්සට්" කොහොමද බං එහෙම වෙන්නෙ x එකාට z අයින් කරන්න බැරි වුනාට z එකාට පුලුවන් x අයින් කරන්න..

      මම කමෙන්ට් එක දාපු තැන ප්‍රශ්නෙ ආයෙම කියෙව්වානම්...තාමත් ප්‍රශ්නය තේරුම් අරන් නැතුවයි ඉන්නෙ..ඉස්සල්ලම දීපු උත්තරේ තාම පබ්ලිස් නොකළෙ ඒක හරි වගේ පේන නිසා ...ඒත් දැන් පේන විදිහට ඒක කණාවක් වගේ.. :)

      Delete
    8. මොලේ හැටියක් බලන්නකෝ ඉතිං....එක වෙලාවක හිතන එක නෙමේ තවත් වෙලාවක හිතන්නේ ඕකට කියන්නේ කනා කියලද මන්දා එල අයියේ සුපිරියි සුපිරියි තව මොනා හරි මේ වගේ හොයලා දාමුකෝ මුල් එක හරිය කියලා ගන්නෝ....

      Delete
    9. ස්තුතියි මල්ලි තව දාන්නම්කො ඉඩ තියෙන වෙලාවක..මේ ලිපියේදී වැඩියෙන්ම කමෙන්ට් වගේම අලුත් අත්දැකීමකුත් ලැබුනා..

      Delete
  20. හික්! කොමෙන්ට් ටික කියෙව්වා ම පුංචි අදහසක් ආවා.
    මෙහෙමයි,
    ඔයා කියන විදියට හාවෙක් හරි උත්තරේ කිව්වොත් ඉබ්බෙක් අයින් වෙනවා.
    ඉබ්බෙක් හරි උත්තරේ කිව්වොත් ගෙම්බෙක් අයින් වෙනවා.
    ගෙම්බෙක් හරි උත්තරේ කිව්වොත් හාවෙක් අයින් වෙනවා.
    එතකොට හාවො සෙට් එක ඉක්මනට හරි උත්තර තිහක් කිව්වොත් ඉබ්බො එකෙක් වත් ඉතුරු නෑ. අන්න එතකොට සෙල්ලම එකතැන හිටිනවා. මොකද හාවො හරි උත්තර කිව්වට ගෙම්බො අයින් කරන්න බැරි නිසා.
    ඒක නිසා කට කහන එකාට කියන්ඩ සෑර්ට කියන්න කියලා කණ්ඩායම දෙකට බෙදලා සෙල්ලම කරන්ඩෙයි කියලා. ඕං උත්තරේ හරි ගියොත් මට බන්ටි ටොපියක් ඕනෑ.

    ReplyDelete
    Replies
    1. උත්තරේ හරියටම වැරදියි... :)

      එහෙම වුනොත් එකතැන හිටින්නෙ කොහොමද ගෙම්බො ඉන්නෙ උත්තර දෙන්න..උන්ට පුලුවන් හාවන්ව ගලවන්න..

      නිකන් උත්තරේ කටින් පැන්න පැන්න වගේ..

      Delete
  21. සමාවෙන්ඩ හරි උත්තර තිහක් දුන්නොත් නෙමෙයි. හරි උත්තර දහයක් දුන්නොත්.

    ReplyDelete
  22. මෙහෙමයි අර බාලදක්ෂයා කියන්නේ සර් අපේ ඉබ්බෝ ගෙම්බෝ හාවෝ සෙට් එකගෙම දත් පනුවෝ කා ඇත ඒ නිසා චොකලට් කන්න කට්ටියම කැමති නැහැ ඉතින් අපිට ඔය සෙල්ලම කරලා චොකලට් දිනලා වැඩක් නැහැ කිව්වලු

    චියර්ස් මං හරියටම වැරදියි දැන් අර දෙනවා කිව්වා බුල්ටෝ එක දීපං

    ReplyDelete
    Replies
    1. මේක IQ ප්‍රශ්නයක්නෙ බං...තේරවිලි වලනෙ එහෙම උත්තර තියෙන්නෙ...

      Delete
  23. අන්තිමට ඉතුරු වෙන දෙන්නා වැරදි උත්තරම දුන්නොත් ඔක්කොටම උඩ බලන් ඉන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව්..එහෙමත් වෙනවා තමයි..ඒත් වැරදිලාවත් එකෙක් හරි උත්තරේ කිව්වොත් අනිකා අයින් වෙලා එක කණ්ඩායමක් දිනනවනෙ...

      හැබැයි මේකෙදි හැම කණ්ඩායමම දිනන්න සම්පූර්ණ් උත්සහය යොදන හින්දා තරඟය ඉවරයක් කරගන්න බෑ..සර්ට දිගටම ප්‍රශ්න අහ අහ ඉන්න වෙන්නෙ..

      Delete
  24. පළවෙනි කොමෙන්ටුවට අනුව උත්තරේ "එක කණ්ඩායමක එකෙක් වත් කිසිම උත්තරයක් දෙන්නේ නෑ". ඒ ඇයි කියන එක හිතන්ඩ ඕනෑ.

    ReplyDelete
    Replies
    1. හි..හි..හිතලා දීලා තිබ්බ උත්තරේ නම් නියමයි..

      මට ඒක හරියටම හරි කියලා කියන්න තිබ්බා වැඩි විස්තර කියන්න ගිහින් නා ගත්තෙ නැත්නම්..
      උඩ ඡේදෙ කියන කෑල්ල හරි උනත් ඒකට හේතුව විදිහට විස්තර කිරීමේදී තේරෙනවා මල්ලි ගිහින් තියෙන්නෙ වැරදි පාරෙ බව..

      උන් එහෙම කරන්නේ මල්ලි දෙවෙනි ඡේදෙ කියන චේතනාවෙන් නෙමෙයි..වෙන චේතනාවකින්..හැමෝම ඒ විදිහටම හිතන නිසා තමයි ඉවරයක් නැත්තෙ..

      Delete
    2. දැනට ලැබිලා තියන හොඳම උත්තරේ මේක ගැමියාගෙ පත් ඉරුව ලියන මල්ලීත් ආසන්න උත්තරයක් දීපු බව පේනවා..ඒත් ඒක මට පැහැදිලි මදි..

      ඒ නිසා ඒ මල්ලිත් තව පොඩ්ඩක් පැහැදිලි කොරන්ඩ...
      බට්ටා මල්ලිත් අරුන්ගෙ චේතනාව කිව්වානම් නම් ගොඩේ ගොඩ...නැත්නම් වැඩි විස්තරේ නොකර කට පියන් ඉන්න තිබුනා :)

      Delete
    3. මාලුවයි බට්ටයි දෙන්න ම නහින්නෙ කට නිසා කිව්වලු. සැක්.... ඒ වැඩි කෑල්ල ඒ හැටි ගණන් ගන්ඩ ඕන්නෑ බොලං. අතෑරලා දාපිය. බලමු තව මොනාද කරන්න පුලුවං කියලා..................!

      Delete
    4. හි..හි...කොලුවා මාව රවට්ටන්නද යන්නෙ..හේතු නොකියා වනලා ගහලා...

      උත්තරේ හරි..ඔය ටිකමනෙ කලින් උත්තරේ පළවෙනි ඡේදෙත් තිබුනෙ....හේතුව තමයි වැරදුනේ...

      අවුලක් නෑ..උත්තරේ හැටියට භාරගත්තා.. එලකිරි...

      Delete
    5. ඇත්තට ම මගේ හිතේ තියෙන්නෙ බොහොම දළ අදහසක් විතරයි. 100% ක්ම මේකයි හේතුව කියන්න තරං වැටහීමක් නෑ. බලමු උත්තරේ දැම්මාම කොතනද මම පටලගෙන තියෙන්නෙ කියල.

      Delete
    6. දැන් තේරුනාද ටැපලුන තැන..?

      Delete
  25. අඩ්ඩේ... ඒ සැරේ නං වැඩේ මීටර්ද කොහෙද බොල. ලැබී තිබෙන සියලු සාක්ෂි සලකා බලන කල්හි තීන්දුව මේකයි. හාවන් විසින් හරි උත්තර දහයක් දී ඉබ්බන් සියල්ලට ම කෙළවනු ලැබූවොත් ඔවුන්ට එතනිං එහා කරගන්න දෙයක් නැතිවෙනවා. එතකොට ඉතුරුවෙලා ඉන්න ගෙම්බන් විසින් ප්‍රශ්න 10 කට උත්තර දුන්නොත් හාවො සේරම ඉවරයි. උන්ට වෙන්නෙ කෙළවෙනකං බලාගෙන ඉන්න. අනිත් කණ්ඩායම් වලටත් තත්ත්වය මේ වගෙයි. ඕක දන්න නිසා එකෙක් වත් කිසිම උත්තරයක් දෙන්නේ නෑ.
    … තවත් විස්තර කරොත් අපි හිතමු හාවො ඉක්මනට ම හරි උත්තර දහයක් දීල ඉබ්බො ඉවර කරා කියලා. එතකොට ඉහත කාරණාව අනුව හාවො අනිවා පරාදයි. එතකොට හාවො උත්තර නොදී හිටියොත් ඒත් උං පරාදයි. ඉතින් බං උත්තර දීල පරාද වෙනවට වඩා නිකං ඉඳල පරදින එක හොඳ නිසා උං කට වහගෙන ඉන්නවා. අනිත් එවුනුත් එහෙමයි හිතන්නෙ. දැං ඉතින් කියපං උඹ හරියට ම වැරදියි කියල. කියාපං ඉතිං. :)

    ReplyDelete
  26. යකෝ මේ දවස්වවල ඔලුව කුරුවල් වෙලා තියෙන්නෙ තියෙන ප්‍රශ්ණ වලට. මට නම් කම්මැලියි. උත්තරේ දැම්මම ඇවිත් බලන්නම්.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. "යකෝ මේ දවස්වවල ඔලුව කුරුවල් වෙලා තියෙන්නෙ තියෙන ප්‍රශ්ණ වලට. " ඒ මදිවට IQ ත් විසඳපන්කො.. හි..හි..

      හොඳායි..

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. අන්තිමට තුන්දෙනෙක් ඉතුරු වුනාම කවුරුත් හරි උත්තරය දෙන්නෙ නෑ. උදාහරනයක් විදියට අන්තිම හාව හරි උත්තරය දීලා ඉබ්බො ඉවර කොරොත් ගෙම්බො ඉවර කරන්න කවුරුත් නෑ. ඊලගට වෙන්නෙ ඉතුරු වෙලා ඉන්න ගෙම්බා හාවො ඉවර කරන එක.
    first time i read this blog. very nice. :) very sorry for typing this half in english. im not that use to type sinhala.

    ReplyDelete
  29. සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් අඩවියට ඒවගේම අගය කිරීමටත් බොහොම ස්තුතියි..සිංහලෙන් ටයිප් කරන්න අමාරු වුනත් මොන භාෂාවකින් හෝ කමෙන්ට් එකක් දැමීම බොහොම හොඳයි...බ්ලොග් රචකයන්ට ලැබෙන ලොකුම තල්ලුව තමා කමෙන්ට්..

    උත්තරය ගැන කියනවා නම් අපිට හරියටම කියන්න බෑ නේද? එක කණ්ඩායමකින් එක්කෙනා ගානෙ අන්තිමට තුන්දෙනෙක් ඉතුරුවෙයි කියලා..මොකද ප්‍රශ්න අහගෙන යන විදිහට එක කණ්ඩායමක් පැන පැන උත්තර දුන්නොත් අල්ලපු කණ්ඩායමේ ඔක්කොම දෙනා ඉවර වෙන්නත් ඉඩ තියෙනවා..

    ඔයා උදාහරණෙ දීලා තියෙන විදිහට එතනම තරඟය ඉවරවෙලා ගෙම්බො දිනලා වගේ නේද?..තරඟය ඉවර කරන්න බැරිවීමක් පේන්නෙ නෑ..ඕකෙම අනිත් පැත්තට හිතන්න..ඔහොම තරඟය ඉවර නොවෙන්න මොකෝ කරන්න ඕනෙ..

    මගේ ඊළඟ ලිපිය හෙට පළවෙයි..ඒක කියවන්නත් එන්න..දැනටම ලියලා ඉවර වුනත් මේකෙ උත්තරේ ප්‍රකාශ කරනකන් බොහොම අමාරුවෙන් හිරකරන් ඉන්නෙ :)

    ReplyDelete
    Replies
    1. ඔයා හිතන විදිහ හරි වගේ..ඒක හින්දම උත්තරේ පබ්ලිශ් කළේ නෑ..

      එහෙම නොකරන්න නම් ඒ ගොල්ලෝ මොකද කරන උප්පරවැට්ටිය..?

      Delete
    2. කවුරුත් හරි උත්තර දෙන්නෙ නෑ. :D

      Delete
    3. ඔයා හරි.. :)

      Delete
  30. මම අදහස් කරේ හාවො උත්තර දීලා ඉබ්බො ඉවර කරොත්, ගෙම්බො ඉවර කරන්න කවුරුත් නැති නිසා හාවො කවදාවත් ඉබ්බො ඉවර කරන්නෙ නෑ කියලයි. අනිත් කන්ඩායමුත් එහෙමයි. අන්තිම "තුන් දෙනා" කිව්වෙ උදාහරනයක් විදියට.

    ReplyDelete
  31. ගෙම්බො ඉවර වෙනකං හාවො ඉබ්බො ඉවර කරන්නෑ.
    හාවො ඉවර වෙනකං ඉබ්බො ගෙම්බො ඉවර කරන්නෙ නෑ.
    ඉබ්බො ඉවර වෙනකං ගෙම්බො හාවො ඉවර කරන්නෙ නෑ.
    මොකද එහෙම වුනොත් තමන් පැරදෙන නිසා.
    තරඟෙ ඉවර වෙන්නෙත් නෑ.

    ReplyDelete
  32. හි හි..තේරුනා තේරුනා එකෙක්වත් හරි උත්තරයක්‌ නොදෙන්නේ ඇයි කියලා...

    හාවෝ ටික හරි උත්තර දීලා ඉබ්බෝ ටික ඉවර කරොත් ඊ ලඟට සිද්ද වෙන්නේ ගෙම්බන් විසින් හාවන්ව ඉවර කරන එක. (හාවන්ට බැහැ නේ ගෙම්බන් අයින් කරන්න). එතකොට හාවන්ට පරදින්න වෙනවා. මේ නිසා හාවෝ හරි උත්තර දෙන්නේ නෑ. අනිත් කණ්ඩායම් දෙකත් ඔය විදියටම හිතලා එයාල හරි උත්තර දෙන්නෙත් නෑ..ඩෙඩ් ලොක් එකක් නේද..

    ReplyDelete
    Replies
    1. WoW !!! Dead Lock කියන වචනෙටත් මම් මාර ලයික් ! මට මතක් වෙන්නෙම OS වල තියෙන Dead Lock!

      Delete
    2. හි හි...හපෝ මමනම් ඒකට අන්ලයික්..ඔය ලොක් ඇර ගන්න පුදුම අමාරුවක්නේ තියෙන්නේ...

      Delete
    3. Dead lock එකක්ද infinite loop එකක්ද?

      Delete
    4. Dead lock..Dead lock. ඉන්ෆයිනයිට් ලූප් එකක් වෙන්නේ හැමෝම උත්තර දිදී ඉවරයක්‌ නැතුව සෙල්ලම අදුනොත් නේ..මෙතන කවුරුත් උත්තර දෙන්නේ නෑ නේ. ස්ටක් වෙලා..හික් හික්

      Delete
    5. හි..හි.. මෙහෙම හිතුවොත් සර් ප්‍රශ්න අහනවා දිගටම..ඒක නැවතීමේ condition එක තමයි..කණ්ඩායම් දෙකක සියලුම දෙනා ඉවත් වීම...

      සර් ප්‍රශ්න අහනවා..ඒ කියන්නෙ ලූප් එක රන් වෙනවා..ළමයි දෙන්නේ වැරදි උත්තර නිසා condition එක true වෙන්නෙ නෑ..ඒක නිසා infinite රන් වෙනවා..

      වෙලාවකට හිතෙනවා ඔයාහරි කියලත් :)

      Delete
    6. එහෙම හිතුවොත් නම් ඒකත් හරි :)))

      කොහොමත් Dead lock එකක් තියන තැනක scheduler කාරයා දුවන්නේ infinite loop එකක නේ. ඌ හැම තිස්සෙම ගිහින් ලොක් එක ඇරිලා ද බලන හින්දා. එහෙම බැලුවොත් මෙතන සර්(scheduler) දුවන්නේ වෙනම infinite loop එකක. ළමයි ටික(processes) ඉන්නේ Dead lock එකක.

      එහෙම හිතුවම හොඳයි නේද? හි හි :)

      Delete
    7. ඒක නම් නියමයි

      Delete
  33. @ සයුරි,

    හරියට හරි :)

    ReplyDelete
  34. කෝ බං උත්තරේ? ඉක්මනට දාපියෝ!
    සයුරි අක්ක නං තිතට ම කියල වගේ මට පේන්නෙ.

    ReplyDelete
    Replies
    1. බට්ටාගේ කමෙන්ටුවකින් තමයි මටත් පොට පෑදුනේ :)

      Delete
  35. මේ කමෙන්ට් එකෙන් පත්තෙ උත්තර දීම අවසානයි...

    කට කහන එකා සර්ට කිව්වෙ මෙහෙමයි...

    "අනේ සර් කොහොමද සර් ඔය සෙල්ලම ඉවර කරන්නෙ. එක කණ්ඩායමක් හරි උත්තර දහයක් දුන්නාම ඊට අල්ලපු කණ්ඩායමේ ඔක්කොම අයින් වෙනවානෙ. ඔය දෙකටම අයිති නැති කණ්ඩායමේ කට්ටියව අයින් කරන්නෙ කවුද? ඒ ගොල්ලන්ව අයින් කරන්න කාටවත් බැරිවුනත් ඒගොල්ලන්ට පුලුවන් දිගින් දිගටම ඒගොල්ලන්ගේ ප්‍රතිවාදින් අයින් කරන්න. ඒ කිව්වෙ මුලින්ම හරි උත්තර දහය දීපු කණ්ඩායම. ඒක නිසා මුලින්ම හරි උත්තර දහය දෙන කණ්ඩායම පරදිනවා. සර් හිතනවාද අපේ ළමයි විහින් පැරදෙයි කියලා. උන් අහන අහන ප්‍රශ්නයට අත උසසන්නෙ නැතුව ඉඳී නැත්නම් වැරදි උත්තර දෙයි. සර්ට වෙන්නෙ ප්‍රශ්න අහ අහා ඉඳලා ගෙදර ගිහින් චොකලට් එක කන්න."

    ඔන්න ඕකයි උත්තරේ තේරුනේ නැත්නම්...
    උදාහරණයකට හිතන්නකො හාවො හරි උත්තර දහයක් දුන්නා කියලා. එතකොට මොකද වෙන්නෙ ඉබ්බො නොකවුට්. ඉබ්බො නොකවුට් කියන්නෙ ගෙම්බන්ව එලවන්න කවුරුත් නෑ. ඒත් ගෙම්බන්ට චාන්ස් එක තියෙනවා හාවන්ව අයින් කරන්න. එතකොට මුලින් පැනලා හරි උහ්තර දීපු හාවො පරාදයි. ඔය විදිහට ඔක්කොම හිතන නිසා උත්තර නොදී ඉඳලා හරි වැරදි උත්තර දීලා හරි සෙල්ලම ඉවර වෙන්නෙ නෑ.

    මේක කියවපු/නොකියවපු, ගැටළුව විසඳන්න උත්සාහ කළ/නොකළ, කමෙන්ට් කළ/නොකළ හැමෝටම ස්තුතියි.

    හරි උත්තර ගැන කියනවානම් ප්‍රබෝධිනි, සයුරි හරියටම උත්තර දුන්නා හේතුවත් එක්ක.. බට්ටා මලී හා ගැමියාගේ පත් ඉරුව ලියන මල්ලීත් උත්තර දුන්නා හේතු පැහැදිලි නොකළත්..ඊට අමතරව ඒ මල්ලිලා දෙන්නාගේ මේක විසඳීමට තිබ්බ උනන්දුවත් ආදරයෙන් මතක් කරන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. "සර්ට වෙන්නෙ ප්‍රශ්න අහ අහා ඉඳලා ගෙදර ගිහින් චොකලට් එක කන්න.""
      මම හරියට අන්තිම ටික කිව්වා. මුල ටික ගලප ගත්තා නම් මාත් දක්ෂයෙක් !

      Delete
    2. ඔයාගෙ අවුලක් නෑ සහෝ..පිච්චිච්ච රැම් එකෙයි කේස් එක...

      Delete
  36. සූදානම්ව සිටිනු [මේක තමා බාලදක්ෂ ආදර්ශ පාඨය]

    ReplyDelete
  37. @Hasitha : එහෙමද? ශිෂ්‍යභටයින්ගේ ආදර්ශ පාඨය මොකක්ද දන්නවද?

    සූදානම් නොවී නොසිටිනු!

    ReplyDelete
  38. පරණ ලිපි කියවමින් යන ගමන් මේකත් බැලුවා.

    ReplyDelete
  39. අයියෝ මම අදනෙ මෙ බ්ලොග් එකට ආවෙ. නැත්නම් මටත් ට්‍රයි කරන්න තිබුන.

    ReplyDelete
  40. මෙන්න ලිපි.. මෙන්න කමෙන්ට්..!!!

    ReplyDelete
  41. happy to see that.. we share this on-- https://www.facebook.com/groups/ScoutingBloggers/

    ReplyDelete
    Replies
    1. Thank you. I wrote this sometimes ago. Now it appears new to me as well. I read it again and enjoyed good memories of blogging.

      Delete
    2. boho baladakshayanta tiyennne sundara atheetayak... eka baladaksha log potak peraladdi bala ganta puluwan... ettama meka mula sitama kiyewwam obage nirmanasheelithwaya ganath hakiyawath nawatha warak agaya kireemata situna... awastawak labunoth http://baladakshaya.blogspot.com/ eka patte goda wela comment ekak dala yanta... hakinam Scouting sagarawa ha ekathu wanna...

      Delete
    3. Thank you very much for the link. I visit there and just went through pages. I'll visit again when I have more time to read it.
      Thanks again. Wish you good luck.

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...