පසුගියදා පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පැවති තරඟයෙන් පසු ඇතිවූ සිද්ධිය ගැන අටුවා ටීකා ටිප්පණි අවශ්‍යය නැත. එම තරඟයේදී ඇතිවූ තත්වයත් ඊට පසු එක් මාධ්‍යයක් එය වාර්තාකල ආකාරයත් ඔබට අමතක නැතැයි මම සිතමි. ක්‍රීඩා ලෝලී අපගේ ලේ නහර කුපිත කල ඒ වැකිය ලියන්නට උගේ පෑන් ඉස්සුනේ කෙසේදැයි අපට සිතා ගැනීමටත් බැරිය. සමහරවිට මේ දවස්වල ඉතුරා යන ( market කරන ) දේශප්‍රේමීත්වය එය කරන්නට ඇත.