බලාපොරොත්තු, මම කොහෙන් හෝ අහලා තියෙන විදිහට බලාපොරොත්තු මිනිසුන්ව ජීවත් කරවනවා. එහෙම නැත්නම් මිනිසුන් ජීවත් වෙන්නේ බලාපොරොත්තු මත. ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම්ම මිනිසුන්ට කියලාත් කොච්චර නම් බලාපොරොත්තු තියෙනවාද? තමුන්ට ජීවත් වෙන්න ඕනෙ මව්කිරි ටික පොඩි එකෙක් බලාපොරොත්තු වෙන්නෙ මෙලෝ දෙයක් ගැන තේරුම් ගන්නත් ඉස්සරවෙලා. ඒ එක්කම අම්මගෙ තාත්තගෙ උණුහුමත් රැකවරණයත් ආදරයත් බලාපොරොත්තු වෙන්නෙ තමන්ට ඉන්න එකම පිළිසරණය ඔවුන් බව කවුරුහරි තේරුම් කරලා දීලා වගෙයි.
Showing posts with label Kathandara. Show all posts
Showing posts with label Kathandara. Show all posts
2.14.2016
9.03.2014
(පාලම්) කොකා
"මීගමු කලපුව අපේය. එය රැකගැනීම අප සතු යුතුකමකි." කලපුව අයිනෙම හිටවලා තිබුන තරමක් විශාල පුවරුවක්. අදයි දන්නෙ මීගමු කලපුවත් අපේ කියලා.
ඉතින් අපේ වෙච්ච මීගමු කලපුව දිහා මම මොහොතක් බලා හිටියා. කලපුවෙ වතුර නිවීහැනහිල්ලෙ මුහුදට ගලාගෙන යන්නෙ හරියට අපිට ඕනාවට වගේ. පැත්තකින් ධීවරයො කීපදෙනෙක් ආපහු මූදු යන්න තමුන්ගෙ ඔරුව ලෑස්ති කරනවා. ඔරුවෙ පිරිලා තියෙන වතුර අයින් කරනවා. දැල් ටික ඔරුවට පටවනවා. හරිම කාර්‍යබහුලයි. කන්ඩ බොන්ඩ දීලා මාළු නොහැදුවට මූදෙ ඉන්න මාළු අල්ලගෙන රටට ගේන්න මොනතරම් මහන්සියක් වෙන්න ඕනද? මොනතරම් නිදි වරන්න ඕනද? ඒත් මේ ධීවරයන්ට ඒක පුරුද්දට ගිහිල්ලා ඇති කියලයි මට නම් හිතුනෙ.
7.23.2014
නොබී ඉන්න ගිහින් වෙච්චි දෙයක්
"හෙට නේද ට්‍රිප් එක"
"ඔව්. මම හෙට පාන්දරම පිටත් වෙනවා"
"ආයෙ එන්නෙ?"
"අනිද්දා"
"මොනවද ගේන්නෙ එනකොට"
"ඔයා නොබී එන්නකො. ඒ ඇති"
"හ්ම්ම්"
දින දෙකකට පසු...
"හෙලෝව්"
"හෙලෝව්"
"ඔයා හරී කියලා කෙනෙක් දන්නවද?"
"ඔව්ව්ව්"
"කලබල වෙන්න එපා. එයාව හදිසියෙම හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනානෙ"
"ආහ්හ්හ්.. මොකද වෙලා තියෙන්නෙ. එයාට අමාරුද?"
"එයා දවස් දෙකකින් වතුරවත් බීලා නෑ. ඩිහයිඩ්‍රේට් වෙලා. දැන්නම් අවුලක් නෑ. සේලයින් දීලා තියෙන්නෙ"
"ඔව්. මම හෙට පාන්දරම පිටත් වෙනවා"
"ආයෙ එන්නෙ?"
"අනිද්දා"
"මොනවද ගේන්නෙ එනකොට"
"ඔයා නොබී එන්නකො. ඒ ඇති"
"හ්ම්ම්"
දින දෙකකට පසු...
"හෙලෝව්"
"හෙලෝව්"
"ඔයා හරී කියලා කෙනෙක් දන්නවද?"
"ඔව්ව්ව්"
"කලබල වෙන්න එපා. එයාව හදිසියෙම හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනානෙ"
"ආහ්හ්හ්.. මොකද වෙලා තියෙන්නෙ. එයාට අමාරුද?"
"එයා දවස් දෙකකින් වතුරවත් බීලා නෑ. ඩිහයිඩ්‍රේට් වෙලා. දැන්නම් අවුලක් නෑ. සේලයින් දීලා තියෙන්නෙ"
7.18.2014
පුංචි පාන්පිටි මුදලාලි (Little wheat flour seller)
ලොකු උන්ගේ වැඩ කරන්න පොඩි උන් හරිම මනාපය. බටු ඇට දෙකක් තරම් උස නැති කාලයේත් උන්ගේ සූදානම රට පෙරළන්නටය. එබඳු පොඩි උන් පොඩි පොඩි කඩවලට නම් ලොකු සම්පතක්ය. කඩේට කවුරුන් හෝ ආ විට ඌ දඟලන්ගේ වැඩිහිටියන්ට කලින් ගණුදෙනුව නිමකරන්නටය. ඉතින් සේවක වැටුප් ඉබේම ඉතිරිවේ. ටොපියකින් දෙකකින් අයිස් පැකට් එකකින් පොඩි එකා සැනසිය හැක. හැබැයි කවුරුත් නැතිවෙලේ හොරෙන් කඩේ සුද්ද කර වහලේ දුවනා අහිංසක මීයන්ට බොරු චෝදනා කරන නසරානි පොඩි එකෙක් හිටියොත් නම් විනාසය. උගෙන් වැඩ ගන්නවාට වඩා කඩේට මිනිහෙක් ගන්නවා ලාභය.
5.27.2014
අලුත් වචන තුනක් දවසකට වචන පහක්
අද උදේ පාන්දරම මට හිතුනා අන්තර්ජාලෙන් ජෝක් එකක් බලන්න. (රටේ ජෝක් නැති කමට :))ඔන්න ඔය පහළ පින්තුරෙ මට හම්බවුනා. ඒකෙන් පෙන්වන්න හදන්නෙ සොෆ්ට්වෙයාර් කම්පනි එකකට එන පාරිභෝගිකයෙක්ව අදාළ ආයතනය මඟින් තෘප්තිමත් කරන්නෙ කොහොමද කියන එකට උදාහරණයක්.
පාරිභෝගිකයා බලාපොරොත්තු වුනේ මොකක්ද? අන්තිමට දුන්නෙ මොකක්ද කියන එක වචනයෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. පහළ කරුණු ටික බලමුකො.
මේ වචන තුන දැනගත්තම මතක් උනේ හැමදාම දවසට අලුත් වචන පහක් ඉගෙන ගන්නවා කියලා මම කී වාරයක් නම් හිතාගෙන ඇතිද? එහෙම හිතලා අවුරුදු කීයක් නම් ගතවෙලා ඇතිද? ගොඩක් වෙලාවට එහෙම ඉගෙන ගන්නවා කියලා හිතුන ගමන් ඉංග්‍රීසි පත්තරයක් අරගෙන ඇවිත් නොදන්න වචනවලට ඉරිත් ගහගෙන ඔන්න කොල්ලා වැඩ පටාන් ගන්නවා. ඒ උනන්දුව නැතිවෙන්නෙ එක දිගට සෑහෙන කාලයක් ඒ කිව්වෙ දවස් දෙකක් විතර ඒ වැඩේ කළාට පස්සේ. ඇත්තටම හැමදාම එහෙම ඉගෙනගත්තානම් මේ වෙනකොට වචන කීයක් දන්නවාද හිතෙනකොටත් දුකයි. ඒත් එහෙම ඇතිවෙන දුකත් තාවකාලිකයි. :P
ඔන්න ඔක්කොම අමතක කරලා අද ඉඳන් මම දවසට වචන පහ ගානෙ ඉගෙනගන්න පටන් ගන්නවා. 'දැන් කොහොමද වචන ඉගෙනගැනිල්ල?' කියලා දවස් දෙක තුනකට පස්සේ අහන්න ඔට්ටු නෑ ඔන්න. :)
පාරිභෝගිකයා බලාපොරොත්තු වුනේ මොකක්ද? අන්තිමට දුන්නෙ මොකක්ද කියන එක වචනයෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. පහළ කරුණු ටික බලමුකො.
- පළවෙනි කාරණාව පාරිභෝගිකයා හොඬක් බලාපොරොත්තු වෙනවා. හරි හොඬක් තියෙනවා.
- දෙවෙනි කාරණාව කකුල් හතරක් තියෙන්න ඕනෙ. ඒකත් හරි.
- මිනිසුන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන්න පුළුවන් විය යුතුයි කියන කාරණාවත් හරි.
- ඊළඟට කළු වෙන්න ඕනෙ. ඒකත් හරිනෙ.
- ඊළඟ එක තේරෙන්නෙ නෑ වගේ. අතැරලා දාමුකො දැනට.
- ඔය කාරණා වලට අමතරව හදපු එකාගෙන් කිරිත් ගන්න පුළුවන්. කොහොමද ටිකිරි මොළේ.
- Herbivore - ශාඛ භක්ෂක
- Carnivore - මාංශ භක්ෂක
- Omnivore - සර්ව භක්ෂක
මේ වචන තුන දැනගත්තම මතක් උනේ හැමදාම දවසට අලුත් වචන පහක් ඉගෙන ගන්නවා කියලා මම කී වාරයක් නම් හිතාගෙන ඇතිද? එහෙම හිතලා අවුරුදු කීයක් නම් ගතවෙලා ඇතිද? ගොඩක් වෙලාවට එහෙම ඉගෙන ගන්නවා කියලා හිතුන ගමන් ඉංග්‍රීසි පත්තරයක් අරගෙන ඇවිත් නොදන්න වචනවලට ඉරිත් ගහගෙන ඔන්න කොල්ලා වැඩ පටාන් ගන්නවා. ඒ උනන්දුව නැතිවෙන්නෙ එක දිගට සෑහෙන කාලයක් ඒ කිව්වෙ දවස් දෙකක් විතර ඒ වැඩේ කළාට පස්සේ. ඇත්තටම හැමදාම එහෙම ඉගෙනගත්තානම් මේ වෙනකොට වචන කීයක් දන්නවාද හිතෙනකොටත් දුකයි. ඒත් එහෙම ඇතිවෙන දුකත් තාවකාලිකයි. :P
ඔන්න ඔක්කොම අමතක කරලා අද ඉඳන් මම දවසට වචන පහ ගානෙ ඉගෙනගන්න පටන් ගන්නවා. 'දැන් කොහොමද වචන ඉගෙනගැනිල්ල?' කියලා දවස් දෙක තුනකට පස්සේ අහන්න ඔට්ටු නෑ ඔන්න. :)
5.26.2014
දන්සල යකා වෙච්චි හැටි.
කාලෙකට ඉස්සර, එකමත් එක කාලෙක, ලෝක ප්‍රසිද්ධ චිත්‍රශිල්පියෙකුට ඕන උනාලු යකෙකුයි දේවදූතයෙකුයි එකට ඉන්න චිත්‍රයක් අඳින්න. මේ චිත්‍ර ශිල්පියා තම නිර්මාණකරණය සඳහා පාවිච්චි කළෙත් අපූරු ක්‍රමයක්. ඔහු මුලින්ම තම හිතේ චිත්‍රය නිර්මාණය කරගත්තා. ඊළඟට හිතේ මැවුනු රූප සැබෑ ජීවිතයෙදි හොයලා ඒ දිහා බලාගෙන තමයි නිර්මාණය බිහි කළේ. කෙටියෙන් කිව්වොත් හිතේ මැවුනු පුද්ගල රූප වලට සමාන පුද්ගලයින් දිහා බලාගෙන ඔහු චිත්‍ර නිර්මාණය කළා. 5.13.2014
එහෙනම් අතනට දෙකක් දෙන්න
ඔන්න එක්තරා යුනිවර්සිටි එකක ළමයි කට්ටියක් බරටම උද්ඝෝෂණයක්ලු. මේ ළමයින්ගේ උපාධිය සල්ලිවලට විකුණන්න යන එක තමයි උද්ඝෝෂණයට හේතුව වෙලා තියෙන්නෙ. උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ අදාළ පෞද්ගලික උපාධියේ සමාරම්භක උත්සවේදිලු.
ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.
මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා හිමීට මාරුවෙමු."
"ශේප් එකේ යමාන්. මෙතන හිටියොත් කන්නයි වෙන්නෙ."
දෙන්නා මොකුත් නොදන්න උන් වගේ ටිකක් මෙහාට උනාලු. ඊටපස්සෙ තොල්පටවල් තද කරගෙන එකෙක් අනිකට මෙහෙම කියනවලු. "ඔය එන බස් එකේවත් එල්ලෙමු. අඟුලාන බස් එකක්නෙ."
කොල්ලො දෙන්නා බස් එකේ එල්ලෙනවා. බස් එක අද්දනවා.
"මල්ලිලා කොහාටද?"
"අඟුලානට දෙකක් දෙන්න අයියෙ."
"අයියෝ මල්ලි වැරදි පැත්තෙන් නැගලා තියෙන්නෙ. පාරෙන් පැනලා එහා පැත්තට යන්ඩ. මේක යන්නෙ කිරිබත්ගොඩට"
"එහෙනම් කිරිබත්ගොඩට දෙකක් දෙන්න."
ඉතුරු ටික ඉතින් කියන්න ඕනෙ නෑනෙ.
ළමයි උත්සවේට බාධා කරමින් කෑකෝ ගසමින් ඉද්දි පොලෝසියට මේ ආරංචිය ගිහිල්ලා තියෙනවා. ඔන්න පොලෝසියෙ මහත්තුරු ඈතින් එනවා පේනවලු.
මේ අතර එක කොල්ලෙක් තව කොල්ලෙක්ගෙ කනට කරලා මෙහෙම කියනවලු. "මචං මෙතන හිටියොත් නම් කන්න වෙනවා හිමීට මාරුවෙමු."
"ශේප් එකේ යමාන්. මෙතන හිටියොත් කන්නයි වෙන්නෙ."
දෙන්නා මොකුත් නොදන්න උන් වගේ ටිකක් මෙහාට උනාලු. ඊටපස්සෙ තොල්පටවල් තද කරගෙන එකෙක් අනිකට මෙහෙම කියනවලු. "ඔය එන බස් එකේවත් එල්ලෙමු. අඟුලාන බස් එකක්නෙ."
කොල්ලො දෙන්නා බස් එකේ එල්ලෙනවා. බස් එක අද්දනවා.
"මල්ලිලා කොහාටද?"
"අඟුලානට දෙකක් දෙන්න අයියෙ."
"අයියෝ මල්ලි වැරදි පැත්තෙන් නැගලා තියෙන්නෙ. පාරෙන් පැනලා එහා පැත්තට යන්ඩ. මේක යන්නෙ කිරිබත්ගොඩට"
"එහෙනම් කිරිබත්ගොඩට දෙකක් දෙන්න."
ඉතුරු ටික ඉතින් කියන්න ඕනෙ නෑනෙ.
5.06.2014
පොල් කැඩිල්ල
පොල් පොල් පො පොල් පොල් පොල් පොල් පොල්
එහෙම කිව්වෙ එම්. එස්. නෙ. අද මම මේ කියන්න යන්නෙ පොල් ගැන නම් නෙමෙයි පොල් කැඩිල්ල ගැන. මෙහෙම පෝස්ට් එකක් ලියන්න නම් හිතාගෙන හිටියෙ නෑ. ඒත් ඊයෙ පෝස්ට් එකේ කමෙන්ට් එකකින් ප්‍රසන්න අයියා පොල් කැඩීමක් ගැන මතක් කළාට පස්සෙ පොල් කඩන ක්‍රම නම් කොච්චර තියෙනවද කියලා හිතුනා. ඉතින් ඔන්න ඒ ටික ලියන්නයි මේ හදන්නෙ. ඊයෙ පොල්ගස් ගැලෙව්වා. අද පොල් කඩනවා. හෙට පොල් ගහන්න වෙයිද මන්දා? ආහ්.. පොල් ගැහිල්ලක් ගැනත් මම ලිව්වා නේද?
ලංකාවෙ වතුවල වැවෙන පොල්
එහෙම කිව්වෙ එම්. එස්. නෙ. අද මම මේ කියන්න යන්නෙ පොල් ගැන නම් නෙමෙයි පොල් කැඩිල්ල ගැන. මෙහෙම පෝස්ට් එකක් ලියන්න නම් හිතාගෙන හිටියෙ නෑ. ඒත් ඊයෙ පෝස්ට් එකේ කමෙන්ට් එකකින් ප්‍රසන්න අයියා පොල් කැඩීමක් ගැන මතක් කළාට පස්සෙ පොල් කඩන ක්‍රම නම් කොච්චර තියෙනවද කියලා හිතුනා. ඉතින් ඔන්න ඒ ටික ලියන්නයි මේ හදන්නෙ. ඊයෙ පොල්ගස් ගැලෙව්වා. අද පොල් කඩනවා. හෙට පොල් ගහන්න වෙයිද මන්දා? ආහ්.. පොල් ගැහිල්ලක් ගැනත් මම ලිව්වා නේද?
5.05.2014
පැල තවාන් කාරයින්ට අසුවූ මගේ කොන්ද..
"මහත්තයා, අපි හඳුන්වාදීමක් විදිහට පැල බොහෝම අඩු මුදලට දෙනවා. පැලයක් දෙකක් බලමුද? " අතකින් පින්තූර ඇල්බමයක් ගත් තරුණයෙක් අපේ ගෙදර ගේට්ටුවෙන් එබුණේ මීට කලකට ඉහතදීය. කවදත් පැල වැවීමට බොහෝම මනාපයක් දැක්වූ අපේ තාත්තාද ඒ අසලට යනු පෙනිණි. වත්තේ පවතින ඉඩ ප්‍රමාණය බොහොම සීමිත වුවද අම්මාගේත් තාත්තාගේත් පැල සිටුවීමේ ආශාවට සීමාවක් ඇති බව නොපෙනේ. වැඩීමට ඉඩ නැති තැන්වල පවා කලින් කලට අඹ ගස් කොස් ගස් දෙල් ගස් සිටුවයි. ඉන්පසු මඳක් ලොකුවී ගෙට නැමෙන තත්වයක් ඇතිවූ විට කාට හෝ මුදල් දී ගස කපා දැමීමට සිදුවේ. මා නම් බොහෝ විට මෙවැනි පැල සිටුවීමක් දුටු තැනම එයට විරුද්ධව කතා කරන්නේ නිස්කාරණේ ගස් කපන්නන්ට මුදල් දිය යුතු නැති බව පැහැදිලි කිරීමටයි. කොපමණ කිව්වත් ඔවුන්ට ඇහෙන්නේ නැති ගානය. එක ගසක් කපන විට එතැන තව ගසක් ඉන්දවයි. මෙහෙව් තාත්තාට පැල තවාන් කරුවාගේ පැමිණීම දේවදූතයෙකුගේ පැමිණීමක් ලෙස පෙනෙන්නට ඇත. ඔහු ඉදිරියට දිව ගියත් මම සුපුරුදු දෝෂාරෝපණය නඟමින් නිවසට වී සිටියෙමි. එහෙත් තවාන්කරු තමන් අතැති ඇල්බමය ඒ මේ අත පෙරලමින් පැල වර්ණනාවේ නොකඩවා යෙදෙයි.3.30.2014
කූඹී කූඹී යාළු... කෑම සොයනවාලු... පේළියකට යාළු... පාද තියනවාලු...
මම පොඩි කාලෙ කූඹි පේළියක් දැක්කමහරි එහෙම නැත්නම් ගුලක් හදන කූඹි රංචුවක් දැක්කම හරි එන්න එහෙම සන්තෝසෙන් කෑගහනවාලු. මටත් යානතමට යාන්තමට වගේ මතකයි ඒ කාලෙ කූඹින්ගෙ ලෝකයට එබිලා බලන්න මම කොච්චර ආසා කරාද කියන එක. කූඹි පේළියට යන හැටි, පුංචියට පටන් අරන් ගුලක් හදාගෙන යන හැටි, තමුන්ටත් වඩා ලොකු කෑම කුට්ටි උස්සගෙන යන හැටි, තනියම ගෙනියන්න බැරි කෑමක් කට්ටියම එකතුවෙලා උස්සගෙන යන හැටි බලන්න මාරම ලස්සනයි. ඒ වගේම මාරම කුතුහලයක් දැනෙන්නෙ උන් කරන දේවල් දැක්කම. මෙච්චර පුංචි සත්තුද මෙච්චර ලොකු ජනපද හදන්නේ කියලා හිතනවා.
3.22.2014
හරී මේඩ් අල්මාරි
හීනලන්තෙ හරී හරිම කැමතියිලු ඇඳුම් මැදලා කාරිය පිළිවෙලට අඳින්න. කාගෙදෝ මන්දා බ්ලොග් එකක එයා ඇඳුම් මදින වැඩේට ගොඩක් කැමති කිව්වාමත් ගොඩාක් කට්ටියට හරිම පුදුමයිලු. මොකද ගොඩාක් අය මැදපු ඇඳුම් අඳින්න හරිම ආසා උනත් ඇඳුම් මදින්න ආසාවක් නෑනෙ.හැබැයි ඇඳුම් මදින වැඩේට කොච්චර කැමති උනත් හරීටත් තිබ්බා ප්‍රශ්නයක්. එයා ආසා කළේ ඇඳුම මැදලා පොඩ්ඩක්වත් පොඩි නොවී අඳින්න. ඉතින් එහෙම අඳින්න නම් ගමනක් යන්න ලෑස්ති වෙලාම ඇඳුම් මදින්න ඕනෙ නැත්නම් මැදපු ඇඳුම් පොඩි නොවී තියාගන්න ඕනෙ. ගමනක් යන්න කලින් දාඩිය පෙරාගෙන ඇඳුම් මදින එක එපාවෙන වැඩක්. ඒ වගේම එහෙම මැද්දාම ගෙදර විදුලි මීටරේ කැරකෙන්නෙ බඹරෙ වගේ. ඉතින් එයා තීරණය කරනවා සතියෙම ඇඳුම් එකපාර මැදලා පොඩි නොවී තියාගන්න. ඒත් පොඩි පරහක් එයාට තිබ්බා එයාගෙ අල්මාරිය ඇඳුම් නවලා තියන ජාතියේ එකක්. ඉතින් කොහොමත් නැමුම් පාර හිටිනවානෙ. ඒ මදිවට එයාගෙ මල්ලී අල්මාරිය පීරලා ඒවා පොඩි කරනවා. ඒක නිසා හරීට ඕනා උනා එයාගෙම කියලා අල්මාරියක්. එයාගෙම කියලා ඇඳුම් එල්ලලා පොඩි නොවී තියන්න පුළුවන් අල්මාරියක්.
ඉතින් හරී මුලින්ම කළේ ඒ වගේ අල්මාරියක් ප්‍රසිද්ධ සාප්පුවල බලපු එක. පදම් කරපු රබර් ලී වලින් හදපු ඒ වගේ අල්මාරියක් රුපියක් 25,000ක් වගේ ගානක් උනාලු. දෙවරක් නොහිතා එයා එකක් ගන්න ලෑස්ති උනා. ඒත් වැඩිහිටියන්ගෙන් ලැබුනෙ මේ වගේ උපදෙස්.
"ඕවා වතුර ටිකක් වැටුන ගමන් දිරනවා"
"හයියයි හයියයි කිව්වට ඕවල පතුරු යනවා"
"ඔය ජරා රබර් ලී ගන්න යන්නෙ නැතුව හොඳ කොස් අල්මාරියක් ගන්න"
ඊටපස්සෙ හරී යන්නෙ හොඳ කොස් අල්මාරියක් ගන්න. ඒවා අස්ප ගනන්. ඒ මදිවට ඒවාත් විශ්වාසවන්ත තැනකින් ගන්න කියලායි වැඩිහිටියො කියන්නෙ.
![]() |
| අවුරුදු 25ක් ගෙයිමුල්ලේ |
එයා සැලසුමක් හැදුවා. කබඩ් එක මැදින් හිල් කරලා ඇලුමිනීයම් බට දෙකක් දානවා. නිකන්ම රෙදි එල්ලුවොත් බිත්තියෙ තියෙන ඒවා රෙදිවල වදීවි. ඒක නිසා ඇතුල් බිත්තියෙ ස්ටිකර් අලවන්න ඕනා. ඇලුමීනියම් බට ගත්තැ කි කියමුකො. කොහෙන්ද ස්ටිකර් හොයන්නෙ. කාලෙකට කලින් බපල් වල අලවන ස්ටිකර් කඩෙන් ගත්තු බව මතක තිබ්බත් ඒවා ගත්තු තැනක් මතක තිබ්බෙ නෑ. ඒක නිසා එයා බිත්ති ආවරණය කරන කොළ හොයාගන්නත් බැලුවා. ඒවාත් ටිකක් ගනන් වගේ.
![]() |
| පෙනුම හොඳයි නේද? |
දැන් හරී ලෑස්තිවෙන්නෙ අලුමීනියම් බට දෙකක් හයි කරලා,බිත්තියට රබර් පේන්ට් ගාලා, ඉස්සරහට තිරයක් දාන්න.
![]() |
| අන්තිමට.. |
ඊටපස්සෙ තිබ්බ ලොකුම කාරිය උනේ තිරයක් ගන්න එක. අනේ හරීව කොළඹ එක්කගෙන ගිහින් ඇවිද්දෙව්වලුනෙ කඩවල් ගානෙ නිල්පාට තිරයක් හොය හොය. අන්තිමේදි කලන්තෙ හැදිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි යාන්තම් නිල්පාට රෙද්දක් හම්බුනාලු.
ඉතින් රෙද්ද ගෙනාවා කියලා නම් වැඩේ ඉවර උනේ නෑ. හයි කරන්න ගියාම එක එක කේස් ආවාලු. ඩ්‍රිල් කටු කීපයක්ම සෙට්ටපෝච්චිත් උනාලු. ඒත් හරී නෙමෙයි පසු බෑවේ. දන්න සෙල්ලම් දාලා අන්තිමේදි අල්මාරියෙ වැඩ ඉවර කළාලු. "අරක ඉවර කළාද?" කිය කිය සැරෙන් සැරේ කවුරුත් ඇහුවෙත් නෑලු. පොඩ්ඩක් කට්ට කෑවත් අල්මාරියක් කඩෙන් ගත්තට වඩා එයාට සතුටුයිලු.
කාලෙකට පස්සෙලු හරී බ්ලොගක් ලිව්වෙ. සැරින් සැරේ ලියන්නෙ නැද්ද අහපු අයවත් මතක් කළාලු ඔන්න. :)
1.15.2014
12.30.2013
මම නම් කියන්න බැරිතරම් හොඳින්
ජෙරී කියන්නෙ ඕගොල්ලන්ට දැක්කම ඉරිසියා කරන්න හිතෙන තරමේ මනුස්සයෙක්. එයා හැමතිස්සෙම ඉන්නෙ හරිම සතුටුදායක මුහුණකින්. කොයිවෙලේ බැලුවත් මොකක් හරි හොඳ දෙයක් තියෙනවා කියන්න. කවුරුහරි "ආ.. කොහොමද යාළුවා? " එහෙමත් නැත්නම් "කොහොමද මහත්මයා සැප සනීප?" කියලා අහපුවම කවදත් දුන්නෙ එකම එක උත්තරයයි.
"මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?"
"මම නම් කියන්න බැරි තරම් හොඳින් යාළුවා. ඔයාට කොහොමද?"
6.02.2013
බැඳලා බැඳලා මං දැන් බැඳලා...
කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු. කාලෙකින් පෝස්ට් එකක් ලියන්නේ. නිතර දෙවේලෙ කතාබහකරපු අය නම් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න බැරිවෙච්ච හේතුව දන්නවා ඇතිනෙ. හොයාබලපු හැමෝටම ස්තුතියි.
ජීවිතය කියන්නෙත් මහා පුදුමාකාර දෙයක් නේද? වෙලාවකට ඔහේ නිවී හැනහිල්ලෙ ගලාගෙන යනවා. තවත් වෙලාවකට නැඟගන්ඩ බැරි තරමට ගල්පර හමුවෙනවා. තවත් වෙලාවකදී දෙන දෙයියෝ ගෙදරටම ගෙනත් දෙන්නේ දොරටත් තට්ටු කරලමයි. ඒ වෙලාවට අවුරුදු ගානකින් කරන්ඩ බැරිවෙච්ච වැඩක් පැය කීපයකින් වෙන්න පුළුවන්. ජීවිතය පුදුමාකාරයි. ඒකනෙ ඒකට ජීවිතය කියන්නෙ. ජීවිතේ සුන්දරද මෙතරම්.. කියලා කවුදෝ ගායකයෙකුත් කිව්වා වගේ හීනි මතකයකුත් තියෙනවා. නප්පියට ගහලා ඉන්න වෙලාවක වෙන්ට ඇති.
ජීවිතේට ලොකූ බලපෑමක් කරන්න පුංචීම පුංචි දේකටත් පුළුවන්. හරියටම කිව්වොත් ලෝකයක් විනාශ කරන සුනාමියක් ඇතිකරන්න පුංචීම පුංචි සමනළ තටුවකට පුළුවන් වගේ. ඒ වගේම එක දුරකථනයකින් මිදිලා දුරකථන කුළුණක් ඔස්සේ හුවමාරු මධ්‍යස්ථානයකට ඇවිත් එතනින් තවත් දුරකථන කුළුණක් ඔස්සේ වෙනත් දුරකථනයකට ඇතුළු වෙලා තත්පරයකින් දෙකකින් හෝ ඊටත් අඩු කාලයකින් වියැකී යන නන්නාඳුන ගන්ධබ්බ ඇමතුමකට අවුරුදු ගානක් නිවී හැනහිල්ලෙ ගලාගෙන ආපු ජීවිතයක් වෙනස් කරන්ඩ පුළුවන්ද? විශ්වාස කළත් නොකළත් ඒක වෙලා ඉවරයි. ඔව් ඉවරෙටම ඉවරයි. ඒ ජීවිතය දැන් වෙනස් වෙලා.
3.10.2013
මම අකීකරු පුත්‍රයෙක් වෙච්ච හැටි (සාක්කිත් එක්කම)
කට්ටියට මතකද මන්දා මම මීට ටික කාලෙකට කලින් දාපු පෝස්ටුව.
ඒ කතාව බලන්ඩ යන්ඩ ඕනෙ නෑ. ඔන්න කුට්ටි පිටින් කපලා අරන් මෙතන දැම්මා. ඒ කතාව බලපු අය ඒ ටික මඟ හැරලා පහල කොටහ බලන්ඩ.
3.03.2013
ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා බලන්ට ගියෙමි.
මොනවද මේ ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා කියන්නෙ? වෙන මොකුත් නෙමෙයි අර සිංහලෙන් සී ප්ලේන් (sea plane) කියන්නෙ අන්න ඒවා. ඉතින් මම දැන් ටිකකට කලින් ලංකාවෙ පළවෙනි ජලතර ගුවන්යානා නැවතුම්පොළ බලන්ඩ ගියානෙ. ඔන්න අද කියන්ඩ යන්නෙ ඒ විස්තර. විස්තරවලට වඩා තියෙන්නෙ පින්තූර ඉතින්.
10.20.2012
හරී ජනපති ආරක්ෂකට අරී
මම සිස්සත්වෙ ඉවර කරලා ටික කලක් යනකොට අපිට ටිකක් හොඳ කල දසාවක් ලැබුනා. මුදල් හදල් එහෙම ටිකක් තිබුනා. ඒ පිහිටෙන් මට පුළුවන් වුනා රටේ තොටේ ලොකු ඉස්කෝලයක් කියලා හඳුන්වපු එකකට ඇතුල්වෙන්න. ඒ කාලෙ ජීවිතේ හරිම ලේසියෙන් ඇදිලා ගියා. හරියට පල්ලමක යන ෆුට් බයිසිකලයක් වගේ. කලින් වගේ ඉස්කෝලෙට පයින් ගාටන්නවත් පාන්දර නැගිටලා පුටාර් එකේ ලොකු අම්මලාගෙ දිහා යන්නවත් සිද්ධ වුනේ නෑ. උදේට ගේ ළඟට වෑන් එක ඇවිත් 'පෝප් පෝප්' ගාපුවම ඒකට නඟින්ඩ විතරයි තිබුනෙ. හවසටත් ශපාන් එකේ ඉඳගෙන ඇවිත් ගේ දොරකඩින්ම බැහැලා ගෙට එන්ඩ පුළුවන් වුනා.
9.24.2012
සිංහල බ්ලොග් පටන් ගත්තේ කවුද?
සිංහලෙන් මුලින්ම බ්ලොග් එකක් ලිව්වෙ කවුද? මම හිතන්නෙ බ්ලොග් ලෝකෙ ගොඩාක් දෙනෙක් දන්නෙ නෑ? ඒ ගැනත් කියන ගමන් මගේ බ්ලොග් ලිවීමේ ඉතිහාසය ගැනත් කියන්න තමයි මේ සූජානම. මුලින්ම කියලා ඉන්නම්කො මගේ බ්ලොග් ඉතිහාසෙ. මට හදිස්සි වැඩකුත් තියෙන එකේ කෙටියෙන්ම තමයි කියන්න වෙන්නෙ. අනික ඉතින් මගේ බ්ලොග් ඉතිහාසය දැනගත්තා කියලා වෙන කෙනෙකුට පලකුත් නෑනෙ. ඒක හින්දා ඔන්න කෙටියෙන්ම ගහලා දානවා.
මේ සිද්ධිය උනේ දවසක් මම විස්ස විජ්ජාලෙ ලැබ් එකේ ඉන්නකොට. අපේ ලැබ් එකත් ඉතින් ඔන් කරලා ලෝඩ් වෙද්දි තේ එකක් බීලම වැඩට බහින්න පුලුවන් ජාතියෙ එකක් තමයි. මම ලැබ් එකේ ඉන්නකොට මගෙ යාලුවෙක් ඇවිත් මැශින් එකක් ගාවින් වාඩිවෙලා මට මොකක්දෝ එකක් පෙන්වන්ඩ කතා කළා. මාත් ඉතින් ගියා බලන්ට. බලද්දි ඌම ලියපු වෙබ් සයිට් එකක්. මම ඉතින් ඒක බලලා කාරිය ඒකෙ විස්තරත් දැනගෙන "උඹ වෙබ් සයිට් එකක් ගත්තද ඇහුවා"
9.14.2012
ඔයා බොනවද?
එක්තරා දවසක ඉර බහින හවසක මා සිටියේ මුහුදු වෙරළකය. එදා මුහුද වෙනදාට වඩා හරිම ලස්සනයි වගේම අමුතු කතන්දරයක් කියාපාන්නාක් වැනි හැඟීමක් මට දැනුණි. ඈතින් ඇදී එන සුළඟත් සමඟ අත්වැල් බැඳගෙන නටමින් ප්‍රීතියෙන් වෙරළට ඇදෙන රැල්ල නවතින්නෙ ඔවුන්ගේ සම්බන්ධයට එරෙහිව නැඟී සිටින සතුරෙකු වන් ගල්පරයක හැපීමෙනි. ගල්පරය අභිබවා රැල්ල ගෙනයාමට අපොහොසත් සුළඟ ද රැල්ල හැරදමා මෙගොඩ වදිද්දී තනිවූ රැල්ල නැවතත් මුහුදටම ඇදුණි. නැවතත් වෙනත් සුළං පොදක් හා එක්වන රැල්ලට නැවතත් බාධා කරන්නට ගල්පරය සමත්වීමත් සමඟ ඒ සුළඟ ද හුදකලාව ගොඩබිමට වැදුණි. මම සුළඟ වූවානම් කුණාටුවක් වී ගල්පරය බිඳගෙන රැල්ලත් සමඟ මෙගොඩ වදිමි. මම මේ නාටකය මට ආදේශ කරගන්නට උත්සාහ කළෙමි. සුළඟේත් රැල්ලේත් ගල්පරයේත් නාටකය නරඹමින් එයට දාර්ශනික අරුත් සොයමින් සිටි මාගේ දැහැන බිඳී ගියේ මාගේ කන ළඟින් ඇසුණු ලයාන්විත ස්වරයකින්. "මේ.. හරී.."
"හ්ම්ම්.." එය දිගු කතාවක ආරම්භයක් බව තේරුම්ගත්තත් රැල්ලෙන් නෙත ඉවතට ගැනීමට සිතක් මට නොවීය.
"මේ.. බලන්නකො" මිනිසාට ඇසෙන්නේ කන් දෙකෙන් බව මා සිතා සිටි ආකාරය නිවැරදි නොවන හැඩයි. රැල්ලෙන් ඉවතට ගත් මා නෙත් තවත් නෙත් යුගලක් අසල නැවතිණි.
"මේ.. ඔයා බොනවද අනේ?" ප්‍රශ්නාර්ථයක් සහිත නෙත් යුවලක් මැවිණි. හදිසි ප්‍රශ්නයට හේතුව ඒ නෙත් යුවලේම රැඳී තිබුණි. අසල පිහිටි ධීවර බෝට්ටුවක පිට දී සිටි තරුණයෙක් තනිව මත්පැන් බෝතලයක් සෙමින් සෙමින් තොලගායි. ඒ අතර මා මෙන්ම රැල්ලේත් සුළඟේත් නාටකය බලා සිටියි. සමහරවිට ගල්පරයක් නිසා රැල්ල අතහැර පැමිණි සුළඟක් වන්නට පුළුවන. නැතහොත් රැල්ල වෙනත් සුළඟක පහස සොයා යන්නට ඇත. කුමක්වුවත් මට ඔහු ගැන දුක් වන්නට කාලයක් නැත. මා හමුවේ අභියෝගාත්මක පැනයකි. පැනයට පිළිතුරු සොයා මම අතීතයට පිය මැන්නෙමි.
මීට වසරකට පමණ පෙරද මේ පැනයම එල්ල වූ අවස්ථාවේදී මගේ පිළිතුර වැරදී මා අසමත්වූ හැටි මට මතකය. එහෙත් මා එම පිළිතුර ලබාදුන්නේත් ඊටත් වසරකට පෙරාතුව උගත් පාඩමක් ඇසුරිණි. මීට වසර දෙකකට පෙර සමාන පැනයට මම මෙසේ පිළිතුරු බැන්දෙමි. "මම බොන්නෙ නෑ අනේ"
"බියර් එකක්වත්?" මඳක් විශාලවූ නෙත් ඇති කෙනෙකුගේ මඳක් විවරවූ මුඛයෙන් දෙවෙනි පැනය යොමුවිය. මම නැතයි හඟවන්නට හිස දෙපසට සලමින් "ම්හ්හ්" ශබ්දය පිටකළෙමි. ප්‍රශ්නයට නිවැරදි පිළිතුර එය යැයි සිතා සිටියෙමි. එහෙත් මඳක් විවරව තිබූ මුඛය සම්පූර්ණයෙන් ඇරුණි. නැවත එය වැසුණේ සමච්චල් හිනාවක්ද සමඟිනි. "මොනවද හලෝ.. කොල්ලෙක් වුනාම පොඩ්ඩක් ජොලියෙ ඉන්න ඕනනෙ. අඩුම ගානෙ බියර් එකක්වත් බීලා" මගේ බඩ පපුව ලජ්ජාවෙන් පිච්චී ගියේය. පිළිතුර වැරදිය. මා පරාදය.
පරාජය යනු ජයග්‍රහණය වෙත ඇති කෙටිම මාර්ගයයි කවුදෝ පඬිවරයෙක් කියා ඇත. පරාජයෙන් වසරකට පසු නැවතත් එම පැනයම යොමුවුනු විට මම සතුටින් ඉපිල ගියෙමි. 'පඬිරුවනට ජය වේවා අද මම ජය ගනිමි'යි සිතට වීරියගත් මා මගේ පිළිතුර එළියට හැලුවෙමි. "ඔව්.. මම බොනවා.. " මම හදපිරි සතුටින් කීවෙමි.
ඒ නෙත් සඟලත් පෙර පරිදිම මඳක් විශාලවෙද්දී මුඛයත් මඳක් විවර විය. "හොඳටෝම බොනවද?" මලානික ස්වරයකි.
පරාජයේ සේයාවක් ඉව වැටීමෙන් මගේ රැස් බැස්සේය. මම සෙමින් එහෙත් ස්ථිරව මෙසේ කීවෙමි. "නෑ.. ටිකක් බොනවා. කොල්ලෙක් වුනාම ජොලියෙ ඉන්න ඕනනෙ"
එහෙත් එම පිළිතුරින් පෙරපරිදිම බාගෙට විවරව තිබූ මුඛය සම්පූර්ණයෙන්ම විවරවිය. නමුත් එය වැසුණේ සුපුරුදු සමච්චල් සිනහවෙන් නොව රුවිතෙට වක ගැසීමෙනි. කොටින්ම ඒ දෑසත් තෙත්වී මුහුණත් දහඩියෙන් නෑවී තිබුණි. ඉකි ගසන ස්වරයකින් මෙසේ පවසනු මට ඇසිණි. "මම කවමදාවත් හිතුවේ නෑ හරී ඔයා ඔහොම කෙනෙක් කියලා. අපේ තාත්තවත් ඔය ජාති කටේ තියෙන මනුස්සයෙක් නෙමේ " එකම පැනය දෙවන වරටත් මා පුච්චා දැම්මේය. දෙවෙනිවරටත් පිළිතුර වැරදිය. මා පරාදය.
එකම පැනයෙන් දෙවරක්ම පැරදුණු මා යළිත් එම පැනයටම මුහුණදී සිටිමි. වැරදි පිළිතුරු දෙකක් මා දනිතත් නිවැරදි පිළිතුරක් මා අසලකවත් නොවීය. මම බිඳක් කල්පනා කළෙමි. 'ප්‍රශ්නයකින් බේරීමට ඇති හොඳම මාර්ගය තවත් ප්‍රශ්නයක් ඇසීම' යයි මොකක්දෝ විෂයක අවසාන දේශනයේදී එක් ආචාර්‍යයෙකු අපිට ඔවදන් දුන් හැටි හදිසියේම මට සිහිවිය. ඔහු එය දේශනවාරය මුළුල්ලේම මැනවින් අත්හදා බැලූයේ ප්‍රශ්න අසන්නාට එපාවෙන තරමටම ප්‍රශ්න ඇසීමෙනි. හදිසියේ පහළවූ නුවණ යොදාගැනීමට මම තීරණය කළෙමි.
"මොනවද?" ප්‍රශ්නය තේරුම් නොගියාක් යන හැඟීමෙකින් මම නැවත ප්‍රශ්නයක් ඇසීමි.
පෙර මෙන් බාගෙට පිරුණු මුඛය වෙනුවට සිනාවෙන් පිරුණු මුඛයක් දැකීමි. "විහිළු නෙමෙයි අනේ.. ඔයා බොනවද කියලයි ඇහුවෙ" ඒ මුඛය එසේ කියද්දී ඒ නෙත් කොන් බෝතලය අතැති තරුණයා මට පෙන්වීමට උත්සාහ කරයි. ඒ නෙත් කොනින් පෙන්වන ඉසව්ව ඔස්සේ නෙත් මෑනූ මම කිසිවක් නොදැක්කා සේ නැවතත් කටහඬ අවදි කළෙමි.
"මොනවද?" බලාපොරොත්තු නොවූ පිළිතුරෙන් ඒ මුහුණේ දිග පළල වෙනස් විය. මඳක් වේලා එක එල්ලේ මා දෙස බලා සිටි ඒ මුහුණ "හුහ්" හඬ නංවමින් වෙනතක හැරුනෙන් ප්‍රශ්නය නිමා විය. දෙවරක් පැරදුණු මා තෙවනවර ජයගතිමි. පරාජය යනු ජයග්‍රහණය වෙත ඇති කෙටිම මාර්ගයයි. පරාජයන් අවසානයේ මම ජයගතිමි. ඒත් මේ උදම් වී ජයග්‍රහණයන් පරාජය කරගත යුතු මොහොත නොවේ. පිටතට නොපෙන්වා හිත පුරවාගත් සතුටින් මම නැවතත් රැල්ලේ නාටකය බැලීමට ගත්තෙමි. විශාල සුළඟක් සමඟ ආ රැල්ලක් ඒ මොහොතේම ගල්පරයට ඉහළින් පැන්නේය.
8.31.2012
මං සිස්සත්තෙ ලියපු හැටි
පෝස්ට් එක පටන්ගනිද්දිම හිතුනා පොඩි අනතුරු ඇඟවීමක් කරන්න. මේ පෝස්ට් එක කාටවත් ප්‍රයෝජනයක් නැතිවෙන්න පුළුවන්. ඒක නිසා ඔබගේ වටිනා වේලාව නාස්ති නොවෙනවා කියා හැඟේ නම් පමණක් කියවන්න.
සිස්සත්තෙ කියන්නෙ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙකමක් නෑනෙ. වැස්සකටවත් ඉස්කෝලෙ ගිය ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් කියයි. ඕකට මේ කාලෙ නම් කියන්නෙ අම්මලාගේ විභාගය. හැබැයි අපේ කාලෙ අම්මලාගේ විභාගය වීගෙන එන ලක්ෂණ තිබුනත් මේ තරම් නම් උනන්දුවක් තිබුනේ නෑ. දැන් බලන්ඩ එපැයි සිස්සත්තෙට පන්ති යන්න පටන්ගන්නෙ මුට්ටිසූරි යනකොටමයි.
Subscribe to:
Posts (Atom)








