මම දැන් ජීවිතෙන් 1/3 විතර ගෙවලා හොඳ අධ්‍යාපනයකුත් ලබලයි ඉන්නෙ. ඒ කාලෙදි මම දැකපු දේවල් මගේ අත්දැකීම් හා සමහර දේවල් ගැන මගේ ආකල්ප ප්‍රයෝජනයට අරන් මම දකිනවා හීන; අනාගතය ගැන රට ගැන ලෝකය ගැන..... ඒ හීන තමයි මම ඔයගොල්ලන්ට ගේන්නෙ.
මේ බ්ලොග් එක ලිවීමේ අරමුණු කීපයක් තියෙනවා..
- ඔයගොල්ලන්ට අලුතින් හිතන්න යමක් දෙන්න.
- සමාජයේ රටේ මම දකින ගොඩක් වැරදි නිවැරදි කරන්න කතිකාවතක් ඇති කරන්න.
- අපෙ රට සංවර්ධනය කරන්න රට ගොඩ නංවන්න මට පුලුවන් විදියට දායක වෙන්න හා අනිත් අයවත් පොලඹවන්න.සහ
- අවසාන වශයෙන් මගේ ආත්ම තෘප්තියක් ලබන්න.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මම ඔයගොල්ලන්ගෙ විචාර බලාපොරොත්තු වෙනවා. යෝජනා, චෝදනා, ගල්මුල්,ප්‍රශංසා ඕන එකක් බාරගන්නවා.
අඩුම ගානෙ මට බැනලවත් comment කරන්න.මොකද නැත්නම් මම ලියන දේවල් කවුරුත් බලන්නෙ නෑ කියල හිතෙනකොට මටම එපා වේවි.
එහෙනම් ඕක තමයි මගේ බ්ලොග් එක ගැන හැඳින්වීම.මම ඊලඟ post එකෙ ඉඳල මගේ හීන ගැන කියන්නම්. දැනට ඕගොල්ලො කියන්නකො මේ ගැන මොකද හිතන්නෙ කියල. post එකක් බලන්නැතුව අමරුයි නේද? කමක් නෑ හිතන ඕනම දෙයක් කියන්න...
පසුව හමුවෙමු.
-හරී-