8.01.2012

පොරොන්දු වූ දේශය කරා.... (2 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්.  කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා ඊසාක්ය. ඊසාක්ට ඒසව් ජාකොබ් නමින් පුතුන් දෙදෙනෙකු ලැබේ. බාලයා වන ජාකොබ් වැඩිමලාට උරුම පියාගේ ආශිර්වාදය ඔහු මුලා කිරීමෙන් ලබාගනී. මේ ගැන කිපෙන ඒසව් ඔහු මරන්න සොයනවිට සිය මාමාවූ හාරාන් වෙත පලායයි. 


-----------------------------------------------------------------------------------------------------------
ළිඳ වසා ඇති ගල ඉවත් කරන ජාකොබ්

ඉතින් මම කිව්වනෙ ජාකොබ් ළිඳ ළඟදි සුරූපි තරුණියක් දකිනවා කියලා. මේ තරුණිය වෙන කවුරුවත් නෙමෙයි ජාකොබ්ගෙ මාමාවූ ලාබන්ගෙ බාල දූ සිඟිත්ත.

"ඔය එන්නේ ලාබන්ගේ බාල දුව" ඈ ළිඳ ළඟට පැමිණි පසු ළිඳ වසා ඇති ගල ඉවත් කරන ජාකොබ් ඇගේ බැටළුවන්ට වතුර ලබාදෙනවා. ඔහු හඬමින් තමුන්ගෙ විස්තර ඈට කියනවා. ඇයත් ගොස් තමුන්ගෙ පියා වන ලාබන්ව කැඳවාගෙන එනවා. තමුන්ගේ ඥාතිපුත්‍රයා දැක ප්‍රීතියෙන් පිනායන ලාබන් තම නිවසට ඔහු කැඳවාගෙන යනවා.
පොඩි පහේ මෙව්වා එකක්
ඉතින් මේ බාල දුවගෙ නම තමයි රාකෙල්. වැඩිමල් දුව තමයි ලෙයා.  දෙන්නා අතරින් වඩා ලස්සන කෙනා තමයි රාකෙල්. ඉතින් ටික කාලෙකින්ම රාකෙලුත් අපේ ජාකොබුත් අතර පොඩි පහේ මෙව්වා එකක් ඇතිවෙනවා. ඔහොම කාලෙ ගෙවිලා පෙම මෝර මෝර ටික දවසක් යද්දි මාමා ජාකොබ්ට පොඩ්ඩකට කතා කරනවා. "පුතා මට පේනවා ඔයා ගෙදර වැඩ ගොඩක් මහන්සිවෙලා කරන බව. මම මාමා වුන පලියට මට නිකම් වැඩ කරන්න ඕනෙ නෑනෙ. ඔයාට මොනාද ඕනෙ කියන්නකො"

ඔන්න ජාකොබ්ට ආයෙත් වරමක් ලැබෙනවා තමුන් කැමතිදේ ඉල්ලගන්න. මතකනෙ එකපාරක් ඒසව් ඔහොම කියලා නා ගත්තා. "මම ඔබට අවුරුදු හතක් වැඩ කරන්නම්. ඒ වෙනුවට මට රාකෙල්ව දෙන්න." කාලගෝල කරපු දේමයි. ඉතින් තමුන්ගෙ ප්‍රේමවන්තිය වෙච්ච රාකෙල්ව දිනාගන්න වැඩකරපු අවුරුදු හත ජාකොබ්ට නම් බොහොම පොඩි කාලයක්ලු. කාලය ඉගිල්ලිලා අවුරුදු හතකුත් ගෙවුනා කියමුකො. ජාකොබ්ගෙ ප්‍රේමය මල්ඵල ගැන්වෙන්නයි යන්නෙ. 

තමුන්ගෙ දුවෙක් දීග දෙනවයි කියන එක තාත්තෙකුට ලොකු සතුටක්නෙ. ඉතින් ලාබන්ලගෙ ගෙදර ලොකු උත්සවයක් පැවැත්වෙනවා එදා රෑ. අමුත්තො ගොඩක් ඇවිල්ලා ජයටම සමරනවා. නැටුම් ගැයුම් වැයුම් එක්ක මධුපානෙත් එකතුවෙනවා.  කොහොම කොහොම හරි රෑවෙද්දි මංගල සභාවෙ කටයුතු අවසාන වෙනවා. උත්සවේ වැඩ ඉවරකරපු ජාකොබ් තමුන්ගෙ මනමාලිය හිටපු කුටියට යනවා.  

කොටු..කොටු..

කොටු කොටු නෙමෙයි උදේ නැගිටපු ජාකොබ්ට පේන්නෙ තරු.  කුටියේ සිටින්නෙ තම පෙම්වතිය වූ රාකෙල් නොවෙයි ඇගේ වැඩිමල් සහෝදරිය ලෙයා. මාමා නංගි පෙන්නලා අක්කව දීලා. මේ ක්‍රමය ලෝකෙට ආවෙ ඔතනින්ද මන්දා. ජාකොබ් වහාම තමුන්ගෙ මාමා සොයා යනවා. "මේ කරපු වැඩේ මොකක්ද? මම ඔබට සේවය කළේ රාකෙල් නිසා නෙමේද?" අහනවා හොඳ වැඩිද මන්දා.

මම ඔබට සේවය කළේ රාකෙල් නිසා නෙමේද?
"අක්කා ගෙදර ඉද්දි නංගිව දීග දෙන සිරිතක් අපේ නෑ. ඕනෑනම් රාකෙල්වත් දෙන්නම්. හැබැයි මට තව හත් අවුරුද්දක් වැඩ කරන්න පොරොන්දු වෙන්න." නංගී පෙන්නල අක්කා දුන්නා මදිවට තව කොන්දේසිත් දානවා. ජාකොබුත් ඒකට කැමතිවෙලා රාකෙල්ව ලබාගන්නවා. ඔහු රාකෙල්ට ආදරය කළත් ලෙයාව තඹේකටවත් ගණන් ගන්නේ නෑ. ජාකොබ් ලෙයාට වෙනස්කම් කරන්න පටන් ගන්නවා. ඉතින් ලෙයාට සිදුවන වෙනස්කම් අඩුවෙන්න දෙවියන් වහන්සේ ලෙයාට දරුසම්පත් දීලා රාකෙල්ට දුන්නේ නෑ කියලයි සඳහන් වෙන්නෙ.

තමුන්ට දරුවන් නැතිබව දැනගත් රාකෙල් තමුන්ගේ සේවිකාව 'බිල්හා' ජාකොබ්ට පාවාදෙන්නෙ ඇගෙන් දරුවන් ලබාගැනීමට. ඒක දකින ලෙයා තම සේවිකාව 'ශිල්පා'වත් ජාකොබ්ට පාවා දෙනවා.  මේ විදිහට ජාකොබ්ට බිරින්දෑවරු හතරක් ලැබෙනවා. ලෙයාගෙන් රූබන්, සිමියොන්, ලෙවී, ජුදා, ඉස්සාකර්, සාබුලොන් යන හයදෙනාත් බිල්හාගෙන් දාන්, නප්තලී යන දෙදෙනාද ශිල්පාගෙන් ගාද්, අෂෙර් යන දෙදෙනාද ලැබෙනවා. අන්තිමටම රාකෙලුත් ගැබ්ගෙන 'ජෝසප්' නම් පුතාව බිහිකරනවා. මේ නම් ඉස්සරහට වැදගත් වෙයි.

තමුන්ගෙ ආදරවන්තියගෙන් කුසෙන් දරුවෙක් ලැබුනාම තමයි ජාකොබ් තම ජීවිතයේ සම්පූර්ණත්වය දකින්නෙ.  ඒ නිසා ඔහු ජෝසප්ට අන් සියල්ලන්ටම වඩා ආදරය කරනවා. දැන් ජාකොබ්ගෙ අදහස තමුන්ගේ දේ දේපළ හා පරපුර රැගෙන ආපසු ගෙදරට යන්න. 

මේ වෙනකොට ලාබන් ලොකු පෝසතෙක්වෙලා තිබුනෙ.  ජාකොබ්ගෙ උත්සහය නිසා ඔහුට විශාල වශයෙන් ධනය ලැබී තිබුණා. මේ නිසා ජාකොබ්ව හරවා යැවීමට ඔහු කැමතිවෙන්නේ නෑ. මේ නිසා ජාකොබ් වෙනත් ඉල්ලීමක් කරනවා. ඒ ඔහුගේ පවුල වෙනුවෙන් දේපළින් කොටසක් දෙනවානම් දිගටම තමන් මාමා සමඟ රැඳී සිටින්නට පොරොන්දු වෙන බව. "ඔබට මොනාද ඕනෑ?" එකම ප්‍රශ්නය නැවතත් ජාකොබ්ට. 

ගස්වගේක පොතු ඇරපු කෝටු සත්තු බොන වතුර වලට දානවා
"මම අද හවසට එන්නම් බැටළු පට්ටි ගව පට්ටි පැත්තෙ. ඔබගේ රැළේ සිටින කළු බැටළුවොයි පුල්ලි තියෙන එළුවොයි මට දෙන්න. උන් මගේ සතුන් වශයෙන් හැදුනාවෙ" මේකට ලාබන් කැමති වුනත් ඔහු වහාම රැළේ හිටපු කළු බැටළුවොයි පුල්ලි එළුවොයි තමුන්ගෙ පුතුන් ලව්වා පිටමන් කරවනවා. මෙච්චර වස්තුව හොයලා දීපු මනුස්සයට කරන බලුවැඩ. ඊටත් ජාකොබ් කියන්නෙ පිට මිනිහෙක්ද තමුන්ගෙම බෑනනෙ. ජාකොබ් සැලෙන්නෙ නෑ. ඔහු ගස්වගේක පොතු ඇරපු කෝටු සත්තු බොන වතුර වලට දානවා. මම හිතන්නෙ බේතක් වෙන්නැති. ඉතින් මේ බේත බොන සත්තු දාන්නෙම කළු බැටළුවොයි පුල්ලි එළුවොයි. ඉතින් උන් එකතුවෙන්නෙ ජාකොබ්ගෙ පට්ටියට. මේ විදිහට ශක්තිමත් සත්තුන්ට බේත් දාපු වතුරත් දුර්වල උන්ට නිකන් වතුරත් දීම හින්දා ජාකොබ්ගේ රැළේ සත්තු ශක්තිමත් වෙද්දි ලාබන්ට ඉතුරු වෙන්නෙ දුර්වලයො. 

සිදුවේගනෙ යන මේ ක්‍රීයාව නිසා ලාබන්ගෙ පුත්තුන්ට ජාකොබ් ගැන වෛරයක් ඇතිවෙනවා. ඒවගේම ලාබන්ගේ හොඳ හිතත් නැතිව යනවා.  තමුන්ට දිනෙන් දින සිදුවන වෙනස් කම් ඉවසා ගන්න නොහැකිවන ජාකොබ් තමුන්ගෙ සියලු වස්තුවත් පරපුරත් රැගෙන මාමා වෙතින් පලා එනවා.

එහෙම ආවත් ගෙදරට යන්න බෑනෙ. මේ එන ජාකොබ්ට මතක් වෙනවා තමුන්ට ගෙදර සිටිනා ලොකුම බාධාව ඒසව් බව. ඔහු සමාදානය පිණිස දූතයන් යවනවා. ඒ දූතයන් පවසන පරිදි ජාකොබ් ගැන අසා තම සහෝදරයා හාරසියක් පිරිස සමග පැමිණෙන බව ඇසීමෙන් ජාකොබ් බියවී පිරිස කණ්ඩායම් දෙකකට බෙදනවා. මොකද හදිසියේවත් ඒසව් පහර දුන්නොත් එක කණ්ඩායමක්වත් ගැලවෙයිනෙ කියලා හිතලා. ඒසව්ව සැනසීමට තෑග්ගක් දීමට කල්පනා කරන ජාකොබ් තමුන්ගෙ රංචුවෙන් හොඳම සතුන් වගයක් තමුන්ගෙ සේවකයො අතේ පෙර මඟට යවනවා. ආරක්ෂාව පතා සියලුදෙනාවම ගඟෙන් එගොඩ කරවා රාත්‍රී කාලයේ කූඩාරමේ තනිවමයි ඔහු සිටින්නෙ.

ජාකොබ් එක්ක පොරබදන්න පටන් ගන්නවා.
තවත් අද්භූත සිද්ධියක් සිදුවෙනවා. මෙතනදී හදිසියේ කඩාවදින යමෙක් ජාකොබ් එක්ක පොරබදන්න පටන් ගන්නවා.  එළිවනතුරුත් පොරය නිමවෙන්නේ නැතිබව දකින ඔහු ජාකොබ්ගේ කලවයට පාරක් ගහනවා. එම පහරෙන් කලවය විසන්ධි උනත් ජාකොබ් පොරය අතහරින්නේ නෑ. "දැන් එළිය වැටීගෙනත් එනවා. මට යන්න දෙන්න" අනිත් පුද්ගලයා ඉල්ලා සිටිනවා.

"මට ආශිර්වාද කරන්න"

"ඔබේ නම කුමක්ද?"

"මම ජාකොබ්"

"ඔබ ජාකොබ් නෙමෙයි. දෙවියන් හා පොරබැද ජයගත් නිසා ඔබේ නාමය මින්පසු ඉශ්‍රායෙල් වේවි."

"ඔබේ නම කුමක්ද?" එහෙත් පුද්ගලයා නොපෙනී යනවා. මේ සිද්ධියෙන් පසුව තමයි ජාකොබ්ට ඉශ්‍රායෙල් නම භාවිතා වෙන්නෙ. ඒ වගේම ඔහුගෙන් පැවතෙන්නන් ඉශ්‍රායෙල්වරුන් වෙන්නෙ. සිතුවම්වල දැක්වෙන පරිදි මේ තැනත්තා දේව දූතයෙක්. රෑ තිස්සෙ පොර බදලා කකුලත් කඩාගෙන කොර ගගහා කූඩාරමට පැමිණෙන ඔහුට තවත් බියගෙන දෙන දර්ශනයක් ඇස ගැටෙනවා.

 ඊටපස්සෙ මොකද වුනේ?
 


71 comments:

  1. "දෙවියන් හා පොරබැද ජයගත් නිසා"

    …"මේ තැනත්තා දේව දූතයෙක්" එතකොට ජාකොබ් ඇත්තටම පොර බදලා තියෙනේ දෙවියන් වහන්සේත් එක්කද ? එහෙමත් නැත්නම් දේවදූතයෙක් එක්කද ?

    ReplyDelete
    Replies
    1. තමන් එක්ක පොරබැදුව කෙනා කවුද කියලාවත් දන්නේ නැතුව එයාගෙන් ජාකොබ් ආශිර්වාද ඉල්ලන්නේ ඇයි ?

      නංගි පෙන්නලා අක්කා දෙන එක අද කාලේ විතරක් නෙමේ අනාදිමත් කාලෙක ඉදන් එන බව තමා පේන්නේ :D

      Delete
    2. "එතකොට ජාකොබ් ඇත්තටම පොර බදලා තියෙනේ දෙවියන් වහන්සේත් එක්කද ? එහෙමත් නැත්නම් දේවදූතයෙක් එක්කද ?"

      මෙහෙමයි හසිත ඒ ගැන හරි විස්තරයක් නෑ.. ඔය කිව්ව ටිකම තමයි තියෙන්නෙ.. නමුත් දෙවියන් වහන්සේ සමග පොරබදලත් ඔහුගේ ජීවිතය ඉතිරිවීම ගැන ජාකොබ් පුදුමයෙන් කතා කළා කියලා නම් තියෙනවා.. ඔහු පොරබැදුවේ කා සමගද යන්න කතුවරයා හරියටම සටහන් කරලා නෑ.. මිනිසෙක් කියලා විතරයි තියෙන්නෙ..

      ආශිර්වාදය කියලා බලාපොරොත්තුවුනේ යටත් වීමද?

      "නංගි පෙන්නලා අක්කා දෙන එක අද කාලේ විතරක් නෙමේ අනාදිමත් කාලෙක ඉදන් එන බව තමා පේන්නේ " ලෝකයේ පළවෙනි නංගි පෙන්නලා අක්කා දීම මේක වෙන්ඩත් පුලුවන්.. හසිත දන්නවද ලෝකයෙ පළවෙනි හොරාව?

      Delete
    3. එතකොට දෙවියන් වහන්සේ හෝ දේවදූතයෙක් හිටිහැටියේ ජාකොබ් එක්ක පොරබදන්න එන්නේ ඇයි ?

      එතකොට දෙවියන් වහන්සේ පරදා ජයගත් කියන අර්ථය තමා ඊශ්‍රායල් කියන නමේ තියෙන්නේ ?

      ලෝකයේ පළවෙනි හොරා ?? දන්නේ නැහැ කියමු බලන්න ඒ ගැනත්

      Delete
    4. "එතකොට දෙවියන් වහන්සේ හෝ දේවදූතයෙක් හිටිහැටියේ ජාකොබ් එක්ක පොරබදන්න එන්නේ ඇයි ? " අනේ මන්දා හසිත.. එහෙම විශේෂ හේතුවක් දන්නේ නෑ.. බයිබලයේ සඳහන් වෙලත් නෑ.. ඒත් තැන තැන විවිධ අර්ථදැක්වීම් තියෙනවා..

      සමහරු කියනවා මේ ආවෙ දේවදූතයෙක්.. දේවදූතයෙක් කියන්නෙ දෙවියන් වහන්සේගේම නියෝජිතයෙක්..ඒක නිසා දේවදූතයා පැරදීම දෙවියන් පැරදීම වෙනවා කියලත්.. තව තැනක තිබුනා ඒසව්ගෙ රැකවල් දේවදූතයා තමයි මේ ආවෙ කියලත්.. සමහරු කියනවා ජාකොබ් හිතින් මවාගත් දෙයක් කියලත්..


      "ඊශ්‍රායල් කියන නමේ තියෙන්නේ ?" "He has wrestled (striven) with God" එහෙම නැත්නම් 'දෙවියන් හා පොරබැඳි පුද්ගලයා' කියන එක..

      "ලෝකයේ පළවෙනි හොරා ?" මේක නම් ඇත්තටම කතෝලිකයන් අතර තියෙන විහිළුවක් විතරයි.. අර පාප්වහන්සේ එලවාගෙන ගිය කාර් එක වගේ..

      Delete
    5. @ හරී

      දැන් කතා දෙකයි....

      1. ලෝකයේ පළවෙනි හොරා කවුද ?
      2. පාප් වහන්සේ කාර් එලෙව්ව කතාව මොකක්ද ?

      Delete
    6. පාප් වහන්සේ කාර් එලෙව්ව කතාව

      ලෝකයේ පළවෙනි හොරා

      කතෝලිකයන් විශ්වාස කරන ආකාරයට දෙවියන් වහන්සේ තමයි ලෝකය මැව්වෙ. මේ ගැන නම් ලොකු වාද විවාද තියෙන බව ඕනෑම කෙනෙක් දන්නවානෙ. ඒ වාද විවාද ගැන කතා කරන්න ගියොත් කියන්න ආපු දේ කියන්න වෙන්නේ නැති නිසා ලෝකය මැව්වේ දෙවියන් වහන්සේ කියලා හිතාන ඉදිරියට යමු. මැවීමේ කතාවේ කියවෙන ආකාරයට දෙවියන් වහන්සේ ලෝකයේ අනික් දේවල් ඒ කිව්වෙ අහස පොළොව, ජලය, ගහ කොළ, සතාසීපාවා මවලා ඉවරවෙලා තමයි මිනිසාව මැව්වෙ. මිනිසා කියන්නෙ පිරිමියා. පස්සෙ දෙවියන් වහන්සේට හිතුනාලු පිරිමියාගේ පාළුව නැති කරන්න ගැහැණිය මවන්න. ඊට පස්සෙ පිරිමියා ඒ කිව්වෙ 'ආදම්'ව නින්දට පත්කරලා ඔහුගෙ වම් ඉල ඇටයක් අරන් තමයි 'ඒව'ව මවලා තියෙන්නෙ. ඒකලුනෙ මිනිහා ඔච්චර ගෑනි පස්සෙම පන්නන්නෙ.

      මෙතනින් හොයාගන්න..

      Delete
    7. @ හරී

      ආදම්ගෙන් ඉල ඇටේ ගේන්න ගියා කියන්නේ දේව දූතයෙක් නේද ?? ඔය ඉල ඇටේ යකෙක් ගිලලා අන්තිමට වුණු හුටපටේ දන්නවාද :D

      පාප් වහන්සේ කාර් එලෙව්ව කතාව නම් උපරිමයි :)
      ඒක නෙමේ ඒ විදිහට කතාවට ලින්ක් වෙන්න දාන්නේ කොහොමද ?

      Delete
    8. "ආදම්ගෙන් ඉල ඇටේ ගේන්න ගියා කියන්නේ දේව දූතයෙක් නේද ??" නෑ දෙවියන් වහන්සේ.. හුටපටේ දන්නේ නෑනෙ..කියන්නකො බලන්න..

      මේ වගේ විහිළු නම් තීයෙනවා ගොඩාක්.. ඕවා අපහාස නෙමෙයි ජොලියට කියන එව්වා.. හැබැයි හොඳට හිනා යන්න නම් නිධාන කතාව හරියට දැනගෙන ඉන්න ඕනෙ..

      ලින්ක් දාන විදිය දැනගන්න මේල් එකක් දාන්නකො.. මෙතන පැහැදිලි කරන්න බෑ ඒක..

      Delete
    9. @ හරී

      දෙවියන් වහන්සේගේ උපදෙස් පිට ආදම්ගෙන් ඉළ ඇටේ දේව දූතයා අරගෙන එද්දී දෙවියන් වහන්සේ එක දිගට ලෝකය මවලා මහන්සියට නිදිලු. ඒ වෙලාවේ යක්ෂයෙක් [සාතන් කියමුකෝ ඕනෙ නම්] දෙවියන් වහන්සේ හම්බවෙන්න ඇවිත් එළියේ ඉද්දී දැක්කාලු දේව දූතයා අතේ අමුතු මොකක්ද තියෙනවා. දැන් යකාගෙන් පොරේලු මේක බලන්න ඉල්ලලා.

      පස්සේ මේ ආදම්ගේ ඉල ඇටයක් කියලා යකාට බලන්න දීපුවාම යකා ඒක ගිල්ලලු. මේකට මල පැනපු දේව දේව දුතයා ආයි ආදම්ගේ ඉල ඇට ගන්න යන්නේ නැතුව යකාගෙන් ඉල ඇටයක් ගලෝ ගත්තාලු. පස්සේ දෙවියන් වහන්සේව කූද්දලා නිදිමත පිටින් ඉද්දීම ඉල ඇටේ දුන්නලු. ඒ හදිස්සියටම දෙවියන් වහන්සේ ඒ ඉල ඇට කාගෙද කියලාවත් බලන්නේ නැතුවගැහැණිය මැව්වලු :D

      ඊයක් එවන්න ලිපිනය නොදනිමි :(

      Delete
    10. දේවදූතයට අනින්න ඕනෙ හොම්බට.. බලන් යනකොට ඒකා හින්දනෙ මේ පිරිමි සංහතියම පරිප්පුව කන්නෙ..

      (කාන්තා පාර්ශවේ කවුරුත් පේන්න නෑ නේද? :))

      මම මේ කතාව දැනගෙන හිටියෙම නෑ.. තන්කූ..

      Delete
  2. එතකොට යුදෙව් ,කතොලික,මුස්ලිම් අය දෙවියන් වහන්සේ කියන්නේ එකම කෙනාටද නැත්තම් මුස්ලිම් අය දෙවියන් කියන්නේ වෙනම කෙනෙක්ටද?

    ReplyDelete
    Replies
    1. @ කවුළුව

      යුදෙව් සහ කතෝලික අයගේ දෙවියන් වහන්සේ එකම අයෙක්. මම දන්න විදිහට ඔවුන් යොහෝවා නමින් හඳුන්වන්නේත් දෙවියන් වහන්සේව. හරී අයියා ඒ ගැන වැඩියෙන් කියයි. මුස්ලිම් එහෙමත් නැත්නම් ඉස්ලාම් භක්තිකයන්ගේ දෙවියන්ව ඔවුන් හඳුන්වන්නේ "අල්ලාහ්" යන නමින්. ඒ වෙනම දෙවි කෙනෙක්

      Delete
    2. @ කවුළුව,

      සරලව මෙහෙම කියන්නම්. යුදෙව් ,කතොලික, ක්‍රිස්තියානි, මුස්ලිම් අය දෙවියන් වහන්සේ කියන්නේ එකම කෙනාටයි.

      නමුත් ඒ ඒ ආගම්වල හඳුන්වන විදිහේ හා දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසයේ යම් යම් වෙනස්කම් තිබෙනවා.

      කවුළුව සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
    3. @ Hasitha,

      ඔය නම් කතාව නම් හරිම සංකීර්ණයි හසිත. කතෝලික අපි නම් දෙවියන් වහන්සේ කියලා පමණයි භාවිතා කරන්නෙ.. ඒත් ඈත ඉතිහාසයේ විවිධ නම් වලින් දෙවියන් වහන්සේ අමතලා තිබෙනවා.. සමහර එව්වා උන් වහන්සේගේ ගතිගුණ විස්තර කරන ඒවා..(බුදු රජාණන් වහන්සේගෙත් එහෙම නම් තියෙනවා නේද?) ඉතින් ඒවාත් විවිධ භාෂා වලින් කියනකොට විවිධ ශබ්ද.. ඉතින් නම් මොනාද ගෞරව නාම මොනාද කවුද දන්නෙ..?

      දැන් මම බැලුවා මුස්ලිම් අය 'අල්ලා' කියනවා කියලා විතරනෙ අපි දන්නෙ..ඒත් විකියෙ තවත් නම් 99ක් තිබුනා..

      Delete
    4. මම දන්නා තරමින් මුස්ලිම් හෙවත් ඉස්ලාම් අය දෙවියන් [god] කියන පදය භාවිතා කරන්නේ නැහැ. මොකද ඒක භාවිතා කරද්දී gods, goddess වගේ ඒවාටත් පෙරලන්න පුලුවන්නේ. ඒක නිසා ඔවුන් කියන්නේ සර්ව බලධාරී අල්ලාහ් කියලා. ඉංග්‍රීසියෙන් වුණත් ලියන්නේ Allah කියලා.

      Delete
    5. ගෝඩ් කියනවා නම් දැකලා නෑ තමා..

      Delete
  3. ඊටපස්සේ මොකද වෙන්නේ...කල් නොගෙන කියමු නේ :DDD

    ReplyDelete
    Replies
    1. අයියෝ ඊයෙ පළවෙනි එක දාලා අද දෙවෙනි එක දාලාත් ඉවසන්න බෑනෙ.. :)

      ඉක්මනටම කියන්නම්..

      Delete
  4. එක ගෑනු කෙනෙක් එක්ක ජීවත් වෙන්න බැරුව අපේ මිනිස්සු කෑ ගහන එකේ අරූ ගෑනු හතර දෙනෙක් එක්ක කොහොම හිටියද මන්දා. බැඳලා ටික කාලේකින් අරූගේ කන් දෙකම ඇහෙන්නේ නැතුව මියුට් වෙන්ඩ ඇති නේ.. හික්ස් :)

    ඊශ්‍රායෙල් ජාතියේ උත්පත්ති කතාව අද මතක් උනා. කාලයක් ඕක මට අමතක වෙලා තිබ්බේ :)

    ReplyDelete
    Replies
    1. අරූ?? කොල්ලෝ ජේසු කට පුච්චයි හලිද? :)

      මේකනෙ බන්.. එකෙක් එක්ක හිටියමනෙ උන් අපිව කන්න එන්නෙ.. හතරක් ඉන්නකොට උන් උන් කෙළගන්නවා මිසක් අපිට අවුලක් නෑ.. එතකොට 'අරයට වඩා මම හොඳයි කියන්න' අපිට වද නොදී ඉන්නවනෙ.. කොහොමද ටිකිරි මොළේ :)

      Delete
    2. ජේසු කට පුච්චන නිසා මම් මාර බයයි ඉස්සර... :)

      ඔන්න හරි.. බඳිනවා නම් එකෙක් නෙමේ හතරක් බඳිනවා නම් එකෙක් නෙමේ හතරක් පහක් බඳිමු !!

      Delete
    3. ජේසු කට පුච්චන කතාව උඹලටත් කියනවාද? මොකක් හරි නරක වචනයක් කියවුනොත් බොරුවක් කිව්වොත් ඉස්සර අපිව බය කරන්නෙත් ඔහොම තමයි..

      Delete
    4. අපොයි ඔවු... අපේ අම්මත් විඩින් විඩේ කියනවා ඔය කතාව !

      Delete
  5. දෙවියන් වහන්සේ ජෙකබ්වම තෝරගත්තෙ ඇයි?

    ReplyDelete
    Replies
    1. අනේ දන්නෙ නෑ රූ අක්කේ.. :)

      (හොරෙන් - දෙවියන් වහන්සේගෙන් අහන්න ඕනෙ එව්වා මගෙන් අහනවා..:| )

      Delete
    2. @ රූ....

      අපිට ඒ ප්‍රශ්නේ කලින්ම අහන්නේ තිබුණේ අක්කේ ? අර අමුතු හීනයක් පේන්නේ ජේකොබ්ට. එහෙම හීනයක් ජේකොබ්ටම පේන්නේ ඇයි කියලා අපට අහන්න තිබුනේ :D

      Delete
    3. අයියෝ මම අහපු එක තේරිලා නැහැනේ..
      මම ඇහුවේ ජාකොබ් සාමාන්‍ය මිනිසෙක්නේ..ඒත් එක ජාතියන් නියෝජනය කරන්න තරම් එයාට තිබුනු විශේෂ සුදුසුකම මොකද්ද කියලා..

      මොකද එයා ගොඩක් හොඳ කෙනෙක්වත් ගොඩක් නරක කෙනෙක්වත් නොවුන නිසා..
      මම හිතන්නෙ මේ ප්‍රශ්නෙ මට ආවෙ මම බෞද්ධ නිසා වෙන්නැති..හැමදේටම හේතු හොයන..!!

      Delete
    4. සමාවෙන්න ඕනෙ.. තේරුනේ නෑ නේන්නම්.. දැන්නම් පැහැදිලියි..

      ජාතියක් නියෝජනය කරනවා කියන එකට නම් තෝරාගැනීමක් අවශ්‍ය නෑ කියලයි මම හිතන්නෙ. මොකද මම මෙතන කිව්වනෙ ඉශ්‍රායෙල්වරුන් ඇතිවෙන්නෙ ජාකොබ්ගෙන් කියලා ඒවගේම ඒසව්ගෙන් ඇතිවුනු ඒදෝම්වරු කියලා ජාතියකුත් ඉන්නවා. ඔය විදිහට එකල ජීවත්වූ එක් එක් අයගෙන් වෙන වෙනම ජාතීන් ඇතිවුනා. ඒක නිසා ජාකොබ්ගෙන් තවත් ජාතියක් ඇතිවීම විශේෂ කාරණයක් නෙමෙයි.

      නමුත් බයිබලයේ ගොඩාක් විස්තර වෙන්නෙ පස්සෙ කාලෙක ලෝකෙට එනවා යැයි විශ්වාස කරන ගැලවුම්කාරයාගේ පරම්පරාව ගැන. අනිත් පරම්පරා ගැනත් යම් යම් විස්තර නැතුවාම නොවෙයි. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වෙනවානෙ ගැලවුම්කාරයා ඉපදෙන්නෙ ඔහුගේ පරම්පරාවෙන් බව. ඒවගේම දිවැසිවරුන් කියන විස්තර වලට අනුව ඔහු ඉපදෙන්නෙ ඉශ්‍රායෙල්වරුන් අතරින්. ඒක නිසා ඉශ්‍රායෙල්වරුන් ගැන විශේෂ විස්තරයක් බයිබලයේ ලියවිලා තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නෙ මොකද ඉශ්‍රායෙලුන්වම තෝරගත්තේ කියන එකනෙ.

      කතෝලික දහමේ විශ්වාසයන් හැටියට දෙවියන් වහන්සේගේ සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට අනුව අපිට නියම වෙච්ච ජීවිතයක් ඇතුවයි එන්නෙ. මෙතනදි ජාකොබ්ව තෝරාගැනීමත් ඒ විදිහට දෙවියන්ගේ සැලැස්මක් කියලා තමයි කියන්න වෙන්නේ. උන් වහන්සේ යම් කාර්‍යයකදී ශක්තිවන්තයාට වඩා ගැළපෙන්නාවයි තෝරගෙන තියෙන්නෙ. ඒක නිසා ගැලවුම්කාරයා එවීමට නියමිත ජාතියේ ආරම්භකයා වෙන්න ජාකොබ් සුදුශු යැයි හිතෙන්න ඇති. එතනින් එහාට යමක් කියන්න නම් මගේ දැනුම ප්‍රමාණවත් නෑ අක්කේ...

      මම කමෙන්ට් එක දැම්මට පස්සෙ ඒත් හිතුවා එහෙම කිව්වම හිත රිදෙයිදෝ කියලා..

      Delete
    5. මෙතැනට තව ටිකක් එකතු කරන්න ඕනා රූ අක්කේ..

      දෙවියන් වහන්සේ ගැලවුම්කාරයාව එවන්න තෝරාගන්නේ හෙබ්‍රෙව් ජනතාවනෙ.. ඒ කිව්වෙ ආබ්‍රහම්ගෙ පරපුර.. ආබ්‍රහම්ගෙ පරපුර ඇරෙන්න ඒ කාලෙ හිටපු අනිත් ජනතාව ඔක්කොම අපරාධකාරයෝ වෙලයි හිටියෙ.. ඉතින් පිරිසිදු හෙබ්‍රෙව්වරුන් අතරින් ගැලවුම්කාරයාගේ උප්පත්තිය සිදුවෙන්න ඕනා නිසා වෙනත් ලේ ගෑවීම වැළක්වුවා වෙන්න පුලුවන්.. කොටින්ම කිව්වොත් ආබ්‍රහම් සිට ජේසුස් වහන්සේ දක්වා පිරිසිදු හෙබ්‍රෙව් පරම්පරාවක් (Pure bloodline) පවත්වාගෙන යනවා...

      මේ කතාවෙ හැටියට ගත්තොත් ඒසව් විවාහ කරගෙන හිටියෙ එවකට එරට ජීවත්වූ විදේශික කාන්තාවන්.. නමුත් ජාකොබ් යන්නෙ තමුන්ගෙම නෑනාව සොයාගෙන.. මේ කරුණම ඒසව්ව කැපිලා ජාකොබ්ව තේරෙන්න හේතුවක්..

      Delete
    6. ම්..ගොඩක් පැහැදිලියි දැන්නම්..
      මේ විදිහට ප්‍රශ්න අහන්නෙ අපි වට පිටාවෙ විස්තර දන්නෙ නැති නිසා..ගොඩක් ස්තුතියි..

      හිත රිදෙන්න දෙයක් නම් කොමෙන්ටුවෙ නෑ ඕන්න..

      Delete
    7. @ හරී

      "ආබ්‍රහම්ගෙ පරපුර ඇරෙන්න ඒ කාලෙ හිටපු අනිත් ජනතාව ඔක්කොම අපරාධකාරයෝ වෙලයි හිටියෙ"

      ඒකත් කෙටියෙන් කියමු බලන්න

      Delete
    8. ඒ ගමන් මේක ගැනත් "දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වෙනවානෙ ගැලවුම්කාරයා ඉපදෙන්නෙ ඔහුගේ පරම්පරාවෙන් බව"

      Delete
    9. @ Hasitha,

      මේක දැක්කෙ දැනුයි.. ඔන්න බොහෝම කෙටියෙන්..

      ආබ්‍රහම් කියන මනුස්සයා හොඳ මනුස්සයෙක්. ඔහු පව් කරේ නෑ. ඒ වුනාට ඒ කාලෙ හිටිය ඔක්කොම වගේ පව්කාරයො. අපරාධ කියන්නෙ මොනවද කියලා හසිත දන්නවනෙ.. ඉතින් ඒ මිනිස්සු අපරාධ කරනවා. ආදම් ඒව පව් කිරීමත් එක්ක තමයි පාපය මේලෝකෙට එන්නෙ. එහෙම මිනිසා දෙවියන් එක්ක තරහා වුනත් කවදාහරි තමන්ගේ පුත්‍රයාව මෙලොවට එවලා නැවත සමාදාන වන බවට දෙවියන් වහන්සේ ආදම්ටම පොරොඳු වෙනවා.

      ඉතින් හොඳ මිනිසෙක් වෙච්ච ආබ්‍රහම් තමුන්ට දරුවෝ නෑ කියලා ලතවෙවී ඉද්දි තමයි දෙවියන් වහන්සේ පොරොන්දු වෙන්නෙ ඔහු මගින් මහා ජාතියක් ඇති කරන බවටත් ගැලවුම්කාරයා (ජේසුස් වහන්සේ)බිහිවෙන්නේ ඔහුගේ පරම්පරාවෙම් බවටත්.. ඉතින් ආබ්‍රහම්ගේ පරපුරට ජේසුස් වහන්සේ දක්වාම වෙනත් ජාතීන්ගේ ලේ මිශ්‍ර වෙන්නේ නෑ..

      Delete
  6. නංගි පෙන්නලා අක්කා දෙන එකනම් කැත වැඩේ :) එතකොට අර භාර්යාවෝ හතරක් තියා ගත්ත සිද්ධිය ලෝකේ පළවෙනියට එහෙම සිද්ධ වුනු එකද?

    ReplyDelete
    Replies
    1. "නංගි පෙන්නලා අක්කා දෙන එකනම් කැත වැඩේ" කැත වැඩේ වුනාට තාමත් යෝජිත එව්වල ඔය වැඩේ වෙනවලු නේද?

      මම හිතන්නෙ ඊට කලින් එහෙම අය ඉඳලා තියෙනවා..

      Delete
    2. යෝජිත එවුවා වල ??? හත්තිලවුවේ.... මම ඉවරෝ...

      Delete
    3. @ මධුරංග,

      ඔව්.. අක්කා පොඩ්ඩක් රූපෙන් අඩුනම් නංගිව තමයි මුලින් පෙන්නන්නෙ.. ඉතින් නංගිව දැකලා කැමැත්ත දීලා බැන්ඳට පස්සෙ.. පෝරුවෙ ඉන්නෙ අක්කා..

      Delete
  7. හරිම ලස්සනයි. මම හරිම කැමතියි මේ කතාව කවුරු හරි කියනවනම් අහගෙන ඉන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මම්මාගෙන් කතා අහපු පොඩි පුතායැ දැන් ඉන්නෙ.. :)

      Delete
    2. කියන්න අමතක වුනා.. මම මේ කතාව දවසක් හොස්ටල් එකේ මුල ඉඳලා අගටම කිව්වා.. උදේට කාලා ඇවිත් කට්ටිය සෙට්වෙලා කියන්න ගත්තු කතාව ඉවරවෙද්දි දවල් කෑම වෙලාවත් පහුවෙලා..

      Delete
    3. ඒකෙන්ම පේනවා නේද කතාව ලස්සන නම් කියන්න වගේම අහගෙන ඉන්නත් ආසා හිතෙන බව. මටත් කියන්න අමතක වුන දෙයක් තියනවා. අපේ බාප්පාගේ පුතා පොඩි කාලේ ඉඳලම අපේ ගෙදරයි හැදුනේ. අක්කලා තුන්දෙනයි අයියයි මමයි ඇඳකින් වාදී කරවලා එයා කතන්දර කියන්න පටන් ගන්නවා රෑට. එතකොට එයාගේ වයස 16 ක් විතර ඇති අක්කලාත් මමත් ඊට අඩු වයසේ. එයා කතා කියන්නේ ක්ෂණිකව හදලා. ජේම්ස් බොන්ඩ් වගේ රහස් පරීක්ෂක කතා, හොල්මන් කතා, හොල්මන් ගැන කියනකොට අක්කලා යටි ගිරියෙන් කෑ ගහනවා. අම්මා ඇවිත් ඔක්කොමලාව එලවනවා නිදාගන්ඩ කියලා. මම්මගේ කතා සහ ඒ අයියගේ කතා ඇසීමෙන් තමයි කතන්දර ඇසීමේ ආසාව අදටත් තියෙන්නේ.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    4. ඔව්.. දැන් උනත් අපි ආසානෙ කතන්දර අහන්න.. කවුරුහරි එන්න කතන්දරයක් කියන්න කිව්වාම අපි හරිබරිගැහිලා වාඩිවෙන්නෙත් ඒ ආසාව හින්දනෙ.. විචාරක මහත්මයාගේ සොඳුරු මතකයක් මෙහි සඳහන් කිරීමට ස්තුතියි.. අපේ අම්මාත් මම චූටිම කාලෙ ඉඳන් මට ඉතිහාස කතා ගොඩාක් කියලා දුන්නා..

      Delete
  8. එලස්.. වැඩේ ගානට යනවා..

    ඒ මොකටද බන් පොර බදන්නෙ..එතනදි මොකක් හරි පරීක්ෂණයක්ද කරන්නෙ ?

    මේ චිත්‍ර හොයා ගත්තෙ කොහෙන්ද ?

    ReplyDelete
    Replies
    1. ඉක්මන් වැඩිද මන්දා?

      පොර බැඳීම ගැන බයිබලයේ තියෙන්නෙම ඔච්චරයි සෙන්නා.. මොකක්ද කියලා හිතාගන්න බෑ.. එක එක අර්ථදැක්වීම් නම් තියෙනවා.. මම ඒවා උඩ කියලා ඇති..
      තව දෙයක් ඔය සිද්ධියෙන් ජාකොබ්ගේ කලවා සන්ධිය කැඩුනු නිසා ඉශ්‍රායෙල් මිනිස්සු මස් කනකොට ඒ කෑල්ල කන්නේ නෑ කියලා නම් තිබුනා..

      චිත්‍ර නම් ගූගල් අයියගෙන් අහලා හොයාගන්න ඒවා තමයි.. (මම ඇඳපුවා කියන එක හරිනෑනෙ..)

      මේ තියෙන්නෙ මම ඇඳපු චිත්‍රයක් ගැන විස්තරයක්..

      http://dreamsofharee.blogspot.com/2011/08/blog-post.html

      Delete
    2. අපිට තාම අකීකරු පුත්‍රයාගේ කතාව කිව්වේ නෑ නේද ???

      Delete
    3. @ Hasitha,

      මගේ සිත්තරෙත් එක්කම දාන්නම්..

      Delete
  9. උඹ නම් පොඩි කාලෙ ඉඳලා කපටි රජෙක්..

    ඊශ්‍රායෙල් මිනිස්සු මිනී මස් කනවද බන් ?

    ReplyDelete
    Replies
    1. ඒක කපටි කමද? ස්ථානෝචිත ප්‍රඥාවද?

      මම හිතුවා ඔහොම අහයි කියලා.. නෑ බන් සත්තුන්ගේ එතැන මස්ලු නොකන්නෙ.. මම හොයලා බැලුවා තාමත් එහෙමද කියලා..ඒත් හරි විස්තරයක් ලැබුනෙ නෑනෙ..

      Delete
    2. බින්දිගෙ යාලුවෙක් ඉන්නවාලු.. එයා අහලා කියයි.. අහලා බලපන්..

      Delete
    3. බින්දිගෙන් කලින් අහපුවට තාම පිළිතුරක් ලැබුනේ නෑ.. මම හිතන්නෙ එයාට මතක නැතිවෙන්න ඇති..ආයෙ අහලා බලමුකෝ..

      Delete
  10. හුටස් පෙරළගෙන නේද ලොකුවෙන්ම බාල්දියක්,,මම මේ පෝස්ට් 2ම කියෝලා ආවේ,, ඉදලා ඉදලා යකා බැදගත්තා වගේ පෝස්ට් එකක් පටන් අරගෙන,,ලියපන් දැන් නවත්තන්නේ එහෙම නෑ,,මෝසෙස් ගේ ටොප් කතා සෙට් එකක්ම තියනවා ඒවත් ලියන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. බැඳගත්තනෙ යකාව.. හලි හලි.. පණ තියෙනකම් ලියන්නම්.. කියවන්ඩ එන්ඩ..

      Delete
  11. කලින් පෝස්ට් එකත් මේකත් දෙකම කියෙව්ව... අපූරුවට කතාව කියනවා ... ආගමික විස්තර කියවන්න කම්මැලි කෙනෙකුට වුණත් කියවන්න හිතෙන විදිහට... පින්තූරත් කතාවට තල්ලුවක්... මට පේන්නෙ හරී සන්ඩේ ස්කූල් ටීච කෙනෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. @ සපතේරු උන්නැහේ,

      අගය කිරීමට ස්තුතියි! මම නම් දහම් පාසල් ටීච කෙනෙක් නෙමෙයි.. නමුත් අපි කරන චාරිත්‍ර වාරිත්‍ර කරන්නන් වාලේ කරන්නේ නැතුව ඇයි ඒවා එහෙම කරන්නේ කියලා හොයන්න නම් ලොකු උණක් තියෙනවා.. ඒවගේම ඒ වගේ උණ තියෙන අයට කියවන්න සලස්වන්නත් ආසයි..

      කොටි වලිගෙ ඇල්ලුවා වගේ වෙන මේ කතාව කියන්න මට තල්ලුව ලැබුනෙත් සපතේරුගෙ මළ මුහුද පෝස්ට් එක නිසා..

      Delete
  12. ජාකොබ් අඹලයා වගේ ඉන්න ඇති අර කොටු කොටු දාපු හරියෙ. ඒකෙත් වාසනාව කියන්නේ හතරදෙනෙක්ම හම්බ වුණානේ.

    මාමණ්ඩියා මොකද ජාකොබ්ට ඔයතරමට වල කැපුවේ.

    ඒ කොහොම වුණත් ලැබිය යුත්තාට සුදුසුම දේ අන්තිමේදි දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා.
    ඔන්න එහෙනම් ඊහ්‍රායලයලත් බිහිවුණා.

    මම කොහොමටත් කිසියම් හෝ ආගමික පුවතක් හාස්‍යයට ලක්කරන්නෙ නෑහැ. ඒත් මේ කතාව සරලව ලියල තියන නිසා . මොකද මේවා හැම කෙනෙක්ම කියවන නිසා. ඒහෙම සිතුවිල්ලක් පහළ වුනොත් සමාව භජනය කරත්වා..

    ReplyDelete
    Replies
    1. "ඒහෙම සිතුවිල්ලක් පහළ වුනොත් සමාව භජනය කරත්වා.." අයියෝ මම කීටවත් එහෙම හිතන්නේ නෑ දයා අයියෙ.. මට ඕනා ආගම් ජාති භේදයකින් තොරව සිංහල කියවන්න පුලුවන් හැමෝටම කියවන්න දෙයක් දෙන්න.. ඉතින් මාත් සරලව ලියනවා ඔයගොල්ලොත් සරලව කියවන්න.. :)

      මම හිතන්නෙ ජාකොබ් බීලා ඉන්න ඇත්තෙ.. ඒවගේම ඒකාලෙ විදුලි බුබුලු තියෙන්නත් නැතුව ඇතිනෙ.. ඉතින් කළුවරේ මනමාලි අඳුනගන්න බැරිවෙන්නැති... ඔය හතරදෙනා ලැබීමට හේතුවෙන්නෙ ජාකොබ්ව බෙදාගන්න බැරිව ඇතිවෙන සහෝදරියො දෙන්නගෙ රණ්ඩුහබ.. ඒවානම් මේකට දැම්මෙ නෑ.. අනික රාකෙල්ට දරුවො ගන්නනෙ එයාගෙ සේවිකාවව දෙන්නෙ.. ඒක බලන් ඉන්න බැරුව ලෙයත් තමුන්ගෙ එක්කෙනාව දෙනවා...

      ජාකොබ් ගෙදරට එනකොට මාමණ්ඩියා නිකම් එඬේරෙක් විතරයි.. ඒත් දෙවියන්ගෙ ආශිර්වාදය තියෙන ජාකොබ්ගේ වැඩ නිසා ඔහු මහා පෝසතෙක් වෙනවා.. ඉතින් ජාකොබ්ගෙ පිහිටෙන් වැඩිවන වස්තුව දැක්කාම යන්න දෙන්න හිතෙන්නේ නැතුව ඇති.. දැන් බලන්නකො එදා රෑ රාකෙල්ව දුන්නානම් ඉක්මණින්ම දරුවෙකුත් ලැබුනානම් ජාකොබ් එවලෙම ආපහු ගෙදර දුවන්න හදයි.. ඒත් රාකෙල්ව නොදුන්න නිසා තව අවුරුදු හතක් වැඩකරන්න උනානෙ..

      ඉස්සරහට මොකද වෙන්නෙ අපි බලමු

      Delete
  13. කතාවක අගය රඳා පවතින්නේ එක කොටසක් අවසානයේ ඉතින් ඊළඟට මොකද වුනේ කියන කුතුහලය පාඨකයා අතර ඉතිරි කිරීමෙන්. අපි පොඩි කාලේ ගුවන්විදුලියේ ගිය මුවන්පැලැස්ස කතාව තමයි ඒ අතින් මගේ මතකයේ ඉහලින්ම තියෙන්නේ. (පස්සේ කාලේදී නම ඒක වාගෙන කන පැලැස්ස වුනා. දැන් අර බලු බල්ලෙකුට වටින්නේ නැති කෝපි කඩේ ටෙලි විගඩම වගේ)බයිබලයේ කතා කෙටි වීඩියෝ චිත්‍රපටි වගේ අන්තර්ජාලයේ තියනවානම්, මේ කතාව අවසානයේ ඒ තැන් වලට අපව යොමු කරවන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. මුවන්පැලැස්ස ගැන නම් මම දන්නේ නෑ.. ඒත් කෝපි කඩේ ගැන නම් කතා කරන්න එපා.. ඒක කෝපි කඩේ නෙමෙයි 'ආණ්ඩුවට යන කඩේ'...

      වීඩියෝ අනිවාර්යෙන් ඇති. ඒත් ඉතින් එව්වා දැම්මොත් කතාවෙ ගතියක් නැතිවෙයි. (ගතියක් තියෙනවානම්) කතාව යම් හරියකට ආවම වීඩියෝ දාන්නම්. උදා;- ජාකොබ් මැරුනම ඒ ලින්ක් දෙන්නම්.. එතකොට මේකෙන් දැනගත්තු තේරුමත් එක්කම බැලුවැකිනෙ. නැතිනම් කතාවට කලින් වීඩියෝ ටික යයිනෙ..

      විචාරක මහත්මයා මෝසෙස් බැලුවද?

      Delete
    2. ඔබ දුන්න ලින්ක් එකෙන් ගියාම බාගන්න සල්ලි ඉල්ලනවා. වෙන එකක් හොයාගත්තා. හැබැයි විස්වාස නැහැ. අනික ගොනුවේ ප්‍රමාණය 4.6 GB හරි ගියොත් කියන්නම්.

      නෑ නෑ දැන්ම වීඩියෝ දාන්න එපා. ඔක්කොම කතාව ඉවර කරන අවසන් කොටසේදී දාන්න.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මට තියෙන පහසුකම් අනුව බාලා බලන්න අමාරුයි.. මොකද මාසෙටම 3GB නෙ තියෙන්නෙ.. හරිගියොත් ලින්ක් එක දෙන්න.. අපි හැමෝටම දෙමු..

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ලබන සතියෙ දිහෑ බලන්නකො..

      Delete
    2. @Charaka Peiris,

      ඔන්න මේ දැන් දැම්මා..

      Delete
  15. ඒ වගේ ගෑනු දැනුත් ඉන්නවනං නේ!!!!

    ReplyDelete
  16. නංගි පෙන්වල අක්ක දීම ඒ කාලේ ඉඳලම තිබිලා නේ.

    සේවියෙක් සමග පොර බදන්න තරම් හැකියාවක්..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ලෝකෙ ආරම්බකාලෙ ඉඳන්ම එන දෙයක්..

      පොර බැදීමේ කතාව ගැන මෙහෙමත් හිතෙනවා ලාමක ගතිවලින් නික්ම ගිය ජාකොබ් ආපසු එද්දී හොඳ ශක්තිවන්තයෙක් කියන එකේ සංකේතයක්ද?

      Delete
  17. වෙනස් විදියක ලස්සන කතාවක් ඉක්මනට ඊලග කොටස දෙන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! දැනට කොටස් පහක්ම දාලා තියෙන්නෙ..

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...