![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgrVkqbGeq0zxsGcIgeCn1Y1PDhEmLJh0jlcd0IreF0vN2D_xyRwwyH_ZsFFoceZKkwqDHbFKMsLSUfdPjPLbYGRTr3qQds8zAfObe64P7SMt93pNdZMe1m3NvpvmJK95MMkq9yrQ-fuHph/s1600/index.jpg)
හීනලන්තෙ හරී හරිම කැමතියිලු ඇඳුම් මැදලා කාරිය පිළිවෙලට අඳින්න. කාගෙදෝ මන්දා බ්ලොග් එකක එයා ඇඳුම් මදින වැඩේට ගොඩක් කැමති කිව්වාමත් ගොඩාක් කට්ටියට හරිම පුදුමයිලු. මොකද ගොඩාක් අය මැදපු ඇඳුම් අඳින්න හරිම ආසා උනත් ඇඳුම් මදින්න ආසාවක් නෑනෙ.
හැබැයි ඇඳුම් මදින වැඩේට කොච්චර කැමති උනත් හරීටත් තිබ්බා ප්‍රශ්නයක්. එයා ආසා කළේ ඇඳුම මැදලා පොඩ්ඩක්වත් පොඩි නොවී අඳින්න. ඉතින් එහෙම අඳින්න නම් ගමනක් යන්න ලෑස්ති වෙලාම ඇඳුම් මදින්න ඕනෙ නැත්නම් මැදපු ඇඳුම් පොඩි නොවී තියාගන්න ඕනෙ. ගමනක් යන්න කලින් දාඩිය පෙරාගෙන ඇඳුම් මදින එක එපාවෙන වැඩක්. ඒ වගේම එහෙම මැද්දාම ගෙදර විදුලි මීටරේ කැරකෙන්නෙ බඹරෙ වගේ. ඉතින් එයා තීරණය කරනවා සතියෙම ඇඳුම් එකපාර මැදලා පොඩි නොවී තියාගන්න. ඒත් පොඩි පරහක් එයාට තිබ්බා එයාගෙ අල්මාරිය ඇඳුම් නවලා තියන ජාතියේ එකක්. ඉතින් කොහොමත් නැමුම් පාර හිටිනවානෙ. ඒ මදිවට එයාගෙ මල්ලී අල්මාරිය පීරලා ඒවා පොඩි කරනවා. ඒක නිසා හරීට ඕනා උනා එයාගෙම කියලා අල්මාරියක්. එයාගෙම කියලා ඇඳුම් එල්ලලා පොඩි නොවී තියන්න පුළුවන් අල්මාරියක්.
ඉතින් හරී මුලින්ම කළේ ඒ වගේ අල්මාරියක් ප්‍රසිද්ධ සාප්පුවල බලපු එක. පදම් කරපු රබර් ලී වලින් හදපු ඒ වගේ අල්මාරියක් රුපියක් 25,000ක් වගේ ගානක් උනාලු. දෙවරක් නොහිතා එයා එකක් ගන්න ලෑස්ති උනා. ඒත් වැඩිහිටියන්ගෙන් ලැබුනෙ මේ වගේ උපදෙස්.
"ඕවා වතුර ටිකක් වැටුන ගමන් දිරනවා"
"හයියයි හයියයි කිව්වට ඕවල පතුරු යනවා"
"ඔය ජරා රබර් ලී ගන්න යන්නෙ නැතුව හොඳ කොස් අල්මාරියක් ගන්න"
ඊටපස්සෙ හරී යන්නෙ හොඳ කොස් අල්මාරියක් ගන්න. ඒවා අස්ප ගනන්. ඒ මදිවට ඒවාත් විශ්වාසවන්ත තැනකින් ගන්න කියලායි වැඩිහිටියො කියන්නෙ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhk8EEKLMtFgsX97EyKHUNk3Wj8r8180elHljl91oAlcdW6pB-rkhx-l3hg8uPHp_5Quhj4pzL9SrP-Bkw9ZSR_Mb3FFxpZV9qDYTycZyL9ckts9OMx3KxDx3YL_Xqa-BdT-iGXBiSh6qok/s1600/IMAG0563.jpg) |
අවුරුදු 25ක් ගෙයිමුල්ලේ |
මේ විදිහට දෙලොවක් අතර ඉන්නකොට තමයි හරීට අවුරුදු 25ක් 30ක් තිස්සෙ ගෙදර මුල්ලකට වෙලා ඔහේ තියෙන බිත්ති කබඩ් කෑල්ල මතක් වෙන්නෙ. හරීලාගෙ ගෙවල් හදපු කාලෙ ඔය පින්තූරෙ පේන විදිහෙ බිත්ති කබඩ් එකක් හදන එක මෝස්තරයක් වෙලාලු තිබුනෙ. ඒත් මෝස්තරය අභාවයට යනවත් එක්කම බැඳපු බිත්තිය කබඩ් එකක් නොවීම ගේ මුල්ලට උනා. අවුරුදු 25ක් යනකම්ම ඒක හදන්න ඕනා බව ගෙදර කාටවත් මතක් වෙලා තිබ්බෙ නෑ. හරී හිතුවා මේකට පණ දෙන්න.
එයා සැලසුමක් හැදුවා. කබඩ් එක මැදින් හිල් කරලා ඇලුමිනීයම් බට දෙකක් දානවා. නිකන්ම රෙදි එල්ලුවොත් බිත්තියෙ තියෙන ඒවා රෙදිවල වදීවි. ඒක නිසා ඇතුල් බිත්තියෙ ස්ටිකර් අලවන්න ඕනා. ඇලුමීනියම් බට ගත්තැ
කි කියමුකො. කොහෙන්ද ස්ටිකර් හොයන්නෙ. කාලෙකට කලින් බපල් වල අලවන ස්ටිකර් කඩෙන් ගත්තු බව මතක තිබ්බත් ඒවා ගත්තු තැනක් මතක තිබ්බෙ නෑ. ඒක නිසා එයා බිත්ති ආවරණය කරන කොළ හොයාගන්නත් බැලුවා. ඒවාත් ටිකක් ගනන් වගේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLbRcE_ATiC8jHyXxw3mEmINfgGr7shijY5GfCO6TztHypIUJVkKsnrIL_m-_WURGEnOo_VJZDGf8yvdxR1jYDCFMFCEwWktvhGeRuNv3FHKb0IaRgpAZqauq_XEZNFx3BVnLTRTptNOq4/s1600/IMAG0567.jpg) |
පෙනුම හොඳයි නේද?
|
ස්ටිකර් හෙවිල්ලට සති කීපයක් ගතවෙන අතරෙ කෙනෙකුගෙන් පණ්ඩිත අදහසක් ලැබුනා.
"මොන ස්ටිකර්ද අනේ.. රබර් පේන්ට් ගාන්නකො. හැබැයි නිල්පාට ගාන්න ඕනා." අදහසක් කිව්වට අදහස යටින් පුංචි පහේ අණකුත් තියෙනවා වගේ.;)
දැන් හරී ලෑස්තිවෙන්නෙ අලුමීනියම් බට දෙකක් හයි කරලා,බිත්තියට රබර් පේන්ට් ගාලා, ඉස්සරහට තිරයක් දාන්න.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh_fx-uIP0Qm6uvsu-JYoNfYbIvsEstciCbsHl1IiDlt7_RIleFZGaWCBv4wCIkcvOhprI5v4A6lpjQE9svJ8chmI2M6Mq2NpDqOMH73v-P3DtjhOZcYIeIAw1sKjkjS1IEGYICmOGEN0KX/s1600/IMAG0685.jpg) |
අන්තිමට.. |
මුලින්ම කළේ බිත්තිය හිල් කරලා බට හයි කරපු එක. ඊළඟට ගෑවා තීන්ත. පෙනුම හොඳයි නේද?
ඊටපස්සෙ තිබ්බ ලොකුම කාරිය උනේ තිරයක් ගන්න එක. අනේ හරීව කොළඹ එක්කගෙන ගිහින් ඇවිද්දෙව්වලුනෙ කඩවල් ගානෙ නිල්පාට තිරයක් හොය හොය. අන්තිමේදි කලන්තෙ හැදිලා වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි යාන්තම් නිල්පාට රෙද්දක් හම්බුනාලු.
ඉතින් රෙද්ද ගෙනාවා කියලා නම් වැඩේ ඉවර උනේ නෑ. හයි කරන්න ගියාම එක එක කේස් ආවාලු. ඩ්‍රිල් කටු කීපයක්ම සෙට්ටපෝච්චිත් උනාලු. ඒත් හරී නෙමෙයි පසු බෑවේ. දන්න සෙල්ලම් දාලා අන්තිමේදි අල්මාරියෙ වැඩ ඉවර කළාලු. "අරක ඉවර කළාද?" කිය කිය සැරෙන් සැරේ කවුරුත් ඇහුවෙත් නෑලු. පොඩ්ඩක් කට්ට කෑවත් අල්මාරියක් කඩෙන් ගත්තට වඩා එයාට සතුටුයිලු.
කාලෙකට පස්සෙලු හරී බ්ලොගක් ලිව්වෙ. සැරින් සැරේ ලියන්නෙ නැද්ද අහපු අයවත් මතක් කළාලු ඔන්න. :)