Showing posts with label Jokes. Show all posts
Showing posts with label Jokes. Show all posts

1.24.2013

පාප්තුමා හා මෝරා

දවසක් උදේ පාන්දර පාප්තුමා මුහුදු වෙරළක ඇවිදිමින් හිටියා. ටිකකින් පාප්තුමා දැක්කෙ ඇස් අදහාගන්න බැරි දර්ශනයක්. එංගලන්ත රගර් ජර්සියක් ඇඳගෙන හිටපු මනුස්සයෙක්ව කන්න යනවා ලොකු මෝරෙක්. දත් විලිස්සාගත්තු මෝරා මිනිහාව හපනවා. ඒ මිනිහා පුළුවන් තරම් දඟලනවා බේරෙන්න. එහෙට දඟලනවා. මෙහෙට දඟලනවා. මූදෙ වතුරත් ලේ පාට වෙලා. පාප්තුමාට කරන්ඩ දෙයක් නැතුව දුකෙන් බලාගෙන හිටියා.

මෙන්න එකපාරටම බෝට්ටුවක් කඩාගන බිඳගෙන යනවා මෝරා ඉන්න තැනට. ඒකේ හිටපු තුන්දෙනාගෙන් කෙනෙක් මණ්ඩයකින් ගහනවා මෝරට. මෝරා දඟලද්දි අනිත් දෙන්නා එංගලන්ත මනුස්සයාව බේරාගෙන බෝට්ටුව පටෝගන්නවා. ඒ වගේම මනුස්සයව කන්ඩගිය මෝරට ගහලා ගහලා ගහලා ගහලා මරලා බෝට්ටුවට දාගන්නවා.

මෝරාවයි මනුස්සයවයි දාගෙන බෝට්ටුව ගොඩට එන තැනට පාප්තුමා දිවයන්නෙ බොහොම සන්තෝසෙන්.  බෝට්ටුවේ හිටපු තුන්දෙනා ඇඳගෙන හිටපු ස්කොට්ලන්ත රගර් ජර්සි දැකපු පාප්තුමාට මාර පුදුමයි. "මම ඔබලාට ආශිර්වාද කරනවා දරුවනේ. ඔබලා කරේ ඉතා උතුම් ක්‍රියාවක්. මම අහලා තිබුනෙ ස්කොට්ලන්ත රගර් ෆෑන්ස්ලයි එංගලන්ත රගර් ෆෑන්ස්ලයි නයි වෛරයි කියලා. ඒත් ඔබලා ඒ කතාව බොරු කරා. ඔබලාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරාවි"
Rugby Shark 
පාප්තුමා ඔවුන්ට ආශිර්වාද කරලා ඒ වගේම නොසෑහෙන්න ප්‍රශංසා කරලා පිටව යනවා.

"කවුද බන් ඒ නාකි මනුස්සයා"

"අර පල්ලියේ පාප් කියන්නෙ ඒ මනුස්සයට තමයි"

"මට නම් මිනිහා කියපු මොකුත් තේරුනේ නෑ. මිනිහට මොළේ හොඳ නැද්ද?"

"හරි..හරි.. කතා ඇති. අපි අපේ වැඩේ කරමු. මොකද කියන්නේ මේ ඇමම ගහනවාද? නැත්නම් තව සුද්දෙක්ව අල්ලන් එනවද?"

-පරිවර්තනයකි-

8.14.2012

අමුතු සද්දෙ

මේ කතාවට පාදක වෙන්නෙ තාපසාරාමයක්. තාපසයෙක් කිව්වාම ඕගොල්ලන්ට මතක් වෙන්නෙ මිනිසුන්ගෙන් ඈත්වෙලා භාවනායෝගීව ඉන්න පුද්ගලයෙක්නෙ. කතෝලික තාපසයෙක් කියන්නෙත් සාමාන්‍යය සමාජයෙන් ඈත්වෙලා යාච්ඤාවේ වගේම භාවනාවේ ජීවිතයක් ගෙවන කෙනෙක්. ඉතින් තාපසාරාම තියෙන්නෙත් ඊටම ගැළපෙන හුදකලා ඒවගේම දුෂ්කර පැතිවල. ඔන්න පඳුර වටේ තැලීම අහවරයි.

දවසක් අවුරුදු විස්සක විතර තරුණයෙක් ගොඩක් දුෂ්කර පාරක තමුන්ගේ කාර් එකත් එලවගෙන එනවලු.  ඒත් කාත් කවුරුවත් නැති පාළු තැනකදි හිටි හැටියෙම සද්දයක් දාපු කාර් එක නැවතුනාලු. උදව්වක් ඉල්ලන්නවත් අහල පහලක කවුරුවත් නෑලු. බලන් හිටියත් එක වාහනයක්වත් ඒ පාරෙ ආවෙ නෑලු. ඉතින් මේ කොලුවා හිමින් හිමින් ඉස්සරහට යද්දි ඈතින් පේන තාපසාරාමයක් දැක්කලු.

8.13.2012

බස් ඩ්‍රයිවර්ගෙ පින

එක්තරා පැවිද්දෙක්, අපි නිකමට කියමුකො පියතුමෙක් කියලා, වසර ගණනාවක් මිනිස්සුන්ට යහමඟ පෙන්වලා, ආගමික වතාවත් ඉටු කරලා, බොහෝම ධාර්මිෂ්ඨ විදිහට ජීවත්වෙලා මියගියාලු.  ඔය වෙලාවෙදිම එච්චර නීතිගරුක නොවිච්ච, හොඳින් නොහැසිරිච්ච බස් ඩ්‍රයිවර් කෙනෙකුත් වලකජ්ජ ගැහුවලු. මැරුනට පස්සෙ ඉතින් මේ ලෝකෙ ඉන්න බෑනෙ කරපු පින් පව් අනුව ස්වර්ගයට හරි අපායට හරි යන්න වෙනවනෙ. ඉතින් දෙන්නගෙම පින් මහිමය අනුව ස්වර්ගයට යන්න වරම් ලැබුනලු. ඔන්න දෙන්නම ඉන්නවා ස්වර්ගයේ ගේට්ටුව ගාව.

ස්වර්ගයේ ගේට්ටුව භාර පේදුරුතුමා දෙන්නටම සුභ පැතුවාලු. ඇතුලුවෙන එක් එක අයට එයාලගෙ පින් මහිමයට අනුව ලැබෙන සම්පත් භාරදීම අයිතිත් පේදුරුතුමාටමලු. මුලින්ම පියතුමාට අයිති දේවල් දෙන්න හිතලා ඔන්න පියතුමාව පොඩි ජීප් එකක නග්ගගෙන ස්වර්ගයේ පිටිපස්සෙ ගේට්ටුවෙන් ඇතුල් වුනාලු. ඊටපස්සෙ අක්කර 50ක් විතර ලොකු ලස්සන පරිසරයක තිබ්බ වත්තකට ඇතුල් වුනාලු. වත්ත මැද්දෙ පොඩි කොටේජ් එකක්ලු. "මෙන්න ඔබට ස්වර්ගයේ සැප සම්පත්. ලස්සන කොටේජ් එකක්, ඒවගේ පිරිසිදු වතුර පිරුණු පොකුණක්, ඒවගේම සාරවත් ගෙවත්ත. ඔබගේ ගෙදර ඔබට අවශ්‍ය පොත්පත් වලිනුත් පුරවලා ඇති "

"බොහොම ස්තුතියි! මට සන්තෝසෙන් හිටියෑකි."

ඊළඟ වාරය ආවෙ බස් ඩ්‍රයිවර්ටලු. ලස්සන ලිමොසීන් කාර් එකකට ඩ්‍රයිවර්ව නංවාගෙන ඉස්සරහ ගේට්ටුවෙන්ම ඇතුල් වුනාලු. අක්කර 500ක විතර වත්තකටලු ඇතුල් වුනේ. ඒ වත්ත ඇතුලෙ කඳු විල් ගංඟා එහෙමත් තිබුනලු. එක කන්දක් මුදුනෙ කාමර 200ක මාළිගාවක්ලු. ඒ ළඟ තිබ්බ ළිඳට ප්‍රාර්ථනාවක් කරාම ඕන දෙයක් ලැබෙනවලු. "මෙන්න ඔබට ස්වර්ගයේ සැප සම්පත්. අර මන්දිරයේ ඔබට සේවය කරන්න සිය ගණනක් සේවක සේවිකාවො බලාගෙන ඇති. ඔබට ඕන හැමදේමමෙහි තියෙනවා. සතුටින් ඉන්න"

බස් ඩ්‍රයිවර්ගෙ ඇස් දෙක නලලෙලු."පේදුරුතුමෙනි, වරදවා හිතන්න එපා. අර පියතුමාට වඩා වැඩියෙන් මට සැප සම්පත් ලැබුනෙ මොකද?"

පේදුරුතුමාට මඳ සිනා පහළ වුනාලු. "පුදුම වෙන්න එපා දරුවා. ඔබ ගොඩදෙනෙකුව ස්වර්ගයට යොමු කරවලා තියෙනවා. ගොඩ දෙනෙක්ව යාච්ඤාවට යොමු කරවලා තියෙනවා. ඒ කරපු පින් බලෙන් තමයි මෙච්චර සැප සම්පත් ලැබෙන්නෙ."

"ඒ කොහොමෙද? මමවත් ජීවිතේට යාච්ඤා කරලා නෑනෙ"

"ඇයි දරුවො ඔයා මේ පියතුමා වගේද? එතුමා යාච්ඤා කියනකොට මිනිස්සු නිදි. ඒත් ඔයා බස් එලවනකොට කීදෙනෙක් යාච්ඤා කරාද?"

-පරිවර්තනයකි-

7.07.2012

ගාණු ළාමයි එන්න මේ පය්යිය වටේ තූත්තිරි ගලාවන්ඩ

කලින් පෝස්ට් එකෙදි වගේම අදත් කියන්න යන්නෙ කථාවක්. සමහර කට්ටිය නම් මගෙ බ්ලොග් එකේ නිකම්ම නිකම් කතා කියනවට කැමති නෑලු. :) ඒක නිසාම කථාව කියන්න කලින් පොඩ්ඩක් වට වන්දනාවෙ ගිහිල්ලම එන්නම්.

ලොරොන්සෝ ද අල්මේදා
ඕගොල්ලො ඉස්කෝලෙ ගියානම් දන්නවා ඇතිනෙ අපේ රට ඉතිහාසෙ එක්තරා කාලෙකදි යුරෝපීය ජාතින්ට යටත්වෙලා හිටිබව.  මුලින්ම පෘතුගීසීන්ට ඊටපස්සෙ ලන්දේසීන්ට ඊටත් පස්සෙ ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණා. ඉතින් පුතේ, ඔය පෘතුගීසීන් තමයි අපේ රටට රෝමානු කතෝලික ආගම ගෙනාවෙ. මතකද අර මී හරක් හමක් එලාගන්න තරම් ඉඩක් ඉල්ලුව සිද්ධිය? ඒ ඉල්ලුවෙත් මේ ගොල්ලොම තමා. ඉතින්1505දි හාහා පුරා කියලා ලංකාවට ගොඩබැහැපු පෘතුගීසී නැව්වල හිටපු පූජකවරුන් මගින් අපේ රටේත් රෝමානු කතෝලික දහම පැතිරෙනවා. 

7.03.2012

අයිසෙ, එතකොට ටී වී එක............

පැන මඩ කඩිති වැවු තාවුලු වැහි     කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු            මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත්        ඉස්කොලේ

දුෂ්කර ගමක මඩෙන් වැකුණු මාවතක, ජාතික ඇඳුමින් සැරසී, කලු කුඩයකුත් පොත් කිහිපයකුත් අතින්ගෙන කලු පාට රාමුවක් සහිත කණ්ණාඩි කුට්ටමක් දමාගෙන, පා නගන ගුරුතුමෙකු සිහියට නැඟෙනවා නේද?   මඩ කඩිති පැන පැන ආ ගුරුතුමන්ලා මතකයේ නැතත් රෙද්ද බැනියම ඇඳගෙන බසයේ නැගී පාසලට පැමිණි  ගුරුතුමන්ලා කිහිඅදෙනෙකුව මට තාමත් මතකයි.  දැන් නම් එවැනි ගුරුවරු බොහෝදෙනෙක් විශ්‍රාම සුවයෙන් කල්යවනවා වන්නට පුළුවන.  අද කතාව එවැනි ගුරුතුමන්ලා දෙදෙනෙක් ගැන.

Related Posts Plugin for WordPress, Blogger...