Showing posts with label Food. Show all posts
Showing posts with label Food. Show all posts

6.13.2016

මාළුවෙක් බේක් කරමු

ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. වෙනදා නම් ඉතින් පල්ලි ගිහින් ගෙදර ඇවිල්ලා උයන පිහන මොනාහරි කරලා පොඩ්ඩක් විවේක ගන්න එකනෙ කරන්නෙ. ඉතින් ඊයෙ පොඩි වෙනසකටත් එක්ක මීගමුව පැත්තෙ රවුමක් දාලා එන්න ගියා. කලින් දැකලා තිබුන මීගමු කොටුව ආයෙත් වතාවක් දැක්කා. කොටුව පහුකරගෙන ගියා වාහනේ නැවැත්තුවෙ මීගමු ලෙල්ලමේ. ලෙල්ලම කියන්නෙ මාළු විකුණන තැන.

එනගමන් අපි දෙන්නා කතා උනේ හැමදාම වගේ බතුයි හොදියි කන්නෙ නැතුව වෙනසකටවත් එක්ක මාළු බේක් කරලා කන්න. මෙන්න මෙහෙමයි අපි මාළුවා බේක් කරගත්තේ.

හරස් අතට කැපුම් කීපයක් දාන්න
මුලින්ම මාළුවාගේ බොකු බඩවැල්, කරමල්, කොරපොතු, වරල් අයින් කරලා ගන්න ඕනෑ. අන්තර්ජාලෙ සමහර තැන්වල නම් තිබ්බෙ මාළුවාගේ පෙනුම තියාගන්න ඕන හින්දා වරල් ඉවත් කරන්න එපා කියලයි. ඒ වගේම බඩ හරහා කැපුමක් කරලා මාළුවාගේ ඇතුළෙ තියෙන එව්වා සුද්ද කරන්න කියලායි. මේක ඉතින් ගෙදර අපිම විතරක් කන හින්දා මම වරල් ටිකත් කපලාම දැම්මා. මම කියලා කරේ මාළුවා සුද්ද කරන එක විතරයි.

ඊටපස්සෙ මාළුවාගේ ඇඟේ පින්තූරෙ පේන විදිහට හරස් අතට කැපුම් කීපයක් දාන්න. 

දැන් ළුුණු, සුදුළුුණු, ඉඟුරු, රම්පා, කරපිංචා, කෑලි මිරිස්, තුනපහ කුඩු, ලුණු ටිකක්, කහ ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, කුරුඳු පොත්තක් අරගෙන හොඳට අඹරා ගන්න තලපයක් වගේ වෙන්න. මෙතනදි මම ප්‍රමාණ සඳහන් නොකළේ තමුන් ගන්න මාළුවාට ඇතියි කියලා හිතෙන ප්‍රමාණ ගන්න ඕන නිසා. මතක ඇතුව කහත් ඉඟුරුත් වැඩිපුර දාන්න එපා.

දැන් තියෙන්නෙ මිශ්‍රණය හොඳින් තවරාගන්න එක. පස්සෙ මාළුවාව මේ විදිහට කෙලින් හිටවලා තෙල් ටිකක් වක්කරන්න. 

දැන් තියෙන්නෙ 200 C වල මිනිත්තු 30ක් විතර හොඳින් බේක් කරගන්න එක.


මෙන්න මාළු දෙන්නා මේසෙ උඩ.



2.07.2016

ලුණුදෙහි නොමිලේ

ගියපාර කෑම වට්ටෝරුව කීදෙනෙක් හදලා බැලුවද? ඕන ඔට්ටුවක් ඒ පෝස්ට් එක කියවපු අයගෙන් සීයට එකක්වත් හදලා බලන්න නැතුව ඇති. කමක් නෑ. එක එක මස් ජාති නොකන/කන එක එක්කෙනාගෙ කැමැත්තනෙ. ඉතින් ඒක හරි හෝ වැරදි කියලා තව කෙනෙක්ව විවේචනය කරන එක හෝ විනිශ්චය කරන එක හරි දෙයක් නෙමෙයි. ඒක නිසා ඒ කෑම හදපු නොහදපු හැමෝටම මෙන්න තවත් කෑමක්. මම හිතනවා ගොඩක් දෙනෙක් හදලා බලන්න උත්සාහ කරයි කියලා.

2.05.2016

තහනමට පෙර, කමු.

අපේ රටේ හරක් මැරිල්ලත් තහනම් කරලා පිටරටින් මස් ගෙන්වන්න හදන එකේ දැන්ම මේ කෑම නොකෑවොත් ආයෙ පස්සෙ කන්න වෙන එකක් නෑ. ඉතින් ඒක හින්දා පහුගිය සති අන්තයේ හදපු කෑමක් තමයි මේ. 
Related Posts Plugin for WordPress, Blogger...