2.16.2012

මඤ්ඤ්යි පඤ්ඤයි

පින්තූරය දැක්කම නම් සමහර දෙනෙකුට තේරුම් යන්නැති අද කතාව. තේරුනා නේද? තේරුනේ නැත්නම් තැවෙන්න එපා. මේ ලිපිය දිගටම කියවගෙන යන්නකො.

මේ කතාව තේරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා පොඩ්ඩක් අතීතෙට යන්න. පොඩ්ඩක් කිව්වට පොඩ්ඩක්ම නෙමෙයි අපි යන්න යන්නෙ ලෝක ආරම්භයට ඒ කිව්වෙ ලෝකෙ මැව්ව කාලෙට. හරි යාං...................

ආදම් හා ඒව
 කතෝලිකයන් විශ්වාස කරන ආකාරයට දෙවියන් වහන්සේ තමයි ලෝකය මැව්වෙ. මේ ගැන නම් ලොකු වාද විවාද තියෙන බව ඕනෑම කෙනෙක් දන්නවානෙ. ඒ වාද විවාද ගැන කතා කරන්න ගියොත් කියන්න ආපු දේ කියන්න වෙන්නේ නැති නිසා ලෝකය මැව්වේ දෙවියන් වහන්සේ කියලා හිතාන ඉදිරියට යමු. මැවීමේ කතාවේ කියවෙන ආකාරයට දෙවියන් වහන්සේ ලෝකයේ අනික් දේවල් ඒ කිව්වෙ අහස පොළොව, ජලය, ගහ කොළ, සතාසීපාවා මවලා ඉවරවෙලා තමයි මිනිසාව මැව්වෙ. මිනිසා කියන්නෙ පිරිමියා. පස්සෙ දෙවියන් වහන්සේට හිතුනාලු පිරිමියාගේ පාළුව නැති කරන්න ගැහැණිය මවන්න. ඊට පස්සෙ පිරිමියා ඒ කිව්වෙ 'ආදම්'ගෙ වම් ඉල ඇටයක් අරන් තමයි 'ඒව'ව මවලා තියෙන්නෙ. ඒකලුනෙ මිනිහා ඔච්චර ගෑනි පස්සෙම පන්නන්නෙ. ගෑණි හැදුනෙ මිනිහාගෙ ඉළ ඇටේකින් නෙමෙයි කියලා හිතනවානම් ගෑණු ළමයිනුත් පිරිමි ළමයිනුත් තම තමුන්ගෙ වම් පැත්තෙ ඉල ඇට ගැනලා බලන්නලා.

ආදම්ටයි ඒවටයි අවසර තිබුනා උයනෙ තිබුණු දේවල් බුක්ති විඳින්න. හැබැයි එක ගහක ගෙඩි කන එක තහනම් කරලා තිබුනෙ. දෙන්නාගේ කීකරුම පරීක්ෂා කරන්න. ආදමුයි ඒවයි ඔහොම සතුටින් සමාදානෙන් ඉන්නකොට ඕක පෙන්නන්න බැරි එකෙක් එතන්ට පාත්වෙනවා. ඒ තමයි සාතන්. සාතන් ගැන මම කලින් කතාවකත් සඳහන් කරලා ඇති. ආදම් නිදි වෙලාවක ඒව ඒදන් උයනෙ ඇවිද ඇවිද ඉන්නකොට සාතන් සර්පයෙක් විදිහට එනවා එතනට. ඇවිත් ඒවව රවට්ටෝලා කොහොමහරි ගෙඩි කව්වෝනවා. ඒවත් ඉතින් ගෙඩි කෑවා මදිවට අරන් ගිහින් ආදම්ටත් කවෝනවා. දැන් උනත් ගෑණියෙක් කිව්වොත් ඉතින් දෙවියන් වහන්සේ කියන ඒවටත් ඉහළින් පිළිගන්න එවුන් ඉන්නවනෙ.  ඊට පස්සෙ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කළාට දඬුවමක් විදිහට තමයි  මිනිස්සුන්ට මරණය, ලෙඩ රෝග, දුක් කරදර ඔක්කොම ඇතිවෙන්නෙ. මේ විදිහට ආදම් හා ඒව කරපු වරදට මුලු මිනිස් සංහතියටම වන්දි ගෙවන්න වෙලා තියෙනවා. ඒවගේම ඒ වරද අපි ඉපදෙද්දී රැගෙන එන බවත් කතෝලිකයෝ වගේම බහුතරයක් කිතුනුවෝ විශ්වාස කරනවා. ඒකට කියන නම් තමයි ජන්ම පාපය(Original Sin). ඔය කතාවත් ඔහොම මතකේ තියාන අපි යමුකෝ ආයෙ හිටපු කාලෙට. හරි ඕං ගියා......................

කතෝලික ආගම කෙනෙක් අදහනවා නම් එයාට නිකම්ම ඒ ආගමට ඇතුලු වෙන්න බෑ.  මම කිව්ව කතාව තේරුනේ නැති කෙනෙක් ඉන්නවා නම් හිතන්නකො උදාහරණයක් විදිහට බෞද්ධ කෙනෙක්ව. එයා බෞද්ධාගමිකයෙක් කියලා කොහෙවත් සඳහනක් නෑ නේද? මම දන්න තරමින් නම් බෞද්ධ කෙනෙක් පන්සලක හෝ වෙනත් ආගමික තැනක බෞද්ධයෙකු ලෙස ලියාපදිංචිවෙලා නෑ. වැරදිනම් නිවැරදි කරන්න. ඒ වගේම තමුන්ගේ ජීවිතයේ යම් යම් ආගමික වතාවත් එක්තරා පන්සලකින් සිදුකරගත යුතුයි කියලා නියමයකුත් නෑ. ඒත් කතෝලිකයන්ගේ සම්ප්‍රදාය එහෙම නෙවෙයි. යම් කෙනෙක් කතෝලික ආගම අදහනවා නම් ඒ පුද්ගලයා යම් දේවස්ථානයක ලියාපදිංචි වෙන්න ඕනෙ. එතකොට තමයි තමුන්ගේ ජීවිතයේ සුවිශේෂී ආගමික වතාවත් ඒ දේවස්ථානයේ සිදුකරගැනීමට අවසර ලැබෙන්නෙ.

ඉතින් මම අද කියන්න යන්නෙ කතෝලික සභාව කොහොමද කෙනෙක්ව නිල වශයෙන් සභාවට ඇතුලත් කරගන්නේ වගේම ඒ අවස්ථාවේ පටන් කතෝලිකයෙකුගේ ජීවිතයේ වැදගත් වන දෙදෙනෙකු ගැන.

ජේසුස් වහන්සේගේ ස්නාපනය
කතෝලික සභාවට කෙනෙක් ඇතුලු කරගැනීමේ චාරිත්‍රයට කියන්නෙ 'ප්‍රසාද ස්නාපනය'(Baptism) සමහර තැන්වල 'බව්තීස්මය' කියලත් කියනවා. ගමේ ගොඩේ බාසාවෙන් කියනවානම් 'කිරිස්තියානිය'. කිතුනු විශ්වාසය හැටියට බව්තීස්ම කළාට පස්සෙ ආදම් ඒවගෙන් පැවත එන පාපය ඉවත්වෙලා යනවා. ඒවගේම පුද්ගලයාට කිතුනුවෙක් විදිහට පිළිගැනීමකුත් ලැබෙනවා. සාමාන්‍යයෙන් ප්‍රසාද ස්නාපනය දෙන්නෙ ඉපදිලා සතියක් දෙකක් විතර වුනු පොඩ්ඩෙකුට. ඒත් විශේෂ අවස්ථාවක ඒ කිව්වෙ පොඩි කාලෙ ලබාගන්න බැරිවුන කෙනෙකුට හරි තමුන්ගේ ආගම වෙනස් කරන කෙනෙකුට හරි ජීවිතයේ ඕනෑම වයසකදී ලබාගන්න පුලුවන්. වැඩිපුරම ලබන්නේ පොඩ්ඩෝ නිසා පොඩ්ඩෙකුව ගමු උදාහරණෙට.

කතෝලික දෙමව්පියන්ට චූටි පැට්ටෙක් එහෙම ලැබිලා ගෙදර ගෙනාපු ගමන්ම දෙමව්පියෝ යන්න ඕනා පියතුමා හමුවෙන්න. තමුන්ට දරුවෙක් ලැබුනු බව දන්වලා ඒ දරුවාට ප්‍රසාද ස්නාපනය දෙන්න දිනයක් ඉල්ලා ගන්නයි එහෙම යන්නෙ. සාමාන්‍යයෙන් ඕනෑම පල්ලියක සති දෙකකට විතර සැරයක් ප්‍රසාද ස්නාපන මෙහෙයන් තියෙන නිසා ඉපදිලා සති දෙකක් යන්න කලින් දිනයක් හම්බවෙනවා.

සෝයි ගවුම් පොඩ්ඩ
ඊළඟට කරන්න තියෙන්නෙ මඤ්ඤෙක්වයි පඤ්ඤෙක්වයි හොයන්න.  එහෙම හොයාගත්තු මඤ්ඤවයි පඤ්ඤවයි එක්කහු කරගෙන ඉපදිච්ච පොඩ්ඩවත් තුරුළු කරගත්තු දෙමව්පියො නියම කරගත්තු දිනේට පල්ලියට එනවා. එහෙම එනකොට ඔය පිංතූරෙ පේන විදිහට සෝයි ගවුම් පොඩිත්තක් අන්ඳලා තමයි එක්කන් එන්නෙ. කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් අඳින්න වෙන්නෙ ගවුං කෑලි තමා. පල්ලියේදී පොත්පත්වල කටයුතු කරලා ඒ කිව්වෙ ලියාපදිංචි කරලා ඊටපස්සෙ තමයි චාරිත්‍ර තියෙන්නෙ.
හිසට ශු. ජලය වත්කිරීම

ප්‍රසාද ස්නාපනය දෙන්න හදපු වෙනම තැනක්(Baptismal font) පල්ලිවල තියෙනවා. දැකලා නැති අය පල්ලියකට ගිය වෙලේක බලන්නකො කොහෙහරි මුල්ලකට වෙන්න ඔය වගේ තැනක් තියෙනවද කියලා. එතනදි බබාව ලැබෙනවා මඤ්ඤාගෙ අතට, කියන්න ඕනා යාච්ඤා වලින් පස්සෙ පොඩ්ඩාගෙ ඔලුවට ශු. ජලය (ආශිර්වාද කළ ජලය ) වක්කරනවා පියතුමා විසින්. ඒ වගේම ශු. තෛලයෙන් (ආශිර්වාද කළ ඔලිව් තෙල් ) පොඩ්ඩාගේ නළලේත් පපුවේත් කුරුස ලකුණ සටහන් කරනවා. ඊටපස්සේ බබාව වඩාගෙන ඉන්න මඤ්ඤාත් ඉටිපන්දම අතේ තියන් ඉන්න පඤ්ඤාත් දරුවා වෙනුවෙන් 'ප්‍රසාද ස්නාපන පොරොන්දු' දෙනවා. ප්‍රසාද ස්නාපන පොරොන්දු කියන්නෙ තමුන්ගේ ජීවිතයේදී යක්ෂයාත් පාපයත් ප්‍රතික්ශේප කරන බවටත් දෙවියන් වහන්සේව විශ්වාස කරන බවටත් පොරොන්දු වීම.
ශු. තෛලය ආලේප කිරීම

තමුන්ගේ දරුපැටියා කතෝලික සභාවට ඇතුලත් වීම සමරන්න උත්සවයක් ගැනීමත් බොහෝ කතෝලික දෙමව්පියන්ගෙ සිරිතක්. ඒවගේම ප්‍රසාද ස්නාපනය කියන්නෙ සක්‍රමේන්තුවක්. මම සක්‍රමේන්තු ගැනත් එක සක්‍රමේන්තුවක් ගැනත් කලින් කිව්වා මතක ඇතිනෙ.

කියන්න ඕනාදේ තාම කියවුනේ නෑනෙ. පඤ්ඤයි මඤ්ඤයි කියන්නෙ කවුද? පඤ්ඤටයි මඤ්ඤටයි තමයි දරුවගේ ආගමික ජීවිතය පිළිබඳ වගකීම තියෙන්නෙ. ඒ කිව්වෙ දරුවාට යහපත් ජීවිතයකට අවවාද ආදර්ශ දෙන්න ඕනෙ පඤ්ඤයි මඤ්ඤයි. ඒ වගේම දරුවාගේ දෙමව්පියන්ට කරදරයක් වුනොත් දරුවාව බලාගන්න වගකීමත් තියෙනවා. පඤ්ඤයි මඤ්ඤයි කියලා කටවහරට කිව්වාට හරි වචනය ඥාන මව්පියො(GodParent) කියන එක. සමහර තැන්වල කටවහරට 'පායියා' කියලත් පඤ්ඤට කියනවා.
ප්‍රසාද ස්නාපනය ලබාදෙන තැන

පඤ්ඤෙක් වෙන්න තියෙන ලොකුම සුදුසුකම තමයි කතෝලික සභාවෙන් වැඩිහිටියෙක් ලෙස පිළිගත් පිරිමියෙක් වීම. ඒ වගේම මඤ්ඤෙක් වෙන්න නම් කතෝලික සභාවෙන් වැඩිහිටියෙක් ලෙස පිළිගත් කාන්තාවක් වෙන්න ඕනෙ. නියමිත වයස් භේදයක් නැතත් බොහෝවිට තෝරාගන්නෙ 18-20 වගේ අයව තමයි. ඒ වගේම තමයි චරිතෙ ගැනත් පොඩ්ඩක් බලනවා. තමුන්ගෙ දරුවගෙ ආගමික ජීවිතය පෝෂණය කරන්න තෝරාගන්න කෙනානෙ. 

ඔය කිව්ව වයසෙ ඉන්න චරිතවත් කෙල්ලො කොල්ලො ගාවට ගිහින් ඕක අහන්නෙ මෙහෙමයි. 

"අපේ පොඩි එකාව/එකීව ලබන ............දා කිරිස්තියානි කරනවා. නම දෙන්න එන්න පුලුවන්ද?" 

සමහර පැතිවල නම දෙනවා වෙනුවට 'හිසක් තියනවා' කියලත් කියනවාලු. මම නම් අහලා නෑ මගෙ යාලුවෙක් තමයි කිව්වෙ. ඒ කෙල්ලයි කොල්ලයි කැමතිනම් මඤ්ඤටයි පඤ්ඤටයි ගන්නවා.

ඉස්සර කාලෙ හිටපු මඤ්ඤලා පඤ්ඤලා නම් තමුන්ගෙ රාජකාරිය හරියට කරලා තිබුණා. ඒ කිව්වෙ තමුන්ට භාරවුන පොඩි එකා හොඳට හැදෙනවාද කියලා හොයා බැලුවා උදව් පදව් කරා. පස්සෙ කාලෙක නම් ඒ කිව්වෙ මීට අවුරුදු විස්සකට විතර කලින් නම් පඤ්ඤලා මඤ්ඤලා කරලා තියෙන්නෙ පොඩි එකාව හම්බුනාම කීයක් හරි අත මිටමොළෝපු එක. පොඩි එවුනුත් නත්තලට මංගල්ලෙට මඤ්ඤලා පඤ්ඤලාට සුභපතන්න ගිහින් තියෙනවා ගතමන්ට් එකක් හොයාගන්නත් එක්ක. පහු පහු වෙනකොට ඔක්කොම කොහු කොහු වෙනවනෙ. මෑත කාලෙ නම් පොඩිවුනුයි මඤ්ඤා පඤ්ඤා අතර ගණුදෙනු තියෙන්නේ ජීවිතේටම පස් සැරයක් විතරයි කියලා සර් කෙනෙකුත් දවසක් කිව්වා. සමහර තැන්වල ඒකත් නෑ. අඩුම ගානෙ තමුන්ගෙ මඤ්ඤා පඤ්ඤා කවුද කියලා දන්නෙ නැති වුනුත් ඉන්නවා. 

74 comments:

  1. යන්තං කියෙව්වෙ, ආයෙත් හොඳට කියවන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. හොඳට කියෝලම කමෙන්ට් එකක් දෙන්නකො මාමෙ..

      Delete
  2. ඉතින් මොකක්ද ඒ පස් සැරේ?
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. 1.පොඩ්ඩව කිරිස්තියානි කරන දවස
      2.පොඩ්ඩා පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද ලැබීමේ පාටිය
      3.මඤ්ඤා/පඤ්ඤා බඳින දවස
      4.පොඩ්ඩා බඳින දවස
      5.මඤ්ඤා/පඤ්ඤාගේ මළගෙදර

      මම කලින් ඔය ටික ලිව්වා.. පස්සේ මකලා දැම්මේ කියවන කට්ටිය ඇත්තටම ඕක චාරිත්‍රයක් කියලා පටලවා ගනී හිතුනු නිසා..

      Delete
  3. සිරානේ.. මම මෙලෝ දෙයත් දන්නෑ මේවා... නියමයි...

    බුද්ධාගමේ නම් එහෙම ආගමට බඳවාගැනීමක් නෑ.. ඕන කෙනෙකුට ඕනම වෙලාවක එන්න පුළුවන් යන්න පුළුවන්.. ඒක ආගමකට වඩා දර්ශනයක් නේ.. (මම මේ ආගම් වාදයක් ඇදලා ගත්තා නෙවෙයි.. පොඩි පැහැදිළි කිරීමක්.. මම දන්න විදියට..)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මටත් සන්තෝසයි දන්නෙ නැති දෙයක් කියා දෙන්න ලැබීම ගැන..

      "මම මේ ආගම් වාදයක් ඇදලා ගත්තා නෙවෙයි"

      අපොයි කීයටවත් මම එහෙම හිතන්නෙ නෑ..අපි මොන ආගම ඇදහුවත් හැම ආගමකටම ගරු කරන්න ඕනා..ඒවගේම තමයි අනිත් ආගම් ගැන දැනගැනීමත් වටිනවනෙ..

      මම ගොඩක් කැමති අනික් ආගම් ගැන දැනගන්න..බුද්ධ රශ්මි බ්ලොග් එක එහෙමත් කියවනවා..ඉස්ලාම් ආගම ගැන මුස්ලිම් යාලුවන්ගෙන් තමයි අහගන්නෙ..

      බෞද්ධාගමිකයෙක් කියලා පාවිච්චි කලේ හරි වචනය නොදන්නා නිසා...දර්ශනයක් බව දැන හිටියා..නමුත් දර්ශනය පිළිපදින්නා හඳුන්වන විදිහ දන්නෙ නෑනෙ..

      ස්තුතියි යමක් එකතු කළාට..

      Delete
    2. හරී, ඔයාගේ නම වගේම හරී ලේසියි.
      සබ්බ පාපස්ස අකරනං = සියලු පවු වැඩ වලින් වැළකීම
      කුසලස්ස උපසම්පදා = පින් උපදවන කාර්යයන්හි නිරතවීම
      සචිත්තපරියෝ දපනං = තමන්ගේ සිත පාලනය (දමනය) කරගැනීම.
      එතං බුද්ධානුසාසනං = බුද්ධ ශාසනය (දැක්ම, සම්පිණ්ඩනය) යනු එයයි.

      Delete
    3. මුළු බෞද්ධ දර්ශනයේම හරය නේද මේ...

      දැනුවත් කිරීමට ස්තුතියි!

      Delete
    4. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ආගමක්වත් දර්ශනයක් වත් නොවේ..
      ශාසනයක්.

      Delete
  4. මම කතෝලිකයෙක්.. මටත් ඉන්නවා පඤ්ඤයි මඤ්ඤයි. ගොඩාක් වෙලාවට පඤ්ඤටයි මඤ්ඤට යි ගන්නේ ඥාතීන් මොකද දෙමව්පියන්ට පස්සේ දරුවාගේ වගකීම ආගමානුකුලව පවරන්නේ එයාලට. ඉතින් නොදන්නා අයව ගන්නේ නැහැ. මගේ පඤ්ඤයි මඤ්ඤයි අම්මගේ නංගියි, තාත්තගේ මල්ලියි. ඒ වගේම මමත් මඤ්ඤට ගිහින් තියෙනවා අපේ පුංචිගේ පොඩිම දුවට :)
    දැන් කාලේ සමහරු පඤ්ඤටයි මඤ්ඤට යි ගනන්වා යාන්තම් අදුනුම්කමක් තියෙන එත් වැඩියේ දන්නේ නැති සල්ලි කාරයන්ව. මොකද උත්සව වලට ආරාධනවා කරලා කියක් හරි හොයාගන්න එයාලගෙන් හිහි :ඩි

    ReplyDelete
    Replies
    1. ඔයා කියන දේ හරි..මගේ බාප්පගෙ දුවගෙ පඤ්ඤා මමයි..

      ඔක්කොම සල්ලිවලට යට වෙන කාලයක්නෙ දැන් ඇවිත් තියෙන්නෙ..ඔය වගේම තමයි මඟුල් ගෙවල්වලටත් සල්ලිකාරයින්ට ආරාධනා කිරීම..තමුන්ට ළඟම හිතවත් දුප්පත් ඥාතීන්ව හලලා තමුන් කවදාවත් කතාකරලාවත් නැති ගමේ මුදලාලිලාට ආරාධනා කරනවා...

      Delete
  5. තැංකූ ලිව්වට. නොදන්න දේවල් ගොඩක් දැන්ගත්තා. එතකොට අයියා ක්‍රිස්තියානිද?

    ReplyDelete
    Replies
    1. මල්ලිටත් තන්කූ...ඒවගේම බොහොම සංතෝසයි දැනුමට යමක් එකතු කරන්න ලැබුනා නම්..

      මම රෝමානු කතෝලික..

      Delete
  6. අපෝ මට ඉන්න උන් දෙන්නා,කියලා වැඩක් නෑ ඕකුන් දෙන්නා මට ටොපියක්වත් දීලා නෑ මම දැන් උන් දෙන්නවම මාරු කරන්න විදිහක් හොයනවා,හික්,,හික් මමත් පායියෙක් වෙලා තියනවා 2 ක්,
    අපේ අම්මා ගාව මගේ ක්‍රිස්තියානියෙදි අන්දපු චූටි නිල් පාට ගවුම් පොඩ්ඩත් තියනවා.

    ReplyDelete
    Replies
    1. අපේ මල්ලිගෙ පඤ්ඤා වගේ..හි..හි.. ඒකටත් මෙලෝ දෙයක් හම්බෙලා නෑ..

      මගෙ පඤ්ඤා නම් එලෝ එලෝ දෙන්නේ නෑ..උවමනාවක් වුනොත් අල්ලගත්තැකි..සමරු කළඹකට ඇඩ් එකක් එහෙම දම්ම ගන්න..

      මමත් 3ක්..

      අපේ ගෙදරත් තියෙනවා දිලිසෙන සී කුවින්ස් අල්ලපු නිල්පාට ගවුම් පොඩ්ඩ...ඇයි මාව චූටි කාලෙ නාවපු හිල් පොල්කට්ටත් තියෙනවා..

      Delete
  7. ලිපිය නම් කියෙව්වේ නැහැ මොකෝ මං ඔය සීන් එක හොදට දන්නවා.මටත් මඤඤයි පඤඤයි ඉන්නවා මාත් ක්‍රිස්තියානියෙක්නේ.

    ReplyDelete
    Replies
    1. ක්‍රිස්තියානිද? කතෝලිකද?

      සමහර ක්‍රිස්තියානි කොටස්වල විවිධ චාරිත්‍ර තියෙනවා..

      Delete
  8. උඹත් දැන් මඤ්ඤලා පඤ්ඤලා හොයනවා වගේ...

    ReplyDelete
    Replies
    1. මඤ්ඤලා පඤ්ඤලා හොයන්න කලින් කෙ....

      එව්වා ඕනෙ නෑ..යාලු මාලු

      Delete
  9. 'දරුවාට යහපත් ජීවිතයකට අවවාද ආදර්ශ දෙන්න ඕනෙ පඤ්ඤයි මඤ්ඤයි'
    අපොයි මගේ දෙන්නට අවවාද ආදර්ශ දෙන්න වෙලා තියෙන්නේ මටනේ.

    ආයිත් දවසක පුලුවන්නම් අර ආදම් ඒවගේ කතාවේ ඇත්ත විස්තරෙත් ලියන්න. ගොඩක් ආගමේ අයත් මැරෙන කල්ම හිතන් ඉන්නේ ඇපල් කෑව එක තමයි පාපය කියල. පොඩි කාලෙ සංකේත වලින් ඉගන ගත්ත කතාව ලොකු උනාමත් කව්රුවත් පැහැදිලි කරලා දීල නැහැ.

    ReplyDelete
    Replies
    1. "අපොයි මගේ දෙන්නට අවවාද ආදර්ශ දෙන්න වෙලා තියෙන්නේ මටනේ."
      ඒ මොකද ඒ? කියන්න පුලුවන් කාටවත් හානියක් අගෞරවයක් වෙන දෙයක් නෑමේ නම් කිව්වට කාරි නෑ..

      මම හිතන්නෙ ඔයා ඒ කතාව ලියනවානම් තමා වඩා හොඳ...මම කොහොමත් චාරිත්‍ර පැත්ත ගැනනෙ ලියන්නෙ..ඔයා අධ්‍යාත්මික පැත්තට බර කරලා ලියන නිසා ඔයාම ලියන්න..අනික් හේතුව මමත් ඒ ගැන හරියටම දන්නෙ නෑ...

      සංකේත මඟින් කිව්වම මතක් වුනේ ඕනෑම ආගමක කතෘවරයෙක් කියපු දෙයක් හරියටම තේරුම් ගන්නනම් ඒ කිව්ව භාෂාවෙන්, කියපු කාලෙටත් කතෘවරයා ජීවත් වුන වටපිටාවටත් ගිහින් තේරුම් ගන්න ඕනා..

      "ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට ඇතුලුවනවාට වඩා ඔටුවෙකුට ඉඳිකටුමලින් රින්ගන එක ලේසීයි" කියන එකටත් ඔය වගේ මතු පිටින් පේන තේරුමක්නෙ තියෙන්නෙ..

      Delete
    2. 'මතු පිටින් පේන'

      මතු පිටින් නොපේන වෙන්න ඕනෙ..

      Delete
    3. පිරිමි කෙනෙක් ලියනවනම් තමයි වඩා හොඳ. බරපතල මාතෘකාවක්නේ. අනික වැඩි පාඨකයෝ පිරිසක් ඉන්නෙත් හරීට. කමක් නැහැ බලමුකෝ.

      Delete
  10. මාත් ගියේ කතෝලික පාසලකට..මගේ යාලුවොන්ට ඔය රට ඉන්න මඤ්ඤලා පෝන් අරවා මේවා එවනවා..ඒ දවස්වල උන් සෑහෙන්න ගේමක් දුන්නා ඔය මඤ්ඤ කියන්නේ කව්ද කියලා මට තේරුම් කරලා දෙන්න.. :D

    ReplyDelete
    Replies
    1. මම දන්නවා ඉස්කෝලෙ අපි ඉස්සර බිග් මැච් ගැහුවේ ඕකත් එක්කනෙ..

      ඒ කාලෙම තේරුම් ගත්තද? නැත්නම් මේක කියවලාද හරියටම තේරුනේ..

      ඉස්ලාම් ආගමේ ලියාපදිංචි කරගැනීමක් තියෙනවාද සබිත්?

      Delete
  11. අපේ අම්මත් මඤ්ඤා කෙනෙක්ට හිටියා !
    මොකෝ හරි උබත් මඥ්ඥලා පඥ්ඥලා හොයන්නේ ?

    ReplyDelete
    Replies
    1. ඇයි මධුරංගට අවස්ථාවක් ලැබිලා නැද්ද?

      "ඒ වගේම තමයි චරිතෙ ගැනත් පොඩ්ඩක් බලනවා." එහෙනම් මේක වෙන්නැති හේතුව.. :P

      Delete
    2. ඒක නෙමෙයි !!
      කතෝලික !! ක්‍රිස්තියානි !!!
      මේ දෙගොල්ලෝ අතර වෙනසක් තියෙනවද ? එහෙනම් ඒ වෙනස පෝස්ට් එකකින් පැහැදිලි කරන්න පුලුවන්ද ? නොදන්න අය (මාත් ඇතුලුව) ගොඩ දෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා !!!

      Delete
    3. පෝස්ට් පහ හයක් ලියන්න තරම් කියන්න දේවල් තියෙනවා ඔය ගැන නම්..බලමු එකකට දාගන්න පුලුවන් වෙයිද කියලා...

      මමත් ගොඩාක් දේවල් ඉගෙන ගත්තෙ මීට අවුරුදු දෙකකට විතර කලින් කියෝපු පොතකින්..ඒක දැන් නැති නිසා ආයෙ ඒ කරුණු හොයන්න වෙනවා සහෝ..

      පුලුවන් අය පොත හොයාගෙන කියවන්න..කතෝලික අකතෝලික ඕන කෙනෙකුට තේරෙන විදිහට ලියලා තියෙනවා..

      පෝස්ට් එකක් දාන්නත් බලන්නම්කො..

      Title:නූතන ක්‍රිස්තියානියේ විවිධ ශාඛා හා මූලධර්ම: සමයාන්තර දැනුම සඳහා
      Author:ඇන්ටනි ප්‍රනාන්දු
      ISBN: 955-903609--2
      Publisher: කඩවත :අන්තර් සංස්කෘතික පොත් ප්‍රචාරකයෝ

      Delete
  12. මම බෞද්ධයෙක් වුනත් මෙ ගැන ටිකක් අහල තිබුණා. ඒත් හරියටම නියම පිළිවෙල දැනගත්තෙ මේ ලිපියෙන්. කතෝලික ආගම ගැන මගේ විශ්ෂ භක්තියක් තියනවා.ස්තුතියි ඔබට කළ මේ පැහැදිළි කිරීමට

    ReplyDelete
    Replies
    1. බොහොම සන්තෝසයි!

      බෞද්ධයෙකු වශයෙන් අනිත් ආගම්වලට ගෞරවය දැක්වීම පිළිබඳ මගේ ප්‍රණාමය!

      Delete
  13. හොඳ විස්තරයක් හරී... අනිත් අයගේ ආගම් ගැන හදාරන කෙනෙකුට සෑහෙන දැනුමක් ලබන්න පුලුවන් තොරතුරු තියනවා...

    දැන් කාලේනම් ඔය දෙන්නව දකින්නේ ක්‍රිස්තියානි කරන දවසෙදී විතරමයි මගේ හිතේ..

    මමත් මගේ පඥ්ඥව ජීවිතේට දැකලා නැහැ...

    මට පොඩි ප්‍රශ්ණයක් ආවා.. ක්‍රිස්තියානි කලහම ජන්ම පාපය නැතිවෙනවා කියලා තියනවද ?

    ReplyDelete
    Replies
    1. තව එකක්.. ඔය තහනම් ගහේ ගෙඩි කාපු කතාවට වෙන අර්ථකථනයකුත් තියනවා නේද ?

      Delete
    2. අගය කිරීමට ස්තුතියි සෙන්නා. කතෝලිකයෙක් නිසා මේ ගැන හුඟක් දේවල් ඔයා දන්නවා ඇති.

      පඤ්ඤා කවුද කියලවත් දන්නවද? හි..හි..

      ඒක ජන්ම පාපය නැතිවෙනවා. ඒක තමයි කතෝලික පිළිගැනීම.

      ඔය නිසාම තමයි ළමයෙක් ඉපදුනාම පුලුවන් තරම් ඉක්මනට ක්‍රිස්තියානි කරන්න කියන්නෙ. බැරිවෙලාවත් ළමයා නැති වුනොත් ළමයා මිය යන්නෙ පව්කාරයෙක් හැටියට. එතකොට කෙලින්ම ස්වර්ගයට යන්නෙ නැතුව ශුද්ධිගිනිස්ථානයට යන්න වන බව තමයි විශ්වාසය. සමහර තැන්වල සඳහන් වෙන ආකාරයට කෙලින්ම ස්වර්ගයට ගියත් පරිපූර්ණ වරප්‍රසාද අත් කරගන්න ලැබෙන්නේ නෑලු.

      ඒ නිසාම හදිස්සි අවස්ථාවක ලියාපදිංචියෙන් තොරව ප්‍රසාද ස්නාපනය දෙන්න පුලුවන් රෝහලක හෝ වෙනත් ඕනෑම ස්ථානයක. එහෙම ප්‍රසාද ස්නාපනය ගත්තු කෙනෙක් තමයි මමත්. දෙවෙනි පාරට පල්ලියේත් ප්‍රසාද ස්නාපනය මම ලබලා තියෙනවා.

      හදිසියේ පියතුමෙක් හොයාගන්න බැරිම අවස්ථාවක ගිහියෙකුට වුනත් ප්‍රසාද ස්නාපනය දානය කිරීමේ බලය තියෙනවා.

      ස්තුතියි සෙන්නා. ඔයාගේ ප්‍රශ්නය නිසා තව අලුත් දේවල් ටිකක් එකතු කිරීමට ලැබුනා.

      අනිත් අර්ථකතනය මම හරියටම දන්නේ නෑ.. නික්කි ඒ ගන කියයි..

      Delete
  14. මේක පෝස්ට් එකට අදාල නෑ . . . අර අවස්ථා 5 ගැනකියද්දි මතක් උනේ
    අවුරුදුදට පස් සැරයක් විතරක් පල්ලියට යන සෙට් එකකුත් ඉන්නව නේද ??
    1- දෙසැම්බර් 31
    2- නත්තල්
    3- පාස්කුව
    4- මහ සිකුරාදා
    5- පල්ලියෙ මංගල්ලෙ

    ReplyDelete
    Replies
    1. ඒ විතරක් නෙමේ...ජීවිතේටම යන්නැති මම වගේ එව්වොත් ඉන්නවා...

      Delete
    2. ඕනේ තව සෙට් එකක් ඉන්නවා බන් නත්තලටයි,පල්ලියේ මංගල්ලෙටයි විතරයි යන්නේ... ඔන්න මම නෙමේ මම නම් ඉරිදට පල්ලි ගිහින් සීනු කූඩවට වෙලේ හරි ඉන්නවා,

      Delete
    3. @ ඕනෙ අයියාට,

      බුදු අම්මෝ පස් පාරක් පල්ලි යනවාද? අපේ ගම් වල ඉන්න සමහර කතෝලිකයන්ට වැඩිය උන් හොඳයි

      1- දෙසැම්බර් 31 -
      "අයියෝ තාත්ති 31 නයිට් පල්ලියෙ ඉන්න පුලුවන්ද මට බීච් පාටි යන්නත් තියෙනවා"
      "අද රෑට රිදී රැයක් පෙන්නනවනෙ පල්ලි ඉතින් හැමදාම යන එකනෙ."
      "31 මරු ෆිල්ම් එකක් තියෙනවලු නේද?"

      2- නත්තල්
      "ලෑස්ති වෙන්න පල්ලි යන්න ඔච්චර සල්ලි වියදම් කරලා ඇඳුම් ගෙනත් ගෙදර ඉන්න පුලුවන්ද?"

      3- පාස්කුව
      "අපෝ හැම පාස්කුවටම වගේ අදත් වහී වගේ. තෙතබරියන් ඇඳුම් ඇඳන් පල්ලියෙ ඉන්ඩ පුලුවන්යෑ. ඔන්න ඔය යන කාටහරි ඉටිපන්දං දෙක දියන් බෙන්සාරු කරන් එන්න කියලා"

      4- මහ සිකුරාදා
      "අද නිවාඩු දවසෙ පල්ලිය පැත්තෙ යන්න ඕනා. මහ සිකුරාදා පල්ලි නොයන එකා කතෝලිකයක්ද?"

      5- පල්ලියෙ මංගල්ලෙ
      "මංගල්ලෙට ඔෆිස් එකේ කට්ටිය එනවා කිව්වා උයන්න මොනාද ගේන්නෙ. පල්ලි හැන්දෑවට යංකෝ. හැමදාම යන පල්ලිනෙ"

      ඔන්න ඕකයි බොහෝ දෙනෙකුගෙ තත්වෙ..

      අපේ පල්ලියෙ පියතුමා මහ සිකුරාදා කියපු දේකින්ම මේක ඉවර කරන්නම් "ආ..අද ගොඩක් කට්ටිය පල්ලි ඇවිල්ලා තියෙන්නෙ නොදැකපු මූනු ගොඩායි..ජේසුව මරලා යන්න ආපු කට්ටිය වෙන්නැති..ආ..ඕගොල්ලන්ට කරන්න ආරාධනාවක් තියෙනවා..දෙසැම්බර් 25වෙනිදා අපි බර්ත්ඩේ පාටි එක ගන්නවා ජේසුගෙ .. එදාටත් එන්න..කලින්ම කිව්වෙ ආයෙ ඕගොල්ලන්ව හම්බෙන එකකුත් නෑනෙ.."

      Delete
    4. ඩිලා,
      මම ඉන්නෙත් වැඩිහරිය එතනම තමා . . (මම බුද්දාගමේ ඈ)

      Delete
    5. @ සෙන්නා,

      මොකද බං ගෙදර ආපුවාමවත් පල්ලිය පැත්තෙ යන්නෙ නැද්ද?

      Delete
    6. @ItalyDilan ට,

      ඒක නම් ඇත්ත බං පූජා උදව්වෙන් අයින් වුනත් හරි හරියකට පූජාවක් අහන්න උනේ නෑ..

      කොල්ලෝ ටික හම්බෙන්නෙ සතියකට සැරයයිනෙ..ඉතින් පූජාව වෙලෙත් වල්පල් තමයි අතරින් පතර..

      Delete
    7. අනේ නැහැ මචන්.. මම පල්ලි යන එක නවත්තලා ගොඩක් කල්.. ඇත්තටම මට දැන් කතෝලිකයෙක් කියන්ඩ බැහැ.. බෞද්ධයෙකුත් නෙමේ.. මගෙ දැන් උත්සහය පන්සිල් රැකගන ජීවත් වීම..ඒත් මුසාවාදා සහ පානාතිපාතා ( මකුනො, මදුරුවො ) දෙක නිතරම කැඩෙනවා..

      Delete
    8. පල්ලි නොගියත් යහපත් ජීවිතයක් ගතකරන එක තමයි වටින්නෙ..ආමිස පූජා වලට වඩා වටින්නෙ ප්‍රතිපත්ති පූජා කියලා කතාවකුත් තියෙනවනෙ...

      බලාගෙන මිනී පිට්ටනියක් නැති වෙන්න ඉඩ තියනවා.. :)
      ඉස්සර කතෝලික අයට කතෝලික පිට්ටනියත් අනිත් ඕනෑම කෙනෙකුට පොදු පිට්ටනියත්නෙ තිබ්බෙ..පන්සලේ හාමුදුරුවො ඒක අයිති කරන් බන්..දැන් පියතුමාගෙ අවසරය නැතුව කතෝලික පිට්ටනියෙ වලලන්න බෑ..හාමුදුරුවන්ගෙ අවසරය නැතුව පොදු එකේ වළලන්න බෑ..

      Delete
    9. ඕනෙ අයියත් පල්ලි යනවද?

      Delete
    10. මම වැඩි කාලයක් හිටියෙ ජා ඇල මචෝ . . . ඉතිං පල්ලි නොයා කොහොමද ???

      Delete
    11. @ ඕනයියා,

      දේසේ හැටියට වාසේ කිව්වලු..

      Delete
    12. මම දන්නා තරමින් ගමක තියෙන පොදු සුසාන භූමිය අයිති ඒ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාවට. ඒ සුසාන බිමේ මෘත දේහයක් තැන්පත් කරනවා නම් ප්‍රාදේශීය සභාවේ අනුමැති තියෙන්න ඕනේ.

      පන්සලේ හාමුදුරුවන්ගේ අවසරයක් ඒකට උවමනා කරන්නේ නැහැ

      Delete
    13. අපේ පැත්තෙ තියන කතෝලික පිට්ටනියත් පොදු සුසාන භූමියත් වෙන්වෙලා තියෙන්නෙ අත්තිවාරමකින්..කතෝලික පිට්ටනි මළවුන්ගෙ මංගල්‍යයට කාරිය සුද්ද් වෙලා තියෙනවනෙ..ඉතින් පන්සලේ හාමුදුරුවොත් කට්ටිය දාලා ඒ පැත්තත් සුද්ද කරනවා වගේම ඒකට කියන්නෙ බුද්දහගමේ පිට්ටනිය කියලා..මිනියක් දාන්න නම් හාමුදුරුවන්ගෙ අවසරය ගන්න ඕන කියලා නීතියකුත් හදාගෙන..

      අපිට ප්‍රශ්නයක් නැති වුනත් ප්‍රශ්නයක් වෙන්නෙ කතෝලික ආගම අතෑරලා හෝ බෞද්ධාගම අතෑරලා අලුතින් බිහිවන නොයෙක් ආගම් වලට ගිය කට්ටියට..මොකද වැලලෙන්න තැනක් නෑනෙ..

      Delete
  15. අපේ එක්කෙනත් මේ ලඟදි පඤ්ඤා කෙනෙක් උනා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩෙකුටද? පොඩ්ඩියෙකුටද?

      සබන් පවුඩර් එහෙමත් අරන් යන්නැති නේද?

      Delete
  16. මම නම් ඔන්න ආදම් ඒව දෙන්නට බාල්දි පෙරලල නෑ හරි... උඹ ඔය කියන සාතන් අපේ කිරිඅත්තගෙ පනත්ත වෙන්න ඕන... :)

    ReplyDelete
    Replies
    1. යක්කු ගැන ලියනව කියල තියෙන එකත් ලියපන් ඉක්මනට...

      Delete
    2. හි...හි..මම ඕක ලියනකොටම හිතුවා සාතන් ඔය කමෙන්ට් එක දාවි කියලා..

      ඔව් ඔව්.. ඔයාලගෙ ආදිතමයා..

      සාතන්ගේ පරපුර ගැන ලිපියත් දාන්නම්කෝ..

      Delete
  17. හොඳ ලිපියක්. අහිවෘදි ආලේපය ගැනත් පුලුවන්නං වෙලාවෙක ලියන්න. දන්නෙ නැති අයට වැදගත් වෙයි ගොඩක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සඳමාල්..

      කතෝලිකයන්ට බිෂොප් උන්නාන්සේගෙන් කනේ පාර කන්න වෙන හැටිත් ලියන්නම්.. හි..හි..

      Delete
  18. මගෙ යාළුවො මඤ්ඤ්යි පඤ්ඤයි කියනව අහල තිබුනට හරියට තේරුම දැනන් හිටියෙ නෑ.
    මෙහෙ කියන්නෙ God father and God mother කියල

    ReplyDelete
    Replies
    1. දැන් දන්නවනෙ හරියටම.. :)

      මෙහෙ පොශ් අය කියන්නෙත් එහෙම තමයි ඔබා මාමෙ..

      "අපේ daughterගේ God father abroadවල ඉඳන් ඒවපු toys ටිකක්නෙ ඔය"

      Delete
    2. හෙහ්...හෙහ්...

      Delete
  19. මඤ්ඤා/ පඤ්ඤා - පෘතුගීසි වචන දෙකක්

    වඩා පැහැදිලිව සිංහලෙන් මෙසේ කිව හැක.

    මඤ්ඤා - ඇපකාර මව
    පඤ්ඤා - ඇපකාර පියා

    ඇපකාර පියා ලෙසට "මාරයා" (සාතන්) ඉදිරිපත් වුනු රසවත් කතාවක් ලියෝ තෝල්ස්තෝයි විසින් රචනා කොට ඇත.
    කියවන්න - මෛත්‍රී කරුණාව
    පරිවර්තක - සිරිල් සී. පෙරේරා
    ප්‍රකාශක - ඇස්. ගොඩගේ සමාගම

    ReplyDelete
    Replies
    1. මම ඊයෙ රෑ ඉන්න ගමන් හිතුවා ඔය වචන් කොහෙන් පාත් වෙන්න ඇතිද කියලා..මෙන්න උදේ උත්තරේ ඇවිත්..හි..හි..

      පොත කියවන්න ඕනා එහෙනම් හොයාගෙන..

      ස්තුතියි යමක් එකතු කළාට..

      Delete
  20. හරී දිව්‍ය සත්ප්‍රසාදය ගැනත් ලියපන්කෝ,,ඊලගට

    ReplyDelete
    Replies
    1. පට්ට ඉල්ලීම් තොගයක් බං තියෙන්නෙ..දැනට වේටින්ග් ලිස්ට් එකේ
      පාප්තුමා, යක්කු, 666, අභිවෘද්ධි ආලේපය , කතෝලික ක්‍රිස්තියානි වගේ ගොඩක් එව්වා තියෙනවා.. දැන් දිව්‍ය සත්ප්‍රසාදෙත් දා ගත්තා...


      එල එල..ඉඩ තියෙන වෙලාවක ලියන්නම් ලඟදීම..

      Delete
  21. "ගෑණි හැදුනෙ මිනිහාගෙ ඉළ ඇටේකින් නෙමෙයි කියලා හිතනවානම් ගෑණු ළමයිනුත් පිරිමි ළමයිනුත් තම තමුන්ගෙ වම් පැත්තෙ ඉල ඇට ගැනලා බලන්නලා"

    මේකෙන් කියන්න ගියේ මොකක්ද මට නම් තේරුණේ නැහැ :(

    මටත් ප්‍රශ්න ටිකක් ආවා.

    1. මඤ්ඤවයි පඤ්ඤවයි මාරු කරන්න පුලුවන්ද ?
    2. මඤ්ඤ පඤ්ඤ සංකල්පේ මුල් කාලේ ඉදන්ම කෙරුණු දෙයක්ද ?
    3. අනික් ප්‍රශ්නේ බෞතිස්මේ එක්ක සම්බන්ධයි. ජේසුතුමා බෞතිස්ම කරපු ජෝන් බැප්ටිස් [නම හරිද මන්දා] එයාව බෞතිස්ම කළේ කවුද ?

    ReplyDelete
  22. යාංතං එක්කෙනෙක්ට මීටර් වෙලා.. ඕක ලියවුනාට පස්සෙයි දන්නෙ ඔය කතාව වැරදියි කියලා.. ඒත් කියවන අයටම හොයාගන්න තිබ්බා..

    මෙහෙමයි බයිබලයේ සඳහන් වෙනවනෙ ආදම්ගෙ ඉළ ඇටේ ගලවලා ඒව හැදුවා කියලා..ඔය නිසාම නිකන් කට කතාවක් වගේ එකක් තියනවා..පිරිමියෙක්ගෙ වම් ඉළ ඇට ගණන ගැහැණු කෙනෙක්ගේ වම් ඉළ ඇට ගණනට වඩා එකක් අඩුයි කියලා..බොරු කියන්නෙ මොකටද මම ඔය වාක්‍යය ලිව්වෙ එහෙම හිතාගෙන..ඒත් එවලෙම සර්ච් කරද්දි තේරුනා ඒක බොරුවක් කියලා..ඒත් ලියපු එක නොමකා තිබ්බා සංවාදයකට භාජනය වෙයි කියලා හිතලා..

    ඔයා ප්‍රශ්න අහන එක හොඳයි ඒකෙන් මට මඟහැරුනු ගොඩක් කරුණු අනාවරණය වෙනවා..

    1.මඤ්ඤවයි පඤ්ඤවයි නිල වශයෙන් අවශ්‍යය වෙන්නෙ බව්තීස්ම වෙලාවට විතරයි...එවලෙ චාරිත්‍ර වලටත් ලියාපදිංචියටත් පස්සෙ නිල වශයෙන් කිසිම කාරණයකදී ඔවුන් ඕන වෙන්නෙ නෑ..ඉතිරි වගීම් ඉටුක්‍රීම ඔවුන්ගේ වැඩක්..ඒක නිසා මාරු කරන්න අවශ්‍යය නැතුවාක් මෙන්ම එසේ කිරීමට බෑ...

    2.ජේසුතුමාගේ මරණින් පස්සෙ ආරම්භ වෙච්ච කතෝලික සභාවෙ බව්තීස්මය තිබිලා තියෙනවා සභාවට බඳවා ගැනීමක් හැටියට..නමුත් ඒ කාලෙ ළදරුවන් ඇතුළත් කරගෙන නෑ..කතෝලික ධර්මය තේරුම් අරන් බැඳෙන අය තමයි හිටියෙ..වැඩිහිටියන්ට තවත් මඟ පෙන්වීමක් අවශ්‍යය නැති නිසා මඤ්ඤවයි පඤ්ඤවයි ඉඳලා නෑ..

    නමුත් ක්‍රි.ව. 2වැනි සියවසේ ළදරුවන් බව්තීස්ම කිරීම ආරම්භ වුනාට පස්සෙ යම් හෙයකින් දෙමාපියන් මියගියොත් ළමුන්ගේ රැකවරණයට මඤ්ඤවයි පඤ්ඤවයි නම් කිරීම හේතු වුනා...ඒ කාලෙ ක්‍රිස්තියානින්ට ඇතිවුනු තාඩන පීඩනත් මෙයට හේතු වෙන්න ඇතැයි සිතනවා..

    3.ජෝන් බැප්ටිස්ට සිංහලෙන් කියන්නෙ ස්නාවක ජොහාන්.. බයිබලේට අනුව දෙවියන් වහන්සේ තමුන්ගෙ පුත්‍රයව මෙලෝකෙට එවන්න පොරොන්ඳු වෙනවනෙ..ඉතින් ඒකට මිනිස්සුන්ව සූදානම් කරන්න දිවැසිවරු කාලෙන් කලෙට බිහිවුනා..ඒ අයගේ අන්තිමයා තමයි ස්නවක ජුවාම්..

    ජේසු එයාට පස්සෙ එන බව තේරුනු එතුමා මිනිස්සුන්ට උපදෙස් දුන්නා තමුන්ගෙ පව් වලට පසුතැවිලි වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න..

    එහෙම පසුතැවිලි වෙන මනුස්සයන්ගේ පව් සේදීයාම සංකේතවත් කරන්න ජොර්දාන් ගඟේ ඔවුන්ව නෑව්වා...ඒක නිසා ස්නාවක ජොහාන්ව කවුරුත් ස්නාපනය කරලා නෑ..

    මෙවේලෙ තමයි ජේසු මෙතෙන්ට එන්නෙ..ජේසුවත් ස්නාපනය කරන්නෙත් ඒ ජේසු කියලා කලින් දැනගෙන නෙමෙයි..

    මම හිතන්නෙ උත්තර ලැබෙන්නැති..

    ReplyDelete
  23. අදමයි මෙහෙට ගොඩවුනේ... මම බෞද්ධයෙක් වුනාට මමත් හරිම ආසයි විවිධ ආගම් ගැන තොරතුරු කියවන්න :)

    Hasitha අහලා තියෙන 3 වෙනි ගැටළුව මටත් තියෙනවා, හැබැයි වෙනස් විදියකට...

    බෞතීස්ම කිරීම යුදෙව් ආගමේ ඉඳන්ම එන දෙයක් වෙන්න ඕනෙ නේද? මොකද ජේසුස්තුමාව බෞතීස්ම කලේ ස්නාවක ජුවාම් (මං හිතන්නේ ඒකයි හරි නම) ගංගාවක ජලයෙන් තවත් මිනිස්සු බෞතීස්ම කරමින් ඉන්න අතරේ නේද? අනික ලෝකය මැවීම තියෙන්න ඕනෙ පරණ තෙස්තමේන්තුවෙනෙ නේද? පරණ තෙස්තමේන්තුව නේද යුදෙව්වන්ගේ ආගමික ග්‍රන්ථය?

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මගේ අඩවියට...මමත් ඔයා වගේම තමයි...

      "බෞතීස්ම කිරීම යුදෙව් ආගමේ ඉඳන්ම එන දෙයක් වෙන්න ඕනෙ නේද?"
      මං ටිකක් හොයා බැලුවා..බෞතීස්ම කිරීම පටන් අරන් තියෙන්නෙ ස්නාවක ජුවාම් තුමා..ජුදා ආගමේදී දේවස්ථානයට ඇතුලු වීමට පෙර පිරිසිදුවීමේ සංකේතයක් ලෙස ජලස්නානය සිදුවුනත්..ජීවිතයේ එක්වරක් පමණක් සිදුවන බෞතීස්මයක් සිදුවෙලා නෑ..නමුත් ස්නාවක ජුවාම් තුමාට ඒ ජුදා චාරිත්‍රයේ අභාෂය ලැබුනා වෙන්න පුලුවන්..

      "වත් මිනිස්සු බෞතීස්ම කරමින් ඉන්න අතරේ නේද?"
      ඔව් මම හසිතට දුන්නු උත්තරේ ඒ ගැන සඳහන් වෙනවා..ඒ වගේම ස්නාවක ජුවාම්, ස්නාවක ජොහාන්, යොහාන් බෞතීස්ත, ජෝන් බැප්ටිස්ට් ආදී විවිධ නම්වලින් හැඳින්වෙන්නෙ එකම පුද්ගලයෙක්ව..

      "අනික ලෝකය මැවීම තියෙන්න ඕනෙ පරණ තෙස්තමේන්තුවෙනෙ නේද?"
      ලෝකය මැවීමේ ඉඳන් ජේසුස් වහන්සේගේ පැමිණීම අතර කාලය ගැන සඳහන් වන ඉතිහාසය වගේම නවකතා, කෙටිකතා, කවි, ගීත, දිවැස් වැකි ආදියෙන් යුක්ත පොත් 39ක එකතුවක් තමා පරණ ගිවිසුම..
      අලුත් ගිවිසුම කියන්නෙ ජේසුස් වහන්සේගේ ජීවිත කතාවත්, එතුමාගේ මරණින් පසු කතෝලිකමුල් කිතුනු සභාවෙ ඉතිහාසයත්, කිතුනු ඒකක අතර හුවමාරු වුනු ලිපිත් අඩංගු පොත් කීපයක එකතුවක්..

      "පරණ තෙස්තමේන්තුව නේද යුදෙව්වන්ගේ ආගමික ග්‍රන්ථය?"
      ඔව්.ජුදා ජාතිකයෙක් වුනු ජේසුතුමා පාවිච්චි කළෙත් පරණ ගිවිසුම..

      ස්තුතියි! ආයෙත් දවසක් මේ පැත්තෙ එන්නකො..

      Delete
  24. මම කියවපු භද්‍රජි මහින්ද ජයතිලක ලියපු ගෙත්සෙමෙනි සන්ධ්‍යාව පොතේ තිබ්බේ ස්නාවක ජොහාන්ගෙන් ජේසුතුමා බෞතිසම් වෙන්න ආපුවාම එයා ජේසුතුමාව හඳුනාගෙන "මම බෞතිසම වෙන්න ඕනේ ඔබෙන්" කියලා කියනවා.

    ඒත් ජේසුතුමා කියනවලු "දැනට මෙය මෙසේ වේවා" කියලා ස්නාවක ජොහාන්ගෙන් බෞතිස්ම වෙනවා කියලා.

    ReplyDelete
    Replies
    1. මම ඒ පොත නම් කියවලා නෑ හසිත.. හැබැයි ශු. බයිබලය ඔය ගැන කියන්නෙ මොනවද කියලා කියන්නම්...

      ඔයා දන්නවත් ඇති නව ගිවිසුමේ පොත් හතරකම ජේසුස් වහන්සේගේ ජීවිත කතාව තියෙනවා..

      මතෙව් තුමාගේ ග්‍රන්ථයේ තියෙන්නෙ ඔයා කිව්ව විදිහට තමයි..ජේසුව බව්තීස්ම කරන්න කලින්ම ස්නාවක ජොහාන් හඳුනා ගෙන ඔහොම කියනවා..

      නමුත් ලූක් තුමාගේ හා මාර්ක් තුමාගේ ග්‍රන්ථ දෙකේම හඳුනාගත් බවක් හෝ නොගත් බවක් විශේෂයෙන් සඳහන් වෙන්නේ නෑ..

      ජොහාන් තුමාගේ ග්‍රන්ථයේ තියෙන හැටියට ස්නාවක ජොහාන් තුමා කලින් හඳුනා ගන්නේ නෑ..ග්‍රන්ථ හතරේම තියෙනවනෙ ජේසුස් වහන්සේ ප්‍රාසාද ස්නාපනය ලබන කොට විශේෂ සිද්ධීන් කීපයක් වුනා කියලා..ඒ සිද්ධි වලින් තමයි ස්නාවක ජොහාන් තුමා හඳුනා ගන්නෙ..

      Delete
  25. ඔයා කීයකට පඥ්ඥා වුණාද? ස්තූතියි..මම කැමතිම ආගමක්

    ReplyDelete
    Replies
    1. තුන්දෙනෙකුට වෙලා තියෙනවා..

      මේ පැත්තෙ ආපු පළවෙනි වතාව නේද?

      ආයෙත් ඇවිත් යන්න එන්න.

      Delete
  26. ප්‍රතිචාරයක් දෙන්න බැරි උණාට මම මේකේ තියෙන ගොඩක් ඒවා බැලුවා. දන්නේ නැති ගොඩක් දේවල් දැනගත්තා. ඒවාට ගොඩක් ස්තුතියි..
    ඉස්සර රුපවාහිනියේ තිබුණා "සුරඟන කතා කරලිය " කියල එකක්. ඒකෙ මඤ්ඤා
    කියල කෙනෙක් හිටියා. ඒක අහල මඤ්ඤං වෙලා හිටියේ එදා. අද තමයි හරියටම දැනගත්තේ :)

    ReplyDelete
    Replies
    1. දැනුමට යමක් එකතු කරන්න ලැබුනාට සතුටුයි!

      ඔය මොන කතාවෙද?

      Delete
    2. නම නම් හරියටම මතක නෑ. අර ගෙඹි කුමාරයෙක් ඉන්නේ. එයාගෙ මඤ්ඤා සාපයක් කරලා එයා ගෙම්බෙක් උණා කියල කිව්වේ. කුමාරි ඇවිත් උම්මා එකක් දුන්නම හරියන්නේ :) අන්න ඒක.

      Delete
  27. බෞතීස්මය පැහැදිලි කලාට ස්තුතියි.............
    ලංකාවේ සිංහල බෞද්ධ.
    සිංහල කතෝලික කියලා දෙකක් හිටියෙ නෑ..
    පරම්පරා තුන හතරකට උඩදි සෑහෙන බෞතීස්මයක් කෙරිල තියනව..
    තෙරුවන් සරනයි

    ReplyDelete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...