පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ
දුෂ්කර ගමක මඩෙන් වැකුණු මාවතක, ජාතික ඇඳුමින් සැරසී, කලු කුඩයකුත් පොත් කිහිපයකුත් අතින්ගෙන කලු පාට රාමුවක් සහිත කණ්ණාඩි කුට්ටමක් දමාගෙන, පා නගන ගුරුතුමෙකු සිහියට නැඟෙනවා නේද? මඩ කඩිති පැන පැන ආ ගුරුතුමන්ලා මතකයේ නැතත් රෙද්ද බැනියම ඇඳගෙන බසයේ නැගී පාසලට පැමිණි ගුරුතුමන්ලා කිහිඅදෙනෙකුව මට තාමත් මතකයි. දැන් නම් එවැනි ගුරුවරු බොහෝදෙනෙක් විශ්‍රාම සුවයෙන් කල්යවනවා වන්නට පුළුවන. අද කතාව එවැනි ගුරුතුමන්ලා දෙදෙනෙක් ගැන.

