සෙනඟ පිරෙනකන් බස් රථය අඟල් කිහිපයක් ඉදිරියටත් පසුපසටත් ධාවනය වුනා. පස්සෙ නංවාගත් මඟී ප්‍රමාණයෙන් සෑහීමකට පත් රියදුරු තැන ගමන ඇරඹුවා. ටික වේලාවකින්ම මීගමුව වෙරළ තීරයට බස් රථය ඇතුළු වූ බව දැනුනෙ නහය කඩාගෙන පැමිණි මාළු පිළී ගඳත් කරවල ගඳත් නිසා. මුහුදත් කලපුවත් පිසගෙන ආපු හුළඟේත් තිබුනේ මහා කඨෝර බවක්. ඉහෙන් කනෙන් වැගිරෙන දාබිඳු නිවාදමන්න තරම් ඒ සුළඟ ප්‍රමාණවත් උනේ නෑ.
Showing posts with label Passion Play. Show all posts

3.31.2013
දූවේ පාස්කු බලන්ට ගියෙමි.
දිනය මාර්තු මාසෙ විසිනමවෙනිදා. වේලාව මධ්‍යහන දොළහට විතර ඇති. ගිනි ගහන මද්දහනෙ ඉහෙන් කෙනෙන් දාඩිය පෙරි පෙරි මම හිටියෙ මීගමුව බස් නැවතුම්පොළේ. ගමනට නියමිත බසයට නැග හිටියත් එහි ආසන ගණනටවත් සෙනඟ පිරී තිබුනේ නෑ. බස් රථ හිඟ මේ මාර්ගයේ වෙනදා නම් ඇඟිල්ලක් ගහන්ඩවත් ඉඩ නැතිවෙන තරමට සෙනඟ. ඒත් එදා සිටි ප්‍රමාණය ආසන පුරවන්නවත් ප්‍රමාණවත් උනේ නෑ. බස් රථයේ කොන්දොස්තර විටින් විට සෙනඟ අඩු බස් රථය දෙස බලමින් සාප තියන්නට වුනා. පසුව කනින් කොනින් ආරංචි වූ පරිදි පාස්කු නාට්‍යය සංවිධායකයින් විසින් එදින නොමිලයේ ප්‍රවාහන සේවයක් දියත් කරලා. නොමිලේ යන්ඩ තියෙද්දි සල්ලි ගෙවලා යන සිරිතක් නෑනෙ. ඒකයි බස් එකට සෙනඟ නැත්තෙ.
සෙනඟ පිරෙනකන් බස් රථය අඟල් කිහිපයක් ඉදිරියටත් පසුපසටත් ධාවනය වුනා. පස්සෙ නංවාගත් මඟී ප්‍රමාණයෙන් සෑහීමකට පත් රියදුරු තැන ගමන ඇරඹුවා. ටික වේලාවකින්ම මීගමුව වෙරළ තීරයට බස් රථය ඇතුළු වූ බව දැනුනෙ නහය කඩාගෙන පැමිණි මාළු පිළී ගඳත් කරවල ගඳත් නිසා. මුහුදත් කලපුවත් පිසගෙන ආපු හුළඟේත් තිබුනේ මහා කඨෝර බවක්. ඉහෙන් කනෙන් වැගිරෙන දාබිඳු නිවාදමන්න තරම් ඒ සුළඟ ප්‍රමාණවත් උනේ නෑ.
සෙනඟ පිරෙනකන් බස් රථය අඟල් කිහිපයක් ඉදිරියටත් පසුපසටත් ධාවනය වුනා. පස්සෙ නංවාගත් මඟී ප්‍රමාණයෙන් සෑහීමකට පත් රියදුරු තැන ගමන ඇරඹුවා. ටික වේලාවකින්ම මීගමුව වෙරළ තීරයට බස් රථය ඇතුළු වූ බව දැනුනෙ නහය කඩාගෙන පැමිණි මාළු පිළී ගඳත් කරවල ගඳත් නිසා. මුහුදත් කලපුවත් පිසගෙන ආපු හුළඟේත් තිබුනේ මහා කඨෝර බවක්. ඉහෙන් කනෙන් වැගිරෙන දාබිඳු නිවාදමන්න තරම් ඒ සුළඟ ප්‍රමාණවත් උනේ නෑ.
Subscribe to:
Posts (Atom)