බ්ලොග් ජීවිතයේ පළවෙනිපාරට ඔන්න කෑමක් හදන හැටි ලියන්න යන්නෙ. මීට කලින් මම එහෙම එකක් ලියලා නැද්ද?.. ම්.ම්ම්ම්.. මතකනම් නෑ.
මේ කෑම නම් හදලා ටිකක් කල්. විස්තරෙත් ලියලා තිබ්බට පබ්ලිශ් කරන්න වෙලාවක් හම්බුනේ නෑ. ඉතින් අද තමයි අඩුපාඩු ටිකත් හදලා පබ්ලිශ් කරන්න හිතුවේ.
හදන්න යන කෑමෙ නම තමයි ෆ්‍රෙන්ච් ටෝස්ට්. සිංහල නමක් නම් නෑ. කැමති නම් ප්‍රංශ රෝස්පාන් කියලා දාගමු. කෑම හදන්න කලින් මම විකියෙ පොඩ්ඩක් කරක් ගහලා බැලුවා. මේ ජාතියෙ පාන්, බිත්තර, කිරි පාවිච්චි කරපු කෑමක් ක්‍රි.ව. 4වෙනි 5වෙනි ශතවර්ෂවල තිබුණු Apicius කියන රෝමානු කෑම වට්ටෝරු එකතුවේ තිබුනාලු. ඒ ඇරුනාම මධ්‍යතන යුගයේ ජනප්‍රිය කෑමක්ලු ෆ්‍රෙන්ච් ටෝස්ට්.
