සාමයේ කුමරුන් මෙලොවට පහලවුනු මේ අසිරිමත් නත්තල, ඔබටත් ඔබේ පවුලේ හැමදෙනාටත් සකල ලෝකවාසී ජනතාවටත් සුභ නත්තලක් වේවා!
නත්තල් දින පෑයූ වල්ගාතරුවෙන් ලොවට ආලෝකමත් වූවාක් මෙන් මේ නත්තලේ ඔබේ ජීවිතයත් සතුටින් ආලෝකමත් වේවා!
ඔබට සුභ නත්තලක් වේවා!
-හරී-
12.23.2010
12.04.2010
Inception film එක තේරුනාද?
ඕගොල්ලෝ බැලුවාද? බැලුවේ නැතිනම් මෙන්න link එක බාගෙන බලන්න.
මමත් බැලුවා හැබැයි තේරුම් ගන්න ටිකක් අමාරුයි නේද? මම කියන්න යන්නේ මගේ යාලුවෙක් එව්ව e-mail එකක තිබුනා තේරුම් යන විදිහට film එකම diagram එකකට අරගෙන. මට නම් ඒක බැලුවම ෆිල්ම් එකට වඩා වැඩි දෙයක් තේරුනා. බලන්නකො ඕගොල්ලන්ටත් තේරෙනවද කියලා.

පැහැදිලි නැත්නම් මේ linkඑකට යන්න.
මොළේ තියෙන මැති ඇමතිවරු...
ඔන්න ගියපාර කතාවෙ දෙවන කොටස. වාසනාවකට මගේ post එකට comment දාපු හැමෝම පිලිඅරන් තිබුනා හීනලන්තේ කෙසේවෙතත් ලංකාවේ නම් සුදුස්සාට සුදුසු තැන නෑ කියලා.(එහෙම හිතන්නැති අය comment නොකර හිටියද දන්නෙත් නෑ.) ඒ වගේම comment දාපු අය කියලා තිබුනා ලංකාවේ මැති ඇමතිලාට අධ්‍යාපන සුදුසුකම් නෑ කියලා. මම ඔය කතාව මගේ යාලුවෙක්ට කියපු වෙලාවේ එයා නම් කිව්ව මැති ඇමතිලාට අධ්‍යාපන සුදුසුකම් තියෙනවා කියලා. මම හිතන්නේ මිනිහා ඉන්නේ මේ ලෝකෙ නෙමේ.
මම ඒක කිව්වෙ එහෙම හිතන එවුනුත් ලංකාවෙ ඉන්නවා කියන්න. ඔන්න අද කතාව...
මම ඒක කිව්වෙ එහෙම හිතන එවුනුත් ලංකාවෙ ඉන්නවා කියන්න. ඔන්න අද කතාව...
11.26.2010
ඔබ ඉන්නේ සුදුසු තැනද?
දැන් කාලෙ හොඳ රස්සාවක් කරන්න නම් හොඳට ඉගෙන ගන්නම ඕනද?. ඇත්තම කිව්වොත් හොඳට ඉගෙන ගන්නෙ නැතුව ඉහල රස්සාවකට යන්න බෑ කියලා තමයිගොඩක් අය හිතන් ඉන්නෙ.ඒ වුනාට ලංකාවෙ නම් ඉගෙන ගත්තත් නැතත් රටේ යන්න පුලුවන් ඉහලම තැනට යන්න පුලුවන්.
මොකද්ද ඒ තැන guess කරලා කියන්න බලන්න.
ඔයාලගෙ ප්‍රතිචාර දාන්නකො. මගේ ඊලඟ post එක ඔය ගැන තමයි.
මම කියන්න යන්නෙ කොහොමද එක්තරා රටක් සුදුස්සාට සුදුසුතැන ලබාදීලා තියෙන්නෙ එහෙම නැත්තම් නුසුදුස්සාව හඳුනාගෙන සුදුස්සාට තැන දීලා තියෙන්නේ කියලා.
ප්‍රතිචාරයක් දෙන්නකො...

11.18.2010
නොමිලේ....නොමිලේ.....පොතක් නොමිලේ........
මේක මගෙ යාලුවෙක්ගෙන් තමයි ලැබුනේ. පොතක් කිව්වට ඇත්තටම මේක pdf එකක්. නම මොකක්ද කියලා උඩ තියෙන රූපෙ බැලුවාම පේනවනෙ. ඉලංදාරියා සහෝදරයා කිව්ව විදිහට ඔන්න මම link එකක් දැම්මා. පහල තියෙනවා ඒක ඔයාලා එතනින් ගන්න. mail address එකත් එක්ක comment කරපු හැමෝටම මම පොත එව්වා. ඉස්සරහට එන කට්ටිය link එකෙන් ගන්න. ඔන්න comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා.
මූනුපොත පරිස්සමින් පාවිච්චි කරන්නේ කොහොමද?
මේක තිබ්බෙ මට exibition එකකදි හම්බෙච්ච handbill එකක. ජනන්ත මාරසිංහ කියලා නමක් තමයි author විදිහට තිබ්බේ.ඒකෙ තිබ්බා ආරක්ෂාකාරීව Facebook යන්නේ කොහොමද කියලා කරුණු 10ක්.
11.16.2010
විනාඩි එකොලහක් තුල පැළ එකොලොස් ලක්ෂ තුනක්(1,100,003) සිටුවීම
ඇත්තම කිව්වොත් මේ වැඩේ හරිම හොඳ වැඩක්. දෙවන පදවි ප්‍රාප්තියට සැණකෙලි පැවැත්වීම ගැන මම මොකුත් කියන්නේ නෑ. කොහොමහරි හොඳ දේට කට ඇරලා හොඳයි කියන්න ඕනනෙ.
තැන නොතැන නොබලා කතා කල මාලිංගට තරඟ තහනමක්........
මාලිංග කිව්වම කවුරුත් දන්නවනෙ කා ගැනද කියන්නෙ කියල.මාලිංග කියන්නෙ ශ්‍රී ලංකා ටීම් එකේ ඉන්න හොඳ බෝලර් කෙනෙක්නෙ. එතකොට මාලිංගගෙ පිතිකරන හපන්කමුත් අපි ඊයෙ පෙරේදා තිබ්බ ඕස්ට්‍රේලියන් මැච් එකේදි දැක්කනෙ. එදා තමා නියම මැච් එක මාලිංගයි මැතිව්සුයි කොහොමහරි වැඩේ ගොඩ දැම්මනෙ.
10.28.2010
ලේ තැවරුනු මලක කතාව..........
පෙරවදන :- තවත් කථාවක්......
දිනය :- 1918 නොවැම්බර් මස මුල් සතිය
ස්ථානය:- බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස් රේන්ජ් සහ පිකාර්ඩ් ප්‍රදේශ
"දසතින්ම ඇසෙන්නේ වෙඩි හඬත් සොල්දාදුවන්ගේ කෑකෝ ගැසීමුත් පමණි. එකපිට එක නිකුත්වන වෙඩි උන්ඩ පියඹා අවුත් සොල්දාදුවන්ගේ සිරුරු තුළ සැඟවෙයි. සමහරු මරලතෝනි නඟමින් ඇද වැටෙති. සෙස්සෝ තව තවත් ධෛර්‍ය්ය ගෙන ප්‍රතිපක්ෂය වෙත උන්ඩ නිකුත් කරති. අයෙක් මරණාසන්නව අසීරුවෙන් හුස්ම ඉහල පහල දමයි. සමහරු තුවාලලත් සගයින් කරපින්නාගෙන පසු බසිති. ලේත් කඳුලුත් මිහිතලයට කාන්දු වෙද්දී හැඬීම් සහ විලාප වාතලයට මුසුවේ.............................. ක්‍රම ක්‍රමයෙන් ප්‍රාණීන්ගේ සංඛ්‍යාවද සමඟ යුධ තත්වය තුනී වේ. ඉතිරි වූවෝ තම නිසල සගයින් මිහිදන් කර දමා පිටව යති. මිහිතලයම කම්පා වේ. "
10.13.2010
මීළඟ මැතිවරණය පෙබරවාරි 29 වෙනිදා........
පෙරවදන :- හීනලන්තය යනු මනා ආර්ථික, සමාජයීය, සංස්කෘතික සංවර්ධනයකින් යුතු රටකි.කොටින්ම කියතොත් එවැනි රටක ජීවත්වීමට වරම් ලැබීම පූර්ව භවයකදී සිදු කළාවූ පුන්‍ය කර්මයක විපාකයක් ලෙස සැලකිය හැකිය.මන්දයත්, එය මිහිපිට ස්වර්ගය වැනි ස්ථානයකි.
9.24.2010
මගේ අලුත් Blog එක
මම ඇත්තටම කාටවත් කරදයක් නැති අහිංසක පොරක්.හැබැයි මම හිතනවා "හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ" කියලා. මේ එක ලියන්න ගත්තෙත් ඒකයි.මෙ එකෙ මම ඉඩිරියට කරන්න බලපොරොත්තු වෙන්නෙ මගේ හීන. හැබැයි ඒවා මම රෑ නිදාගෙන ඉද්දි දැකපුව නෙමෙයි.දවල් හීනත් නෙමෙයි.ඒවා මම ගැන, මගේ අනාගතය ගැන දැකපුවත් නෙමෙයි.
මම දැන් ජීවිතෙන් 1/3 විතර ගෙවලා හොඳ අධ්‍යාපනයකුත් ලබලයි ඉන්නෙ. ඒ කාලෙදි මම දැකපු දේවල් මගේ අත්දැකීම් හා සමහර දේවල් ගැන මගේ ආකල්ප ප්‍රයෝජනයට අරන් මම දකිනවා හීන; අනාගතය ගැන රට ගැන ලෝකය ගැන..... ඒ හීන තමයි මම ඔයගොල්ලන්ට ගේන්නෙ.
මේ බ්ලොග් එක ලිවීමේ අරමුණු කීපයක් තියෙනවා..
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මම ඔයගොල්ලන්ගෙ විචාර බලාපොරොත්තු වෙනවා. යෝජනා, චෝදනා, ගල්මුල්,ප්‍රශංසා ඕන එකක් බාරගන්නවා.
අඩුම ගානෙ මට බැනලවත් comment කරන්න.මොකද නැත්නම් මම ලියන දේවල් කවුරුත් බලන්නෙ නෑ කියල හිතෙනකොට මටම එපා වේවි.
එහෙනම් ඕක තමයි මගේ බ්ලොග් එක ගැන හැඳින්වීම.මම ඊලඟ post එකෙ ඉඳල මගේ හීන ගැන කියන්නම්. දැනට ඕගොල්ලො කියන්නකො මේ ගැන මොකද හිතන්නෙ කියල. post එකක් බලන්නැතුව අමරුයි නේද? කමක් නෑ හිතන ඕනම දෙයක් කියන්න...
පසුව හමුවෙමු.

- ඔයගොල්ලන්ට අලුතින් හිතන්න යමක් දෙන්න.
- සමාජයේ රටේ මම දකින ගොඩක් වැරදි නිවැරදි කරන්න කතිකාවතක් ඇති කරන්න.
- අපෙ රට සංවර්ධනය කරන්න රට ගොඩ නංවන්න මට පුලුවන් විදියට දායක වෙන්න හා අනිත් අයවත් පොලඹවන්න.සහ
- අවසාන වශයෙන් මගේ ආත්ම තෘප්තියක් ලබන්න.
අවසාන වශයෙන් මට කියන්න තියෙන්නෙ මම ඔයගොල්ලන්ගෙ විචාර බලාපොරොත්තු වෙනවා. යෝජනා, චෝදනා, ගල්මුල්,ප්‍රශංසා ඕන එකක් බාරගන්නවා.
අඩුම ගානෙ මට බැනලවත් comment කරන්න.මොකද නැත්නම් මම ලියන දේවල් කවුරුත් බලන්නෙ නෑ කියල හිතෙනකොට මටම එපා වේවි.
එහෙනම් ඕක තමයි මගේ බ්ලොග් එක ගැන හැඳින්වීම.මම ඊලඟ post එකෙ ඉඳල මගේ හීන ගැන කියන්නම්. දැනට ඕගොල්ලො කියන්නකො මේ ගැන මොකද හිතන්නෙ කියල. post එකක් බලන්නැතුව අමරුයි නේද? කමක් නෑ හිතන ඕනම දෙයක් කියන්න...
පසුව හමුවෙමු.
-හරී-
Subscribe to:
Posts (Atom)