3.31.2013

දූවේ පාස්කු බලන්ට ගියෙමි.

දිනය මාර්තු මාසෙ විසිනමවෙනිදා. වේලාව මධ්‍යහන දොළහට විතර ඇති. ගිනි ගහන මද්දහනෙ ඉහෙන් කෙනෙන් දාඩිය පෙරි පෙරි මම හිටියෙ මීගමුව බස් නැවතුම්පොළේ. ගමනට නියමිත බසයට නැග හිටියත් එහි ආසන ගණනටවත් සෙනඟ පිරී තිබුනේ නෑ. බස් රථ හිඟ මේ මාර්ගයේ වෙනදා නම් ඇඟිල්ලක් ගහන්ඩවත් ඉඩ නැතිවෙන තරමට සෙනඟ. ඒත් එදා සිටි ප්‍රමාණය ආසන පුරවන්නවත් ප්‍රමාණවත් උනේ නෑ. බස් රථයේ කොන්දොස්තර විටින් විට සෙනඟ අඩු බස් රථය දෙස බලමින් සාප තියන්නට වුනා. පසුව කනින් කොනින් ආරංචි වූ පරිදි පාස්කු නාට්‍යය සංවිධායකයින් විසින් එදින නොමිලයේ ප්‍රවාහන සේවයක් දියත් කරලා. නොමිලේ යන්ඩ තියෙද්දි සල්ලි ගෙවලා යන සිරිතක් නෑනෙ. ඒකයි බස් එකට සෙනඟ නැත්තෙ.

සෙනඟ පිරෙනකන් බස් රථය අඟල් කිහිපයක් ඉදිරියටත් පසුපසටත් ධාවනය වුනා. පස්සෙ නංවාගත් මඟී ප්‍රමාණයෙන් සෑහීමකට පත් රියදුරු තැන ගමන ඇරඹුවා. ටික වේලාවකින්ම මීගමුව වෙරළ තීරයට බස් රථය ඇතුළු වූ බව දැනුනෙ නහය කඩාගෙන පැමිණි මාළු පිළී ගඳත් කරවල ගඳත් නිසා. මුහුදත් කලපුවත් පිසගෙන ආපු හුළඟේත් තිබුනේ මහා කඨෝර බවක්. ඉහෙන් කනෙන් වැගිරෙන දාබිඳු නිවාදමන්න තරම් ඒ සුළඟ ප්‍රමාණවත් උනේ නෑ.

3.26.2013

ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය

මම කියාගෙන යන ජේසුස් වහන්සේගේ ජීවිත කතාව කට්ටියට මතකයි නේද? ජේසුස් වහන්සේගේ උපතේ විස්තරත් උන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය ගැනත් කලින් ලිපිවල කතා කළානෙ. අද ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ගැන කතා කරමු.
කලින් ලිපි මඟහැරුණු අය වෙනුවෙන් තමයි මේ ලින්කු ටික පළ කරන්නෙ.

1. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්)
2. ජේසුස් වහන්සේ (ජීවිත කතාව සරලව කෙටියෙන්) අද කියන්න
3. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතයේ දෙවෙනි කොටස
4. ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය....... අවසාන කොටස

එදා අන්තිමට අපි හිටියෙ ජේසුස් වහන්සේ ජෙරුසලමට ඇතුළු වෙච්ච අවස්ථාවෙ. මතකද ඒ සිද්ධිය? ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යය වෙනුවෙන් කොටළුවෙක් පිටේ නැගිලා ජෙරුසලමට අපු හැටිත් ජෙරුසලමේදි රජෙක් වගේ පිළිගැනීමට ලක්වෙච්ච හැටිත් කියලා තමයි එදා කතාව මම ඉවර කළේ. ගිය ඉරිදා ඒ කිව්වෙ ගොක් ඉරිදා (Palm Sunday) ලෝකය පුරා කිතුනු ජනතාව ඒ සිද්ධිය සැමරුවා.

ප්‍රැන්සිස් පාප්තුමාගේ ප්‍රධානත්වයෙන් ගොක් ඉරුදින සැමරීම

3.16.2013

අපිට පාප්තුමෙකු ලැබී තිබේ... (Habemus Papam!) + ඒ වෙනුවෙන් විශේෂ ත්‍යාගයක් (බ්ලොග් කියවන්නන්ට පමණක් බව කරුණාවෙන් සළකන්න.)


අති උතුම් දහසය වෙනි බෙනඩික් පාප්තුමා විශ්‍රාම යෑමෙන් පස්සේ හිස්වූ පාප්ධූරයට පළමුවෙනි ෆ්‍රැන්සිස් පාප්තුමා පත්වෙච්ච බව දැනටමත් හැමෝම වගේ දන්නවා ඇති. ඉතින් මේ දවස්වල පත්තර වල, ගුවන් විදුලියේ, රූපවාහිනියේ පට්ට ගහන ප්‍රවෘත්තියක් හින්දා මම නම් ඒ ගැන මොකුත් ලියන්ඩ බලාපොරොත්තුවක් නෑ. පාප්තුමා වශයෙන් පත්වුනේ කවුද? කොහොමද? කින්ද? මන්ද? ඔක්කොම ඕගොල්ලො දන්නවා ඇතිනෙ. පින්තූරයක් විතරක් දැම්මා.

3.10.2013

මම අකීකරු පුත්‍රයෙක් වෙච්ච හැටි (සාක්කිත් එක්කම)

කට්ටියට මතකද මන්දා මම මීට ටික කාලෙකට කලින් දාපු පෝස්ටුව.


ඒ කතාව බලන්ඩ යන්ඩ ඕනෙ නෑ.  ඔන්න කුට්ටි පිටින් කපලා අරන් මෙතන දැම්මා. ඒ කතාව බලපු අය ඒ ටික මඟ හැරලා පහල කොටහ බලන්ඩ.

3.03.2013

ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා බලන්ට ගියෙමි.

මොනවද මේ ඔරු දෙකක් රැගෙන යන ආසියාත්‍රා කියන්නෙ? වෙන මොකුත් නෙමෙයි අර සිංහලෙන් සී ප්ලේන් (sea plane) කියන්නෙ අන්න ඒවා. ඉතින් මම දැන් ටිකකට කලින් ලංකාවෙ පළවෙනි ජලතර ගුවන්යානා නැවතුම්පොළ බලන්ඩ ගියානෙ. ඔන්න අද කියන්ඩ යන්නෙ ඒ විස්තර. විස්තරවලට වඩා තියෙන්නෙ පින්තූර ඉතින්.

Related Posts Plugin for WordPress, Blogger...