8.13.2012

බස් ඩ්‍රයිවර්ගෙ පින

එක්තරා පැවිද්දෙක්, අපි නිකමට කියමුකො පියතුමෙක් කියලා, වසර ගණනාවක් මිනිස්සුන්ට යහමඟ පෙන්වලා, ආගමික වතාවත් ඉටු කරලා, බොහෝම ධාර්මිෂ්ඨ විදිහට ජීවත්වෙලා මියගියාලු.  ඔය වෙලාවෙදිම එච්චර නීතිගරුක නොවිච්ච, හොඳින් නොහැසිරිච්ච බස් ඩ්‍රයිවර් කෙනෙකුත් වලකජ්ජ ගැහුවලු. මැරුනට පස්සෙ ඉතින් මේ ලෝකෙ ඉන්න බෑනෙ කරපු පින් පව් අනුව ස්වර්ගයට හරි අපායට හරි යන්න වෙනවනෙ. ඉතින් දෙන්නගෙම පින් මහිමය අනුව ස්වර්ගයට යන්න වරම් ලැබුනලු. ඔන්න දෙන්නම ඉන්නවා ස්වර්ගයේ ගේට්ටුව ගාව.

ස්වර්ගයේ ගේට්ටුව භාර පේදුරුතුමා දෙන්නටම සුභ පැතුවාලු. ඇතුලුවෙන එක් එක අයට එයාලගෙ පින් මහිමයට අනුව ලැබෙන සම්පත් භාරදීම අයිතිත් පේදුරුතුමාටමලු. මුලින්ම පියතුමාට අයිති දේවල් දෙන්න හිතලා ඔන්න පියතුමාව පොඩි ජීප් එකක නග්ගගෙන ස්වර්ගයේ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුල් වුනාලු. ඊටපස්සෙ අක්කර 50ක් විතර ලොකු ලස්සන පරිසරයක තිබ්බ වත්තකට ඇතුල් වුනාලු. වත්ත මැද්දෙ පොඩි කොටේජ් එකක්ලු. "මෙන්න ඔබට ස්වර්ගයේ සැප සම්පත්. ලස්සන කොටේජ් එකක්, ඒවගේ පිරිසිදු වතුර පිරුණු පොකුණක්, ඒවගේම සාරවත් ගෙවත්ත. ඔබගේ ගෙදර ඔබට අවශ්‍ය පොත්පත් වලිනුත් පුරවලා ඇති "

"බොහොම ස්තුතියි! මට සන්තෝසෙන් හිටියෑකි."

ඊළඟ වාරය ආවෙ බස් ඩ්‍රයිවර්ටලු. ලස්සන ලිමොසීන් කාර් එකකට ඩ්‍රයිවර්ව නංවාගෙන ඉස්සරහ ගේට්ටුවෙන්ම ඇතුල් වුනාලු. අක්කර 500ක විතර වත්තකටලු ඇතුල් වුනේ. ඒ වත්ත ඇතුලෙ කඳු විල් ගංඟා එහෙමත් තිබුනලු. එක කන්දක් මුදුනෙ කාමර 200ක මාළිගාවක්ලු. ඒ ළඟ තිබ්බ ළිඳට ප්‍රාර්ථනාවක් කරාම ඕන දෙයක් ලැබෙනවලු. "මෙන්න ඔබට ස්වර්ගයේ සැප සම්පත්. අර මන්දිරයේ ඔබට සේවය කරන්න සිය ගණනක් සේවක සේවිකාවො බලාගෙන ඇති. ඔබට ඕන හැමදේමමෙහි තියෙනවා. සතුටින් ඉන්න"

බස් ඩ්‍රයිවර්ගෙ ඇස් දෙක නලලෙලු."පේදුරුතුමෙනි, වරදවා හිතන්න එපා. අර පියතුමාට වඩා වැඩියෙන් මට සැප සම්පත් ලැබුනෙ මොකද?"

පේදුරුතුමාට මඳ සිනා පහළ වුනාලු. "පුදුම වෙන්න එපා දරුවා. ඔබ ගොඩදෙනෙකුව ස්වර්ගයට යොමු කරවලා තියෙනවා. ගොඩ දෙනෙක්ව යාච්ඤාවට යොමු කරවලා තියෙනවා. ඒ කරපු පින් බලෙන් තමයි මෙච්චර සැප සම්පත් ලැබෙන්නෙ."

"ඒ කොහොමෙද? මමවත් ජීවිතේට යාච්ඤා කරලා නෑනෙ"

"ඇයි දරුවො ඔයා මේ පියතුමා වගේද? එතුමා යාච්ඤා කියනකොට මිනිස්සු නිදි. ඒත් ඔයා බස් එලවනකොට කීදෙනෙක් යාච්ඤා කරාද?"

-පරිවර්තනයකි-

50 comments:

  1. පරිවර්තනය ඉතාම ඉහලයි. බොහොම ස්තුතියි කතාවට. මෙවැනි කතා රාශියක් මතකයේ ඇතත්, සදාචාරය සහ මාගේ (තරුණ වයස?) ගැන සිතා නොලියමි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. විචාරක තුමා මේ.. විහින් නාකි වෙන්න හදන්න එපා.. ඔබතුමා අපිටනම් තවම තරුණයි. අර ඔබා මාමා වගේ.. :-) මේ සයිබරයේ වයස යන්නේ නෑ. මමනම් හැමදාම පොඩි එකෙක්..

      Delete
    2. දැක්කා නේද හරී, ඇලෙක්සැන්ඩර් කේජ් වුනා විතරයි දැන් රැස් විහිදෙනවා. ළඟදීම මමත් දෙනවා නියම කතා ටිකක්. දැන් ඒවා හැකි තරම් හොඳ භාෂාවෙන් සැකසෙමින් තිබෙනවා. දැන්වත් සතුටුද කේජ් උන්නැහේ?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. @ wichaaraka,

      අගය කිරීමට ස්තුතියි! අයියෝ.. ඔන්න ඔහේ හිමීට ඇඟට නොදැනි කියලා දාන්න විචාරක මහත්මයෝ.. තරුණ වෙන්න බේතක් තාම නැති එකේ.. ඔහොම හංගං හිටියොත් ඔය කතා කවදාවත් අහන්න වෙන එකක් නෑ..

      මම දන්නවා විචාරක මහත්මයාට පුලුවන් අර අමරදේව වගේ ප්‍රබුද්ධ බාසාවෙන් ඕක කියලා දාන්න.. ඔය පහළ එක්කෙනෙක් තර්ජනය කරලත් තියෙන්නෙ කතා ටික කියන්න කියලා .. :)

      Delete
    4. @ Alexander Cage,

      පින්තූරෙ දැක්ක ගමන් හිතුවෙ ක්සැන්ඩර් අයියා කියලා.. තව පොඩ්ඩෙන් පැටලෙනවා.. සාදරයෙන් මගේ බ්ලොගයට පිළිගන්නම්..

      Delete
  2. මේක ලන්කවේ ඉදන් කරන කතොලික අඩවියක් ,කරන්නේ කුඩාගම පල්ලියේ කට්ටිය (මම හිතන විදියට)උදවක් කරන්න
    www.godnewsalert.org

    ReplyDelete
    Replies
    1. මම දන්නා විදිහටනම් මේක කරන්නේ ලංකාවේ ඉඳලා නෙවෙයි සඳලංකාවේ ඉඳලා.

      Delete
    2. @ AnonymousAugust 13, 2012 12:14 ඵ්M

      මම කලින් ලිපියකත් මේ අඩවියට යන්න ලින්කුව දැම්මා.. ඔන්න ආයෙත් දානවා..

      www.godnewsalert.org

      Delete
    3. @ AnonymousAugust 13, 2012 5:31 ඵ්M

      ශුවර්ද?

      Delete
  3. මරු කතාව !
    අර කිව්වත් වගේ පූජාවල් වලට ගිහින් කී දෙනෙක් නම් නිදියනවද !

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං මටත් කොම්පියුටරේ ළඟ ඉන්නකන් ශෝක් එකට හිටියැකි.. ඔරසං කියන්න ඉඳගත්තද නින්ද යනවා..

      Delete
  4. මරු කතාව... හැබැයි පුතෝ ඔය කතාව මීඩියා එකටනම් දෙන්න එපා... අපි යාඥා කරන්න දන්නෙත් නැති එකේ මොනා කියවෙයිද දන්නේ නෑ බස් වල යද්දි. :D

    ReplyDelete
    Replies
    1. බයවුනාම 'ඉතිපිසෝ' ගාථාව කියන්න පුළුවන් නේද?

      Delete
  5. ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලට වෙනම ඒරියා එකක් වෙන් කරලලු තියෙන්නෙ එහෙ.

    මේ පොරොන්දු වූ දේශය අතරට දාපු අතුරුපසක් නම් හරී, ඒ වැඩේ ඇත්තටම හොඳයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ප්‍රයිවට් බස් කාරයෝ නම් එහෙ හොඳට සැප විඳිනවා ඇති.. මම ඒ කතාව පටන් ගත්තෙම අතරින් පතර ලියන්න තමයි.. ඒත් පාඨක ඉල්ලීම් නිසා දිගින් දිගටම ලියන්න සිදු වුණා.. ඒකයි පොඩි අතුරු පසක් දුන්නෙ..

      Delete
  6. හිකිස්‌
    ආගම ගැන ලියලා ලියලා අන්තිමට මේ යකා ආගම ගැන විහිලු කතාත් ලියනවා.මොනා වුනත් හිනා යන කතාව බං.මේ වගේ ඒවත් අතරින් පතර ලියපන් නැත්තම් එකම රටාව කම්මැලි වෙයි.

    ReplyDelete
    Replies
    1. ඕනම දෙයක් ඕනාවට වඩා ඕනා නෑ කියනවනේ... ඒක හින්දා පොඩි වෙනසක්..

      Delete
  7. හී හී..ඇත්තනේ කතාව.මට මතක් වුනේ "දඟය" කාර්ටූන් එකේ ගිය කොටසක්.

    ReplyDelete
    Replies
    1. දඟයගේ මේ වගේ කතාවක් තියෙනවද? මට නම් මතක නෑනෙ.. දඟයා එකේ මම කැමතිම දඟයගෙ යාලුවට..

      Delete
  8. අප්පට බොල එහෙනම් අපේ ඔක්කොම බස් ඩ්‍රයිවර්ලා එහේ ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. අනිවා... සැපෙන් සන්තෝසෙන් ඇති...

      Delete
  9. නියම පෝස්ට් එක. මට මතක් වුනේ මාව පොලිසියට ඇදගෙන ගියපු වෙලේ ඒ පොලිස් ඩ්‍රයිවර් එලවපු විදිය. ඒ යාඥාව අහලමද කොහෙද තමයි දෙවියන්වහන්සේ මාව නිදහස් කලේ.. :)

    ReplyDelete
    Replies
    1. දෙවියන්ගෙ පිහිටෙන් නිදහස් වුන එකම ලොකු දෙයක් ක්සැන්ඩර් අයියේ.. ඔය වගේ නන්නාඳුන රටකදී අපිට මොනාහරි වුනාම දෙවියන්ගේ පිහිටම තමා..

      Delete
  10. පට්ට කතාවක් මේකනං

    ReplyDelete
  11. පට්ට කතාව. නොදැන හරි පිනක් කරලා. අන්තිමට පින් ඩබල් වෙලා පල දීලා

    ReplyDelete
    Replies
    1. කාගෙත් කාගෙත් පින පල දීලා
      කාටත් කාටත් දෙයියෝ දීලා.

      Delete
  12. බස් ඩ්‍රයිවර්ලට ගිය කලක්.....

    ReplyDelete
    Replies
    1. දැසි දස්සෝ පිරිවරාගෙන අර මාළිගාවෙ ඉන්නකොට කොහොමද? ආයෙ සෙල්ලං නෑ නේද?

      Delete
  13. ඇත්ත නේන්නම්.කණේ වැලි ගෑවෙන්න වංගු ගන්නකොට යාඥා කරනවා. දෙය්යෝ බුදුන් සහිකරගන්නවා ඇර වෙන මක් කරන්නද? කොට කොටා ගියොත් එහෙම මගියො ඩ්‍රයිවර්ගේ හත්මුතු පරම්පරාවම හිතෙන් මතක් කරකර යන්නේ.

    ReplyDelete
    Replies
    1. කනේ වැලි ගෑවෙනවා කිව්වම තව කතාවක් මතක් වුනා..

      බස් නම් අපිට ඕනා විදිහට යන්නෙම නෑ.. මුල ටික පුලුවන් තරම් කොටලා අන්තිම ටික රේස් යන්නෙ..

      Delete
  14. මමත් වහාම බස් ඩයිබර් කෙනෙක් වෙනවා....

    ReplyDelete
    Replies
    1. බස් ඩයිවර් කෙනෙක් වෙලා මදි පුතා, අර විදිහට එළවන්නත් ඕනා..

      Delete
  15. නරක නෑ නියම කතාව

    ReplyDelete
  16. හිහිහිහී... :D

    //"ඇයි දරුවො ඔයා මේ පියතුමා වගේද? එතුමා යාච්ඤා කියනකොට මිනිස්සු නිදි. ඒත් ඔයා බස් එලවනකොට කීදෙනෙක් යාච්ඤා කරාද?"//

    ඇත්ත නේන්නම්.. :D

    ReplyDelete
    Replies
    1. අනික පියතුමා කියන කොට ගිරව් වගේ කියෝනවා මිසක් තේරුමකින් කියන්නෙ නෑනෙ.. ඒත් බස් එකේදි බයටම බොක්කෙන්ම කියනවානෙ...

      Delete
  17. ආ...... මරු පින.කතාවනම් සම්පූර්ණ ඇත්ත තමයි.කතාව විශිෂිට අන්දමින් ලියලා තියෙනවා.සුබපතනවා !

    ReplyDelete
  18. නියම කතාව. ලංකාවේ දුර බස් රියදුරොත් එහෙනම් මේ වෙද්දී හොඳ තැන වල ඉපදිලා ඇති නේ.

    ReplyDelete
    Replies
    1. පින වැඩිකමට වෙනම තැනක් හදලා දීලත් ඇති..

      Delete
  19. පේදුරුතුමා ගැණත් විස්තර ටිකක් කියමුද ?

    ReplyDelete
    Replies
    1. පේදුරු කියන්නෙ ධීවරයෙක්. ජේසුස් වහන්සේ මුණ ගැසීමෙන් පස්සෙ එතුමාගේ ගෝළයින්ගේ නායකයා වෙනවා. ජේසුස් වහන්සේගේ මරණයෙන් පස්සෙ සභාවෙ නායකයා වෙන්නෙත් පේදුරුතුමා. මම පාප්තුමා ලිපි පෙළේදි කිව්වා වගේ පළවෙනි පාප්තුමා හැටියට සළකන්නෙත් පේදුරුතුමාව. අන්තිමේදී නීරෝගේ අණින් මරණයට පත්වෙනවා.

      "ස්වර්ගයේ හා පොළොවේ යතුරු ඔබට භාරදෙමි" ප්‍රකාශය නිසා තමයි ස්වර්ගයේ ගේට්ටුව බලාගන්නෙ පේදුරුතුමා කියලා කතාවක් තියෙන්නෙ.

      Delete
    2. @ හරී

      පටලැවිලානේ තිබ්බේ. දැණ් හරි. ශාන්ත පීතර බැසිලිකාව කියලා කියන නිසා මට මතකෙට ආවේ පීටර් තමා ජේසුතුමාගේ ප්‍රධාන ගෝලයා කියලා... ස්තුතියි

      Delete
    3. ඔව්.. පීටර්, පීතර, පේදුරු තුනම කියන්නෙ එක්කෙනෙක්ට තමා.. 'පීටර්' කියන්නෙ ඉංග්‍රීසි නම.. ඒක පෘතුගීසි වහරන්නේ 'පේදුරු' විදිහට.. පීටර් කියන එක සිංහලේට ආපු විදිහ තමා 'පීතර'..

      Delete
    4. @ හරී

      ඒ පැටලුම ඇරගත්ත එක නම් ලොකු දෙයක්. මොකද මම හිතාගෙන හිටියේ පීටර් සහ පේදුරු කියන්නේ දෙන්නෙක් කියලා..... ස්තුතියි :)

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...