Showing posts with label ශුද්ධවන්තයෝ. Show all posts
Showing posts with label ශුද්ධවන්තයෝ. Show all posts

8.23.2014

රෝකුස් මුනිතුමාගේ බල්ලෝ, මාව කන්න එපා.

විවේකී ඉරිදා හැන්දෑවක්. දවස් හයක් තිස්සේ වැඩ කරලා කරලා ලැබෙන නිවාඩු දවසනෙ. කරුමෙ කියන්නෙ මේ මාසෙ පෝයත් ඉරිදාටම වැටිච්ච එක. ඉතින් ගිය ඉරිදා හැන්දෑවේ මමත් පවුලේ අනිත් අයත් වෙනසකටත් එක්ක මුහුද පැත්තෙ රවුමක් ගිහින් එන්න හිතුවා. ටික දුරක් ගියාට පස්සේ නොහිතූ විදිහට වාහන තදබදයකට මූණදෙන්න සිදුවුනා. වාහන තදබදයක්? මේ ඉඳලා හිටලා වාහන යන පාරක? මට මතුවුනේ ප්‍රශ්නාර්ථයක්. මම වටපිට බලද්දී තමයි ඈතින් පෙනෙන කොඩිගහ දැක්කෙ.

9.04.2013

මරියා හා ඇලෙක්සැන්ඩ්‍රෝ

ගිය ඉරිදා වෙච්චි සිද්ධියක් තමයි අද නම් කියන්න යන්නෙ. මේක ඉතින් ඕපදූපයක්මත් නෙමෙයි පොඩි කතාවක්. පොඩි කතා කීපයක් කියලා උනත් කිව්වැකි. ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. ඔන්න උදේ පාන්දරම නැගිටලා මම පල්ලි යන්ඩ ලෑස්ති උනා. ගිය ඉරිදාත් අනිත් ඉරිදාවලුත් අතර ලොකු වෙනසක් තිබුනා. ගිය ඉරිදා පල්ලි ගියා කියන එකටත් වඩා ගිය ඉරිදා ගියේ පල්ලියක මංගල්‍යයකටනෙ. පල්ලිය තිබුනෙ ටිකක් දුරබැහැරට වෙන්න. ඉතින් ගමන බොහොම ආශ්වාදජනක එකක් උනා.

මතකද මම සී ප්ලේන් බලන්න ගිය ගමන. ඒ ගමනේදි හැරිව්ච තැනින්ම මම හැරුණා කියමුකො අතුරු පාරකට. හරියටම කිව්වොත් කොළඹ ඉඳන් මීගමු පැත්තට යද්දී හම්බෙන දඬුගම පාලම උඩින් වමට හැරුණා. මගේ නිල රථය වමට හැරෙනවත් එක්කම මගේ මතකය මීට අවුරුදු 10කට විතර ඉස්සර අතීතයට හැරුණා. මේ මංගල්‍යයට යන්න මේ පාරෙම ඉස්සර මම කොච්චර බයිසිකල් පැදලා ඇතිද? අද රූං ගාලා යන්න කාපට් පාර තිබුනට ඉස්සර මහා මඩම මඩ පාරක්. බයිසිකලය පෙරලා නොගෙන පදින්නෙත් බොහෝම අමාරුවෙන්. හිතින් මවාගෙන බලන්නකො චිරි චිරි ගාලා ලිස්සන මඩ තියෙන බොරළු පාරක නොවැටී බයිසිකලයක් පැදගන්න තියෙන අමාරුව. පැදපු අයම තමයි දන්නෙ.

1.28.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා අවසාන කොටස

අපි මේ ලිපි පෙළ පටන් ගත්තෙ ලන්දේසීන් ලංකාවට ගොඩ බැහැලා රෝමානු කතෝලිකයන්ට එලව එලවා පහරදෙන්න ගත්ත තැනින්. ඔවුන් කරපු දේවල් පළවෙනි ලිපි දෙක කියවපු අය දන්නවා ඇති. ඒ විදිහේ තාඩන පීඩන වලට ලක්වෙලා තමුන්ගෙ ආගම අදහාගන්න බැරුව හිටපු රෝමානු කතෝලිකයන් හොයාගෙන තමයි ජුසේවාස් පියතුමා ආවෙ. පියතුමාගෙ ජීවිත කතාවෙ මුල් කොටසත් එතුමා ලංකාවට ආපු හැටිත් ලන්දේසීන්ගෙන් නූලෙන් ගැලවුනු හැටිත් ඒවගේම මහනුවරදි හිරබත් කාපු හැටිත් මුල් ලිපි වලින් මම කිව්වා.

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස
ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස

දැන් ඉතිරි ටික..

1.21.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 3 කොටස

ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.

මේ ඇහෙන්නෙ අපේ ඇන්ටෝනියෝ අයියා දෙවෙනි විමලධර්මසූරිය රජතුමාගෙන් අවසර ගන්න හිතාන තමුන්ගෙ යාළුවෙක් හම්බුවෙන්න වෑඋඩ ඉඳලා කන්ද උඩරටට යන සද්දෙ. මොනවා? ඇන්ටෝනියෝ අයියාව දන්නෙ නෑ. වෙන්ඩ බෑනෙ. හා හා කමක් නෑ එහෙනම් පහළ තියෙන ලිපි දෙක කියවලා එන්න. හැබැයි පරක්කු වෙන්ඩ එපා. ඇන්ටෝනියෝ අයියා රජ වාසලට යන්ඩ කලින් එන්ඩ.

 
 ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්.. ටොක්..ටොක්..

 එහෙනම් අද කතාව..

1.16.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 2 කොටස

කලින් කොටස අපි නැවත්තුවෙ කොහෙන්ද? ආ.. ජුසේ වාස් පියතුමාත් එතුමාගේ සහයක ජෝනුත් ලංකාවට එන්ඩ පිටත්වෙච්ච තැනින්නෙ. එහෙනම් අද එතන ඉඳන් කතාව කියවමු. ඊට කලින් නොකියවපු අය කලින් ලිපිය කියවලා එනවානම් තමයි හොඳ. ජුසේවාස් පියතුමා කියන්නෙ කවුද? ජෝන් කියන්නෙ කවුද? ඒගොල්ලො ලංකාවට ආවෙ ඇයි? කියන ප්‍රශ්නවලට උත්තර හොයාගන්න නම් කලින් ලිපිය කියවන්නම වෙනවා. මෙන්න එහෙනම් ඒ ලිපියට යන පාර.


එහෙනම් අද කතාව පටන්ගමු නේද? කට්ටිය ලෑස්ති නේ?

1.14.2013

ඉන්දියාවෙන් පැමිණි ලංකාවේ අපෝස්තුළුතුමා 1 කොටස

ස්ථානය : කළුතර, කලමුල්ලේ මුදලාලි කෙනෙකුගේ නිවසක්.
දිනය/වේලාව : 17 වෙනි ශතවර්ෂයේ අගභාගයේ අවුරුද්දක දෙසැම්බර් මස 24 වෙනිදා / දහවල්

වැරහැලි ඇදගත් යාචකයෙක් මුදලාලිගේ නිවස අසලට පැමිණෙයි. "මුදලාලි මහත්තයෝ කෑමට යමක් දෙන්න පුළුවන්ද?"

මුදලාලි මහ හඬින් සිනාසෙයි. "මොකද බැරි. උඹ හරිම වාසනාවන්තයි. අද මෙහෙන් විතරක් නෙමෙයි. මේ පළාතෙ ඕනෑම ගෙදරකින් කෑම හොයාගත්තැකි. අද රෑ නත්තල්නෙ මනුස්සයො. අපේ ජේසු ස්වාමිදරුවො ඉපදිච්ච දවස. අද අපේ ගෙවල්වල කෑම බීම ඕනෙතරම් " කිසිදු වෙනසක් නොපෙන්වන යාචකයා බයාදු පෙනුමෙන් බලාසිටී.

6.15.2012

සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (2 කොටස)

අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස) කියවපු අය නම් දන්නවා ඇති මම මේ කියාගෙන යන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන බව. මම කලින් කොටසෙදි එතුමාගේ ජීවිත කතාව ගැන විස්තර කිව්වනෙ. ඒ ලිපිය මගහැරුණා නම් මෙතනින් ගිහින් කියවලාම එන්න. නැතිනම් මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.කලින් ලිපියෙදි පොරොන්ඳු වූ පරිදි අද ලිපියෙදි මම කියන්න යන්නෙ එතුමාගේ අනුහසින් සිදුවූ ප්‍රාතිහාර්‍යය පිළිබඳව. එතුමා ජීවත්ව සිටි කාලයේදී මෙන්ම මියගිය පසුත් ගණන් නොකළ හැකි තරම් බොහෝ ප්‍රාතිහාර්‍යය සිදුවී තිබෙනවා. ඔය ඔක්කොම ඉතින් මෙතන කියන්න බෑනෙ. ඒක නිසා එතුමාගේ ජීවිත කාලයේදී සිදුවූ ප්‍රාතිහාර්‍යය කීපයක් සඳහන් කරන්නම්. ඊට අමතරව ලෝ වැසි ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වන එතුමාගේ ශු. ධාතු ගැනත් සඳහන් කරන්නම්. එහෙනම් ලිපියට යමු.
 ------------------------------------------------------------------------------------------------------------

6.12.2012

සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා (1 කොටස)

සාන්ත අන්තෝනි මුනිතුමා කියන්නෙ කවුද කියලා දන්නෙ නැති අය පවා ඇන්ටන් ජෝන්ස් මහත්මයගෙ "සාන්ත අන්තෝනි මුනිතුමා, ඔබෙ ගුණ ගයමි අද මෙමා" ගීතය නම් අහලා ඇති. ඇන්ටන් ජෝන්ස් මහත්මයා එහෙම ගීතයක් ලිව්වෙ ඇයි කියන එක මට හිතුනෙත් ලකී සිරි  කිව්වට පස්සෙ. අද කියන්න යන්නෙ නම් ගීතය ගැන නෙමෙයි. අද (ජුනි 13) සාන්ත අන්තෝනි මුනිතුමාගෙ මංගල්ලෙ නිසාම කලින් හසිත කළ ඉල්ලීමක් ඉටුකරන්නත් එක්කම අද ලියන්නෙ සාන්ත අන්තෝනි මුනිතුමා ගැන. 

සාන්ත අන්තෝනි මුනිතුමා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සාන්තුවරයා, ඒකෙ දෙකක් නෑ.  එතුමාගේ පිහිටාශිර්වාදය පතා කොළඹ කොච්චිකඩේ, වහකෝට්ටෙ වගේ එතුමාට කැපකළ සිද්ධස්ථානවලටත් අනෙකුත් කුඩා පල්ලිවලටත් ප්‍රතිමා අසලටත් ඇදෙන ජනගහනයෙන්ම ඒ බව පේනවා. කතෝලිකයන් සිරිතක් වශයෙන් අඟහරුවාදා දිනවලදී මේ ස්ථානවලට ඇදෙනවා. කතෝලිකයන් පමණක් නොවෙයි අන්‍යාගමිකයින් පවා. අන්තෝනි මුනිතුමා මියගොස් තිබෙන්නේ අඟහරුවාදා දවසක නිසා තමයි එදින එතුමාට කැපකළ දවසක් ලෙස සළකන්නෙ. 

12.30.2011

ශුද්ධවරයට ඔසවනවා කියන්නේ මොකක්ද?

මුලින්ම අපි බලමු ශුද්ධවන්තයෙක් කියන්නෙ කවුද කියලා. කතෝලික සභාවෙ පිළිගැනීමට අනුව කාලයක් මේ ලෝකෙ ජීවත්වෙලා දැන් ස්වර්ගයේ ඉන්න කෙනෙක් තමයි ශුද්ධවන්තයෙක් කියන්නෙ. මේ ලෝකෙ හොඳින් ජීවත් වෙච්ච කෙනෙක් මියගියාට පස්සේ ඒ කෙනා ස්වර්ගයේ ඉන්නවා කියලා පිළිගත හැකි සාක්ෂි තියනවා නම් කතෝලික සභාව නිවේදනය කරනවා ශුද්ධවන්තයෙක් හැටියට. මේ නිල වශයෙන් නිවේදනය කිරීම තමයි "ශුද්ධවරයට ඔසවනවා" කියන්නෙ.

12.20.2011

ඔයත් Secret Santa කෙනෙක්ද?


 ගිය මාසෙ මළවුන්ගෙ මාසෙ නිසා ඉතින් දිගටම දාන්න කියලා මළවුන්ගෙ කතා ටිකක් ලෑස්ති කොරගත්තට මොකද පහක් ඇරෙන්න ඉතුරු එව්වෑ මාතෘකාව විතරයි. දැන් ඉතින් මළවුන්ගෙ මාසෙ පහුවෙච්ච නිසා 2012ටත් මළවුන්ගෙ මාසයක් තියෙයිනෙ කියලා හිත හදා ගත්තා. අද ඉදන් නත්තල් කතා ටිකක් දාන්නයි ලෑස්තිය.

පහුගිය ටිකේම යාලුවො කීපදෙනෙක්ම මහන්සි වුනා Secret Santaලා වෙන්න. මටත් හිතුනා මේ ගැන ලිපියක් ලිව්වොත් හොඳයි කියලා. Secret Santa ගැන නෙමෙයි Santa ගැන. Secret Santa ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ. මේ දවස්වල කන්තෝරුවල ජයටම යන සෙල්ලමක්නෙ.

Related Posts Plugin for WordPress, Blogger...