2.23.2012

මම දුටු කොටි ................3

මගේ කොටි නැටුම් පෙන්නලා මම දුටු කොටි එකයි මම දුටු කොටි දෙකයි කිව්වට පස්සෙ කොටි ගැන කියන්නම බැරිවුනා. කොටි දෙකේදී අහපු පුරස්නයක් හින්දා කතාව වෙන පැත්තකට හැරුනනෙ. මම දුටු කොටි කියලා පටන් ගත්තට ඉස්සරහට මම අහපු කොටි ඒ කිව්වෙ කොටි පාලන සමයේ මඩු පල්ලි ගිය අනිත් අයගේ අත්දැකීමුත් කොටි ඉපදෙන්නත් කලින් මඩු ගිය අපේ අම්මලා තාත්තලාගේ විතරක් නෙමෙයි සීයලා ආච්චිලාගේ අත්දැකීමුත් මේකටම අමුනන්නයි ඉන්නෙ. හැට ගණන්වල හැත්තෑ ගණන්වල ඉතා දුර්ලභ ඡායාරූප එකතුවකුත් මට හම්බවුනා.ඒ ඡායාරූප මා ගාව හැර මේ ලෝකෙ කා ගාවවත් නෑ :) . ඒ ටිකත් ඉස්සරහට දාන්නම්.

උඩ තිබ්බ සබැඳි වලින් පහුගිය එව්වා කියවලා ආවා කියලා හිතාගෙන පටන් ගන්නම්. 
ඒ වෙනකොට අපි හිටියෙ පන්ඩීරිච්චාන් පාරෙ නාන්න යමින්. දූවිල්ලෙන් සම්පූර්ණයෙන් වැහුනු පාරෙ දූවිලි අතරින් තරමක් විශාල තොරණ් දෙකක් ඈත ඉඳලාම පෙනුණා. තොරණ් දෙකේ තිබුනේ මොනාද කියලා හරියට මතකයක් නැතත් යාන්තම් මතක විදිහට එල්.ටී.ටී.ඊ. සොල්දාදුවන්ගේ රූප වෙන්න ඕනෙ තිබුනේ. කොහොමහරි ඒ තොරණ් දෙක මැදි කරගෙන තිබුනේ කොටින්ගේ මිනී පිට්ටනියක්.

ඉස්සෙල්ලා කිව්වා වගේම පිට්ටනිය ළඟදී අපේ වාහනයට කොටියෙක් කියා සිතිය හැකි දෙමළ මනුස්සයෙක් අත දැම්මා. මිනී පිට්ටනිය පෙන්වමින් දෙමළෙන් මොන මොනවදෝ කිව්වා.   "අපි නාන්න යන්නෙ" එහෙම උත්තර දුන්නෙ සුක්කානම් කරකවමින් හිටි අපේ මාමා. කොටියාට නොතේරුන තැන අත් දෙකෙන් බාල්දිය ඔලුවට වක් කරනවා පෙන්නන්නත් මාමාට සිද්ධ වුණා. කොටියා ඉවත් වුණා.

"නරකාදි යක්කු අපේ එවුන් මරනවා මදිවට උන්ගෙ ලබ්බවලුත් අපිට පෙන්නන්න හදනවා" එහෙම කියාගෙන මාමා වෑන් එක ඉස්සරහට ගත්තා.

"මොකක්ද මාමෙ එතන තියෙන්නෙ"

"කොටින්ගෙ මිනී පිට්ටනියක්. මිනීවලවල් ලස්සනට හදලා මල් වවලා තියනවාලු. සෙරෙප්පු ගලවලා කියන්නෙ යන්නෝනා. අපේ බූරු සිංහලයොත් යනවානෙ ඕවා බලන්න."

"එතනට ගියාට පස්සෙ කැට අල්ලනවලු ආධාර කිය කිය. අපේ උනුත් සල්ලි දානවා. උන් ඒවායින් ආයුධ අරන් අපිටම කෙලිනවා"

දවසට හය හත්පාරක් එතනින් ගියත් මාමා කවදාවත් වාහනය ඒ පැත්තට හැරෙව්වේ නෑ. හැබැයි දෙමළ වගේම සිංහල ගොඩ දෙනෙකුත් ඒක බලන්න යන බව මිනී පිට්ටනියෙ රථගාල නිහඬව කියාපෑවා. බැරිවෙලාවත් ගමේ කෙනෙකුගේ වාහනයක් තියෙනවා දැක්කොත් උන්දලාගේ අම්මලා අප්පලාට පින් පමුණුවන්නත් මාමා අමතක කලේ නෑ.

පිටින් දැකපු හැටියට නම්  මිනී පිට්ටනිය වටේට හොඳට තීන්තගාලා ලස්සන කරපු තාප්පයක් තිබ්බා. තාප්පයට උඩින් පේළියට හිටවපු කස ගස් ඇර වෙන මොකුත් පෙනුණේ නෑ. කණට ඇහෙන්න සිංදු දාලා තිබුණා. වචන නොතේරුනත් තනුවල හැටියට නම් දේශාභිමාන ටයිප් එකේ එව්වා. ඔච්චරයි මිනී පිට්ටනියෙ මම දැක්කෙ. අපි රෑට රෑට ඒ ළඟ කැලෙට හාවෝ අල්ලන්න ගිය හැටි දන්නවනම් කොටි වෙඩි තියන්නෙ අපේ පුකට. 
මේ වගේ තියෙන්න ඇති.

ඔහොම ගිහිල්ලා කෙලින්ම ගියේ මෝටරයලාගෙ ගෙදරට. අපේ වෑන් එක එනවා දැක්කා විතරයි මෝටරයා දුවගෙන ආවෙ දත්තිස්දෙකම එළියෙ දාගෙන, මෝටරයා දන්න එකම සිංහල වචනෙ "මාතියා" කියාගෙන. මෝටරයා කියන්නෙ ඒ පැත්තෙ හිටපු දෙමළ මනුස්සයෙක්. මූන පුරා දවස් තුන හතරකින් නොකපපු රැවුලකුත් අහිංසක ඇස් දෙකකුත් තිබුන මෝටරයා තළෙලු හමක් තිබ්බ මනුස්සයෙක්. වයස 40ක් විතර ඇති. වත්ත පිටිය බැලුවාම පෙනුන හැටියට මෝටරයාගේ රස්සාව උනේ ගොවිතැන. ඊට අමතරව මංගල්ලෙ කාලෙට මිනිස්සුන්ට වතුර විකුණලා කීයක් හරි හම්බුකරගැනීම.

 වත්ත වටේටම තිබ්බෙ තල්පිති වැටක්. උතුරෙ ගිය අය නම් තල්පිති වැටවල් දැකලා ඇතිනෙ. ඒ වැට මැද්දෙ ගෙවල් දෙකකුත් පොල් වගාවකුත් කුඹුරකුත් ලොකු ළිඳකුත් තිබුණා. නාන්න ගිය නිසා වත්තෙ පිටියෙ විස්තර නම් හරියට බලාගන්න බැරිවුනා. ගෙවල් දෙකෙන් එක ගෙයක් පැල්පතක්. ඒකෙ තමයි බඩු මුට්ටු තිබුනෙ. අනික තරමක් විසාල කාමර වෙන් නොකරපු හොඳ ගෙයක්. අඩුවකට තිබ්බෙ ෂර්ලොක් හෝල්ම්ස් ඉල්ලක්කෙ පුරුදු වෙන්න බිත්තියට තියපු වෙඩි වාගෙ පෙනුන හිල්. ඒ ගෙදර එක බඩුවක් වත් තිබුනෙ නෑ. බිම ගොම මැටිගාලා තිබුනා වගේම පැදුරු කොට්ට විතරයි මුලු ගෙටම තිබුනෙ. පස්සෙ දවසක පාන්දර ගිය වෙලේක පෙනුන විදිහට පල්ලිය අවට ගැවසෙන කොටි තාවකාලිකව නවාතැන් ගන්න ඒ ගෙය පාවිච්චි කරන බව පේන්න තිබුණා. ඒ ගෙදරදි දැකපු හද සසල කරනම දේ තමයි වහලෙන් වතුර වැටිලා පස් හෝදයනවට දාලා තිබ්බ උපක්‍රමේ. පින්තූරෙකින් දාන්න හිටියත් හොයාගන්න නෑ. උපක්‍රමේ තමයි සිල්පරන් කොටෙත් පීල්ලත් අතර තියෙන තැටියක් වගේ යකඩ කෑලි එක ළඟ එක ළඟ තියලා. අනේ අපේ පොදු දේපළ.

තමුන් වගාවට පාවිච්චි කරන මෝටරයෙන් අපිට නාන්න වතුර ටැංකි වලට පුරවා දෙන නිසාත් නම අසාගැනීමට තරම් අපට උවමනාවක් නොතිබ්බ නිසාත් අපිම තමයි 'මෝටරයා' කියලා දාගත්තෙ.  නම අහන්න කම්මැලි උනාට මොකද දන්න දෙමළ දාලා කොටින්ගෙන් කරදරද කියලා නම් මාමා අහලා තිබුනා. මෝටරයා කියන හැටියට නම් උන් කියන කියන හැටියට වැඩ කරනකම් අවුලක් නෑලු. නැතිවුනොත් සොරිම තමාලු.

ඔහොම මෝටරයාගේ වතුරෙන් ඇතිවෙන්න නා කියා ගත්තාට පස්සෙ පාර අයිනට එහෙම වැරදිලාවත් අපි එන්නේ නෑ. ඒ ආවත් මුවෝ වතුර බොද්දි ඉස්සි ඉස්සි ඉන්නවා වගේ ඈත පාර දිහා බලන් ඉන්නෙ ටොනාඩෝවක් හරි දූලි කුණාටුවක් හරි එනවද කියලා. 

ඒ පාරෙ වාහන තුන් වර්ගයක් ගියා. එක වර්ගයක් තමයි වන්දනාවෙන් ගිය දකුනෙ වාහන. අනික වර්ගය එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ්වලින් වන්දනාවේ පැමිණි හෝ ඒ පැතිවල සාමාන්‍ය ජනතාවගේ වාහන. මේවා හඳුනාගැනීමට පහසුවුනේ දෙමළ 'ත' යන්නෙන් පටන්ගත් ලියාපදිංචි අංකයක් තිබූ නිසා. අනික් වාහන වර්ගය තමයි චාරයක් නැතුව ගමන් කළේ. එව්වා තමයි කොටින්ගේ වාහන. සුඛොපබෝගී වාහන වුනාට කිසිම අංක තහඩුවක් තිබුනේ නෑ. වටේම උපරිම කලු කරලා තිබ්බෙ. වින්ඩ්ස්ක්‍රීන් එකෙත් රියදුරාගේ ඇස් වලට හරි යන තරමේ පොඩි පටියක් විතරයි ඉතුරුවෙලා තිබ්බෙ. වැදගත්ම දේ වුනේ උපරිමේට ගිය නිසා ඇති කරපු දූවිල්ල. අඩි ගණනාවක් උසට වගේම මීටර් ගාණක් පළලටත් ලොකු දූවිල්ලක් ඇති වෙනවා ඔය වාහනයක් ගියාට පස්සෙ තප්පර ගාණක් යනකන් ළඟ ඉන්න එකාව පේන්නෙත් නෑ දූවිල්ලෙ සැරම හරියට සෙට් වුනොත්. හැබැයි එක වාසියක් තිබ්බා. ඕකක් එන බව පාරෙ නොපෙනුනත් ඈත අහස දිහා බලපුවම කියන්න පුලුවන්. එතකොට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නයි තියෙන්නෙ. එක්කො වත්ත ඇතුලට යන්න නැත්නම් වාහනේටවෙලා දොර ජනෙල් වහගන්න.

නෑම ගැන ඔච්චරයි කියන්න තියෙන්නෙ. දවසක් ඔතනට නාන්න එන්න අවසර නොදීපු නිසා දැකපු දේවලුත් කොටි දෙන්නෙක්ගේ මර්කටිනුත් ඊළඟ ලිපියෙන්.

34 comments:

  1. ඊලඟ ලිපිය එන තෙක් නෙත් අයා සිටිමි...

    ReplyDelete
    Replies
    1. නෙත් අයා ඉන්න ඕනෙ නෑ..බ්ලොග් රෝලෙ පෙනෙයි... :)

      ස්තුතියි! උනන්දුවට..

      කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙ?

      Delete
  2. මම ඒත් අහන්ඩත් කියලා හැදුවේ කොටින්ට මොකද උනේ කියලා.. !

    ආශ්චර්ය මාමා කරපු එකම හොඳේ ඔය වහන්ගතේ තුරන් කරලා දාපු එක තමා.. නැත්නම් ඉතින් අදටත් අපිට ඔය පැතිවල යන්ඩ වෙන්නේ ඔහොම තමා..

    ඔය සොහොන් පිටි තාම තියනවද මචං..?

    ඊළඟ එක එනතුරු බලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. @ සෙන්නා,

      කොටි කතාව එක දිගට යද්දිත් එපා වෙනවා..අනික්වාත් එහෙම තමා..ඒක නිසා එකක් ඇර එකක් දාන්න ගියත් වෙන පැත්තකටම ඇදිලා ගියා..

      ඒක නම් හොඳක්ම තමා..ඒත් අමතක කරන්නෙපා වීරයා හිරේ කියලත්...

      පහළ කමෙන්ට් එකක කියලා තියෙන විදිහට නම් ඒවා විනාස කරලලු..මේක ආයෙම ලියන්න මතක් වුනේ කවුද කියනවා ඇහුනා සොහොන් හැටියට තියන් ඉඳලා තියෙන්නෙ ආයුධ ගබඩාවල් කියලා..

      උනන්දුවට ස්තුතියි..එව්වා ලියලා තිබුනත් එක දිගට දාන්නත් බෑනෙ..සතියකට සැරයක් වැටෙයි...

      Delete
  3. උබ ඒ පැත්තෙත් හිටියා කියලා දන්නේ අදයි.ටයිට්ල් එක දැක්කම හිතුනේ කිබුල් මස් එපා වෙලා කොටි මස් ගැනවත් ආස හිතිලද කියලා :D

    ReplyDelete
    Replies
    1. මොකක්ද මේ කිඹුල් මස් කතාව..? මම දෙතුන් පලකම දැක්කා... කිව්වනම් බලන්ඩ අපිටත් දැනගන්ටත් එක්ක..

      Delete
    2. නිකමට මැන්ටල්..මම මධුරංගගේ බ්ලොගෙ දැම්මා කමෙන්ට් එකක් කිඹුල් මස් ගැන කියලා..එදා ඉඳන් හැම එකටම ඒකා කිඹුල් මසක් ගාවනවා..

      @නිකමෝ :බොට දැන් රාගම කිඹුලාට කරපු දේ තමයි කරන්නෙ..

      Delete
    3. @ නිශාන්,
      හිටියා නෙමෙයි බං...මම මඩු පල්ලි ගිය කතාවයි තියෙන්නෙ...

      උඹ කොටි මසුත් කනවද බං?

      Delete
    4. @ සෙන්නා,

      ඔය ඇනෝ කියලා තියෙන්නෙ ..ඒක තමයි ඇත්ත..

      Delete
  4. මේක ඉක්මනට ලියපං හරී... දැන් ඇද්දා ඇති... උඹ හදන්නේ කුතුහලය අවුස්සලා අපිව මරන්නද...

    ReplyDelete
    Replies
    1. ලියලා තියෙන්නෙ මචෝ..ඒත් එකපාර බර බර ගාලා දාලා වැඩක් නෑනෙ...පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙයං..

      Delete
  5. ඔය වගේ සොහොනක් මම් නැගෙනහිර පැත්තෙත් දැකලා තියෙනවා. ඒත් හරියටම නිච්චි නෑ බං !
    කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න !!

    ප.ලි. - අළු බදාදාත් පහු උනා කියලා අපේ අම්මා කිව්වා. මෙදාපාර චතාරිකයට පෝස්ට් දාන්න කල්පනාවක් නැතෙයි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ සොහොන් ගොඩක් තිබුනාලු නේද?
      සතියකට සැරයක් එකක් වැටෙයි..

      අළු බදාදා ගැන ඔයා දාපු ලිපිය තියෙන නිසා අමුතුවෙන් දාන්න ඕනෙ නෑනෙ...මම හිතන්නෙ ගිය චතාරිකේම ඔයා කවර් කළානෙ..

      දැන් සරදියෙල් එහෙම බ්ලොග්ග් අවකාසෙ නැද්ද? අර ඕතොඩොx ගැන කියන කෙනා..

      Delete
  6. ඉතුරු ටිකත් දාපංකො බලන්න

    ReplyDelete
    Replies
    1. ළඟදීම දාන්නම් අයියේ..

      Delete
  7. දැන්නම් මඩු පල්ලියට යන්න මැදවච්චියේ ඉඳන් පාර කාපට් කරලා. වෙඩිල්ල වගේ යන්න පුළුවන් පාර දෙපැත්ත නම් තවමත් ජන ශූන්‍ය ප්‍රදේශ. වැඩි හරියක් කැලේ. ඔය කියල තියන එල්ටීටීඊ සොහොන් සියල්ලම ගලවා අයින්කරලා. දැන් හිස් මුඩු බිමක්. මඩු පල්ලිය අවටත් විශාල වශයෙන් අයාලේ යන ගව රංචු ඉන්නවා.
    ඔබේ ලිපිය ලස්සන මතකයක් අවදි කළා

    ReplyDelete
    Replies
    1. මටත් ආරංචි වුනා පාර කාපට් කරලා බව නම්..
      එල්.ටී.ටී.ඊ. සොහොන් ගලවලා බවත් ඒවල විශාල වශයෙන් ආයුධ තිබුණු බවත් ආරංචි වුණා...

      මේ ළඟදී ගිය බෞද්ධ යාලුවෙකුත් මට කිව්වා "මොනාද බං හැමතැනම ගොමනෙ. උඹලා ගොම ගොඩේද කූඩාරම් ගහන් ඉන්නෙ කියලා".. :)

      Delete
  8. මම හිතන්නේ ඔබ මීට පෙර ඔබ ලියපු මේ සම්බන්ධ ලිපියකටත් මම ප්‍රතිචාර දැක්වූවා. මෙන්න අද ප්‍රතිචාරය. කොටි මඩු ප්‍රදේශයට ආවේ ශ්‍රී ලංකා රජය රවටලා. අර සාම ගිවිසුම තමයි හෙනේට හිටියේ. පල්ලියේ පූජක වරුන්ගෙන් බහුතරය හිටියේ කොටින්ට පක්ෂ අය. අනික් අය අර 1988 - 89 කාලේ කැරලිකාරයන්ට බයේ දකුණේ අය අනුග්‍රහය දැක්වූවා වගේ කර කියාගන්න දෙයක් නැතුව කොටින්ට යටත් වුනා. අදටත් කොටින්ට පක්ෂ අය ඉන්නවා. මම මඩු, ප්‍රදේශයේ මෙන්ම පණ්ඩිවිරිච්චාන් (ඔබේ ලිපියේ පන්ඩිරිච්චාන් කියලා තිබුනේ යතුරු ලියන දෝෂයක් කියලා හිතනවා) පාලම්පිඩ්ඩි, කීරි සුට්ටාන්, වැනි ඒ අවට සේවය කලේ 1996 - 2000 කාලයේදී. කොටි මඩු පල්ලි යන අපේ අයව නොමග යැව්වේ මෙහෙමයි. පල්ලිය ළඟ තියන වැවෙන් නාන්නටත් බොන්නටත් ජල පහසුකම් තියනවා. නමුත් උන්ගේ පම්පෝරිය හා අර සොහොන් ප්‍රදේශය පෙන්නන්නයි මිනිස්සුන්ව ඒ පැත්තට යොමු කලේ. ඔබට වතුර දුන් මිනිහා සාමාන්‍ය වැසියෙක් නෙවෙයි. ඒ තමයි එල්.ටී.ටී.ඊ. ග්‍රාමාරක්ෂක සේවය. ඔවුන්ව හැඳින්වුණේ 'එල්ලෙ පඩයන්' කියන දෙමල නමෙන්. ඔය ඉලවු මහවිරු සොහොන පසු කාලීන යුද්දෙදි විනාශ වුනා. මේ අවුරුද්දේ මඩු පල්ලි ගියාම එතනින් උතුරු ප්‍රදේශය පාලම්පිඩ්ඩි පැත්තේ ඇවිදින්න අමතක කරන්න එපා. ඒ පැත්තේ මග රැක ඉඳලා අර ඔබ කිව්ව එල්.ටී.ටී.ඊ. ලොක්කන්ගේ වාහන උනුත් එක්කම කුඩුපට්ටම් වෙන්න වැඩේ දුන්නේ අපේ වීරයෝ. මඩු ප්‍රදේශයේ ගූගල් සිතියමක් ඔබේ ලිපියට එක කලානම් කදිමයි.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා දිගින් දිගටම ලිපි පෙළ සමඟ රැඳී සිටීම පිළිබඳව..ඒ වගේම මාගේ ලිපියේ වැරදි නිවැරදි කරමින් ඊට යම යම් කාරණා අලුතින් එකතු කිරීම පිළිබඳවත්..

      මම හිතාගෙන හිටියෙ ගමේ නම් පන්ඩි-එරිච්චාන් කියලයි..එය ටයිප් කරද්දී පන්ඩීරිච්චාන් ලෙසයි ටයිප් වෙන්නෙ..මින්පසු නිවැරදි වචනය භාවිතා කරන්නම්..

      පල්ලිය ළඟ ජල පහසුකම් තිබුනත් ඒවායේ අධික තදබදය නිසා තමයි නෑමට ජලය හොයාගෙන ගම් වලට ගියේ..බීමට ජලය අපි අරගෙන ගියා..සේදුම් වලට ලබා ගත්තේ බවුසර් මඟින් බෙදාදුන් ජලය..

      ඒ මනුස්සයා සාමාන්‍යය වැසියෙක් නොවන බව ඔයතරම් විශ්වාසයෙන් ඔය තරම් ඉක්මනට කියන්නේ කොහොමද කියන එක නම් පුදුමයි..කොහොමද හඳුනා ගත්තේ?

      ඔය ගේ තිබුනු තැන විස්තර ටිකක් මතකයි..ඔබතුමා ඒ හරියේ සේවය කළ නිසාත් ඒ හරියේ එච්චර ගෙවල් නැති නිසාත් සමහරවිට මම කියන විස්තර වලින් ගේ හඳුනා ගනීවි.

      මඩු කඳවුරේ ඉඳන් පණ්ඩිවිරිච්චාන් පැත්තට කොටි සොහොන පහු කරලා ටික දුරක් එන්නෝනා..ඒ ගි තියෙන්නෙ පාරෙ දකුණු පැත්තෙ..හොයාගන්න පුලුවන් හොඳම සළකුන තමයි මොකක් හෝ ස්මාරකයක් තිබුනෙ ඒ ගේ ඉස්සරහා..මඩු කඳවුරෙන් එළියට ආ පසු හමුවූ පළවෙනි ස්මාරකය එයයි..

      මොකක්ද කියලා හරියට කියන්න දන්නෙ නැති වුනත් වල්බිහිවී තිබූ හැටියට කොටි ස්මාරකයක් නොවන බවනම් පැහැදිලියි..සිමෙන්ති වලින් වටකරපු කොට බිත්ති තියෙන භූමියකුත්..ස්මාරකයේ නටඹුන් විදිහට අඩි 10ක් 15ක් උස යකඩ රාමුවකුත් තිබුණා..ඔබතුමාට සමහරවිට මතක ඇති..

      කොහොමහරි ඒ ග්‍රාමාරක්ශක භටයෙක් නම්..හපොයි අපේ මාමා.."මේ මිනිස්සු පව් කොටි නිසා හරියට දුක් විඳිනවා" කිය කිය 60 70 දෙන්න ඕන තැනටත් 100 කොළ දුන්නෙ..

      "ඔතනට නාන්න එන්න අවසර නොදීපු නිසා දැකපු දේවලුත්" කියන්න යන්නේ පාලම්පිඩ්ඩි කතාවයි..දිගටම රැඳී ඉන්න...

      Delete
    2. මම අදහස් දැක්වීමේදී විශාල සීමාවන් රැසකට යටත්ව එය කල යුතුයි. යුද හමුදාවේ අයගේ තොරතුරු අනවශ්‍ය විදිහට අනාවරණය නොවන පරිදි එය කිරීමට විශාල වෙහෙසක් ගත යුතුයි. ලියාගෙන යනකොට නොදැනුවත්වම සමහර රහස්‍ය තොරතුරු ලියවෙනවා කමෙන්ට් එක දාන්න කලින් හතර පාරක්වත් එඩිට් කරන්න වෙනවා. ඔබ වතුර නෑවේ එල් ටී ටී ඊ සුසාන භූමියේ සොහොන් පල්ලාගේ නිවසෙන් බව මට දැන් විශ්වාසයි. ඔවුන් දවල්ට ඔහොම ඉඳලා රෑට ආයුධ සන්නද්ධවයි ඉන්නේ. ඔබ බැන්නත් ගැහුවත් මොකුත් කරන්නේ නැහැ. ඔවුන් ඔබේ කතා හොඳින් අසාගෙන ඉන්නවා. ඔවුන්ට සිංහල පුළුවන්. නොදන්නා විදිහට ඉන්නේ අපි කියන දේවල් අහගන්නයි. ඒ, ඔබ අතර හමුදා ඔත්තුකරුවන් ඉන්නවද බලන්නයි. එහෙම සැකයක් ඇතිවුනොත් බොරු වැරැද්දක් පටවලා අත්අඩංගුවට ගන්නවා. එතනින් එහා හරිය කියන්න ඕනේ නැහැනේ.

      Delete
    3. ඔබතුමා කියන දේ පැහැදිලියි..එබඳු අපහසුතාවයන් මැද වුවත් ප්‍රතිචාර දැක්වීම අගය කරනවා..

      එල් ටී ටී ඊ සුසාන භූමියේ සොහොන් පල්ලා බව නම් විශ්වාස කරන්නත් අමාරුයි..ඒක ඇත්ත නම් ඔහු දක්ෂ නළුවෙක්..කොටි පාලනය නිසා කරකියාගන්න දෙයක් නැතිව හිටපු අසරණ දිළින්ඳෙක් විදිහට තමයි හිටියෙ...වතුර නැතිවෙච්චදාක පෙරිය පණ්ඩිවිරිච්චාන්වලටත් කට්ටිය කැන්දගෙන ගිහින් තිබුනා..ඒ ගමන මට යන්න වුනේ නෑ..හොඳ මනුස්සයෙක් හැටියටයි පෙනුනෙ..කවුද දන්නෙ ඔහොම එකක්..

      ඊළඟ ලිපියට සිතියමක් අමුණන්නම්..

      Delete
  9. මොකක්ද අර හාවෝ අල්ලන්න ගියා කිව්වේ? ලිපියනම් මරු...මට තවමත් ඔය පැත්තේ යන්න බැරි උනා නේ..

    ReplyDelete
    Replies
    1. හි හි ඔයා බබා දන්නේ නැද්ද ඒ පැත්තේ හාවෝ ඉන්නවා කියලා...

      Delete
    2. සයුරි,

      හාවො දන්නැද්ද හාවො..?

      උන් අල්ලන්න යන්නෙ මඩු කඳවුරෙන් ඈත කැලේට..ටෝච් එකකුයි බාල්දියකුයි අරන්..

      Delete
    3. ගැමියාගේ පත් ඉරුව,

      කොලුවත් කැලේ හාවෝ අල්ලපු එකෙක්ද කොහෙද?

      Delete
    4. @ සයුරි,

      තවම තේරුනේ නැද්ද?

      Delete
    5. ආ...අර බාල්දි කතාව කිව්වම නම් තේරුණා..හික් හික්

      Delete
    6. එහෙනම් කමක් නෑ..මම හිතුවා සද්දෙ නැතුව ඉන්නකොට තේරිලා නැතුව වත්ද කියලා..

      Delete
  10. තාම ඔය පැත්තේ යන්න බැරි විම ගැන දුකෙන් ලිපිය කියවු බව සදහන් කරන්නට කැමතියි...

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න ඕනෙ නෑ..දවසක් දාගෙන ගියානම් හරි...

      Delete
  11. කොටි කතා ටික ඔක්කොම කියෙව්වෙ අද. හොඳ විස්තර ටික.

    ReplyDelete
    Replies
    1. විස්තර ටික නම් හොඳ ඇති ඔබා මාමේ..ඒත් කියන විදිහ මෙලෝ රහක් නෑ නේද?..

      තව විස්තර තියෙනවා ඉස්සරහට..

      Delete
  12. ත්‍රිකුණාමලෙන් එහාට ගිහින් නෑ ඒ වුනාට තාමත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ හර්ෂණ අයියා බුකියේ දාපු ෆොටෝ නම් ආසාවෙන් බැලුවා ඔයා ගාව එහෙම ඇල්බම් එකක් නැද්ද

    ReplyDelete
    Replies
    1. යන්න මල්ලී ඇවිද්ද පය දහස් වටී කියනවනෙ..

      මා ගාව කමරාවක් නෑ මල්ලී..ඔය තැන්වල ගහපු පොටෝ තියෙනවා අපේ නැන්දා ගාව..ඒවා දාන්න බැරි හේතු දෙකක් තියෙනවා..

      එකක් මූණු තියෙන එව්වා තියෙන්නෙ..බ්ලෝගෙකට දාන්න බලන් වටපිටාව ගත්තු පොටෝ නැතුව ඇති..
      අනික එව්වා එකක්වත් ඩිජිටල් කැමරාවකින් ගහපුවා නෙමෙයි..

      කෝකටත් මම හොයලා බලන්නකො දාන්න පුලුවන් තත්වයේ පොටෝ තියෙනවද කියලා..

      හැට ගණන්වල හැත්තෑගණන්වල පොටෝ සෙට් එකක් ලැබුණා..ඒ ටික නම් මූණු තිබ්බත් දාන්න ඉන්නේ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...