Showing posts with label මරියා ගොරෙත්ති. Show all posts
Showing posts with label මරියා ගොරෙත්ති. Show all posts

9.04.2013

මරියා හා ඇලෙක්සැන්ඩ්‍රෝ

ගිය ඉරිදා වෙච්චි සිද්ධියක් තමයි අද නම් කියන්න යන්නෙ. මේක ඉතින් ඕපදූපයක්මත් නෙමෙයි පොඩි කතාවක්. පොඩි කතා කීපයක් කියලා උනත් කිව්වැකි. ඉරිදා ඉතින් නිවාඩු දවසනෙ. ඔන්න උදේ පාන්දරම නැගිටලා මම පල්ලි යන්ඩ ලෑස්ති උනා. ගිය ඉරිදාත් අනිත් ඉරිදාවලුත් අතර ලොකු වෙනසක් තිබුනා. ගිය ඉරිදා පල්ලි ගියා කියන එකටත් වඩා ගිය ඉරිදා ගියේ පල්ලියක මංගල්‍යයකටනෙ. පල්ලිය තිබුනෙ ටිකක් දුරබැහැරට වෙන්න. ඉතින් ගමන බොහොම ආශ්වාදජනක එකක් උනා.

මතකද මම සී ප්ලේන් බලන්න ගිය ගමන. ඒ ගමනේදි හැරිව්ච තැනින්ම මම හැරුණා කියමුකො අතුරු පාරකට. හරියටම කිව්වොත් කොළඹ ඉඳන් මීගමු පැත්තට යද්දී හම්බෙන දඬුගම පාලම උඩින් වමට හැරුණා. මගේ නිල රථය වමට හැරෙනවත් එක්කම මගේ මතකය මීට අවුරුදු 10කට විතර ඉස්සර අතීතයට හැරුණා. මේ මංගල්‍යයට යන්න මේ පාරෙම ඉස්සර මම කොච්චර බයිසිකල් පැදලා ඇතිද? අද රූං ගාලා යන්න කාපට් පාර තිබුනට ඉස්සර මහා මඩම මඩ පාරක්. බයිසිකලය පෙරලා නොගෙන පදින්නෙත් බොහෝම අමාරුවෙන්. හිතින් මවාගෙන බලන්නකො චිරි චිරි ගාලා ලිස්සන මඩ තියෙන බොරළු පාරක නොවැටී බයිසිකලයක් පැදගන්න තියෙන අමාරුව. පැදපු අයම තමයි දන්නෙ.

Related Posts Plugin for WordPress, Blogger...