8.14.2012

අමුතු සද්දෙ

මේ කතාවට පාදක වෙන්නෙ තාපසාරාමයක්. තාපසයෙක් කිව්වාම ඕගොල්ලන්ට මතක් වෙන්නෙ මිනිසුන්ගෙන් ඈත්වෙලා භාවනායෝගීව ඉන්න පුද්ගලයෙක්නෙ. කතෝලික තාපසයෙක් කියන්නෙත් සාමාන්‍යය සමාජයෙන් ඈත්වෙලා යාච්ඤාවේ වගේම භාවනාවේ ජීවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් තාපසාරාම තියෙන්නෙත් ඊටම ගැළපෙන හුදකලා ඒවගේම දුෂ්කර පැතිවල. ඔන්න පඳුර වටේ තැලීම අහවරයි.

දවසක් අවුරුදු විස්සක විතර තරුණයෙක් ගොඩක් දුෂ්කර පාරක තමුන්ගේ කාර් එකත් එලවගෙන එනවලු.  ඒත් කාත් කවුරුවත් නැති පාළු තැනකදි හිටි හැටියෙම සද්දයක් දාපු කාර් එක නැවතුනාලු. උදව්වක් ඉල්ලන්නවත් අහල පහලක කවුරුවත් නෑලු. බලන් හිටියත් එක වාහනයක්වත් ඒ පාරෙ ආවෙ නෑලු. ඉතින් මේ කොලුවා හිමින් හිමින් ඉස්සරහට යද්දි ඈතින් පේන තාපසාරාමයක් දැක්කලු.

ටොක්..ටොක්...

"තාපසතුමෙනි, මම බොහෝම දුර බැහැර ඉඳලා එන්නෙ. මගේ කාර් එක කැඩුණා. මට අද රෑ මෙහෙ නවතින්න පුලුවන්ද?"

ටික වේලාවක් කල්පනා කළ තාපසතුමා "පිටස්තර අයව තාපසාරාමය ඇතුළට ගන්න එක අපේ සම්ප්‍රදාය නෙවෙයි පුතා. ඒත් අසරණ වෙච්ච මනුස්සයෙකුට උදව් කරන එක සම්ප්‍රදායට වඩා වටිනවා. එන්න ඇතුළට ඔබට අද රාත්‍රියේ මෙහෙ හිටියැකි. ඉන්න මම කාමරයක් ලෑස්ති කරලා දෙන්නම්" තරුණයාව තාපසාරාමයට පිළිගන්නවා.

 රාත්‍රී ආහාරයෙන් පසුව නින්දට යන ඔහුට මහා අමුතු ශබ්දයක් ඇහෙනවා. තමුන්ගේ විසි අවුරුදු ජීවිතයේ කවදාවත් අහලා නැති මේ හඬ ඔහුට මහා ප්‍රෙහෙලිකාවක්. උදේ කෑම මේසයේදී ඔහු මේ ගැන විමසනවා. "තාපසතුමෙනි, මට ඊයෙ රෑ මහා අමුතු ශබ්දයක් ඇහුනා. ඔබතුමන්ලාටත් ඇහුනද?"

"ඒ ගැන වැඩිය හිතන්න එපා පුතා. ඒ ගැන දැනගැනීම ඔබට වැදගත් නෑ"

"මොකක්ද තාපසතුමෙනි ඒ සද්දෙ"

  "පුතා, ඒ ගැන දැනගන්න පුළුවන් තාපසතුමෙකුට විතරයි." තරුණයාට ඒ හඬ කුමක්දැයි දැනගැනීමට ලැබෙන්නේ නෑ. කෑමෙන් පසුව තාපසතුමෙක් තරුණයාගේ කාර් එක හදලා දුන්නලු. තමුන්ට මෙච්චර උදව් කරපු තාපසාරාමයේ උදවියට ස්තුති කරපු තරුණයා බොහොම සන්තෝසයෙන් පිටවෙලා ආවලු.

අවුරුදු කීපයකට පසු...

අර තරුණයා ඒ දුෂ්කර පාරෙම තමුන්ගෙ වාහනය පදවාගෙන එද්දි ඒ තාපසාරාමය කිට්ටුවදීම වාහනය කැඩුණලු. මේ පාර නම් තරුණයා කලකිරුනෙ නෑ. මීට අවුරුදු ගාණකට කලින් උදව් කරපු තාපසතුමන්ලාත් හම්බෙලා යන්න පුලුවන් අවස්ථාවක් හැටියටයි ඔහුට මෙය පෙනුනේ. තාපසතුමන්ලාත් ඔහුව සාදරයෙන් පිළි අරන් වෙනදා වගේම නවාතැන් පහසුකමුත් සලසනවාලු.

එදා රාත්‍රියෙත් අර අමුතු ශබ්දය ඔහුට ඇහෙනවා.  ඒ ශබ්දය මේ වගේ ශබ්දයක් කියලා උපමා කරන්න දෙයක්වත් ඔහුට හිතාගන්න බෑ. ඒ තරමටම ඒ සද්දෙ අලුත්. ඒවගේම අමුතුයි. පහුවදා උදේත් මීට අවුරුදු ගාණකට කලින් ඇහුවා වගේම තාපසතුමන්ලාගෙන් ඔහු ප්‍රශ්න ඇහුවලු. ඒත් පුරුදු උත්තරේමයි. "පුතා, ඒ ගැන දැනගන්න පුළුවන් තාපසතුමෙකුට විතරයි. "

ඔහු කුතුහලෙන් පිරිලා. කොහොමහරි මේක දැනගන්නවාමයි කියන අධිෂ්ඨානයෙන් මෙහෙම කියනවා.  "හොඳයි.. හොඳයි.. තාපසතුමෙක් වෙන්නම ඕනෙනම් ඒකත් කරන්න මම ලෑස්තියි. දැන් කොහොමද මම තාපසයෙක් වෙන්නෙ? "

"එහෙම ලේසියෙන් බෑ පුතා, ඔයාට තාපසයෙක් වෙන්න පුලුවන්. හැබැයි මූලික සුදුසුකම තමයි මේ ලෝකෙ වැලිකැට කීයක් තියෙනවද? තණකොළගස් කීයක් තියනවද? කියලා හරියට කියන්න පුලුවන් වෙන්න ඕනෙ" ජයගත නොහැකි අභියෝගයක් තාපසතුමෙකුගෙන් එල්ල වෙනවා.

කලකිරුණු තරුණයා කලින් වතාවෙ මෙන් කාර් එක අළුත්වැඩියා කරගෙන පිටවී ගියාලු.

අවුරුදු 40 කට පසු...

කවුදෝ නන්නාදුනන මහල්ලෙක් තාපසාරාමයේ දොරටුව ළඟ. "තාපසතුමෙනි, මම ඔබ කිව්ව විදිහටම කළා. මේ ලෝකයේ තණකොළ ගස් 234,567,777,889,687,567,889 ක් තියෙනවා. වැලිකැට 987,654,321,345,765,754,356,458,356,890,234,452,365,219, 125ක් තියෙනවා"

මීට අවුරුදු ගාණකට කලින් තාපසාරාමයේ නවාතැන්ගත් තරුණයාව හඳුනාගන්නා තාපසයින් ඔහුව ඇතුළට ගන්නවා. "හොඳයි අපි කී ලෙස කළ නිසා ඔබ දැන් තාපසයෙක්"

"මට අර සද්දෙ මොකක්දැයි දැන්වත් කියන්ඩ"

"අපි කියන්න ඕනෙ නෑ. ඔයාම බලන්ඩ" අඳුරු කාමරයකට ඔහුව එක්කයන තාපසතුමන්ලා ඔහුට ලී දොරක් පෙන්නුවාලු. "අර දොරෙන් පිටිපස්සෙ ශබ්දයේ රහස ඇති"

වහා දොර ළඟට දිව්ව අලුත් තාපසයා දොර අරින්න හැදුවත් ඒක ලොක් කරලලු තිබුනෙ. ඒත් තාපසයො ඔහුට ඒ දොරේ යතුර දුන්නාලු. දොර ඇරීමත් සමඟ ඔහුට හමුවෙන්නෙ තවත් දොරක්. ගලින් කරපු මේ දොර බොහොම පැරණි එකක්. තාපසයෝ දුන්න යතුරෙන් ඒ දොරත් අරින්න පුලුවන් වෙනවා. ඊළඟට රතු මැණික් වලින් කරපු දොරක්. ඒකෙත් යතුර ලැබෙනවා. ඊටපස්සෙ නිල් මැණික් වලින් හදපු දොරක්. ඒකෙත් යතුර ලැබෙනවා. මේ විදිහට කිරිගරුඬ, පුෂ්පරාග, රිදී හා රත්තරන් දොරවල් පිළිවෙලින් මුණගැහෙන අතර තාපසතුමන්ලා ඒ ඔක්කොම දොරවල්වල යතුරු දුන්නලු.

මේ වෙනකොට අලුත් තාපසයාට දොරවල් ඇරලාම එපාවෙලා. "මෙන්න අන්තිම දොරට අන්තිම යතුර" එතකොට තමා අලුත් තාපසයාගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. දොර විවරවෙනවාත් එක්කම ඔහුට ඇස් අදහාගන්න බැරිවෙනවා. මෙතෙක් කල් තමා කුතුහලයට පත් කරපු ශබ්දය ඇසෙන තැන. තමුන් 'අවුරුදු ගානක් මහන්සිවෙලා අන්තිමේදී අරමුණ ඉටුකරගත්තා නේද?' යන සතුටුදායක හැඟීමෙන් ඔහු ඉපිලී යනවා. හරියට ඔලිම්පික් පදක්කමක් ලැබුනා වගේ. 

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශය තමයි යම් අරමුණක් වෙනුවෙන් නොපසුබට උතසාහයෙන් වැඩ කළොත් කවදා හෝ අපට ඒ අරමුණ වෙත යන්න පුළුවන් කියන එක.

 මේ අමුතු සද්දෙ මොකක්ද කියන එක ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නේද? ඒ වුනාට ඒ අමුතු සද්දෙ මොකක්ද කියලා කියන්න මේ කතාව ලියපු මමවත් දන්නේ නෑ.  මොකද මම තාපසයෙක් නෙමෙයිනෙ. අනික මම දැනගත්තත් ඔයාට කියන්න විදිහක් නෑ. ඔයත් තාපසයෙක් නෙමෙයිනෙ නේද?  :)

-පරිවර්තනයකි-

77 comments:

  1. මං දන්නවා කියන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ කියලා දාන්න අනේ..

      Delete
  2. මාව කරකෝලා අතෑරියා වගේ...
    කතාව දෙපාරක් කියෙව්වා. ඒත් මීටර් නෑ... අඩේ මේ කතාව සරලව කියලා දෙන්න බැරි ද ?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ වෙනකොට මධුරංග කතාව තේරුම් අරන් ඇති..

      එහෙම නේද?

      Delete
  3. අමුතුම කතාවක්..

    ReplyDelete
    Replies
    1. අමුතු සද්දයක් ගැන අමුතු කතාවක්..

      Delete
  4. W.A සිල්වගෙ කතාවක් තියනවා "යකාගෙ ලියුම" කියලා ඒකත් මෙ වගේ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් මරු කතාව ඒක......හැබැයි හීනයක්...

      Delete
    2. @ Loku John,

      මම හිතන්නේ මේ කියන්නෙත් විචාරක මහත්මයා කිව්ව කතාවම වෙන්න ඕනෙ..

      Delete
    3. @ සෙන්නා,

      මම කිව්වෙ සෙන්නා පොත් ගුල්ලෙක් කියලා..

      Delete
  5. අනෙ හුකපන්...

    ReplyDelete
    Replies
    1. එතකොටද ඒ සද්දෙ එන්නෙ ඇනෝ ?

      Delete
    2. අරු මොකෙක්ද බං. උගේ ජාතකයේ හැම තැනකම කියව කියව යනවා නේ.

      Delete
    3. එතකොට එන සද්දේ ගැනද හරි කිවුවේ

      Delete
    4. @ ඇනෝ,

      ස්තුතියි! ඔබට හිතුණු අවංකම සිතුවිල්ල කිව්වනෙ.. මට මේ හිතාගන්න බැරුව ඉන්නෙ මේකෙන් ඔය වගේ ආදර්ශයක් එන්නේ කොහොමද කියලා.. :)

      Delete
    5. @ Manoj Priyankara,

      අයි ඩෝන්ට් නෝ වයි! :)

      Delete
    6. @ සෙන්නා, අසර්, ඩිලාන්,

      දැන්නෙ තේරුණේ..

      Delete
    7. @ හැමෝටම,

      මේ ඇනෝගේ කමෙන්ටුව ඩිලීට් කළ යුතුද?

      මම ජීවිතේට කාගෙවත් කමෙන්ට් ඩිලීට් නොකළ නිසාත් මෙතන තියෙන්නේ අසභ්‍ය වචනයක් නිසාත් දෙකෙන් එකක් තෝරාගන්න බැරුවයි ඉන්නේ.

      මොකද කරන්නේ?

      Delete
  6. Replies
    1. හෑ.................................................

      Delete
  7. අපිත් මේ වගේ මෝඩකම් කරනවා නේද? තේරුමක් නැති හරියටම නොදන්නා දෙයක් පස්සෙ දුවන එක.. ජීවිතේ වටින කියන හැමදෙයක්ම පැත්තකට දාලා... හැබැයි කුතුහලය ඇති වෙන විදියට අපූරුවට කතාව ලියල තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මටත් ඒ වගේම දෙයක් පැහැදිලි කරන්න තමයි ඕනා වුනේ..

      මේකේ ඉන්න තරුණයා ඔක්කොම පැත්තකට දාලා ඔහුට වැඩකට නැති සද්දයක් පස්සෙ යනවා. මේක කියවන අය තරුණයාගේ නොපසුබට උත්සාහය නොහිතා සද්දය ගැන සිතනවා. අන්තිමේ බලද්දි අපිත් ඒ තරුණයා වගේමයි.

      Delete
  8. කුතුහලයක් අරන් ගිය දුර.
    මටත් දැන් වැලි කැට ගානයි තණකොළ ගස් ගානයි ගණන් කරන්න යන්න වෙනවා.මම තව අවුරුදු හතළිහකින් විතර එන්නම් බායි.

    ReplyDelete
    Replies
    1. ගණින්නෙ මොකටද ඔය පෝස්ට් එකේ දාලා තියෙන්නේ.. :)

      Delete
  9. ආසාවෙන් අන්තිම දක්වා කියවගෙන ගියේ අර සද්දේ මොකක්ද කියලා දැනගන්ට. අපරාදේ හොයාගන්ට බැරි උනානේ.:)

    ReplyDelete
    Replies
    1. ආසාව ඉෂ්ඨ කරන්න බැරිවීම ගැන කණගාටුයි පොඩ්ඩි අක්කේ.. ඒත් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශය ගත්තා නම් හරි..

      Delete
  10. මේ කතාව ගැන ලියන මේ කමෙන්ට් එක කියවන්න එපා. කියවන්න එපා කියන්නේ කියවලා වැඩක් නෑ. දැන් මෙතනින්වත් කියවීම නවත්වන්න. ඔන්න මම දන්නේ නෑ දිගටම කියෙව්වට ඔබටත් මටත් වැඩක් නෑ. මොකද මමවත් දන්නේ නෑ මේ කමෙන්ට් එකේ අග මුල. ඔන්න වෙනදටනම් මමත් කමෙන්ට් එක ලියාගෙන යද්දී මම දන්නවා ඒක මොන අදහසින්ද ලියන්නේ කියලා. නමුත් මේ කමෙන්ට් එක ලියන්න පටන්ගත් වෙලේ ඉඳලම මට හිතෙනවා මේකෙන් වැඩක් වෙයිද කියලා.මොකද කොතනින් පටන් අරගෙන කොතනින් කෙලවර වෙයිද මන්දා. දිග කමෙන්ට් එකක් ලිවීමේ තේරුමක් තියෙන්න එපායැ. ඒත් ඉතින් මේ කමෙන්ට් එක කොච්චර දිග වුනත් තේරුමක්‌ තියෙයිද මන්දා. ඉතින් දැන්වත් මේක කියවන ඒක නවත්තන්ඩකෝ. මොන කෙහෙම්මලකටද තවත් කියවන්නේ. අන්තිමට මට බනියි මොනවද මේ, මෙව්වා කමෙන්ට්ද, තමුසෙට බාගෙට පිස්සුද, අරවා මෙව්වා කියලා. ආපහු මුලටම ගිහින් බලන්ඩ මම මුලදීම කිව්වනේ මේ කියවන්ඩ එපා කියලා. ඉතින් මමද දැන් මෙතනට එනකල් කියවගෙන ආවේ?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක කියවලා මඤ්ඤං වෙලා පහලට ආවා විතරයි. මඤ්ඤං ඩබල්

      Delete
    2. හෙහ් හෙහ්....එල කමෙන්ට් එක විචාරක මහතා..ඒත් මට ප්‍රශ්නයක් ඇයි මේක මෙතන දැම්මෙ කියලා.. දැන් ඕක කියවපු අපිද ඔතනට එනකම් ලියාගන ආවේ... :-)

      Delete
    3. පෝස්ට් එකටම හරි යන කමෙන්ට් එක !

      Delete
    4. අමුතු දේවල් නොදැකපු නොඅපු දේවල් සෙවීම තමයි ජීවිත කාලයේම අපි බොහෝවිට කරන්නේ. ඒක මිනිස් ස්වභාවය. මිනිසා තරම් තැත් වරද න්‍යායෙන් (Trial and Error Theory) අත්දැකීම් ලබන තවත් සත්වයකු මේ ලෝකයේ නැති තරම්. හරී ගේ කතාවෙන් ගතයුතු ආදර්ශය පසෙක තබා ඇත්තටම ඒ හඬ කුමක්ද යන්න හොයන්නේ අපේ පොදු ලක්ෂණය එය නිසා. කතාවේ ආදර්ශය අවබෝධ වන්නේ ඉන් පසුවයි. මෙවැනි ලස්සන කෙටි කතාවක් තියනවා මට මතක හැටියට ඩබ්ලිව්. ඒ. ද සිල්වා මහතාගේ. මම හිතන්නේ එයත් ඡායානුවාදයක් බටහිර කෙටි කතාවක. එහිදී සිදුවන්නේ මෙයයි.
      දකුණු පළාතේ එක්තරා මුදලාලි කෙනෙක් (මගේ වයසේ කියමුකෝ) කෝච්චියෙන් කොළඹ එන්න සූදානම් වෙනවා ව්‍යාපාරික වැඩකට. (මේ ලංකාව සුද්දගේ පාලනය යටතේ තිබුන කාලය) මුදලාලි එයාගේ හාමිනේට කියනවා ගාල්ලෙන් උදේ කෝච්චියට නගින්න, එයාව පාන්දරින්ම ඇහැරවන්න කියලා. මේ මුදලාලි හරිම නාකි මනමාලයා. (ඔන්න ඉතින් ඒකටත් කියන්න එපා මම වගේ කියලා)මිනිහා සුදු සරම ඇඳලා, කෝට් එකක් ඇඳලා, නැමි පනාව ගහලා, කුඩෙත් අරගෙන, උඩු රැවුල කරකවලා, මනමාලයා වගේ කෝච්චියට නැග්ගා. කෝච්චි පෙට්ටියේ සෙනග නැහැ. මුදලාලි වාඩි වුන සීට් එකට මුහුණ ලා තිබුන සීට් එකේ ලස්සන සුද්දියක් හිටියා. මුදලාලි ඇස්දෙකෙන් වගේම කටෙනුත් ඈ දෙස බැලුවා. රැවුල කැරකුවා. සුද්දීත් ඇහැ දුන්නා. භාෂාව තමයි ප්‍රශ්නේ. මුදලාලි ඇහෙන් කතාව පටන්ගත්තා. සුද්දීත් එකසිය ගානට එහෙම කළා. සුද්දී තමන්ගේ බෑග් එකෙන් පොඩි කොළ කෑල්ලක් අරන් ඉංග්‍රීසියෙන් මොනවද ලියලා ඒ තුණ්ඩුව මුදලාලිට දීලා, කෝච්චියෙන් බැහැලා ගියා. මුදලාලිට 'තන්තෝසේ'බෑ. මුදලාලි කොළඹ ආවා. ඒත් අර තුණ්ඩුව කියවා ගැනීම ප්‍රශ්ණයක්. මුදලාලි ඒක පෙන්නුවා කොළඹ එයා ආව තැන මුදලාලිට. පෙන්නුවා විතරයි ඒ මුදලාලි 'බැහැපිය එලියට' කියලා මේ මුදලාලිව එලවා ගන්නවා. ඊළඟට මුදලාලි මේක පෙන්වන්නේ පාරේ යන කෙනෙකුට. ඒ මිනිහගෙන් ගුටි නොකා බේරෙන්නේ අනූනවයෙන්. මේක මහා ප්‍රහේලිකාවක් නිසා මුදලාලි යනවා පොලීසියට. ගිහින් ලොකු මහත්තයට සුද්දිගේ තුණ්ඩුව පෙන්වනවා ලැබුන හැටිත් කියලා. ලොකු මහත්තයා මුදලාලිගේ බෙල්ලෙන් අල්ලලා අහනවා 'උඹ කොහෙන්ද ආවේ' කියලා. ගම කිව්වම පොලිස් කාරයෝ දෙන්නෙකුට බාර දෙනවා 'ටිකට් අරන් දීලා මූව කෝච්චියට දාන්න' කියලා.මුදලාලි ඔක්කොම අවුල් වූ සිතකින් යුතුව ආපහු එනවා. ඒ එන ගමන් කෝච්චියේ තමන් ළඟ වාඩිවෙලා හිටිය කෙනෙකුට තුණ්ඩුව පෙන්වනවා. ඒ මිනිහා මුදලාලිට කුනුහරපෙනුත් බැනලා නැගිටලා යනවා. ගමන් වෙහෙස නිසා මුදලාලිට නින්ද යනවා. ටික වෙලාවකින් ඇහැරිලා බලනකොට මෙන්න අර සුද්දී ඉන්නවා මුදලාලිට මුහුණ දාලා තියන සීට් එකේ. 'ඈ බෝල බැල්ලියේ තෝ මොකක්ද මේ දුන්න හූනියම' කියලා අහන ගමන මුදලාලි කෝට් සාක්කුවට අත දානවා තුණ්ඩුව ගන්න. නමුත් සුද්දී ඒක හොරෙන් අරන් ඒකිගේ අතේ තියාගෙන ඉන්නවා. සුද්දී ඒක පුන්චි කෑලි වලට ඉරනවා. ඉරලා කෝච්චියෙන් එලියට විසි කරනවා. 'තෝ මාව කෑවා' කියලා සුද්දිව අල්ලගන්න පනින මුදලාලි කෝච්චියෙන් එලියට විසි වෙනවා. මුදලාලි යටි ගිරියෙන් කෑ ගහනවා. මුදලාලි හාමිනේ මුදලාලිව ඇහැරවනවා 'මොකද කෑ ගහන්නේ දැන් කොළඹ යන්න වෙලාව හරි' කියලා. මුදලාලි කියනවා 'බුදු අම්මෝ හාමිනේ අදනම් මම කොළඹ යන්නේ නැහැ' කියලා.
      සුද්දී අර තුන්ඩුවේ ලියලා තිබුන දේ ඒ කතාවේදී හෙලිවෙන්නේ නැහැ. නමුත් කතාව කියවන අය මහන්සි වෙන්නේ ඒ කතාවේ ආදර්ශයට වඩා, අර තුන්ඩුවේ ලියලා තිබුන දේ මොකක්ද කියලා අනුමාන කරන්නයි.

      හරී මේක දිග වැඩිනම් අවලංගු කරන්න.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    5. ඔය කතාව ඔයිට වඩා රසවත් කෙටි කතාවක් විචාරක මහත්මයා.මම හිතන්නේ ඔබ හදිසියේ කොටන්න ඇත්තේ.

      Delete
    6. ඔයා හරියටම හරි නිශාන්, මම ඒ කෙටි කතාව ගැන සම්පින්ඩනයක් පමණයි කලේ. කෙටි කතාව මීට වඩා ඉතාම රසවත්.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    7. @ විචාරක Wicharaka

      August 14, 2012 6:06 PM මෙතන තියෙන කමෙන්ටුව එපා කියපු හින්දම පොඩ්ඩක්වත් කියවලා නෑ..

      අපි කියන දේ අහන හොඳ ළමයි..

      Delete
    8. @ AnonymousAugust 14, 2012 6:33 PM,

      කමෙන්ටුව නොකියෙව්ව නිසා මොකුත් කියන්න බෑ...

      මොනාද ඒකෙ තියෙන්නෙ?

      Delete
    9. @ සෙන්නා,

      මොනාද කමෙන්ටුවේ තියෙන්නෙ..?

      Delete
    10. @ මධුරංග,

      මට දැන් හිතාගත්තැකි.. මේ වගේම කතාවක්ද කමෙන්ටුවේ තියෙන්නෙ...

      Delete
    11. @ විචාරක,

      "අමුතු දේවල් නොදැකපු නොඅපු දේවල් සෙවීම තමයි ජීවිත කාලයේම අපි බොහෝවිට කරන්නේ. ඒක මිනිස් ස්වභාවය. මිනිසා තරම් තැත් වරද න්‍යායෙන් (Trial and Error Theory) අත්දැකීම් ලබන තවත් සත්වයකු මේ ලෝකයේ නැති තරම්. හරී ගේ කතාවෙන් ගතයුතු ආදර්ශය පසෙක තබා ඇත්තටම ඒ හඬ කුමක්ද යන්න හොයන්නේ අපේ පොදු ලක්ෂණය එය නිසා. කතාවේ ආදර්ශය අවබෝධ වන්නේ ඉන් පසුවයි."

      ඔන්න කියන්න උත්සාහ කරපු එක තේරිලා.. මේ ටික තේරෙන්න පරිණත වෙන්න ඕනෙද මන්දා?

      ඇත්තටම විචාරක මහත්මයා මේ කතාව මගේ නිර්මාණයක් නොවුනත් කතාවෙන් මට හිතෙන්නෙ මෙවැනි දෙයක්..

      අර තරුණයා තමුන්ගේ ජීවිතයෙන් නිසි ප්‍රයෝජනය නොගෙන තමුන්ගේ ජීවිතයට කිසිසේත්ම අවශ්‍යය නැති දෙයක් පසුපස හඹා යනවා. මේ කතාව කියවන අපිත් ඒ තරුණයා වගේ. කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය නොගෙන සද්දෙ මොකක්දැයි හොයන්න තමයි උත්සාහය. අපිටත් නොදැනීම මේ කතාවෙන් පේන්නේ අපිවමයි. අපි කරන්නේත් තරුණයා කළ වැඩේමයි.

      කතාවට බොහෝම ස්තුතියි.. කලින් දැන හිටියේ නෑ.. ලොකු ජෝන් කිව්වම මම ඒක එයාට කෙටියෙන් කියන්න කියලා ඉල්ලීමක් කරන්නයි හිටියෙ.. ඕං දැන් ඒක හරි..

      හැබැයි කතාවෙන් තව කතාවක් මතක් වුණා. අපේ පන්තියේ කොල්ලෙක් කොළේක යමක් ලියලා තිබුනා. ඒක එකෙක් බලලා අනිකාට දුන්නා මිසක් තියෙන්නේ මොනවද කිව්වෙ නෑ. අන්තිමට පන්තියත් එක්ක තරහින් හිටපු ගුරුතුමෙකුටත් දුන්නා. එයාට තරහා ගිහින් ඒක දුන්නු ළමයව විදුහල්පතිතුමා ළඟට යවන්නයි ගියේ. එතකොටම ආපු අංශභාර ගුරුවරයා කොළේ ඉල්ලන් බලලා අර ගුරුතුමාව වැළකුවා. "පිස්සුද සර් අපි ඔය ළමයව ප්‍රින්සිපල් ගාවට යැව්වොත් අපිත් බූරුවො වෙනවනෙ"

      "හරී මේක දිග වැඩිනම් අවලංගු කරන්න. " දිග වැඩී කියා කමෙන්ට් ඉවත් කරන අයත් ඉන්නවද?

      Delete
    12. @ නිශාන්,

      කෙටි කතාවෙ නම මොකක්ද?

      Delete
    13. "යකාගේ ලියුම " උඩ ලොකු ජෝන් කියලා තියෙන්නෙ..

      Delete
    14. 'සුද්දිගෙ ලියුම' නෙමේද? :)

      Delete
    15. ලොකු ජොන්, සමාවෙන්න මම ඔබේ කමෙන්ට් එක කලින් දැක්කේ නැහැ. දැක්කනම් එයට ඌන පූරණයක් හැටියටයි මගේ කමෙන්ට් එක යොදන්නේ. කොහොම වුනත් රස වින්දනයට අඩුවක් වෙලා නැහැ නේද?

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  11. එපා කියන එකමයි කරන්න හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉන්නවා විචාරක මහත්මයාගේ කමෙන්ටුව බලපු කෙනෙක්..

      Delete
  12. ඒ සද්දෙත් එක්කම ගඳකුත් ආවා නම් ඕං මම දන්නවා උත්තරේ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඩුඩ් කවුරුත් කරෝල වේලලා නෑ.. :)

      Delete
    2. @ Dude,

      හැබැයි සද්ද එව්වා ගඳ නෑ ගඳ එව්වා සද්ද නෑ කියන කතාව නම් ඩූඩ් අයියා දන්නෙ නෑ වගේ..

      Delete
    3. @ ක්සැන්ඩර්,

      "කරෝල වේලලා නෑ" තේරුනේ නෑනෙ...

      Delete
  13. හරී, මේ පාරනම් ඔන්න වැඩේ වැරදුනා .... මොකද මම කතෝලික තාපස නිකායකට අයති කෙනෙක් ... දැන් ඔයා මොකද කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. හරිට කලින් මම ප්‍රශ්නයක් අහන්නම්.. අනේ අර සද්දේ මොකක්ද කියලා කියන්නකෝ..

      Delete
    2. @ Lawrence,

      තාපසතුමෙනි,

      ඔන්න මම හිරවුනු තැන. ඔබවහන්සේ පියතුමෙක් කිව්වා මිසක් තාපසතුමෙක් කිව්වේ නෑනෙ. එහෙනම් මේ කතාව නොදමා ඉන්න තිබුනා. :) ආ.. මෙහෙම කියන්න පුලුවන්.. ඔබවහන්සේ තාපසතුමෙක් වුනාට මම එහෙම නෑනෙ. ඉතින් මම කොහොමද ඒ සද්දෙ ගැන දන්නෙ. :)

      ඔබවහන්සේ අයිති නිකාය කියන්න පුලුවන්ද? මම දවසක නිකායන් ගැනත් ලියන්න ඉන්නෙ. එතකොට ඔබවහන්සේගෙන් තොරතුරු ටිකක් ලබාගන්න පුළුවන් වෙයි නේද?

      ස්තුතියි! ජේසු පිහීටයි!

      Delete
    3. @ ක්සැන්ඩර්,

      එහෙම කියන එකක් නෑ.. ක්සැන්ඩර් අයියා තාපසතුමෙක් නෙමේනෙ.. :D

      Delete
  14. මිනිසා ගේ කුතුහලය නිමා කල නොහැකියි.. ඒ නිසාම විනාශයද වාසනාවද ලඟා කරගත්තෝ බොහෝ වෙති.

    ReplyDelete
    Replies
    1. කුතුහලය නිසා ජීවිතය ජයගත් වගේම පරාජයවූ බොහෝදෙනෙක් ඉන්නවා..

      Delete
  15. මේකේ ඉංගිරිස් වර්ෂන් එක අහලා තියනවා. ලස්සන පරිවර්තනයක් :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි අක්කේ..

      Delete
    2. අප්පට සිරි, හරී මට වඩා බාලයිද? :)

      Delete
    3. හයියෝ..අවුරුද්දක්ම බාලයිනේ. මම හිතෙන් ඇඳගෙන ඉඳපු හරී ගේ ඉමේජ් එක පොඩ්ඩක් මිටි උනා. :)

      Delete
    4. ඇයි බාල ඔක්කොම තමුන්ට වඩා මිටියි, වැඩිමල් ඔක්කොම තමුන්ට වඩා උසයි කියලද හිතන් ඉන්නෙ :)

      Delete
    5. හෙහෙ...එහෙම තමා අනේ නොදුටු අයවලුන් හිතේ ඇඳගන්නකොට

      Delete
  16. ලස්සන් අකතාවක්. කියවල ඉවර වෙනකන් ආසාවෙන් හිටියේ ඒ සද්දේ මොඅකක්ද කියල දැනගන්න. කොහෙද ඔක්කොම වතුරේ ගියා නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! සද්දෙ නෙමෙයි වැදගත්..

      Delete
  17. මමත් මේ සෑහෙන කුතුහලයකින් කියවන් ආවා සද්දේ මොකද්ද කියලා දැන ගන්න හිතාගෙන...

    ReplyDelete
    Replies
    1. සද්දෙ නෙමෙයි වැදගත්... කුතුහලය යන දුරක්..

      Delete
  18. දැන් අපිත් දන්නවනෙ ලෝකෙ වැලිකැට ගාණයි තණකොළ ගානයි. ඇයි පෝස්ට් එකේ දාලා තියෙන්නෙ. එහෙනම් දැන් කියන්ඩ බලන්ඩ අර සද්දෙ මොකද්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ලැටරල් තින්කින්ග්.. දැන් දීපන්කො උත්තර..

      අම්මපා මට ඕක මතක් වුනේ නෑනෙ.. එහෙම මතක් වුනානම් මටත් සද්දෙ මොකක්දැයි අහගෙන ඔයාලටත් කියන්න තිබුනා..

      Delete
  19. සද්දේ දන්නෙත් නෑ කියෝලත් ඉවරයි

    ReplyDelete
    Replies
    1. සද්දෙන් ඵල නැත සොයුර.. :)

      Delete
  20. අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා...

    ReplyDelete
  21. හොඳ ආදර්ශමත් කතාවක්. ශබ්දය ඇනෙ අමුත්තා ඒ ගැන සොයන්න උනන්දු වෙනවා. ඔය දොරවල් සියල්ල සැබෑ ජිවිතාතර්ථය කියලයි මට හිතෙන්නෙශබ්දය කියන්නෙ ජිවිතය අවබෝධකර ගැනිම වෙන්න ඇති.
    ලස්සන අදහසක් හරිම වැදගත්.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි!

      ඒත් දයා අයියෙ මට හිතෙන්නෙ මෙවැනි අදහසක්

      අර තරුණයා තමුන්ගේ ජීවිතයෙන් නිසි ප්‍රයෝජනය නොගෙන තමුන්ගේ ජීවිතයට කිසිසේත්ම අවශ්‍යය නැති දෙයක් පසුපස හඹා යනවා. මේ කතාව කියවන අපිත් ඒ තරුණයා වගේ. කතාවෙන් ගන්න පුලුවන් ආදර්ශය නොගෙන සද්දෙ මොකක්දැයි හොයන්න තමයි උත්සාහය. අපිටත් නොදැනීම මේ කතාවෙන් පේන්නේ අපිවමයි. අපි කරන්නේත් තරුණයා කළ වැඩේමයි.

      Delete
  22. කොහේවත් තියන සද්දයක් අහන්න අවුරුදු ගාණක් වැලි ගස් ගණන් කරන්න වුනොත් ..අනේ මට නම් බෑ..මම ගූග්ල් කරලා උත්තරේ හොයාගන්නවා..

    කොහොම වුනත් තැන්කූ හරී මේ වගේ පිස්සු කතාවක් බෙදාගත්තට..;)

    ReplyDelete
    Replies
    1. අයියෝ ගූගල් කරන්නෙ මොකටද මම ඔය පෝස්ට් එකේම දාලා තියෙන්නෙ..

      "පිස්සු කතාවක්"?? මම හිතන්නෙ රූ අක්කා කමෙන්ට් එකක්වත් බලලා නෑ.. අඩුම ගානෙ උඩ එක බලන්නකො..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...