8.05.2012

පොතිපර්ගෙ වනචර ගෑණි..... පොරොන්දු වූ දේශය කරා.... (5 කොටස)

'පොරොන්දු වූ දේශය කරා....' සෑහෙන දිග කතාවක්. කොටස් වශයෙන් පළවේවි. බයිබලය ඇසුරින් කතාව ලියවුනත් බයිබලයේ තියෙන කතාව එහෙම පිටින් අරන් මෙතනට දාන්න නම් මගේ අදහසක් නෑ.  මේ කතාවෙදි මම කියන්න යන්නෙ ඉශ්‍රායෙල් ජාතියේ ඉතිහාස කතාවක්. පැහැදිලිව කියනවා නම් ඉශ්‍රායෙල් ජාතිය මිසරයේ වහල් බවට පත්වීමත් එයින් පසු ඉන්මිදී තමන්ගේම රටක පදිංචි වීමේ කතාවයි මේ. මෝසෙස් චිත්‍රපටිය නරඹපු කෙනෙක් නම් දන්නවා ඇති. නමුත් මගේ කතාව ඇරඹෙන්නේ මෝසෙස්ගෙන් නොවේ.

මෙතෙක් කතාව :- ආබ්‍රහම්ගේ පුතා වන ඊසාක්ට ඒසව් හා ජාකොබ් යනුවෙන් පුතුන් දෙදෙනෙකි. ඒසව්ට වංචා කර පැනයන ජාකොබ් තමුන්ගේ මාමා වන ලාබන්ගේ ගෙදර නතර වේ. එහිදී බිරියන් හතරක් ලබාගන්නා ඔහු තමුන්ගේ දේපළ වස්තුවත් රැගෙන සියරට පැමිණේ. ජාකොබ්ට පුතුන් දොළොස්දෙනෙකි. එයින් එක් පුතෙකු කෙරෙහි ජාකොබ්ගේ ඇල්මට ඉරිසියා කරන අනිත් පුත්තු මිසරය බලා යන තවලමකට ඔහු විකුණති.

පොරොන්දු වූ දේශය කරා.... (2 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (3 කොටස)
පොරොන්දු වූ දේශය කරා.... (4 කොටස)

 -----------------------------------------------------------------------------------------------------------


පොතිපර් ඔහුව මිලට ගන්නවා
 මතකනෙ ජෝසෙප්ගේ සහෝදරයන්ගෙ බලු වැඩේ. තමුන්ගෙ සහෝදරයාව වෙළෙන්ඳන්ට විකුණලා තාත්තට ගිහින් බොරුත් කිව්වා. දැන් අපි ඉන්නෙ ජෝසෙප් රැගත් වෙළෙන්ඳො මිසරයට ඇතුළුවන තැන. ඔවුන් ජෝසෙප්ව මිසරයේ වහල් වෙළඳපොළට ගෙනයනවා. ඒ වෙලාවෙ වහලෙක් මිලදී ගන්න අදහසින් එතනට පැමිණි පොතිපර් ඔහුව මිලට ගන්නවා. පොතිපර් කියන්නෙ පාරාවෝ රජුගෙ සෙන්පතියෙක් ඒවගේම ඇමති කෙනෙක්. පොතිපර් තමුන් මිලදී ගත් වහලාව තම මන්දිරයට කැඳවාගෙන යනවා.

අසාධාරණයට ලක්වෙන අහිංසකයන් දෙවියන් වහන්සේ අතහරින්නේ නෑ කියනවනෙ. ඒවගේ ජෝසෙප්වත් අතහරින්නේ නෑ.  ජෝසෙප්ගේ සියලුම කාර්‍යයන්ට දේව ආශිර්වාදය ලැබෙනවා. ඒ නිසා ඒවා ඉහලින්ම සාර්ථක වෙනවා. ටික කලකින්ම පොතිපර්ට තේරෙනවා ජෝසෙප්ගේ හැකියාවන්. තමාට අයිති ජෝසෙප්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න හදන පොතිපර් බර වැඩ වලින් ඔහු මුදවා තමුන්ගේ මැනේජර් කරගන්නවා. මන්දිරයේ සියලුම පරිපාලන කටයුතු ජෝසෙප්ගේ කරමත පටවන ඔහු සැළකිලිමත් වෙන්නේ තමුන්ගෙ ආහාරය ගැන පමණයි. ඉතින් උසස්වීමෙන් පස්සෙ වහලා වුනත් හොඳ කෑම බීම ලැබෙන ජෝසෙප් ඉතා කඩවසම් පුද්ගලයෙකු වෙනවා.
මැනේජර් වූ ජෝසෙප්

තම මන්දිරයට එන මේ කඩවසම් තරුණයාට එක් කෙනෙක් වශී වෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි පොතිපර්ගෙම බිරිඳ, නිවසේ ස්වාමිදුව.   මායම් 64ම දාන උන්දෑ බලන්නෙ ජෝසෙප්ව වසඟෙට ගන්න. ඒත් ජෝසෙප් නෙමෙයි ඒවා ගණන් ගන්නෙ. ඔහු හීන් නූලෙන් ඒ ගෑණිගෙන් බේරිලා තමුන්ගෙ වැඩ ටික කරගෙන ඉන්නවා. ඒත් දවසින් දවසම කරදර වැඩි වෙනවා. ගෑණි හදන්නෙ බලෙන් හරි ජෝසෙප්ව තමුන් ළඟට ගන්න. එක් දවසක් ජෝසෙප්ට කාමරයට කතා කළ වෙලේක ජෝසෙප්ට තරහා යනවා. "පේනවා නේද? මේ ගෙදර කටයුතු ඔක්කොම බලන්නේ මම. මගේ ස්වාමියාට අයිති සියල්ල පාලනය කරන්නේ මම. ඔබ ඔහුගෙ බිරිඳ නිසා ඔබ ඇර අනිත් හැමදේම මට පාලනය කළෑකි. ඔහු මාව විශ්වාස කරලයි මේ බලතල දුන්නේ. මට බෑ ඒ විශ්වාසය බිඳින්න. ඇරත් දෙවියන් වහන්සේට විරුද්ධව පවක් කරන්න කොහොමත් බෑ"

මේ කියමනෙන් අධික කෝපයට පත්වුනත්  ඇය ජෝසප් දිනා ගැනීමේ උත්සහය අත්හරින්නේ නෑ. දවසක් ජෝසෙප් පැමිණෙන වෙලාවක් බලා සේවකයන් සියල්ල පිටතට යවන ඈ ඔහු එනතුරු මඟ බලනවා. ජෝසෙප් පැමිණි වහාම සුපුරුදු යෝජනාව කරන්න ඈ මැලිවන්නේ නෑ. නමුත් ජෝසෙප් එය ප්‍රතික්ෂේප කළ තැන ඔහුගේ ඇඳුම්වලින් අදිමින් තව තවත් බලපෑම් කරනවා. ජෝසෙප් පැනයාමට උත්සාහ කරනවා. නමුත් ඇය ඔහුගේ ඇඳුම් වලින් ඇදීම නිසා ඒවා ගැලවී යනවා. ජෝසෙප් පැන යනවා.

ඇඳුම් වලින් ඇදීම නිසා ඒවා ගැලවී යනවා
මෙතරම් පෙරැත්ත කරලාත් මෙතරම් මායම් දමලාත් ජෝසෙප් නම්මාගන්න බැරිවීමෙන් කෝපවෙන ඈ බෙරිහන් දෙනවා.  ඒ සද්දෙට ගෙට දුවන් එන සේවකයන්ට ඈ කියන්නෙ මෙහෙම කතාවක්. "බලන්ඩ අපේ මනුස්සයා හොයා නොබලා මිනිස්සු වැඩට ගන්න හැටි. අර වහල් කමට ගෙනාව ජෝසෙප් මාව දූෂණය කරන්ඩ ආවා. මම කෑ ගැහුවම පැන දිව්වා. බොරු නම් බලන්න ඔහු ගලවපු ඇඳුම. මම කෑගහපු සද්දෙට ඔහුට ඇඳුම ගන්නත් අමතක වුණා" පොතිපර් ගෙදර ආ විටද සාක්ෂියත් සමඟ මේ කතාව මවා පෙන්වන්න ඈ සමත්වෙනවා. කෝපයෙන් වියරු වැටෙන පොතිපර් ජෝසප් අල්ලා රජුගේ සිරගෙට දමනවා.

මේ ගෑණි එක්ක මටත් පෞද්ගලික තරහක් තියෙනවා.  ඔය ගෑණි හින්දා මට කවදාවත් ජෝසප් ෆිල්ම් එක බලන්න හම්බෙලා නෑනෙ. ඒ දවස්වල ජෝසෙප් ටීවී එකේ යනවා කිව්වම බලන්න පෙරුම් පුරාගෙන ඉන්නවා. ඒත් කතාවෙ මුලම තියෙන මේකිගෙ දඟර නැටුම් හින්දා බලන්න ලැබෙන්නෙම නෑ. "පුතා ඕක වහලා නිදාගන්න. හෙට ඉස්කෝලෙ යන්නත් ඕනනෙ" ඔය සිද්ධිය තමයි හැමදාම වුනේ. වල් ගෑණි.

කලින් කිව්වත් වගේ  හොඳ මිනිහට කොතන ගියත් වරදින්නෙ නෑ කියනවනෙ.  ජෝසෙප්ටත් ඒ වගේ තමයි. නොකරපු වරදකට හිරේ හිටියත් සිරගෙදර පාලකයා ජෝසප්ගේ වැඩ ගැන සතුටු වෙනවා.ඒක නිසාම හිරගෙදර හිරකරුවන්ගෙ වැඩ ජෝසෙප්ට භාරවෙනවා. හිරකරුවන් ගැන සොයා බැලීම කෑම බීම ලබාදීම ආදිය කරන්නෙ ජෝසප්.

මට පුළුවන් වෙයි තේරුම කියන්න
ඔහොම දවසක් එක සිරකුටියක කෑම අරන් ගියාම ජෝසප් දකින්නෙ දාහට අරන් සීයට දීලා වගේ මූඩ් ගහලා මුල්ලකට වෙලා ඉන්න සිරකරුවො දෙන්නෙක්. මේ දෙන්නගෙන් එක්කෙනෙක් තමා රජතුමාගෙ රොටි හදන්නන්ගේ ලොක්කා අනිකා රජතුමාට වයින් පිළිගන්වන්නන්ගෙ ලොක්කා. කලකට කලින් ඒ දෙන්නා කරපු මගෝඩි වැඩක් හින්දා තමයි රජු ඔවුන්ව හිරේටදාලා තියෙන්නෙ. "මොකෝ දෙන්නම පැත්ත ගහලා" එහෙම අහන්නෙ ජෝසෙප්.

"මමත් මෙයත් ඊයෙ හීන දෙකක් දැක්කා. තේරුම මොකක්දැයි දැනගන්න බැරුවයි ලතවෙන්නෙ කොලුවො"

"කියන්න බලන්න. දෙවියන් වහන්සේගේ පිහිටෙන් මට පුළුවන් වෙයි තේරුම කියන්න"

 වයින් පිළිගන්වන්නන්ගෙ ලොක්කා මෙහෙම කියනවා
 වයින් පිළිගන්වන්නන්ගෙ ලොක්කා මෙහෙම කියනවා. "මම මිදි වැලක් දැක්කා. ඒකෙ රිකිලි තුනයි. ඒකෙ දළු දාලා මල් පිපුනා. ඊටපස්සෙ මිදි පොකුරු ආවා. මම පාරාවෝගෙ කුසලාන අරන් ඒ මිදි කඩලා මිරිකලා පාරාවෝට දුන්නා."

රොටි හදන්නන්ගේ ලොක්කා මෙහෙම කියනවා


"ඔබ දැකලා තියෙන්නෙ සුභ හීනයක්. දින තුනකින් ඔබට නැවත රැකියාව ලැබෙයි. අනේ එතකොට මට උදව් කරන්න. මම හිරේ හිටියට කිසිම වරදක් කළ කෙනෙක් නෙවෙයි. පාරාවෝට මගේ කතාව කියලා මා මෙතනින් එළියට ගන්න" 

රොටි හදන්නන්ගේ ලොක්කා මෙහෙම කියනවා. "මගේ ඔලුව උඩ කෑම පෙට්ටි තුනක් තිබුණා. පාරාවෝට හදපු කෑමයි ඒවල තිබුනෙ. කුරුල්ලො ඇවිත් ඒවා කන්න ගත්තා"

"සහෝදරයා, දින තුනකින් පාරාවෝ ඔබව හිරෙන් පිටතට අරන් එල්ලාවි. කුරුල්ලෝ ඔබගේ මස් කොටාගෙන කාවි"

දින තුනකින් ජෝසෙප් කියපු විදිහටම වුණා.  වයින් පිළිගන්වන්නන්ගෙ ලොක්කා තම ධූරයට නැවත පත්වන අතරෙ රොටි හදන්නන්ගේ ලොක්කා ගහක එල්ලා මරන්නට පාරාවෝ නියම කළා. වයින් පිළිගන්වන්නන්ගෙ ලොක්කා ජෝසෙප්ව හිරෙන් එළියට ගන්න හැටි ඊළඟ කොටසින් බලමු.


51 comments:

  1. Replies
    1. අඩේ එහෙනම් අදම ජෝෂප් කියන කතාව බලන්ඩ ඕනා.
      මොනවා උනත් ජෝෂප් පට්ට කොල්ලෙක්... මොන ප්‍රශ්නේ උනත් එක හිතින්ම ඉන්නවා. !!!

      Delete
    2. ජෝසප් හොඳ ළමයෙක් නේද? මේ අපි වගේ :)

      Delete
  2. ඔහොම යං ඔහොම යං.හැබැයි මමනං හීන විශ්වාස කරන්නෑ හරී

    ReplyDelete
    Replies
    1. මමත් විශ්වාස කරන්නේ නෑ දිනුක.. ඒත් අපේ අම්මා නම් සමහරදාට කියනවා නරක හීනය්ක් දැක්කා අද පරිස්සම්වෙලා ඉන්න කියලා.. ඒවගේ කියපු සමහර ඒවා ඇත්තවෙලත් තියෙනවා..

      හීන ගැන නම් ලොකුවට හිතන අය අදත් ඉන්නවා නේද? හීන විශ්ලේෂකයෝ කියලා වෙනම කොට්ඨාසයකුත් ඉන්නෙ.. මට යාන්තමට මතකයි ඉස්සර ගියාලු රේඩියෝ එකේ වැඩසටහනක්.. අසන්නෝ හීනය කියපුවාම ඒක විශ්ලේෂණය කරලා කියනවාලු.. මම නම් අහලා නෑ.. ඒත් ඒකාලෙ මගේ යාලුවෙක් නම් පාඩම් කරන ගමන් ඕක අහලා තියෙනවා.. මිනිහා කිව්ව හැටියට නම් ටක්කෙටම කියනවාලු..

      Delete
  3. ඔන්න බලපන් ඉතින් මායම්කාර ගෑනුන්ගෙ හැටි.. වැඩේ වැරදුනාම බලහත්කාර කම් කොරන්ඩ හැදුවලු.. ඒයා සීතා... හොඳ වැඩේ, උඹ ඔය ගෑනිට බැනපු එකමයි හොඳ :-)

    මේකට විස්තර හොයන්ඩ බයිබලය ඇරුනු කොට වෙනත් මූලාශත් පරිශීලනය කරනවානම්, පොඩ්ඩක් හොයලා බලන්න මිසරයෙ පාරාවොන්ගෙ බලය ගිලිහිලා ඉස්ලාම් අයගෙ අතට මාරු වෙන්නෙ කොහොමද, කොයි කාලෙද කියලා.. දැන් මිසරයෙ ඉන්න උන් පිරමීඩ ගැන දන්නෙත් නෑ බන්.. උන්ට ඒවා නිකම්ම නිකන් ගල් ගොඩවල් ටිකක් විතරයි...

    ReplyDelete
    Replies
    1. පාරාවොගෙ කාලයයි ඉස්ලාමයයි අතර මහ විසාල ගැප් එකක් තියෙනවා.. පාරාවොන්ගෙන් පස්සෙ ඊජිප්තුවෙ බලය යන්නෙ ඇකමෙනයිඩ් (පර්සියන්) අධිරාජ්‍යය යටතට (ක්‍රිපූ 6වන සියවස මැද).. ඊටපස්සෙ ඇලෙක්සැන්ඩර්ට යටත්වෙනවා.. ඇලෙක්සැන්ඩර්ගෙන් පස්සෙ රජකරන්නෙ ටොලමිලා.. මෙයාලා පැවතෙන්නෙ ඇ‍ලෙක්සැන්ඩර්ගෙ සෙන්පතියකුගෙන්, රජකරන්නෙ ඇලෙක්සැන්ඩ්‍රියාවෙ ඉදන්.. සුප්‍රසිද්ධ ක්ලියෝපැට්‍රාත් ටොලමි කෙනෙක්.. ඊටපස්සෙ එන්නෙ ‍රෝම අධිරාජ්‍යයට යටත් කාලෙ.. ඊටපස්සෙ නැගෙනහිර රෝම අධිරාජ්‍යය (බයිසැන්ටියම) යටතේ.. ඊටත් පස්සෙ තමා (ක්‍රිව 7වන සියවසේ මැද) අරාබියෙන් ඉස්ලාම් ආක්‍රමණ එන්නෙ..

      Delete
    2. ස්තූතියි බූරා... ඕක මට සෑහෙන කාලෙක ඉඳන් තිබුන පුරස්නයක්. අද තමයි ලාවට හරි දැනගත්තෙ..

      ඒක නෙමේ, මම ආයෙත් ඉල්ලා සිටිනවා උඹට බ්ලොග් එකක් පටන් ගන්ඩ කියලා.. මේ ව්ටිනා දැනුම එකතැනකට එකතු කරලා බෙදා හැරියනම් කවදා හරි කාට හරි ප්‍රයෝජනයක් වෙයි.. තැන් තැන් වල කමෙන්ට් දාන එක නිකන් තාර පාරේ වී වපුරනවා වගේ වැඩක්..

      සළකා බලනු මැනවී..

      Delete
    3. බලමුකෝ බලමුකෝ.. වෙන්න තියෙන දෙයක් යථා කාලයේදී තථා අයුරින් සිදුවෙයි.. :D

      Delete
    4. @ සෙන්නා,

      බනින්න නෙමෙයි ගහන්න වටින්නෙ.. :)

      බුරා අයියා කියලා තියෙන නිසා මම ආයෙ කියන්න ගිහින් සවුත්තු වෙන්න ඕන නෑනෙ.. ඒත් මා ගාව තියෙන රූපයක් දාන්නම්.. ඒකේ ඔය විස්තර ටික ලස්සනට තියෙනවා..

      මෙතනින් බලන්න..

      එව්වා ගැන පුදුම වෙන්න දෙයක් නෑ බං.. ලංකාවෙ වුනත් ඉතිහාසෙ නොදන්න වුන් වගේම පෞද්ගලික වාසි තකා ඒවා විකෘති කරන වුන් කොච්චර ඉන්නවද?

      Delete
    5. @ Buratheno,

      පැහැදිලි කිරීමට බොහෝම ස්තුතියි! මම අදයි දන්නෙ බුරා අයියාට බ්ලොගක් නෑ කියලා.. තැන තැන දාපු කමෙන්ට් වලින් නම් හොඳ දැනුමැත්තෙක් බව පෙනුනා..

      සෙන්නා වගේ ආවට ගියාට පාරෙ වී වපුරන්නේ නැතුව හොඳ සරු භූමියක් බලලා වැපුරුවොත් මොකද?

      මේ සෙන්නගෙ කතාවත් එක්ක වපුරන්නාගේ උපමාව මතක් වුනා..

      Delete
    6. මම මොන දැනුමැත්තෙක්ද බං.?? යාන්තං එහෙන්-මෙහෙන් කියෝපුවා/ කියවන ඒවා තමා ඔය.. නොදන්නා දේ තව කොච්චර තියෙනවාද මේ ‍ලෝකෙ.. :)

      Delete
    7. දැනුමැත්තෝ කවදද තමන් දැනුමතොයැයි වදාලේ...?

      හරී දැකලා තියනවද ඇවිදින පුස්තකාල.. දැකල නැත්තම් බලා ගනින්, බුරානිස් ඒ වගේ එකෙක්.. හැමදාම නෑ හැමතැනම නෑ..

      Delete
    8. @ Buratheno,

      එහෙන්-මෙහෙන් කියෝලා ඔහොම නම් හොඳට කියෝපුවම කොහොම තියෙයිද?

      නොදන්නා දේ තව කොච්චර තියෙනවාද මේ ‍ලෝකෙ.. ඒක ඇත්ත ඉතින් හැමදේම දැනගන්න කාටවත් බෑනෙ..

      Delete
    9. @ සෙන්නා,

      මට මතකයි.. බුරානිස් නේද අර ඇට මැස්සගෙ ඡේදයක් කටපාඩමින් ලියලා තිබ්බේ..

      Delete
  4. කතාව මැද්දෙ දාපු ඇඩ් එක තේරුනේ නැතුව මම හතරපාරක්ම කියෙව්වා..හික්ස්..
    හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා තියනවනේ කතාවත්..

    ස්තුතියි හරී දිගටම ලියනවට..

    ReplyDelete
    Replies
    1. එහෙම වින්නැහියක් වෙන බව දන්නවානම් ඇඩ් එක නොදා ඉන්නවා.. :) මම හිතුවෙ නෑ ඒ ටික කතාවත් එක්ක පැටලෙයි කියලා..

      දිගටම ලියන්නම්..

      Delete
  5. ජෝශප්ට හීන තේරුම් ගන්නත් පුලුවන් වෙනවානේ. එයාට මොකුත් විශේෂ හීන පේන්නේ නැද්ද ??

    ReplyDelete
    Replies
    1. ජෝශප් film එකේ ටොරන්ට් එකකටත් ලින්ක් එකක් දෙන්නෝ.............

      Delete
    2. @ Buratheno - තැන්කු වේවා :)

      Delete
    3. @ Hasitha,

      මම මුලින් කිව්වෙ ගොයම් මිටි වඳින එකයි.. ඉරයි හඳයි තරුයි වඳින එකයි ජෝසෙප්ට පෙනිච්ච හීන තමයි..

      හදිස්සිවෙන්න එපා.. "ඒත් කතාවෙ මුලම තියෙන මේකිගෙ දඟර නැටුම්" වල එච්චර දෙයක් නෑ හසිත.. :)

      මම කොහොමත් කතාවෙ අදාළ අදාළ කොටස් ඉවර වුනාම වීඩියෝ දෙන්නයි ඉන්නෙ.. ඒක විචාරක මහත්මයාගෙ අදහසක්.. කලින්ම වීඩියෝ දැම්මාම කතාව කියන එකෙන් වැඩක් නෑනෙ..

      ඒක නිසා ටිකක් ඉවසමු.. (බුරා වැඩේ කාලනෙ :))

      Delete
    4. @ Buratheno,

      ස්තුතියි බුරා අයියෙ..
      මම ඒ ඒ පුද්ගලයන්ගේ මරණය වෙනුවෙන් අදාළ ෆිල්ම් වල ටොරන්ට් ෆයිල් දෙන්නයි ඉන්නෙ.. එතකොට ඒවා බලත් කතාව තේරුම් ගත්තැකිනෙ..

      Delete
  6. සෑම ආගමකම වගේ තියන මෙවැනි කතාවල, අධි මානසික ශක්තිය, දේවාශීර්වාදය නිසා සාමාන්‍ය මිනිසුන්ට ලැබෙන විශේෂ අද්භූත බලය, අනාගතය දකින්නට හැකිවීම, වැනි දේ පොදු ලක්ෂණ හැටියට පෙනෙනවා. ඇත්ත කතා වුනත්, ප්‍රබන්ධ වුනත් ඒ සියල්ලෙහිම සමාන බවක් තිබෙනවා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. සමහර අයගේ මතය තමයි ආගමකට තියෙන ශ්‍රද්ධාව වැඩි කරන්න ආගමික කතාවලට අතිශෝක්තිය එකතුකරනවා කියන එක.. ඒත් තවත් පිරිසක් කියන්නෙ වර්තමාන විද්‍යාවෙන් සියල්ල තේරුම් කළ නොහැකි බවත් ඒ ඒ ශක්තීන් සහිත පුද්ගලයන් සිටින්නට ඇති බවත්.. ඒ කෙසේ වෙතත් අපිට කියවීමට රසවත් කතාවක් ලැබීමම ප්‍රමාණවත්..

      Delete
  7. මචන්, ලිපියෙ පොඩි අඩු පාඩුවක් දැක්කා.. පොරොන්දු වූ දේශය කරා කිව්වට, පොරොන්දුව උනේ කවුද, කාටද, කොහෙදිද කියලා නෑ නේද.. ඒ ගැන සඳහනක් කලොත් නරකද.. නැත්නම් අන්‍යාගමිකයො මාඤ්ඥමික වෙන්ඩ පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා මට ඒක පෙනුනේ නෑනෙ.. ඉතින් මට හිතුනා දැන් මෙතන කමෙන්ට් එකකින් කියනවාට වඩා ඊළඟ ලිපියේ මුලට ඒ විස්තරය ඇතුළත් කරන්න..

      Delete
    2. ඔව් ඒක හරි.. කමෙන්ට් එකකින් කිව්වොත් වැඩක් නෑ.. ඒත් පස්සෙ මට හිතුනා මම වැරදිද මන්දා කියලත්.. කාටද ඔය පොරොන්දුව වෙන්නෙ ? ආබ්‍රහම්ටද ? නැත්නම් මිසරයේදී වෙන කෙනෙකුටද ? මට ඒක දැන් හරියට මතක නෑ.. මිසරයේදී වෙනවනම් හරී කතාව කියාගන යන විදිහ හරි ( නිවැරදියි.. :-) "හරී" සහ "හරි" එක වගේ පේන්නෙ.. ) කිසිම අඩු පාඩුවක් නෑ...

      Delete
    3. මට හිතෙනවා ඔය "පොරොන්දු වූ දේශය" කියන එකේ තේරුම ලිපි පෙළ අවසානයේ අපිටම තේරුම් ගන්න ඉඩ සැලස්සුවනම් වඩා හොඳයි කියලා....අදහසක් පමණි :)

      Delete
    4. @ සෙන්නා, සයුරි,

      පොරොන්දුව වෙන්නෙ මුලින්ම ආබ්‍රහම්ට ඒත් ඒක ඉටුවෙන්නෙ මේ කතාවේ අවසානයේදී..

      Delete
  8. ඉවසමින් කියවා හිඳිමි... සර්වර් එකක් කැඩිලා.. ඒ අස්සේ ආවේ..

    ReplyDelete
    Replies
    1. මමත් බොහොම ආයාසයෙන් ඊළඟ කොටස පිට නොකර සිටිමි..

      Delete
  9. ජෝසප් කියලා ෆිල්ම් එකකුත් තියනවද? ඒකෙ තියෙන්නේ මේ කතාවද? හොයලා බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බයිබලයේ තියෙන සෑම කතාවක්ම පාහේ යම් යම් චිත්‍රපටවලට පාදක වෙලා තිබෙනවා.. ඉදිරියේදි ඒ ගැන වැඩි විස්තරයක් ගේන්නම්..

      Delete
  10. ජෝසප් කියල ෆිල්ම් එකක් තියෙනවද?
    හොයාගෙන බලන්න ඕනි ;)

    ReplyDelete
    Replies
    1. ඔව් තියෙනවා.. මම හිතන්න බුරා අයියා යූටියුබ් ලින්ක් එක දාලා තියෙනවා ඔයා දකින්න ඇති..

      Delete
  11. එව්වා කිව්ව ඊය ලැබුනේ නැත. නැවත වතාවක් එවන්න.

    ReplyDelete
    Replies
    1. ඊය එව්වෙමි. ඉලක්කයටම වැදී ඇත්දැයි බලන්න..

      Delete
  12. නියමයි හරී....රචනා විලාසය නිසා සිරාවටම කියවන්න ආසා හිතෙනවා.
    රාජකාරි වැඩත් එක්ක කියවන්න වෙලාවක් නැති වුනත්
    මේ වගේ ලියද්දි අවුලක් නැතුව කියවන්න පුළුවන්..
    සෙන්නාගේ ප්‍රශ්නය මටත් හිතුනා....
    "පොරොන්දු වූ දේශය කරා කිව්වට, පොරොන්දුව උනේ කවුද, කාටද, කොහෙදිද කියලා.."
    දිගටම ලියන්න.... ජය.....!!!

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ස්තුතියි සහෝ! හැබැයි මට වෙලාවකට හිතෙනවා කට්ටියට මේ කතාව එපා වෙලාද කියලත්..

      ඒ ටික මම ඊළඟ ලිපියේ මුලට අමුණන්නම්..

      ඔබටත් ජය!

      Delete
  13. අන්න බලන්න ජෝශප් වාගෙ හොඳට හැදිච්ච කොලේලෙක් කාන්තාවක් දිහා ඇහැක් ඇරල බලන්නෑ.බය නැතුව ගෙදරක තියල යන්න පුළුවන්.

    බෞද්ධ සාහිත්‍යයේත් ජාතක කතා ගනනාවක් තියෙනවා මේවිදියේ සිදුවීම් වලින් රස ගැන්වුණු.
    මේ හැම චරිත ලක්ෂණයකින්ම කියවෙන්නේ පාඨකයන්ගේ ආධ්‍යාත්මික චරිත ගොඩනගාගැනිමට හැකිවන දේවල්.

    ජෝශප් හොඳ වුණාට "ජෝශප් ෆිල්ම් එක බලන්න එපා කියලා අම්මා කිව්වේ කොටු කොටු ඒවා තිබුණ නිසා කොලුව හොඳට හදාගන්න ඕනෙ නිසා වෙන්ටැති".

    ReplyDelete
    Replies
    1. ".බය නැතුව ගෙදරක තියල යන්න පුළුවන්." හැබැයි දයා අයියෙ මෙහෙම කතාවකුත් තියෙනවානෙ.. 'උපාසක සක සක, තඩි මීයො දෙක දෙක'

      මමත් ඒවගේ කතා ගොඩාක් කියවලා තියෙනවා.. හසිතගෙ බ්ලොගයෙනුත් ඒ කතා කියවන්න පුලුවන්..

      ඒකෙත් ඒහැටි දෙයක් නෑ දයා අයියෙ.. ඒත් ඒ කාලෙ පොඩි එකානෙ...

      Delete
  14. හුටා! යකඩෝ ටිකක් එලියට පහලියට බැහැලා බැලුවාම නෙව මේක අහු වුනේ. කෙලින්ම කතා සාගරයක් නෙව. මාත් කැමතිම කතා. හිමීට කියවල බලඤ්ඤං. ඔහොම යං :)

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නම්.. හිමීට කියවලා බලන්නකො වෙලාවට..

      Delete
  15. හිමිට කියවගෙන යනවා.. මේ ටිකේ බිසී නිසා පහුගිය කොටස් දෙකක් තියෙනවා ..

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියවලා බලන්නකො..

      Delete
  16. කොටස් පහම කියෙව්වා..
    අමතකව තිබුණු කරුණු වගේම නොදැන හිටිය කරුණු දැනගන්න ලැබුණු ලිපියක්..!
    ලිවීමේ රටාවනම් උපරිමයි..
    බලාගෙන ඉන්නවා ඊ ළඟ කොටසත් කියවන්න.. :)

    ReplyDelete
    Replies
    1. "ලිවීමේ රටාවනම් උපරිමයි" විශ්වාස කරන්නත් බෑ.. මම හිතන් හිටියෙ කට්ටියට එපා වෙලා ඇති කියලා..

      Delete
  17. අපරාදේ තාමත් උබට ඔය ගෑණි කරදර කරනවද ජෝශප් බලද්දී

    ReplyDelete
    Replies
    1. හි..හි.. ජෝසප් බලන්න හම්බෙලාම නෑ බන්.. ටී වී එකේ යද්දියි කරදර කෙරුවෙ.. දැන් තියෙන කනෙක්ශන් එකෙන් ෆිල්ම් බානවට වඩා හොඳා ඔරිජිනල් ඩීවීඩී කඩෙන් ගන්නවා... ෆැශන් ඔෆ් ද ක්‍රයිස්ට් බාලා බිලට පිටින් 800ක් ගෙවන්න වුනා...

      Delete

පරණ ලිපි අලුත් ලිපි කියලා වෙනසක් නෑ. හිතෙන දේ කියලා යන්න. ස්තුතියි!

Related Posts Plugin for WordPress, Blogger...