Showing posts with label Catholic Rituals. Show all posts
Showing posts with label Catholic Rituals. Show all posts

3.17.2016

කුළුඳුල් කොණ්ඩ කැපීම

පහුගිය ඉරිදා උදේ වටින් ගොඩින් එළිය වැටීගෙන එද්දි අපි හැමෝම ලෑස්ති උනේ විශේෂ ගමනක් යන්න. අපේ චුටි පුතාගෙ කොණ්ඩෙ කපාගෙන එන්න යන්න. කොණ්ඩ කපාගෙන එන්න යන එක විශේෂ ගමනක් වෙන්නෙ කොහොමද කියන එක ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. මේක එයාගෙ පළමුවෙනි කොණ්ඩ කැපීම. ඒ උනත් ඒකෙත්  විශේෂයක් නෑ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් මේ කෙටි ලිපිය ලියන්නෙ ඒ ගන පොඩි විස්තරයක් කරන්න.

සම්ප්‍රදායක් විදිහට කතෝලිකයෝ තමුන්ගෙ දරුවන්ගෙ කොණ්ඩෙ කපන්නෙ පල්ලියකදි. මේක පොඩි කාලෙ බව්තීස්ම කරනවා වගේ කතෝලිකයන් අනිවාර්යෙන් කළයුතු දෙයක් හෝ නිල වශයෙන් පිළිගන්නා දෙයක් හෝ නෙමෙයි. මේක පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රදායක් විදිහට කරගෙන යන දෙයක් වගේ. මේ විදිහට පල්ලියකදී මුලින්ම කොණ්ඩෙ නොකපන අයත් ඇති.

ගොඩක් දෙනෙක් මේ සඳහා තෝරාගන්නෙ ගර්භවාස දේවමාතාවන්ට (Mother of Expectation) කැපකළ දේවස්ථානයක්. මීගමුව කොච්චිකඩේ පැත්තෙත් ළදරුවන්ගේ කොණ්ඩ කැපීමට ප්‍රසිද්ධ දේවස්ථානයක් තිබුනත් අපේ පරම්පරාවෙම කොණ්ඩෙ ඉස් ඉස්සෙල්ලාම කපලා තියෙන්නෙ මට්ටක්කුලියේ ගර්භවාස පල්ලියේ තමයි. 
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය
මට්ටක්කුලියේ ගර්භවාස පල්ලිය අවුරුදු එකසිය පනහකට වඩා ඉතිහාසයක් තියෙන පල්ලියක්. කුඩා ළමුන්ගෙ කොණ්ඩා කැපීමට පැමිණෙනවාට අමතරව දරු ප්‍රසුතීන් සඳහා පිහිට උපකාර පතාත් ජනතාව මේ පල්ලියට එනවලු.
ළමුන් තබන තොටිල්ල

අපි යනකොටත් ළමුන් කිහිපදෙනෙකුගේ කොණ්ඩ කපනු දකින්නට තිබුණා. අපේ පුතාගේ කොණ්ඩ කැපීමෙන් පස්සෙ වී කුරුල්ලො රංචුවක් නිදහස් කරන්නත් අමතක කෙළේ නෑ. එහෙම කරන්නේ ඇයි කියන්න හේතුවක් දන්නේ නැතත් කාලයක ඉඳන්ම මිනිස්සු කුරුල්ලො නිදහස් කරනවාලු. වී කුරුල්ලො ටිකට ඉගිල්ලිලා නොපෙනී යන්න තත්පර දෙකක්වත් යන්න නැතුව ඇති. 

ගර්භවාස දේවමාතා පිළිරුවක්      

4.19.2014

ඇට දාලා හොල්ලන පෙට්ටිය

"අර මොකක්ද අර ළමයා ගහන්නෙ?"

"ඒ වධක බෙරේනෙ."

"කරස් කරස් ගාල සද්දෙ යනවා නේද? මොනවයින්ද ඒක හදලා තියෙන්නෙ?"

"මෙන්න මෙහෙම පෙට්ටියක් හදලා ඒකට ඇට ජාතියක් මොනාහරි දාලා තියෙන්නෙ"

"ඇට? මොන ඇටද?"

මෙන්න මේ විදිහේ කථාබහක් පහුගිය මහ බ්‍රහස්පතින්දා හරි මහ සිකුරාදා හරි පල්ලියේ පූජාවට සහභාගි වෙච්ච දෙදෙනෙක් අතරේ ඇතිවෙලා තියෙන්නත් පුළුවන්. මේ වගේ කථාබහක් ඊළඟ අවුරුද්දෙ ඇති නොවෙන්න අද කියන්නම් වධක බෙරේ(wooden rattle) විස්තරේ.

4.14.2014

අතීතයේ දිව්‍ය පූජාවකට ගියෙමි

අතීතයේ??

දිව්‍ය පූජාවකට??

මගේ බ්ලොග් එකට නිතරම යන එන කෙනෙකුගෙ හිතේ උනත් එකපාරටම මේ ප්‍රශ්න දෙක මතු වෙන්න පුළුවන්. ඒක නිසා අලුතෙන්ම ආපු කෙනෙකුට මුලින්ම දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියන එක බොහෝම කෙටියෙන් හරි පැහැදිලි කිරීම හොඳයි මට නම් හිතෙන විදිහට. හැබැයි ඕගොල්ලන්ට මම කලින් ලියපු මෙන්න මේ ලිපියට ගිහින් බලන්න පුළුවන් නම් ලොකු විස්තරයක් දැනගන්න පුළුවන් වේවි. ඇරත් ඕගොල්ලන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ගේ යාළුවන්ගේ නෑදෑයින්ගේ විවාහ උත්සව වලට ගිහිල්ලා ඇතිනෙ. එතනදි තියෙන්නෙත් දිව්‍ය පූජාවක්ම තමයි. ඒ ගැනැත් මම ලියලා ඇති මෙන්න මෙතන. හරි.. දිග විස්තරයක් නැතුව කෙටියෙන් කියනවා නම් දිව්‍ය පූජාව කියන්නෙ කතෝලිකයෙකුට තමුන් අදහන දෙවියන් හා සම්බන්ධ වීමට ලැබෙන උතුම්ම අවස්ථාව. පියතුමාගේ ප්‍රධානත්වයෙන් දෙවියන් නැමදීම තමයි මෙතනදි සිදුකරන්නෙ. කොටින්ම කිව්වොත් කතෝලිකයො ඉරිදට පල්ලි යනවා කියලා යන්නෙ දිව්‍ය පූජාවට සහභාගි වෙන්න. මම හිතනවා දැන් හැමෝටම වගේ යම් තරමක දළ අදහසක් ඇති ඒ ගැන. ඉතින් ඒ ටික හිතේ තියාගෙන අපි පොඩ්ඩක් අතීතයට යමු.

10.18.2013

අත්පුඩි නොගහා කොඩිගහක් ඔසවාගන්නා ආකාරය

මාතෘකාව දැකපු ගමන් සමහර අයට නම් කතාවක් මතක් වෙන්නැති. ඒත් ඉතින් මම ඒ කතාව කියන්න නෙමෙයි හදන්නෙ. ඒ කතාවට මූලික වෙච්ච කොඩිගහ ගැන කතාව තමයි අද කියන්නෙ. මොකක්ද කොඩිගහ කියන්නෙ? ඒක තමයි කියන්න යන්නෙ. එහෙනම් ලිපිය බලමු. ඊටකලින් කැමති කෙනෙකුට පුලුවන් මේ මාතෘකාවට හේතුවෙච්ච කතාවත් බලලා පොඩ්ඩක් හිනාවෙලා එන්න. තව ඔයවගේ කතා තියෙනවා එව්වා අන්තිමට. ඒක නිසා හොඳට මේ කතාව කියවන්ඩ.

10.05.2012

ස්වයං-විඳවීම 2

ස්වයං-විඳවීම 1 ලිපියේදී තමුන්ටම පහරදීගන්නා කසකරුවන් ගැනත් ජේසුස් වහන්සේ මෙන් කුරුසයේ ඇණගැසුම්කන්නන් ගැනත් අපි කතාකළානෙ. අද ලිපි මාලාවේ අවසාන ලිපිය බලමු.

10.03.2012

ස්වයං-විඳවීම 1


 කසයකින් තමුන්ටම ගහගෙන එහෙම නැත්නම් වෙන විදිහකින් තමුන්ගෙ ඇඟට රිදවීමක් කරගෙන ආගමික භක්තිය පෙන්වන මිනිස්සු ඉන්නවා කිව්වොත් විශ්වාස කරනවද? විශ්වාස කරන්ඩම වෙනවනෙ. බලන්ඩකො හින්දු පෙරහැරක් ඒකෙ කටුගහගත්තු අය කොයිතරම් යනවද? ඇයි දේවාලවල කෙරෙන ගිනි පෑගීම්. මම හිතන්නෙ පන්සල්වලත් තියෙනවා. ඒවාත් ඉතින් සිරුරට වදයක් දීමෙන් තමුන්ගෙ ආගමික භක්තිය පෙන්වීමක්ම තමයි. අද මම කියන්න යන්නෙ ඒ විදිහට සිරුරට වදදෙන කිතුනුවන් ගැන. එහෙනම් කියවමු ලිපිය.

8.17.2012

පල්ලියේ වෙඩිම

පිණිබිඳු අක්කාගෙන් බේරිල්ලක් නැතුව හිටියෙ මේ ලිපිය ලියන්න කියලා ඒවගේම සිරාත් ඉල්ලීමක් කරා. ඒ දෙන්නට වගේම හැමෝටම දැනගන්නත් එක්ක ඔන්න අද කියන්න යන්නෙ කතෝලික විවාහ චාරිත්‍රය ගැන. හැබැයි ඉතින් මෙව්වා අත්දැකීමෙන් කියන දේවල් නොවන නිසා පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒක නිසා ඒ අඩුපාඩු ඉවසා වදාරමින් ලිපිය කියවන ලෙස ඉල්ලාහිටින්ඩ කැමතියි. ඒ වගේම මම කලින් දිව්‍ය පූජාව ගැන ලිව්ව ලිපිය කියවලා ආවානම් මේ ලිපියෙදි හම්බෙන චාරිත්‍ර කොටස තේරුම්ගන්න ලේසිවෙයි.

ඔක්කොටම කලින් අපි බලමු කතෝලික විවාහයක් සම්පූර්ණ වෙන්න ඕනෙ අවශ්‍යතා මොනවාද කියලා. පළවෙනි කාරණාව තමයි විවාහය සිද්ධවෙන්න ඕනෙ විවාහ වීම සඳහා ඇති බාධාවලින් තොර ගැහැණු කෙනෙක් හා පිරිමි කෙනෙක් අතර. දෙවෙනි කාරණාව තමයි දෙදෙනා විවාහවෙන්න ඕනෙ දෙදෙනාගෙම ස්වකැමැත්තෙන්. කාගේ හෝ බලපෑමක් මත විවාහය සිදුකළ නොහැකියි. තුන්වෙනි කාරණාව තමයි රෝමානු කතෝලික සභාවේ නීතිරීති යටතේ විවාහවිය යුතුයි. ඔන්න ඔය කාරණා තුන සම්පූර්ණ කරන විවාහයකට වලංගු කතෝලික විවාහයක් කියලා කියන්න පුළුවන්.

7.19.2012

වසර ගාණකින් ඇරෙන වසරක් ඇර තබන දොර

මාගේ පෙර ලිපියකදී හසිත කළ ඉල්ලීමකට වැඩිදුර පිළිතුරු සැපයීම සඳහා මේ ලිපිය ලියැවේ. වසර ගාණකින් ඇරෙන වසරක් ඇර තබන දොරක් පිළිබඳ ඔබ දන්නවාද? මා දැනුවත්ව නම් එවැනි දොරවල් හතරක් තිබේ. "එක එක තැන්වල වෙනස්කම්" ලිපියේ බැසිලිකා පිළිබඳ විස්තරයේදී මා සඳහන් කළ පරිදි රෝමානු කතෝලිකයන් විසින් ප්‍රධාන බැසිලිකා ලෙස පිළිගන්නා බැසිලිකා සතරකි. ඒ බැසිලිකා සතර නම් සා. ජෝන් ලැටර්න් (St. John Lateran) බැසිලිකාව, සා. පීතර තුමාගේ (St. Peter's in the Vatican) බැසිලිකාව, ශු. පාවුළුතුමාගේ චතුරස්‍රයෙන් පිටත (St. Paul Outside the Walls) බැසිලිකාව හා සා. මේරි (St. Mary Major) බැසිලිකාවයි. මේ බැසිලිකා සතර තුළම ශු. දොර නමින් විශේෂ දොරක් වෙයි. ඉතින් මේ ලිපිය ඔස්සේ අපි ඒ ගැන වැඩි විස්තර සොයා යමු. 

7.09.2012

ඉරිදාට පල්ලියෙදි මොකද කරන්නෙ?

මගේ බ්ලොගේ නිතරම කියවන්න එන උදවිය දන්නවා ඇතිනෙ මම ලියපු බොහෝ කතෝලික චාරිත්‍ර පිළිබඳ ලිපි වලට මූලාරම්භය ලබාදුන්නෙ අන්‍යාගමික මිත්‍රයෝ මගෙන් අහපු නොයෙකුත් ප්‍රශ්න. ඒත් අද කතාවට මූලාරම්භය මටම ඇතිවුන ප්‍රශ්නයක්. 

මීට ටික කාලෙකට කලින් අපේ විශ්ව විද්‍යාලෙ බැච් එකේ කට්ටිය එකතුවෙලා බෙලිමල් දන්සලක් දුන්නා. එක්තරා පෝය දවසක කළුතර විහාරයේ සිල්ගන්න ආපු උපාසක උපාසිකාවනට තමයි සංග්‍රහ කළේ. බෙලිමල් සංග්‍රහය පිළියෙල කරන අතර මාත් බෞද්ධාගමික යාලුවෙකුත් අතර මේ වගේ දෙබසක් ඇතිවුනා. 

මම : මොකක්ද බං සිල් ගන්නවා කියලා කරන්නෙ?

යාලුවා : හාමුදුරුවො  කියන කියන දේ කියන්නයි තියෙන්නෙ.

මීට කලින් ගමරාළ සිල් ගත්තු  කතාව අහලා තිබ්බ මට කට දෙකොනින් හිනා ගියා.

මම : ගමරාළ සිල්ගත්තු හැටි නෙවෙයි බං අහන්නෙ. පොඩ්ඩක් තේරෙන්න කියපන්කො.

යාලුවා : එහෙම කියන්න තරම් දෙයක් නෑ බං. හාමුදුරුවො සිල්පද කියනකොට අපිත් ඒවා සමාදන් වෙලා. දානෙත් කාලා. හැන්දෑවට සිල් අයින් කරගෙන (මෙතනදි හොඳ වචනයක් කිව්වා. දැන් මතක නැත.) ගෙදර යනවා. එහෙනම් කියපන්කො ඉරිදාට පල්ලියෙදි මොකද කරන්නෙ කියලා.?

එතකොට තමයි මට තරු පෙනුනෙ.  මොකෝ කෙටියෙන් කියන්න කියලා උදේට පල්ලි ගිහිල්ලා සීනු කූඩුවට හරි ලැබුංගේ ඉස්තෝප්පුවට හරි වෙලා ඉඳලා සතියේ ඕපදූප අහගෙන එනවා කියන්නයැ. ඉතින් ඒක නිසා අද හිතුනා ඉරිදට පල්ලියේදි කතෝලිකයො මොකද කරන්නෙ කියලා හැමෝටම කියලා දෙන්න. හරි විදිහට කියනවානම් දිව්‍ය පූජාව කියන්නේ මොකක්ද කියලා තමයි අද කියන්නෙ. හැබැයි ගැඹුරින් කරුණු විග්‍රහ කරන්න නම් බලාපොරොත්තුවක් නෑ. පොදුවේ හැමෝටම තේරෙන්න කියන්නම්.

6.15.2012

සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (2 කොටස)

අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස) කියවපු අය නම් දන්නවා ඇති මම මේ කියාගෙන යන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන බව. මම කලින් කොටසෙදි එතුමාගේ ජීවිත කතාව ගැන විස්තර කිව්වනෙ. ඒ ලිපිය මගහැරුණා නම් මෙතනින් ගිහින් කියවලාම එන්න. නැතිනම් මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.කලින් ලිපියෙදි පොරොන්ඳු වූ පරිදි අද ලිපියෙදි මම කියන්න යන්නෙ එතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යය පිළිබඳව. එතුමා ජීවත්ව සිටි කාලයේදී මෙන්ම මියගිය පසුත් ගණන් නොකළ හැකි තරම් බොහෝ ප්‍රාතිහාර්‍යය සිදුවී තිබෙනවා. ඔය ඔක්කොම ඉතින් මෙතන කියන්න බෑනෙ. ඒක නිසා එතුමාගේ ජීවිත කාලයේදී සිදුවූ ප්‍රාතිහාර්‍යය කීපයක් සඳහන් කරන්නම්. ඊට අමතරව ලෝ වැසි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන එතුමාගේ ශු. ධාතු ගැනත් සඳහන් කරන්නම්. එහෙනම් ලිපියට යමු.
 ------------------------------------------------------------------------------------------------------------

6.12.2012

සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස)

සාන්ත අන්තෝනි මුනිතුමා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති අය පවා ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ "සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා" ගීතය නම් අහලා ඇති. ඇන්ටන් ජෝන්ස් මහත්මයා එහෙම ගීතයක් ලිව්වෙ ඇයි කියන එක මට හිතුනෙත් ලකී සිරි  කිව්වට පස්සෙ. අද කියන්න යන්නෙ නම් ගීතය ගැන නෙමෙයි. අද (ජුනි 13) සාන්ත අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලෙ නිසාම කලින් හසිත කළ ඉල්ලීමක් ඉටුකරන්නත් එක්කම අද ලියන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන. 

සාන්ත අන්තෝනි මුනිතුමා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සාන්තුවරයා, ඒකෙ දෙකක් නෑ.  එතුමාගේ පිහිටාශිර්වාදය පතා කොළඹ කොච්චිකඩේ, වහකෝට්ටෙ වගේ එතුමාට කැපකළ සිද්ධස්ථානවලටත් අනෙකුත් කුඩා පල්ලිවලටත් ප්‍රතිමා අසලටත් ඇදෙන ජනගහනයෙන්ම ඒ බව පේනවා. කතෝලිකයන් සිරිතක් වශයෙන් අඟහරුවාදා දිනවලදී මේ ස්ථානවලට ඇදෙනවා. කතෝලිකයන් පමණක් නොවෙයි අන්‍යාගමිකයින් පවා. අන්තෝනි මුනිතුමා මියගොස් තිබෙන්නේ අඟහරුවාදා දවසක නිසා තමයි එදින එතුමාට කැපකළ දවසක් ලෙස සළකන්නෙ. 

4.25.2012

ඕනා ජරා වැඩක් කරලා ලේසියෙන් ගොඩයන හැටි

හරියට කරුණු කාරණා නොදන්න අන්‍යාගමික අය වගේම සමහර රෝමානු කතෝලික නොවන කිතුනුවන් නගන ලොකුම චෝදනාවක් තමයි කතෝලික සභාව පව්කාරයින්ට අනුබල දෙනවා කියන එක. "උන්ගෙ ආගම හරි ආගමක්නෙ බං. කරන්න පුලුවන් ජරාවැඩ ඔක්කොම කරලා ෆාදර්ට ගිහින් කිව්වම ඔක්කොම හරි."  මෙහෙම කියන අය ඉන්නවා. නමුත් රෝමානු කතෝලික සභාවේ මෙන් චාරිත්‍රයක් වශයෙන් නොකළත් බොහෝ ආගම්වල  සමාව දීම හා සමාව ලබාගැනීම උතුම් ගුණාංගයක් ලෙස සළකනවා නේද? ඉතින් මම අද කියන්න යන්නෙ අපි කළ පව් වලට සමාව ලබාගැනීම හෙවත් පාපොච්චාරණය ගැන. කෝ පව්කාරයො ටික එන්න මේක කියවන්න. :)

4.01.2012

බීස්කූන්නාන්සේගෙන් කනේ පාරක් කෑම

මීට අවුරුදු 12කට කලින් හරියටම අද වගේ දවසක ඒ කිව්වෙ 2000 අප්‍රියෙල් 1 වෙනිදා වෙච්ච දේ මට අද වගේ මතකයි. එදා සෙනසුරාදා දවසක්. මම උදෙන්ම නැගිටලා පල්ලි යන්න ලැහැස්ති වුනා. හරිම ආසාවෙන් ලෑස්ති වුනේ. වෙනදා ඉස්කෝලෙ ඇඳුමෙන් පල්ලි යනවානම් කොට කලිසම් කෑලිනෙ ඇඳගෙන ගියෙ. ඒත් එදා ඇඳන් යන්න තිබුනෙ අලුතෙන්ම මහලා ගෙනාපු කිරි කිරි සුදු දිග කලිසමයි අත් දිග කමිසයයි. මම ඉතින් ඔව්වත් ඇඳගෙන කණ්ණාඩි දෙකක් වගේ පොලිශ් කරපු සපත්තු දෙකත් දාගෙන කොණ්ඩෙත් පුලුවන් විදිහට තෙල් නොදා පීරාගත්තා. පල්ලියට ගියාට පස්සෙ නම ගහපු කොළ කෑල්ලකුයි ඇල්පෙනෙත්තකුයි ලැබුනා සාක්කුවෙ ගහගන්න.

මම යනකොට පල්ලිය ඉස්සරහා ලොකු තොරණක් ගහලා තිබුනා. "අගරදගුරුතුමා සාදරයෙන් පිළිගනිමු" ඒ තිබ්බ වචන අද වගේ මතකයි. මං වගේ සුදු ඇඳලා හිටපු අය ඔක්කොම එකතුවෙලා බීස්කුන්නාන්සේව පිළිඅරගෙන පෙරහරෙන් පල්ලියට එක්කන් ගියා. ඊටපස්සෙ තමයි දිව්‍ය පූජාව පටන් ගත්තෙ. පූජාව මැද්දෙදි බීස්කුන්නාන්සෙ අල්තාරෙ ඉස්සරහට ආවා. මමත් කලින් පුරුදු කරලා තිබ්බ විදිහට එතුමා ගාවට ගියා. එතුමා මගේ නලළෙ තෙල් වගයක් ගාලා ඔලුවට අත තියලා යාච්ඤා කළා. එක අවස්ථාවක මගෙ නමත් කිව්වා මතකයි. ඔහොම යාච්ඤාව යන අතරෙ එකපාර බීස්කුන්නාන්සේගේ අත ආවෙ නැද්ද මගේ කම්මුලට. වෙන විදිහකට කිව්වොත් මට හම්බුනා හොඳ කනේ පාරක්. මොනා කරන්නද ඉතින්. කොහොමත් කලින් බලාපොරොත්තු වුනානෙ. මමත් ඇවිල්ලා කලින් හිටපු තැනම වාඩිවුනා.

මේ කිව්වෙ මීට අවුරුදු 12කට කලින් මම අභිවෘද්ධි ආලේපය ලබපු හැටි. අභිවෘද්ධි ආලේපය?? ඒ මොකක්ද? ලිපියෙන්ම බලමු ඉතින්.

3.07.2012

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ

"මොකක්ද අර පල්ලියේදි ඔයගොල්ලන්ට දෙන සුදු පාට පෙත්ත? " බෞද්ධ මිත්‍රයෙක් දවසක් මගෙන් ඇහුවා.  බ්ලොග් අවකාසෙ ඉන්න ගොඩක් කට්ටියටත් ඔය ප්‍රශ්නෙ ඇති. ඒවගේම එහෙම එකක් දෙනවා කියලා දන්නෙ නැති අයත් ඇති. ඒ ඔක්කොම අයට දැනගන්නත් එක්ක ඒ මිත්‍රයට මම දීපු උත්තරය තමයි අද කතාවට පාදක වෙන්නෙ. ලිපිය කියවලම වැඩි විස්තර දැනගනිමු.

2.19.2012

ඇන්ටන්, ජූඩ්, රීටා, ජෙනවිව්,......... නම් ලැබුනෙ කොහොමද?

මොකද මේ කලාකාරයන්ගේ නම් දාගෙන අද කියන්න යන්නේ කලාකාරයින් ගැනවත්ද? හෝව්..හෝව්..දැක්කෙ නැත්නම් ප්‍රවේසමෙන් බලන්න නම් මැද්දෙ කොමා තියෙනවා. කලාකාරයින්ගේ නම් දැම්මට මොකද කියන්න යන දේ කලාවට කිසිම සම්බන්ධයක් නෑ. හරියට බැලුවොත් ඕවා කලා කාරයින්ගේ නම් නෙවෙයි. අද කියන්න යන්නෙත් එක්තරා කතෝලික සම්ප්‍රදායක් ගැන. කතෝලික චාරිත්‍ර කියන ලිපි ගොඩට දැම්මට මොකෝ මෙතන චාරිත්‍රයක් නෑ සම්ප්‍රදායක් විතරයි තියෙන්නෙ. මේ ලිපිය කියවන කතෝලික අය ගොඩ දෙනෙක් නම් මේ ගැන දන්නවා ඇති. ඒවගේම ඒ අයට මේ වගේ නමුත් ඇති. වෙනත් ආගමික අයටත් සමහරවිට මේ වගේ නම් තියෙන යාලුවෝ ඇති. එහෙම තියෙනවානම් එව්වා සටහන් කරලා යන්න ඔයාලාට පුලුවන්. නොදන්න අයට දැන්ගන්නත් එක්ක බිංදුවේ ඉඳන් ඔක්කොම කියන්නම්. එහෙනම් යමු ලිපියට.

2.16.2012

මඤ්ඤ්යි පඤ්ඤයි

පින්තූරය දැක්කම නම් සමහර දෙනෙකුට තේරුම් යන්නැති අද කතාව. තේරුනා නේද? තේරුනේ නැත්නම් තැවෙන්න එපා. මේ ලිපිය දිගටම කියවගෙන යන්නකො.

2.03.2012

පූජා උදව් කොලුවා

දිගින් දිගටම පෞද්ගලික අත්දැකීම්ම ලියපු හින්දම අද හිතුවා වෙනස් එකක් ලියන්න. අද කියන්න යන්නෙ පූජාවට උදව් වෙන ළමයි ගැන. සමහර අයට තේරුනත් වැඩි දෙනෙකුට තේරෙන්න නැතිව ඇති එහා පැත්තෙ තියෙන පිංතූරය දැකලාවත්. එහෙනම් ලිහන්න තියෙන මල්ල ඔබ ඔබ ඉන්නෙ නැතුව අපි යමුකො ලිපියට.

12.30.2011

ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?

මුලින්ම අපි බලමු ශුද්ධවන්තයෙක් කියන්නෙ කවුද කියලා. කතෝලික සභාවෙ පිළිගැනීමට අනුව කාලයක් මේ ලෝකෙ ජීවත්වෙලා දැන් ස්වර්ගයේ ඉන්න කෙනෙක් තමයි ශුද්ධවන්තයෙක් කියන්නෙ. මේ ලෝකෙ හොඳින් ජීවත් වෙච්ච කෙනෙක් මියගියාට පස්සේ ඒ කෙනා ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගත හැකි සාක්ෂි තියනවා නම් කතෝලික සභාව නිවේදනය කරනවා ශුද්ධවන්තයෙක් හැටියට. මේ නිල වශයෙන් නිවේදනය කිරීම තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නෙ.

12.23.2011

මෙදා නත්තලට කැරොල් එකක් යමුද?

දැනුයි ගවලනේට තණකොල කපන්න ගිහින් ආවේ. නත්තල් ගහටත් කස අත්තක් ගෙනාවා. ටිකක් කම්මැලි හිතුනත් පස්සෙ හිතුනා ඔන්න ඔහේ තව කතාවක් කියන්ට. නත්තල් සීයා කම්මැලි නැතුව ලෝකෙටම තෑගි බෙදනවා නම් අපි කම්මැලි වෙලා කොහොමද?

12.22.2011

ගවලනේ කතන්දරේ

ගවලෙන
නත්තල් සීයා ගැන කතාවයි නත්තල් ගහ ගැන විස්තර ටිකකුයි මම කිව්වනෙ. අද කියන්න යන්නෙ ගවලෙන සෑදීමේ චාරිත්‍රය ගැන. නත්තල් ගහ ගැන ගොඩක් අය දැනගෙන හිටියට මම හිතන විදිහට ගවලෙන ගැන දන්නවා අඩුයි. ඒක නිසා කලින් ඒ ගැන විස්තරයක් කියලා ඉන්නම්.

ජේසුස් වහන්සේ ඉපදෙන්න හිටිය කාලේ රෝම අධිරාජ්‍යයාව හිටියෙ ඔගස්ටස් සීසර්. ජේසුස් වහන්සේ ඉපදුන රට ජුදයාවත් අයිති වෙලා තිබුනෙ රෝම අධිරාජ්‍යයට. ඔගස්ටස් සීසර් තීරණය කරනවා රෝම අධිරාජ්‍යයේ සංගණනයක් පවත්වන්න. මේ සංගණනය සඳහා හැමෝම තම තමුන්ගේ උපන් ගම් වලට යන ඕනෙ කියලා නීතියක් පැනවෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...