9.25.2015

මා කියවූ චරිතාපදාන

“Truth is stranger than fiction, but it is because Fiction is obliged to stick to possibilities; Truth isn't.”      ― Mark Twain

ප්‍රබන්ධ වලට වඩා මම පෞද්ගලිකව චරිතාපදාන ප්‍රිය කරමි. සමහර ප්‍රබන්ධවල කෙළවර අනුමාන කළහැකි නිසාත් කෙතරම් රසවත් දෙයක් වුවත් මෙලොව සැබවින්ම සිදුවූවක් යැයි නොසිතෙන නිසාත් මම ප්‍රබන්ධ වලට එතරම් ඇල්මක් නොදක්වමි. නමුත් වන්දිභට්ට චරිතාපදානද ස්වයං ලිඛිත චරිතාපදානද ඇතිබැවින් 'සත්‍යය' පිළිබඳ දෙවරක් සිතාබැලිය යුතු අවස්ථා ද නැත්තේම නොවේ.

පහළින් දැක්වෙන්නේ මා කියවූ චරිතාපදාන වලින් මට මතක ඇති සිත්ගත් කිහිපයකි. ඒත් සමහරක පොතේ නම මතක නැත. තිබූ කරුණුද මතකයේ ඇත්තේ අඩුවැඩි වශයෙනි. ඒ නිසා පොත ගැන විස්තර කිරීම පසෙක තබා පුද්ගලයාගේ තොරතුරු ස්වල්පයක් කියන්නට අදහස් කළෙමි. එයත් කම්මැලි කාර්‍යයක් වූයේ ඒ ඒ පුද්ගලයන් පිළිබඳ විස්තර අන්තර්ජාලය තුළ සිංහලෙන් අඩංගු වීම නිසාය. එනිසා අදාළ තැනින් යම් උපුටා දැමීමක් කොට උපුටාගත් ස්ථානය කරා සබැඳියක් දැමුවෙමි. කැමති කෙනෙකුට පොත කියවීම පසෙක තබා අදාළ සබැඳියෙන් විස්තර ලබා ගත හැකිය.

ලී ක්වාන් යූ
මඩ ගොහොරුවක සිටි සිංගප්පූරුව කොළඹ තත්වයට ගෙන ඒමේ ඉලක්කයෙන් ඇරඹි ගමන නතරවූයේ කොළඹද පසුකරයාමෙනි. ඒ අසාහය කාර්‍යයේ නියමුවා සිංගප්පූරු හිටපු අගමැති ලී ක්වාන් යූ ය. පොතේ නම මතක නැතත් ඔහු මුල සිටම සිංගප්පූරුව ගොඩනැවීමෙහි දැක්වූ කාර්‍යයශූරත්වය පොතේ සඳහන් වී තිබිණි.මා මුලින්ම ඔහු ගැන දැනගත්තේ ධනාත්මක චින්තනය පිළිබඳ දේශනයකදීය. ඊට පසුකලෙක මා විමසා බැලීමේදීත් ඔහු ගැන දන්නෝ ඉතා අල්ප දෙනෙක් විය.


මහත්මා ගාන්ධි
මහත්මා ගාන්ධි පිළිබඳ නොදන්නෝ සිටිය හැක්කේ ඉතාම අල්පදෙනෙකි. එතරම්ම ඔහු ප්‍රසිද්ධ චරිතයකි.
දිරුබායි අම්බානි
ලෝ සුපතල බිලියනපතියන් වන අනිල් අම්බානි හා මුකේෂ් අමබානිගේ පියා, දිරුභායි අම්බානිය. රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ආරම්භ කිරීමේ කතාවයි. මනිරත්නම්ගේ ගුරු හින්දි චිත්‍රපටයට පාදක කොටගෙන ඇත්තේ මේ ජීවිත කතාවයි.

හිට්ලර් ගැන සඳහන් පොත් කීපයක්ම කියවා ඇත. විශේෂයෙන්ම හිට්ලර්ගේ ලේකම්වරියක විසින් රචිත පොත මා සිත්ගත්තේය.

මර්සලීන් ජයකොඩි පියතුමා
කතෝලික පියතුමෙක් වුවත් බෞද්ධ සංස්කෘතිය කෙරෙහිද සංගීතය කෙරෙහිද විශේෂ නැඹුරුවක් දැක්වීය.

එන්. එම්. පෙරේරා
එංගලන්තයේ විශිෂ්ට ආර්ථික මහාචාර්යවරයෙක් වූ හැරල්ඩ් ලැස්කි (Harlod laski) ගේ විශිෂ්ටතම ශිෂ්‍යා බවටද එන්. එම්. පත්විය. තම ගෝලයා ගැන මහා ඉහළින් කතා කළ හැරල්ඩ් ලැස්කි වරක් පැවැසුවේ ‘’එන්. එම්. පෙරේරා, එංගලන්තයේ උපත ලැබුවේ නම්, හේ එංගලන්ත අගමැති පදවිය හෝ මුදල් ඇමැති පදවියට පත්වන්නට බොහෝ දුරට ඉඩ තිබුණ බව‘යි. කෙසේ වුවද හේ වසර කීපයක් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් ඇමැති පදවිය ඉසුළුවේ ය. රටට හිතැති ප්‍රගතිශීලී යෝජනා රැසක් ඔහු දායාද කෙළේ ය. මෙහිලා මැණික් සංස්ථාව ස්ථාපනය කිරීම කැපී පෙනෙන ප්‍රගතිශීලී සමාජ සත්කාරයකි. (උපුටා ගැනීම)
ප්‍රභාකරන් උපන් ගමෙහි පිහිටි වැල්වැටිතුරෙයි මහා විද්‍යාලය, දහස්‌ ගණන් දරු දැරියන්ගේ නුවන් පෑදූ පාසලකි. එහිදී අ.පො.ස. (සා.පෙළ) දක්‌වා අධ්‍යාපනය ලැබුව ද ප්‍රභාකරන්ගේ සිත යොමුවූයේ ත්‍රස්‌තවාදී ක්‍රියා වෙතය. හුදෙකලාව සිටීමට නිතර උත්සුක වූ ඔහු කරාටේ, ජූඩෝ ක්‍රීඩාවලට උනන්දුවෙන් සහභාගි විය. (උපුටා ගැනීම)

1942 මාර්තු මස 20වනදා ඓතිහාසික කන්ද උඩරට කොත්මලේ පුරවරයේ මාස්වෙලදී මෙලොව එළිය දුටු පින්බර පුත් රුවන නමින්ලයනල් ගාමිණී දිසානායක නම් විය. දක්ෂ ව්‍යාපාරිකයකු වූ ඇන්ඩෲ දිසානායකයන්ගේත්, සමරතුංග වෙලගෙදර කුමාරිහාමිගේත් දෙවැනි දරුවා ලෙස මෙලොව එළි දුටු ගාමිණීට එම නම යෝජනා කර ඇත්තේ එවක යතුරුගහලියැද්ද පන්සලේ ලොකු හාමුදුරුවන්ව වැඩ සිටි දිඹුල සීලානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. (උපුටා ගැනීම)



"මයිකල් රුදිගු පියතුමා, සම්ප්‍රදායික කතෝලික පියතුමෙකුගේ භූමිකාවෙන් මිදිලා විප්ලවීය විදිහට ජනතාවට සේවය කරන්ඩ උත්සාහ දරපු පියතුමෙක්. සාම්ප්‍රදායික ලෝගුව අතෑරලා සරම බැනියම ඇඳගෙන දුෂ්කර ගම්මානයක දිළින්ඳන් සොයාගෙන තමයි එතුමා යන්නේ. ඒත් ඒ වෙනුවට එතුමාව සොයාගෙන එන්නෙ වෙඩි උණ්ඩයක්.  ඒ උණ්ඩය යන්නෙ එතුමාගේ ජීවිතයත් අරගෙන. මේ එතුමාගේ කතාවයි. "

වීරප්පන්
කර්ණාටක ප්‍රාන්තයේ ගෝපිනාතම් ගම්මානයේ දී කූසේ මුනිස්වාමි වීරප්පන් උපත ලැබූයේ 1952 ජනවාරි 18 වැනිදාය. වන්නියාර් කුලයේ ගවයන් ඇති කරන පවුලක උපන් ඔහු කුඩා කල ගම්මානයේ ප්‍රකට වූයේ ‘මොලකායි’ යන නමිනි. පවුලේ අය හා ඥාතීන් දඩමස් හා සුදුහඳුන් දැව ජාවාරමේ ද නියැළි අය වූ අතර වීරප්පන් කුඩා කල පටන්ම එම ජාවාරම්වල යෙදුණු තම ඥාතියකු වූ ක්සේවියර් ගෞන්දර් ගේ සහායකයා ලෙස කටයුතු කළේය. (උපුටාගැනීම)


පියවරෙන් පියවර කණිෂ්ඨත්වයේ සිට ජ්‍යෙෂ්ඨත්වයට පැමිණ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය හොබවන වික්‍රමසිංහ මහතා පක්ෂ විපක්ෂ බහුතර ගෞරවයට පාත්‍ර වන්නේ සියලූ ගුණයන්ගෙන් සපිරි නිකැලැල් මහත්මා දේශපාලනඥයෙකු වශයෙනි. අඩුවෙන් කතා කොට වැඩියෙන් වැඩ කිරීම ප්‍රායෝගිකව ලෝකයට පෙන්වා දුන් අවංක ජනතා සේවකයෙකු වූ හෙතෙම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වන්නේ 1994 දීය. (උපුටාගැනීම)


කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහු අධ්‍යාපනයට වඩා සිත යොමු කළේ කෙළි සෙල්ලම් සඳහාය. ටෙනිස්, කි‍්‍රකට්, පෝලෝ, බොක්සිං ,මල්ලවපොර පමණක් නොව අසුන් පිටයාමට ද මනා දස්කමක් දැක්වූ අතර මොහු නමින් ජෝන් ලයනල් කොතලාවල නම් විය.යුධහමුදා නිලධාරියකු වූ ජෝන් කොතලාවල මහතාගේත් ඇලිස් ආටිගල මැතිනියගේත් පුතකුව 1895 දී බණ්ඩාරගම කොතලාවල දී උපත ලද ජෝන්ට වයස අවුරුදු එකොළහ පමණ වන විට පියා මියගියේය. (උපුටාගැනීම)

ජෝන් කොතලාවල කතාවේ සමහර තැන් මට අපැහැදිලි විය. ඒ පියාගේත් පුතාගේත් දෙදෙනාම ජෝන් කොතලාවල වූ බැවිනි. මම හිතන්නේ නෙයිනගෙ සූදුපොළ වැටලුවේ ජෝන් කොතලාවල පියාය. 

කියමු බලන්න දන්න මේ වගේ පොත් ටිකක් ගැන විස්තර.

9.23.2015

කබරගොයි තලගොයි අරාබිය ලංකාව

කබරගොයා වර්ෂන්

බලන්න මේ වීඩියෝව හොඳට බලන්න
ම්ලේච්ඡ තම්බි මිනීමරන විදිහ බලන්න
උන් හදන්නෙ මෙහෙත් අරාබියක් කරන්න
ලංකාවම බේරගන්න ශෙයාර් කරන්න

ප්‍රසිද්ධියෙ ගල් ගහනා විදිහ බලන්න
ප්‍රසිද්ධියෙ බෙලි කපනා විදිහ බලන්න
ප්‍රසිද්ධියෙ එල්ලා මරන විදිහ බලන්න
උන් එන්නේ මෙහෙටත් ශරියාව ගෙනෙන්න

රැකගන්නට අපෙ මව් බිම පෙරට එන්න
එහෙමත් පුළුවන්ද මෙහෙම දඬුවම් දෙන්න
මෙලේච්ඡ තම්බි හැතිකරේම අතුගා දාන්න
වැඩි වැඩියෙන් වීඩියෝව ශෙයාර් කරන්න

තලගොයා වර්ෂන්

අනේ පව් අහිංසක පොඩි එකෙක් මරාදාලා
කළ එවුන් මරන්නෝනා ප්‍රසිද්ධියෙ ගල් ගහලා
ලංකාවෙ කසිකබල් නීතියත් වල්වැදිලා
බලන්නකො අරාබියෙ මරණ හැටි ගල් ගහලා

හොරකමක් කෙරුවොතින් දමනවා අත කපල
මිනිහෙක්ව මැරුවොතින් මරන්නේ බෙලි කපලා
අපචාර කළෝතින් මරන්නේ ගල් ගහලා
ඒ වගේ තිබ්බ නම් මෙලහකට රට හැදිලා

රැකගන්න ලංකාව එන්න ඔබ හැම පෙරට
අරාබියෙ වගෙ නීති ඕනෑ අපෙ රටට
වැරදි කළ හැමෝවම ප්‍රසිද්ධියෙ එල්ලන්න
නිකම් නම් යන්නෙපා ශෙයාර් කරලා යන්න

9.10.2015

කියවීම හුරුවීම හා නුහුරු වීම

සාහිත මාසය වෙනුවෙන් යමක් ලිවිය යුතුයැයි සෑම සාහිත මාසයකදීම සිතෙන මුත් මෙතෙක් ඊට ඉඩක් ලැබී නැත. අද මේ පුරවන්නේ ඒ අඩුවයි.

අපේ අම්මා කියන පරිදි මට අකුරු කියවා ඇත්තේ අපේ අම්මාය. එයින් 'පොත්තොයියෝ පත්තොයියෝ' කියවීම පටන්ගත් මට මුලින් පොතක් පතක් ලැබුනා කියා මතකයේ ඇත්තේ දිනක් තාත්තා වැඩ ඇරී එද්දී ගෙනා 'කැකුළු' පත්තරයයි. එකල අවුරුදු තුනක් හෝ තුන හමාරක් වයසැති මා සාලයේ මුනින් අතට වැතිරී සිටියදී අඳුරේම තාත්තා පැමිණි ආකාරයත් බයිසිකලය නවත්වා මට පත්තරය දුන් ආකාරයත් මට අද වගේ මතකය. මා ඉතා ආසාවෙන් පත්තරය ගත් හැටිද බිම පෙරළීගෙන රූප පාට කළ හැටිද තවමත් අද ඊයෙ මෙනි. එහි මැද පිටුවේ ඇති කතන්දරය තනිවම කියවාගත නොහැකිවූ මා හට අසා සිටිනු පිණිස තාත්තා එය කියවූයේය. සතියෙන් සතිය ලැබෙන පත්තර ගණන වැඩිවෙද්දී මට කියවිය හැකි ප්‍රමාණයද ඉබේම වැඩිවී තිබිණි.

මොන්ටිසෝරියේ අවසානයත් සමඟම සතිපතා ලැබුණු 'කැකුළු' පත්තරයද නොලැබී ගියේය. කුඩා කල සිට සහජයෙන්ම පොත් වලට තිබූ ඇල්ම එක දෙක වසර වෙද්දී සෑහෙන තරමකට දියුණුවී තිබිණි. ඒ කාලයේ නිවසේ තිබූ එක පොතක්වත් මා අතහැරියේ නැත.විශේෂයෙන්ම අම්මා සතුව තිබූ අච්චු පොත් සියල්ලම මා කියවා දැමූයේ දෙක තුන වසරට පැමිණීමටත් කලින්ය. 

තාත්තා ලබාදුන් චීන සිතුවම් සහිත කතන්දර පොත් කිහිපයක්ද මා සන්තකයේ විය. විජය පත්තරෙන් නොමිලයේ ලැබූ කතන්දර පොත් කිහිපයක් මා සන්තක වූයේ අපේ පුංචිගෙනි. තාත්තා සමඟ පාන්දර නැගිට ඉස්කෝලෙ ගිය සමයේ මා නිරතුරු සිටියේ අච්චිලාගේ නිවෙස්වල බැවින් මාමලාගේ පුංචිලාගේ අච්චු පොත් සියල්ලද මගේ කියවීමේ රුචිය වර්ධනය කළේය. 

මම හතරවසරේදීම  පල්ලියේ අන්නාවි මහත්මාගේ ලිපි ලේඛන වැඩ කටයුතු කළෙමි. ඇත්තටම මෙය කිසියම් ලාභ ප්‍රයෝජනයක් තකා කළ දෙයක් නොව තනිකරම අන්නාවි මහත්මයාට උදව් කිරීමකි. එවකට හැත්තෑ ගණන් හෝ අසූ ගණන් වයසේ පසුවූ එතුමාගේ ඇස් වල සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මය අසාර්ථක වී සදහටම ඇස් පෙනීම නැතිවී තිබිණි. නමුත් එතුමා එයින් අධෛර්‍ය වූ පුද්ගලයෙකු නොවේ. පල්ලියේදී වෙනදා පොත බලාගෙන කී යාච්ඤා එතුමා කට පාඩමින් කීමට ඉටාගත්තේය. යාච්ඤා මට කියා උච්චාරණය කරවා කටපාඩම් කරගැනීම නිසා ඒවා ඉබේම මට කටපාඩම් විය. කතෝලික පුවත්පතක්වූ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පත එතුමාට ඇසෙන සේ හඬ නගා කියවීමේ ප්‍රතිඵලය වූයේ නොදැනුවත්වම කියවීමේ හැකියාවද දැනුමද වර්ධනය වීමයි. සමහර දිනවල වදයක් ලෙස සිතුවද එහි වටිනාකම තේරෙන්නේ දැන්ය.

මීට අමතරව එදිනෙදා මට මුණගැසුණු පොත් කියවීමි. සතිපතා විජය පත්තරය කියවීමි. විශ්ව විද්‍යාලයේදී චරිතාපදාන කියවීමි. එහෙත් එක පොතකදී හැර කෙකලකවත් පිස්සුවෙන් වගේ පොත් පසුපස හඹා යනතරම් ඇබ්බැහියක් මට නොවීය. ලැබෙන පොතක් පතක් කියවීමෙන් මම සෑහීමට පත්වීමි.

එහෙත් දැන් පොත් කීයක් ලැබුනද කියවීමේ රුචියක් නැත. බ්ලොග් කියවීමට ඇබ්බැහිවී සිටිමි. නැවත පොත් සොයා යායුතුය.

9.04.2015

නූලෙන් බේරුණු කිඳිගොඩ මංගල්ලෙ

මෙය ලියන මොහොතේ මගේ මතකය දශක එකහමාරක පමණ අතීතයට දිව යයි. එකල අපි යාන්තම් සා.පෙ. ලියූ කොල්ලන් වීමු. ජීවිත සරලව සැහැල්ලුවෙන් ගෙවා දැමීමු. ලිවීමට යන සිද්ධිය වන විට අප ගෙවමින් සිටියේ කැලැන්ඩරයේ නවවෙනි මාසයයි. දිනය හරියටම මතක නැතත් එදින සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදා යැයි කිව හැකි වන්නේ කිඳිගොඩ මංගල්ලය සෑම වසරකම සැප්තැම්බර් මස පළමුවැනි ඉරිදාට යෙදෙන බැවිනි.
Related Posts Plugin for WordPress, Blogger...