එක්තරා පැවිද්දෙක්, අපි නිකමට කියමුකො පියතුමෙක් කියලා, වසර ගණනාවක් මිනිස්සුන්ට යහමඟ පෙන්වලා, ආගමික වතාවත් ඉටු කරලා, බොහෝම ධාර්මිෂ්ඨ විදිහට ජීවත්වෙලා මියගියාලු. ඔය වෙලාවෙදිම එච්චර නීතිගරුක නොවිච්ච, හොඳින් නොහැසිරිච්ච බස් ඩ්‍රයිවර් කෙනෙකුත් වලකජ්ජ ගැහුවලු. මැරුනට පස්සෙ ඉතින් මේ ලෝකෙ ඉන්න බෑනෙ කරපු පින් පව් අනුව ස්වර්ගයට හරි අපායට හරි යන්න වෙනවනෙ. ඉතින් දෙන්නගෙම පින් මහිමය අනුව ස්වර්ගයට යන්න වරම් ලැබුනලු. ඔන්න දෙන්නම ඉන්නවා ස්වර්ගයේ ගේට්ටුව ගාව.
ස්වර්ගයේ ගේට්ටුව භාර පේදුරුතුමා දෙන්නටම සුභ පැතුවාලු. ඇතුලුවෙන එක් එක අයට එයාලගෙ පින් මහිමයට අනුව ලැබෙන සම්පත් භාරදීම අයිතිත් පේදුරුතුමාටමලු. මුලින්ම පියතුමාට අයිති දේවල් දෙන්න හිතලා ඔන්න පියතුමාව පොඩි ජීප් එකක නග්ගගෙන ස්වර්ගයේ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුල් වුනාලු. ඊටපස්සෙ අක්කර 50ක් විතර ලොකු ලස්සන පරිසරයක තිබ්බ වත්තකට ඇතුල් වුනාලු. වත්ත මැද්දෙ පොඩි කොටේජ් එකක්ලු. "මෙන්න ඔබට ස්වර්ගයේ සැප සම්පත්. ලස්සන කොටේජ් එකක්, ඒවගේ පිරිසිදු වතුර පිරුණු පොකුණක්, ඒවගේම සාරවත් ගෙවත්ත. ඔබගේ ගෙදර ඔබට අවශ්‍ය පොත්පත් වලිනුත් පුරවලා ඇති "
"බොහොම ස්තුතියි! මට සන්තෝසෙන් හිටියෑකි."
ඊළඟ වාරය ආවෙ බස් ඩ්‍රයිවර්ටලු. ලස්සන ලිමොසීන් කාර් එකකට ඩ්‍රයිවර්ව නංවාගෙන ඉස්සරහ ගේට්ටුවෙන්ම ඇතුල් වුනාලු. අක්කර 500ක විතර වත්තකටලු ඇතුල් වුනේ. ඒ වත්ත ඇතුලෙ කඳු විල් ගංඟා එහෙමත් තිබුනලු. එක කන්දක් මුදුනෙ කාමර 200ක මාළිගාවක්ලු. ඒ ළඟ තිබ්බ ළිඳට ප්‍රාර්ථනාවක් කරාම ඕන දෙයක් ලැබෙනවලු. "මෙන්න ඔබට ස්වර්ගයේ සැප සම්පත්. අර මන්දිරයේ ඔබට සේවය කරන්න සිය ගණනක් සේවක සේවිකාවො බලාගෙන ඇති. ඔබට ඕන හැමදේමමෙහි තියෙනවා. සතුටින් ඉන්න"
බස් ඩ්‍රයිවර්ගෙ ඇස් දෙක නලලෙලු."පේදුරුතුමෙනි, වරදවා හිතන්න එපා. අර පියතුමාට වඩා වැඩියෙන් මට සැප සම්පත් ලැබුනෙ මොකද?"
පේදුරුතුමාට මඳ සිනා පහළ වුනාලු. "පුදුම වෙන්න එපා දරුවා. ඔබ ගොඩදෙනෙකුව ස්වර්ගයට යොමු කරවලා තියෙනවා. ගොඩ දෙනෙක්ව යාච්ඤාවට යොමු කරවලා තියෙනවා. ඒ කරපු පින් බලෙන් තමයි මෙච්චර සැප සම්පත් ලැබෙන්නෙ."
"ඒ කොහොමෙද? මමවත් ජීවිතේට යාච්ඤා කරලා නෑනෙ"
"ඇයි දරුවො ඔයා මේ පියතුමා වගේද? එතුමා යාච්ඤා කියනකොට මිනිස්සු නිදි. ඒත් ඔයා බස් එලවනකොට කීදෙනෙක් යාච්ඤා කරාද?"
-පරිවර්තනයකි-